සොඳුරු ගමනක් යන එනා
පුංචි මල් කැකුලියක් මා වෙත
හොරෙන් ඉගි බිගි කම් කලා
එදෙස නොබලා යනෙන මොහොතේ
මල් කැකුල මුකුලිත වෙලා
කඳුලු සලමින් මදෙස බලමින්
කුමක්දෝ මට පැවසුවා
"නොයනු මැන මා මෙලෙස තනිකර
ලොවේ අද මං තනිවෙලා
පාලුවත් කඳුලත් දුකත් අද
නොඅඩුවම මට හිමි වෙලා "
ගලා යන ඒ කඳුලු අතරින්
සිහින් වදනක් පිට උනා
ඇසත් හඬවා හිතත් පාරා
මගේ හදවත දුක් උනා
ගලා ගිය උනු කදූලු කැට මම
මගේ දෑතින් පිස දමා
මල් කැකුලෙ පාලුව මකන්නට
මල් කැකුල ලග නැවතුනා
" ආදරෙයි මං සෑම දාටම
මගේ පොඩි බඹරා ඔයා
ඉන්නකෝ මං ; ලඟින් හැමවිට
මල් සුවඳ , රොන් උර උරා "
නොසිතු සිතුමන් නොපැතු පැතුමන්
ආදරේ ලඟ ඉටුවෙලා
කිසිම දිනකදි නොවුනු ලෙස මගෙ
හදවතත් කුල් මත් වෙලා
පුරා සඳවත නීල අහසේ
දසත රැස් එලි විහිදුවා
සිටුනු දුටු මට අමාවක ගැන
අනේ ඇයි අමතක වෙලා ?
දිනෙන් දින සති ගෙවී හනිකට
මල් කැකුල විකසිත වෙලා
යනෙන බඹරුත් ඇගේ පිරිවර
සමග ටික ටික එක් වෙලා
බඹර කුලයක රජස් බඹරෙක්
ඇගේ සිත ලග නැවතිලා
පාන සෙනෙහෙට ඈට මං ගැන
වගක් වත් දැන් නැති වෙලා
එදැක හිත් මල දුකින් තෙරපී
දෑස කඳුලින් තෙත්වෙලා
තිබුන සිහිනය මගේ නෙත් ලග
අද හැබෑවට සිදු වෙලා
✾ ✾ ✾
යනෙන ගමනත් අතැර දා මම
නැවතුනේ කුමරියෙ මගේ
මුලදි බිව් කඳුලකුදු අද නුඹ
සිතට ඇයි අමතක අනේ
සිටිය මුත් නුබ ලඟදි අද දින
බොහෝ බඹරුන් නෙක ලොවේ
පරව ගිය දා කිසිවෙකුත් නැත
එදින නම් නුබ පසු තැවේ
පෙරදි නුබ ලඟ තිබුනු දුක් ගිනි
සියල්ලම මම පොදි බැදන්
යන්න අවසර යලි නොඑන්නම
මගේ කුමරියෙ රත්තරන්
- හැරයන මම - කාලයක් නුඹම වෙනුවෙන් හුන් අහිංසක බඹරා...
ශා ලස්සන කවි පංතියක් !
ReplyDeleteමං ඒත් බැලුවා කවුද මේ මල් කැකුලියකට පෙම් කරන්නේ කියලා..හික්ස් :)
මල් වලට කවුද පෙම් නොකරන්නෙ මධු අයියෙ ? :D
Deleteඑල සිතිවිල්ල මල්ල...
ReplyDeleteඔක්කොටම ඉස්සොර ඉගෙනුමට මුල් තැන දීපන් කොල්ලෝ...
ඔව්...ඔව්...උඹ එහෙම තමයි කියල දන්නවා..... :)
ඉගෙනුමට මුල් තැන දෙන්න ඕනි කාලෙදි එච්චර නොදුන්න එක නෙ කෙන්ජි අයියා ප්‍රශ්නෙ.. කොහොම උනත් ඉස්සරහ අඩ්‍යාපන කටයුතු වලදි නම් එහෙම වෙන එකක් නෑ..
