Wednesday, January 23, 2013

අනේ ඉතිං මට උනු ඒ වියෝයා | Good Bye My Sweetu Keyboard :(

එහෙනම් ගුරුන්නන්න්සේ.....
ආයුබොවං..

රටටම සෙත් සාන්තියක් වෙන්න කියල ප්‍රාර්තනා කරල
එහෙනං

බ්ලොග් අවකාසෙ හිත මිත්‍රාදීන්ට , ආතුරයන්ට සෙත් ප්‍රාර්තනා කරලා
අන්න හරී

සමියගෙ පුංචි ලෝකෙටත් සෙතක් සාන්තියක් වෙන්නයි කියල හිතලා
වෙන්නයි කියල හිතලා.....

අවුරුද්දෙ ඉස්සිස්සෙල්ලාම බ්ලොග් අඩව්ව අල්ලන්නයි යන්නෙ ඕං
හොදයි ඒනං ආවඩා අයුබො වේවා

ඩෙන්න ඩෙනා නා ඩෙන ඩෙන ඩෙන්න ඩෙනෝ
ඔන්න සමිය වැඩ ඇල්ලුව මෙන්කෝ


 සෙතක් වෙන්කිතං බෝ
පටං ගත්ත  මේ වසරේ බ්ලොගේ සුදෝ

හැමෝටම  සුභ නව වසරක් කියල පටන් ගන්නව ඔන්න...(හරි හරි ඉතින් ජනවාරි මාසෙ ඉවරවේගෙන ආවට අවුරුද්ද තාම අලුත්නෙ.. සුභ වෙන්න මාස තව 11කුයි දවස් ජුන්ඩකුයිත් ඔය තියෙන්නෙ..) ..ඔන්න දැං කට්ටිය හිනාවෙනවා නේද? ලෝක විනාසෙන් පස්සෙ නත්තලට තියා අවුරුද්දටවත් සුභ පතන්න ආවෙ නැති සමියට මොකද මෙ හදිස්සියෙ අලුත් අවුරුද්ද උදාවෙලා තියෙන්නෙ කියල  හිතෙනව ඇති.. කස්ටියට සුබ පැතුවෙ ; බැරි වෙලාවත් මං සුභ පැතුවෙ නැති උනොත් ඔයාලගෙ අවුරුද්දෙ ඉතුරු ටික සුභ වෙන එකක් නැතුව යයි කියල මගෙ චිත්ත සන්තානයේ  සහෙතුක බියක් අහේතුකව හටගත්ත හින්ද ඔන්න :P

ඇත්තම කාරනාව එක නෙමේ දරුවනේ.. ඒක හරිම සංවේදී කතාවක්..අවුරුද්දෙ ඉස් ඉස්සෙල්ලම මෙ වගේ මූසල කතාවක් කියන්න උනාට සමාවෙන්න.. ඒත් නොකියාම බෑ.. කියවං යද්දි ඔයාලට ඇඩෙනවා කියල මං දන්නවා. හරිම දුක් බර කතාවක් (පින්වතුනි, ලේන්සුවක් අරගෙන සූදානම් වන්න..).. දුක වැඩිකමටම මගෙ අකුරු කවි උනා... ඔයාල කියවං යද්දි ඔයාලගෙ පපුව හෝස් ගාල පත්තුවෙයි..(පින්වතුනි, පපුව පත්තු වූවිට නිවා ගැනීම සඳහා වතුර වීදුරුවක් වැනි යමක් ලඟ තබාගන්න - වහා ගිනි ඇවිලෙන සුලු බැවින් මගේ බ්ලොගේ තුල දුම්බීම වලකින්න!!!...)

ඔන්න කවියෙන්ම කියෝපල්ල ඒනං මට උනු සන්තෑසිය :(




අනේ ඉතිං මට උනු ඒ වියෝයා..
කීබෝඩ් එක මව් අරගෙන ගියෝයා
ආතල් එකෙ මං ලිව් ඒ බ්ලොගේයා
හුටස් උනා මට නං හරි දුකේයා

අලුතෙන් ආවෙ බ්ලොග් අවකා..ශය පැත්තේ
පෙර නොවු විරූ හරි රසයකි මෙහි ඇත්තේ
රෑ දාවල් නොබල සමියා මේ පැත්තේ
කැරකෙන හැටිත් ඔහෙලා හැම දැකගත්තේ

උදේ ඉදං රෑ වෙනකං බඩගින්නේ
මහ රෑ දෙගොඩ හරියෙත් මං නිදි නැත්තේ
ඇස් දෙක රඳවගෙන කම්පී..ටර් මත්තේ
ඉන්නව දකිනකොට මව් නෑ රුස්සන්නේ

එකපාරක් කිව්ව සමි‍යෝ මං උඹට
තවපාරක් කියන්නෑ මං ආ..යෙත් උඹට
කියන්නට කලිං මං උඹෙ තාත්තට
නවත්තපිය නැත්තං දෙනවා කනට

