ඊයේ 27 ය. ඔක්කොම සෙට් උනේය.. ඔක්කොම කිව්වට ඔක්කොමත් නෙමේය.. පෝරමය පිරෙව්ව උංගෙනුත් කීපදෙනක් නාවේය. ආව අය ජීවිතේ සදාතනික මතක සටහන් හදවතේ කොටාගෙන සතුටින් විසිර ගියෝය..
![]() |
ඔක්කොම සෙට්වූනූ ගෙට්ටුවේ ඔක්කොම සෙට් එක (චායාරූපය - මූනු පොතේ සිරා අයියාගේ පොටෝ ඇල්බමයෙනි..) |
අම්මට සිරි ය... කට්ටිය සූ සූ ගාලාය.. ගොඩක් උං අතිනුත් අල්ලගෙනය. සමියා ෆුල් හොල්මංය.. සමියා සිතුවේ ඒ ඔක්කොම ගේට්ටුවට පැමිනි උං කියාය.. හනි හනික ආටා එකෙන් පැනගත් සමියා සිරාව සොයාගෙන මල්වත්තේ ගේට්වුව දිහාට දිව්වේය..
මඟුලය..සිරා ඒ වන විටත් පැමින නැත්තේය.. තවත් ටික වේලාවකින් මල් වත්තේ ගේට්ටුව ඇරුනේය. සූ සූ කට්ටිය සිරාත් නොමැතිව ටිකට් අරං මල් වත්තට ඇතුල් උනේය. සමියා තවත් හොල්මංය. බැලින් නම් ඒ මල් වත්තේ මල් සුවඳ විඳගන්නට ආ වන බඹරුන්ය.. අහෝ බලු බල්ලෙක් නැත්තේය. බල්ලෙක් නැති උනාට එකම එක කොල්ලෙක් සිටියේය..
සමියා ඔහු වෙත කිට්ටුවී වචනයක් දැම්මේය. බැලින්නමේ ඒ දෙවාය.. මං දෙවාවවත් දෙවා මාවවත් දන්නේ නැතිය. එ සමියා අලුත් නිසාය. ඉතිං සමියාත් දෙවාත් කතා බහකර එකිනෙකා අඳුනගත්තෝය.
ඒ අතින් බලන කල දෙවා යනු බ්ලොග් අවකාශයේ සමියා නොදුටු මිතුරන්ගෙන් දුටු මිතුරන් ගොඩට එක් කර ගත් පලවෙනියාය.
ටික වෙලාවකින් පවනි තරංගා අක්කා පැමිනියේය.. අක්කා කවුද අක්කේ සමියා සුපුරුදු ලෙස ඇයව අඳුන ගන්නට සැරසුණේය. අක්කා දෙවාට සූ කියා දෙවාගේ කට වසා මල්ලී මම බ්ලොග් ලියන කෙනෙක් නෙමේ කියෝනව විතරයි කියා තඩි කෙප්පයක් ඇද බෑවේය..
කම්මල ගොයියාත් ආවේය.. කට්ටිය කතා කරමින් සිටින විට සිරා මං මීට පෙර කිසිදිනක දැක නැති ඇන්ටික් අස්පයෙක් පිට නැගී බැට්ද බෝලද විකට්ද සමඟ ප්‍රාදූර්බූත වූවේය..සෑමාද ආවේය.. ටික වේලාවකින් කට්ටිය එකා දෙන්නා එතැනට සම්ප්‍රාප්ත වන්නට අටන් ගත්තේය.. චතුමිතු අක්කාත්, රත්ගමයාත් , තරියාත් , නාඩියාත්, කස්සාත් එතෙනට පැමිණ සිටි පිරිස අතර වූවෝය.. පසුව තව තව බොහෝ අය ආවෝය.. හයිබ්‍රිඩ් බනියාද මලියාගේ කාරයෙන් පැමිනියේය.
සිරා ; සමියාටත් , කම්මලටත් භාරදූර රාජකාරිය පැවරුවේය... ඒ කට්ටියගේ අස්සන සහ රුපියල් දෙසීය අරගෙන කුකුල් මස් ඕනි අයට කුකුල්මස් ටිකට් එකත්, බිත්තර ඕනි අයට බිත්තර ටිකට් එකත් යනාදී වශයෙන් ටිකට් ලබාදිමය..:
කම්මල ගොයියාත් ආවේය.. කට්ටිය කතා කරමින් සිටින විට සිරා මං මීට පෙර කිසිදිනක දැක නැති ඇන්ටික් අස්පයෙක් පිට නැගී බැට්ද බෝලද විකට්ද සමඟ ප්‍රාදූර්බූත වූවේය..සෑමාද ආවේය.. ටික වේලාවකින් කට්ටිය එකා දෙන්නා එතැනට සම්ප්‍රාප්ත වන්නට අටන් ගත්තේය.. චතුමිතු අක්කාත්, රත්ගමයාත් , තරියාත් , නාඩියාත්, කස්සාත් එතෙනට පැමිණ සිටි පිරිස අතර වූවෝය.. පසුව තව තව බොහෝ අය ආවෝය.. හයිබ්‍රිඩ් බනියාද මලියාගේ කාරයෙන් පැමිනියේය.
සිරා ; සමියාටත් , කම්මලටත් භාරදූර රාජකාරිය පැවරුවේය... ඒ කට්ටියගේ අස්සන සහ රුපියල් දෙසීය අරගෙන කුකුල් මස් ඕනි අයට කුකුල්මස් ටිකට් එකත්, බිත්තර ඕනි අයට බිත්තර ටිකට් එකත් යනාදී වශයෙන් ටිකට් ලබාදිමය..:
නොදන්නා අය දැනුවත් කිරිම සඳහා සමියා මෙය අවස්තාවක් කොටගන්නේය. එතෙනට පැමිනි කස්ටියගෙ අස්සන ලබාගත් ඒ යුග යුගපුරුසයා (ඔව් ඔව් ඒ කොට ඩයල් එක තමා බොලව් :D) වෙන කවුරුවත් නොව සමියාය. ඉදින් බොලාට මා අමතක වන්නට නොහැක්කේමය..
සියල්ලෝම අස්සන ගැසුවේය. අස්සන යෙදීමේ කාර්යේදී හොඳම වැඩේ වුයේ පවනි තරංගා අක්කාටය.. පවනි අක්කා කීවේ මල්ලියේ මගේ අස්සන ඕනි නෑ ඔන්න ඔහෙ ටිකට් එක දීපං කියාය.. ඒවා මෙ සමියා එක්ක බැරිය. අස්සන ලබාගෙන මිස යන්නට නොදෙමියි තිර අදිටනින් යුතුව අක්කා දිහා නොයිඳුල් ලෙස සමියා බලාගෙන සිටියේය.ඒ දැක පවනි අක්කා අස්සන ගසම්දෝ නොගසම්දො සිතා ඇඹරුනාය.. ඒ දැක සමියාටද ලැජ්ජා සිතුනේය. සමියා, ඔන්න එහෙනං මං ඇස් දෙක වහගන්නවා අක්කා සයින් කරන්නයැයි පවසමින් අහක බලාගත්තේය... දඩි බිඩි ගා අක්කා අස්සන ගැසුවේය. සමියා අහක බැලුවාට ඒ දෙස හොරෙන් බලාගෙන සිටියේය . සමියාට එවැනිදේ කර මනා පලපුරුද්දක් ඇත්තේය..අක්කා සිතුවේ අක්ක දිනුම් කියලාය.. ඒත් අක්කාගේ අස්සන සමියා දුටුවේය..ඒ දුටු සමියා මඤ්ඤං තත්වයට පත් වුනේ ඇයි කියා තතු දත්තෝ දන්නෝය..
ටිකට් ලබාගෙන අවසානයේ සියල්ලෝම මල් වත්තට ඇතුල් විය. ඒ සිරා කොලුවාගේ සත් ගුනවත් ගයිඩින් කම ලබාගෙන ගම්පහ මල් වත්ත දැක බලාගැනීමේ මහා සංචාරයට එකතු වන්නටය.. තතු දත්තෝ පවසන ආකාරයට සිරා කොලුවා මෙ ගයිඩිං වැඩේ මාස ගණනක් තිස්සේ ගෙට්ටුව වෙනුවෙන්ම පුරුදු පුහුනු කර ඇත්තේය. මහා සංචාරයේදී ගහක මුලක්ද තව මොකක්ද මන්දා එකක්ද සිරා විසින් පිරිසට පෙන්වා දී ඇත. එයට සමියාටත් කම්මලටත් සහබාගි නොහැකි වුනේ පරක්කු වී එන අය වෙනුවෙන් ටිකට් ලබාදීමට රැදී සිටිය යුතු වූ නිසාය...
![]() |
-සිරා රබර් මුල පෙන්නූවා වාගේ- (සමියා මෙම අවස්තාවේ නොසිටි බැවින් මෙම චායාරුපය නාඩියාගෙන් ඉස්සීමට සිදු විය ) |
ටිකට් ලබාදීමේදි තවත් රසබර සිද්දියක් උනේය.. මල් වත්ත ඇතුලට ගොස් සැවොම සිරාගෙ මග පෙන්වීම යටතේ මල් වත්තේ සිරි නරඹන අතරතුර එක අයෙක් එය නොතකා නැවතත් මල් වත්තේ පිවිසීමේ දොරටුව අබියසට පැමිනියේය.. ඒ වෙන කවුරුත් නොව රත්ගමයා ය. රත්තා ආවේ මනමාලියෙක් බලන්න එනවා වාගේය..සමියා මූ මොකාටද එන්නේ කියා රත්තා දෙස බලා සිටින මොහොතේ රත්තාගේ දෙයැස් තිබුනේ වෙන කොහේවත් ය. සමියාට පසු පස හැරී බලන්න වෙලාවක් නොවීය..රත්තා ලඟ සෙලීනා ගෝමස් ය. සමාවෙන්න , සෙලීනා ගොමස් ලග රත්තාය..
