Tuesday, December 31, 2019

෴හැරයන්න රත්තරන් සොයන් ලොකය නුඹේ..෴



මට උන්නු මගෙම උනු පුංචි කුමරියෙ මගේ..
නුඹ ලඟින් ආදරෙන් හිටිය හැටි මට අගේ..
ගියත් නුඹ මා වෙතින් අරං සුලඟින් අනේ..
තරහ නෑ සත්තමයි නුඹ මගේ නුඹ මගේ..

සුළි සුළං අරං ගිය මගෙම උනු ආදරේ..
මද සුලඟෙ පාව විත් මගෙ ලඟට පෙර වගේ..
උතුරන්න ආදරේ තිබුන මුත් මගෙ හිතේ..
බෑ මැණික මට එන්න නුඹ ලඟට පෙර වගේ..

දුක වගෙම තනිකමත් පිරුණ මුත් මගෙ හිතේ..
ඉවසගෙන හැමදාම ඉදිමි මං මේ වගේ..
ඉඩ නොදී මගෙ ලොවට නුඹෙ පුංචි ලෝකයේ..
හැරයන්න රත්තරන් සොයන් ලොකය නුඹේ..

-සමී
(2014.09.15)

----==------=-------=--------=-------=------

2019 අවුරුද්ද ඉස්සරහින් හිස් තැනක් තියන්නම බැරි හින්දා ඉස්සර ලියපු බොළඳ මගුලක් ගෙනත් අතෑරියා. එළඹෙන්නා වූ දශකය වාසනාවන්ත සුබ නව දෂකයක් වේවා..

සුබ නව වසරක්!!!

Monday, December 31, 2018

එන්ඩ යන්ඩ උගන්ඩ (Fun Facts about Uganda)

දැනුම පොතට උගන්ඩ 


1. මෙහේ සිටින සෑම මෝටර් බයිසකල්කරුවෙක්ම ටැක්සි කාරයෙක් ය. පාරේ සිටින විට ලගට ඇවිත් නැගපං කියා කියයි. නගින්ඩ සල්ලි අනවශ්‍ය අතර බහින්ඩ සල්ලි අවශ්‍යය. නමුත් ලාබදායීම ප්‍රවාහන ක්‍රමය මෙයය.

2. හිත හොඳ මිනිස්සු කියා ජාතියක් මෙහේ නැත. පාර්ලිමේන්තුවෙ ඉන්න එකා සල්ලිකාර හොර මැරයාය. පොඩි මිනිහා දුප්පත් හොර මැරයාය. එවුරිවෙයා කරප්සන් ය

3. රෑක කොල්ලෙකුට වුවද පාරේ තනියම යාම හෙනම භයානකය. ගෑනු ළමයෙකු ලංකාවෙදී රෑ තනියම ගමනක් යනකොට හිතේ ඇතිවෙන දේ දැනගැනීමට උගන්ඩ ආ යුතුය.

4. හරක් බලන එකත් අඳින්නෙ පුල් සූට්ය. සපත්තු ඕනෑමය. ශෝටක් ඇඳං සෙරෙප්පු දෙකක් දාගෙන යන එවුං දිහෑ මුං බලන්නේ පල් එකටය. මුං නාවර පෙරාගෙන දූවිලි වකාගෙන එකම ෆුල් සූට් එකම නොහෝඳා ඉරෙනකම්ම අඳිති. ඉරුණට පසුවත් අඳිති.

Monday, June 19, 2017

සොඳුර කියනු කරුණ කිමද උඹ මං වෙත යළි නොආපු!