විබාගයක් එනවා ලඟදිම මූට

දන්නෑ වගේ ඉන්නා හැටි පේනවද?
ලුනු ඇඹුලුත් දාල ගිනි ගෙඩි ලොකු බෝල
තාත්තගෙ කනේ තිබ්බලු මව් එලෙස




එකපාරක් ඔරවා.. බලලා මෙහෙම

දෙපාරකට බැන්නයි අප්පා එහෙම
එතනින් එහා සද්දයකුත් නෑ කිසිම
රතු කට්ටම පැන්න අම්මගෙ ඉවසීම

මහ රෑ තුනයි  මම මේකේ කොටනකොට
අම්මා ආවෙ යකාරූඩ වී බොහොම
කිසිම කතාවක් නෑ   ඇගෙ මේ පාර
දුන්නා කී..බෝඩෙ කෑලිම ගැලවෙන්න


පසුදා පහන් වී මම මෙහි බලනකොට

යනු යනු  නෑ කිසිවක් පෙනෙන්නට
යනු යනු තව මං මෙහි හොයනකොට
යනු  යනු නැතිබව පෙනුනා මෙමට

එදා ඉදං අද දක්වා බ්ලොග් හීනේ
හීනයක්ම උනි මට අයියේ අක්කේ
පෝං එකෙන් එනවා ඔහෙලගෙ පැත්තේ
කමෙන්ට් දානකොට ඉරෙනව පු* මාගේ

ඔහෙලට කමෙන්ට් දාලා මං ඉන්නකොට
ආරංචියක් ආවා ගෙට්..ටුවක් ගැන
27 එන්න හදනව මුං ගම්පහට
ඒ දැක ආව සොමියක් මේ සමියාට

ඉන්න බැරි නිසා මොකවත් නොකොටාම
අයියගෙ කීබෝඩෙ සරනයි සමියාට
ඉල්ලගෙන අවුත් එය දැං  රහසේම
පෝස්ටුවක් කොටනව සමියා ඔන්න




ඒ අවාසනාවට ඇත්ත කතාව නරඹා සිනා නොවන්න.. සමච්චලයට භාජනය නොකරන්න...අද මට වූ දේ හෙට ඔබට, ඔබෙ හිත මිත්‍රයාට, ඔබෙ අරයාට හෝ ඔබෙ දරුවාට සිද්ධ විය හැක... මෙවැනි දේවල් සිද්ද උනාට පස්සෙ අනේ සිද්ධ උනා කියනවාට වඩා සිද්ද නොවිමටම වග බලාගන්නවනම් තමයි වටින්නෙ...

ඉතින් යාලුවනේ ගොං කතා ඇති.. ගොඩක්ම පෝස්ට් එකක් ලියන්න ඕනි කියල හිතුනෙ වෙන මොකක් හින්දවත් නෙමෙයි. අපෙ ගෙට්ටුව හින්දා.. හැමෝම දන්නවනෙ ඉතින් ඒ ගැන ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑ..  කවුරු හරි නොදන්න කෙනෙක් ඉන්නවමනං ඒ ගැන ඔන්න පල්ලෙහා පිලිවෙලින් තියෙන සිරා අයියගෙ සහ සෑම් අයියගෙ පෝස්ට් වලට ගිහින් සියලුම විස්තර දැනගන්න පුලුවන්..

1 .ඔක්කොම සැට් වෙන ගම්පහ ගෙට්ටුව
2.සියළු බ්ලොග්කරුවන් පාරට බැසිය යුතු කාලයයි මේ...

එන හැමොම පෝරමයක් පුරවන්න ඕනි කියලත් දන්නව ඇතිනෙ.. මගෙ බ්ලොග් එකෙ දකුණු අතපැත්තෙ උඩම ගෙට්ටුව ගැන තියන පොටෝව උඩ කොටල  ඒ පෝරමෙට ගිහින් ඒක  පුරවන්න පුලුවන් තාමත් පුරවල නැත්නම් ..සිකුරාද රෑ 12 වෙනකන් විතරයි ඒ  පෝරමෙ පුරවන්න පුලුවන් කියලත් මතක තියාගත්තොත් හොදයි...


ඉතින් බ්ලොග් ලෝකෙට ආව අලුත වෙච්චි .. මෙකෙ ඉන්න පොඩිම එවුන්ගෙන් එකෙක් වෙච්චි මමත් එනව ඔන්න එදාට... 27 වෙනිදා ගම්පහ මල්වත්තෙදි උදේ පාන්දර 9ට ගෙට්ටුවට එන ඈයො හම්බෙන්න කතාකරන්න..අලුත් යාලුවො අදූන ගන්න හරිම ආසාවෙන් ඉන්නෙ....