Deleteමට මල් පේන්න බෑ දැං :D
////සිටිය මුත් නුබ ලඟදි අද දින
ReplyDeleteබොහෝ බඹරුන් නෙක ලොවේ
පරව ගිය දා කිසිවෙකුත් නැත
එදින නම් නුබ පසු තැවේ////
නියමයි මල්ලියා ... මං ආස කරන මාතෘකාවක් එක්ක ලියලා තියෙන්නේ ..හරිම අර්ටවත් ... බුඩ්ඩිමට් ;)
උගට් බුඩ්ඩිමට් කවියකුට් ඩාන්න හිටුවා :D
Deleteඅපේ කෝලම් කමෙන්ට් ඉට්ටයිල් එක උස්සලා :P
තෑන්ක්ස් අක්කේ :)
හරිම ලස්සන කවි පංතියක් සමී..ඒකට හරියටම ගැලපෙන පින්තූර ටිකකුත් හොයාගෙන (Y)
ReplyDeleteගූගල් දෙයියනේ ඉතින් හැමදාම පිහිටට ඉන්නෙ :)
Deleteස්තූතියි :)
ඇයි ඹබරෝ පෙමි මල අතහැරලා ඔබ යන්නේ වෙන මල් සොයලා කියල කිව්වට මෙතනනම් මලනෙ වෙන ඹබරු සෙට් කරන් තියෙන්නෙ :)
ReplyDeleteමලට නේ මායම් තියෙන්නෙ .. ඒකනේ බඹරු අහුවෙන්නෙ :P
Deleteහරිම සරල පද මාලාවකින් ලොකු කතාවක්.
ReplyDeleteලස්සනයි සමී
සරල දෙවල් වලටනෙ කවුරුත් කැමති :)
Deleteඅනේ මන්ද සමී මේකෙ බමර නං බොහොම අහිංසකයි නේද.මළට තමයි දාංගලේ.
ReplyDeleteනෝටි මලක් හැලපයියෙ.. නෝටි මල් හින්දනේ අහිංසක බඹරු හැමදාමත් අමාරුවේ වැටෙන්නෙ..
Deleteසරල වචන,සරල තේරුම්,
ReplyDeleteඒත් දැනෙන්න ඕන දේ දැනෙනවා.
ලස්සනයි..
සරලත්වයට මම හරිම කැමතියි.. :)
Deleteසාහ්... හරි ලස්සනයි නොවැ.. එහෙම වුණාට මේක ඇත්ත කතාවක් ද කියන එකයි දැනගන්න ඕනෑ කාරණාව!!!!!
ReplyDeleteඇත්ත කතාවක්ද නැද්ද ? හ්ම්ම් අනේ මන්දා වර්ෂා ...
Deleteමල් ඉක්මනට පර වෙනව බං,
ReplyDeleteඒත් මල් දන්නෙ නෑනේ ඒක
Deleteකෙල්ලෝ ඔක්කොම එකයි බන්. නමයි හමයි විතරයි වෙනස්
ReplyDeleteකෝ මේ බ්ලොග් එකට එන කෙල්ලො. වරෙව් මේ කතාවට එරෙහිව නැගී සිටින්න!!!
Deleteලස්සන කවි පේලිය මල්ලි. සුරංගනා කතාවක් කියෙවුවා වාගෙ හැඟීමක් හිතට දැනුනා... :)
Deleteකාටවත් තරහකට කිව්වේ නෑ බස්සී. මේ විදියේ දෙයක් මටත් මේ දවස් ටිකේ වද දුන්න හින්දා වේදනාව දන්නවා.
Deleteයක්සයා -
Deleteමල් ලස්සනයි හොද හොද පාටයි කීවා :P
බස්සි - ස්තුතියි ඈ ^_^
අනේ මේ මං නං කෙල්ලො ගැන එක වචනයක් කිව්වෙ නෑ.. මං කිව්වෙ මල් ගැන :D
ඔය මල් වල සිරිත අපිට මල පන්නන එකම තමා බං! ගණන් ගන්න එපා
ReplyDeleteසිරාවටම!!...
Deleteලස්සන අදහසක් සමී...... පට්ට ඇ.....
ReplyDeleteතැන්කු ඈ
Deleteකවි ටිකටද අන්තර්ගතයටද මන්දා මොකට උනත් මම මේකට පට්ට ලයික් සමියෝ :)
ReplyDeleteමදාරා කියන්නෙත් මලක් නේද ? :P
Deleteබලාගන කැකුලු මල් වලට පෙම් කෙිරලා හිරේ යන්නවෙයි
ReplyDeleteපර උනාට පස්සෙ පෙම් කරලත් වැඩක් නෑ හැබැයි :P
Deleteමුදියා? මොකද බන් මේ? අනේ මන්දා බන්. ඔය මඟුල් අමතක කරලා ඉස්සරහට තියන වැඩ ටික බලාගනින්
ReplyDeleteදුකින් ඉන්න වෙලාවක ලියපු එකක් උනාට හිතට වද දෙන නිර්මානයක් නම් නෙමේ පුමා :)
Deleteකවි ටිකනම් සිරා සමියෝ.. ඔය පොඩි කැකුළු එක්ක පරිස්සමින් හැබැයි..
