|
පොටෝව නිර්මාණය කල සිංහ රජාට මාගේ ප්‍රමණය.. |
මේ අවුරුද්දට තුන්වෙනි පාරටත් කට්ටිය සෙට් උනෝය.. කියන්ඩ දේවල් එමටය.. ඒත් මේ දවස් ටිකේ ඔලුව ප්‍රශ්නෙක සෑහෙන්න හිරවෙලාය.. ඒ නිසා
ගම්පහ ගෙට්ටුවට තරං
වැඩිවේලා අරගෙන ලියන්න නොහැකිය.. ඊයේ රෑ හිටපු ඈයෝ නං ගෙවල් වලට
ගියාදැයි සැක සහිතය.. වැනෙන කුක්කු බිව් ඈයොන්ගේ හොද හොද සෙල්ලම් බලාගන්න
කලියෙන් සමියාට ගෙදර එන්නට සිදු උනේය..
කොහොමින් කොහොම හරි මෙවර
ගෙට්ටුව අතිසය සාර්තකය... බීච් එකේ නටල මූදේ නාලා කාල බීලා කට්ටිය මදි
නොකියන්න විනෝද උනෝය.. සමියාට පොඩි වගකීමක් තිබූ බැවින් මෙවර වැඩියෙ එක්
එක්කෙනා සමඟ කතා බහ කරන්න නම් වෙලාවක් ලැබුනේද නැත .. සමියා ඒ පිලිබදව සමාව
අයැද සිටින්නේය.. ඊලඟ පාරක කතා බහ කරන්නට පුලුවන්ය.. ඒ ගැන අහිතක් හිතන්ට
එපාය.. අලුත් මූණු ගොඩාක් පැමීන සිටියෝය.. උස් පහත් කම් නම් දකින්න තිබුනේම
නැතිය.. සබැවින්ම එය සතුටට කරුණක්ය.. කබ්බෝද ජෙප්පෝද කොටස් වලට නොබෙදී
සහයෝගයෙන් විනෝද වූවෝය..
කෙසේ නමුත් වැඩි දුර කතා බහ කරන්න කොහොමත්
හොද නැතිය. ඉදිරි සති දෙක තුනක් තුල මුලු බ්ලොග් අවකාසයම පිරී ඉතිරී යන්නේ
ගෙට්ටුව ගැන ලියවුනු පෝස්ට් වලින්ය. ඉතින් සහභාගි නොවුන ඈයොන්ට විතරක් නෙමේ
සහභාගි උන ඈයොන්ටද දිරාගත නොහැකිව අජීර්ණය වන්නේය.. දැකල දැකලම එපා වෙන
තත්වෙට එන්නේය.. ඊට කලියෙන් ලියන මඟුලක් ලියන එක හොදාය.. :D
අපේ අති
උත්තම රජාගෙ සංකල්පය දැං බ්ලොග් ලෝකෙ අතිසයින් ජනප්‍රියය.. මඩ පොටෝ බ්ලොග්
ලෝකෙට ගෙනාවේ රජා ය.. නමුත් මේ පාර රජාගේ පැපරාසි කැමරාවද රජා සමඟම මූදෙ
ගියේය.. රජා හෙනම අප්සට් එකේ සිටියේ ඒ නිසාය.. ගියපාර මඩ ගැසූ තරියාද
දර්සනය වූයේ අන්තිම මොහොතේය.. කැමරා තිබුනද නොතිබුනද මඩ ගහන එකා මඩ
ගහන්නේය.. ඉතින් කැමරාවක් නොතිබුන සමියාටද මඩ පොඩ්ඩක් අතුල්ලන්නට
හිතුනේය.. ඒ හොද මඩ එනකංය.. මේවා පොඩි මඩය.. හොද හොද සෙල්ලම් එලිවෙන
යාමේටය.. ඒවා පස්සේ දකින්නට ඇහැකිය..
