ඒ වගේම තමයි මට මතකයි ඒ කාලෙ පොඩි දේනුත් මාව සැහෙන්න පරිස්සම් කරනවා. ඔය ළමා මනස දුශනේ වෙන කිසිම දේකට යොමු වෙන්න දෙන්නෙ නෑ.පොඩි දෙයක් ඇති අපේ අම්මට. කොටින්ම කිව්වොත් ටී වි එකේ ගිය නයිට් රයිඩර්, සුපර් මෑන් වගේ ෆිල්ම් එකක්වත් බලන්න දෙන්නෙ නෑ.
මොනවා? .. ඒ මොකද ඒ ..
ඉදහල්ලකො කියනකං..
ඉස්සර නයිට් රයිඩර් ටී වී සීරීස් එක මතක ඇතිනේ කස්ටියට.. මොන තහංචි දැම්මත් ඕක මම හොරෙන් හරි බලනවා. :D ඒ කාලෙ ඉතින් අපිට මොන කම්පූටර්ද .. මයිකල් නයිට් කාර් එකේ නැඟල දාන වැඩ කෑලි බලන්න මොන පොඩි එකාද අකමැති වෙන්නෙ නේ ? ඒව අපිට මැජික් ..
ඒත් මේ මයිකල් නයිට් ඉන්නව නෙද ඈ.. අප්පා මූට ගෑනියෙක්ගෙ කටක් පේන්න බෑනෙ.. ඇයි ඌ පොඩ්ඩ බැරි උනාගමන් උම්ම දෙන්ඩ ගන්නවනෙ නස්තාර් වෙන්ඩ.. කට කන්නමයි හදන්නෙ..උම්ම උම්ම ගොඩාක්.. කම්මුල දීල ඉන්න තියන එක දෙන්නෙමම කටටනේ..
ඒ කාලෙ මිනිස්සුන්ගෙ විලිලජ්ජාව නැති හින්දද එහෙමත් නැත්නම් පොඩි ලමයි ටී වී බලන්නෙ නැ කියල හිතිලද දන්නෙ නැ. කොටු කොටු නම් දාන්නෙ නෑ මොන රෙද්ද පෙන්නුවත්..ඔක්කොම ෆුල් ඕපන් එකේ පවුලෙ නාලිකාවෙන් මුලු පවුලටම බලන්න දෙන්නෙ.. ආයෙ නෑ මුලු ඇමරිකානු සගිස්කෘතියම ගෙයි සාලෙ..
"ඕකි තමයි මයිකල්,කාර් එකට බෝම්බෙ තිබ්බෙ .. කට කාපං ඕකිගෙ... කට කාපං ... " කියලා අනික් පොඩි උං වගේ කෑගැහුවෙ නැත්තෙ පුංචි උනත් මේ කුපාඩි මයිකල් නයිට් කරන වැඩේ හරි නෑ කියලා මට තේරිලා තිබුන හන්දා..
සුපර් මෑන් සීරීස් එකෙත් ඊට දෙවෙනි නෑ .. සුපර් මෑන් රවුමක් පියාඹනවා... කට කනවා.. ආයෙත් රවුමක් පියාඹනවා ...කට කනවා .... :D විලි ලැජ්ජවෙ සන්තෝසෙ බෑ ඕයි :D
ඒකට දැන් අපෝ මෙලෝ මගුලක් බලන්න නෑ පොඩ්ඩ බැරි වෙද්දි කොටු කොටු කොටු කොටු.... අපි ඉතින් චිත්ත රූප මවගන්න ඕනි.. රෙද්ද.. :D ඒත් දෙමව්පියො ලමයි ඉස්සරහ අසරණ වෙන්නෙ නම් නෑ දැං ඉස්සර වගේ ටීවි එක ඉස්සරහ :) .. අනික දැං ලංකාව කියන්නෙ හෙන සදාචාරාත්මක ගුණයංගෙන් ආඬ්ය වුනු දැහැමි බවින් පරිපූර්ණ උනු මිනිස්සු ඉන්න රටක්නේ..
ඇත්තම කතාව ඒක නෙමේනේ..
ඒනම් කෝකද ?
මේකයි ඈ


..පොඩි කාලෙ කොයි කවුරුත් නයිට් රයිඩර් බලන්නෙ මයිකල් නයිට් ගෙ උම්ම එක බලන්න නෙමේ... අපි ආස කලේ කාර් එක උඩින් පන්නනව බලන්නයි , ඇල කරනව බලන්නයි.. මයිකල් කාර් එකේ ඉදං උඩ යනව බලන්නයි.. ස්පීඩ් එකෙන් කෙල ගෙන යනව බලන්නයිනේ..
කොටින්ම අපිට කාර් එකේ වැඩ කෑලි මිසක් මයිකල් ගෙ වැඩ කෑලි බලන්න ඕනිකමක් තිබුනෙ නෑ.. (හඃ .. දැං ඕනිකමකුත් නෑ.. මොකෝ අපි තාම පොඩි ළමයි :P )
කොටින්ම අපිට කාර් එකේ වැඩ කෑලි මිසක් මයිකල් ගෙ වැඩ කෑලි බලන්න ඕනිකමක් තිබුනෙ නෑ.. (හඃ .. දැං ඕනිකමකුත් නෑ.. මොකෝ අපි තාම පොඩි ළමයි :P )
ඔන්න ඔය අවස්තාවක.. ඒ කියන්නෙ මයිකල් හරි සුපර්මෑන් හරි උම්ම දෙන අවස්තාවක අපේ මව් තුමී බැරි වෙලාවත් දැක්කොත් මං තුමා අරවගේ කුපාඩි උම්මාසීන් එකක් බලනව, තත්වය අතිශය අමානුශිකයි.. ඒත් මං හෙනම කපටියා.. මගෙ අතේ තමයි තියෙන්නෙ රිමෝට් එක.. මං මොකෝ කරන්නෙ.. කට කන්න රෙඩි වෙනකොටම දැම්ම වෙන එකක් චැනල් එකක් ටාර් ගාලා.. කට කන්න යන වෙලාව ගෙස් කරලා ආයෙ දානවා නයි ටී එං...තාක්සනේ මහිමයට පින් සිද්ද වෙන්න කොච්චර නම් සෙතක් සාන්තියක් සැලසෙනවද අපි වගේ අසරණ ළමා ජනතාවට..