රත්තා සෙලීනාට පේන්න පර්ස් එක ඇද්දේ සෙලීනා වෙනුවෙන් මුදල් ගෙවීමටය...සත්‍ය වශයෙන්ම පර්ස් එක ඇද්දා නොව පර්ස් එක අදින්න සැරසුනා පමණිය.. ඉදින් සෙලීනා තව දුරටත් රත්තාව අපහසුතාවයට පත් නොකර වහාම ඇය වෙනුවෙන් මුදල් ගෙවා ටිකට් පත ලබාගත්තාය.. රත්තා ලෝකල් සෙලීනාවත් කැන්දාගෙන කැදවාගෙන නැවතත් මල් වත්ත වෙත පියමැන්නේය..
සමියාත්, කම්මලත් වැඩ අවසන් කර මල්වත්තේ පිට්ටනිය වෙත යනවිට ඊ ලග අංගය වුනු ක්‍රිකට් තරගය පටන් ගැනීමට කටයුතු සුදානම් කරලාය.. සිරා කොලුවා ගෑනු දරුවන් ක්‍රිකට් තරගයට සහබාගි කරවා ගැනීමට නොවදිනා වැදුම් වැන්දේය. ම්හුය... කෙල්ලෝ මරලාවත් ක්‍රිකට් ගැසීමට කැමති නැත්තෝය.. ඒකට අපේ ශම්මි කෙල්ල හෙන ෆෝව'ඩ් ය. ඇය සමස්ත කාන්තාපරපුරටම ආදර්ශයක් දෙමින් ක්‍රිකට් ගැසීමට ඉදිරිපත් වූවාය.. නමුත් වෙනත් කිසිදු ස්ත්‍රී රත්නයක් ඉදිරිපත් නොවිම නිසා ශම්මි කෙල්ල පසු බැස්සාය. ක්‍රිකට් ගසා වැඩ පෙන්නන්නට මැවූ ශම්මිගේ සිහිනය එලෙසින් බොද උනේය..:P
ඉස්සෙල්ලම බැට් කරන්නේ කවුදැයි සෙවීමට තුණ්ඩු උඩ දැමූ පසු තුණ්ඩු ගැනීමට පොරකන බ්ලොග් කරුවන් |
තුණ්ඩුවේ ඇත්තේ මොනවදැයි බලමින් |
ක්‍රිකට් වලට ලැදි සුදීක අයියා මයික් එක අතැතිව සිටියේය..ජීවිතේට අසා නැති ක්‍රිකට් තරගයක් ඔහු සංවිදානය කලේ මීට පෙර මෙවැනි ජාත්‍යන්තර තරගයක් තිබුනු බවත් අර්ජුනත්, අරවින්දත් එහෙම එකකට සහභාගි වී ඇති බව පවසමින්ය. කණ්ඩායමකට ක්‍රීඩකයන් දෙන්නෙක් බැගින්ය. කණ්ඩායමකට අන්දුවාර දෙක බැගින්ය... අනිත් සියලු කණ්ඩායම් එක් කණ්ඩායමක් තරඟ කරන තුරු පන්දු රැකිය යුතුවිය..
එතනත් සිරා මැද්දට පැන්නේය.. සිරාට සන්තකෙටම තිබුනේ බෝල 2 කිය. බෝල දෙක පලා
ගැනීමට සිරා දැඩි ලෙස බිය විය.. ඉදින් බොල දෙකම රැකගනු වස් සිරා නිති
දැම්මේය.. 6යේ පාරක් ගැහුවොත් එය 4ක් වශයෙන්ද 4රේ පාරක් ගැහුවොත් එය 6ක්
වශයෙන්ද සලකන බව ඔහු කීවේ එවිට වැරෙන් ගසනා 6යේ පාර නොගසා සියල්ලොම බිම
දිගේ 4රේ
පාරවල් ගැසීමට පෙළඹෙන නිසා බොලේ ආරක්ශා වෙන බැවින්ය.
පාරවල් ගැසීමට පෙළඹෙන නිසා බොලේ ආරක්ශා වෙන බැවින්ය.
උපදෙස් දෙමින් |
දෙදෙනා බැගින් ක්‍රිකට් ගැසීමට කණ්ඩායම් සැදුනේය..අපූරු තරගයක් නිසා ක්‍රිකට් ගැසීමට නොහැකි සමියාද තමන් සමග කතා බහ කරමින් සිටි ජින්ජිබිරිස්වත් බලෙන් ඇදගෙන ගොස් අවසානයේ නම දුන්නේය. අවසානයේ කණ්ඩායම් 12ක් හැදුනේය.. සැවොම පිටියට අවතීරණ වු පසු සෙල්ලම පටන් ගත්තේය..
පිටියට අවතීරන වෙමින් |
පෙර සූදානම් වීම් |
සුදීක මහ විනිසුරු වූ අතර
සිරා පොඩි විනිසුරුද තරග තීරකවරයාද වූයේය. පන්දුවක් අතෑරුන විට හූවක්
දෙකක් දීමට එම විනිසුරුවරයා පසුබට නොවූයේ සමස්ත ලෝක ක්‍රිකට් විනිසුරු
වරුන්ට ආදර්ශ සපයමින්යප්රේක්ශක්යන්ටත් වඩා වැඩියෙන් සිටියේ පන්දු රකින්නන්ය.. බලන බලන තැන බෝලෙ අල්ලන්න මාන බලමින් සිටි තරඟ කරුවෝය.. ඉදින් පිටියට පිවිසෙන පිති කරුවන්ට අඹ සරණය. පිත්ත ඇතැතිව පැමිනෙන සියලුම පිති කරුවන්ට පන්දුවට පහරදීම පසෙක තබා ලකුනෙන් දෙකෙන් පිටියෙන් දොට්ට යාමට සිදුවන්නේය.. ..
බොලෙ යැව්වෙ මෙහෙමලු ඈ |
පිති කරුවන්ගේ වැඩ ලකුණු සටහනෙන්ම ඔබට පෙනෙන්නේය. .
ලකුනු සටහන :P :D |
ඉදින් සියල්ලෝම පිතිකරනයේත් පන්දු රැකීමෙත් නියලුනාහ... කස්සා නිවුන්
සොයුරන්ගේ කණ්ඩායමත් , දෙවාගේ කණ්ඩායමත් වැඩිම ලකුනු ලබාගෙන සිටියෝය..
රත්තා කියන විදියටමලු අනිත් උං හිටියෙ :P |
විකට් කීපර්ලා සෙට් එකක්ම :D |
අවසන් මහා තරගයක් ඔවුන් අතර පවත්තන්නට සංවිධායකයින් තීරණය කලෝය.. කට්ටියගේම
බඩගින්න හිස ඔසවා තිබූ බැවින් තරගය දිවා ආහාරය සදහා මොහොතකට නතර කරන්නට
සිදු වුනේය.
කන්න දෙනකන් කට්ටිය විවෙක ගත්තෝය..ඒ අතර සෑමෑ තමන්ගේ සපත්තු දෙක උස්සා ඇති බව කියා මර හඩ තැලුවේය.. ක්‍රිකට් තරගයට යනවිට සිරා කොලුවාද අසරණ වූ සෑමා වෙනුවෙන් කතා කලේ බස්(z) රේඩියෝ හරහා මුලු මහත් ලෝකයාටම සපත්තු දෙක සොයාදෙන්න යැයි ඉල්ලමිනි.. පාත්තු දෙක හම්බ වෙනකන් තොපිට කෑම දෙන්නෑ අද, කියා සෑමා පිරිසට තර්ජනේ දැම්මේය. එම තර්ජනය සපත්තු දෙකට ඇසුනේ නැතිය. සපත්තු දෙක සෑමා සොයා පැමිනේයෙද නැති නිසා අවසානයේ සෑමා කර බාගෙන කෑම ගෙන ඒමට පිට උනේය..
කන්න දෙනකන් කට්ටිය විවෙක ගත්තෝය..ඒ අතර සෑමෑ තමන්ගේ සපත්තු දෙක උස්සා ඇති බව කියා මර හඩ තැලුවේය.. ක්‍රිකට් තරගයට යනවිට සිරා කොලුවාද අසරණ වූ සෑමා වෙනුවෙන් කතා කලේ බස්(z) රේඩියෝ හරහා මුලු මහත් ලෝකයාටම සපත්තු දෙක සොයාදෙන්න යැයි ඉල්ලමිනි.. පාත්තු දෙක හම්බ වෙනකන් තොපිට කෑම දෙන්නෑ අද, කියා සෑමා පිරිසට තර්ජනේ දැම්මේය. එම තර්ජනය සපත්තු දෙකට ඇසුනේ නැතිය. සපත්තු දෙක සෑමා සොයා පැමිනේයෙද නැති නිසා අවසානයේ සෑමා කර බාගෙන කෑම ගෙන ඒමට පිට උනේය..