ඇත්තම කියන්ම්කො ඉතින්... ටිකක් මොකද්ද මොකද්ද වගේ කියල දැනෙන්නැතිවමත් නෙමෙ... මොකද මං තාම බ්ලොග් ලෝකෙට පය තිබ්බ විතරයිනේ.. ඉතින් මෙකෙ ඉන්න අය ගැන දන්නෙ බොහෝම ටිකයි.. ආසාවට බ්ලොගයක් අටෝගත්තට මං අවුරුදු ගනන් බ්ලොග් කියවපු කෙනෙක්වත් වැඩ්ඩො වැඩ්ඩියො කවුද කියන්න දන්න කෙනෙක්වත් නෙමේ..

ඉතිං නිකමට ඉන්නගමන් මෙන්න මෙහෙම දෙයක් වෙයිදෝ කියලත් හිතුන හැබැයි (බලාපල්ලකො මටත් හිතෙන දේවල්)

දිනය- ජනවාරි 27
ස්තානය- ගම්පහමල් වත්ත
චරිත- මී, හී

මී  - හලෝ කොහොමද අයියෙ ?

හී - හලෝ මල්ලි... මම හොදින්.. (හිතෙන් තමාට - හහ්.. මේ ඇට කොලුව එනව මට අයියෙ කියන්න. යකෝ මගෙ දුවත් මුට වඩා වයසයි)

මී - හි හි ඉතින් අයියෙ අයියා කවුද අයියෙ?

හී - මම අහවලානෙ මල්ලි

මී - ආනේ.. ඒ ඔයාද? අනෙ හරිම සන්තොසයි අදුනගන්න ලැබුනට.. ඒ උනාට අයියා කවුද කියන්න මං දන්නෑ අයියෙ.. අයිය ලියන බ්ලොගේ මොකක්ද?

හී - මම අහවල් බ්ලොහේ ලියන අහවලානෙ මල්ලි (හිතෙන් තමාට - මෙ මොන හාල් පාරුවෙක්ද යකෝ මේ.. කොහෙන් කඩං පාත් වෙච්ච එකෙක්ද මේ.. ලංකාවට ඉන්ටනෙට් එන්ඩත් කලින් බ්ලොගෙ අටෝගත්තු මාව මුලු බ්ලොග් අවකාශෙම දන්නව. මූ දන්නෑලු.. කොහෙද යන කබ්බෙක් )

මී - අන්න එහෙම කියන්න එපැයි අයියෙ.. ගොඩක් වෙලාවට නම් වලට වඩා මතක හිටින්නෙ බ්ලොග් එකනේ . ඒකයි ඉතින් දන්නැද්ද? (දත් විලිස්සා සිනා සේ)

හී- (ඔරවන බැල්මට් එකකින් මද සිනාවක් පායි)

තප්පර 10කට පසු

මී- මේ අයියෙ?

හී- (මෙවරද බැල්මට් එක පමනි.. කතාවක් නැත)

මී- ඇත්තටම අහවල් බ්ලොගේ කියන්නෙ මොකක්ද අයියෙ?

හී- (වචනයෙන්).. පල හූ*&^*&^ ^%  ^*%^&*^^&



ඔන්න බලාපල්ල මට නිකමට හිතෙන දේවල් ඈ

බොහොම කාරුනිකව ඉල්ලීමකි...

ආදරණිය බ්ලොග් අවකාශයේ දිගු ගමනක් ගොස් හිනිපෙත්තේ වැජඹෙන බ්ලොග් සහෘදය.. එදාට ලොකු පාට් නොදමන්න.. මම ඔබ නොදන්නවා විය හැකිය.. ඔබ කොතරම් වැඩ්ඩෙක් උවත් මම ඔබ පිලිබද අංශු මාත්‍රයක් නොදන්නවා වන්නට පුලුවන.. ඉතින් මා හිතවත් සහෘදය; කිරිසප්පයන් වන අප වැන්නවුන් ආදරයෙන් පිලිකන්න.. නෑ නෑ... පිලිගන්න.. හුරතල් කර උඩ දාන්න...මඩ නොගසන්න... ආදරේ දෙන්න (නෑ නෑ ඒව ඕන්නෑ... :D) ... එවිට ඔබ පිලිබද ගෞරවයක් නොමදව මා සිතෙහි ජනිතවනු ඇත....

කාරුණික ඉල්ලිම ප්‍රතික්සේප කරන අයට දැනුම් දීමයි

මේ බ්ලොග් ලොක්කො කියන උං මෙ අසරන සමි කොල්ලට ගෙම්ම්බර් එම දාගෙන ආවොත් මං නරක සමනලය කියන්න එන්න එපා හරී..පොඩි එකා වගෙ හිටියට හරි සැරයි ඈ.. ආයෙ පස්සට කරදර වෙයි ඕං...(කලින් බය උනේ නැති උං සිටී නම් දැන් නම් බය වී ඇතැයි සිතමි :D)


ඉතින් සහෝදර සහොදරියනි, එදාට මං ඉන්නව මග බලං හැමෝමව අඳුනගන්න ඕං... හම්බෙලා කතාකරල, විනෝද වෙලා සතුටින් විසිරයමු :)

                                   එතෙක් ඔබට ජය!!! ඊට පස්සෙත් ජය!!!




