කලාව කියන දේ මෙන්න මේකයි කියල කාටවත් නිර්වචනය කරන්න බැරි උනත් කෙනෙක්ගෙ හිතේ ඇතිවෙන සිතිවිල්ලම එක්තරා ආකාරයක කලාවක් ලෙස හදුන්වන්න පුලුවන් .. කෙනෙක් තවත් දෙයක් දිහා බලන විදියම එක්තරා ආකාරයක කලාවක්.. ගහක් හුලඟට සෙලවීමෙත් මෙන්න මේ කියන්නාවූ කලාව තියනවා..නිහඩ බව තුළ උනත් අප නොසිතන තරමේ කලාකාමී බවක් ගැබ්වෙලා තියෙනවා.. නමුත් සමහරු දන්නෙ නෑ මේ කලාව කියන දේ තමන් ලඟ තියනවද නැද්ද කියලවත්.. ඒ අය කවදාකවත් තමංගෙ හැකියාවට කවදාවත් ඉස්මතුවෙන්න නොදී සිතිවිලි තුළ ඇති කරගන්නවා අනේ මට මේ දේ නම් කොහොමටවත් බෑ කියන සංකල්පය.. ඒ සංකල්පය ඔවුන්ගේ සිතිවිලි අන්ධකරවනවා..
ඉතින් කවදම හරි ඔබ උත්සහ කරල තියනවද ඒ හිත ඇතුලෙ හදාගෙන ඉන්න සීමාව කඩා බිදගෙන එය ඉක්මවා යන්න ? තමන් තුළ තමාට නොහැකියැයි කියල තිබුන සිතිවිල්ලක පවුරු බිදීන්න ? මම ඒ දේ යම් තරමකින් හො ජයගත්තා මීට ටික කාලෙකට කලින්.. ඒ තමයි මගේ කවියේ තිඹිරිගෙය...
විකසිත උනු මල් මුකුලිත වී ඇත
සියොතුන්ගේ ගී නාදය ලොව නැත
ඉතින් කවදම හරි ඔබ උත්සහ කරල තියනවද ඒ හිත ඇතුලෙ හදාගෙන ඉන්න සීමාව කඩා බිදගෙන එය ඉක්මවා යන්න ? තමන් තුළ තමාට නොහැකියැයි කියල තිබුන සිතිවිල්ලක පවුරු බිදීන්න ? මම ඒ දේ යම් තරමකින් හො ජයගත්තා මීට ටික කාලෙකට කලින්.. ඒ තමයි මගේ කවියේ තිඹිරිගෙය...
විකසිත උනු මල් මුකුලිත වී ඇත
සියොතුන්ගේ ගී නාදය ලොව නැත
කඩා වැටෙන තරු අහසෙහි අද නැත
මේ මුලු ලෝකෙම අමිහිරි වී ඇත
ඔබ දුටු මුල් දින අදමෙන් මතකයි
නුඹ ගැන මා සිත බැදුනා මතකයි
නුඹ ලඟ මා සිත රැදූනා මතකයි
නුඹ මා සතු උනු හැටි මට පුදුමයි
නුඹගේ සොදූරු සිනාවත් මා වෙත
නුඹගේ සොදුරු කතාවත් මා වෙත
නුඹගේ සොදුරු ආදරෙත් මා වෙත
පුද දුන්නේ ඇයිදෝ ඔබ එලෙසට
කෙතරම් සොඳුරුද ඒ කෙටි කාලය
කෙතරම් මිහිරිද අපගේ ආලය
කෙතරම් කුරිරුද අපගේ දෛවය
ඉවසා ගනු බෑ සිහිවන් හැමවිට
ඔබ මේ ලෝකෙන් වෙන් උනු එදවස
මට මුලු ලෝකෙම නැති උනු එදවස
සියලු පැතුම් සුලඟට මුසු වූ දින
වාවා ගනු බෑ මා හට මා හද
පාලුයි මට නම් නුබ නැති ලෝකය
තවත් එපා මට මුලු මිහි තලයම
අවසන් තීරනයක් ගත් තෙමි අද
හෙටින් පසුව සොදූරියෙ මම නුඹ ලඟ
- 2011 වසරේ යම් දිනක නිවසේදීය
මෙය කවි පන්තිය කියවන ඔබේ සිතේ ඇතිවන හැඟීම් මම හොදාකාරවම දනිමි..
"මෙලෝ රහක් නෑ.."
"බොහොම සුලභ මාතෘකවක් "
"එලිසමයක් කියලා නාමයක් නෑ"
"මාත්‍රා වල කිසිදු ගැලපිමක් නෑ."
"තාලයක් නෑ"
"අර්ථ රසය බොහොම මදි"
"භාවිතා කරල තියන වචන හරිම පටු පරාසයක තියෙන්නෙ"
"අපෝ මේවත් කවිද ?"
මෙසේ සිතන යම් කෙනෙක් වෙත මා සතුව පැවසිමට යමක් ඇත..
ඔව් මේ මම මහත් සේ ආදරය කරන කවියයි.. ඔබට රසවිදීමට තරම් දෙයක් නොමැති මුත් මම එයට මහත්සේ ඇලුම් කරමි.. ඒ මේ කවි පන්තිය මාගේ තිඹිරිගෙය නිසාවෙනි.. මෙය මුල් අත්තිවාරමයි . මීට තෙවසරකට පෙර ඇරබි මේ ගමන් මගේ පළමු පියවරයි.. යම් වයසකට එලඹි පුද්ගලයෙක් ආපසු හැරී තම ළමාවිය දෙස බලා සතුටු වනවා සේම මටද මෙම කවි පන්තිය දෙස බලා සතුටු විය හැකියි.. කිමද මම එය මගේ කවියේ ළමා වියෙහිදී කල හපන් කමක් ලෙස දකින බැවිනි..
පාසල් යන කාලයේ කිසිම දිනක කවියක් හදපු නැති මම මගේ සිතුවිලි තුළ ආරම්භයේදී කියූ සීමා වල කොටුවී සිටියෙමි.. ඒ පවුරු පදනම් බිද දැමූ එදා දවසේ මෙම කවිය නිර්මාණය විණි. විරහව තබා ආදරයක සෙවනැල්ලවත් අත්විඳ නොතිබූ ඒකාලයේ හටගත් පලමු සිතිවිල්ලම විරහවක්වී තිබීම මටම පුදුමය.. එදවස් මට හැඟුනේ මා විසින් මහා වීර ක්‍රියාවක් සිදුකළ සේය.. ඒ පිලිබදව කියන්නට මට වචන නැත.. ඒ හැඟීම අද දවසේ කෙතරම් සාර්තක කාව්‍ය නිර්මානයක් සිදු කළද සිත තුල ජනිත නොවන්නේ ඒ නිසාය..
මම ක්‍රමයෙන් උගත්තෙමි... වර්තමානය වන විටද උගෙනිමි.. මහා සාගරයක පරාසයට දිවෙන කවියේ දිය දෝතක් උරුම කරගත්තෙමි.. විශේෂයෙන්ම මුහුණුපොත සහ ඒ තුළ සිටින කවීන් කවි සංගම් තුළ කරන අපූරු නිර්මාණ රසවින්දෙමි.. ඒ තුලින් උගත්තෙමි..