රජ සැප විදීන අඩවි රජ :D |
ඔය අතර වීපොකුරේ වීයාටද, අඩවි රජාටද, මඩිස්සලේ නිශාන්ටද, සමියා වන මටද මරු භාන්ඩයක් නෙත ගැටුණෝය.ඒ වෙනකක් නොව සිරාගේ ඇන්ටික් අස්පයාය.. හද්ද පරණ උනත් සිරා කොලුවා සත් ගුනවත් නිසාදෝ පුටු පුටුව ඉතා හොඳ තත්වයේ තිබුනේය.. කෞතුක භාණ්ඩ වලට පුරාවස්තු වලට කවදත් ආදරේ කල සිරා සතු මේ අපූරු භාණ්ඩයට වීයා පෙම් බැන්දේ ය. අතපත ගෑමෙන් සැනසීමක් නොලද ඔහු එක එක ඉරියව්වලින් හිද පොටෝවලට මූනදුන්නේ සයිකලය තමන් සතු නොවුනත් එහි පොටෝවක් හෝ තමන් සතු කරගැනීමේ අදහසිනි විය යුත්තේය
පුරා වස්තු :P |
බඩගින්න ගිනිගෙන දැවී පිච්චී යන්න ඔන්න මෙන්න තබා තිබියදී යන්තම් සිරාත් සෑමාත් කෑම ටික උස්සං ආවෝය.. කට්ටිය වැටුනු වැටුනු තැංවල ඉදගෙන කෑවෝය.. කන අතරතුර සිරා, සිය සත්ගුණවත්කම පෙන්වමින් කන අයට පපඩම් බෙදුවේය..
වැප් ගේ බත් දේශනාව |
බත් දේශනාව අසන වැප්ගේ අනුගාමිකයින් :D |
පිරිස කෑම කා අවසන් වුවෝය. කා බී අවසන් වූවායැයි පැවසිය නොහැක්කේ බොන අය (වතුර) බී අවසන් වී නොමැති නිසාය.. සෑමාගේ ස්විෆ්ට් කාරය අස්සේ කට්ටිය සෙට් උනේය.. සිරා සමියාටද. සමියෝ ආ යැයි පැවසුවත් සමියා අමද්‍යප බැවින් එය පිලි නොගත්තේය.. කස්ටිය මද පමනින්ද අටමා ටිකක් විතර වැඩි පමනින්ද ස්ටෙලා වී තිබුනේය..
පොල් කොටේ උඩ බත් කමින් |
කතා |
කෑම අවසානයේ තොප්පි සෙල්ලමක් බවලතුන් වෙනුවෙන් සංවිදානයකර තිබුනු හෙයින් එය පටන් ගැනීමට සියලුම කාන්තාවන්ට ඉදිරිපත් වීමට නියම වූයේය.. සමියා සමඟ කතා බහ කරමින් හුන් සිත්තරීව තරගය වෙත යැවීමට බස් රේඩියෝ අක්කලාටද සමියාටද මහත් වෙහෙසක් දැරීමට සිදු විය. අවසානයේ සියලු කාන්තාවන් තරඟය සඳහා ඉදිරිපත් විය.. සමාවෙන්න තව පොඩ්ඩෙන් සමියාට වරදින්නේය.. ලැජ්ජ බයට හැදුනු පවනි තරංගාට මෙම තරඟයට ඉදිරිපත් වීම මදිකමක් ලෙස දැනුනු හෙයින් ඈව පමණක් තරගයෙන් සංවිදායක වරු නිදොස් කොට නිදහස් කලෝය..
සංගීත තොප්පි තරගය ඇරඹුනේය.. තොප්පි හිසෙන් හිසට මාරු උණේය..
සංගීත තොප්පි තරගය ඇරඹුනේය.. තොප්පි හිසෙන් හිසට මාරු උණේය..
ඔක්කොම තරඟකරුවෝ |
ප්‍රාර්තනා තොප්පිය අතැතිව |
සංගීතය නැවතුනු විට තොප්පිය හිස ලූ තරඟ කාරිය ඉවත් වූවාය..ඉස්සෙල්ලාම තොප්පිය වැටුනේ බස් රේඩියෝ අයේශා අක්කාටය.ඈ ඉවත් වූවාය..
බලු කුක්කත් තොප්පිය දාගත්තද? :D |
ප්‍රේක්ශක ජනතාව සහ තරඟකරුවෝ |
අන්තිම හතර දෙනා |
අවසානයේ චතු මිතූ අක්කා අනූශා අක්කාට තොප්පිය දමා තරගයෙන් දිනුවාය..
අන්තිම මොහොතේ.. කොහොමින් හරි දිනුවෙ චතු මිතු අක්කා (දකුණ :) |
ඒ තරගයෙන් පසුව නැවතත් මහා ක්‍රිකට් සංග්‍රාමය පටන් ගත්තේය.. දෙවාත් ,නිරොශනුත් එක් කණ්ඩායමකත් කස්සා දෙසොහොයුරෝ අනික් කණ්ඩායමේත් තරඟ කලෝය.. බස්(z) රේඩියෝ තරගය විස්තර විචාරය කල හැටි අපූරුය. ප්‍රේමසර ඈපසිංහයන් පරදවා නිවේදකයෝ විස්තර විචාරයක් දියත් කලෝය. ඔවුහු පැවසුවේ තරඟ කරුවන් ජාත්‍යන්තර ක්‍රිඩකයෝ බවය.. ජාතික කණ්ඩායම නියෝජනය කලා පමණක් නොව නියෝජනය කල වසර, තැබූ වාර්තා ගැන පවා තොරතුරු ඔවුන් ඉදිරිපත් කලොය..
මල් වත්තට පැමිණි අනික් ඈයෝ ඒ දෙසූ බේගල් වලට මොනවා සිතන්නට ඇත්තේ දැයි සමියාට සිතුණේය..
කොහොමින් හෝ අවසානයේ කස්සලාව පරදවා දෙවාලා කප් එක(යෝගට් කප් එකක්වත් ඇහැට නං දැක්කෙ නෑ..) වයඹට ගෙන ගියෝය.
මෙයාලව අපි වත් ගන්න එපැයි |
මුලු දවස පුරාම බස් රේඩියෝ එක එක එක්කෙනාව ඉන්ටවීව් කර අමාරුවේ දැම්මේය.. අයේශා අක්කාත් , දුලාන් අයියාත්, නෙරංජි අක්කාත් එයට වග කිව යුත්තෝය.
දුලාන් ට ප්‍රශ්නයක් මතු වී |
අයේශාගෙන් නිශාන්ට ප්‍රශ්නයක්!! |
නෙරංජි අක්කාටත් ප්‍රශ්නයක්!! |
අයේශා අක්කාට අඩවි රාජාව ඉන්ටවිව් කිරීමට අවශ්‍ය වූවාය. අඩවි රජ මාධ්‍ය සාකච්චා වලට බයය . අකමැති ය.. අක්කා මයික් එක අරගෙන රජාගේ පස්සේ පැන්නුවාය.. රාජාද කකුල් දෙකට වැඳ වැඳ මයික් එකට බයේ පලා ගියේය.
ශම්මි ගැනද වචනයක් කිව යුත්තේය. දෙන්නෙක් කතා කරමින් සිටිනා ස්තානයක් වෙත කඩා පනින්න හොද නැත්තේය..නමුත් සමියා ඒවා නොතකා බාල්දිය පෙරලමින් පැන්නේය.. සමියාට ඕනි වුනේ සාදිරිසා පිළිබද ශම්මියා ගෙන් අසා දැනගන්නය එතනදි මට අහන්න දකින්න ලැබුනු දේවල් කියන්න මට අවසර නැත්තේය.:P
ශම්මි ගැනද වචනයක් කිව යුත්තේය. දෙන්නෙක් කතා කරමින් සිටිනා ස්තානයක් වෙත කඩා පනින්න හොද නැත්තේය..නමුත් සමියා ඒවා නොතකා බාල්දිය පෙරලමින් පැන්නේය.. සමියාට ඕනි වුනේ සාදිරිසා පිළිබද ශම්මියා ගෙන් අසා දැනගන්නය එතනදි මට අහන්න දකින්න ලැබුනු දේවල් කියන්න මට අවසර නැත්තේය.:P
අවසානයේ පැවැත් වූයේ ගීතයෙන් ගීතය තරඟය ය. එයද රස සාගරයක් වූයේ ය. නෙරංජි, දුලාන්, උමා නලීන්, පවනි, තරියා, සෑමා, නාඩි යා, රත්ගමයා හා සෙලීනා ඇතුලු තරග කරුවන් තරගයට මූන දුන්නෝය..
(සින්දු කියපු ඔක්කොම සෙට් එක) |
රත්තා ගීතයක් ගැයීමේ උස්සහයක |
නටමින් :D |
එක එක්කෙනා හැලෙමින් ගියෝය. සෙලීනා කෙල්ල සින්දු රචනා කලාය.. නාඩියාත් ඔහුටම ආවේණික ඌ ගීත ගායනා කලේය.. නමුත් අවසානයේ නෙරංජි අක්කාත්, සෑමාත් , උමාත් ඉතිරි වූවෝය. සෑහෙන තරඟ්යක් දීමෙන් පසු නෙරංජි අක්කාද ඉවත් වූවාය.