හම්මේ බලන්න නේ මගෙ කපටිකම ? :D පොඩිකමටද නේ ?..
ඒත් අනේ පින්වතුනි ඔය රිමෝට් වැඩේ සෑහෙන අක්‍රමිකතා තියනව නොවැ.. ඔන්න මං බල බලා ඉන්නවා.. මයිකල් නයිට් කට කන්නයි හදන්නෙ.. ඔන්න දැම්ම වෙන එකකට.. ආ දැං කට කාල ඉවර ඇති.. දාන්න ඕනි නයි.ටී එං.. ඔන්න දැම්ම නයි.. හුටා මෙන්න කට කනවා.. කනව නෙමේ කාගෙන ආගෙන යනවා.. පොඩිද උනු ලැජ්ජාව ඈ..
ඔය උම්ම එකෙත් ප්‍රභේද තියනවනෙ (මම නම් දන්නෙ නෑ යාලුවෙක් කිව්වෙ..) "චොක්" ගාල දෙනව නිකං ආයෙ රිමෝට් එක අල්ලන්න තියා හිතන්නත් කලින් චොක් එක ඉවරයි .. මයිකල් ද උම්ම එක දුන්නෙ කියල බලන්නත් කලින් කාර් එක ඇතුලෙ ඉදීය මිනිහ එලියෙ.. අනික් අවස්තාව තමයි පින්වත "උම්..උම්.. උම් උම්.. උම්.. උම්.. උම්.. උම්. .උම්.. උම්.. උම්................මොච්චො " කියල දෙන එක.. හපූ විලි සංගයක් ඇති මිනිහෙක්ට බලන්න පුලුවංද ඈ ? බෑ නේද ? උම්ම සීන් එක ඉවරයි කියල හිතල චැනල් මාරු කරද්දි දිගටම උම්ම එක බලන්න වෙන්නෙ අන්න ඒ කියන්නාවූ භයානක අවස්තාවෙදි.. ඔය අවස්තාවෙ බැටරි බැහැපු රිමෝට් එකක් ලඟ තිබුනම ඉතින් ඇතිවෙන හැඟීම කියල වැඩක් නෑ.. කියල වැඩක් නෑ හින්දා කියල වැඩක් නෑ මයෙ දෙයියෝ...
කොහොම හරි ඔය අවස්තා දෙක දෙමව්පියො ලමයා ඉදිරියෙත් ලමයා දෙමව්පියා ඉදිරියෙත් පුදුම විදියට අසරණ වෙනවා.. කරන්න දෙයක් නෑ.. එකම ප්‍රතිපලයයි ඉතුරු ..
"ළමයො.! මොනවද ඔය බලන මළ ජරාව.. වහල බුදියපිය.." මව් පාර්ශවේ අන්තිම තීරනේ දෙනවා.. ඒ වෙලාවෙ තම අයිතිවසිකම් වෙනුවෙන් පෙනී හිටින්න පුලුවන්ද මං අහන්නෙ මං වගේ පොඩි ළමයෙකුට ? බෑ නේද ඈ.. හරියට ලෝක බලවතුන් නිශේද බලය පාවිච්චිකලා වගේ වැඩක් නෙමේද ඒක .. මහින්ද රාජපක්ශ චෝගම් එකට උද්ගෝශන නැවැත්තුව වගේ නෙමේද ඒක ? කර බාගෙන විදානය පිලිපදිනව ඇරෙන්න වෙන කරන්න විකල්පයක් නෑ..
ඔන්න ඔය සංතෑසියට තමයි පොඩිකාලෙ මං මූන දුන්නෙ.. ඉතින් ඔබ තුමන්ලට ඇඩෙනව නේද මේව කියනකොට.. මං දන්නවා. ''මේ වගේ විපත් වනේ වන හතුරෙක්ට උනත් මට නම් නොවේවා'' කියලයි මං වගේම ඔයාලත් අද ප්‍රාර්තනා කරන්නෙ..
අපේ ගෙදර කොච්චර මාව ආරක්සා කලාද කියනවනම් 7, 8 වසර වෙනකම්ම මම එකදු කුනු හරුපයක්වත් දැනගෙන හිටියේ නෑ. අඩුම තරමෙ පස්ස පැත්තට පුක කියල කියන්නවත් දන්නෙ නෑ (පුක යනු කුනුහරුපයක් නොවේ - කකා ).. ඒත් ඉස්කෝලෙ යාලුවො මගෙ අසරණ භාවය දැකල 8 වසරෙදි ඉස්සිස්සෙල්ලම කුණුහරුප වල හු යනු හූ යනු කියෙව්වා...කොහොමින් හරි ඉතින් ඒ වසවර්තිමාරයන්ට පින් සිද්ධවෙන්න සෞඛ්‍ය පොත ඉගෙන ගන්න කාලෙවෙන්නත් කලින් හොදට පොත පෙරලන්න වගේම කුණුහරුප වල ආචාර්ය උපාධිය ලබාගන්න සුදුසු මට්ටමකට ඇවිත් ඉදියා පුංචි එකා උනු මම..
ඊට පස්සෙ ඉතින් අනික් එවුන් වගේම හොදම යාලුවට කතා කලෙත් #ත්තෝ බත් කෑවද ? (පෙත්තො බත් කෑවද ?) වගේ සෞම්‍ය වචනවලින්..