පුංචි විකාර රූපී සිනා නමුත් සිනා මුසු පුංචි කවිපන්ති වලින් ආරම්භය ගත්තෙමි. .. ඒවායේ අඩුලුහුඩුකම් පසු කලීනව නැවත අධ්‍යනය කළෙමි
( *අනේ ඉතිං මට උනු ඒ වියෝයා.. )
සීමාවෙන් ඔබ්බට සිතුවෙමි.. සීමාවෙන් එලියට ආ සිතිවිලි කවි කලෙමි
( යට ඇදුම - underwear )
එළිසමය , මාත්‍රා, පිලීබඳව අවදානය ක්‍රමයෙන් යොමු කරමින් යවහන් ඇතුළු දෝශ මග හරිමින් කවි නිර්මානය කිරීමට උත්සහ කලෙමි..
( පියෙක් වන්නට මත්තෙන් | the Dreams of a Father)
මම තවමත් කවියේ රසමුසු තැන් සොයා යන්නෙක්මි.. කවියට වෛර කල මම අද දවසේ එය රසවිඳින්නෙමි .. මට තව බොහෝ දේ උගෙන ගන්නට ඇති බවද දනිමි.. නමුත් මම මට නොහැකි යැයි හිතපු දෙයක් යම් තරමකින් හෝ කල හැකි දෙයක් බවට පත් කරගත් බැව් සිතා නිහත්මානී අඩම්බරයක් සිත තුළ රඳවාගත හැකිය..
මම ඔබට කියමි! ඔබ තුළ නොහැකියැයි කිදා බැස ඇති දේවල් කිරීමට පුංචි උස්සහයක් හෝ යෙදෙන්න.. ඒ තුළ ඔබ සතුව සැඟව පවතින දක්ශතා හදූනාගත හැකිවනවා සේම යම් දිනක ඒ හැකියාවන් ඔපමට්ටම් කරගැනීමට හැකියාවද ලැබෙනු ඇත..
බ්ලොග් අවකාශේ කවියක් දැකපු සැනින් අහක බලාගන්නා ඒ වගේම කවියක් දැක්ක හැටියෙ ඔක්කාරයට එන තරමේ අකමැත්තක් ඇති බ්ලොග් කරුවන් බෝහෝ මම දැක ඇත්තෙමි.. මම ඉතාමත්ම ආදරයෙන් අවිහිංසකව ඔවුන්ගෙන් ඉල්ලීමක් කරමි.. ඔබට නොහැකි කවිය ඔබ තුලින්ම උපදවන්න... එවිට ඔබ කවියට ආදරය කරන්නට පටන් ගන්නවා ඇත..
***
ප.ලි - ඇතැම්විට ඔබ තවමත් නොදන්නවා විය හැකිය.. වයසින් මෙන්ම අදහස් වලින්ද බොහෝ පරිණත කවියන් මුහුණු පොත තුළ සිටිනවා .. ඔවුන් සිය නිර්මාන මුහුණු පොත තුළ ඇති කවි සංගම් තුල ඉදිරිපත් කරනවා.. ඒ වටා තව තවත් බොහෝ කවියන් එකතු වි තම අදහස් එකතු කරනවා.. කවිය ඉගෙන ගන්න කැමති බොහෝ අයට ඒ නිර්මාන අපූරු ගුරුවරුන්ම වේවි ... :)
ප.ප. ලි - ඩේටා ඉවර නිසා බ්ලොග් වලට එන්න ටිකක් අමාරුයි.. පහු වෙලා හරි කෝම හරි එනවා..
මේ මුලු ලෝකෙම අමිහිරි වී ඇත
ඔබ දුටු මුල් දින අදමෙන් මතකයි
නුඹ ගැන මා සිත බැදුනා මතකයි
නුඹ ලඟ මා සිත රැදූනා මතකයි
නුඹ මා සතු උනු හැටි මට පුදුමයි
නුඹගේ සොදූරු සිනාවත් මා වෙත
නුඹගේ සොදුරු කතාවත් මා වෙත
නුඹගේ සොදුරු ආදරෙත් මා වෙත
පුද දුන්නේ ඇයිදෝ ඔබ එලෙසට
කෙතරම් සොඳුරුද ඒ කෙටි කාලය
කෙතරම් මිහිරිද අපගේ ආලය
කෙතරම් කුරිරුද අපගේ දෛවය
ඉවසා ගනු බෑ සිහිවන් හැමවිට
ඔබ මේ ලෝකෙන් වෙන් උනු එදවස
මට මුලු ලෝකෙම නැති උනු එදවස
සියලු පැතුම් සුලඟට මුසු වූ දින
වාවා ගනු බෑ මා හට මා හද
පාලුයි මට නම් නුබ නැති ලෝකය
තවත් එපා මට මුලු මිහි තලයම
අවසන් තීරනයක් ගත් තෙමි අද
හෙටින් පසුව සොදූරියෙ මම නුඹ ලඟ
- 2011 වසරේ යම් දිනක නිවසේදීය
මෙය කවි පන්තිය කියවන ඔබේ සිතේ ඇතිවන හැඟීම් මම හොදාකාරවම දනිමි..
"මෙලෝ රහක් නෑ.."
"බොහොම සුලභ මාතෘකවක් "
"එලිසමයක් කියලා නාමයක් නෑ"
"මාත්‍රා වල කිසිදු ගැලපිමක් නෑ."
"තාලයක් නෑ"
"අර්ථ රසය බොහොම මදි"
"භාවිතා කරල තියන වචන හරිම පටු පරාසයක තියෙන්නෙ"
"අපෝ මේවත් කවිද ?"
මෙසේ සිතන යම් කෙනෙක් වෙත මා සතුව පැවසිමට යමක් ඇත..
ඔව් මේ මම මහත් සේ ආදරය කරන කවියයි.. ඔබට රසවිදීමට තරම් දෙයක් නොමැති මුත් මම එයට මහත්සේ ඇලුම් කරමි.. ඒ මේ කවි පන්තිය මාගේ තිඹිරිගෙය නිසාවෙනි.. මෙය මුල් අත්තිවාරමයි . මීට තෙවසරකට පෙර ඇරබි මේ ගමන් මගේ පළමු පියවරයි.. යම් වයසකට එලඹි පුද්ගලයෙක් ආපසු හැරී තම ළමාවිය දෙස බලා සතුටු වනවා සේම මටද මෙම කවි පන්තිය දෙස බලා සතුටු විය හැකියි.. කිමද මම එය මගේ කවියේ ළමා වියෙහිදී කල හපන් කමක් ලෙස දකින බැවිනි..
පාසල් යන කාලයේ කිසිම දිනක කවියක් හදපු නැති මම මගේ සිතුවිලි තුළ ආරම්භයේදී කියූ සීමා වල කොටුවී සිටියෙමි.. ඒ පවුරු පදනම් බිද දැමූ එදා දවසේ මෙම කවිය නිර්මාණය විණි. විරහව තබා ආදරයක සෙවනැල්ලවත් අත්විඳ නොතිබූ ඒකාලයේ හටගත් පලමු සිතිවිල්ලම විරහවක්වී තිබීම මටම පුදුමය.. එදවස් මට හැඟුනේ මා විසින් මහා වීර ක්‍රියාවක් සිදුකළ සේය.. ඒ පිලිබදව කියන්නට මට වචන නැත.. ඒ හැඟීම අද දවසේ කෙතරම් සාර්තක කාව්‍ය නිර්මානයක් සිදු කළද සිත තුල ජනිත නොවන්නේ ඒ නිසාය..
