Friday, November 15, 2013

මමී සමඟ මමී බලපු හැටි ( Part - 1 ) - නයිට් රයිඩර්, උම්මා එක සහ ළමා මනස | Knight Rider's hot Kissing :D

  අපෙ ගෙදර පුංචි පවුලක්. මමයි අම්මයි තාත්තයි විතරයි ඉන්නෙ . ඒ කියන්නෙ මම තනියෙක්! එකා යකා කියල ආයෙ අමුතුවෙන් අහන්න දෙයක් නෑනෙ . ගෙදර වෙන ලමයි කවුරුවත් නැති උනාම ආයෙ ඉතින් තත්වය අතිශය ශෝචනීයයි.. අම්මගෙයි තාත්තගෙයි ආදරේ, සෙනෙහස උතුරන්න ලැබෙනව වගේම තමයි අනිත් පැත්තට ගෙදරට හොරෙන් කිසි කුපාඩි වැඩක් තක්කඩි වැඩක් කරන්න බෑ.



ඒ වගේම තමයි මට මතකයි ඒ කාලෙ පොඩි දේනුත් මාව සැහෙන්න පරිස්සම් කරනවා. ඔය ළමා මනස දුශනේ වෙන කිසිම දේකට යොමු වෙන්න දෙන්නෙ නෑ.පොඩි දෙයක් ඇති අපේ අම්මට. කොටින්ම කිව්වොත් ටී වි එකේ ගිය නයිට් රයිඩර්, සුපර් මෑන් වගේ ෆිල්ම් එකක්වත් බලන්න දෙන්නෙ නෑ.

මොනවා? .. ඒ මොකද ඒ ..
ඉදහල්ලකො කියනකං..