Friday, August 30, 2013

පියෙක් වෙන්නට මත්තෙන්.. | The Dream of a Father




සිනිඳු සමනල් සුදු පියාපත් දෑත් මුව පොඩි සිඹ රකින්නයි
රෝස දෙකොපුල් , පුංචි දෑඟිලි තුරුලු කරමින් සතපවන්නයි
ආදරේ යන අකුරු හතරට පිය සෙනෙහෙ තව එක්කරන්නයි
ජීවිතේ මිය යන තුරාවට නුඹම වෙනුවෙන් දිවි රකින්නයි




පුංචි දිදුලන දෑස් විදහා ලොව දිහා බලමින් සිනාසෙන
පියෙන් පියවර පා තබා ජීවිතේ වෙත පා පියුම් ඔසවන
ස්නේහයේ කිරි මූද කලඹා ආදරේ නුඹ ලොව දිනාදෙන
දවස යම් දින උදා වනු ඇත නුඹ නිසා තුටු කඳුළු නැංවෙන


මෙලෝ වසනා සියලු දෙව් බඹ අසිරි මල් දම් වස්සවන දා
ලෝ සතුන් නෑ දෑ සියල්ලන් නුඹ දෙස බලාගෙන සතුටු වන දා
මගේ පොඩි පුතු පියෙන් පිය නැග ජීවිතේ ඉම ජය ලබන දා
මගේ නෙත් දෙක පිය වුනාදෙන් සත්තමයි ඒ දිනේ මතු දා




-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------




පසු සටහන

සමහර වෙලාවට හිතට දැනෙන්නෙ මහ පුදුමාකාර හැඟීම්.. තාත්තෙක් ගෙ ගැඟීම් කෝමද මේ ඉ‍යෙ පෙරේද ඉස්කෝලෙ ගිහින් ඉවර උනු අවුරුදු 21ක කොල්ලෙක්ට දැනෙන්නෙ..දෙයියො තමයි දන්නෙ.
හිතට ආපු සිතිවිල්ලක්.. ඒත් නිමිත්ත හිත ඇතුලෙ ඇති උනු ආදරයක්..

අපේ නැන්දා ඉස්පිරිතාලෙ ඇඩ්මිට් උනා ඊයෙ පෙරේදා පොඩ්ඩක් අසනීප වෙලා. නැවතුනේ ගම්පහ ඉස්පිරිතාලෙ 16 වාට්ටුවෙ .  ඒ වාට්ටුවට යනකොට පහු කරගෙන යන්නෙ අලුත උපන් පුංචි මල් කැකුලු ඉන්න වාට්ටුව. උං දිහා බලාන හිටපු මට උං ගැන පුදුම ආදරයක් දැනුනෙ. සමහර විට ගෙදර එකම ලමය මං උන හින්ද වෙන්න ඇති. මොකද මං පුන්චි කාලෙ කිසිම නංගියෙක් මල්ලියෙක් මට හිටියෙ නෑ. ඒ නිසාම වෙන්නැති මට  පොඩි උං ගැන  මෙච්චර ආදරේ හිතෙන්නෙ.. පොඩි කාලෙ නං පොඩ්ඩක්වත් ආස නෑ පොඩි උංට.. ඒත් දැං නං ඒම නෑ.

ඉතින් මං හිතෙන් තාත්ත කෙනෙක් උනා .. ඒ සිතිවිලි තමයි අර විදියට කවි වලට පෙරලුනේ.
තව ජීවිතේ සහෙන දුර යන්න තියනවා.. ඒත් මේ සිතිවිල්ල මොකද මට ඇති උනේ කියන එක නම් මට තාම  තේරෙන්නෑ.. මූනු පොතේ දාපු මේ කවි පන්තියට සෑහෙන ඉහල ප්‍රතිචාර ලැබුනු නිසා මං මේක මෙතන දාන්න හිතුනා..

මේ පසු සටහන සමහර විට කවියෙ රසය නැති කලා වෙන්නත් පුලුවන්.  නිකම්ම කවි ටික විතරක් දැම්මනං ඇති කියලත් හිතුනා. ආයෙ කාටත් මේ කවි පන්තිය නිර්මාණය වෙන්න  පාදක උනු සිතිවිල්ලට හේතු උනු නිමිත්ත දැනගන්නත් එක්ක මේ සටහනත් එක්කලා

මීට කලින් අම්මෙක්ගෙ ආදරය ගැන කියවෙන මගේ අම්මා මට කියපු අම්මා ගැන තියන විරිදු පන්තියත් බලල එන්න කැමති අය





64 comments:

  1. poddak iwasapan. Tawa kal tiyenawa owata. Kawiyanam patta.

