ලෝක විනාසෙත් වෙලා අලුත් ලෝකයක් උදාවෙලා තියන මේ වෙලාවෙ මොනව හරි නොලිය ඉන්න එක හරි නෑ කියල හිතුන හින්දම ඔන්න චූටි පෝස්ට් එකක් ලියන්න ආවා. මෙක මම බ්ලොග් එක පටන් ගන්නත් කලින් දානවමයි කියල හිතේ තියාගෙන හිටිය පෝස්ට් එකක්.පහු ගිය 19වෙනිදට බ්ලොග පටන් අරන් මාසයක්. මෙක අඩුම තරමෙ 2වෙනි පෝස්ට් එකවත් විදියට වැටෙන්න ඔනි එකක්. ඒත් එක එක විකාර ඔලුවට ඇවිත් ඒවම ලිව්ව මිසක් මේක දාන එක ටිකක් පස්සට ගියා. ඒකට ටිකක් දුකයි. මොකද මගෙ ජීවිතේ වැදගත්ම කෙනා මෙ පෝස්ට් එක ඇතුලෙ ඉන්න හින්ද. ඔන්න ඉතින් පරක්කු වෙලා උනත් 8වෙනි පෝස්ට් එක ව්දියට මෙක ලියන්න පටන් ගත්ත මම..
අපේ ගෙදර ඉන්නෙ මමයි, අම්මයි, තාත්තයි. හ්ම්ම්. පුංචි පවුලක් තමයි.. ඒ කියන්නෙ ගෙදරට හොදට නරකට දෙකටම ඉන්න එකම ලමය මම.. ඉතින් පොඩි කාලෙ ඉඳන් දරාගන්නත් බැරි තරම් ලොකූ ආදරයක් මැද හැදුන කොල්ලෙක් තමයි මෙ සමියා..දැන් නම් හරිම දුකයි මල්ලියෙක් හරි නංගියෙක් හරි හිටියෙ නැති එකට..සමහර වෙලාවට හරිම පාලුයි. ඒත් ඒ කාලෙ නං එහෙම නෑ. ඇයි අප්පා හැම දේම මටනේ. ආයෙ කාටවත් මගෙ දේවල් බෙදන්න ඕනිත් නෑ..කවුරුවත් මගෙ කිසි දේකට අයිතිවාසිකම් කියන්නෙත් නෑ.. අම්මා ඒ කලෙ මගෙන් අහපුවහම මල්ලියෙක් හරි නංගියෙක් හරි ඕනිද කියල මං ගොන් හරක එපාමයි කියල..කොහොම හරි ඉතින් මගෙ බලවත් විරෝදය හින්දමද දන්නෙ නෑ අම්මල හිතන්ඩ ඇති තව පොඩි එකෙක්ට චාන්ස් එකක් නොදී ඉන්න මෙ ලෝකෙ එලිය දකින්ඩ.