64 comments:

  1. හිකිස්‌.........., අපේ අම්මත් ඔය කී බෝඩ් රාජසන්තක කරන වැඩේට දක්ෂයි මලයෝ. මට නෙමෙයි හැබැයි, වැඩිපුරම මල්ලිලට. :)) එතකොට ඉතින් උන් නැට්ට කපපු පුසා වගේ අසරණ වෙලා යනවා.. හිහි

    ReplyDelete
    Replies
    1. නෑ සයුරි අක්කෙ මෙතන උද්ගතවෙලා තියන ප්‍රශ්නෙ හෙනම භයානකයි ඊට වඩා..
      කී බෝඩ් එක හැංගුවනම් එකක්... මව් පාර්ශවේ ඊට වඩා දරුනු පියවරක් අරන්නෙ මෙතන :(

      Delete
    2. සයුරි අක්කේ මොකද මේ මගේ වර්ගයා මතක් කරලා එයාලගේ නැටි කපන්න හදන්නේ. පූස් අයිතිවාසිකම් පිලිබඳ කොමිසමට පැමිණිලි කොරන්නද? :P

      Delete
    3. නැට්ට කපපුවම පූසට මොකද වෙන්නෙ.

      Delete
  2. මමත් කාලයක් කීබෝඩ් එක වැඩ නොකර onscreeen keyboard එකෙන් වැඩ කර කර ඉඳලා මේ පළමුවෙනිදා තමා අළුතෙන් කීබෝඩ් එකක් ගත්තේ. !!!

    අම්මලා ඔහොම තමා ගණන් ගන්න එපා. අපි ඉතින් ඉගෙන ගන්න කාලේ පහු කරලා බ්ලොග් කරන්න ආපු නිසා අවුලක් නෑ. ඒ වුනත් ඉතින් ලිමිට් පනිනකොට නෝනි බරේ දානවා නම් තමා !!!

    අවුරුද්දේ පළමු පෝස්ටුවට සුභ පතන ගමන් මේ අවුරුද්දේ වැඩියෙන් ලියන්න ශක්තිට ධෛර්යය ලැබේවා !!!

    ReplyDelete
    Replies
    1. ඔන්ස්ක්රින් එකෙන් වැඩ කරනව කියන්නෙත් එපාම වෙන වැඩක්.... අපොයි ඒක නං මතක් කරන්නවත් එපා

      හි හි මං කොහොමත් ලිමිට්ලස් වගේ තමයි අයියෙ.. මේව හොඳ පාඩං අපිට :D

      බොහොම ස්තූතියි.. එලෙසම පතමි :)

      Delete
  3. බොට මං ඊයෙ කිව්වා මොකක් හරි සන්තෑසියක් වෙන්න කලිං පැය 18 න් පැය භාගයක් කපා හැරල අම්මගේ හිත දිනාගනිං කියලා... නියම වැඩේ තොට. අනික ඔය ගෙට්ටුයට උඹ උදේ 4 ට මල්වත්තට එනවා කියල තමා මට මතක හැටියට උඹ සිරාට කිව්වේ. ඔන්න ගොයියෝ 9 ට දක්කන්න කතා කරන්නේ මොකෝ.. මේ බං උඹට හොද උපහාස රසය එන කවි ලියන්න පුළුවන් නේ. (තොට දෙනවා දෙකක් එක පාරක් මටත් කින්ඩි කවියක් දැම්ම නෙව) ජය වේවා...

    ReplyDelete
    Replies
    1. ඔන්න බලපං උඹට බැරි උනානෙ ඕක මට සති හතරකට කලිං කියන්න...
      එහෙනං මගෙ කීබෝඩ් එක ජීවතුං අතර අදටත් :( .. ඉස්තාලෙ ගියාට පස්සෙ අස්සයව වහල වැඩක් නෑ :P

      ආයෙත් අහල... 4 වෙනකොට මං එතන... :D උඩ ඒක කිවවෙ නැත්තෙ කවුරු හරි නොමග ගියොත් කියල :P

      ඇත්තම කිව්වොත් මට ලියන්න පුලුවනුත් එච්චරයි :P මඩ කවි විතරයි :P
      ජය වේවා :)

      Delete
  4. මට නම් බර බරේ දාන්නේ මවුනි දයාබර නෙවෙයි මාගේ බනි හාවා තමයි. ඇහේ අර අමාරුවලු මේ අමාරුවලු ඔෆිස් එකෙත් කොම්පීතරේ බදාගෙන, ගෙදර ඇවිල්ලත් එකේ එල්ලිලා. අරකයි මේකයි ලෙඩ ගොඩයි. මම මේ දවස් වල කරන්නේ ලැප් එකෙන් ඈත්වෙලා. පිපිඥඥා පෙති දෙකක් ඇස් දෙකේ තියං ආතල් එකේ ඉන්න එක.