මෙම මඩ හිත සතුටින් ගහන මඩ
ය.. සමියාට කා සමඟවත් කොන්තරයක් නැත්තේය.. ඉතින් ඉවසා බලා වදාරන්ඩ කියලා
අමුතුවෙන් කියන්ඩ ඕනෑ නොවන්නේ බ්ලොග් අවකාසේ ඇත්තන්ට මඩ කියන දේ එච්චර
ගානක් නැති නිසාය :D එහෙනම් මේ කට්ටිව විතරක් සමියා මඩ වලින් නාවන්නේය..
මේවා කුණු මඩ නොවේ අතිසයින්ම සොදුරු මඩය :)
පොටෝ වල දෙබස් පැහැදිලිව නොපෙනේ නම් පොටෝව මත click කරන්න
|
බෙරේ ගහපං බැඳගත්තනං |
|
සත්තම නං මගෙ අකමැත්තක් නෑ :D |
|
අසා ඉමු අපි සයුර මුමුණන පෙම් කතා |
|
බලන්න සුද්දියො හිතං ඉන්නෙ බ්ලොග් අවකාශෙ මහ වනචර තැනක් කියලා :/ |
|
මෙතන ඇත්තටම මොකද උනේ ? ඈ :D වායුගොලය සහ ඕසෝන් ස්තරය සුරැකීම සංවිධානයේ සභාපති තුමනි මේ ඔබේ අවධානය පිණිසයි :D |
|
දිය කිදූරියකටවත් පාඩුවෙ ඉන්නට ඉඩක් කඩක් නෑනේ.. :D |
|
තබ්ලාවේ කොටස් තුන හදුනා ගනිමු |
|
හදිස්සියකදි උදව් කරන්න මේ වගේ යාලුවො ඉන්නෙ බ්ලොග් අවකාශෙ විතරයි |
|
මා බාල කාලේ .. මා බාල කාලේ.. මා බාල කාලේ .. මගෙ බාල කාලේ..
|
|
යං යං යං යං යං පැනල යං.. මාවත් අරගෙන පැනල යං |
|
ටේල් කනෙක්ශන් |
|
කූජීතයි නේද ඈ ? |
|
නව ව්‍යාපාරයට සුභ පැතුම්!! |
|
මයි ලිට්ල් PUSSY |
|
හදිසි ඇති උන කැසිල්ල
|
|
ආ ඉදා බලාගනින් .. :D |
දොසක් ඇතොත් මගේ අතේ..
තරහ නොවී දුටුව සැනේ..
පොඩි එකානේ තා.. ම.... කියා ..
සමාවනු මැනේ ^_^
ආයෙමත් සොදුරු දිනකදී හමුවෙමු :) ජය!!
ප.ලි -
* චායාරූප එකක් දෙකක් ඇරෙන්නට ඉතිරි සියල්ල අනික් ඈයොන්ගෙන් උස්සපු ඒවාය .. ඒවායේ අයිතිය ඔවුන් සතු වන අතර එම චායාරූප ගැනීමේ සියලු ගෞරව ඔවුනට හිමිවිය යුතුය..
*රජාටත් කලියෙන් මඩ පොටෝ බ්ලොග් අවකාශෙට ගෙනවිත් ඇත්තේ පොඩි මෑන්ය.. ඒ පිලිබඳ කමෙන්ට් කීපයකින් සදහනක් කර වරද පෙන්වා දී තිබුනී.. ඒ නිසා ඒ පිලිබඳව සමාව අයැද සිටිමි ...
***
වෙලාවට අපි බේරිලා
ReplyDeleteමගෙන් බේරුනාට තව ඉන්නවා ඈ :D පරිස්සමින්
Deleteජය ජය ජය විතරක් නොවේ සතුටත්!!!