    ReplyDelete
    Replies
    1. ඉවසමි ඉවසමි :) තෑන්ක්ස් මචං

      Delete
  2. පියවරු ගැන ලියවෙනවා බොහොම අඩුයිනේ.. ඒ අතින් මේක ඉස්තරන්...

    ReplyDelete
    Replies
    1. හුඟ කාලෙකින් මේ පැත්තේ :)

      ආවට බෝම පින්

      Delete
    2. හොඳ දෙයක් දැක්කොත් අගය කරන්න එපයි..

      Delete
  3. පට්ට ලස්සන කවි ටික මලේ... තාත්තෙක් වෙනව කියන්නෙ ලොකු කාර්යභාරයක් හිස උඩට එනව කියන එක මලේ...

    ReplyDelete
    Replies
    1. කවි ලියන තරම් ඒක ලේසි නැති විත්තිය අත්දැකීම් නොතිබුනත් දන්නවා :)
      ස්තූතියි!

      Delete
  4. පිය සෙනෙහසට කව් ගී ලියවුණා මදී....

    ReplyDelete
  5. ඔව් උඹලටත් හැගීම් දැනීම් තියෙනවා එහෙනං... කවි බැදිල්ල නං රහයි පුතේ...

    ReplyDelete
    Replies
    1. අපි ඉතින් මිනිස්සුනේ බං :) ස්තූතියි

      Delete
  6. මගේ අක්කට පුංචි පැන්චෙක් හම්බ උණා. මම එකා බලලා එන්න යන ගමන් මේක උඩින් පල්ලෙන් කියෙව්වේ. ඌ බලලා මම අනිවා ලියනවා ලොකු කතාවක්.
    කියන හැටියට දඟකාරයෙක් ලු..
    ඉඩ වෙන් කරලා යනෝ සමීයෝ.. මේකට කමෙන්ට් එක මේක නෙමෙයි.
    කමෙන්ට් කරන්න පස්සේ එන්නම්...

    ආදරය ඉස්තරම්. ඒ අතරේ මේ සෙනෙහස නිර් + මානයක්...

    Bora Diyaka Induwara

    ReplyDelete
    Replies
    1. අක්කටයි මාමටයි දෙන්නටම සුභ පැතුම්!! :)

      Delete
  7. බෑන්දට මිනිහෙකුගෙ ජිවිතෙ වෙනස් වෙන්නෙ නෑ.තාත්ත කෙනෙක් උනාම තමයි වෙනස දෑනෙන්නෙ..එක මාරයි

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඒක ඇත්ත ..

      Delete
  8. //"මගේ පොඩි පුතු පියෙන් පිය නැග ජීවිතේ ඉම ජය ලබන දා
    මගේ නෙත් දෙක පිය වුනාදෙන් සත්තමයි ඒ දිනේ මතු දා"//
    ඕක තමයි මචං හැම පියෙකුගේම ප්‍රාර්ථනාව .....හරිම සංවේදී කමක් දැනෙනවා. සුන්දරයි.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්. පියෙක් නොවී ඒක මටත් දැනුන එක තමයි පුදුම

      Delete
  9. පියවරු ඔය හැඟීම් එලියට දෙනවා අඩුයි බං....

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත.. ඒත් හිත ඇතුලෙ තියෙනවා මහමෙරක සෙනෙහස

      Delete
  10. පිය සෙනෙහසට කවි ගි ලියැවුනා මදි :)
    ලස්සන කවි පෙලක් මල්ලි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කෙ :)

      Delete
  11. මගෙත් යාළුවො කීප දෙනෙක්ම දැන් තාත්තල. (හරි හරි බං, ඉස්සරත් උන් කොළු තාත්තල තමයි, ඒත් ඒ කාලෙ උන්ට ළමයි හිටියෙ නෑ) ඇත්ත බං, චූටි එකෙක් දකිද්දි නිකන් හඳුන්පොත කීන් ගානව, හරියට ආදරේ හිතෙනවා. මම නම් පොඩි කාලෙත් පොඩි ළමයිට කැමතියි. ඒත් වඩාගන්න එහෙම ටිකක් බයයි. අක්කගෙ කොළුවො පොඩි කාලෙ වඩාගෙන හුරතල් කරා, ඒකත් අපූරු අත්දැකීමක්. දැන් උන් ඉස්කෝලෙ යන අලි ළමයි. උන් දැන් එනව අපි නලවන්න, කීයක් හරි කඩාගන්න.