    ReplyDelete
    Replies
    1. අනේ වාසනාවන් :D
      මොනා උනත් කෝරලෙ මහත්තය බනියට හරි ආදරෙයි නොවැ.. හොද සැමියෙක් :)

      Delete
  5. මට හිතෙනවා අර උඹ කියපු විදියට ඇට් කොරන්න....

    ReplyDelete
    Replies
    1. ඒව හරියන්නෑ.. මං මාතලංව දන්නවනේ.. මාතලන්ගෙ බ්ලොගෙ විතරක්යැ ඇත්ත නමත් දන්නවෝ :)

      Delete
    2. ලොකු අයියෙ පෝරමේ පුරවලා නෑ නේද තාම...

      Delete
  6. හික්...අනේ අප්පේ මලයටත් වෙන වැඩ..... අම්මල ඔහොමම තමයි. මාත් රැ නිදි මරාගෙන කොම්පිතරේ ඉස්සරහට වෙලා ඉන්නවා කියලා බැනුම් අහනවා හැමදාම.... මොනා කරන්නද අයියෝ දුක් විදගෙන බ්ලොග් කියවනවා.....

    කවි ටික නම් මරු ඈ..... අනික අම්මව පොඩ්ඩක් ශේප් කොරන් දිගටම ලියන්ඩ.....

    මට නම් ගෙට්ටුවට එන්න වෙන්නේ නැතෝ..... දුකේ බෑ.... ෆොටෝ කෑලි ටිකක් ගහන ඇවිත් විස්තරත් එක්ක දාන්න හොදේ අපිටත් කට්ටියව අදුන ගන්න. ජය වේවා!

    ReplyDelete
    Replies
    1. දුක් විදගෙන බ්ලොග් කියෙව්වත් මෙකෙ රස දන්නෙ අපිනෙ අක්කෙ නේද?

      ස්තූතියි.. හි හි මොන ශේප්ද.. මෙ යන විදියට ටික කාලෙකට මේක නවත්තන්න්න වෙයි වගේ මට :(

      දුකයි නෙන්නම්.. සමනලි අක්කත් ආවනං අදුනගන්න තිබුනනේ.. කොහොම උනත් කමක් නෑ.. පොටෝ කෑලි දෙක 3ක් දානම්කො මං :)

      Delete
  7. “යාලුකමට වඩා මරාගත්ත එක තමයි කලේ මෙච්චරකල්“ “ඇත්තම කිව්වොත් මට මෙකි එක්ක වෙලාවකට යස්සය නගිනව“ වුනාට ඔයා හරි හොද මනුස්සයා ඈ :D

    ReplyDelete
    Replies
    1. නැති යන්තං වැටහුනා :D

      Delete

  8. එල එල බන් .නියමයි .ඔලුව සැහැල්ලු වෙනවා මෙහෙම දේවල් කියවද්දී ..
    ඊයේ රෑත් මගේ කී බෝර්ඩ් එක වැටුනා බිමටම යන්තන් වයර් එක නොකැඩි
    බේරුනේ ..:)

    ReplyDelete
    Replies
    1. අනෙ මං ලඟ කොහොමත් මහප්ප්‍රාන නං නෑ සහන් අයියෙ.. බොහෝම සරල සිඟිති ඒව විතරයි.. සමහරුන්ට නං රුස්සන්නෙත් නැතිව ඇති ඉතිං මෙවා.. කමක් නෑ ඔයාලට හරි හොඳයි නම් ඒ හොදටම ඇති :))

      හි හි ඔයින් ගියා මදෑ, මෙවන් විපතක් සිදු නොවෙවා කාටත් :D

      Delete
    2. බලපන් මගේ බ්ලොගේ අරමුණ ? මගේ ප්‍රොෆයිල් එකේ මන්
      කියල තියෙන දේ ? කෝ ඒවා කරගන්න පුළුවන් උනාද ?අනේ මචන්
      වේලක් නොකා හරි ඔය ඉන්න විදිහට ඉන්න .දාහෙන් සම්පතක් ඕක .
      ජීවිතේ සංකීර්ණ උනාම ආයේ එදාට හැරිලා එන්න පුළුවන් කියල
      හිතවනවා නම් බොරුවක් .. ඒ වෙද්දීත් අපිට ගොඩක් දේ නැති වෙලා
      ඉවරයි ..හරි ඒවා වැඩක් නැහැ මෙන්න මේක බලන්නකෝ baluwe නැත්නම් .....

      ගල් කොල්ලෝ ( අවවාදාත්මක සිනා කතාවක් )

      Delete
    3. බලපන් මගේ බ්ලොගේ අරමුණ ? මගේ ප්‍රොෆයිල් එකේ මන්
      කියල තියෙන දේ ? කෝ ඒවා කරගන්න පුළුවන් උනාද ?අනේ මචන්
      වේලක් නොකා හරි ඔය ඉන්න විදිහට ඉන්න .දාහෙන් සම්පතක් ඕක .
      ජීවිතේ සංකීර්ණ උනාම ආයේ එදාට හැරිලා එන්න පුළුවන් කියල
      හිතවනවා නම් බොරුවක් .. ඒ වෙද්දීත් අපිට ගොඩක් දේ නැති වෙලා
      ඉවරයි ..හරි ඒවා වැඩක් නැහැ මෙන්න මේක බලන්නකෝ baluwe නැත්නම් .....

