ගෙදර ලඟින් ඈත් වෙලා
ඔයා ලඟින් දුරස් වෙලා
යාලුවො ගොන්නක් එක්කලා
බෝඩිම දැං ගෙදර වෙලා
ඉතින් අම්මේ එහෙම ඉද්දී
පුංචි වැරදි සිද්දවෙනවා
හංගාගෙන මං ඉන්නේ
හිත චුට්ටක් රිදෙයි කියලා
සමහර දේවල් තියෙනවා
කරන විටදි මිහිරි සිනා
ඒ සිනාව නවතිනවා
ආපසු හැරි බලන වෙලා
පසු තැවෙන්නෙ කෝමද මං
බැරිවීමක් නොවන නිසා
සරසවි ජීවිතේ තවත්
විඳිනු බොහෝ දේ තියෙනවා
පුංචි නොහොබිනාකම් නම්
ඉඳල හිටල කලාට මං
තාමත් ඒ චූටි පුතා
එදා වගේමයි අදටත්
අම්මේ මට සමාවෙන්න
කියලා මං නොකිව්වාට
හිත කෝහේද නතර වෙනවා
කඳුලු වලින් හිත පිරෙනවා
- මීට ආදරණිය පුතා
දඟ වැඩක් කල දවසක
මහ රෑ පාන්දර
ප.ලි - පහු ගිය අවුරුද්ද ජිවිතේ වෙනසක් කරපු වෙනසක් උන ගොඩක් සුන්දර විදියට ගත කරපු අවුරුද්දක් උනා.. හේතුව තමයි කැම්පස් ජීවිතයට ඇතුළු වීම.. ගොඩාක් අත්දැකීම් ලබපු අවුරුද්දක්.. ඒ අත්දැකීම් ලබන්න මං හරි වාසනාවන්තයි.. ලියල ඉවරකරගන්න බැරි තරමට දේවල් හිතේ තියනවා.. බෝඩිං ජීවිතේ කියන්නෙත් එක්තරා විදියක විශ්ව විද්‍යාලයක්.. සමාජය කියන විෂය අපි ඉගෙන ගන්න අන්න ඒ විශ්ව විද්යාලයෙන්.. තනියම දෙයක් කරගන්න , මිනිස්සු එක්ක ඉන්න, දේවල් බෙදාගන්න ඒ හැම දේකටම අපි හුරු වෙනවා..
කොහොම නමුත් ලොකුවටම නොවුනත් පුංචි නරක වැඩක් කරන්නත් දැං පුරුදු වෙලා ඒ බෝඩිං ජීවිතේට පින්සිද්ද වෙන්න .. :D ඒක ගැන ඒහෙම ලොකු පසුතැවිල්ලක් නෑ.. කොල්ලො උනාම එහෙමනේ කියල හිත හදාගන්නව :D (මොකක් ගැනද කියන්නෙ කියල දන්නෝ දනිති ලු :P ) ඉතින් එහෙම ඒ දඟ වැඩක් කරපු දවසක රෑ ඇදට ගියාම අම්මව මතක් උනා.. කොච්චර විනෝද වෙලා ඒ විදියෙ දඟවැඩක් කලත් අම්මව මතක් උනාම ඒක ගැන පසුතැවීමක් එනවා,. ඉතින් ඒම චුට්ටක් පසුතැවීමක් ආව දවසක දුක දුරස්වෙලා යන්නත් එක්ක ෆෝන් එකේ මැසේජ් එකක් විදියට ටයිප් කරල ඩ්‍රාෆ්ට් එකේ සේව් කරපු කවි පන්තියක් තමයි මේ තියෙන්නෙ. අම්මලට කොච්කර අකීකරු උනත් අපේ හිත්වලින් ඒ අකීකරු කම් ගැන පසුතැවෙනවා.. ඒත් ආයෙම පුංචි පුංචි වැරදි කරනවා... :D එහෙම තමයි ජිවිතේ.. :)
බ්ලොග් එකේ මකුළු දැල් කැඩුවෙ අවුරුද්දකටත් පස්සෙ.. ඇත්තම කියනවනම් එකම හේතුව අධික කාර්ය බහුලත්වය.. බ්ලොග් ජීවිතේට සමුදීල පැත්තටකට වෙලා හිටියට ඉදල හිටල බ්ලොග් එකක් දෙකක් කියවන්න එන්නෙ නැත්තෙම නෑ.. ඒත් එහෙම එන බොහෝ වෙලාවට කමෙන්ට් කරන්න පහසුකම් නෑ. ඉස්සර එකට හිටිය ගොඩක් බ්ලොග් යාලුවො දැන් දුරස් වෙලා.. එක වයසෙ හිටිය උංනං දැං ලියන්නෙම නෑ .. . කොහොම උනත් බ්ලොග් වසන්තය වෙනුවෙන් පෝස්ට් එකක් දාන්න ඕනිම කියල හිතුනා .. අවුරුදු උත්සවේ ඒ කියන්නෙ අපේ සයිබර් සැනකෙලියත් මේ පාර එනවනේ.. මම එන්න උපරිම උත්සහ කරනවා මේ පාරත් :) නමුත් කැම්පස් එකේ වැඩත් එක්ක කියන්න බෑ...