අතීතයේ ටික දවසක් මාත් එක්ක එකට ආපු
ආදරයේ මුලකුරු වල හැඩය මෙයැයි මට කියාපු
ජිවිතයේ බොහෝ දුරක් එකට යන්න මං හිතාපු
සොඳුර කියනු කරුණ කිමද උඹ මං වෙත යළි නොආපු

සමුගනිද්දි පවා මුවින් වචනයකුදු නුඹ දොඩාපු
රුදුරු උනේ නැතිවග යළි ‍යලිත් වරක් හිතට ආපු
මොහොතක සුව කල්ප කාල සියක් දහක් නම් දරාපු
වටිනව මට සත්තයි නුඹ මාත් එක්ක එකට හිටපු

සමුගත් දා පටන් බොහෝ මල් කුමරියො නම් දරාපු
විකසිත උනු හැටි මතකයි නෙතු අද්දර මං බලාපු
නමුත්ඈත ක්ශිතිජ ඉමේ පුංචි තරුව නුඹ පායපු
එමල් වලින් නොලද සතුට නිරතුරුවම මට ගෙනාපු

දෑ වසරක මතක එක්ක පස් වසරක් මඟ බලාපු
අමතක කළ නොහැකි මතක මං ලඟින්ම නුඹ තියාපු
එ මතකය ගුලි කරලා විසි කරන්න මං හදාපු
නොහැකි උනා එදා වගෙම අරුම කිමද උඹ මවාපු
-සමී-

Monday, February 27, 2017

පසළොස් වසරක හැංගුණ මතක







ගම්පහ බණ්ඩාරවත්ත  ම‍ංසන්දිය වෙත ලඟා වෙත්ම පෙර අත් නොවිඳි අමුතුම මිහිරියාවකින් මසිත ඔද්දල් වන්නට පටන් ගත්තේ මටත් හොරාය. පහුගිය අවුරුදු පහළොව පුරාවට මවිසින් එකී බණ්ඩාරවත්ත මං සන්දිය අනේක වාරයක් පසුකරනට ඇත. නමුත් ඒ කිසිම දවසක නොවිඳි මේ සුන්දර හැඟීම මසිතේ ඇතිවීමට මෙදින සුවිශේෂී  දිනයක්ම විය.

ජීවිතේ කාලයක් පුරාවට හිතේ කොනක තැන්පත්වී තිබුණු ආදරයක් සොයා මා පියනඟන මොහොතක මසිත එපමණටම සතුටින් පිරී ඉතිරී යාවියැයි මම කිසිම දිනක නොසිතුවෙමි. සැබැවින්ම මම ඈ කරා ගියෙමි. පසළොස්වසරකට පසු ඈ දැකගන්නට ගියෙමි. ඇගේ සෙනහස විඳගන්නට ගියෙමි. හිත්කොනක තැන්පත් වී තිබුණු උතුරා යන සෙනහසත් , ආදරයත් කැටුව ඇගේ සුවදුක් විමසන්නට ගියෙමි.

Wednesday, February 15, 2017

මියැදෙන්නට බලා ඉඳපු ආදරයද මේ...





පසුගිය කාලයේ ජීවිතයේ සිදු උනු හැලහැප්පීම් රාශියක  කටුකත්වයත් එනිසා ඇති වූ හිස්බවත්, දරාගත නොහැකි තනිකමත් කරපින්නාගත් මා නුවර පැමිණියේ එකම එක අරමුණක් හිතේ පෙරදැරිවය.. අතීතයේ දවසක මා දිවියේ තාවකාලික නවාතැනක් බවට පත්ව තිබුණු මහනුවර නගරයට මම බොහෝ ඇලුම් කලෙමි.  තරමක හෝ අස්වැසිල්ලක්, සැනසීමක් නුවර අහස යට මට හිමිවන බැව් මම විශ්වාස කළෙමි.. එදා මෙන්ම අදටද නුවර අහස මට සිසිල්ය..සුවදායකය.. කිසිදු අරමූණකින් තොරව  දුක් සෝ සුසුමන් මැද ගෙවුනු ජීවිතයේ තනිකම තව දුරටත් දරාගත නොහැකි තැන මේ ගමන පැමිණියද ඒ ගමන පුරාවට මටත් හොරා පිටවුණු පසුතැවීමේ සුසුමන් අනන්තය, අප්‍රමාණය.