ඒත් ගෙදරටත් සමාජයටත් පුදුම හොද ළමයෙක් මම.. ඒක ඉතින් අහන්න දෙයක් නෙමෙයි ඈ.. ගුරුවරයන්ගෙත් අම්මලගෙත් හොද හිත උපරිමේට දිනාගෙන හිටපු එල කොල්ලෙක්.. (මං ගැන ඉතින් වෙන මොකා හොද කියන්නද මංම කියාගන්නෙපැයි ) ඒත් යාලුවො ලඟදි ටිකක් විතර කුපාඩියි.. ඒත් අම්මල නං දන්නෙ මං බො පැලේ වගේ ලමයා කියලා වුතරයි.. ඉතින් පූර්න විශ්වාසය හා රැකවරනය කියන රක්ශන හිමිකම මට හම්බුනා :)
ඉතිං මෙම පදුර වටේ තලන්න උනේ පොඩි කතාවක් කියන්න වට පිටාව සකස ගන්න . ඒ කතාව සුඛාන්තයක් නම් නෙමෙයි .. කොටින්ම කියවල ඉවර උනාට පස්සෙ ඇඩෙයි ඈ.. ආයෙ නොකිව්වයි කියන්නෙපා.. ඒ තරම් සෝචනීයයි..
-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
ඒත් ඒ කතාව අහන්න වෙන්නෙ නම් අද නෙමේ.. ඊලඟ පෝස්ට් එකෙන් .. මොකද මම දැං කම්මැලියි..
කියන්න ආවෙ වෙන දෙයක්.. කියන්න උනේ වෙන දෙයක්.. කියන්න ආව දේත් අරං ඊලඟ පෝස්ට් එකෙන් එනකං අදට ඇති.. මොකද දැං ඉන්න බ්ලොග් ලියන ඇත්තන්ට කියවන්න තියන බ්ලොග් කන්දරාවෙ හැටියට ලියන එක ගොඩක් ලේසි දෙයක් වෙලා තියනවා.. ඒක හින්ද වද දෙන්න කැමති නෑ මං නං.. මොකද මෙව මේ සම්භාවය බ්ලොග් පෝස්ට් නෙමේ ... ඉතිං වැඩියෙ බලන්න කවුරුත් නෑ.. :)
--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
ප.ලි - ඔය කුණුහරුප සීන් එක මේකයි.. 8 වසර විතර වෙනකොට ඕක හෙන වසංගතයක් වෙලා තිබුනා .. ඇත්තටම දැං නං 5 වසරෙ ඉන්න උනුත් ප්‍රජනනය සෞඛ්‍ය පාඩමම කුනුහරුප බාසාවෙන් ප්‍රසිද්ද වෙදිකාවල් වල කියනකොට ගොඩක් දුක හිතෙනවා, අනේ මේ ළමයිට මොකද මෙ වෙලා තියෙන්නෙ කියලා. ඒත් අපේ කාලෙ ඕව අපිට තේරුන්නෑ.. මං කිව්වෙ 8 වසරෙදි ඈ... (ආ මෙ ඉන්නෙ අර පන්තියෙ ඉන්න කුපාඩි ළමයි සෙට් එකෙ කියල හිතන්න කාරි නෑ.. මොකද මම 8 දි පන්තියෙ පලවෙනියා වාර දෙකකම .. ඉතින් අන්ත්ම පේලියෙ මුල් පේලියෙ කියල වෙනසක් නෑ.. ඔක්කොම එකයි.. පිටතදි හොද හැසිරීමක්.. එත් යාලුවො ලඟදි ඒම නෑ.. )
බලමු කො මොකද්ද කතාව කියලා. උපාසක බළලෙක් වෙන්න ඇති එහෙනම්.
ReplyDeleteහනේ මන්දා .. ඤාව්!!
Deleteමරු.ලොක්කා
ReplyDeleteටෑංක්ශ්! :)
Deleteදැන් සමහර චැනල් වල කට කන සින් එක පෙන්නලා ඉවර උනාම තමයි කොටු දාන්නේ
ReplyDeleteඒ කොටු දැමිමේ නිලදාරිය බිල ඉදිය වෙලාවට බං බොරලු
Deleteමන් නං අම්ම එනකොට නිදාගන්නවා :3 (කොමද මයේ ටිකිරි මොලේ ) :3
ReplyDeleteඔයා කන්නෙ විටමින් A, B, D සහ E අනූන මැලිබන් ගොල්ඩ් මාරි ද ?
Deleteකට කන එක නම් කොටු හරි දානව තවත් එකක් තියනව බං, උඩහ ගෙදර පොඩි එකා ටීවි එකේ ඇඩ් එකක් දැකල තාත්තෙ අර මොනවද අහල. අරක විලිලෙජ්ජාවට එව්ව පුතේ බිස්කට් කියල. දවස් දෙක තුනකට පස්සෙ පොඩි එකා අම්මත් එක්ක අපේ කඩේට ඇවිත් ඒ බිස්කට් එකක් ඉල්ලල පෙරලි පෙරලි ඇඩුව. සුපුරුදු පරිදි එව්ව පුතේ නරක් වෙලා ආපහු දෙන්න තියෙන්නෙ කියල ගැලවුනේ.
ReplyDeleteආ ඔය කියන්නෙ අර පුරෝහිතට මහ රජා හැමතිස්සෙම කියන භාන්ඩෙ වෙන්ඩ ඇති නේ?
Deleteප්‍රීතී දේස් ප්‍රීතී!!
නයිට් රයිඩර් ගැන නං කතා කරලා වැඩක් නෑ.. හාපෝ.. ඒ වෙලාවට යන එනමං නැති වෙනව... අනේ මන්ද අපෙ අම්ම නං රෑ 10ටවත් කේස් දාන්නෙ නෑ ඉස්සර... එක්ස් ෆයිල්ස් එහෙම යනකොට අම්මට 10ට ඇහැරවන්න කියලා මං නිදා ගන්න වෙලාවලුත් තියෙනව.. අම්ම ඉතිං ඇහැරෝනව..
