Friday, December 27, 2013

මගේ තිඹිරිගෙය | First Poem ever..

 කලාව කියන දේ මෙන්න  මේකයි කියල කාටවත් නිර්වචනය කරන්න බැරි උනත් කෙනෙක්ගෙ හිතේ ඇතිවෙන සිතිවිල්ලම එක්තරා ආකාරයක  කලාවක් ලෙස හදුන්වන්න පුලුවන් .. කෙනෙක් තවත් දෙයක් දිහා බලන විදියම එක්තරා ආකාරයක කලාවක්.. ගහක් හුලඟට සෙලවීමෙත් මෙන්න මේ කියන්නාවූ කලාව තියනවා..නිහඩ බව තුළ උනත්  අප නොසිතන තරමේ  කලාකාමී බවක් ගැබ්වෙලා තියෙනවා.. නමුත්  සමහරු දන්නෙ නෑ  මේ කලාව කියන දේ තමන් ලඟ තියනවද නැද්ද කියලවත්..  ඒ අය කවදාකවත්  තමංගෙ හැකියාවට කවදාවත් ඉස්මතුවෙන්න නොදී  සිතිවිලි තුළ ඇති කරගන්නවා අනේ මට මේ දේ නම් කොහොමටවත් බෑ කියන සංකල්පය.. ඒ සංකල්පය ඔවුන්ගේ සිතිවිලි අන්ධකරවනවා..  

ඉතින් කවදම හරි ඔබ උත්සහ කරල තියනවද ඒ හිත ඇතුලෙ හදාගෙන ඉන්න සීමාව  කඩා බිදගෙන එය ඉක්මවා යන්න  ? තමන් තුළ තමාට නොහැකියැයි කියල තිබුන සිතිවිල්ලක පවුරු බිදීන්න ?  මම ඒ දේ යම් තරමකින් හො ජයගත්තා මීට ටික කාලෙකට කලින්.. ඒ තමයි මගේ කවියේ තිඹිරිගෙය...

Sunday, December 22, 2013

පළමු මඩ මුරය!!! :D :D | Cyber Mega Beach Party 2013

පොටෝව නිර්මාණය කල සිංහ රජාට මාගේ ප්‍රමණය..

 මේ අවුරුද්දට තුන්වෙනි පාරටත් කට්ටිය සෙට් උනෝය.. කියන්ඩ දේවල් එමටය.. ඒත් මේ දවස් ටිකේ ඔලුව ප්‍රශ්නෙක සෑහෙන්න හිරවෙලාය.. ඒ නිසා ගම්පහ ගෙට්ටුවට තරං වැඩිවේලා අරගෙන ලියන්න  නොහැකිය..  ඊයේ රෑ හිටපු ඈයෝ නං ගෙවල් වලට ගියාදැයි සැක සහිතය.. වැනෙන කුක්කු බිව් ඈයොන්ගේ හොද හොද සෙල්ලම් බලාගන්න කලියෙන් සමියාට ගෙදර එන්නට සිදු උනේය..

කොහොමින් කොහොම හරි මෙවර ගෙට්ටුව අතිසය සාර්තකය... බීච් එකේ  නටල මූදේ නාලා කාල බීලා කට්ටිය මදි නොකියන්න විනෝද උනෝය.. සමියාට පොඩි වගකීමක් තිබූ බැවින් මෙවර වැඩියෙ එක් එක්කෙනා සමඟ කතා බහ කරන්න නම් වෙලාවක් ලැබුනේද නැත .. සමියා ඒ පිලිබදව සමාව අයැද සිටින්නේය.. ඊලඟ පාරක කතා බහ කරන්නට පුලුවන්ය.. ඒ ගැන අහිතක් හිතන්ට එපාය.. අලුත් මූණු ගොඩාක් පැමීන සිටියෝය.. උස් පහත් කම් නම් දකින්න තිබුනේම නැතිය.. සබැවින්ම එය සතුටට කරුණක්ය.. කබ්බෝද ජෙප්පෝද කොටස් වලට නොබෙදී සහයෝගයෙන් විනෝද වූවෝය..

