මාස 6යි දවස් 23කින් ආව බ්ලොග් එක පැත්තේ.. හප්පා මේකෙ තිබුන මකුලු දැල් කන්දරාව .. මකුලු දැල් කඩල සුද්ද පවිත්‍ර කරගෙන අලුත් කීබෝඩ් එකෙන් (මගෙම මගෙම මගේම කීබෝඩ් එකෙන්) හා හා පුරා කියලා දාන මංගල පෝස්ට් එක තමයි මේ ... :D
පහු ගිය දොහේ .. ඔව් මේ ඊයෙ පෙරේදා තිබ්බනේ අපේ සයිබර් සිහින උළෙල.. ඊයෙ පෙරේදා කිව්වෙ මේ මීට මාස 3කට විතර කලින්.. ඔන්න ඉතින් ගම්පහ තිබුන ගෙට්ටුවෙන් පන්නරය අරං හිටපු සමියත් ගියා ඉතින් පොඩ්ඩක් ඔලුව දාල බලල එන්න. කට්ටියට මතක ඇතිනේ.. බ්ලොග් එක පැත්ත පලාතෙ නාවට මොකද, මේ සමියා ඒවගේ දේවල් නං මිස් කරගන්නෙ නෑ විභාගෙ නෙමේ වෙන මොන කෙහෙම්මල තිබුනත්..
දැං ඉතින් මං මේ සයිබර් සිහින උළෙලෙ උනුදේවල්, රසකතා ,පැණිකතා, වලි කතා:P මෙතන ආපහු දිග අරින්න යන්නෙ නෑ.. මොකෝ ඒකට ගියපු හැමෝම ඉතින් ඒක ගැනම කියල කියල කියල, සහභාගි උන අයට විතරක් නෙමේ සයිබර් උළෙලෙට ආවෙ නැති අයටත් ආයෙ සයිබර් සිහින උලෙලක් පැත්ත පලාතෙ යන්ඩ හිතෙන්නෙ නැති තරමට අප්පිරිය කලානෙ . අනික මට ඒකෙ උනු කිසි දෙයක් දැං මතකත් නෑ .. මට මතකයි මං අපේ මාරයියා එක්ක එකතු වෙලා බනිස් ගෙඩියක් බිම පෙරලි පෙරලි කෑව කියලයි බෙල්ල කඩාගෙන නැටුවයි කියලයි විතරයි.. :D එතනින් එහාට ඔනය කට්ටියට හිටගෙන චූ බර හැදෙනගානට හිනැස්සුවයි කියලත් ලාවට වගේ මතකයි
පහු ගිය ටිකේ මං බ්ලොග් පෝස්ට් නොලිව්වට මොකද බ්ලොග් කියවන එක නං නතර කලේ නෑ... හැම එකක්ම වගේ නොවරදවාම කියෙව්වා.. ඒත් මම බ්ලොග් එකට ආවෙ මගෙ දුප්පත් පෝන් කට්ටෙන් නිසා කමෙන්ට් දාන්න නම් වැඩියෙ ගියෙ නෑ.. මොකද කමෙන්ට් දාන්න ගියාම එපා වෙනවා. සමහර අයගෙ කමෙන්ට් දාන්න දහ පාරක් විතර කමෙන්ට් එක ටයිප් කරන්න වෙනවා.. සමහර අයගෙ නම් ගොඩාක් ලෙසියි.. ටයිප් කරපු ගමන් කමෙන්ට් එක දාන්න පුලුවන් .. සමහර වෙලාවට කමෙන්ට් කරපුවාම මෙන්න බොලේ එකම කමෙන්ට් එක තුන් හතර පාරක් වැටිලා..
ආ තව දෙයක්.. මන් මේක කියන්නමයි හිටියෙ බ්ලොග් එක ලියන්න ආයෙ පටන් ගත්ත දවසක.. සමහර බ්ලොග් ලියන අය මොබයිල් එකෙන් තමංගෙ බ්ලොග් එක කියවන අය ගැන පොඩ්ඩක්වත් හිතන්නෙ නෑ.. ඒ අයගෙ බ්ලොග් එකට ගියාම මුලු පේජ් එකම ලෝඩ් වෙන්නෙ නෑ මොකද එක පිටුවක තියන පෝස්ට්ස් ප්‍රමානෙ වැඩියි .. හැම කෙනෙක්ම ඒ ගැනත් ටිකක් හිතලා පෝන් එකෙන් එන අයටත් තමංගෙ බ්ලොග් එක කියවන පුලුවන් වෙන විදියෙ ඉන්ටෆේස් එකක් දාගන්නවනම් ගොඩාක් වටිනවා..