ReplyDeleteඑක්ස්ෆයිල්ස් බලන වෙලාවට මං බබා දොයි අනේ.. අනික මං බබාගෙ ළමා මනසට එච්චර ලොකු අපබ්‍රංස තෙරෙන්නෑ ඒ කාලෙ... නයිට් රයිඩරේ ගියෙ නං 8ට විතරනෙ නේද ? 8 නැත්නං උපරිම 9ය
Delete8 ට තමයි සමියෝ! අද වගේ මතකයි! සීයාට කුරුල්ලා චැනල් එකේ ප්රවෘත්ති බලන්න ඕනි, මට "නයිටටයිඩල්" බලන්න ඕනි(අල්ලපු ගෙදර පොඩි එකා හැමදාම එනවා ඕක කියාගෙන, නයිට් රයිඩ' බලන්න). දෙකම එක වෙලාවෙ නිසා සීයා එක්ක හැමදාම වලි -_-
Deleteඒ නිසාම හොඳට මතකයි වෙලාව 8 කියලා ;-)
\\\\\\\\\\\\\\උම්ම සීන් එක ඉවරයි කියල හිතල චැනල් මාරු කරද්දි \\\\\\\\\\\\\
ReplyDeleteඕක මටත් වෙලා තියෙනවා ... දැන් මතක් වෙද්දී විලිලැජ්ජවෙ සන්තෝසේ බැරුව යනවා... MTV එක සිංහලෙන් තිබ්බ කාලේ ( සිරස එන්න කලින් ) ගියා ටාර්සන්..ඒකෙත් සීදේවි ගෑණු දරුවෙක් උන්නා... සමීට මතක නැතුව ඇති ඉස්සරම රූපවාහිනී එකේ ගියා ගෝස්ට් රයිටර් කියලා කතාවක්...ළමා කතාවක් .. මන් ඒක බලන්න හරි බයයි... ඒ කාලෙම තමයි රොබෝ කෝප් ගියෙත් ( 94 වගේ )... දැනට අවුරුදු 20 කට එහා ....මතක් වෙද්දීත් පුදුමයි ...
බියෝන්ඩ් 2000 මතක අය කව්ද ඉන්නේ ...මන් දැක්කා මුළු සීර්යස් එකම යු ටියුබ් එකේ තියෙනවා..ඒකටත් හරි ආසයි මන් ... 97 වගේ ඒක ගියේ...
Beyond 2000 නං පට්ට..ඒ කියපු ඒව කීයක් හරි ගිහින්ද කියන එක නං ප්‍රශ්නයක්..
Deleteරොබෝ කොප් බලල පිස්සුව වැඩි වෙලා ඉස්කෝලෙදි කරපු සෙල්ලමුත් ඒවමයි.. දැං ටීවි එකෙන් ඒවගේ රසවින්දනයක් ලබන්න බැරී අපි වෙනස් වෙලාද, ටීවි වෙනස් වෙලාද?
ම්හු! මතක නෑ අයියෙ .. ලාවට වගෙ මතකයි හර්කියුලීස් , ශීනා වගේ ඒවා ගැන නම්.. මං 92 අනේ.. ඉතිං කොහෙද .. අනික ටි.වි එකක් ගෙනාවෙත් මට අවුරුදු 6කදි වගේ
Delete@ලැම්බා - මං නං හිතන්නෙ ඒවගේ ඒව නිතරම දකින හින්ද තමයි දැං ඒ දේවල එච්ච්ක්ර විශේශයක් පේන්නැත්තෙ
Deleteකාටද මතක ''මන්කි''
Deleteඑතකොට '' වන් මිලියන් ඩොලර් මෑන්''
අපි කවද කාපු ටකරංද
Delete@අටං ඔයා තූති කාලේ අපි අම්මගේ බදෙත්නැහැ මාමේ
Deleteමුලින්ම නයිට් රයිඩර් ගියේ 82-83 කාලේ. එතකොට තමයි ඔය කට කෑමවල් ඉහලින්ම තිබුණේ. එක දිගටම යනවා. තව තිබුණා බයිනික් වුමන් කියලා එකක්. ඒකෙ එපිසෝඩ් එකක් පැයක් යනවා. කන සීන් එකක් විනාඩි පහ-දහය යනවා. එතකොට ලව් බෝට් කියලා එකක් තිබුණා. රිටර්න් ටො ඊඩන් කියලා එකක් තිබුනේ රෑ දහයෙන් පස්සේ යන්නේ. මම පාඩම් කර කර ඉඳලා වෙලාවට බලනවා. ගෙදර අනෙක් අය නිදි.
Deleteහම්බෝ එච්චර පරනද ? :O
Deleteකෝම හරි නයිට්රයිඩර් අලුත් සීරීස් එකකුත් ආව මේ ලඟදි.. සුදීක අයියා දැක්කද ?
අලුත් සීරීස් එක 2008 එකක්. ටොරන්ට් එකක් හම්බවෙලා මං ඒක බෑවා! ;-)
Delete(කලිං සීරීස් හතරෙනුත් 3ක් සම්පුර්ණයෙන් ම බෑවා. 4 වෙනි එකේ එක එපිසෝඩ් එකක් අඩුයි) :'(
ඒ පෙත්තෝ පට්ට ඈ ....මෙතුමගෙත් ලමා කාලේ ඔහොම්මයි...රිමොර්ට් එක හොයා ගත්ත පෙත්තගෙ ලමා කාලෙත් ඔහොම ඇති....