    ReplyDelete
    Replies
    1. දැන් උඹ කවද්ද නලවන්න හිතාගෙන ඉන්නේ

      Delete
    2. ඇත්තම කිව්වොත් මට පොඩි එකෙක්ව හුරතල් කරන්න හම්බුනේ ඊයෙ පෙරේදා :) ඒ වෙනකම් මන් බබෙක්ව වඩා ගන්නවත් දන්නෙ නෑ..

      අන්න දැං දියන්කො උත්තරේ :D

      Delete
    3. ආ...නලවන්නද, ආයෙ හෙට අනිද්ද දිහාට නලවන්න පුළුවන් වෙයි බන්ස්ල. මාමෙක් වෙල හුඟකලක් උනාට ලබන මාසෙ දිහාට විතර බාප්පෙක් වෙන්නයි යන්නෙ. :D

      Delete
  12. සංවේදී කවි පෙළක්, සමියෝ. ආසාවෙන් කියෙව්වේ. අවුරුදු 21 ක කොල්ලෙක් වුණත් පියෙකුගේ හැඟීම ලස්සණට විස්තර කරලා තියෙනවා කියල යි මම නං හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. සංවේදි වෙනවනේ ඉතින් හදවතින් ලියවුනාම

      Delete
  13. කියල වැඩක් නැහැ.මගේ දෝනිව නර්ස් තුමිය ඔතාගෙන ඇවිල්ල පෙන්නපු දේ මතක් වුනා සමියො.
    මම අදටත් දුවගෙ/පුතාගෙ දේකට ගිහිල්ල කල් මරනවනම්,මෝල් එහෙක පොඩි එව්වො අම්මල/තාත්තල එක්ක ගැවෙසෙන දිහා බලන් ඉන්නව.
    බොලා තාම බැදල නැද්ද ?කවි ලියවෙන්නෙ පෙලවහටත් පෙරද?
    එහෙනම් නියම තාත්තෙක් තෝ..!

    ReplyDelete
    Replies
    1. බඳින්න? :D අපෝ තාම මං පොඩි එකා කෙන්ජයියෙ.. :D

      බෝම ස්තූතියි මේ පැත්තෙ ආවට.. ඉස්සෙල්ලම ආවෙ මේ පාර :) පිලිගන්නෝ :)

      Delete

  14. දෑස නිළුපුල්, සේද සිනිදුව රෝස පැහැයෙන් බබලවන්නයි.....
    සිනිදු දෙකපුල්, මගේ හුස්මෙන් ඔහුව සතපා හැඩ බලන්නයි.....
    රුරිය සුදු පැහැ, සුවඳ තැවරුණු සෙනෙහෙ මල් දම් පැළඳවන්නැයි.....
    තාම කල් නෑ, බර දරන්නට දිරිය හදවතේ රැඳී ඉන්නයි.....

    දෑස දිදුලමින් මුළු රෑ හඬාගෙන...
    දෑත අල්ලමින් පියවර තබා යන....
    බිරිය සෙනෙහසින් හොරකම් කරාගෙන....
    සීත තනි රැයේ උණුහුම හොරායන.....


    සිතේ පුතු ගැන තියන සෙනෙහෙ සඟවමින් හද කොනක මතුදා.....
    ලොවට පෙනුමට නොවේ සතහට සුවය සදමින් මගේ පුතු දා....
    හදමි නිරතුරු පියා මෙන් ලොව අගය නිරතුරු කියා පහදා....
    මියදී මැරුණත් ඉපදී මැරුණත් කමක් නෑ පුතු මගේ නිම දා.....

    සුරතලෙන් ඔහු හඬයි සමියෝ, කිරි පෙරා ඒ මුවෙන් හලලා....
    වෙනත් සැපතක් නොවේ නැත මට මගේ පුතු වේ සිතේ පහලා...
    ලොවේ දිනකදී පියෙක් වී මම නුබ වගේ එක සිතින් පතලා.....
    ලොවේ දරුවන් ලොවට පහනක් ලෙය ලොවේ මා නුබට කියලා.....

    දෑස කඳුලින් තෙමි අඳවන මොහොත දිනකදී උදා වෙනවා....
    එදින සැපතට ඉන්නේ මගේ පුතු අනේ තාමත් සිහිය එනවා....
    පොලව පස් කර මගේ මතකය සදා නින්දක තනිව යනවා.....
    එදා ගමනට පුතුගේ කර ඇත මගේ ලෝකය එලිය වෙනවා....