මම ක්‍රමයෙන් උගත්තෙමි... වර්තමානය වන විටද උගෙනිමි.. මහා සාගරයක පරාසයට දිවෙන කවියේ දිය දෝතක් උරුම කරගත්තෙමි.. විශේෂයෙන්ම මුහුණුපොත සහ ඒ තුළ සිටින කවීන් කවි සංගම් තුළ කරන අපූරු නිර්මාණ රසවින්දෙමි.. ඒ තුලින් උගත්තෙමි..
පුංචි විකාර රූපී සිනා නමුත් සිනා මුසු පුංචි කවිපන්ති වලින් ආරම්භය ගත්තෙමි. .. ඒවායේ අඩුලුහුඩුකම් පසු කලීනව නැවත අධ්‍යනය කළෙමි
( *අනේ ඉතිං මට උනු ඒ වියෝයා.. )
සීමාවෙන් ඔබ්බට සිතුවෙමි.. සීමාවෙන් එලියට ආ සිතිවිලි කවි කලෙමි
( යට ඇදුම - underwear )
එළිසමය , මාත්‍රා, පිලීබඳව අවදානය ක්‍රමයෙන් යොමු කරමින් යවහන් ඇතුළු දෝශ මග හරිමින් කවි නිර්මානය කිරීමට උත්සහ කලෙමි..
( පියෙක් වන්නට මත්තෙන් | the Dreams of a Father)
මම තවමත් කවියේ රසමුසු තැන් සොයා යන්නෙක්මි.. කවියට වෛර කල මම අද දවසේ එය රසවිඳින්නෙමි .. මට තව බොහෝ දේ උගෙන ගන්නට ඇති බවද දනිමි.. නමුත් මම මට නොහැකි යැයි හිතපු දෙයක් යම් තරමකින් හෝ කල හැකි දෙයක් බවට පත් කරගත් බැව් සිතා නිහත්මානී අඩම්බරයක් සිත තුළ රඳවාගත හැකිය..
මම ඔබට කියමි! ඔබ තුළ නොහැකියැයි කිදා බැස ඇති දේවල් කිරීමට පුංචි උස්සහයක් හෝ යෙදෙන්න.. ඒ තුළ ඔබ සතුව සැඟව පවතින දක්ශතා හදූනාගත හැකිවනවා සේම යම් දිනක ඒ හැකියාවන් ඔපමට්ටම් කරගැනීමට හැකියාවද ලැබෙනු ඇත..
බ්ලොග් අවකාශේ කවියක් දැකපු සැනින් අහක බලාගන්නා ඒ වගේම කවියක් දැක්ක හැටියෙ ඔක්කාරයට එන තරමේ අකමැත්තක් ඇති බ්ලොග් කරුවන් බෝහෝ මම දැක ඇත්තෙමි.. මම ඉතාමත්ම ආදරයෙන් අවිහිංසකව ඔවුන්ගෙන් ඉල්ලීමක් කරමි.. ඔබට නොහැකි කවිය ඔබ තුලින්ම උපදවන්න... එවිට ඔබ කවියට ආදරය කරන්නට පටන් ගන්නවා ඇත..
නොහැකියි යන මතයේ එල්බ සිටින සිතිවිල්ලේ සීමාව කඩා බිඳ දමන්නට සියලු ශක්තිය ලැබේවා!!
ඔබ සැමට ලබන්නා වූ නව වසර සුභම සුභ නව වසරක් වේවා!!
***
ප.ලි - ඇතැම්විට ඔබ තවමත් නොදන්නවා විය හැකිය.. වයසින් මෙන්ම අදහස් වලින්ද බොහෝ පරිණත කවියන් මුහුණු පොත තුළ සිටිනවා .. ඔවුන් සිය නිර්මාන මුහුණු පොත තුළ ඇති කවි සංගම් තුල ඉදිරිපත් කරනවා.. ඒ වටා තව තවත් බොහෝ කවියන් එකතු වි තම අදහස් එකතු කරනවා.. කවිය ඉගෙන ගන්න කැමති බොහෝ අයට ඒ නිර්මාන අපූරු ගුරුවරුන්ම වේවි ... :)
ප.ප. ලි - ඩේටා ඉවර නිසා බ්ලොග් වලට එන්න ටිකක් අමාරුයි.. පහු වෙලා හරි කෝම හරි එනවා..
උඹේ පළවෙනි නිර්මාණය ලස්සනයි නේ බං.....මගේ පළවෙනි නිර්මාණය නම් ඕකේ අහලකින්වත් තියන්න බෑ...
ReplyDeleteතවත් දෙයක් තමයි අපි ලියන කවියක් අපිට හොඳ නෑ කියලා සමහරවෙලාවට හිතෙනවා. ඒත් ඒ කවියම තව කෙනෙක්ට ඒක අපේ හොඳම කවිය වෙන්න පුළුවන්......
ලබන නව වසර සුභ නව වසරක් වේවා....!!!
ඒක නම් සහතික ඇත්ත රන්දු අයියෙ .. අපේ නිර්මාණ තුළ අපි නොදකින දේවල් වෙන කෙනෙක් දකින්න පුලුවන් :)
Deleteමචන් සමහරුන්ට කවියක් කියන්නෙ ජීවිතය වගෙ. Eල එල....
ReplyDeleteජීවිතේ කවියක් ... ආදරේ සොදූරුතම වදනක්
Deleteකඳුලැලි බිදක් - හසරැලි පොදක්
එකට එක් වූ විට දැනේ
පෙර නොවිඳි රසයක් :)
කවිකමට සුභ පැතුම්. අලුත් අවුරුද්දටත් සුභ පැතුම් !!!!
ReplyDeleteස්තුතියි .. මදාරා අක්ක හුඟ කාලෙකින් :)
Deleteසුබ පැතුම් කවියට. මගේ කවිකම ගිලිහිලාම ගිහිල්ලා. ඉස්කෝලෙ කාලෙන් පස්සෙ කවි ලිව්වෙම නැද්ද කොහද.
ReplyDeleteසුබ අළුත් අවුරුද්දක් වේවා...!
නරකද පොඩි උස්සහයක් දරලා ගිලුහුන දේ ආයෙ ලඟට ගෙන්න ගත්තනම් ?
Deleteමචන් මට කාව්‍ය රසාස්වාදය කියන එක උපතින්ම පිහිටල නෑ බන් ඒ හින්ද දෙයක් කියන්න අමාරුයි...ඒත් උබේ කාව්‍ය හැකියාව දවසෙන් දවස දියුනුවෙන්න කියල ප්‍රාර්ථනා කරන්නම් :)
ReplyDeleteසුභ නව වසරක් වේවා මචෝ :)
නෑ සසිදු ... මමත් හිතුවෙ ඒ විදියට .. ඒත් දෙයක් උත්සහ කරල බලන්න.. පුංචි හරි රිදී රේඛාවක් පෙනේවි කලු වලාකුල් අතරේ :)
Deleteමට කෙලින්ම අදාළ මාතෘකාවක් හින්දා කොමෙන්ට් එකකට වඩා වැඩියෙන් දෙයක් කියන්න ඕනේ මුදියා. මුලින්ම උඹේ පලවෙනි කවිය ගැන නම් කියන්න තියන්නේ ඉස්තරම් කියලා. මොකද මගේ පලවෙනි කවිය ඕකට කිට්ටු කරන්නවත් බෑ. ඒ අතින් ආරම්බයම උඹ හොදට අරගෙන. අනික මේ මාර්තු මාසේ අවසාන සතියට කලින් එකම කවියක්වත් ලියපු නැති මම වගේ කෙනෙක්ට වඩා උඹ ඉන්නේ ඒ කොහොමටත් ඉස්සරහින්. සුභ පතනවා අනාගතේට.