ReplyDelete…~ අහින්සක් හොරෙක් පලවෙනි වතාවට් බ්ලොග් එක්ක දාන කමෙන්ට් එක වැටෙයිද දන්නෙත් නෑ...මීට කලින් දාපු එක වැටුනෙත් නෑනෙ ඕයි
හුරේ වැටිලා වැටිලා :D මේ හොරා අවංක එකෙක්ද කියල මට ඉන්බොක්ස් කරහං ඈ :D
Deleteමටනං ඔහොම ප්‍රශ්නයක් තිබුණෙ නෑ. අනික අපේ ටීවී එකට රිමෝට් එකක් තිබුණෙත් නෑ ඒ කාලෙ. ඉතිං කට කන ඒවයි අරවයි මෙවුවයි ඔක්කොම බැලුව. හැබැයි ඔය කාලෙ ගිය අර ඩිනාස්ටි කියල ඇඩල්ට්ස් ඔන්ලි කියල පෙන්නන එකනං බලන්න හම්බඋනේ නෑ.
ReplyDeleteඬා මට මතකයි අපේ ආච්චිලගෙ ගෙදර තිබුන ඒම එකක්.. ලඟට ගිහින් ටොක් ටොක් ටොක් ගාල කරකවන්න ඕනි :D
Deleteඩිනාස්ට් කියන වචනෙ වත් අහල නෑ :(
ඒකත් මරු තමයි.
DeleteDynasty (1981)
DeleteDynasty is an American prime time television soap opera that aired on ABC from January 12, 1981 to May 11, 1989. (Wikipedia)
හෆොයි, මට ඔය සතෑසියට මූණ දෙන්න වෙලා තියෙනවා බං අම්බානකට. විලිලැජ්ජවේ සන්තෝස යි! මොනවා වුණත් කොටු දාන එක හොඳයි එක අතකින්. අනිත් අතට කොටු දැම්මා කියලා වැඩකුත් නෑ ඉතින්. දැන් ඉන්න පොඩි වුන් කියන කතා ඇහුව ම අපි මොනව ද දන්නේ කියලා හිතෙනවා :O
ReplyDeleteඔයා බබානේ .. :D
Deleteකාලෙකට පස්සේ බ්ලොගේකට ආවේ..
ReplyDelete//අපෙ ගෙදර පුංචි පවුලක්. මමයි අම්මයි තාත්තයි විතරයි ඉන්නෙ . ඒ කියන්නෙ මම තනියෙක්! එකා යකා කියල ආයෙ අමුතුවෙන් අහන්න දෙයක් නෑනෙ . ගෙදර වෙන ලමයි කවුරුවත් නැති උනාම ආයෙ ඉතින් තත්වය අතිශය ශෝචනීයයි.. අම්මගෙයි තාත්තගෙයි ආදරේ, සෙනෙහස උතුරන්න ලැබෙනව වගේම තමයි අනිත් පැත්තට ගෙදරට හොරෙන් කිසි කුපාඩි වැඩක් තක්කඩි වැඩක් කරන්න බෑ.
ඒ වගේම තමයි මට මතකයි ඒ කාලෙ පොඩි දේනුත් මාව සැහෙන්න පරිස්සම් කරනවා//
මේක අපේ දිහත් ඒම්ම්මයි , මේක පට්ට ඕයි :LD
මන් මේ ඒ පැත්තේ එන්න හිටියේ හොයන්න...
Deleteයකූ උබ කාලෙකට පස්සෙ ආවෙ මම කාලෙකට පස්සෙ ලිව්ව පොස්ට් එකක් බලන්න :D සන්තොසයි ඈ
Delete@සහන් අයියා - මෙයා ඉතින් එෆ් බී එකෙ නං හෙන සුකුරුත්තං දදා ඉන්නවා. කොහෙද ඔයාල ආස්සරේ කරල බලන්නවත් එන්නෑනෙ එ පැත්තෙ
මට FB එකට එන්න හිත දෙන්නෙම නැහැ සමී.. බලමුකෝ ඔන්න ඔහේ එකක් හදලා...
Delete:D සහන් අය්යා ආවා නම් හරිනේ FB පැත්තේ,කස්ටියම දැන් ඒකට වෙලා ඉන්නවා,මේ පැත්තේ එන්න කම්මැලි.. :D
Deleteකට කාපං කට කාපං :D :3
ReplyDeleteඋබ නේ කාර් එක හොරකම් කලේ? ඉදහංකො මයිකල්ට කියල කව්වන්න :D
Deleteමොකෑ අය්යා කටම කන්න තනන්නේ ...ඔය මුනත් පොඩ්ඩක් ඉඹපන්කෝ..
ReplyDeleteකෙල්ලට ඔක කියන්නවත් මයිකල් ඉඩ දෙන්නෙ නෑනේ :D
Deleteමාර සීන් එක.
ReplyDeleteඔය වගේ දේවල් වලට අපේ ගෙදර නම් තියෙන්නේ ලිහිල් ප්‍රතිපත්තියක්. අපි පොඩි කාලේ පවා අපේ තාත්තා ඒ හැටි රිස්ට්‍රික්ෂන් දැම්මේ නෑ අපි බලන පොත පත ගැන පවා. ඒ නිසාම සිප ගැනීම නරක වැඩක් හෝ වල් වැඩක් කියලා හැඟීමක් ඇති වෙන්නේ නෑ. ඒ නිසාම සිප වැළඳ ගැනීමක් දැක්කට අමුතු ඉන්ටරෙස්ට් එකක් කුතුහලයක් නැතුව ඉන්න ළමයා පුරුදු වෙනවා.
ඒකට අපේ ගෙදර :( ඒව ගැන ඉතින් එක එක බ්ලොග් පොස්ට් දාන්න වෙයි ඔක්කොම කියන්න ගියොත්.. එක අතකට ඩූඩ් අයියා හරි .. :)
Delete//එක අතකට// නෙමෙයි බං... ඩූඩ් අයියගෙ දෙමව්පියො කරපු දේ තමා හරියටම හරි...