සෑමා දත් පෙන්නා ගයයි :D |
උමා අක්කට සිරාවටම සින්දු කියන්ඩ පුලුවං ඈ |
සෑමා සින්දු කිව්වෙ බලා ඉන්න උංට ඇඩෙන සයිස් එකටය. සින්දුවක් කීමට එතරම් අමාරු ඉරියව් වලට යා යුතු බව සමියා දැනගත්තේ එදාය. සෑමා නං පවසන්නේ ඔහු සින්දු කීවේ බොක්කෙං බවය. සමියාටද එය ඇත්ත යැයි සිතෙන්නේ බොක්කෙ තියන සින්දු එලියට ගැනීමට සෑමා වරින් වර නැමුන නිසාවෙන්ය.
බොක්කෙන් සින්දු කියන්නෙ මෙහෙමයි ඈ :D :D |
අවසානයේ සෑමා දින්නේය. සින්දුවක් කියන්න සෑමා පුදුම දුකක් වින්දේය. එය දන්නේ බලාගෙන සිටි අපි ය.. සෑමා එය දන්නේ නැත.. ඔහු සිංදු කිව්වෙ ආතල් එකේ ය.නමුත් වින්ද දුක දැක්කේ අපි ය..ඒ නිසා ඔහුට තරඟයේ ජය හිමිවිය යුතුමය..
දුක් විඳින සෑමා :P |
අවසාන මොහොත එලඹියේය..විසිර යාමට මත්තෙන් ජයග්රාහකයින්ට තෑගි බෙදාදුන්නේය... සුදීක අයියාගෙ අතිනුත් , නලීන් අයියාගේ අතිනුත් නිරංජි අක්කාගේ අතිනුත් තෑගි ජයග්‍රාහකයන්ගේ අත්වලට ගියේය.
![]() |
නිරංජි සොයුරිය අතින් චතු මිතුට |
නමුත් සෑමා, අයියලාගෙන් තෑගි ගන්නට දැඩි ලෙස අකමැත්ත පළ කලේ ය. සිරා ගේ හදවත සසල වී සෑමාට තෑග්ග ලබාදීමට උමාට අඩගැසුවේය.
![]() |
උමාගෙන් උම්මා :* :* :D |
නලීන් අයියාට කතාවක් පැවැත් වීමට වුවමනා වූයේ ය.. තම සිතට නැගුණු අවංක අදහස් වචන වලට පෙරලුවේය..අවසානයේ අත්පොලොසන් හඩ මැදින් කතාව අවසන් කලේ ය.
ජේස්ට කතා |
නලීන් අයියා ලඟ අටමා අටං අයියා සිටියේ ය.(අටං අයියාට අටමා යනුවෙන් වදාරා නිශාන යා ඊයේ හොඳ හැටි අහගත් නිසා මං එසෙ පවසන්නේ නැත්තේය.) ටිකක් වැදුනු හින්දමද මන්දා අටංටද පිරිස අමතන්නට සිත් උනේය..
නලින් අයියාගේ කතාවට අටංට කික් වී :D |
ඔහුද මාර ඇමතිල්ලක් ඇමතුවේය.. සිරා මයික් එක උදුරා ගන්නට තැත් කලේය. නමුත් අටමා එයට ඉඩ නොදුන්නේය.. දිගටම කතාව කරගෙන ගියේ ය.
සිරා අටංගෙන් මයික් එක උදුරගන්නට සැරසේ අටං ඉඩ නොදේ :D |
අටංගෙ කතාව අහන ප්‍රේක්ශක ජනතාව :D |
ශම්මි කෙල්ලට හීන් දාඩිය දමන අවස්තාව (කෙල්ලේ මං උඹව හැමදාම බුකියේ දකිනෝ :D:D) |
තව පොඩ්ඩෙන් ශම්මි කෙල්ලට ඇපත් නැති වෙන්නේ ය, නංගියෙ මං උඹව පේස් බුක් එකෙන් හැමදාම දකිනවා යැයි කියාගෙන අටං ශම්මියා දෙසට හැරුණේ ය. ශම්මිට හීන් දාඩිය දැම්මේ ය.. ශම්මිගේ තාත්තා පැමිණ සිටියේ ය, ශම්මියා දෙවියන්ට පින් දුන් හෙයින්දෝ අතක් පයක් නොකැඩී බේරුනා ය
එම කතාවෙන් පසුව සිරා; හා දැං ඉතිං ඉවරයි කීවේය..අවසානයේ එකතු කරගත් සුන්දර මතකයන්ද මඩ බාල්දිද රැගත් සභා තුමූ සතුටින් විසිර ගියහ..!!!
එම කතාවෙන් පසුව සිරා; හා දැං ඉතිං ඉවරයි කීවේය..අවසානයේ එකතු කරගත් සුන්දර මතකයන්ද මඩ බාල්දිද රැගත් සභා තුමූ සතුටින් විසිර ගියහ..!!!
පසු සටහන
මෙතනින් එහාට මඩ නැත... වැනුම් පමණක් ඉතිරි කරමි...
**සියල්ලටම පෙර සිරා ගැන කිව යුතුය.. මෙවැනි සොදුරු මිනිසුන් එක දවසක එක මොහොතක එකට මුණ ගැසෙන්න ඔහුගත් මහන්සියට, කැප කිරිමට එදින පැමිණි සියලුම බ්ලොග් කරුවන් ඔහුට ස්තූතිවන්ත විය යුතුය.. සිරා සැබැවින්ම සොදූරු මිනිසෙකි. සුහදව වැඩ කළ හැකි පුද්ගලයකි. සමියාගෙ නොමද ගෞරවය සිරා කොලුවා වෙත මෙයින් පිරි නමමි..
**ඊලඟට සෑම් අයියා ය. මේ කර්තව්‍ය සාර්තක කරගැනීමට සිරාට නොමදව සහයෝගය ලබාදුන්නේ සෑම් අයියා ය. හරිම විනෝදකාමී පුද්ගලයෙක් ලෙසත් බොහෝම නිහතමානි පුද්ගලයෙක් ලෙසත් සමියා, සෑම් අයියාව දැක්කේය
**අටමා සමඟද සමියා කතා කලේ ය. ලක්මාල් අයියා බොහොම සරල ඒවගේම ගොඩක් මනුස්සකම තියන පුද්ගලයෙක් .. සමියාත් සෑමාත් අටං අයියාත් කම්මලත් එකට එකතු වී කතා බහ කරන මොහොතේදී ඔහුව හොඳ හැටි අඳුනා ගැනීමට සමියාට හැකිවිය.ඒ වගේම බ්ලොග් ලෝකයේ වීරයෙක් ලෙස සමියා ලක්මාල් අයියාව හදූන් වන්නේය..
**ක්‍රිකට් තරගය අතර තුර යූ ට'න් ලියන ජින්ජිබිරිසුත්, මඩිස්සලේ නිශානුත් සමියාගෙ බොක්කෙම ෆිට් බවට පත් උනේය..ඔවුන් දෙදෙනාත් ශම්මිගේ සිහින සිතිජය ලියන ශම්මි කෙල්ලත් සමවයසේ නිසා ෆිට් එක වැඩිය.. ඔවුන් බ්ලොග් ලෝකේ සිටින අය අතරින් සමියාගේ හොදම මිතුරන් වන්නේය.
**වී පොකුරේ වීයා අයියාත් සමගත් කතා බහකල සමියා ඔහු සැබැවින්ම ඉතා සොඳුරු මිනිසෙකු බව පසක් කරගත්තේය..
**මුලින්ම සමියාට හම්බවුනු කම්මල අයියාද සොදුරු මිනිසෙකි.. ටිකට් කර්තව්‍ය නිසා එදින ඔහුව වැඩිම වේලාවක් ආශ්‍රය කලේ සමියා වන්නට ඇත..
**ශම්මි කෙල්ලගේ යාලුවා වූ නොහිමුනු ඇසද ශමිමි විසින් සමියාට අඳුන්වා දෙනු ලැබුවේ ය. ඉදින් ඔහුත් සමියාත් දැං හොද මිතුරන් වී හමාර ය.
**නලීන් දිල් රුක්ශ අයියාත් බොහොම සුහද මිනිසෙකි.. ඔහු හදවතින් බ්ලොග් කරුවන්ට කොච්චර සමීප වී ඇද්ද යන්න ඔහු අන්තිමට කල කතාවෙන් මොනවට පැහැදිලි වන්නේය.
**සුදීක අයියාත් අවසානය වනතෙක්ම රැදී සිටියේ ය. සමියා සමඟ බොහොම හොදඉන් කතාබස් කලේ ය. නිහතමානී පුද්ගලයෙක් ලෙස සමියා ට ඔහුව දැනුනේ ය.
**කස්සගෙ මැස්ස ලියන කස්සාවත් ඔහුගෙ නිවුන් සොයුරාත් සමියාට බොහෝ හිතවත් වූයේ ය,.
**ලොකු ජෝන්ගේ නම ඇසෙන විට සමියාගේ හිතේ මෙච්චර කල් මැවුණේ ලිට්ල් ජෝන්ව ය. තවදුරටත් එය එසේ නොවන්නේ ය. ලිට්ල් ජෝන් ගේ සද්දන්ත ශරීරය වෙනුවට සද්දන්ත හදවතක් ජෝන් හට පිහිටා තිබුණේ ය.
**සුදීක අයියාත් අවසානය වනතෙක්ම රැදී සිටියේ ය. සමියා සමඟ බොහොම හොදඉන් කතාබස් කලේ ය. නිහතමානී පුද්ගලයෙක් ලෙස සමියා ට ඔහුව දැනුනේ ය.