අඩුම තරමෙ Template වලට ගිහින් ඒකෙ Mobile කියන තැන යටින් තියන බෝලෙ ඔබල මොබයිල් එකට සපෝර්ට් කරන්න පුලුවන් විදියටවත් හදන්න... රත්ගමයවත් හදල නෑ මං හිතන්නෙ ඒක.. මොකෝ හැමෝටම ඉතින් ඇන්ඩ්‍රොයිඩ් තියනවැයි...හ..
අලුත් බ්ලොග් ගොඩාක් ඇවිල්ල තියනවයි කියලත් දැක්කා.. ඒත් ෆලෝ කරන්න බෑනෙ පෝන් එකෙන්.. හිමීට ඒවටත් ගිහිල්ල කියෝල එන්න් ඕනි.. ඒ වගේම මං බ්ලොග් තියා ඉන්ට නෙට් එක මොකක්ද කියලවත් හරියට දන්නෙ නැතිකාලෙ බ්ලොග් ලියපු කීප දෙනෙක්ගෙ බ්ලොග් කීපයකටත් ගොඩ වැදුනා.. ඒ අතරින් සඳරු අයියගෙ මුලු හිස් අහසමයිත්, කෙහෙල් කොටුවෙ චූටි මහත්තයගෙ පෝස්ට්ස් කන්දරාවකුයිත් කියෙව්වා.. ගොඩාක් දේවල් ඉගෙන ගත්තා ඒ අයගෙන්.. තවත් කියවන්න තියනවා ගොඩාක් එවා..
මං කියවන්න ගත්තාම නවත්තන්නෑ එහෙම.. :D බ්ලොග් ලෝකෙ පුරාවිද්‍යා කැණිම් කටයුතු කරගෙන යනකොට ගොඩාක් වෙලාවට වටිනාකම කියල නිම කරන්න බැරි පුරා වස්තු හම්බෙනවා...කලුගලුත් හම්බුනේ නැතුව නෙමෙයි ඉතින්..
ඉතින් ඒනම් ලඟදිම දවසක් ඔයාගෙ බ්ලොග් එකටත් ඇවිල්ල කැණිම් කටයුතු කරන්ඩ ඉඩ තියනව මේ සමියා.. අලුත් පරණ බේදයක් නෑ ..ඒ අතරෙ මැණිකක් ඒම හම්බුනොත් සමිය නෙමෙයි ඒ බ්ලොග් එකෙන් ආයෙ පය උස්සනෙ මුල පෝස්ට් එකේ ඉඳන් අන්තිම එකත් කියල ඉවරවෙනකන්. ( ඩූඩ් අය්යෙ චූටි මහත්තගෙන් පස්සෙ ඔයා ඈ .. :D)
රයිටෝ ආගිය කතා ඉවරයි.. ඔන්න සබ්ජෙක්ට් එකට බහිනවා... මං මේං උස්සං ආවා පොඩි ප්‍රශ්නයක්.. ආ ඊට කලින් පොඩ්ඩක් ඉන්ඩ..
"සකල සිරින් පිරි සිරි ලංකා බ්ලොග් ඉතිහාසයේ කීර්තිමත් , කලාත්මක ,
සාදු කාරයක් දෙන්න පින්වතුනී........