Deleteපොදුවේ ලංකාවෙ වැඩි හරියක් දෙමව්පියො මේවගේ ඉතාම සාමන්‍ය දේවල් ගැන එහෙම නොහිතන එක සහ එවැනි දෙමව්පියොන්ගෙ දරුවොත් දෙමව්පියො වෙද්දි ඒ ක්රමයම continue කරං යන එක තම ලොකුම අවුල...
කොහෙද ඉතිං... මේ සංස්කෘතිය කියන මල විකාරෙ ලංකාවෙ උංගෙ ඔලු කාලනෙ...
සඟිස්කුතිය නැතුව බෑ කියලයි මගෙ අදහස .. අපිට කියල අනන්‍යතාවක් ඔය සඟිස්කුතියෙ තියනවා., ඒත් සංඟිස්කුතියයි කියාගෙන් ඒතුලම එල්බගෙන පරනහනමිටිත් එක්කම යන හින්දනෙ මේ ප්‍රශ්න.. "අපේ දේ රැකගෙන අලුත් දේ අරගෙන ".. ඔන්න ඔය කන්සෙප්ට් එක තමයි ක්‍රියාවට නැංවෙන්න ඕනිකියල හිතෙනවා
Deleteකට කෑවත් මදි බං :3
ReplyDeleteසිරසේ ගිය නයිට් ටයිම් ටිවී එහෙම සෙට් උනේ නැතුව ඇති දරුවට ඔය කාලේ නෙහ් ;)
මට දැං ඔන්න ක්ලික් වෙනවද මන්ද . >_<
Deleteසිරස සඟිස්කුත්ගිය විනාස කරනව කියල කිව්වෙ ඔය කාලෙද ? :O
හම්මූ.. ඔය කස්ටිය වගේද ලොස්ට් වර්ල්ඩ් එකේ හිටිය වෙරෝනිකා.. ^_^
ReplyDeleteලොස්ට් වර්ල් කියන පිලුමෙද සැගි අයියෙ ? :O
Deleteනැහැ නැහැ ස්වර්ණවාහිනී එකේ ගියේ ... අනිවා කෑල්ලක් තියෙනවාමයි දවසට.. ( දවසේ ගාන ශේප් :P )
Deleteමට මතක ජාතික රූපවාහිණියෙ වගේ.. වෙරෝනිකා විතරක් නෙවෙයි මාග්‍රට් අක්කත් සෝයි ඈහ්!
Deletehttp://www.imdb.com/title/tt0240278/
ලිංකෙට රොම්බ තෑන්ක්ස් සැගි අයියෙ :D
Deleteමම නං පොඩිකාලෙ වගේ ම දැනුත් ඒ වගෙ සීන් යනකොට කලබල නොවී, චැනල් එක එහෙමම තියෙන්න ඇරල ෂේප් එකේ වෙන කතාවක් පටංගන්නව අරක දැක්ක නොදැක්ක වගේ ;)
ReplyDeleteඕකත් සාර්ථක ක්‍රමයක් ... :)
Deleteඅනිවාර්යෙන්ම :D
Deleteබැනේ කරන්න දැන් ඉතිං අපිට වෙච්චී දේවල් එහෙමත් කියන්න වෙනවා. අම්මයි තාත්තයි අයියයි තුන්දෙනාම වෙන එකක් බල බලා හිටපු වෙලාවක කෑ ගහලා ලොස්ට් වර්ල්ඩ් දා ගත්තා. මෙන්න බොලේ එකපාරටම ගෑණු ළමයෙක් ඇදන් හිටපු රෙද්ද ගලවලා දැම්මා. කොටු තියා කිසිම එකක් නෑ. කක්කි පැත්ත ( කකා කියන දේවල් කරන්න ගියොත් වසලා හමාරයි) හරි අපුරුවට පෙන්වනවා. ටීවී එකෙන් එකයි. පොලව පලාගෙන යන්න හිතුනා. මතක් වෙද්දිත් චික් කියවෙනවා
ReplyDeleteඅප්පට සිරි :D අර උඩ කමෙන්ට් එකෙත් සැගිය කිව්වෙ මේක වෙන්නැති. ඒකාලෙනෙ ඉන්න තිබුනෙ අයි ඩොන්ට් නෝ වයි :D
Deleteඒ වගේ වෙලාවට නම් වලක් කපාගෙන වැළලෙන්න හිතෙනවා නේද? වැඩේ කියන්නේ අම්මලා එන්නෙත් ඔය වගේ සීන් යන වෙලාවටනේ..
ReplyDeleteඔයා නිදියනවද බලන්න අම්ම එන්නෙ නැද්ද ? දැං වෙලාව 2ත් පහුවෙලා :D
Deleteහපොයි .. ඔය ඉංගිරිස් කතාවක තියෙනවාමනේ ඔය වගේ සීන් එකක්.. කරුමේ කියන්නේ අම්මා රෙදි හෝදලා තේ හඳන කම් ඔය මුකුත් නෑ.. ඔන්න තේ එක අරන් ළගට එනකොටම කාපි නේද කට..
ReplyDeleteඅන්න ඒකනෙ කියන්නෙ මචං.. ඔය වගේ කතාවක් තමා ඊලඟ කොටස.. :P
Deleteසහතික ඇත්ත ..........