**කස්සගෙ මැස්ස ලියන කස්සාවත් ඔහුගෙ නිවුන් සොයුරාත් සමියාට බොහෝ හිතවත් වූයේ ය,.
**ලොකු ජෝන්ගේ නම ඇසෙන විට සමියාගේ හිතේ මෙච්චර කල් මැවුණේ ලිට්ල් ජෝන්ව ය. තවදුරටත් එය එසේ නොවන්නේ ය. ලිට්ල් ජෝන් ගේ සද්දන්ත ශරීරය වෙනුවට සද්දන්ත හදවතක් ජෝන් හට පිහිටා තිබුණේ ය.
**නාඩියාවත් මතක් නොකරම බැරිය.. සැබැවින්ම නාඩියා දුටුවනම සමියාට පොරව හිතට ඇල්ලුවේ ය. නාඩියාගේ කොට ශරිරය කොට සමියාත් කොට පුද්ගලයෙක් නොවන බව මතක් කර දුන්නේ ය. :P
**අඩවි රජ තුමාද ඉතා අපූරු චරිතයක් ය... පැපරාසි ක්‍රියාවල යෙදීමට උස්සහ ගත්තත් අඩවි රජතුමාත් සමියාත් හොඳ මිතුරන් වූවො ය.
**බුකියේ මිතුරියක්ව සිටි සිත්තරී සමගද සමියා බොහෝ වේලා කතා බහ කල කලේ ය. තව දුරටත් සිත්තරී අක්කා සමියා ගේ නොදුටු මිතුරියක් නොවන්නේ ය.
සිත්තරී සම්ඟ සිටි හසිගේ සිතිවිලි ලියන හසි අක්කාව වත් සමියාට හොඳ හැටි මතක ය.
**රත්ගමයා යනු සමියාගේ බ්ලොග් වීරයා ය. සමියා ගේ ප්‍රියතම බ්ලොගයත් රත්ගමයා බ්ලොගය .. ඉදින් රත්ගමයා සමඟ කතා බහ කරන්නට් ලැබීම සමියාට මහත් සතුටක් වන්නේ ය.
**අන්තිම පෙලියේ ඇන්ඩයියා ලඟටද සමියාව එක්කගෙන ගිය ජින්ජිබිරිස් ඔහුට සමියා ව අඳුන්වා දුන්නේ ය. බැලින්නම් ඒ ඔනමැන්ටල් හෙවත් ඔනයා ය. අන්තිම පේලියට ලිපි කීපයක් ලියා ඇති නිසා ඇන්ඩයියා හෙවත් ඔනයාට සමියාව මතක තිබුනේ ය. බොහෝ සරල පුද්ගලයෙක් ලෙස සමියා තේරුම් ගත්තේ ය.
**තරියාවද සමියා දැක බලා ගැනීමට සැදී පැහැදී සිටි පුද්ගලයන් ගෙන් කෙනෙකි. අටම්පහුරේ කතාවක ඔහුගෙ නම සටහන් වූ දවසේ පටන් සමියා, තරියාගේ කෙරුවා ව සමඟ රැදී සිටින්නේ ය.
**තඩි බනියාවද සමියා බොහෝකලක සිට දන්නේ ය. බනියාගේ යාලුවා උනු මලියාවත් බනියාවත්, සමියා එදා දැක බලාගත්තේ ය..
**ඒත් සමඟම බුකියේ මෑතකදී හමු වුනු පුස්කොල පොත ලියන බට්ටාවත් මෙ ගමන්ම සමියා සිය මතකයට නඟා ගන්නේ ය. ඔහුත් සමග සිටි මගෙ හද ගැස්ම ලියන සොයුරාවද සමියා ට මතක ය.
**ගෙට්ටුවට පසුව ප්‍රාර්තනා අක්කාට සමියාව වත්, සමියා ට ප්‍රාර්තනා අක්කාව වත් මතක තිබුනේ නැතිය.. පොටො ටැග් කිරිම් හරහා මිතුරන් උනු සමියා ත් ප්‍රාර්තනා අක්කාත් කතා බහ කර නැවත මතකයන් අලුත් කර අඳුනාගෙන හොදම මිතුරන් වූයේ ය..
**එලෙසම එදින බස් රේඩියෝවේ නිවෙදිකාවක වු අයේෂා අක්කාවද බුකිය මාර්ගයෙන් පසුව සමියා හොදීන් ඇදින ගත්තේ ය
**කතා බහ කරන්න බැරි උනත් නෙරංජි අක්කාව වත් , උමා අක්කාවත් , චතුමිතු අක්කාව වත් කිසිදා අමතක නොවන ලෙස සමියාගේ හදවතේ රැදුනේ ය.
**පවනි තංගා අක්කා සමියාට නම හෙලිකිරීමට මැලි උනත් ඇයවද මෙ මොහොතේ ආදරයෙන් සිහිපත් කරන්නේ ය.
**ක්ලාස් කට් කර පැමිනි මියුරු සමඟ බිම්සර හි බිම්සර මල්ලියා සමියාට බාල එකම චරිතය උනේ ය. කතා බහ කරන්න හදන විට කවුදෝ බිම්සරයා විසින් කරපු විහිලුවක් නිසා පස්සෙන් එලවන්න පටන් ගත් නිසා වැඩිපුර කතා කරන්නට නොහැකිවිය.
**සමියා සමඟ වැඩිපුර කතා බහ නොකලද පුසාවත්, ස්කුබියාත්; සමියා හදවතේ සටහන් කරගෙන හමාර ය.
**චමී 4 යූ ,සයින් කරන මොහොතේ සමියා සමඟ කතා බහ කලත් එතනින් පසු ඔහු සමඟ කතා බස් නොකල නිසා වහාම ක්‍රියාත්මක වන පරිදි සමියාට ඔහුව මතක් කර දෙන ලෙස ඉල්ලා සිටිමි..
**යනවා දැක්කෙ නැති උනත් සිහින මදාරා අක්කා සමඟත් වචනයක් දෙකක් කතා කිරීමට සමියා ට හැකිවිම ලොකූ සතුටකි,
**ගෙට්ටුවට පැමින , ගෙට්ටුව කුමක්දැයි අසමින් මොරදෙන සුමිත් අයියාවවත් සමියා ආදරෙන් සිහිපත් කරන්නේය..සමියාට ඔහුව දුටුවිට පැරණි නලුවෙක්ව මතකෙට නැගෙතත් කවුදැයි කියා හරියටම කියන්නට සමියාට මතක නැත්තේ ය..
තවත් බොහෝ අය ඇත.. පැමිනි බොහොමයක් දෙනාව සඳහන් කලෙමි.සමහරුන්ගේ නම් මතක නැත.. ඉතිරි ය මතක් වෙන කොට පැමිණ අප්ඩේට් කරන්නෙමි..අතපසු විමකින් බැරි උනා නම් සමාව ඉල්ලා සිටිමි. සමියා උදේ ඉඳන් ලියනවා ලියනවා ඉවරයක් නැත. පැය 12ක් තිස්සෙ එකදිගට ලිව්වේ ය. ඇස් දෙකත් කොන්දත් හොඳටම රිදෙන හෙයින් බලෙන් හරි නවත්තමි..
පෝස්ට් එක ටිකක් දිග වැඩි උනාට ද සමාව අයැද සිටිමි. සියල්ලන්ව මතකෙට නගා ගෙන පෝස්ට් එකක් ලිවීම මෙච්චර අසීරු වෙතැයි ලියන්න පටන් ගත් මොහොතේ සිතුනෙ නැති උනත් කොහොමින් හරි ලියා අවසන් කලෙමි.
නැවතත් සිහින අවුරුදු උලෙලේදී ඔබව හමුවීමට සමියා මග බලමින් සිටියි.. ආදරණිය බ්ලොග් කරුවන් සියල්ලෝම බක් මස 21 දින නැවතත් මුන ගැසෙන බව නොපැමිනි සියල්ලන්ටම දන්වන්න් ඔවුන් නැති අඩුවත් සමියාට හොඳින් දැනුනු නිසා ය. සමීගේ ලෝකෙත් සමඟ හැමවිටම රැදී සිටි ඊයේ නොපැමිනි හිරු, හසිත ,මාතලන්,සමනලි, ලිහිනි, DDT, දේශ්, රෙහානි, චන්දන, ඩූඩ් , සයුරි, ,ලකියා, වර්ශා , නන්දු, චාමර , සයිලන්ට්සහන්, කෝරලේ මහත්තයා..,දිලුම්, ගයනි, උමා,chams, සෙන්නා හා දේශකයා යන සොයුරු සොයුරියන්ගේ අඩුව එදිනට ඔවුන් විසින් පුරවනු ඇතැයි සිතමි!!
සමියා මූනු පොතේ දැමූ චායාරූප ඇල්බමය වෙත යාම සඳහා මෙතන ඔබන්න... (තව ටික දවසකින් ඩියැක්ටිවේට් කිරීමට නියමිත් බැවින් අවශ්‍ය පුද්ගලයින් අවශ්‍ය චායාරූප ඩවුන්ලෝඩ් කරගන්නේ නම් මැනවී..)
ඔබ සැමට සුභ අනාගතයක්!!!
ප/ලි- ගේට්ටුවට සම්බන්ද සියලුම පෝස්ට් පහතින් සඳහන් කරමි.. කාලයත් සමග තව තවත් එකතු විය හැකිය..ගේට්ටුවට සම්බන්ද ලිංකුවක් කමෙන්ට් එකක සඳහන් කරතොත් එයද මෙහි සඳහන් කරමි..!!!
