Monday, June 19, 2017

සොඳුර කියනු කරුණ කිමද උඹ මං වෙත යළි නොආපු!

අතීතයේ ටික දවසක් මාත් එක්ක එකට ආපු
ආදරයේ මුලකුරු වල හැඩය මෙයැයි මට කියාපු
ජිවිතයේ බොහෝ දුරක් එකට යන්න මං හිතාපු
සොඳුර කියනු කරුණ කිමද උඹ මං වෙත යළි නොආපු

සමුගනිද්දි පවා මුවින් වචනයකුදු නුඹ දොඩාපු
රුදුරු උනේ නැතිවග යළි ‍යලිත් වරක් හිතට ආපු
මොහොතක සුව කල්ප කාල සියක් දහක් නම් දරාපු
වටිනව මට සත්තයි නුඹ මාත් එක්ක එකට හිටපු

සමුගත් දා පටන් බොහෝ මල් කුමරියො නම් දරාපු
විකසිත උනු හැටි මතකයි නෙතු අද්දර මං බලාපු
නමුත්ඈත ක්ශිතිජ ඉමේ පුංචි තරුව නුඹ පායපු
එමල් වලින් නොලද සතුට නිරතුරුවම මට ගෙනාපු

දෑ වසරක මතක එක්ක පස් වසරක් මඟ බලාපු
අමතක කළ නොහැකි මතක මං ලඟින්ම නුඹ තියාපු
එ මතකය ගුලි කරලා විසි කරන්න මං හදාපු
නොහැකි උනා එදා වගෙම අරුම කිමද උඹ මවාපු
-සමී-