උදේ සිට, සිව් වසරකට සෙවණ දුන් පේරාදෙණිය සරසවියේත්, පේරාදෙණිය නගරයේ සහ මහනුවර නගරයේත් ඉබාගාතේ සැරි සරමින් අතීතයේ කළ කී දෑ  මෙනෙහි කරමින් ශෝකබරිතව වියැලුනු සිත් කතරට සිහින් සතුටක වැසි බිඳු ලබා දීමේ අසාර්තක උත්සාහයක නියැලුණෙමි. සැඳෑවේ දළදා වහන්සේ වැඳපුදාගැනීමෙන් අනතුරුව යම් කිසි අස්වැසිල්ලක් ලද්දෙන් නැවත කොළඹ බලා යාමට මම තීරණය කළෙමි.

Monday, June 20, 2016

හණුකුරුප චිත්‍රපට කර්මාන්තය(හණුකුරුප 2 කොටස)-Why these movies meant to be bad?



හනු කුරුප පලවෙනි පරිච්චේදයෙන් පසු අවුරුදු දෙකක කාලයක් ඉක්ම ගිය තැන බොහෝ දෙනෙක් පුල පුලා බලාගෙන සිටි හණුකුරුප දෙවෙනි පරිච්චේදය මෙසේ ඇරඹෙන්නේය. කියවන්නට පටං අරගන්නට පෙර නැවතත් පැවසිය යුතු දෙයක් ඇත. එනම් මෙම ලිපිය තුළ කිසිදු අසභ්‍ය වචනයක් නොමැත.. ඔබ මෙහි අසභ්‍ය වචන දකින්නේ නම් ඒ මගේ නොව ඔබේ අවුලක්ය. :D එසේ හෙයින් ලියා තියන දේ එලෙසින්ම කියවා ලිපිය තේරුම් ගනු විනා වචන එහෙ මෙහෙ කරමින් කියවා ලිපිය අග මුල නොතේරෙන ලිපියක් බවට හරවා ගෙන අවසානයේ මට දෙස් දෙවොල් තියන්නට විතරක් එපාය :D ලිපියේ ගලායෑම සිදුවන්නේ මේ ලියා තියන අයුරින්ම කියවූවොතින් පමනක් බව ඔබට මතක් කර දෙමි. නමුත් පටලගන්නම බලාගෙන සිටින අය වෙනුවෙන් කී දේ නාහන යකා උඩින් ගියත් එකයි බිමින් ගියත් එකයි යනුවෙන් කතාවක් ඇති නිසා වචන කීපයක් පටලා ගැනීම සදහාම හයිලයිට් කර දී ඇත :D ඉතින් හිතවත් පාඨකය පටලාගෙන මනස දූෂනය කරගැනීම ඔබ සතුය :D

Friday, January 22, 2016

වමනයේ මිහිරියාව :D | Lovely Vomitting





කබරයා , කබා වැනි සුරතල් නාමයන්ගෙන් හදුන්වන “වමනය”හි නම  කී පමණින්ම සමහරුන්ගේ බඩවැල් කලම්භාගෙන , අන්නසෝතය ක්‍රමාකුංචනය කරගෙන , මුඛය දෙබෑ කරගෙන එන්නේ වෙන කවුරුන් හෝ නොව ඒ ආදරණිය වමනේමය.. ලොකු කුඩා කොයි කාටත් වමනේ යනු ඒ තරම් අපුල අප්‍රසන්න , කටෝර  , ජුජුබ්සාජනක දෙයක් වී ඇත.. නමුත් වමනය යනු මහා ඇරුම පුදුම දෙයක් පමනක් නොව ඒ තුළ ඇති සැඟවුනු මිහිරියාවක් ඇති බව කිවහොත් ඔබ විශ්වාස නොකරනු ඇත… ආදරණිය පාඨකය.. එන්න අපි ඒ වමනයේ මිහිරියාව විඳගමු. :D