    (මෙහෙම අපේ අම්මලා තාත්තලා හිතන්න ඇති නේ.. අපිත් දවසක හිතයි සමියෝ.. )

    මමත් තාත්තා කෙනෙක් වෙයි. මම උඹටත් වඩා බාල පුංචි එකෙක් නෙව. ඔය දේවල් ගැන හිතන්න අපිට තාම තහනම්. ඒ උනාට හිතේ දුවන්නේ හැගීම්. අපිත් ලේ ඇට මස් නහර වලින් හැදුන උන් නෙව.

    ReplyDelete
    Replies
    1. උබ දක්ශයි! ඒකෙ ආයෙ කතා කරන්න දෙයක් නෑ.. ඒත් මේක උඹ මෙතන දාල කරගත්තෙ නං ලොකු අපරාදයක්.. මේක පෝස්ට් එකක් විදියට දාන්න තිබුන උබට .. තාම පරක්කු නෑ.. දාපන් අනිත් අයටත් දකින්න..

      Delete
    2. ඕනේ නෑ බං. මම දක්ෂයෙක් නෙමෙයි. මේකේ වටයක් ගැහුවොත් මට වඩා දහස් ගානක් දක්ෂයෝ ඉන්නවා. මට ඒ මිම්මට ලං වෙන්න බෑ. මම උත්සහ කරන්නේ ඒ වගේ වෙන්න ඒත්. කොතන දැම්මත් කවිය කවියමයි. කවුරු දැක්කත් වින්දනය රසවින්දනය මයි. :D අවුලක් නෑ අයියා.

      Delete
    3. ඈ බං බෙන් මලයා, ඔය වචන කොහෙන්ද බං එන්නෙ උඹට. නරකද උඹටයි සමියටයි එකතුවෙල ප්‍රශ්න උත්තර ජාතියෙ කවි සංග්‍රාමයක් වගේ එකක් දැම්මනම්, එහෙම දේවල් අපිට දකින්නත් නැති තරම්නේ, මරුවට තියෙයි.

      දෙන්නටම සුබ පැතුම් මචංලා.

      Delete
  15. කියන්න වචන නෑ සමී අයියේ.. ගෙදර එකම එකා උනාම දැනෙන දේ තේරුම් ගන්න පුළුවන් (ඒ හෙන ගෙඩිය)වුන තවත් එකෙක්ට විතරයි. මාත් පොඩි උන්ට පුදුම තරම් ආස ඒ හින්ද වෙන්න පුළුවන්, හැබැයි අව්රුද්ද දෙක පැන්නාම පණ්ඩිත කටක් හිමිකරගත්තොත් නම් ඉතින් සොරි තමා මගෙන්!

    කවි ටික නම් ඉස්තරම් අයියේ, හරිම ලස්සන හීනයක් බැලුවා.පොඩි එකෙක්ගේ තියෙන,අතේ ඉන්න කොලු පැංචෙක් කෙලි පැංචෙක්ගේ තියෙන සුමුදු බව,හැඟීම් දැනෙන දනවන කවියක්..

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි උඹත් එකා යකා එතෝට :D

      ඒ ගැඟීම මට ඇත්තටම ව්දින්න හරි ආසයි බං :)

      Delete
    2. හඃ! තනිය භයානකයි බොලන්! අහු වෙනවා නෙවේ තනිපංගලමේ ගිහින් තනියට!

      Delete
  16. බට්ට වගේ හිටියට පට්ට බුවෙක්නෙ.
    බලපන් මට ඔය වගේ ලියාගන්න බැරි උනානෙ...ලඟදි කොල්ලෙක් හම්බුවෙලා.

    ඇයි උඹ කියන්නෙ නිධාන කතාව කිව්වම රසේ අඩු වෙනව කියල..එහෙම එකක් නෑ..!
    බය උනාද උඹ පියෙක් උනා කියල අපි හිතාවි කියල..:)))

    ReplyDelete
    Replies
    1. කියන්ඩ බෑනේ :D දන්නැති කවුරු හරි වැරදියට හිතන්න ඉඩ තියෙනවනේ :P

      Delete
    2. මේ මොකක්ද එතෝට ?

      අනේ මං උබට සුභ පතල නෑ බං :( මට මතක තිබුනෙම සුභ පැතුව වගේ.. ෆෝන් එකෙන් කමෙන්ට් කරන්න ගිහින් මොකක් හරි වෙන්නැති

      සුභ පතනවා හදවතින්ම ලැබූ පිය පදවියට!