Deleteචුට්ටං කාලෙ වැඩිය ටීවී බැලුවෙ නැති නිසා හොඳයි. :D
ReplyDeleteමෙන්න මෙවැනි අවස්තාවලට මුන නොදුන් ලමයෙක් ;)
Deleteකතාව ඇත්ත සමියෝ එදා අප පොඩි එවුන් සේ අසරණ වුණා සේම දැන් දපේ දරුවන් ඉදිරියේත් අසරණ වෙනවා. අපේ දරුවෝ එදා අප සිටි තත්ත්වයට පත්වෙලා ඇඹරෙනවා. මං නං ඉතින් ඒ කිසිවක් ගණන් නොගන්නා න්‍යායෙන් ශේප් එක දානවා
ReplyDeleteදරුවන්ව තෙරුම් ගන්න දෙමාපියො හරි වටිනවා
Deleteමේක නං පොඩිම කාලෙ උන සීන් එකක් නෙමෙයි, උඹලටත් මෙහෙම වෙලා ඇති...
ReplyDeleteමම පට්ට film පිස්සෙක්. 10 වසරෙ විතර ඉඳලා අඩුගානෙ දවසකට 1 film 1ක් හරි බලනවා...
ඉතිං එහෙම බල බල ඉන්නකොට හරියටම මොකක්හරි ජිගි'ජිගි සීන් එකක් යන වෙලාවටම අම්ම හරි තාත්ත හරි කාමරේට කඩංපාත් වෙනවනෙ මොනව හරි කතා කරන්න, නැත්තං තේ හදාගෙන... :( :( :(
ඉතිං ඒකෙං වෙන ලොකුම අවුල තමයි මම වල් සීන් විතරක් බලන ජරා කොල්ලෙක් විදිහට බැනුම් අහගන්න වෙන එක.... කාට කියන්නද...
ඊලඟ කතාවෙන් ඒ වගේ භයානක කතාවක් අසන්නට ලැබේවි :D
Deleteඅලුත්ද මේ පැත්තට ? ටිකක් මතක නෑ වගේ තිළිනව මට
X Files යන කාලෙ මටත් ඔය සීන් එක වෙලා තියෙනෝ.....
ReplyDeleteමං මේ කල්පනා කොරේ සමියා කොහොම ළමයි පරිස්සම් කරයිද කියලා....පව්....:v
මං අහක බලාගන්නවා :D
Deleteකට කන එව්වා නම් ඉවසුවහැකි. මේ ලඟදි මොකක් හරි සින්දුවක මත්පැන් පෙන්නන්න තහනම් නිසා එක දර්ශන වලට කීරි බොන දර්ශන ඇතුලත් කරලා තියනවා කියල කලින්ම නෝටිස් එකකුත් දාලා මෙන්න සිංදුව මැද වයින් ග්ලාස් එකකින් කීරි බොනවා.
ReplyDelete:D ලොල් සහගතයි බං :D
Deleteසමියා උඹේ පෝස්ට් ගැන උඹම විනිශ්චය දෙන්න ඉක්මන් වෙන්න එපා...සම්භාව්‍ය හෝ අසම්භාව්‍ය හෝ කියවන එකා ඒක කියව ගනියි.
ReplyDeleteමේ වගේ ඉදහිට හරි ලියහං...මමත් ඔය ඉස්සර දවසක 10 පන්තියෙ වගේ ඉගෙන ගන්න කාලෙ රාත්තිරියෙ හින්දි චිත්තර පටි බැලුවා බොහොම මද කාලයක්...මගේ කරුමෙට අපේ තාත්තා නැගිටලා එන වෙලාවකට කොහෙන් හරි කොටු කොටු සීන් එකක් යනවා....ඉතින් අපේ ආතොල් කැඩෙනවා...ඒකෙන්ම චිත්තර පටි බැලිල්ලට තිත තිබ්බා...අද නම් බලන්නෙම නෑ...වස කම්මැලියි ඕවා දිහා බලාන ඉන්න එක. ඊට වඩා හොදා සින්දුවක් අහන එක.
හරි අයියෙ කම්මැලිකම අතෑරල පුලුවන් තරම් ලියන්න උත්සහ කරන්නම්..
Deleteඉස්සර නම් ටී,වි එකේ යන ෆිලුමක් ඇරෙන්න ඒකත් ඉදල හිටල බලනව මිසක් ෆිල්ම් පිස්සුවක් තිබුනෙ නෑ... දැං නම් සිරා අයියගෙ කතාවෙ අනික් පැත්ත. :(
අනේ බළලා!
ReplyDeleteඤාව්!
Deleteඅනේ තෝ වගේ අහිංසක පොඩි එකෙක්,අම්ම දන්නවනම් මු බුකියේ පෙක් එකවුන්ට් එකක් අටෝගෙන කෙලින පිස්සු?බෝගේ දාන එව්වා? බෝ පැලේ ඉන්දවන්ව අම්මප සුවර් :)
ReplyDeleteකියපු කතා ටිකනම් පට්ට බන්
හෙහ් හෙහ් ! :D
Deleteඅපි දහැමෙන් සෙමෙන් ;)
මුදියෝ මේ ඔයාද
ReplyDeleteඇයි සැකද ? මං හිතුව බ්ලොගෙන් මාව අදුනනෑ කියලා .සමී කියන්නෙත් මුදියා නොහොත් සමියා කියන්නෙත් හරියට අපූර්වියි කුවේනියි වගේ :D
Deleteහි හි කත කත උතුමාණනි
Deleteවැලක් බලලා මාට්ටු වෙලා දැන් මූ සුපර් මැන් බැලුව කියල පච හලනවා..
ReplyDeleteඒ අත්දැකිම වින්දෙ නෑනේ.. මං කිව්වෙ මාට්ටු උන එක ඈ
Deleteමමත් මයිකල් කාරයාගෙන් තමා කට කන්න පුරුදු උනේ.
ReplyDeleteමාතලන්ගේ සින්ඩියේ නැද්ද බන්.මම අහම්බෙන් දැක්කේ හෙන්රිගේ බෝගේදී.
මාසයක් නොලිය හිටිය ගමන් මාතලන් ගොයියා එලෝල දානවා අප්පා :(
Deleteඊට පස්සෙ ඉතින් අනික් එවුන් වගේම හොදම යාලුවට කතා කලෙත් #ත්තෝ බත් කෑවද ? (පෙත්තො බත් කෑවද ?) වගේ සෞම්‍ය වචනවලින්.. :v
ReplyDeleteඉතින් සෞම්‍ය නැද්ද හා ?