ReplyDeleteසඳස් කවියට අපි හැමෝම ආසයි. ගරු කරනවා. කවියේ තියන අග්‍රම දේ තමයි ඒක. ඒකට කොච්චර ආස උණත් හිතේ දුකක් ඇති උන ලියවෙන්නේ විරිතට ගලපන්න අමාරු ඇතුළෙන්ම එන දේවල්. ඒවා විරිත් වලට හිර කරන්නත් අමාරුයි. ඒ හින්දා එහෙම වෙලාවට ඉගෙන ගත්ත දේවල් අමතක කරලා නිදහසේ ලියලා දානවා. ඒක නිසා මගේ නම් අදහස තමන් හරියට ඉගෙන ගන්න ඕන. භාවිතා කරද්දී කැමති ක්‍රමයකට යනවා.
ඊළඟට තමයි අර අවසාන කොටස. වෙනත් ලිපිත් එක්කම මාරුවට කවි ලියන අයට වඩා තනිකරම කවි විතරක් ලියන කෙනෙක් හැටියට ඒ කතාවට වැඩි පුර දෙයක් එකතු කරන්න අයිතියක් තියනවා කියලා හිතෙනවා. සමහරක් අය ඉන්නවා ඇති ඇත්තටම කවියට කැමති නැති. ඒ වගේම ටික දෙනෙක් ඉන්නවා ලිපියක් තරම් කවියක් වටින්නේ නෑ කියලා අදහසක් තියන. එක අතකින් ඒක හරි. මොකද සමහර වෙලාවට හොඳ ලිපියක් ලියන්න දවස් 3ක් 4ක් යන වෙලාවල් පවා තියනවානේ. ඒ උණාට කවි ලියන කෙනෙක්ට ලියන්න පටන් අරගෙන විනාඩි 10 ක් යන්නත් කලින් ඒක ෆබ්ලිෂ් කරන්නත් පුළුවන් වෙන වෙලාවල් තියනවා. ඒ හින්දා වෙන්නත් පුළුවන් ඒ විදියේ දෙයක් හිතෙන්නේ.
තව සමහරක් ඉන්නවා ඒ අයට කවියක් කියවලා ඒකට මොකක්ද දාන්නේ කියලා හිතා ගන්න අමාරුයි. මෙතන දී ලියන කෙනා ලියලා තියන දේ තේරුම් ගන්න අමාරු වෙනවා වෙන්නත් පුළුවන්. ඒත් නිර්මාණ කරුවා දෙයක් ලිව්වට පස්සේ ඒක ගැන අපිට ඕනෑම දෙයක් හිතාගන්න පුළුවන් කියන මතයේ තමයි මම ඉන්නේ. එකෙන් ගත්තේ ගැඹුරු දෙයක් ද මතුපිට දෙයක් ද කිසිම දෙයක් ගත්තේ නැද්ද කියන එක ගැන නිර්මාණ කරුවාට වැදගත් වෙන්න බෑ. ඒ හින්දා ඒක කියවන කෙනාට හිතට එන ඕනෑම අදහසක් ඒ නිර්මාණයට සාධාරණයක් ඉෂ්ඨ කරනවා. ඒක බය නැතුව දැම්මා නම් හරි කියල තමයි මට හිතෙන්නේ.
තව සමහරක් අය ඉන්නවා කවියක් නම් තියෙන්නේ එතන අදහස් දක්වන්න ඕනෙත් කවියෙන් කියලා හිතන. ඒක නම් ඇත්තටම තේරුමක් නැති අදහසක්. හිතට එන ඕනෑම වචනයක් ඇති ඒ කවියට පිළිතුරක් වෙන්න. නියමයි, පට්ටයි වෙන්නම ඕනේ නෑ මෙලෝ රහක් නෑනේ කියන එක උණත් හොඳටම ඇති.
ඒ වගේම මේකේ ඉන්නවා කවි ලිව්වේ නැති උණාට ඒ කවියට ඇත්තටම ආදරේ කරන අය. ඒ කට්ටියගේ එක අවංක අදහසක් දැක්කම ඒ කවිය ලියලා ලැබුණ සතුටට වඩා ලොකු සතුටක් දැනෙනවා.
මම කලින්ම කිව්වා වගේ මේක ටිකක් දිග උණා. මොකද මේ ටික ගොඩාක් කල් ඉදලා කියන්න ඕනේ වෙලා තිබ්බාට කියා ගන්න විදියක් නැතුව හිටියේ. සමාවෙයන් වැරදි විදියට ප්‍රයෝජනයක් ගත්තා නම්.
ජය වේවා උඹට. සුභ අලුත් අවුරුද්දක් වේවා
++++++++++++++
Delete//මේ මාර්තු මාසේ අවසාන සතියට කලින් එකම කවියක්වත් ලියපු නැති මම වගේ //
Deleteමම හිතන්නෙ පුමාගෙ ආර්ම්භය ගිරවිගෙ කවි මඩුව .. මම හරි නේද ? :).
//සඳස් කවියට අපි හැමෝම ආසයි. ගරු කරනවා. කවියේ තියන අග්‍රම දේ තමයි ඒක. ඒකට කොච්චර ආස උණත් හිතේ දුකක් ඇති උන ලියවෙන්නේ විරිතට ගලපන්න අමාරු ඇතුළෙන්ම එන දේවල්.//
මේක තමයි ඇත්ත.. නමුත් පුමා මාත්‍රා සහ එලිසමය නැත්නම් එතන සඳැසක් නෑ.. නමුත් කාටවත් කියන්න බෑ එතැන කවියක් නෑ කියලා ... කවිය කියන දේ බොහෝම නිදහස්.. උඹ වගේම මමත් සිතිවිලි කවි කරනකොට සදැස කියන දේ තුලම එල්බ ගෙන නැතිව නිසදෙස කියන දේටයි සිතිවිලි දෙන්නෙ.. නමුත් සදැසට ඇති ගෞරවේ නැතිවෙන්නෙ නෑ.. තවත් දෙයක් නිසදෙස් කවියකට උනත් බොහොම අපූරු තාලයක් සහ මාත්‍රා ගැලපිමක් තියෙන්න පුලුවන් කියන දේත් ගොඩක් අය දන්නෙ නෑ
//ටික දෙනෙක් ඉන්නවා ලිපියක් තරම් කවියක් වටින්නේ නෑ //
ඒ ටික දෙනා ගැන නම් ගොඩක් දුකයි.. කවියක රසය ඇතැම්විට ගද්යකට වඩා බොහොම ඉහල වෙන්න පුලුවන්.. පද පේලි හතරට මොන තරම් නම් හපංකමක් කරන්න පුලුවන්ද කියල දන්නෙ කවියට ආදරේ කරන අයම තමයි..