ReplyDeleteස්තුතියි දිනේශ් අයියෙ.. :)
Deleteආයෙ ඒ බබරා කැකුලුමල් දිහෑ බලන්නෙවත් නෑලු
කවි ටික දිග වැඩි නෑ වගේද සමී අයියේ.............?පට්ට ලස්සනයි තේරුමත් එහෙමයි.
ReplyDeleteඅප්පට සිරි දිග වැඩිද කොලුවෝ.. මුලදි නම් කවි පහෙන් කතාවම කිව්වා.. පාස්සෙ තව කවි කිපයක් එක්කලා :(
Deleteකමක් නෑ ලස්සන නම් එච්චරයි :)
ලස්සණ කවි පෙලක්!!!
ReplyDeleteප්‍රේමය නම් මේ දවස්වල හිසරදයක් වෙලා තියෙන්නේ. :)
ඔය පුංචි බීස්ලට මම නම් කැමතී...
එක වෙලාවකට හිසරදයක් තමයි.. එක වෙලාවකට කිව්වෙ ඉතින් හුඟක් වෙලාවට :D
Deleteඔය දීල තියෙන්නේ ඇස්ටි හැලෙන්නම.. නියමයි සමීයෝ...
ReplyDeleteතෑන්ක්ස් දේසෝ
Deleteසරල හිතට වදින කවි ටිකක්. සුභ පැතුම්.
ReplyDeleteසරල උනහමනේ හිතට වදිනව වැඩිත් :)
Deleteහරිම ලස්සන කවි ටික සමියා. මාර විදියට හිතට දුකක් ආවා කියවනකොට. තනි ඇහැට ඇඩුනා තනි ඇහැට .....
ReplyDeleteඅයියෝ ඒම කිව්වම අනික් ඇහැට ඇඟිල්ලෙන් අනින්න හිතෙනවා
Deleteමම බැලුව මේ සමිය මොකක් හරි පටලවගෙනදෝත් කියල....
ReplyDeleteඅපෝයි නෑ :D
Deleteලෝකෙ හැටි අප්පා....
ReplyDeleteඑව්ව එහෙම තමයි
Deleteඅදයි මේ පැත්තෙ ආවෙ. ආයුබෝවන්ඩ...
ReplyDeleteසරල බව තමයි ඕනම දෙයක් කැපී පෙනිමෙ රසය වගේම රහස.. :)
පිලිගන්නවා ස්පර්ශන්.. ආයෙ එන්න ඈ :)
Deleteකැකුළු වලට පෙම් කරන එක නම් ටිකක භයානකයි සමියෝ.....කමක් නෑ උඹ හොඳ බඹරෙක් නේ
ReplyDeleteමම හොද බඹර වෙන්නෙ නිදා ගත්තාම.. ඒත් ටක්කෙටම කියන්න පුලුවන් හෙනම අහිංසක බඹරෙක්.. ඔව්
Deleteඅනේ ලස්සනයි.
ReplyDeleteඅනේ තෑන්ක්ස් :D
Delete(Y)
ReplyDelete^_^
Deleteමල් නේද..?
ReplyDeleteමටනං පේන්න බෑ...!
සත්ත්මයි කියන්න ? ;)
Deleteශා............... මුදි අය්යා ලස්සනට කවිත් ලියනො// 4තො ටිකත් ෂෝයි :D ( හැකියාව තියන් මෙච්චර කල මොකද බන් කරේ.. මෙහෙම ලියපං දිගටම
ReplyDeleteඋඹ මගෙ කවි කියෝල නැද්ද බොල මීට කලින් :'(
Deleteවැදගත් කියලා කවියකට කියෙව්වේ මේක තමා :p
Delete>_< ටලායි ටලායි හොඩටම ටලායි :'(
Deleteමේ දවස්වල කවි සිතුවිලි දෝරේ ගලන්න පටන් අරන්නේ සමී. නියමයි, ඈ.
ReplyDeleteසීතලට වෙන්න ඇති ඩූඩ් අයියෙ :D
Delete~ සොරු අරන් ගිය රෝස මල~
ReplyDeleteපාලු සීත නින්දට පසු
නෙත් විදහා අවට බැලීමි
ජනේලයෙන් එහා ඉමේ
කැකුළු රෝස මලක් දුටිමි
නැවුම් පැතුම් හද දරාන
හිරු හිනැහෙන ලොවක් මැවිමි
පිබිදෙන තෙක් රෝස කැකුල
රෝස පඳුර රකගත්තෙමි.