      ආ ඒක නෙමේ තාත්තෙක් උනා විතරයි ලියන එක නතර කරලා.. හනේ හනේ

      Delete
  17. නුඹ ලබන ජීවන සහකාරිය හරිම වාසනාවන්තයි මල්ලී... මතු යම් දිනෙක නුඹට පිය පදවිය පුදන චූටි උන් ඊටත් වඩා වාසනාවන්තයි..!!!!

    ReplyDelete
    Replies
    1. අනේ මේක හරියට හිතට වැදුනා මගේ :)

      හුහ කාලෙකින් ඇවිත් :)

      Delete
  18. සිහින සැබෑවේවා යම් දිනයක.

    මම නම් භුක්ති විඳිමෛන් ඉන්නේ. මේ දැනුත්.

    කොහොමත් මව් සෙනෙහස තමයි ජනප්‍රිය. පිය සෙනෙහසට එච්චර ප්‍රොපගැන්ඩා එකකුත් නෑනේ. ඉතිං එච්චර ලකේකුත් නෑ.

    ReplyDelete
    Replies
    1. ඩූඩ් අයියගෙ සෙනෙහස මං දන්නවා අර දුම් පානෙ නතර කරපු හැටි ගැන දාපු පෝස්ට් එකම ඇති ඒක මොනවට පැහැදිලිවෙන්න :)

      Delete
  19. බොහොම ලස්සනයි සමි..මම ගොඩාක් ඈතට ගියා.හරිම වටිනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මෙ පැත්තෙ ආවට.. සාදරයෙන් පිලිගන්නවා :)

      Delete
  20. මරුකවි සැට් එක..

    බය වෙලා යකෝ ආවෙ අවු. 21න් තාත්තෙක් වුනාද කියල..

    ජයම වේවා..

    මේ හැගීමම අපෙ අයියලගෙ ගෙදරට පොඩි එකා අවහම දැනුන. මම එදා ඉදන් බාප්පා...

    ReplyDelete
    Replies
    1. ඉක්මනට තාත්තකෙනෙකුත් වෙයි වගේ යන විදියට :P

      Delete
  21. කවි ටික හරිම රහයි සමී...තලු මර මර රසවින්දා
    පියෙක් වෙලාම බලන්නකො එතකොට ඔය කවි ඔයිට වඩා රහට ලියවේවි.

    ReplyDelete
    Replies
    1. හුරේ හැලපයියත් ආවා :)

      Delete
  22. එල එල ලස්සනයි මචෝ කවි ටික....

    ReplyDelete
  23. ammoo oya thaththa kenek wechcha dawasata hondama hoda thaththa kenek wena ekanam sure... :)

    ReplyDelete
    Replies
    1. :) හිතට දැනෙන කමෙන්ට් එකක් . ස්තූතියි :)

      Delete
  24. පිය සෙනෙහසට කවි ගී ලිය වුණා මදි.

    ReplyDelete
    Replies
    1. ඒ අඩුව පුරවමු :)

      Delete
  25. යන්තම් වචන ගොත ගසමින් කියාගෙන
    හැඩ වැඩ දමා පා පොඩි හසුරුවා ගෙන
    තාත්තේ කියා සැමදා උදැසන
    මා පුබුදුවයි මගේ පොඩි පුතු මරා මිණ

    ලස්සනයි සමි අයියේ ....

    ReplyDelete
    Replies
    1. මා පුබුදුවයි මගේ පොඩි පුතු මරා මිණ

      මං කැමතියි මේ මට නොතේරුනු පදේ අන්තිම ටිකේ තේරුම දැනගන්න

      Delete
    2. මරා මිණ කියන්නේ මරකත කියන මැණිකට සමි අයියේ ... මගේ පොඩි පුතාව උපමා කරන්නේ මරකත මැනිකකට එකයි එහෙම ලිවුවේ

      Delete
  26. ලස්සන කවි පද ටිකක්.

    පියෙක් උනාම ඔහොම කවි ලිය ලිය ඉන්න වෙලාවක් නැතිවෙයි. :D

    ReplyDelete
    Replies
    1. එව්වා ඉතිං එතකොට.. අපෝ තව සෑහෙන්ඩ කල් තියෙනවා :D

      Delete
  27. හරිම වටිනා කවි පෙළක් සමි.. තාත්තෙක් වෙලා ම බලන්ටකො තියෙන මෙවුව එක.. සුබ පැතුම්.. ඔබේ අගනා නිර්මාණයට..

    ReplyDelete