Deleteහපොයි මටත් මතකයි ඔය සීන් එක මම නම් ඒ වගේ වෙලාවට බොරුවට නිදි පාට් එක දානවා.
ReplyDeleteබැඳපු මනුස්සයෙක් කියන කතාවක්ද අම්මප මේ ? :D
Deleteඇත්තම කියනවා නං.. ඔය යකා කට කාපු සීන් එකක් වත් මට මතක නෑ.. ඒත් මේ ළඟ දි දවසක ඔය වගේ වැඩක් අපට (මටයි මගේ බිරිඳ ට යි, මගේ දුවටයි) උනා.. මොකක් හරි ඉංගිරිස් වැඩසටහනක් බලද්දි.. කොට්ට (කොටුව) දැම්මෙ නෑ.. ඇත්තට ම අපි හරිම අපහසුවට පත් වුණා..
ReplyDeleteසමී ගෙ ලියවිල්ල හරිම අපූරුයි.. කියවලා ඉවර උනහම එකම තැන කැරකිච්ච ගතියක් නං දැනෙනවා.. ඒත් බ්රේක් නැතුව කියවගෙන යන්ට පුළුවං තරං අපූරු රහක් තියෙනවා..
එකම තැන කැරකුනු ගතිය සහතික ඇත්ත.. මේකයි අයියෙ ඇත්තම කතාව.. තනි පෝස්ට් එකක් ලිව්වෙ.. දැන් ලියල සෑහෙන කල්.. ඉතින් ඒක දාන්න ඔනි කියල හිතුවා.. ඒත් ඉතින් කම්මැලිකමට කොටස කොටස අරගෙන තව චුට්ටක් අතින් දාලා එලියට දාන එක කලේ.. ඒකයි නිකං එක තැන වගේ .. අගයුමටත් අඩුපාඩු පෙන්වාදීමටත් බොම ස්තූතියි :)
Deleteයකෝ උඹ එතකොට මෙච්චර වෙලා කිව්වේ කතාව නෙවෙයිද ? අම්මප පනිනවා මල. කොහොමත් ඔය කොටු කොටු සීන් නිසා දැන් පොඩි එවුන් දන්නවා මෙතන වැල සීන් එකක් යනවා කියලා. දැන් උන්ට ඒවා මැජික් කරලා. ඇත ඇරලා දාලා හිටියනම් ඕක ගානක් නැතුව යනවා.
ReplyDeleteචිත්තරූප මවාගැනීම තුලින් ළමයාගෙ මනස දියුනුවෙනවා කියල තර්කයක් ගේන්නත් බැරි නෑ :D
Deleteඊලඟ කොටහ දැම්මා.. ඒත් ඒකෙනුත් ඉවර උනේ නැති එකයි පුරස්නෙ :(
අන්තිම හරියේදී පපුව හෝස් ගාල ගියා අප්පා
ReplyDeleteසංවේදී කතාව කියනවා කියල කිව නැති එකට
එල එල සමියෝ..........
සංවේදිකතාව දැම්මට පස්සෙ ඔයාට ඇඩෙයි .. ඒක සහතිකයි :3
Deleteමොනවා වුනත් ඊළඟ කොටසත් ලියපං කොල්ලෝ.
ReplyDeleteමොනවා උනත් නොලිය ඉන්නවද සුදීක අයියෙ මම :D
Deleteඅපි මමී බලපු වික්‍රම කතාව දානකන් මම මග බලන් ඉනනවා සමියෝ...... ඉක්මනටම දාහන්.
ReplyDeleteසාදරෙන් පිලිගන්නව මචං.. සන්තොසයි අපේ එකෙක් මේ පැත්තෙ දකින්න ලැබුනු එකට .. :D වෙල්කම් ටු ද බ්ලොග් වෝර්ල්ඩ් ^_^
Deleteටිකක් පරක්කු උනා බන් කියවන්න එන්න...මමනම් හලි ආසයි ඔය කොටු කොටු දාන වැඩේට මොකෝ මන් ෆිල්ම් එකක් බැලුවොත් අපේ මලයත් එනවනෙ බලන්න..කොටු නැත්තන් විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑනෙ :D
ReplyDeleteපරක්කු උනාට මොකෑ :)
Deleteකොටු දාන එක සෝයි නේන්නම් බං.. මොකාද ටීවී එකේ අරව බලන්න ඔණි.. එව බලන්න ඕන් නම් ඒව ප්‍රසිද්දියෙ නැතුව බලන්න ක්‍රම නැතුවයැ නේ ? :P
ඉස්කෝලෙදිම අපිට ඉගැන්නුව කොටු දාද්දි තුනීම සුදු රෙද්දක් ඉස්සරහින් දැම්මම විනිවිද පේනව කියලා... ඒත් හරි ගියේ නෑ :(
ReplyDeleteඕකම අපිටත් කනින් කොනින් ආරංචි උනානේ බං :D
Deleteමමත් කොරල බැලුවා.. ම්හු.. මොන ?.. :D
විකාර
Deleteකට කාපන් නයිඩ් රයිඩර ඕකි තමයි කාර් එකට බෝම්බ තිබ්බේ කිවුවලු නේද?
ReplyDeleteහෙහ් හෙහ් :D
Deleteමාත් පොඩිකාලේ නයිට් රයිඩර් පිස්සෙක්..කරුමේ කියන්නේ ඒ දවස්වල අපේ තිබ්බේ කලු සුදු ටීවී එකක්.ඉතින් කොහෙද රෙමෝට්.මං ටීවි එකට අත තියාගෙන ඒක බලන්නෙ.
ReplyDelete