හනු කුරුප පලවෙනි පරිච්චේදයෙන් පසු අවුරුදු දෙකක කාලයක් ඉක්ම ගිය තැන බොහෝ දෙනෙක් පුල පුලා බලාගෙන සිටි හණුකුරුප දෙවෙනි පරිච්චේදය මෙසේ ඇරඹෙන්නේය. කියවන්නට පටං අරගන්නට පෙර නැවතත් පැවසිය යුතු දෙයක් ඇත. එනම් මෙම ලිපිය තුළ කිසිදු අසභ්‍ය වචනයක් නොමැත.. ඔබ මෙහි අසභ්‍ය වචන දකින්නේ නම් ඒ මගේ නොව ඔබේ අවුලක්ය. :D එසේ හෙයින් ලියා තියන දේ එලෙසින්ම කියවා ලිපිය තේරුම් ගනු විනා වචන එහෙ මෙහෙ කරමින් කියවා ලිපිය අග මුල නොතේරෙන ලිපියක් බවට හරවා ගෙන අවසානයේ මට දෙස් දෙවොල් තියන්නට විතරක් එපාය :D ලිපියේ ගලායෑම සිදුවන්නේ මේ ලියා තියන අයුරින්ම කියවූවොතින් පමනක් බව ඔබට මතක් කර දෙමි. නමුත් පටලගන්නම බලාගෙන සිටින අය වෙනුවෙන් කී දේ නාහන යකා උඩින් ගියත් එකයි බිමින් ගියත් එකයි යනුවෙන් කතාවක් ඇති නිසා වචන කීපයක් පටලා ගැනීම සදහාම හයිලයිට් කර දී ඇත :D ඉතින් හිතවත් පාඨකය පටලාගෙන මනස දූෂනය කරගැනීම ඔබ සතුය :D
Monday, June 20, 2016
Friday, January 22, 2016
වමනයේ මිහිරියාව :D | Lovely Vomitting
කබරයා
, කබා වැනි සුරතල් නාමයන්ගෙන් හදුන්වන “වමනය”හි නම කී පමණින්ම සමහරුන්ගේ බඩවැල් කලම්භාගෙන , අන්නසෝතය
ක්‍රමාකුංචනය කරගෙන , මුඛය දෙබෑ කරගෙන එන්නේ
වෙන කවුරුන් හෝ නොව ඒ ආදරණිය වමනේමය.. ලොකු කුඩා කොයි කාටත් වමනේ යනු ඒ තරම් අපුල අප්‍රසන්න
, කටෝර , ජුජුබ්සාජනක දෙයක් වී ඇත.. නමුත්
වමනය යනු මහා ඇරුම පුදුම දෙයක් පමනක් නොව ඒ තුළ ඇති සැඟවුනු මිහිරියාවක් ඇති බව කිවහොත්
ඔබ විශ්වාස නොකරනු ඇත… ආදරණිය පාඨකය.. එන්න අපි ඒ වමනයේ මිහිරියාව විඳගමු. :D
Monday, January 4, 2016
සිංහ ලේ බලු කර (නො)ගනිමුද ? !!!
මගේ ජාතිය සිංහලය... අනුගමනය කරන දර්ශනය ලොව්තුරා බුදුන් වහන්සේ විසින් වදාල උතුම් බුද්ධ දර්ශනයයි..සිංහල බෞද්ධ පරිසරයක හැදී වැඩුනු සහ ලංකාවේ බෞද්ධ අධ්‍යාපනයේ මුදුන් මල්කඩ වූ පාසලේ ඉගෙනුම ලැබූ මා තූල ඒ පිලිබඳ දැඩි විශ්වාසයක් මෙන්ම ලෙංගතුකමක් ඇත.. මගේ රට, මගේ ජාතිය, මගේ ආගම , මගේ පාසල, මගේ මව්පියන් , මගේ දේ තමයි හොඳම කියාගන්නා මමත්වයද සෑම පුතජ්ජන මිනිසෙකු තුළ ඇතිවාක් සේම මා තුළද ඇත... නමුත් එසේ වූ පමණින් මෙලොව තිබිය යුත්තේ මගේ දේවල් පමනක්ය යන බොළද පටු අදහස් නම් මා තුළ නැත.. බොහෝ අය වරද්දාගෙන ඇත්තේ එතනය...
Wednesday, October 7, 2015
Hiru TV , හිරු FM සහ ෂා FM අන්තර්ජාලය තුළින් ගෙනියන ජඩ මාධ්‍ය කලාව.

වගකිව යුතු මාධ්‍ය ලෙස බෝඩ් එල්ලාගෙන සිටින මෙම මාධ්‍ය රූපවාහිනී තිරයේ සහ ගුවන් විදුලි මාධ්‍යයේදී ලෝකෙට පෙනෙන්නට මාධ්‍ය සදාචාරයක් හා සංවරශීලීත්වයක් සහිතව ප්‍රවෘත්ති සහ අනිකුත් වැඩසටහන් ඉදිරිපත් කරනවා සේ පෙනුනත් ඔවුන්ගේ අන්තර්ජාලය තුල මාධ්‍ය භාවිතය තුක් නොදෝමකින්ය...
අන්තර්ජාලය තුළ ඔවුන්ගේ වෙබ් අඩවි සහ එම ගොසිප් අඩවි වලට අදාලව මූනුපොත තුළ සරණ ඔවුන්ගේ සබඳියන් දුටු පමණින්ම ඒ බව මොනවට පැහැදිලි වේ... එක්කො මේ මාධ්‍යය ජාලය තමන්ගේ අන්තර්ජාල භාවිතය සහ අන්තර්ජාල හැසිරීම කිසිදු මාධ්‍ය සදාචාරයක් නොදන්නා එවුං ටිකකට දී උඩ බලාගෙන සිටිනවා විය යුතුය. නැති නම් ලයික් සහ වෙබ් අඩවි වල හිට්ස් වැඩි කරගනිමින් තව දුරටත් වෙළඳ දැන්වීම් ප්‍රචාරය මඟින් මුදල් උපයීමම පමණක් අරමුණු කරගනිමින් මෙසේ හැසිරෙනවා විය යුතුය..