හරි ඒ වැඩෙත් ඉවරයි .. ඔන්න මාත් පටාන් ගන්නව තෑගි ප්‍රශ්න සීරීස් එකක්.. එක දිගට තෑගි ප්‍රස්න විතරක්ම දාගෙන යන්න නං කොහොමටවත් මගෙ බලාපොරොත්තුවක් නෑ.. බ්ලොග් එක ලියන අතරෙ කාටවත් ඇනයක් නොවන විදියට මේ ප්‍රශ්න දානවා.. චුට්ටක් මොලේ පාවිච්චිකරල, කල්පනා කරල තමන්ගෙ මානසික, තර්කන හැකියාව උරගාල බලන ගමන් උත්තර දෙන්න පුලුවන්, ඒ වගේම ඒ ප්‍රශ්න වලින් යමක් ඉගෙන ගන්න පුලුවන් ප්‍රශ්නයක් දෙකක් තමයි අහන්නෙ.. චූටි I.Q test එකක්
''තෑගි නැති ප්‍රශ්න'' ; "තෑගි ප්‍රශ්න" විදියට නම් කරන්න හේතුවකුත් තියනව .. මන් හිතන් ඉන්නව මේ ප්‍රශ්න සීරීස් එක අන්තිමට සූටිම සූටි චුට්ටංම චුට්ටං තෑග්ගක් වැඩිම පොයින්ට්ස් ගන්න කෙනාට දෙන්න.. ඒ ගැන ඉතින් වැඩියෙ හිතන්න එපා.. :P අපේ ඉස්සරහට එන ගෙට් එකකදි දෙන්න බැරියැ නේද ;).. ඒනම් පුන්චි කොන්දේසියක් දාන්න වෙනවා.. ඒ තරගෙට ඇතුලත් වෙන්න පුලුවන් බ්ලොග් ප්‍රොෆයිල් හිමියන්ට විතරයි.. ඇනොනිමස්ලට උනත් උත්තර දෙන්න පුලුවන් කිසිම ප්‍රශ්නයක් නෑ.. ඇනෝ කෙනෙක් ආවම අදුනගන්න බැරි නිසා පොයින්ට්ස් එකතු කරගන්න විදියක් නම් නෑ .. ඒකට සමාවෙන්න ඕනි ඉතින්.. ඒ උනාට ඔන්න ඔහෙ කමක් නෑ අනේ Fb එකෙන් ලොග් වෙන අයත් කමෙන්ට් කරල යන්න.. තෑගි නෙමේනෙ වටින්නෙ කමෙන්ට්ස්නේ :D
ආහ් තව කොට්ටාසයක් ඉන්නව තෑගි ප්‍රශ්න දෑහැට පෙන්නන්න බැරි.. ඒ අය ඉතින් මං මේක පටන් ගත්තට තරහ වෙන්ඩ ඕනි නෑ.. මං දාන අනික් පෝස්ට්ස් කියොල යන්න එයාල එන්නකෝ :)
ඔන්න ඒනං හා හා පුරා කියල හැමෝටම උත්තර දෙන්න පුලුවන් ප්‍රශ්නෙකින් පටාං ගමු!!!
තෑගි ප්‍රස්න අංක 1
පහත රූප සටහන දිහා හොදට බලන්න.
.

පළවෙනි ප්රශ්නය - මෙම රූප සටහනේ ඇති සමචතුරස්‍ර සංඛ්‍යාව කීයද? (2 points)
දෙවන ප්රශ්නය - මෙම රූප සටහනේ ඇති සෘජුකෝණාස්‍ර සංඛ්‍යාව කීයද? (3 points)
නිවැරදි උත්තරේ ඉක්මනටම දෙනවා.. නිකම්ම උත්තරේ විතරක් නෙමේ මෙවගේ ප්‍රශ්නයක් කොහොමද හිතන්නෙ කියලා පොඩි මෙව්ව එකකුත් දෙනවා
රයිටෝ ඔන්න ඒනම් දැං අවිත් චුට්ටක් බලල උත්තරයක් දෙන්නකෝ.. උත්තර දුන්නෙ නැතත් කමක් නෑ.. ඇවිල්ල යන්නකෝ :D
ප.ලි - මං බ්ලොග් එක පැත්තෙ නාව දවස්වල මාව කෝ කියල හොයල ගියපු අය හිටියා කීප දෙනෙක්.. ඒ අතරින් චන්දන අයියා, අටම් අයියා, සහන් අයියා සහ DDT අයියට බෝම ස්තූතියි.. වචනෙන් කෝ කියල ඇහුවෙ නැති උනත් දේසකයාට විශේශයෙන් ගොඩාක් ගොඩාක් ගොඩා..ක් ස්තූතියි.. හේතුව ඌ දන්නවා ;)
ප.ප.ලි - අපේ සයිබර් ලෝකෙ ටකරම අලුත් වැඩක් පටං අරං.. කශාද බැන්දට පස්සෙ ඉතින් බිසුනොස් එකක් කරන්න එපැයි නැත්නං කෝමද ඉහගාන්නෙ.. ඔන්න හදවතින්ම සුභ පතන ගමන් මේ පැත්තෙත් ගිහිල්ලා මොනා හරි අරං එන්නකෝ :)
![]() |
ලෑඩීෂ් - අතිසයින්ම පිරිමින්ට පමණයි:P |
බුහාහහහා....... සාදු සාදු සාදු!!!