      ගල් කොල්ලෝ ( අවවාදාත්මක සිනා කතාවක් )

      Delete
    4. අන්න පෝස්ට්.. :D
      කියෙව්ව හිනා වෙවී.. කී බෝඩ් එක කැඩිල තිබ්බ කාලෙ දාපු එකක් හින්ද මග ඇරිල කොහොම හරි.. ඒකයි දැකල නැත්තෙ.. ඔය තියෙන්නෙ ඉතින් මල්ටි බැරල් :)

      Delete
  9. මරු පෝස්ටුව බං. මං මේ ඔළුව මඤ්ඤං වෙලා ඉන්නද්දී මේක කියෙව්වේ. සහන් කිව්වා වගේ පට්ට සැහැල්ලුවක් දැනුනා මේක කියෙව්වට පස්සේ.
    ඒක නෙවෙයි බං.. විභාගයක් තියනවා නම් ඒක ගොඩ දා ගන් සේරටම කලින්. ඔන්න සිරිමලී බලන්නත් ගියා මං.. :)

    ReplyDelete
    Replies
    1. aniwa machan me tike maha bara wadi oluwata
      wena dewal.blog witharai man balanne TV radio ekak
      wath balanne nah thanikara oluwa awul wenawa...

      Delete
    2. හි හි ටැංකුයි ටැංකුයි ^_^

      හ්ම් හ්ම්ම්.. ඇත්ත චන්දන අයියෙ.. ගෙට්ටුවෙන් පස්සෙ ටිකක් වහං වෙනව කාලෙකට..
      ගොඩක් ස්තූතියි ඔයා මං නැත්තෙ මොකෝ කියල අහල කමෙන්ට් කරලත් තිබුන කලිං පෝස්ට් එකේ..

      සිරිමලී බලන්න ගියාට කමක් නෑ... මායං වලට අහුවෙන්නෙපා ඕකිගෙ :D

      Delete
  10. මාත් බැලුව මොකද සමී වැඩිය පේන්න හිටියෙ නැත්තෙ කියල. මදෑ වෙලා තියෙන දෙයක්... දුක හිතෙන දෙයක් වෙලා තිබ්බත් ඒක කියල තියෙන විදිහට නම් හිනා නොවී බෑ :D :D :D
    දැන් ඔය තියෙන කී බෝඩ් එකත් කඩාගන්න තැනට වැඩ සිද්ධ කරගන්නෙ නැතුව පරිස්සමෙන් දිගටම බ්ලොග් එක ලියන්නකො.... :)

    ReplyDelete
    Replies
    1. මේ කීබෝඩ් එක ගිහින් දෙනව තව ටික දොහකින්.. ඊට පස්සෙ විභාගෙ ඉවර වෙනකන් ටිකක් මේකෙන් අයින් වෙලා ඉන්නවා.. නැත්තං ඉතින් මේකෙම තමයි. හි හි

      Delete
  11. ඉස්සර අපේ ගෙදරනං රාජ සංතක වෙන්නේ මවුසා තමා....
    එතකොට ඉතිං ඉන්නෝනා ඇටිකෙහෙල් කාපු උගුඩුවා වගේ...

    ReplyDelete
    Replies
    1. කීබෝඩ් නැති කලට මීයා පණ්ඩිතයා :D

      Delete
  12. හෘදයංගම ලියැවිල්ලක් සමියෝ....ඇත්තම කියන්න උඹට සිතුන සිතුවිල්ල මටත් නැතුවා නොවේ..මං වයසක පොර වුණාට බ්ලොග් ලියන්න අරං තාම පොඩි කාලයයිනේ....මේ පෝස්ටුවට නං මං හරිම ආසයි....

    ReplyDelete
    Replies
    1. කවුරු නැති උනත් මං ඔයාට ඉන්නව අයියෙ :D
      අපි දෙන්නවත් පැත්තකට වෙලා කතා කර කර ඉමුකො :)))

      Delete
  13. සමී, සාමාන්‍යයෙන් කවි වලට අකමැති මාත් ආසාවෙන් බැලුවා ඒ කවි ටික නම්. උපරිමයි.

    යකෝ, අම්මා හරි. විභාගේ කොරලා හිටපිය ඔක්කොටම කලින්. අනික දවසෙන් වැඩි හරිය කොම්පීතරේට ඇලිලා ඉඳලා හරියනවයැ? නැතිනම් මේක ලිමිට් කරලා සමබරව ගෙනියපං.