1සැමාගේ සපත්තු දෙක සහ සුන්දර ගෙට්ටුවේ.. විකට්ටුව..! (වීපොකුරෙ වීයා at වීපොකුර )
2.ඇවිත් ගියාට ස්තුතියි (අටම්පහුර at අටම්පහුර )
3.ගම්පහ ගෙට්ටුවට ගිය ඇනෝනිමසා ... (kumaraya at MALIGAWA )
4.ගම්පහ ගේට්ටුව විත් මඩ (දේවා ගේ අඩවිය at දේව් ගේ අඩවිය )
6.ගල් වැලි මඩ ඉවත් කර ඇත! (නාඩියා නාඩිරත්න at නාඩියාගේ නාඩි )
7.ගම්පහ ගෙට්ටුව 2013..හා මඩ (ස්කූබි ඩූ. at මම තමයි.)
8.ගම්පහ ගෙට්ටුවේ ආතල්! (මඩිස්සලේ නිශාන් at මඩිස්ස)
9.ගම්පහ ගෙට්ටුවෙන් පසු සෑමා සංගීත දිවිය අරඹයි... ද? (sAm (සෑම්) at sAm cReations)
10.බ්ලොග් ගෙට්ටුව, මඩ පෝස්ට් සහ සැබෑ අරුත... (Pradeep Gunarathna at Pradeep's page )11.මේ පොටෝ කා ළගවත් නැත!!! - බ්ලොග් ගෙට්ටුව 2013 (අඩවි රජ at තහනම් අඩවිය | Thahanam Adawiya )
දැම්මට මටවත් කියවන්න හම්බුනේ නෑ.. මාව විසිවෙනවා යකුනේ.. මෙච්චර අමාරුවෙන් මොනාත් ලියල නෑ..ඇඟම රිදෙනවා..:(
හෙට කියොල කමෙන්න්ට් කොරඤ්ඤං ඈ..
හෙට කියොල කමෙන්න්ට් කොරඤ්ඤං ඈ..
නියමයි සමියා..!
ReplyDeleteකට්ටියම හොඳට සතුටුවෙලා කියල පේනවා මේක කියෙව්වම..
ස්තූතියි ශැගියා...
Deleteඅන්තිම පෙලියෙන් අඳුන ගත්ත ශැගියා මේ පැත්තට ආව එකට ගොඩක් සන්තෝසයි :)
අඩො කතා නොකරේ හිතේ තරහක් නිසා නෙමෙයි බන්...
ReplyDeleteදන්නව බං.ආයෙ සෙට් උනාම කතා කරමු (Y)
Deleteනියමයි සමී...දිගවැඩි නෑ මචං..!
ReplyDeleteමටත් කියන්න තියෙන්නෙ උඹත් හොඳ හදවතක් තියෙන නිහතමානී කොල්ලෙක්.
විභාගෙ කොරනවැයි කිව්ව නේද...හොඳට මහන්සිවෙලා කරපං.
ජයවේවා..!
ආයෙ හම්බෙමුකෝ වීයා..
Deleteඅනිවා. ටික දොහොකට වහං වෙනවා..
අඩෝ ලෙසටම ලියලා ඈ!!!!
ReplyDeleteසිරාවට උඹ එල කොල්ලෙකි! හමුවීම සතුටක් මචන් :)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ස්තූතියි මචං
Deleteආයෙ හම්බෙමු.
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
අඩෝ කොටා
ReplyDeleteහෑ... කෝ කොහෙද? කවුද?
Deleteඅනේ පොඩි එකා නිකම්ම කොටා වෙලා වගේ ... ඒ කියන්නෙ නාඩියා ඔයාටත් වඩා කොටද... හි හි
ReplyDeleteමාර ෆන් එකක් අරගෙනනේ බං උඹලා... මට ඊරිසියාවේ බෑ.... ( හැබෑට අර පවනි තරංගා මොකෝ උඹට නම කිව්වේ නැත්තේ කියලා මං මේ කම්පනා කොරෙන්නේ... හි හි)
අනේ මංදා කොට උනාට නාඩියා එල කොල්ලා.. :D
Deleteඊරිසියා කරන්න නෙමේ අවුරුදු උස්සවේට එන්නයි දැං තියෙන්නෙ. මේ පාර නං මගුලෙ ඟින් බේරෙන්න වෙන්නෑ හිරු අක්කට :P
පවනිගෙන්ම තමයි අප්පා ඒක අහන්න ඕනි :/:P
අඩේ! මම මූට වඩා අඟලයි තුන් කාලක් උසයි ඈ!!!
Deleteඉහි ඉහි මුගෙ බොරූ :(
Deleteතොපි දෙන්නට වඩා මම උසයි!!! :)
Deleteමුන් තුන්දෙනාගෙ තට්ටේ ගැවානම් එකම උස
Deleteඋඹ දීපු සපෝට් එකට ස්තුති සමියා. ඒ වගේම කම්මලත් උබත් එක්ක හිටිය නොවැ.
ReplyDeleteකතාව නම් රසයි. මම බලං ඉන්නේ උමා කමෙන්ට් කරනකල්. මේකි සද්ද නැහැනේ. මාව ඉබලා ලෙඩක්වත් හැදිලද?
ජය !
මලා .......උඹ සපත්තු දෙක හේදුවට නෑවෙ නැද්ද..විනාසයි කෙල්ලට මහාමාරියද දන්නෑ හොයාපල්ලා..!
Delete@ සෑම් - උමා අක්කා වහාම වාර්තා කොරයි.... සමහර විට ටිකක් තෝන්තුව වගේ ඇති තාම උඹ ඉම්බ ඉඹිල්ලට :D
Deleteජය වේවා සෑම් අයියා! :)
@වීයා - :D
mamat awa (wife,baba eka)
ReplyDeletemage jewita hodama dawasak.
istuti...getuwa wenuwan ..mahansi una hama kenuktama.
Jayawewa.
මට ටිකක් සංජීව අයියව මතක නෑ. ඒ උනාට ඇවිත් විනෝද උන එකම මදෑ..
Deleteනැවත හමුවෙමු.. ජය!
ReplyDeleteහැක් , කොම උනත් මේ හිමිදිරියේ චරිත නොඝතනය ගැන අතිශයින් කෘතනන වෙන අතර... :D
අඩෝ.. [පට්ට දවස ඈ.. සයිවර් ෆෙස්ටිවල් එකේදිත් හම්බුවෙලා ෆන් එකක් ගමු
එහෙම කරනවැයි මං . උඹල පව්නේ..:P
Deleteඑල මචං.. ආයෙ සෙට් වෙමු! ජය!!
හරිම අගෙයි මලයා මේ පෝස්ටුව. හදවතටම වැදුණා....උඹලා හැමෝම සුන්දර කොල්ලෝ...අදුන ගැනිම හරිම සතුටක්.
ReplyDeleteස්තූතියි නලීන් අයියා. මටත් ලොකු සතුටක් :)
Deleteඔයාව අදුර ගන්න ලැබිමත් සතුටක් මල්ලියෝ. ලිපියත් නියමයි. :)
ReplyDeleteස්තූතියි මදාරා අක්කෙ.. නැවත් හමුවෙමු :)
Deleteසුබ පැතුම් සේරමල්ලට ...
ReplyDeleteසේරමල්ලා වෙනුවෙන් සුභ පැතුමට ස්තූතියි බින්දි අක්කේ :)
Deleteනියමයි බං. ඔක්කොම කියෙව්වා. එතැන හිටියා වගේ දැනුනා. ස්තුතියි පැය 12 ක් මහන්සි වෙලා මේ අබ ඇටයක් සයිස් එකක් ලිව්වට.. හැක්...
ReplyDeleteඅඩේ මේක අබ ඇටයක්ද හෑ.. :D
Deleteඅවුරුදු උස්සවේටවත් වරෙන් මචන් ...
නියමම පෝස්ටුව සමියෝ...ඔක්කම ඒවා පිළිවෙලට අඩුවක් නැතිව ලියලා... (Y) මම හිතුවා මඩක්වත් ඇති කියලා...අලේ ෂෝයි ඇ... ඊළග පාර නම් මීට වඩා කතා බහ කරන්න තිබ්බා නම් හොදයි...
ReplyDeleteහීනියට තමයි මඩ ඈ... :P
Deleteආයෙ හම්බ උනු දවසක එදා වගේම බාල්දියක් පෙරලන්නම්කො මං :D
එතෝට කතා කලෑකි :D
සැක් ඊරිසියයි
ReplyDeleteසතුටු වෙයල්ලා - ඉරිසියාව අතෑරපල්ලා :P
Deleteඅනේ මල්ලි තනි ඇහැට අන්දෙනවා බං එදා මම උදේ 8 ඉඳන් රෑ 10 වෙනකන් වැඩ කොල්ලෝ. අලුත් ප්‍රොජෙක්ට් එකක් නිසා. මම හදවතින්ම සුභ පතනවා ආව හැමෝටම. මම ලංකාවට එන ජුලි අගෝස්තු විතර මොකක් හරි සෙට් වීමක් වෙන්න ලැබේවා කියලත් ප්‍රර්ථනා කරනවා.