ReplyDeleteමං මගේම වර්ණනාවට සාදු කියාගන්නවා...
ලොල් යකෝ ඒ විස්තරේ... ^_^
ආයේ වෙන වෙලාවක ඇවිත් උත්තරේ කියන්නම් දැන් මට දොයියමතයි..
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
නිර්මාතෘවරයාණන් වහන්සේම ඉස්සෙල්ලම පැමිනි එක මා ලද බාගයක් :P ප්‍රීතී රජතුමනි ප්‍රීතී :D
Deleteමේක බහුවරණ කරපන් බන් :D
ReplyDeleteඅපෝ M.C.Q කරලම එපා වෙලා තියෙන්නෙ මේ ටිකේ.
Deleteබැරිම උනොත් ඉතින් ඒකවත් කොරන්නම්කො.. මේක ලේසියිනෙ බං :(
හෙට බලල කියන්නම් බන් දැන් දොයි මතයි :D
Deleteහොඳමයි!!
Deleteතෑගි නම් නැතුවට කමක් නෑ, මේක ලියපන් දිගටම.
ReplyDeleteහෆොයි ! අර රජාගෙ වරුණනාව කියවල මගේ බඩ දඟලන්න ගත්ත බං.
තාමත් DDT මහ රෑ අවදියෙන් :)
Delete"හෆොයි ! අර රජාගෙ වරුණනාව කියවල මගේ බඩ දඟලන්න ගත්ත බං"
Deleteමටත් එහෙමයි :D
ඒනං බඩ පොඩ්ඩක් අප්සට් උන වෙලාවක ආයෙ ඇවිත් කියවන්ඩ බුක්මාක් කරල තියාගන්ඩ.. ඉක්මන් වෙයි :D
Deleteමහ රෑ??? 10:53 ඒ තරම් රෑ වෙලාද බං. :)
Deleteඅපි නම් මහ රෑ වෙනකල් ඇහැරල ඉන්නෙ නෑ. අපි එන්නෙ උදේ. :D
Delete//Chandana August 21, 2013 at 3:18 AM//
පිස්සුද, අපිත් උදේ තමා එන්නෙ. :D
Deleteඇත්ත නේන්නම්. දැනුයි දැක්කෙ වෙලාව.. :D:D
Delete//හෆොයි ! අර රජාගෙ වරුණනාව කියවල මගේ බඩ දඟලන්න ගත්ත බං.// එකෙන්ම !!
Deleteකාගෙ කාගෙත් බඩ දැඟලුවට කමක් නෑ.. ඉවසං ඉන්ටෝනි හොදේ.. මෙතන මගෙ බ්ලොග් එකනේ :P
Deleteසමචතුරශ්‍ර 22යි
ReplyDeleteඍජුකෝනාෂ්ර 19යි
හොදයි, අපි බලමු නේ අන්තිමට :)
DeleteSquares 30
DeleteRectangles 60+ :P
(kadden damme sinhala kotanna kammali nisa, posh wenna nemei)
@HASINI හි හි :D නෑ ඔයා පොස්ස්ස්ස්ස්!!
Deleteකොමෙන්ටුවක් තමයි මට මේ පැත්තට පාර කිව්වේ ඔන්න. අප්පා රහ බ්ලොගක්නේ මේක එක හුස්මට කියවතැකී. මං බොලොග් කාරයෙක්ද නම් දන්නේ නෑ ඔය එක එක ලබ්බවල් ලිව්වට,හැබැයි ගෙට්ටුවේ ෆොතෝ දැක්කම නම් එන්න ආස හිතුනා ඊගාව එකට. දැන් නිදි මතයි හෙට ප්‍රශ්නෙට උත්තර බදින්නම්කො,මේ වෙලාවේ එකා දේකා වෙලා පේන නිසා උත්තරේ දැම්මත් හරි එක ගන්න දෙකෙන් බෙදන්න වෙනවා.
