දැනුම පොතට උගන්ඩ
1. මෙහේ සිටින සෑම මෝටර් බයිසකල්කරුවෙක්ම ටැක්සි කාරයෙක් ය. පාරේ සිටින විට ලගට ඇවිත් නැගපං කියා කියයි. නගින්ඩ සල්ලි අනවශ්‍ය අතර බහින්ඩ සල්ලි අවශ්‍යය. නමුත් ලාබදායීම ප්‍රවාහන ක්‍රමය මෙයය.
2. හිත හොඳ මිනිස්සු කියා ජාතියක් මෙහේ නැත. පාර්ලිමේන්තුවෙ ඉන්න එකා සල්ලිකාර හොර මැරයාය. පොඩි මිනිහා දුප්පත් හොර මැරයාය. එවුරිවෙයා කරප්සන් ය
3. රෑක කොල්ලෙකුට වුවද පාරේ තනියම යාම හෙනම භයානකය. ගෑනු ළමයෙකු ලංකාවෙදී රෑ තනියම ගමනක් යනකොට හිතේ ඇතිවෙන දේ දැනගැනීමට උගන්ඩ ආ යුතුය.
4. හරක් බලන එකත් අඳින්නෙ පුල් සූට්ය. සපත්තු ඕනෑමය. ශෝටක් ඇඳං සෙරෙප්පු දෙකක් දාගෙන යන එවුං දිහෑ මුං බලන්නේ පල් එකටය. මුං නාවර පෙරාගෙන දූවිලි වකාගෙන එකම ෆුල් සූට් එකම නොහෝඳා ඉරෙනකම්ම අඳිති. ඉරුණට පසුවත් අඳිති.