ReplyDeleteකෝරලේ මහත්තයව කවද හරි හම්බ වෙන්නම ඕනි.. ගොඩක් හිත හොද කොල්ලෙක් නොවැ අපේ මහත්තයා :)
Deleteඅඩේ සමියා.. වැඩිය කතා කරන්න ලැබුනේ නැති එකට සොරි මචෝ , අපි ටිකක් එලියට ගියානේ බං ( ඒ ෆොටෝ මුණු පොතේ ඇත හික් ..හික් ..) පස්සේ සුට්ටක් දාගෙන එහෙම දන්න දන්නා උන් එක්ක කථා කරගෙන ගියා .. එතකොට උබ හිටියේ සිත්තරි එක්ක ලොකු කථාවක..
ReplyDeleteඑල ආයේ සෙට්වෙමු ...
එල චමියා ආයෙත් සෙට් උනූ දාක අනිව කතා කරපං. උඹේ මූන මතක නෑ. මූණු පොතට ඇවිත් බලල මතක් කරගන්ඩෝනි :)
Deleteඅන්න චමියත් හොර ගමන් ගිහින් ...
Deleteමේකට එන්න බැරි වුනත් මේ විස්තර දකිද්දී සතුටුයි බං. මල්ලි උඹ විස්තර ඔක්කොම එකතු කරන්න සෑහෙන්න මහන්සි වෙලා තියන වග පේනවා. එල... නොආපු අපිටත් බලන්න විස්තර දැම්මට ස්තුතියි ආ..!
ReplyDeleteස්තූතියි අයියේ.ඔයාව මතක් උනා එහෙදි.. අවුරුදු උස්සවේදිවත් මුනගැහෙන්න පුලුවන් වෙයි කියල හිතනවා :)
Deleteඅඩේ!! එල ඈ! උඹත් මං වගේ කොට පරම්පරාව නියෝජනය කරන එකෙක් වෙච්ච එක ගැන ආඩම්බරයි ඈ! යකෝ ලෝකය වෙනස් කලේ කොට උන් තමා! :D
ReplyDeleteආඩම්බරයි නාඩි ආඩම්බරයි :D
Deleteහප්පේ කියවනකොට නම් ඉතින් මැවිලා පෙනේවි සිහිනේ වගේ එත් ඉතින් කියවලා ඉවර උනාම හයියෝඕ ... හෙන දුකයි යන්න බැරි උන එකට
ReplyDeleteදුක් වෙලා වැඩක් නෑනෙ දැං .. ගෙවල් ලඟ තියන අවුරුදු උස්සවේට එන්න.. එදාට කතා බහ කරල විනෝද වෙමු :)
Delete
ReplyDeleteඔය අවස්ථාවට එන්න නොලැබුන එක ගැන ගොඩක් දුකයි සමියෝ .
එතන හිටියා වගේම දැනුනා හිතට .ඒ වගේම පෝස්ට් එකේ අන්තිමට
අපිවත් මතක් කරලා තියෙද්දී හරි සතුටුයි .හදවත් වල ඇතුල තේරෙනවා .
උබලට බුදු සරණයි මල්ලි....අපි කවද හරි හම්බෙමු....
අවුරුදු උස්සවේදිවත් සහන් අයියව හම්බෙනකන් බලං ඉන්නව සහන් අයියේ..
Deleteඅර කතාවෙන් පස්සෙ සහන් අයියත් එක්ක කතා කරන්න ඕනි කියල හිතුනා ගොඩාක්
හානේ පට්ට .. ඊයෙ ආව වෙලේ ඉදං වෙන වැඩක් නැතුව ලියන්න ඇති
ReplyDeleteඑන්ට කීවට ආවෙ නෑ නොවැ :/
Deleteආ තව රවුං කරන්න කලිං මං දැනගත්ත ඒ ඔයා කියල
ReplyDeleteහ්ම්ම්ම් :))
Deleteනියමයි සැමියෝ. මේක නිකං රේකොඩින් එකක් වගේ.
ReplyDeleteමතක් කර කර ලිව්ව ඉතින් :)
Deleteඑදා දවස ගැන කියන්න තියෙන හැමදේම සමී කිසිම අඩුපාඩුවක් නැතිව කියලා තියෙනවා... මගේ ආරාධනය පිළිඅරගෙන ප්‍රවේශපත්‍ර අළෙවි කරන්න සහාය දුන්නාට බොහොම ස්තූතියි මලේ...බ්ලොග් ලෝකය මොන තරම් සොදුරුද කියලා ඔබත් මමත් දැන් දන්නවා...ආපු නැති අයත් එකතුකරගෙන අප්‍රේල් 21 නැවත හමුවෙන්නට පතමු....
ReplyDelete//බ්ලොග් ලෝකය මොන තරම් සොදුරුද කියලා ඔබත් මමත් දැන් දන්නවා...//
Deleteසිරා අයියා කලින් පෝස්ට් එකෙත් ඔය දේම කියල තිබුනා.. ඇත්තටම මං දැන් දන්නව ඔවුන් කොච්චර සොදුරුද කියල.. අප්‍රියල් 21 වෙනකන් බලං ඉන්නෙ එවැනි සුන්දර දවසක් උදාවෙනකම් :)
මේ පින්තූර දකින්නත් ආසාවෙන් හිටියෙ. කට්ටියම ගොඩක් විනෝද වෙලා වගේ. එන්න තිබුනනම් කොච්චර හොඳද:( ස්තූතියි සමියො මේ පින්තූරත් එක්ක ලොකු විස්තරයක් දැම්මට. මේ විස්තර කියෙව්වට පස්සෙ නම් එතනට ගියා වගේම තමයි:)
ReplyDeleteආ...සමීටත් භාරදූර රාජකාරියක්නෙ දීල තියෙන්නෙ :) හොඳයි හොඳයි. බයෙන් බයෙන් ගියාට පස්සෙ නම් ඒ බය නැතිවෙලා වගේ..
හ්ම් හ්ම් දැන් එහෙනම් හොඳට විභාගයට ලෑස්තිවෙන්නකො. විභාගෙ කරල ආයෙත් ලියන්න හොඳද. :)
සමී මල්ලිට පාඩම වැඩ ටික සාර්ථකව කරගන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව :)
ෂා... නියමයිනේ.... කට්ටිය හෙන ෆන් එකක් අරන් ඈ.... ඉලිසියාවේ බැරුවා අප්පා.......
ReplyDeleteඒ මේ අර යකාගේ ක්‍රිකට් ගැහීල්ලක්නේ බොල ගහලා තියෙන්නේ....හික්... මරු ඈ... මං ආවනම් ශම්මියත් එක්ක ක්‍රිකට් ගහනවා. අපරාදේ......
අහ්හ්.... අමතක වුනා.... මේ වගේ විස්තරක් ලිව්වට තැන්කූ ඈ.... අපිත් ගියා වගේම තමා.... :)
Deleteඅකුරක් නෑර මූ ලියලනේ...
ReplyDeleteපට්ට ඈ....
ටැංකුයි තරියා.. ලියලම පන ගියා තරියෝ
Deleteඅපිත් ගියා වගේම තමා.. ඊළඟ එකටවත් එන්නම්කෝ..
ReplyDeleteසොඳුරු මිනිස්සු මුණ ගැහෙන්න චාන්ස් එකක් දුන්නට ගොඩක් පින්
ReplyDeleteචැහ්..කට්ටිය හෙන ජොලියක්නෙ අරගෙන තියෙන්නෙ.කමක් නෑ සිහින උළෙලටවත් එන්නම්කෝ!අපිවත් මතක් කළාට ස්තුති(ඔය කිව්වට අපි දන්නව ඇත්තටම මතක් වුන්නැති බව..P)
ReplyDeleteහෙහ් හෙහ් ... කට්ටිය මාර පිස්සුවක් නටලනෙ.
ReplyDeleteගෙට්ටුවට ගිහින් ඇවිත් අපේ යාළුවො ෆොටෝස් එක්ක දමපු පෝස්ට්වලින් දවස ගතවුනු හැටි එතන හිටිය වගේ කියෙව්ව - නොදැකපු හුඟ දෙනෙක්ව දැකගත්තා. දැන් ඉතිං හම්බවෙල කතාකරන්න තමයි තියෙන්නෙ, අනාගතේදි බලමු...
සමියා හරි පුංචියිනේ. ටිකක් දුවපන් හවසට හවසටවත්.
අන්තිමට අපිවත් මතක් කළාටත් ස්තූතියි යාලුවා.
තව කීදවසක් කට්ටිය විස්තර දායිද දන්නේ නෑ අපිට ඉරිසියා කර කර හූල්ලන්න... කොහොම උනත් හොදට සතුටු වෙලා වගේ....
ReplyDeleteසමියා එල ඈ..... ආයෙත් සෙට් වෙමුකො
ReplyDeleteහප්පේ ගෙට්ටුවට යන්න විදියක් නෑ කියලා දුකෙන් හිටියට මොකෝ දැන්නම් ගියා වගේ තමයි. මෙච්චර මහන්සි වෙලා මේක ලියපු එකම ලොකු දෙයක් මලයෝ. නලින් අයියගේ පෝස්ට් එකකුත් දැක්ක. හරිම සතුටුයි. කට්ටිය ෆුල් ෆන් එකේ ඉඳලා වගේ :)
ReplyDeleteමෙය බ්ලොග් ලෝකයේ පුද්ගල චරිත ඝාතනය කිරීම උදෙසා කාගේ හෝ අසික්කිත කොන්ත්‍රාත්තුවකට අනුව ලියැවුන පෝස්ටුවකි..