    මේහ්, බ්ලොග් ලියන උන්ගෙ ප්‍රවීනයොයි කබ්බොයි කියලා ‍තෝරන්න යන්න එපා බං. බ්ලොග් ලියන අපි ඔක්කොම එකයි. මට නම් ඕකට එන්න වෙන්නෙ නැති බව උඹ දන්නවනෙ. ගිහිල්ලා අපිටත් එක්ක එන්ජෝයි කරපල්ලා.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඩූඩ් අයියෙ.. හ්ම්ම් තව චුට්ට දවසයි ඉන්නෙ. යනව ටික කාලෙකට..සිමා කරල එක්සෑම් එක ගැන බලනවා.. හ්ම්ම්

      ඩූඩ් අයිය ආවෙ නැති උනාට කවදම හරි දවසක මට හම්බෙයිනේ :))

      Delete
  14. අප්පිලටත් ඒම චකිතයක් තියෙනව බොලව්..!

    ReplyDelete
    Replies
    1. චකිතය නැතිද නැවතුනේ
      මතකය කෙලෙසදෝ ලියැවූනේ

      කියල පෝස්ට් එකක් දාමු ගිහින් ඇවිත් අපි දෙන්නා

      Delete
  15. බොට හොඳ වැඩේ! සතුටු වෙයන් අම්මා කීබෝඩ් එකෙන් තොට නොගහ හිටියට. මුලින්ම විභාගේ කොරලා හිටු! පණ්ඩිතයා නොවී. :-P
    ඊට පස්සේ පුළුවන් කවියෙක් වෙන්න. මට හිතෙන්නේ විභාගේ කොහොම වෙතත් හොඳ කවියෙක් සහ ලියන්නෙක් තමයි මේ ඉන්නේ.

    මට නම් ඉරිදට එන්න වෙන්නේ නැහැ. ආවා නම් මට වෙන්නෙත් ඔය කල්පිත කතාව වෙන්න පුළුවන්!

    ReplyDelete
    Replies
    1. තාම නං හොද ටිකයි... කවි හදල තිබුනට මොකො ඉස්සෙල්ලම ලියන්න කියල පටන් ගත්තෙ මෙ බ්ලොගෙන්ම තමයි. හි හි.. රචනා ලිව්ව ඇරෙන්න ඉසකෝලෙ යනකාලෙදි උනත් පෑන කියන දේට මං ආස නෑ,, දැනුත් නෑ.. කීබෝඩ් එකට තමයි ආස :D
      ඉතින් තව ඉස්සරහට දියුනු කරගන්න පුලුවන් වෙයි.. පස්සෙ බැරියැ මටත් චාමර අයියල වගෙ සාරගර්භ මොනා හරි ලියන්නත් :)

      Delete
  16. ලොල් අර ටෝක් එක නම් මරු බන් "පල හූ!@#$%^&*(" :D

    මම නම් ආවට කා එක්කවත් කතා නොකර ඉන්නවා බන් ඕනාවට වැඩිය.

    ReplyDelete
    Replies
    1. අන්න හරි

      අපි කතා නොකර ඉමු..
      හිනා නොවි ඉමු..
      ඒ දවසෙත්..
      ගොබ්බයන් සේ දැනේවී...

      කමක් නෑ. අපි නවක පරම්පරාවනේ

      Delete
  17. සමියා ගම්පහ කොලුවා වෙච්චි කොට බොට එදාට මම දෙන්නම හැමෝම අදුනගන්න පුලුවන් විදියෙ වගකීමක්... ඒ ටික එදාටම කියන්නම්...ටිකක් කලියෙන් මල්වත්ත ඉසව්වට වරෙන්...

    කී බෝඩ් එකක් ගන්න කීයක් හරි අපි එදාට එකතු කොරලා දෙන්නම් බොට...සමියා බොහොම රහට ලියලා තියෙනවා කවි ටික...මරු...

    කිසිම බ්ලොග්කරුවෙක් බොලා හිතන විදියට හැසිරෙන්නෙ නෑ කියලා මට ෂුවර්...උන් සියල්ලෝම සොදුරු මිනිසුන්ය.

    ReplyDelete
    Replies
    1. සිරා අයියා කියනවනං එන්නංකො ඊට කලින් දවසෙ ඉදං හරි :D

      අපොයි මන් දන්නවා සිරා අයියෙ. ඔවුන් සොදුරු මිනිසුන් නොවෙන්න මම මෙච්චර මේ බ්ලොග් ලෝකෙට ආස වෙන එකක් නෑ

      Delete
  18. හලේ...සමියා... මොකෝ මේ... :( එක්ස්ට්‍රා කී බෝර්ඩ් එකක් තියා ගත්තෝත් නරකද ඇ.. ඒ මේ.. මටත් අර දෙබස් කණ්ඩයම අහන්ඩ වෙයිදෝ කියලා බයක් තියනවා අප්පා,, සැහ්.. ලැජ්ජාවේ බෑනේ.. හැබැයි මට උඩින් සිරා අයියා කොටලා තියන ක්මෙන්ටුව දැක්කාම නම් බය ගියා... :D

    ReplyDelete
    Replies
    1. එක්ස්ට්‍රා කී බෝඩ් නං ගේන්ඩ බැරියැ ශම්මි .. ඒවටත් ඉතින් මේ සෙතේම තමයි. :D හි හි
      විභාගෙ පහුවෙලාම අලුත් එකක් අරන් බ්ලොගේ පදිංචි වෙනවා..