ReplyDeleteහත්තිලව්වයි මේ මුදියා නොහොත් සමියා නේද! දැනුයි ෆොතෝ එක දැක්කේ!
Deleteමාත් බ්ලොග් කාරයෙක්ද නැද්ද කියල කියල නං දන්නෙ නෑ සහෝ.. ඒත් ගෙට් එක හැමෝටම විවුර්තයි.. ඊලඟ ගෙට් එකේදි අනිවාර්යෙන් හමුවෙන්ඩ බලාපොරොත්තු වෙනවා..
Deleteආ අද තමයි ඒ පොටෝ එක දැම්මෙ.. අද ඉඳං වැඩියෙ හංගන්නෙ නෑ ෆේක් එක.. බ්ලොග් කරුවන් ගෙන් වහංවෙන්ඩ ඕනි නෑ කියල හිතුනා ;)
ඒක නෙමෙයි ඔයා මුදියාව් මීට කලින් දැනගෙන හිටියද?? :D :O
හැක හැක මම නොදන්නා මුදියා! මේ කිව්වට දන්නේ බුකියේ විතරයි,ඉස්කෝලෙදි දැකලත් ඇති දන්නේ නැති වුනාට. කියවන අයටත් විවෘතයි කියල දාපු එකේ සමාවෙන් මාත් එන්න තමයි ඉන්නේ එන පාර.. අපි හමුවෙයි නොවැ..
Deleteසාදාරණ කොටා නැවත පැමිණියාට තුති
ReplyDeleteස්තූතියට ස්තූතියි :D
Deleteසාදාරණ කොටා??? :D
Deleteඑහෙනම් උඹම ප්‍රශ්න අහල තෑගි දෙන්න තියාගත්ත එක හොඳයි.
ඒ නම දාල තියෙන්නෙ සාධාරණ හින්ද නේමේ බං මං :D
Deleteසාධු සාධු.. ඇඩෝවූ මේ ප්‍රශ්න දැක්කත් දැන් මට මල පයිනවා... ගලපටලේ පිට උගුරේ යනවා හක්ක පටස් වෙනවා... ^_^ එල වේවා
ReplyDeleteබලං හිටාන් ඔන්න 31 වෙනිදට ජෙනරල් පේපරේට ලියන්ඩ එන්නෙ මේවගේ එව්ව තමයි :P
Deleteෆස්ට් සයි එක කරන කාලෙදි මම ඒක ලිව්ව හැටි :P බලාං
සමචතුරස්‍ර 26
ReplyDeleteසෘජුකෝණාස්‍ර 62 (මගදි වැරදුනා වගෙ)
උත්සහයට ස්තූතියි :)
Deleteසමචතුරශ්‍ර 30 තමයි.. කලින් හතරක් මග ඇරිලා..
Deleteආයෙ මග ඇරුනෙ නෑ කියල සුවර් නම් එච්චරයි :)
Deleteසමචතුරස්‍ර 30
ReplyDeleteසෘජුකෝණාස්‍ර 62 යි බන්....
:) උදේම ඇවිත් තීන්නෙ :)
Deleteඅපි එහෙමයි... :)
Deleteසමචතුරස්‍ර 26
ReplyDeleteසෘජුකෝණාස්‍ර 68
:) එක එක්කෙනාට වෙනස් ඒත් ටිකක් ලඟින් යන උත්තර ඇවිත්.. හරි උත්තරේ මොකක් වෙයිද මන්දා
Deleteසමචතුරශ්‍ර 30යි ,සෘජුකෝණාස්‍ර 52 යි ,
ReplyDeleteඔන්න මේක තමයි හරි උත්තරේ තෑග්ග දුන්නේ නැත්තං බලාගන්න පුළුවන් හරිද මම මාලක සිල්වා.
බය කරන්නෙපා බං :(
Deleteසමචතුරස්‍ර 30
ReplyDeleteසෘජුකෝණාස්‍ර 64
ස්තූතියි උත්සහ කලාට
Deleteසම චතුරශ්‍ර 29යි. අනික හොයලා කියන්නම්, මම තව තප්පර තිහකින් නැගිටලා යන්න ඕනේ.