ReplyDeleteඑසේමැයි එසේමැයි :)
Deleteසැප ලෝකයයි මුදියා. හිනා ගලා යනවා යකෝ
ReplyDeleteහෙහ් හෙහ්! :D
Deleteඅහිංසක මඩ සුට්ටක්, ඒ්ක ෙනෙව් බන් මට බ්ෙලාග් වලට යන්න බෑෙන්,ෙබාලයි ඒකට විතරයි ඒන්න පුළුවන් වුෙන් අද උේද ඉදන්ම :/
ReplyDeleteඈ ඒ මොකෑ බොල ඒ ? :O
Deleteමරු එකතුව සමියා.. නියමයි මමනම් හිනා කාල මැරෙන්න ගියේ. :D සුපිරි. පට්ට පන් එකක් ගත්තා හැමෝම. ඒ ගැන සංවිධායක මණ්ඩලයට මගේ ස්තුතිය
ReplyDeleteහමුවිම සන්තෝසයි ඈ :)
DeleteThanks Sami +++++++++++
ReplyDelete:) :)
Deleteහෑ .. අයිසෝ මගේ කොන්ඩේට මොකෝ යකෝ කරේ *^&^(0
ReplyDeleteඅයිස දනී මම නොදනී :P
Deleteහම්මේ හිනා වෙලා බඩ රිදෙනවා... ජය වේවා.. ආයේ හමුවෙමු.. ඊලඟ පාරනන් බොන්නේ නෑ.. ඊයේ උණු මුකුත් මතක ලෑ -_-
ReplyDeleteබඩ රිදෙන්නෙ හිනාවෙලා නෙමේ ඊයෙ බීපුව වැඩකරලා .. :3
Deleteඑල දෙබස් ඩිංග හෙහ් හෙහ්
ReplyDelete:D ටංකුයි :)
Deleteඅපිත් අහුවෙලා නෑ වෙලාවට වගේ..
ReplyDeleteඅහුවෙයි අහුවෙයි ඕම යනකොට
Deleteතව ගසන්න තව ගසන්න හැදි ගෑවිලා යන්න
ReplyDeleteඇඟිල්ලත් ගසන්නද :D ලොල්!!
Deleteපට්ටම පට්ට කමෙන්ට්...හොඳ වෙලාවට අහල පහල කෞරුත් උන්නෙ නෑ...හිනා වෙලා බඩත් කොර උනා බන්. අර පූසගෙයි කෙහෙල් ගෙඩියෙයි එව්ව තමයි එලම...
ReplyDeleteඉස්සෙල්ලම හැදුවෙ ඒ දෙක :D
Deleteඑල එල සමියෝ ....කව්රු කව්රුද ආවේ ........?
ReplyDeleteගොඩක් අය ආව සහන් අයියෙ.. නම් වශයෙන් කියන්න ගියොත් කියල ඉවර කරන්න බැරි හින්දා කිව්වෙ නැත්තෙ ඒ ගැන
Deleteහම්මේ මඩ මඩ :v
ReplyDeleteමන් දැක්කා නලින් අයියත් එක්ක එකතුවෙලා නානවා මඩ :D
Deleteසාත්තර කාරී කිව්වා මහත්තයාගේ හතුරෝ මේකත් ෆොටෝ අරණ මඩ ගහයි කියලා.
ReplyDeleteඒහ්! එතකොට අපි හතුරො ඈ >_<
Delete@සුධික ඈත අතීතයේ දිනක මාමා කීවට සමාවෙන්න ෆොටෝ එකේ ඔයා ලස්සනයි බඩ චුට්ටක් අඩුවුනානම් තවත්
Deleteහප්පට සිරි :D
Deleteඑල එල හොද මඩ පොඩ්ඩ
ReplyDelete:D පොඩ්ඩ පොඩ්ඩ එකතුවෙලා තමයි මඩ ගොඩ වෙන්නෙ :D
Deleteඑල එල ඈ මචෝ, මාත් හෙට දෙන්නම්කො පෝස්ට් එකක් :D
ReplyDeleteඑල එල (y)
Deleteතබ්ලාවටයි , සැලුං එකටයි ලෙසටම හිනා ගියා :)
ReplyDeleteහික් හික් :D
Deleteනියමයි !
ReplyDeleteටැංකුයි!! :)
Deleteපට්ටය ..