අර කවි නිර්මාණ වලට ගියහම කියන්න දහස් නැතිව හිරවෙන අවස්තා නම් මටත් ඕනි තරම් තියෙනවා පුමා.. ඒත් මම මොනවම හරි කියල එනවා නිර්මාණය රසවත් නම්... කවියකින්ම පිලිතුරු දෙන වෙලාවලුත් තියෙනවා ඒ නිර්මානෙ රසවිඉන වෙලාවෙ මම ඉන්න මූඩ් එකත් එක්ක
සමාව ගන්නෙ මොකටද බං.. මං ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕනි උබට මේ විදියට දිග ලමෙන්ට් එකකින් අදහස් බෙදාගත්තට :) ජය!!
අනිවා බන් ගිරවිගේ කවි මඩුව තමයි උපත. මේ දවස් ටිකේ මට වැඩ හින්දා ඒකට යන්න බැරි උණා. ආයෙමත් එනවා එතනට
Deleteගිරවිගෙ කවි මඩුව පටන් ගත්ත දවසෙ ඉදන් මමත් ඒකෙ හිටියා.. මුල් කාලෙ හදපු කවි ඒකෙ දැම්මට පස්සෙ කාලෙක නම් මට වැඩියෙ එන්න බැරි උනා ඒ පැත්තේ.. ඒත් මට මතකයි පුමාලා සිරි අයියල දිගටම ඇදන් ගියා කවි මඩුවෙ අමාරු කාල වලදිත් :)
Deleteඔය තියෙන්නේ සුපිරියටම ඉතින් ලබන්නාවූ නව වසරටත් කවිකමටත් දෙකටම සුබ පැතුම්
ReplyDeleteබොම ස්තූතියි නලීන් අයියෙ :)
Deleteසමී මලයා දන්නවද මටත් මගේ මුල්ම කයිය තාමත් මතකයි. ඒක ලිවුවෙ දෙක වසරෙදි. හ්ම්ම්... අවුරුදු 17 කට කලින්...
ReplyDeleteඩොල්ෆින් මාලුවෝ
පීනන්නට සූරයෝ
ටැංකිය වටේට පීනලා
වෙහෙස වෙලා මේ වීරයෝ...
මාන්දමිකයි නේ? දැන් අහපල්ලා ටැංකි වල කොයින්ද ඩොල්ෆින්ලා කියල. ඕක ලිවුවෙ මාලු ටැංකියක් ඇඳලා ඒක යටින්. අපේ අම්මා තාමත් ඔෆිස් එකේ මේසෙ වීදුරුව යට තියාගෙන ඉන්නවා ඒ චිත්‍රෙ සහ කයිය.
බස්සී ඔයා ඔහොම කියද්දි මට මතක් උනා මම 06 වසරෙදි කොලඹ තනියම බෝඩින් වෙලා හිටියෙ... ඔන්න ඔය කාලෙ මගේ දුක කියල අම්මට ලිවුමක් යැවුව... අන්න ඒකෙ මෙන්න මේ කවිය මම ලියල යැවුව... ඒ ලිවුමත් තාම අපෙ අම්ම ගාව සුරක්ෂිතව තියෙනවා...
Deleteදස මසක් කුස දරා සිටි අම්මේ.....
ලේ කිරි කරලා මට පෙවුවා අම්මේ...
වැටුන වෙලේ මගෙ හිස අතගෑ අම්මේ...
මා තනි කරලා ඇයි ඉන්නේ අම්මේ...
මේ කවිය සහ ලිවුම දැකල තමා ඉස්කෝලෙන් අම්මවයි, තාත්තවයි ගෙන්නල බැනල මාව ආපහු අම්මල ලගට යැවුවෙ... ඒක දැනගත්තෙ ලගදි....
බස්සි අක්කෙ ඒක හරිම ශෝයි කවියක්නේ :D
Deleteදෙක වසරෙ ළමයෙක් කරපු හරිම අපූරු හපන් කමක් :)
ගාලු මට නිකමට හිතෙනව උබ අපේ ඉස්කොලෙද කියලත්.. මරදානෙ නෙමේ නේද ?
ඒ හයවසරෙ ළමයගෙ සිතිවිලි හදවත ගොඩක් ස්පර්ශ කරනවා .. ඉතින් උඹ අම්මා ලඟටම වෙලාද දිගටම හිටියෙ ?
යශෝදා ගේ ඒ කවිය මං තුනේ පන්තියේ දී ලියපු මගේ මුල්ම කවියට තරමක් සමානයි.
Deleteමූදු වෙරල
රැල්ල ගහනවා
වැල්ලෙ වදිනවා
මාළු ඉන්නවා
මුහුදේ පීනනවා
ළමයි ඉන්නවා
සරුංගෝල යවනවා
රෑ බෝ වෙනවා
අපි ගෙදරට එනවා
ඔය කව්රි ගැන හොඳ කතන්දරයක් තියෙනවා. ඕනෑ නං මෙතනින් කියවන්න.
http://kathandara.blogspot.com/2009/11/blog-post_08.html
ගාලු ගේ කවියේ පසුබිම් කතාව මගේ සිත සසල කළ බය නොලියා බෑ. මං මරදානේ අහයේ පන්තියේ ඉගෙනුම අරඹන්ට ගිය විට ඒ පන්තියට ආ එක් සිසුවෙක් පොඩි පන්තිවල සිටම පාසල් ගොස් තිබුණේ එක් එක් නැන්දලා ගේ නිවෙස්වල සිටයි.
Deleteදහයේ පන්තියේ වුනත් ඔහු සිටියේ ලොකු වේදනාවකින් බව මට තේරුණා!
ඔහුගේ ඉරණම ගැන මා මෙහි ලියන්නේ නෑ!
කකා මහත්තයගෙ කවි ඉතිහාසත් ගොඩාක් අතීතෙට යන්ව එහෙනම් ... :)
Deleteඇත්තම කිව්වොත් මම උනත් තාම ගෙදරින් පිට කාලයක් නැවතිලා ඉදලා නෑ.. අවුරුදු 21ක් උනත් ඒක කරන්න හරි අමාරුයි.. ඒත් ඉස්සරහට වැඩිදුර අධ්‍යාපනය සදහා මටත් ගෙදරින් නම් බැහැර වෙලා ඉන්න වෙනවා.. තාමත් හිත හදාගෙන නෑ යන්න :(
අවාසනාවට මගෙ මුල් කවිය මට මතක නෑ...හැඇයි ඒක ලීවේ 9 වසරෙදී...සිංහල පාඩමක ඇගයීමකට....ඒක කොහේ හරි තිබුණා.හම්බුනොත් දාන්නම්...
ReplyDelete/මම ඔබට කියමි! ඔබ තුළ නොහැකියැයි කිදා බැස ඇති දේවල් කිරීමට පුංචි උස්සහයක් හෝ යෙදෙන්න.. ඒ තුළ ඔබ සතුව සැඟව පවතින දක්ශතා හදූනාගත හැකිවනවා සේම යම් දිනක ඒ හැකියාවන් ඔපමට්ටම් කරගැනීමට හැකියාවද ලැබෙනු ඇත..// ඇත්තටම මේක නම් හැමෝම හිතට ගත යුතු කාරණාවක්...!
ඔයාටත් සුභ නව වසරක් වේවා සමී........!