ReplyDeleteWrong answer.
DeleteI'll try again...
වැරදියි කියල හිතෙනවනම් නැවත උත්සහ කරන්න පුලුවන් :)
Deleteආපහු ආපු එක ගැන සතුටුයි සමී
ReplyDeleteආපු එක බලන්න මේ පැත්තට ආපු එකට සතුටුයි රෙහානි :D
Deleteකොටු ගණං කරන්න බෑ, පනින්න විතරයි පුලුවං.
ReplyDeleteචී.. අර නාඩියත් කොටුවක් පනින්ඩද කොහෙද හදන්නෙ :P
Deleteප්‍රසන්න අයියේ ..හා එහෙනං පැනපු කොටු ගාන ගණන් කරන්න බලන්න.
Delete30 යි 32 යි
ReplyDelete:) හොඳයි
Deleteසමචතුරස්‍ර 30
ReplyDeleteසෘජුකෝණාස්‍ර 65
සමචතුරස්‍ර 30ක් කීප දෙනෙක්ට ඇවිත්.. හ්ම්ම්ම් බලමු බලමු
Delete30/70
ReplyDeleteසමචතුරශ්‍ර 30 සෘජුකෝණාස්‍ර 68
ReplyDeleteහරී අපි බලමූ
Delete30 i 70i
ReplyDeleteඅනේ මේ ඔයානේ :)
Deleteකලෝසින් ඩේට් එක දෙන්ටෝ තාම හදනවෝ
ReplyDeleteඉක්මනට දාන්නෝ.. උතතරේ තියන පෝස්ට් එක ලිව්ව ගමන් වහනෝ
Deleteමෙන්න මේකා ආයෙත් ඇවිත්! ඉඳපන්! study leave එකේ මේක හදන්නම්! :D
ReplyDeleteඑලයැ :)
Deleteඅය්යෝ ප්‍රශ්න එපා මල්ලො
ReplyDeleteවැඩියෙ දාන්නෑ :) එකක් දෙකක්. ඒකත් එක දිගට නෙමේ :)
Deleteආයෙ මක්කැයි උඹ ආපු එකම ලොකු දෙයක් බං..!
ReplyDeleteස්තූතියි අයියණ්ඩි :)
Deleteසමචතුරස්‍ර 30
ReplyDeleteසෘජුකෝණාස්‍ර 35 යි බන්...
එල :)
Deleteඔන්න මම අද තමයි මුලින් ම ආවේ! බලමුකෝ, තෑග්ගක් දිනා ගන්න පුළුවන් වෙයි ද කියලා. මගේ උත්තරේ නම්,
ReplyDeleteසමචත්‍රරස්‍ර 34
සෘජුකෝණාස්‍ර 68
තෑගි ගැන හිතන්නෙපා අයියෝ.. ,මං ඒක හිතේ සන්තෝසෙට දෙන්නෙ :)
Deleteසාදරයෙන් පිලිගන්නවා :)
මේකෙ උත්තරේ දෙන්නේ තව මාස 6 කින් ද?
Deleteමාස 6ක් ගියාද ඈ? අන්න දැම්මා උත්ත්‍රේ :)
Deletesamachathurasra 60i, prathimuka paada asamana rijukonasra 94 i, (samachathurasrada rijukoonasra lesa salukuwaoth rijukonasra124i)
ReplyDeleteඅනිත් අයට සාපේක්ශව සෑහෙන තොගයක් හම්බෙලානෙ ඔයාට.. අපි බලමු මන්සා :)
Deleteඅනේ අප්පා මගේ ෂොප් එක ගැනත් ලියලා ! තැන්කු හොදේ මල්ලියෝ ^_^
ReplyDeleteසහයෝගය ඕනිනේ අක්කෙ හැමෝටම :)
Deleteකෝ උඹ තාමත් උත්තර දාලා නෑනේ.