ReplyDeleteඑලයැ :)
Deleteසැක් ... මට එන්න බැරි වුනානේ
ReplyDeleteඔන්න ඉතින් අඩනවා.. ඒකනෙ කියන්නෙ.. ඊලඟ එකටවත් එමු එහෙනං :)
Deleteපට්ට පට්ට බන්.සික්,එන්න හම්බ උනේ නෑනේ :( ආවනම් මාත් මදක් දෙකක් ගහන්න හිටියේ :/
ReplyDeleteඅන්තිම මොහොතෙ මොකක්ද වැඩක් වැටුන කිව්වනේ? ඊලඟ එකේදිවත් හම්බෙමු ඉතිං :)
Deletehiks.........
ReplyDeleteමුදියා උඹ හෙන හොද එකා බන් :D
ReplyDeleteමමද මුදියා උඹද මුදියා ? :D
Deleteඑක අතකින් ගේට්ටු වලට එන්නේ නැති එකම හොඳයි මෙහෙම බලන් යද්දී. අයි යකෝ මේක මඩ වලක් නේ.
ReplyDeleteමඩ කන එකෙත් ආතල් එකත් තියනවා :D අවුරුදු උස්සවේදි අනිවාර්යෙන් බලාපොරොත්තුවෙනෝ :)
Deleteඅඩෝ අපිාටත් කියපල්ලකෝ.....
ReplyDeleteඉතින් දෙයියනේ කිව්වෙ දැං මාස ගානක ඉදං :O
Deleteනියමයි සමියො.
ReplyDeleteහොඳ වෙලාවට මම ආවෙ නැත්තෙ.
සිරාවට මතක් උනා.. ඒත් මං කම්පනා කොලා මොකෑ ආවෙ නැත්තෙ කියලා :(
Deleteකෝම්පිට්ටු වයි කෙසෙල් ගෙඩියයි එළ....
ReplyDeleteකෝම්පිට්ටුව මගෙ පොඩි පෝං කට්ටෙං ගත්ත එකක් :D
Deleteහීනයාගෙ ආතල් :D
ඒක තමා එහෙනං රජාගෙ ෆොටෝ ටික තාම නැත්තෙ... මට තාම සුදීක අයියවයි අර පිස්සු රජාවයි විතරයි මේකෙ අඳුරගන්න පුලූවන්... හි හි
ReplyDeleteරජ පොටෝ එනවා එනවා .. ආයෙ විසුමක් වෙන්ට කියලයැ ආවම
Deleteපට්ට ෆන් මුදියො
ReplyDeleteඑහෙමෙයි ? :)
Deleteසද්ද වහලා පැත්තකට වෙලා හිටිය මාවත් අහුවෙලා නොවැ
ReplyDeleteමේ කමෙන්ටුවෙන් පුද්ගලයා කවුද කියල අදුනගත්තා :)
Deleteදුකයි බං...!
ReplyDeleteගම්පහ ගෙට්ටුවෙන් පස්සෙ වියා අයියව දැක්කෙම නෑ :( හ්ම්ම්ම්
Deleteමොකක්ද යකෝ මේ කොරේ....සුට්ටක් හිටාන්කෝ.......
ReplyDeleteමං වැරදිද අයියණ්ඩි ඈ ? ඉන්න කිව්වෙ නං හොදකට වෙන්ඩ බෑ :O
Deleteහුකෑස්! මොකාද යකෝ අර අන්තිමට මොකද්ද පෙන්නලා තියෙන එකා?
ReplyDeleteආ බලාගනිං :D
Deleteහොදයි... හරි හොදයි... හිටපං පුතේ මම එනකන්... ;)
ReplyDeleteසුභ වේවා!!! රාජජ සම්පත් ලැබේවා!!!
හම්බෝ ඕම බයකරන්නෙපා බං :O
Deleteඅද වචනත් ටැපලිලා :D සු.වේ!!! රා.ස. ලැ!! :D
අන්න හරි රජෝ...ඉන්න තැනකින් ඉක්මනට වරෙන්...
