Tuesday, January 29, 2013

ගම්පහ ගෙට්ටුව 2013 (ඔක්කොම ගැන පුලුවන් විදියට) | Annual Get Together Of Bloggers



ඊයේ 27 ය. ඔක්කොම සෙට් උනේය.. ඔක්කොම කිව්වට ඔක්කොමත් නෙමේය.. පෝරමය පිරෙව්ව උංගෙනුත් කීපදෙනක් නාවේය. ආව අය ජීවිතේ සදාතනික මතක සටහන් හදවතේ කොටාගෙන  සතුටින් විසිර ගියෝය..

ඔක්කොම සෙට්වූනූ ගෙට්ටුවේ ඔක්කොම සෙට් එක
(චායාරූපය -  මූනු පොතේ සිරා අයියාගේ පොටෝ ඇල්බමයෙනි..)
සමියා උදේ පාන්දර නැගිටගත්තේ උදෑසන 8 වෙද්දී මල්වත්තට යාමටය.. ඒ ඊට පෙරදින සිරා විසින් දුරකතනයෙන් අමතා සමියාට භාරදූර රාජකාරියක් පවරා තිබූ නිසාය...සමියා ගම්පහට පැමිනෙන විටත්  8 පසු වී තිබුනෙන් පරක්කු වී ඇතැයි සිතා ආටා එකක පිහිට පැතුවේය... ආටා එකෙන් මල්වත්තේ ගේට්ටුවට ලඟට සමියා සම්ප්‍රාප්තවූවේය..

අම්මට සිරි ය... කට්ටිය සූ සූ ගාලාය.. ගොඩක් උං අතිනුත් අල්ලගෙනය. සමියා ෆුල්  හොල්මංය.. සමියා සිතුවේ ඒ ඔක්කොම ගේට්ටුවට පැමිනි උං කියාය.. හනි හනික ආටා එකෙන් පැනගත් සමියා සිරාව සොයාගෙන මල්වත්තේ ගේට්වුව දිහාට දිව්වේය..

මඟුලය..සිරා ඒ වන විටත් පැමින  නැත්තේය.. තවත් ටික වේලාවකින් මල් වත්තේ ගේට්ටුව ඇරුනේය.  සූ සූ කට්ටිය සිරාත් නොමැතිව ටිකට් අරං මල් වත්තට ඇතුල් උනේය. සමියා තවත් හොල්මංය. බැලින් නම් ඒ මල් වත්තේ මල් සුවඳ විඳගන්නට ආ වන බඹරුන්ය..  අහෝ බලු බල්ලෙක් නැත්තේය. බල්ලෙක් නැති උනාට එකම එක කොල්ලෙක් සිටියේය..

Wednesday, January 23, 2013

අනේ ඉතිං මට උනු ඒ වියෝයා | Good Bye My Sweetu Keyboard :(

එහෙනම් ගුරුන්නන්න්සේ.....
ආයුබොවං..

රටටම සෙත් සාන්තියක් වෙන්න කියල ප්‍රාර්තනා කරල
එහෙනං

බ්ලොග් අවකාසෙ හිත මිත්‍රාදීන්ට , ආතුරයන්ට සෙත් ප්‍රාර්තනා කරලා
අන්න හරී

සමියගෙ පුංචි ලෝකෙටත් සෙතක් සාන්තියක් වෙන්නයි කියල හිතලා
වෙන්නයි කියල හිතලා.....

අවුරුද්දෙ ඉස්සිස්සෙල්ලාම බ්ලොග් අඩව්ව අල්ලන්නයි යන්නෙ ඕං
හොදයි ඒනං ආවඩා අයුබො වේවා

ඩෙන්න ඩෙනා නා ඩෙන ඩෙන ඩෙන්න ඩෙනෝ
ඔන්න සමිය වැඩ ඇල්ලුව මෙන්කෝ