කවි නම් අමතක උනාට කමක් නෑ . කවිකම් අමතක උනොත් නම් හරිම අපරාදේ
Deleteහම්ම්.. අනේ ඉතිං මට නම් කවි බෑ.. ලියපු එව්ව කියවනවා මිසත්
ReplyDeleteබෑ කියල බෑනේ... උත්සහයක්වත් ගන්නකෝ
Deleteමගේ මුල්ම කවිය....... එහෙම එකත් තාමත් නැද්ද කොහෙද.
ReplyDeleteඑක එක්කෙනාගෙ රසාස්වාදය වෙනස්නෙ මල්ලි. කෙනෙකුට හොඳ වෙන දෙයක් වෙන කෙනෙකුට මෙලෝ රහක් නැති විදියට පේන්න පුළුවං. හැකියාවක් තියෙන කෙනා ලියන එක තමයි හොඳම දේ. එතකොට ඒකෙන් කවුරුහරි වින්දනයක් ලබයි.
සමීටත් වාසනාවන්ත සුබ නව වසරක් වේවා !
හැකියාව තියනවද බලන්නවත් සමහරු ලියන්නෙ නෑනේ අයියෙ.. අවුරුද්දකට සැරයයිනේ ලියන්නෙ :(
Deleteමුල්ම කවියක් දාමුකො ඊලඟ එන වර්ශ පූර්ණයට වෙනසකටත් එක්ක ;) :D
ඔහොම යමු ඔහොම යමු... උත්සහ කළොත් බැහැයි කියල දෙයක් නෑ! සුබ ම සුබ නව වසරක් වේවා!
ReplyDeleteයමු යමු :)
Deleteමුලින් ම කියන්න ඕනේ අඩුපාඩු තිබුණත් පළවෙනි කවිය විදියට මේක විශිෂ්ට යි! කාලෙකට කලින් මම හිතාගෙන හිටියා මට පුළුවන් කතා ලියන්න විතර යි කියලා. ඒ නිසා කවි ලියන්න උත්සාහ කළෙත් නෑ. ඒත් පහුගිය අවුරුද්දේ දවසක මම යි ළහිරු යි පොඩි හේතුවකට ලොකුවට රණ්ඩු කර ගත්තා. ඊට පස්සේ ගෙවිච්ච අඩ හෝරාව ඇතුළත මම කවියක් ලිව්වා. කවිය ලියලා ඉවර වෙනකොට රණ්ඩුවත් එහෙම ම අමතක වෙලා ගියා. එදා ලියපු සඳැස් කවිය මගේ බ්ලොග් එකේ පළ කරේ ළහිරු කියපු නිසා. ඒක තමයි මගේ කවියේ ආරම්භය!
ReplyDeleteඒ කවි පෙළ තමයි මේ තරම් කාලෙකට වැඩිපුර ම හිට් වුණේ. 426 :) ඒකට කමෙන්ටු වැටුණා 98. තාමත් මගේ කිසිම පෝස්ට් එකක් ඒ වාර්තාව බිඳලා නැහැ. ඒ වෙනකොට මගේ බ්ලොග් එක පටන් අරගෙන සති දෙකක් වගේ. මට අදටත් ඒ ගැන හිතනකොට සතුටු යි.
එදා බොරුවට හරි රණ්ඩු වුණේ නැත්තං ඒ හැකියාව කවදාවත් එළියට නොඑන්න තිබුණා. ඒ නිසා ඒ රණ්ඩුව මට හුඟක් වටිනවා. මුදියා නොහොත් සමියාට සුභ අලුත් අවුරුද්දක් වේවා! ඒක නෙමෙයි, එදා අර මට එවපු කවි පෙළ දාන්නේ නැද්ද? ඒකත් හරිම ලස්සණ යි!
මං ඒක කියෙව්වා කාලෙකට කලින්.. නමුත් කමෙන්ට් එකක් කොටලා නෑ.. ඔන්න ගිහින් කියන්න තිබුනු දේ කියලා ආවා :D
Deleteඒ කවිය පලවෙනි නිර්මානෙ නම් ඇත්ටටම අතිවිශිෂ්ටයි ධාරා .. මේ වගේ නෙමේ .. මාත්‍රා සහ එලිසමය නියම විදියට රැකගෙන තියනවා .. අරිම ලස්සනයි වචන සහ සමස්ත අදහසත් :)
සුභ නව වසරකම වේවා කිව්වලු !
ReplyDeleteජය හෝ!!
Deleteසුබ නව වසරක් වෙවා.. :3 කවි රස විදිමෙ හැකියාව 0යි බං.. :D
ReplyDeleteඕකනේ ඉතින් බැරි!
Deleteමගේ පලවෙනි කවිය, එයා ගාව නෑ ලු :D මං බෑ කිව්වට පස්සේ පිච්චුවලු :v
ReplyDeleteඅයියෝ පව්නේ ... උබ නෙමේ උබේ කවිය :P
Deleteඔන්න ඔහොමනෙ ඉන්න ඕනෙ..මේ පෝස්ට් එකෙන් අපිටත් ගන්න කොච්චරනම් දේවල් තියෙනවද..
ReplyDeleteඒකනේ .. මේ පැත්තට ආවමද මන්දා .. සාදරයෙන් පිලිගන්නවා :)
Deleteමටනං කවි ලිව්ව දවසක් මතක නෑ! අනිවා ඉස්කෝලේ ටීචර් කෙනෙක්ට මඩ කවියක් වෙන්න ඇති. :D
ReplyDeleteඅපෝ නෝටි නාඩියා :P
Delete'පාලුය.
ReplyDeleteමූසලය.
අඳුරුය හැම තැනම
එහෙත්
අමතක කිරීමට
සිදුව ඇත නුඹ මට.'
ඔන්න කවියක් වගේ එකක්!!! :)
සමීගේ පුංචි ලෝකෙට හිරු එලියෙන් පිරෙන, හීන හැබෑවෙන, සුබ නව වසරක්!!!
එහෙම කරන්න එපා පොඩ්ඩි ......:D
Deleteහා හා පවුල් කඩා කප්පල් වෙන උපදෙස් දෙන්න එපා ඉවාන් :P
Deleteකවියක් වගේ එකක් නෙමේ . ඒක කවියක් පොඩ්ඩි අක්කෙ :)
මගේ මුල්ම කවිය මං පෙන්නුවාම ඉස්සෙල්ලම බලපු එකා කිව්වේ අයි බං චේද කඩන්නේ නැතුව පේලි පේලි ලිව්වේ කියලා. විහිලුවට නෙවෙයි ඇත්තටම ඌට තේරිලා නෑ මම ලියවලා තියෙන්නේ කවියක් කියලා.
ReplyDeleteමම යවහන් දෝෂය ගැන ඉගෙන ගත්තේ සමී ගෙන්. එදා එක පෙන්නා දීලා මාව නිවැරදි කිරීම ගනා සමියාට මගේ ප්‍රණාමය. උඹට සුබ අලුත් අවුරුද්දක් වේවා .
කවිය බොහොම නිදහස් දෙයක් ඉවාන්..
Deleteමිනිසා මරණ තුනක් ඇති මිනිසා
බලා සිටී නිරුවත් දෑසින්
බලන්න කන්‍යාවී
මේ උදාහරනෙ අරගෙන බලන්න.. කවියක් කෝ කියල අහයි සමහරු.. ඒත් ඒ තියෙන්නෙත් කවියක්..