Deleteමේ තියෙන්නේ බඩු ආතල් එකට
ReplyDeleteඑකෙම්ම :D දායාං , බායාං සහ අනික් එකත් තියෙන්නෙ :D
Deleteනිමේෂයා දන්නේ ත් නැහැ මම උගේ කොන්ඩේ කැපුවා කියලා ! හුකැස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස් ! යකෝ හිනාවෙලා බඩ යනවා ! දුලාන්ගේ එකට තමයි ගොඩක් ම හිනා ගියේ ලොල් !
ReplyDelete:D :D හුකැස්!! :D
Delete:D :D :D
ReplyDelete:))))))
Deleteමෙව්වට මොකුත් නොකියමි.
ReplyDeleteමඩ පොටෝ ගෙනාවේ රජාට කලින් පොඩි මෑන් බං
අප්පට සිරි ඒමත් එකක්ද .. ? :O
Deleteඑල එල :P
ReplyDeleteඑලයැ එලයැ! :)
Deleteඅඩේ සමියෝ තබ්ලාවෙ කොටස් තුන මරු ඈ... හිනා වෙලා පණ යනවා.. ++++++++++++++
ReplyDeleteතබ්ලා පදයක් ගහමුද ඈ :D
Deleteසුපිරි ඈ
ReplyDeleteටැංකුයි ඈ :)
Deleteදුක හිතෙනවා ඇත්තමයි ඔව් මේ සත්තයි :/
ReplyDeleteඑයි කියලම හිතුන නිවාඩුත් හින්දා :(
Deleteහම්මෝ සමියො මරු බං.තබ්බුලාවේ කොටස් තුනට මටත් තුනට නැමිලා හිනා ගියා
ReplyDelete:D හිකිස්!
Deleteපැය කිපයකට මෙහෙම නම් සතියක් හිටියොත් වනගත වෙන්න වෙයි බං
ReplyDeleteඒනං ඉතින් මඩ ඉස්මුරුත්තාවට ඇවිත් තමයි මැරෙන්නෙ :D
Deleteහයියෝ හිනා වෙල පණ යනෝ
ReplyDeleteහයියූ.. යන්ඩ දෙන්න එපෝ.. තව එනෝ
Deleteමඩ ෆොටෝ හිංගල බොගට ගෙනවේ රජා නෙමෙයි බන් පොඩිමෑන්...ටීචර්ලංකාරය ලියපු එකා.
ReplyDeleteපොඩි මෑන්ව ද්න්නව බං.. සික් අරහෙම එක් දහන්නෙ නෑ.. සොරි වෙන්ට ඕනි
Deleteහඃ හඃ හඃ අඩෝ අර සුද්දිගේ එකද මන්දා ආතල්ම එක :v
ReplyDeleteඑක එක්කෙනාට ආතල් වෙලා තියෙන්නෙ එක එක එවා :D
Deleteමේ ඒක නෙමේ සින්දුවා තබ්ලාවෙ කොටස් නම් කරල තියනව හරි නේද ? මට දැන් මතක නෑ බං :D
එල සමිය. මං හිතාගෙන හිටියෙ උඹ හයේ හතරෙ ඩයල් එකක් කියල... :D
ReplyDeleteමේක තමයි දවසේ කොමෙන්ටුව :) හයේ හතරේ! මූ අඩි පහ යි, අෆ්ෆා!
Delete@අහේතුක - හයේ හතරෙ ටෝක් දෙන හින්ද වෙන්ට ඇති :D
Delete@ධාරා - පල නන්න >_< අඩි පහට වඩා චුට්ටක් උසයි >_<
මේ මඩ අහිංසක වැඩි නැද්ද අප්පා!
ReplyDeleteඅපි ඉතින් කෝමත් අහිංසකයිනෙ මලේ ;)
Deleteමේකෙ මඩ මතුවෙලා තියෙන්නෙ යන්තං පදං....ඒ නිසා තව මඩ එනතුරු ඉන්න වෙනවා....කෝ අටං....එහෙම...
ReplyDeleteකෙහෙල් ගෙඩිය පෙන්නන්නෙ නාඩියා නේද ?