ReplyDeleteලේඛක තෙමේ මුලින්ම සෙලීනෙක් ගැන කියයි...වරද්දා ගන්නේ එතැනින්ය.ඇක්චුවලි සෙලීනා ආවේ නැත.ඒ වෙනුවට ආවේ මාගේ රසිකාවියකි.මම පර්ස් එක ඇද්දාට එතන තිබුනේ ඇමරිකන් ඩොලර්ය...සමියා ලග ඩොලර් මාරු කිරීමට නැති නිසා මම පර්ස් එක නැවත සාක්කුවට දාගත්තෙමි....
මෙය හෙන අසික්කිතය..හිංසාකාරි සිතකින් ලියූ ජුගුප්සාජනක පෝස්ටුවක් පමනි..පාඨක ජනතාව සත්‍ය වටහා ගනිත්වා...
මම ලයිව් ඇට් 8 වාර්තාකරු රත්ගමයා...
රසිකාවියක් ?????? ඈ බන් රත්තො උඹ මල්වත්තෙ ගේට්ටුවෙන් රසිකවියව ඇදල ගත්තෙ හරිම කලබලෙන්නෙ.
Deleteඅපේ සමියා හොඳ එකාය. මා හිතුවේ හීන්දෑරි කෙට්ටු කොල්ලෙකු වන්නට ඇත කියාය... ගේට්ටුව ළඟදී සිත්තරී අක්කා.... දන්නවාද මං සමියා යැකී විට මං අන්දුන් කුන්දුන් වූයේ මුදියෙක් මිස සමියෙක් මා නොදන්නා නිසාය....
ReplyDeleteකෙසේ වෙතත් පාළු කපන්නට ආවාට පිංය
සිත්රීට නිදිමතය
ඕං ඈ ගියාය (කොමෙන්ටුව කෙටු පසු)
ඔන්න සැමියාගේ බ්ලොග් එකේ පලවෙනි කමෙන්ටුව කොටනවා.... හදුනාගැනීම සතුටක්.. ඒ වගේම පොස්ට් එක ගොඩක් මහන්සිවෙලා ලීවා වගේම අනිත් බ්ලොග් වල ඒ ගැන පොස්ට් වලට ලින්ක් කරපු එකට ගොඩක් ස්තුතියි.....
ReplyDeleteආයෙත් හමු වුනොත් කතා කරමුකෝ....
හම්මෝ.....හෙන දිග පෝස්ට් එකක්නෙ, ආපු නැති උන්ට බලා ගන්න තොරණේ විස්තරය සම්පූර්ණයෙන්ම දීලා තියෙනවා....
ReplyDeleteඑහෙනම් බක්මහ උළෙලෙදිත් හමු වෙමු.....!
අම්මමට සිරි !!! ඊලග එකටවත් එමි ..
ReplyDeleteඅගේ ඇති වාර්ථාකරණයක්! අවුරුදු උත්සවේට නම් කොහොම හරි එනවා
ReplyDeleteආයේ හමුවෙමු අවුරුදු උත්සවේදී !! ජය !!
ReplyDeleteහික්ස්... මම මුලින් හිතුවේම සමියා කියන්නේ හෙන ලොකු සයිස් එකේ එක්කෙනෙක් කියලානේ... පස්සෙනේ දන්නේ චූටියට හිටපු කෙනා කියලා මෙයා... :D අඳුරගන්න ලැබීම සතුටක් මල්ලියා...
ReplyDeleteමඩ නාවල ,හෝදල අරන් තියෙන්නෙ, නියම පොස්ට් එක මලේ.විභාගෙ හොදට කරපන්. ජය !!!
ReplyDeleteමට සෙට් වුනු ෆිට්ම එවුන් අතරින් උඹත් එලම කොල්ලෙක් මචෝ.නම්බරේ ඉල්ලගන්න බැරි වුනා. බුකියෙන් වෙලාවක සෙට් වෙන්නම්.
ReplyDeleteසමියා, ආපි නැති අපිවත් මතක් කලාට උඹට පිං.
ReplyDeleteඋඹලා මෙච්චර සාර්ථකව ලස්සනට කරපු ගෙට්ටුවකට සහභාගි වෙලා ලබපු ආශ්වාදය අපිත් එක්ක බෙදාගත්තටත් උඹට ස්තුතියි.
මේක ගැහුවෙ මොන කී බෝර්ඩ් එකෙන්ද?
දැන් උඹ ආපහු ඉගෙනීමේ වැඩට ගියානම් හොඳයි කියලා මම හිතෙන්නෙ.
එල එල සතුටුයි
ReplyDeleteඩුකයි...:(
ReplyDelete29 දාපු පොස්ටුව කියවන්න ලැබුනේ දැන් මෙ දව්ස්ටිකෙම උන්නෙ අන්තර්ජාලයෙන් පිට
ReplyDelete…
…//මෙවැනි ජාත්‍යන්තර තරගයක් තිබුනු බවත් අර්ජුනත්, අරවින්දත් එහෙම එකකට සහභාගි වී ඇති බව පවසමින්ය.// මේ තරඟයට මහෙල හා අරවින්ද සහබාගී වූ බව මගේ දැනීමයි සුදීක පැවසුවෙත් එසේමය වැඩි විස්තර
…http://www.espncricinfo.com/ci/content/story/123903.html
මේ පෝස්ට් එක හරහා මමත් එතන හිටියා වගේ.. ඈ සමියෝ සජීවී විස්තර විචාරයක් වගේ නේ මේක?
ReplyDeleteමට ඉරිසියයි බොලව්.දුක තමයි..
ReplyDeleteඅටන් :D
ReplyDelete-warnaa-
උපරිමයටම ලියා ඇත.
ReplyDeleteබක්මහ උළෙලටවත් ඒමට බලාපොරොත්තු වෙමි.
හොඳා හොඳා
ReplyDeleteඑල ෆන් එකක් අරගෙන කස්ටියම . .
මගේ පොඩි එකාගේ ස්කෝලේ නිවාඩුව අප්‍රේල් තියෙන සයිබර් ගෙට්ටුව ලඟ වැටුනොත් මටත් ඒකටවත් එන්න ඇහැක් වෙයි . .
හෙහ් හේ කට්ටියම ලෙසටම ෆන් එක අරං වගෙ හෙහ් එල එල ඇ
ReplyDeleteබලමු බලමු අප්‍රේල්වත් සෙට් වෙන්න :D
ReplyDeleteමටත් එන්න පුළුවන් උනානම් ....
ReplyDeletei o...........
ReplyDeleteඅනේ මචං පට්ට.. දුකයි... දුකයි.. දුකා........යි.. ගොඩාරියක්.... සිරාවට. හිත ඇතුලේ ඉඳි කට්ටක් අනිනවා වගේ..
ReplyDeleteඅපි ඉතිං බ්ලොග් වලට අලුත් නේ.. හදලා සතියක් වත් නැහැ නේ. අපිත් ලබන අවුරුද්දේ දිහා ආරාධනයක් ලැබුනොත් බෙනාත් එන්නම්.. පට්ටම වැඩක්. කස්ටිය ගොඩක් සතුටු වෙලා තියනවා. පට්ටම ලස්සනයි..
සමියෝ මොන රෙද්දක්ද යකෝ කරන්නේ ලියපංකෝ
ReplyDeleteමොකද උඹ විවේක ගන්නවද, මේක ලියා....පන්.
ReplyDeleteසියලුම දෙනා වෙත - තනි තනිව කමෙන්ට් කරන්න ලැබුනෙ නැති උනාට සමාවෙන්න.. ආයෙ එහෙම වෙන එකක් නෑ..පහු ගිය කාලෙ වැඩියෙ බ්ලොග් එක පැත්තෙ එන්න ලැබුනෙ නැති නිසායි PC එකෙන් බ්ලොග් කියවන්න ආවෙ නැති නිසයි කමෙන්ට් කරන්න බැරි උනා...
ReplyDeleteddt සහ අටම් අයියට ගොඩක් ස්තූතියි ඇවිත් බලල ගියාට.. දැං ඉතින් දිගටම ලියනෝ :)
ලෙසටම ලියලනේ සමියා,මරු ඈ..
ReplyDeleteසිරාගේ පට් පට් එකට පුරා වස්තු කියාපු එක හෙලා (හෙලකට දමා)දකිනවා ඈ. අඩෝ බනියට වගේ හයිබ්‍රිඩ් නෑ හැමෝටම.
අර අටමගල් කිරිකැට් නීතිය ඩක්වර්ත් ලුවිස් එකට වඩා හැට හුට හමාරකුත් තව එක් ගුණයක් හොඳා. ඔය නීතිය මෙහෙට දෙන්න බැරිද දන්නේ නෑ කුලියට නේද?
:) ඊලඟ එකට අනිව වරෙන් :)
Deleteඅපිව හළලා නේද...? :P :P...
ReplyDeleteඅපිට කවදා මේ බ්ලොග් සුහද හමුවකට එන්න වාසනාව ලැබෙයිද කියලා දෙය්යොවත් දන්නෙ නැතුව ඇති..:D :D
කෝ ඉතිං,අපිත් ගම්පහ(රාගම) අහල පහල තමයි...
ආවානං සිංදුවක් දෙකක් ගායනය කෙසේ වෙතත් "කියන්න" තිබුනා..:D
හරි ෂෝක්..!!!!
මං මේ තාම කල්පනා කරන්නෙ ඔයා මං දන්න ප්‍රාර්තනා අක්ක නෙමේද කියලා. එයා නං ආව එදා :O
Deleteකොමද මේකට එන්නේ සමි ... මටත් කියනවද .. අදුනිකයන්ට ඉඩ තියේද ..
ReplyDelete