යවහන් දෝශ මාත්‍රා සහ එලිසම ගැන අවධානය යොමු කල යුතුවන්නේ සදැස තුලදියි :)
සදැස ප්‍රභලව මට නම් පේනවා නිසදැස් කවියකට වඩා.. සමහරෙක්ට ඒක එහෙම නොවෙන්න පුලුවන්.. ඒ ඒ කෙනාගෙ ඒ ඒ රුචිකත්වය ..
මම අර කවි පන්තියෙ යවහන් ගැන කිව්වෙ ඒක බොහෝම අපූරු සදැස් කවි පන්තියක් නිසා ..
//නොහැකියි යන මතයේ එල්බ සිටින සිතිවිල්ලේ සීමාව කඩා බිඳ දමන්නට සියලු ශක්තිය ලැබේවා!! // එතනින් තමයි නව වසර සුබ වන්නේ.
ReplyDeleteසුබ නව වසරක්
අනිවාර්යෙන්ම .. සිතිවිලි වලටනේ අලුත් වෙන්න ඕනි ...
Deleteමල් පිපුනු තුරු ලතා
ReplyDeleteමද සුළගෙ නැලවුනා
ඇය කොහිද ගියේ විමසයි මුලු ලොවක් ඇති බලා
මේ ඉර හද යට දවසක
හමුවෙතැයි සිතා
මම සමුගෙන යමි ප්‍රිය සොදුරියෙ නුඹට සුභ පතා....
ඔය මම කාලෙකට කලින් ලිව්ව කවියක්ද ගීතයක්ද කියාගන්න බැරි එකක මුල් පද පෙල...මේකෙ අන්තරා කොටසකුත් තියෙනවා...
බොටත් සුභ 2014 වසරක්ම වේවා මලයො...
තනුවක් දැම්මහම සෝයි සින්දුවක් කරන්න පුලුවන් :)
Deleteඅන්තරා කොටසත් දාන්නෙපැයි දෙයියනේ
මට නම් කියන්න තියෙන්නේ සරලයි, ඒ වගේම රසවත්. මමත් බ්ලොග් ලෝකෙට ආවට පස්සේ ලිව්වා නේ කවි. සමියගේ කතාව ඇත්ත. හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ.
ReplyDeleteමගේ මුල්ම කවි පෙළ
ගියා බලන්න .. හරිම අපූරුයි.. බ්ලොග් ලියපු මුල්ම කාලෙ :)
Deleteපළමු කවිය ඇත්තටම ලස්සනයි...
ReplyDelete2014, සාර්ථක ජයග්‍රාහී වසරක් වේවා!!!!
ස්තූතියි!! ජය වේවා!! :)
Deleteපියවරක් තැබීමම ජයක් සැමි...යෝ.. (සැමියෝ=සමියෝ)
ReplyDeleteඔසුනවවේ...!!!
තාම සැමියා නම් නෙමේ :(
Deleteඉක්මනටම වෙන්න ඕනි :D
මොන භාසාවද මන්දා ..
කමක් නෑ ඔන්නොහෙ ඔසුනවවේ...!!!
මූනු පොතේ මුදියා නොහොත් සමියා කියලා කියන්නේ ඔබතුමා ද ?
ReplyDeleteඔන්න අදමයි මේ පැත්තට ආවේ.. දිගටම එන්න ෆලෝ කරලා යනවා.
ජයවේවා !
ඒ තුමා - මුදි තුමා
Deleteවෙන කවුද - මං තමා :D
ආ ඔබව - පිලිගනිමි
යලි ඒවි - යැයි සිතමි
සාදරයෙන් පිලිගන්නෝ "_
මම කවි ලියන්න පටන් ගත්තේ බොහොම පුංචි කාලේ.ඒ නිසා පල වෙනි කවිය මොකක්ද කියලා මට මතකයක් නැහැ. කවි කිව්වට මම ලියපු බොහෝ ඒවා අයත් වෙන්නේ නිසදැස් ගණයට.ඒ දවස් වල අහු වෙන අහු වෙන පුංචි පුංචි කොළ කෑලි වල පවා කුරුටු ගෑවා.
ReplyDeleteදැන් නම් ඒවා හොයන්නත් නෑ.
කොහොම වුණත් දැන් නම් කවියක් ලියන්න සෑහෙන්න වෙහෙස වෙන්න වෙනවා කවිකමත් හුළඟට ගහ ගෙන ගිහින්ද කොහෙද?
ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා....
නිසදෙසක් තමයි මමත් ඉස්සෙල්ලම ලිව්වෙ නම් .. ඒක ඉස්කොලෙ ගැන මගෙ.. ඒත් ඒක තමයි මම මගෙ කවි වල පලමු නිර්මනෙ හැටියට සලකන්නෙ :)
Deleteඔබටත්, අනෙක් සියලු සහෝදර සහෝදරියන්ටත් ලබන්නාවූ අවුරුද්ද
ReplyDeleteවිදුලි බිල වැඩි නොවන,
සහල් සහ නෙකුත් ද්‍රව්‍යවල මිල වැඩි නොවන,
ඉන්ධන මිල වැඩි නොවන,
වංචාව සහ දූෂණය අඩු වූ,
නීතිය සහ සාධාරණත්වය හිමිවූ,
සාධාරණ වැටුපක් හිමි වූ,
කලට වේලාවට වැසි වසින,
....
සුබ නව වසරක් වේවා!
දේශපාලන කවියක් :D
Deleteසුබ නව වසරක් වේවා!
ReplyDeleteකවි වල තියෙන රහ වෙන කිසිම දේකින් ගන්න බෑ...!
මට අනුව ඒක එහෙමමම් තමයි :)
Deleteඑසේම වේවා :)
ඔමාගේ හීන අඩවිය ලියන අපුර්විගෙන් ඔබට සුබම සුබ අලුත් අවුරුද්දකට සුබ පැතුම්
ReplyDeleteඑසේම වේවා ඔමායා අක්කේ :)
Deleteනිර්මානය හොඳයි. රස වින්දා!
ReplyDeleteසමහර කවිවල පද හතරක් හොයන්න වෙහෙසුනා නේද? එහෙමම කරන්න අවශ්‍ය නෑ. මේක සඳැස් කවියක් නොවෙයි නේ.
ප/ලි
මේ බ්ලොග් එක ලෝඩ් වෙන්න මගේ ක්‍රෝම් බ්‍රව්සරය විනාඩි ගාණක් ගත්තා. ෆ්ලෑෂ් වල ප්‍රශ්නයක්.
හුරේ,... :D
Deleteමට මාර සන්තෝසයි බ්ලොග් සක්විති කකා මහහ්තයා මේ පැත්තට ආපු එකට .. ඇත්තටම හුඟක් සතුටුයි.. හැමදාම ඒ පැත්තෙ ගියාට ඔන්න අද තමයි ආවෙ කකා මේ පැත්තට :)
මීට අවුරුදු 3කට විතර කලින් ඕක ලිව්වෙ ... නිකං ඔහේ ලියාගෙන ගියා... :)
ෆ්ලෑශ් ගැජට් දෙක තුනක් දැම්මා හින්දා වෙන්නැති.. තව ටිකක් බලල ඒ ටික අයින් කරල දාන්නම්
ගොඩක් ස්තූතියි ආවට මෙපැත්තෙ :)
කවුද බොල කවියට ආස නැත්තේ? මමත් ඉස්කෝලේ කාලේ හොඳට කවි ලියනවා කියල ඔය කිව්වේ මම නෙවේ සිංහල මට උගන්නපු ගුරුවරු තමා.. හරිකෝ හරිකෝ එවලින් වැඩක් නෑ..