      ඔන්න ශම්මි ඒවයින් මේවයින් හරි යන්නෑ... එදාට කතා කරන්න ඕනි හොදේ :)

      Delete
  19. ආ... මං මේ සමියව අල්ල ගන්න තමයි උන්නෙ( බ්ලොග් එකේ මං ලිව්ව කතාවට "මම 1" කියල ගිහින් ආයේ ආවෙ නැතුවට...

    අපිත් ඉතින් ඒ ලෙවල් නම් ඉවර වෙලා තමයි ලියන්න ගත්තෙ, ඒත් රෑ තිස්සෙ ඇහැරගෙන මේක බල බල ඉන්නකොට අම්මගෙයි තාත්තගෙයි බැනුම් වල නම් අඩුවක් නෑ...

    ReplyDelete
    Replies
    1. අයියෝ නෑ.. ඉන්න ඉන්න මෙ එනව. මන් කවදාවත් එක කියල විතරක් දාල යන්නෙ නෑ. මොකක් හරි අස්පට් එකක් ඉන්න බලන්න.. :O

      Delete
  20. අපූරු බ්ලොග් පොඩ්ඩ. ඉස්සර වගේ විවේකයක් නැති නිසා අලුත් බ්ලොග් මග ඇරෙනවා. සාර්ථක දිගු ගමනකට සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි. එලෙසම ප්‍රාර්තනා කරනවා :))

      Delete
  21. මට අපේ මව්නි අහිමි කලන්නෙ ඩොංගලේ......:‘(

    අදයි සමී අයියො මේ පැත්තට ආවේ....දිගටම එන්නම්....ජය...!!

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා රස්නෙ වැඩි උනත් ඔයාව :)

      Delete
  22. //පසුදා පහන් වී මම මෙහි බලනකොට
    ම යනු ර යනු නෑ කිසිවක් පෙනෙන්නට
    බ යනු න යනු තව මං මෙහි හොයනකොට
    ප යනු ල යනු නැතිබව පෙනුනා මෙමට//

    හෆොයි..! මැවිලා පෙනුනා කීබෝඩ් එකේ සෞඛ්‍ය තත්වය.. :D
    බාධක ජය අරන ඉදිරියටම යන්න.. සුබ පැතුම්..!

    ReplyDelete
    Replies
    1. ඒ කීබෝඩියෙන් වැඩක් නෑ අයියෝ.. :(
      'න' යන්න කොච්චර වැදගත් කර්තව්යක් ඉස්ට කරනවද කියල මට තෙරුනේ එහෙම උනාම තමයි

      ඔබටත් ජයම ප්‍රාර්තනා කරනව නන්දූ

      Delete
  23. මාර ෆනී විදිහට ලියල හලෝ ..ඇත්තමයි කියවන්න සුට්ටක්වත් කම්මැලි හිතුන්නෑ .. කෝ බලමු සිරි මලී ....

    ReplyDelete
    Replies
    1. කම්මැකි හිතුන්නර්තනං එච්චරයි.. බලන්ඩකො ඒ හොල්මනවත් එහෙනං ගිහින්

      Delete
  24. කට්ටිය ගෙට්ටුවට ගිහිල්ලා ෆොටෝස් දාන්න හොදේ.... අපට බල බල ඊරිසියා කරන්න..P

    ReplyDelete
    Replies
    1. ගියා ඔන්න මමනං. මට හොද කැමරා කට්ටක් තිබුනෙ නෑ.. ඉතින් කැමරා ඇත්තො පොටෝ දාවි.. මමත් ඔන්න ඔහෙ මගෙ දුප්පත් 2 මෙගා පික්සලෙන් ගත්ත පොටෝ ටිකක දාන්නම්කො බලන්න..

      Delete
  25. uba get ekata giye nadda othokota?????????????

    ReplyDelete
    Replies
    1. ගියා ගියා නොගිහින් කොහොමෙයි මං :D

      පෝස්ට් එකක් දාන්න කියල තමයි ඉදගත්තෙ :D

      Delete
  26. මේ අන්තිම පේලිය පැත්තෙ ඇවිත් යන සමිය නේ? එල එල....

    ReplyDelete
  27. අයියෝ පව් පොඩි එකා . .
    අම්මා ගැහුවා නේද කී බෝඩ් එකෙන් ඔලුව පැලෙන්නම?
    හික් හික් හික් . .

    ReplyDelete
  28. හික් හික්! පංකාදු කවි ටික,ලබන වෙසක් එකට මම සමියාට අඬගහන්නන්කෝ!

    ReplyDelete