Monday, December 31, 2018

එන්ඩ යන්ඩ උගන්ඩ (Fun Facts about Uganda)

දැනුම පොතට උගන්ඩ 


1. මෙහේ සිටින සෑම මෝටර් බයිසකල්කරුවෙක්ම ටැක්සි කාරයෙක් ය. පාරේ සිටින විට ලගට ඇවිත් නැගපං කියා කියයි. නගින්ඩ සල්ලි අනවශ්‍ය අතර බහින්ඩ සල්ලි අවශ්‍යය. නමුත් ලාබදායීම ප්‍රවාහන ක්‍රමය මෙයය.

2. හිත හොඳ මිනිස්සු කියා ජාතියක් මෙහේ නැත. පාර්ලිමේන්තුවෙ ඉන්න එකා සල්ලිකාර හොර මැරයාය. පොඩි මිනිහා දුප්පත් හොර මැරයාය. එවුරිවෙයා කරප්සන් ය

3. රෑක කොල්ලෙකුට වුවද පාරේ තනියම යාම හෙනම භයානකය. ගෑනු ළමයෙකු ලංකාවෙදී රෑ තනියම ගමනක් යනකොට හිතේ ඇතිවෙන දේ දැනගැනීමට උගන්ඩ ආ යුතුය.

4. හරක් බලන එකත් අඳින්නෙ පුල් සූට්ය. සපත්තු ඕනෑමය. ශෝටක් ඇඳං සෙරෙප්පු දෙකක් දාගෙන යන එවුං දිහෑ මුං බලන්නේ පල් එකටය. මුං නාවර පෙරාගෙන දූවිලි වකාගෙන එකම ෆුල් සූට් එකම නොහෝඳා ඉරෙනකම්ම අඳිති. ඉරුණට පසුවත් අඳිති.


5. කම්පාලා මෙහි අගනුවරය. අම්බ ට්රැෆික් ය. පැය භාගයක් පමණ නවත්තං ඉන්නේ එන්ජිනුත් ඕෆ් කරලාය. ට්රැෆික් එක මාකට් එකක් ය. වෙළෙන්දු හැම තැනමය.

6. ග්‍රාමීය පැති පට්ට ලස්සනය. මාරම ලස්සනය. නමුත් අමු හිඟන ජීවිතය. කටුමැටි පැලවල් ය.

7.ලිං කපන්න තහනං නිසා ඔන්ලි සර්ෆේස් වෝටර් ය. වතුර ගේන්ඩ කහපාට භූලි වල සෑහෙන දුරක් ගැමියන්ට යා යුතුය. එක පවුලකට ලීටර් 25 කෑන් දෙකක් සතියකට වැඩිත් එක්කය. මුංට ජලභීතිකාවය. නාන්න තියා වතුර පොත්තක් ඇගේ ගාන්නෙ නැතිය. කොළරාව පාචනය ඇතැම් විට ලැව් ගිනිය.

8. සුද්දාගේන් උගත් පාඩම් අතර ෆුල් සූට් එක, කන්න ගෑරුප්පුව හා ඇට්ටම්බයෙන් නොහිටියත් නොක පොහෝදා සිටීමට මුං එක පයිංය.

9. ජපං වාහන ලෝකයක් ය.වරායක් නැති නිසාදෝ වාහන වලට ටැක්ස් නැත. ලංකා මුදලිං ලක්ෂ විස්සකට හොඳ අලුත් ප්රාඩෝ එකක් ගත හැකිය. ගෙදරක් නැති එකාටත් වාහනයක් තිබිය හැකිනම් ඒ උගන්ඩය.

10. සිල්ලර කඩෙත් අරක්කු ඇත. ඕන වෙලාවක ඇවේලබල් ය. බර උස්සං එන්ඩ බැරි නිසා මේ පාර ගේන්නෙ නැතිය. 

11. රට දුඹුරු පාටය. දූවිල්ල හැම තැනමය. බොහෝ වාහන වල ඒසී නැතිය. මුං දවල්ට කන්නේ දූවිල්ල විය යුතුය. ශටර් ඇරගෙන දූවිල්ල කාගෙන යයි.

12. කෙසෙල් ප්‍රධාන ආහාරයය. එකේක විදියට කෙසෙල් කන මුං ඇතැම් විට කෙහෙල්කං ගෙඩියකින් දවස ගෙවාවගන්නා අවස්තාද නැතුවා නොවේය.

13. සල්ලි සිලිං ය. රුපියල පාවෙන්නෙ අහසේ නං මුංගෙ සිලිම පාවෙන්නේ බ්‍රහ්ම ලෝකයේය. ඇමරිකන් කාරයෙක් ලංකාවට ආවම දැන්නෙත් මේ වගේ හැඟීමක් විය යුතුය. උං මෙහේ නං නොආ යුතුය. ආවොතින් සල්ලි ටික දමාගෙන යන්න කරත්තයකුත් ගෙනා යුතුය.

14. ආගන්තුක සත්කාර කියා දෙයක් දන්නේ ෆයිව්ස්ටාර් හොටෙල් වල උං පමණිය. එක තරුවක් හෝ අඩු වූ විට ඔබේ ට්‍රැවලිං බෑග් එක උස්සගන්න බැරි වීම ඔබේ ප්‍රශ්ණයක්ම වන්නේය. හෝටලේ උංට දැට්ස් නොට් මයි ප්‍රොබ්ලම්ම වන්නේය. ෆයිව්ස්ටාර් නම් යන්තං ශේප් ය.