දිනයන් සති ගෙවී ගොසින්
රතු පාටින් එමල දිලුනි
නිහඬ රයක අඳුරට පසු
මල නොදිටිමි
නැතුව දිටිමි
උමතු හීන පුරවාගෙන
නැටි අග මල දිලෙයි සිතිමි
හීන බිඳී ඉහිරුන දා
නටුව තුරුළු කරගත්තෙමි
හම ද මස ද පසාරු කර
රෝස කටුව හදට දැනුනි
ලෙය සමගින් විස එක්වී
රිදුම නහර පුරා දිවිනි
වේදනාව උහුලනු බැරි
නෙත් පුපුරා කඳුළු හැලිනි
ඒ කඳුලට ලෙය එක් වී
රෝස පඳුර මුලට වැටිණි...
තාවකාලික ලස්සන රෝසමලකට වඩා කොච්චර රිදෙව්වත් අත් නොහරින ගොරහැඩි නටුව හොදයි ප්‍රමුදි
Deleteලස්සන නිර්මාණයක් :)
හයියෝ සමී, එක දිගටම සයිමන් නවගත්තෙගම යි කේ. කේ. සමන් කුමාර යි මතක් වුණා, කවි පංතියෙ පහළට පහළට යද්දි. කියවල ඇති නේද කේ. කේ. සමන් කුමාරගෙ 'පුංචි ඊවා සහ බිල්ලා'?
ReplyDeleteඅනේ ඩ්‍රැකී උන්නැහේ මම කවි පොත් පරිශීලනය කරල නෑ :(
Deleteඇත්තටම කවි වලට ඇති ලැදියාව හුඟක් පසුකාලීනව ඇති උන දෙයක් .. ඒක නිසා කවි වලට ආසා උනේ ලඟදි.. දැන් නම් කවි රසවිදිනවා.. කවි පොත් ටිකක් ගන්න ඕනි :)
නවකතාවක් තරම් දිග කතාවක් කවියකින් ලියලනෙ
ReplyDeleteකුරුළු අයියත් මෙන්න මේ පැත්තෙ ඇවිත්.,.. බොම ස්තූතියි මේ පැත්තෙ ආවට.. සාදරයෙන් පිළිගන්නෝ :)
Deleteඅර අසික්කිත ලෙඩේ බොටත් හැදුනද මලයො....දැන් ඉතිං ඉදලා හමාරයි...දැන් කයියෙන් වගේ වැඩ...හොදා හොදා....බොහොම අගය කරනවා ...
ReplyDeleteබඹර විසේද ? :D
Deleteඅපොයි ඒක සනීප කරගත්තා අයියෙ.. බොරු මොකටෑ කාලයක් හැදිලා සෑහෙන්න අමාරු උනා :D
සරල ලස්සන කවියක් සමී
ReplyDelete:) ^_^
Deleteනියමයි මල්ලි. හරිම ලස්සනයි. ගොඩක් රස වින්දා. භාශාව හරි ලස්සනට ගලපලා තියෙනවා. සරලයි. සුගමයි.
ReplyDelete(y)
ස්තුතියි ස්තුතියි ගොඩක් ස්තුතියි :)
Deleteමම මේ පැත්තට අවාමද ?කියවන්න රසවිදින්න දෙවල් ගොඩක් තියෙනවා ...නියමයි මල් 7යි ..
ReplyDeleteමටත් මතක නම් නෑ වගේ.. මම හිතන්නෙ ආවම තමයි මේ.. ආයෙ එන්න හොදේ.. පිළිගන්නවා සාදරයෙන් :)
Deleteපුරාණ කවි පන්තියක් තියෙනවා ටිකක් ඔය වගේ..මතක නෑ අප්පා මොකක්ද කියලා...
ReplyDeleteනියමයි සමී.....
අර ඩ්‍රැකී උන්නැහේ කිව්ව පොත් දෙකෙත් ඒ වගේ කියල කිව්වෙ.. ඒක වෙන්නැති.. අනේ මන්දා
Deleteඔහොම එකක් දෙකක් තිබ්බහම හොඳයි බන් .එතකොට තමා නිකන් ජිවත් උනා කියල තේරෙන්නේ !!
ReplyDeleteහැම අත්දැකීමක්ම ලැබෙන එකත් එක අතකට හොදයි තමා :)
Deleteහිතට කා වදින්නම ලියලා තියෙනවා සමියා කියන්න වචන නැහැ..කවි ගැන මගේ ලොකු දැනීමක් නැහැ එත් මේක නියමයි..
ReplyDeleteස්තුතියි :)
Deleteස්තුතියි :)
Delete