Monday, April 13, 2015
Friday, April 11, 2014
හොඳම අවුරුදු තෑග්ග | The New Year Gift
නංගි.. නංගි...
"අපි යනව කජු පුහුලම් ඇහිඳින්න.. ඔයා එන්නෙ නැද්දෝ.."
සුපුරුදු පරිදි සිරි අයියා උදේ පාන්දරම නඩේත් එක්ක ඇවිදින් ..පුරුද්දක් විදියට අවුරුදු කාලෙ උදේම මේ ළමා නඩේ කජුපුහුලම් ඇහිදින්න කජු ලන්දට යන එක පුරුද්දක් කරගෙන තිබුනා.. කලින්දා රෑ වවුල් රංචු හප කරපු කජු පුහුලම් අතරේ හොඳ ගෙඩි හොයාගන්න එච්චර අමාරු උනේ නෑ.. සිලි සිලි මල්ලකට ඒ හප කරපු කජු පුහුලම් එකතු කරන ගමන් බිම වැටිල තිබුනු ඉදිච්ච කජු පුහුලම් ටික කට දෙපැත්තෙ ඉස්ම බේරි බේරි කන්න මේ පොඩි උං රංචුවට පුදුම ආසාවක් තිබුනා..
මේ ලපටින්ගෙ අම්මලත් මේ කජු ලන්දට යන ගමන කොයිම විදියකටවත් විරුද්ධත්වයක් පලකලේ නැත්තෙ සිලි සිලි මලුවලට දාගෙන ගේන කජු ටික මහන්සියකින් තොරවම ගෙදරටම මේ පොඩි උං ගේන නිසා... අවුරුද්දට කාලෙට පිහෙන රසම රස කජු වෑංජනේට ගමේ කොයි කවුරුත් ආස කලා..
"අපි යනව කජු පුහුලම් ඇහිඳින්න.. ඔයා එන්නෙ නැද්දෝ.."
සුපුරුදු පරිදි සිරි අයියා උදේ පාන්දරම නඩේත් එක්ක ඇවිදින් ..පුරුද්දක් විදියට අවුරුදු කාලෙ උදේම මේ ළමා නඩේ කජුපුහුලම් ඇහිදින්න කජු ලන්දට යන එක පුරුද්දක් කරගෙන තිබුනා.. කලින්දා රෑ වවුල් රංචු හප කරපු කජු පුහුලම් අතරේ හොඳ ගෙඩි හොයාගන්න එච්චර අමාරු උනේ නෑ.. සිලි සිලි මල්ලකට ඒ හප කරපු කජු පුහුලම් එකතු කරන ගමන් බිම වැටිල තිබුනු ඉදිච්ච කජු පුහුලම් ටික කට දෙපැත්තෙ ඉස්ම බේරි බේරි කන්න මේ පොඩි උං රංචුවට පුදුම ආසාවක් තිබුනා..
මේ ලපටින්ගෙ අම්මලත් මේ කජු ලන්දට යන ගමන කොයිම විදියකටවත් විරුද්ධත්වයක් පලකලේ නැත්තෙ සිලි සිලි මලුවලට දාගෙන ගේන කජු ටික මහන්සියකින් තොරවම ගෙදරටම මේ පොඩි උං ගේන නිසා... අවුරුද්දට කාලෙට පිහෙන රසම රස කජු වෑංජනේට ගමේ කොයි කවුරුත් ආස කලා..
Friday, January 10, 2014
හණු කුරුප! හණුකුරුප!!-ගැමි සමාජය නරක් වීම | Don't Mess With Bad Words (13 +)
සියල්ලටම පෙර පැවසිය යුතු දෙයක් ඇත්තේය.. එනම් මා විසින් මෙය ලියනු ලබන්නේ බ්ලොග් අවකාශයේ පට්ටම් තකාගෙන නොවේය.. මට පට්ටමකින් වැඩක් නැත්තේය. එසේම මට මේවා ලියුවා කියා ලැබෙන පඩි යක්ද නැත්තේය.. එනම් මෙම සටහන ලියනුයේ පඩි තකා ද නොවේය. . යමෙකු පහුගිය දවසක විනය තකා බ්ලොග් පෝස්ට් දැමිය යුතු යැයි කියූහ.. සමියාද එය පිලිගත් නිසාවෙන් සම්පූර්න පෝස්ටුවම විනය තකාගෙනම ලියන්නේය..
නමුත් මෙය ළමයින් සදහා සුදුසු නොවන්නේය. එසේම කාන්තා පාර්ශවේ බොහොමයකටද මේවා අඳු කොළය.. ඉදින් මෙවැනි පෝස්ටුවක ඇත්තේ මොනවාදැයි දැනගැනීමට ඉහත ආරම්භයම ඇතිය.. එසේ හෙයින් සමාව වදාරා සමියා විසින් ලියන ලද වෙන පොස්ට් එකක් බලා කියාගෙන යන ලෙස ඒ අයගෙන් සමියා බොහොම කාරුණිකව ඉල්ලන්නේය.. අන්තිමට මේවා කියවා මා සමඟ උරන නොවී මට බණ තලන්න විතරක් එන්න එපා ය. කිමද මම බණ අහන්න අකමැති ය ..
Subscribe to:
Posts (Atom)