කොහොම උනත් ඒ කාලෙ හිටපු බ්ලොග් මිතුරන් මේ පෝස්ට් එක දැක්කොත් ඇවිත් කතා බහ කරල යන්න එන්න. ගොඩක් අයගෙ බ්ලොග් රෝල් වලින් දැන් නම් අපි හැලිල ගිහිනුත් ඇති.. ඒකට කාරි නෑ .. වැරැද්ද මගෙම තමයි.. ඒත් ඔයාලගෙ බ්ලොග් වලට ආවෙ නැතුවට තරහ නෑ කියල මං දන්නවා... ආයෙම වෙලාව ලැබුන කාලෙක මං ආයෙම ඔයාලත් එක්ක ඉස්සර සුන්දර මතකයක් වෙලා තියන ඒ බ්ලොග් ජිවිතේට එනවා .. කැම්පස් ජිවිතේ ගැනම ලියන්න මොනතරම් නම් දේවල් තියනවද.. හම්මේ කොහෙන් පටං අරං කොහෙන් ඉවර කරන්නද කියල තේරෙන්නෙ නෑ :D කොහොම නමුත් ඒ ලිවිල්ල ලියන්න එනකං ලබන්නා වූ නව වසර බ්ලොග් ලියන කියවන ඔබ සැමට සාමය සතුට සපිරි සුභ නව වසරක්!!!
වසන්තය වෙනුවෙන් හරි බුකියෙන් හැලිල මේ වගේ දෙයක් ලිව්ව එක ලොකු දෙයක්. උඹල ලියනවනං අපි කවදත් නොකියවා ඉන්නෙ නෑ.
ReplyDeleteමොනව උනත් නියම කවි පන්තිය.
සමියටත් සුබ අලුත් අවුරුද්දක් වේවා !
ඒ බුකියත් නෑ අන්තිමට මේකත් නෑ අයියෙ :( මුදිය මලා .
Deleteඒකට කමක් නෑ වචන ටික ලොකු හයියක්. ස්තූතියි
//කොල්ලො උනාම එහෙමනේ කියල හිත හදාගන්නව :D//
ReplyDeleteකමක් නෑ. හැබැයි පුතේ ඇබ්බැහි වෙන්න එපා කිසි දේකට!
කිසිම දේකට ඇබ්බැහි නං වෙන්නෙ නෑ. ඇබ්බැහි වෙනව වගේ තේරුනොත් නවත්තල දානව :-D
Deleteමෙන්න මෙයත් ලියල... මේ අර කලින් ඒකෙ පාට් 2 කවද්ද එන්නේ??
ReplyDeleteඒක තාම ඩ්‍රාෆ්ට් වල බං :-D
Deleteයකෝ මේකත් වසන්තයට ලියල කියල දැක්කෙ දැන්නෙ. එළ කොල්ලො එළ!
ReplyDeleteවසන්තයට ලියපු පෝස්ට් එකට දාපු කමෙන්ට් වලට උත්තර බදින්න එනකොට සිසිරයත් ලං වෙලා :-D
Deleteලස්සනයි
ReplyDelete:)
Deleteනැවත ලියන්න ගත්ත එක ගැන සතුටුයි. පුංචි වැරදි ලොකු වැරදි නොවෙන්න වග බලා ගන්න ඕනෙ.
ReplyDeleteඅනිවා :)
Deleteබුඩු අම්මේ මේ තඩි කොල්ලා අවුරුද්දකින් විතර ලියල නේ.. හැක්
ReplyDeleteහැක් හැක්. දේසව දැක්ක කල් :-D අවුරුද්දකට පාර පෝස්ට් දාල මාස හයකට පාරක් කමෙන්ට් වලට රිප්ලයි කරනව :-D
Deleteඋඹ නින්දෙන් ඇහරුනේ දැන්ද කොලුවො...ලියහං දිගටම...
ReplyDeleteසිරා අයිය ලංකාව එන්ඩ කලපනාවක් නැද්දෝ ?
Deleteබ්ලොගයට පාර හොයා ගත්තේ අදයි... දිගට ම ඒන්නම්.... සින්ඩියටත් දා ගත්තා..... මෙන්න ලින්කුව - http://kurutugegeepawra1.blogspot.com/
ReplyDeleteදිගට ම ලියන්න.... ඒකයි වැදගත්
ස්තූතියි. එන්නං ඒ පැත්තේ..
DeleteHodai man Asia
ReplyDeleteEnna me paththe
ReplyDelete