ReplyDeleteමම සාමාන්‍යයෙන් තෑගි ප්‍රශ්නවලට උත්තර දෙන්න යන්නෙ නම් නෑ, ඒත් ඊයෙ රෑ නිකමට හිතුනා කොටු ගැනල බලන්න. නිදාගන්න ඇඳට යද්දි කොලේක ඇඳගෙන ගිහින් තමා ඔන්න ගැන්නෙ. :)
සමචතුරස්‍ර 30
සෘජුකෝණාස්‍ර 62
නිකම්ම උත්තරේ දෙන්න පුලුවන්.. ඒත් කාට හරි මේ වගේ ගැටලුවක් ලෙහන්නෙ කොහොමද කියල කියල දෙන්න ඕනි කියල හිතුනා. ඉක්මනටම පෝස්ට් එකක් ලියල පබ්ලිශ් කරන්නම් අයියෙ :)
Deleteම් .... ඒ කියන්නෙ ගනන් කරන්නෙ නැතුව ඕක හොයන්න ක්‍රමයක් තියෙනවද, මට ක්ලික් උනේ නෑනෙ බං.
Deleteහාකො, හාකො, උඹම දාපන්කො.
අන්න දැම්මෝ :)
Deleteතෑගි එපා බොල...උඹව බලලා යන්න ආවෙ...දැන් කී බෝඩ් කැඩෙන්නෙ නැද්ද ?
ReplyDeleteයකඩො මූව දැක්ක කල්. ඉතිං ඉතිං ... කොහොමද බං. ඉඳල හිටලවත් මොනා හරි ලියපන්කෝ, උඹේ ලකී සෙවන් පැත්තකට දාලා. මට හිතෙන්නෙ උඹ හත හත ලියන්න වෙලාව නැතුවයින් එකක් දෙකක්වත් දාන්නෙ නෑ කියල. මෙහෙම කමෙන්ට් එකක්වත් දාලා පලයන් ඇවිත්, දකින්න හරි.
Deleteකී බෝඩ් නං කැඩෙන්නෙ නෑ ආයෙ.. කැඩුනත් ආයෙ ගන්නත් අව්ලක් නෑ මොකෝ දැං එක්සෑම් ඉවරයි :D
Deleteඔන්න ඩීඩීටි අයියෙ සිරා එනව කිව්ව ඊලඟ මාසෙ ඉදන් ආයෙත් වැඩ පටන්ගන්න :)
සමචතුරස්‍ර 36යි
ReplyDeleteසෘජුකෝණාස්‍ර 24යි
හුඟ කාලෙකින් :)
Deleteසමචතුරස්‍ර 36යි
ReplyDeleteඅනික දන්නෙ නෑ.. :(
ඔන්න මං තෑගි නැති ප්‍රශ්ණ 3 අහනවා එහෙනම්...
මාස 6කට පසු හදිසියේම නින්දෙන් අවදි වූ සමියා ඔහුගේ මීළඟ පෝස්ටුව දමන්නේ කවදාද ?
1.මාස 3කින්
2.මාස 6කින්
3.වසරකින්
4.ඔහුගේ දරු මුණුපුරන් විසින්
:D මට හිනා යකෝ :D ඉක්මනටම දානවා .. ලියන්ඩ කම්මැලියි බං .. :P
Deleteඒ උනාට හෙට මේකෙ උත්තරේ දාන්නම් කෝම හරි :)
මේකටනම් උත්තරේ 4 මම හිතන්නේ හැක හැක හැක ආතල්ම ප්‍රශ්නේ !!!
Deleteයන්න සින්දුවො යන්න . හ. :P
Deleteසමචතුරශ්‍ර 30යි ,සෘජුකෝණාස්‍ර 52 යි ,
ReplyDeleteසමචතුරස්‍ර ගණන හරි. :) නිවැරදි උත්තරෙ දැම්මා .බලන්න
Deleteදන්නේ නැහැ. නිදි මතයි. හෙට දිහාට බලන්නම් ඈ.. :D
ReplyDeleteබොර දියක ඉඳුවර
කමක් නෑ :P
Deletesamachathurasra - 30
ReplyDeleteanith eka kammali appa :)
කම්මැලි මොකෝ ?? :) අන්න දැම්මා කම්මැලි ලමයින්ට උත්තරේ බලන්ඩ :)
Deleteහිහ් හිහ් හිහ් හිහ්
ReplyDeleteමාර ප්‍රශ්නයක් මේක ........ :(
උඹ හිනාවෙනවද අඩනවද ? :D
Delete