Tuesday, December 10, 2013

මමී සමඟ මමී බලපු හැටි (part - 3) - අවසානය සහ විනාශය | Oh nO!! No More Kisses

පෙර කොටස් වෙත ..


සතියක් ගෙවිල තවත් සතියකට ඇරඹුම ලබාදෙමින්  බටහිර අහසේ පූර්න චන්දරේ බැසයද්දි නැගෙනහිර අහසේ කාන්තිමත් එළි විහිදුවමින් සූර්ය රාජයා පායන්න පටන් ගත්තෙ ස්වකීය රශ්මි කදම්භය කම්පූටර් රාජයා සහ මාගේ පශ්චාත්භාගය මත පතිත කරමින්.. හමාගෙන ආ මද සුලඟ පවා මගේ කර්නසංකය සන්තර්පණය කරමින් මුමුණන්න පටන් ගත්තෙ "මමී.. මමී.. මමී.. වැනි වචන පෙලක්.. මගේ මුලු ගත සිතම ප්‍රභෝධමත්වෙලා පිපිච්ච සූරියකාන්ත මලක් වගේ... අදයි ඒ දවස .. අපි හැමොම පුල පුලා බලා සිටි  මමී බලන දවස..

Thursday, December 5, 2013

මමී සමඟ මමී බලපු හැටි (Part - 2) - උම්මා නැති ෆිල්ම් එකක් | Preparation for dumb end -_-

පඳුර වටේ තැලුවට මොකද කතාව කියන්න ඉඩක් ලැබුනේ නෑනේ.. ඒනම් කලින් ආවෙ නැති අය පල්ලෙහා තියන ලින්ක් එකෙන් නයිට් රයිඩර් කෝලමත් බලලම එන්න..

"මමී සමඟ මමී බලපු හැටි ( Part - 1 ) - නයිට් රයිඩර්, උම්මා එක සහ ළමා මනස | Knight Rider's hot Kissing :D"

---------------------------------------------------------------------------------------------------
--------------------------------------------------------------------------------------------------

ඉස්සර හැමදාම ඉරිදා කියන්නෙ  යාලුවො ඔක්කොම අපේ ගෙදර සෙල්ලම් කරන දවස..  දහම් පාසල් ගිහින් ගෙදර ආපු හැටියෙ  සන්ඩේ ඉස්පෙශල් කිරිබත  කන්න ඉඩක් නොතියා  ගමේ ඉන්න කොල්ලො රොත්ත බුරුත්තම අපේ ගෙදර එන්න පුරුදු වෙලා හිටියා .

මිදුලෙ ටිකක් වැඩිපුර ඉඩ තියෙන හින්දත් ගේට්ටුව ලඟ  ඉඳලා ගෙදර වෙනකම් පිච් එකක් වගේ පාර තිබුන හින්දත් ක්‍රිකට් ගහන්නම කියාපුම තැනක් තමයි අපේ මිදුල.. ඒකාලෙ පුංචියට තිබුනු ගහකොල දැන් ගොඩක් උසට වැඩිල හින්දා දැන් නම් ක්‍රිකට් ගහන්න ඒ තරම් ඉඩකඩක් නෑ.. කොහොම උනත් ඒ කාලෙ අපි හැමොගෙම නිදහස් නිවහල් ක්‍රීඩා භූමිය තමයි අපේ මිදුල ..

ඉතින් ඒ කාලෙ මහ දවල් ගිනියම් අව්වෙ ක්‍රිකට් ගහන්න පටන් ගත්තාම ආයෙ  සෙල්ලම ඉවර වෙන්නෙ කලුවර වැටිල බෝලෙ පේන්නෙ නැතුව ගියාම තමයි. බොහොම කලාතුරකින් දවසක ඉඳල හිටල කට්ටිය කැරම් අතක්  ගහල තේ බිබී ටි.වි එක බලනව   ඇරෙන්න වෙන කිසි විශේෂත්වයක් අපි කාටවත්ම තිබුනෙ නෑ ඔය ඉරිදා කියන දවසෙ  ක්‍රිකට් ගහන එක ඇරෙන්න