ReplyDeleteඑහෙනම් ඔන්න සුභ අලුත් අවුරුද්දක් කිව්වා!
උබ ඔහොම කිව්වට අඟහරුවො කවියට වෛර කරන අය නැත්තෙ නෑ.. කොටින්ම මේ බ්ලොග් අවකාශෙ ලස්සනට ලිසන කීපදෙනෙක්ම කවියක් දැක්ක තැන අහක බලාගන්නවා.
Deleteමං උඹේ කවි තාම දැකල නෑ.. මම දැක්කෙ රට වට් යන සංචාර :P කවියක් දාපන් බ්ලොග් එකේ අපිට බලන්න.. :)
ඉස්කෝලෙ යන් කාලේ පොඩි පොඩි කවි ලියල තිබ්බට හරියකට කියලා කවියක් ලියන්න පටන් ගත්තේ 2012 වසරේ... ඒ අතින් බලනකොට මම කවියට මුදියටත් වඩා බාලයි...
ReplyDeleteකවි ජීවිතේට සුබ පැතුම්....
ඔය දේට හේතුව තමයි උස්සහ කලේ නැති එක.. උස්සහ කරල දෙයක් කරගන්න පුලුවන් උනොත් අන්න එදා ඉඳන් අපි ඒ දේට ආදරේ කරන්න පටන් ගන්නවා :)
Deleteනලීන් අයියා සහ පවුලේ සියලුම දෙනාට එසේම වන්නට පතනවා :)
ReplyDeleteදන්නවාද කවිය කියන්නේ මගේ ජිවිතෙ එක කොටසක්
ReplyDeleteමගේ හිත නිදහස් කරගන්න ඇත්තම කිවොත් හිතේ තියන ආතතතිය පිට කරගන්නේ මම නම් කවියෙන්
මන් දන්නවා මල්ලි එයා මන් ලියන කවි කියවලා ඇති සමහර විට මට මහ මෙරක් තරම් විටන මගේ කවි අනිත් අයට මෙලො රහක් නැතිව ඇති
ඒත් මම ලියන කවි මට හුඟක් වටිනවා
හිතේ තිබ්බ හිරවෙලා ගුලි වෙලා කෑගහාලා කාටවත් කියන්න බැරි කූ ගහලා අඩන්න බැරිව මම දුක් වින්ද හුඟක් වෙලාවට මන් කලේ කවියක් ලිව්ව එක
එ නිසාම තමයි අද කළුවර හීනය කියලා බ්ලොග් එකක් බිහිවුනෙත්
හිතේ තියන අදහස් කවියෙන් පිට කරන්න හැමොන්ටම බැ
කොටින්ම කියුවොත් කවියක තියන නියම රසය විදින්නත් හැමොන්ටම බැ එකට කවිත්වය පිරුණු හිතක් තියෙන්න ඔනේ
කාට ඒව මෙලෝ රහක් නැති උනත් මම නම් රසවිදිනවා.. ඒකයි එන්න පුලුවන් හැමවෙලාවෙම ඒ පැත්තෙ ඇවිත් යන්නෙත්.. මම අක්ක ගැන දැනගත්තෙ අක්ක ලියපු කතාවක් තරුනය පත්තරේ ගියා කියන ආරංචියට.. :) ඒත් ඔයා ඊට වඩා කැමති කවි ලියන්න කියල දැනගත්තෙත් මම පස්සෙ :) හිතේ සතුටට මිසක් කාටවත් කවි ලියල වැඩක් නෑ අක්කෙ :)
Deleteයකෝ පලවෙනි එක කොච්චර හොඳයිද ?අපි මුලින්ම ලියපුවා මතක් වෙනකොට විලිලජ්ජාවේ පණ යනවා ..
ReplyDeleteමටනම් ඉතින් කවිය කිව්වොත් සඳැස් ම තමා .ලස්සන අදහසක් ලස්සන තාලෙකට !!එතකොටනේ ආතල් .. :))
සුභ අලුත් අවුරුද්දක් වේවා !!!
තාලෙ සහ අදහස සදැස් කවියක විතරක් නෙමේ නිසදෙස් කවිඋඅක උනත් තියාගන්න පුලුවන්.. ඒත් වචන පෙලගැස්ම සදැසෙ නිසදෙසට වඩා අවධානය යොමු කරන්න ඕනි හරියට එලිවැට තියන්න ඕනි.. විරිත රකින්න නි වගේ දේවල් තියන නිසා ටිකක් සංකීර්නයි... ඒත් අමතක කරන්න හොද නෑ . හිටිවන සදැස් කවීන් ඉන්නවා.. ඒ අය දක්ශතාවය අතින් ඉහලම තලයක ඉන්නෙ .. :)
Deleteකසුන් මේ පැත්තෙ ඊට කලින් ආවෙ නැද්ද මන්දා මගෙ මතකයෙ නම් නෑ වගේ :) සාදරයෙන් පිලිගන්නවා
මමත් අර උඹ සඳහන් කරපු කවි වලට එච්චර ප්‍රිය නොකරන බ්ලොග් කරුවෙක්. නමුත් කවි පේන්න බැරි ගතියක් නම් නෑ.
ReplyDeleteනමුත් උඹේ කවියේ කිසිම අවුලක් මම දැක්කේ නෑ. ඒක තාලෙට රිද්මයකට කියන්න පුළුවන් නම් ආයෙ වෙන මොනවද? ඔය අගේත තාලෙට කියවෙන්නේ. උඹේ හැකියාව වඩාත් ඔප් නැංවේවා, තවත් කවි සිතුවිලි පහල වේවා ලැබුවා වූ නව වසරේ
උඹටත් පවුලේ සැමටත් සුභ 2014 වසරක් වේවා.
බොහොම ස්තූතියි ඩූඩ් අයියෙ :)..
Deleteමම කැමතියි ඩූඩ් අයියත් කවදාකම හරි කවියක් ලියල බ්ලොග් එකේ දානව බලන්න :)
සමී ඔයා කව්ද කියලා මම දන්නේ නෑ..ඒත් ඔයාගෙ මේ කුළුඳුල් නිර්මාණය හා එහි පෙරවදන කියෙව්වම මට දැනුන සතුට කියා ගන්න හෝ ලියාගන්න වචන මම දන්නෙ නෑ.මම ලියපු අදහසකට අද කෙනෙක් විරෝදයක් දැක්වූවා අන්තිම අසැබි වචන ටිකකින්.ඔයාගේ මේ පෙරවදන දැක්කම වැටිලා උන්නු මම නැගිටුනා ..ඒ ඔයාගෙ වචන වලට පින්සිද්ද වෙන්න.ඔයාගෙ පුන්චි ලෝකය ලස්සන වෙන්න හැමදාම නැවුම් වෙන්න කියලා මම හදවතින්ම සුභ පතනවා.තෙරුවන් සරණයි සමී.
ReplyDeleteමගෙ වචන වලටත් ඒම කෙනෙක්ව සතුටු කරන්න පුලුවන් කියල දැනගන්න එකත් මට කොච්චර සතුටක්ද :)
Deleteමගෙ වචන වලටත් ඒම කෙනෙක්ව සතුටු කරන්න පුලුවන් කියල දැනගන්න එකත් මට කොච්චර සතුටක්ද :)
Delete