හොද හොද සෙල්ලං එලිවෙන ජාමෙට :D
Deleteඅටං අයිය පොටෝ වල හිටියෙ සෑහෙන අඩුවෙන් :/
ඒ නාඩිය තමයි :D
තබ්ලාවේ කොටස් තුන මරේමරු ..හොඳ වෙලාවට උඹව සංවිධායක කරේ නැත්තන් කැමරාවක් අරන් වැඩේ වනසලාම දායි ...කෝ වෙනි අයියගේ ෆොටෝ ..?
ReplyDeleteහිහ් හිහ්! දෙයියො බේරුවා :D
Deleteවෙනි අයියා ගහපු පොටෝ වලින් චුට්ටක් දාල ඉතුරුව හංගගෙන :/
රජාගේ කැමරාව ගිලුනනම් මඩ ටික හේදිලා ඇති දැන් ...
ReplyDeleteමේ ගමන මඩ අඩුයිද මන්දා ... ගම්පහ ගේට් එකේ නම් මඩ වලක්.. තිබුනා නෙග් ..
කැමරාව නැතත් රජාගෙන් මඩ පාර හම්බෙනවා.. ඒත් පරක්කු මොකද මන්දා..
Deleteහෙහ් හෙහ් .. මතකයි මතකයි :D
ෆොටෝ ටික මරු :) හැබැයි, උඹ කාට මඩ ගැහුවත් මට නං මඩ ගහන්න බැරියෝ. හූ ඈ :P
ReplyDeleteදවසක හම්බෙන්නැතෑ.. එතකං ඉවසහංකෝ :P
Deleteපරක්කු වෙලා පැමිනීම, කැමරා ගැන අවදානයෙන් සිටීම, ගිනිවැල්පිටිය ගැන බලාපොරොත්තු වීම ශරීර සෞඛ්‍යයට හිතකර වේ.
ReplyDeleteමෙන්න උපදෙස්.. :D
Deleteඒත් ඉතින් එතකොට කිසි ලකයක් නෑ අප්පා :/
අර දෙවෙනි ෆොටෝ එකෙන් කියැවෙන ආදර කතාව නම් නියමයි...:D:D
ReplyDeleteසත්‍ය ප්‍රේම බෘං + ගරාජ :D
Delete+++++++++++
ReplyDelete:))
Deleteඅඩේ පට්ට ගති... ඇඩෙනව තනි ඇහැට....
ReplyDeleteඅඩන්නෙපා අනේ හිනාවෙන්න තියන දෙවල් වලට :P
Deleteමදි මදි හොඳටම මදි තව මඩ ඕනි ඈ
ReplyDeleteතව මඩ බුකියේදී ;)
Deleteඔන්න හිතෙ හැටියට මඩ ටිකක් බැලුව
ReplyDeleteඒනම් එච්චරයි :D
Deleteඅෙඩ් ෙම් වතාෙව ඉලඅැට කූඩුවක් අානයනය කරන්න ෙවනවා...
ReplyDeleteහිනාෙවලාම ඩැෙම්ජ් ෙවලා
(සැලකියයුතුයි... අකුරු අතර ෙබා්ල කපා හරින්න)
තාවකාලික චයිනීස් ඉල ඇට කූඩුවක් ගෙනල්ල දෙන්නද ? ඔරිජිනල් ඒව දැම්මට වැඩක් නෑ මඩ ඉවර වෙනකං :D
Deleteමල්ලි දැක්ක ලස්සනම ෆොටෝ සෙට් එක. අර කෙහෙල් ගෙඩිය දාල තියෙන එක දැක්කම හිනා ගියා අප්පා .
ReplyDeleteකෙහෙල් ගෙඩි දැක්කම ඔයාට හිනා යනවද ? :D
Deleteපින්තුර දකිනකොට ඉරිසියාවේ බැ :/
ReplyDeleteදුකයි :( ලංකාවෙ හිටියනම් නෑවිදින් ඉන්නැති විත්තිය දන්නවා :(
Delete