15. බොහෝ මොට්ටසෝරි වයසේ යක්සපැටව් දකින හැම එකාටම සද්දෙ දාන්නෙ ගිව් මී මයි මනී කියාය. මුං උගන්ඩ කොල්ලන් නිසා ඉවසුවාය. ටවුගන්ඩ යස්ස පැටැව් හිතං ඉන්නේ උංගෙ මනී අපි ලග කියාය. කුක්කු බෝතලේ හිරවෙන්ඩ දෙන්න හිතෙනවාය.

16. හයි ඒස් ඩොල්පින් 99.99%ක්ම ටැක්සිය. හරක් තුනකකුයි ඌරො හයකුයි දාගෙන යන කිරි ටොයි ඩොල්ෆින් ඇත්තේ මෙහේය.

17. ලෙඩ ගොඩක් ය. එහේ නැති යෙලෝ ෆීවර් මොළේ මැලේරියා හැමතැනමය.මදුරු වසංගතය.මෙහෙ එන්න කලින් ඉන්ජෙක්ශන් මහ ගොඩක් ය. පාස් පෝට් එකට අමතරව ඉන්ජෙක්ශන් විදපු කාඩ් ය.

18. ප්‍රයිවට් සිකුරිටියාටත් තුවක්කුවක් හිමිය. ඌගේ වෙඩි තැබීම නීතියෙන් වලංගුය.

19. ගෑණු රුපියල් 200 ඉඳංම ඉන්නවාය. 2500න් එහා එවුං නැත්තේය. ජනග්‍රහනයෙන් සීයට හැත්තෑවක ඒඩ්ස් ය. හැබැයි මෙහෙ ඉන්න ලංකාවෙ උං ඕව කියා නවත්තනවත් බොරුය.

20. ඉන්දියන් කාරයා මෙහෙත් අල්ලලාය. අපේ උනුත් මෙහේය. හැබැයි අපේ උංගේ හිතේ එක දෙයක් තියන බව මං දන්නවාය. ජීවත් වෙන්ඩ ඇති තරං සල්ලි ටිකක් හොයාගත්ත දවසක ආයෙ නොයෙන්ඩම මේ නරාවලෙං ගැලවී ගෙදර යා යුතුය.

(සැ.යුතුය - මං මෙහේ ආවේ සල්ලි හම්බු කරන්න නෙමේය.  අපෙන් එවූ පොඩි ට්රස්ෆෝමර් කීපයක වැඩ වගේකටය. )

21. හොඳම එක මේකය. මෙහෙ ඉන්න සියලුම කෙල්ලන්ට වඩා මං සුදුය


>>>>>>>>>>>>>//<<<<<<<<<<<<


පහු ගිය අගෝස්තුවෙ රාජකාරීමය කටයුත්තකට උගන්ඩාවෙ යන්නත් රාජකාරී කටයුතු සිදුකරමින් සති දෙකක පමන කාලයක් එහි ගත කරන්නටත් මට අවස්තාව ලැබුණා.. එහි සිටින මිනිසුන්ගේ ඇවතුම් පැවතුම්, හිතනපතන විදිය විතරක් නෙමෙයි උගන්ඩාවේ ඇති සුන්දරත්වය මෙන්ම එහි ඇති කටෝරත්වයද එකසේ විඳින්නට සහ අත්දකින්න්නට මට හැකියාව ලැබුණා.


එහි ගත කල තවත් එක් දිනක උගන්ඩාවේ අගනුවර වන කම්පාලා නගරයේ ගමන් කරමින් සිටියදී ඇති වුණු මාර්ග තදබදයක සිරවී සිටියදී ඉහත කී  අත්දැකීම් ඇසුරු කරගනිමින් එක්තරා සටහනක් මුහුණුපොතට එකතුකරන්නට සිත්වුනා. ඒකී වාහන තදබදයේම සිටිමින් ජංගම දුරකතනය ඔස්සේ මුහුණුපොතට එක්කරන ලද මේ සටහන මිතුරන් අතර බොහෝ ජනප්‍රිය වීම නිසාවෙන්ම එය බ්ලොගයේ මෙලෙස එල්ලනට හිතුනා..


අයියේ මේක බ්ලොග් එකේ එල්ලපං යැයි කියා පාලුවී ගොස් තිබූ බ්ලොගයේ මකුළුදැල් කඩන්නට ඒ වටිනා අදහස දුන් අල්තයීර්ගේ අඩවිය ලියන බුද්ධි මලයාවත් මේ වෙලාවෙ මතක් කරන්නට වුවමනායි. ඒ සටහනටඌනපුර්ණයක් විදියට උගන්ඩාව පිළිබඳව කෙටිම කෙටි හැදීන්වීමකුත් කරලම මේ සටහන අහවර කරන්නම්.


ලංකාව හතර වටෙන්ම මුහුදෙන් වටවෙලා පිහිටපු රටක් උනාට උගන්ඩාව හතර වටෙන්ම වට වෙලා තියෙන්නෙ ගොඩබිමෙන්...උතුරෙන් , දකුණු සුඩානයටත්, බටහිරින් කො‍ංගෝ රාජ්‍යටත්,  නැගෙනහිරින් කෙන්යාවටත්,දකුණෙන් ටැන්සානියාවට හා රුවන්ඩාවටත් මායිම්වෙලා තියන උගන්ඩාව නැගෙනහිර අප්‍රිකාවේ පිහිටා තිබෙනවා.. ඉන්දියන් සාගරයේ මුතු ඇටය ල‍ංකාව කියල හැදින්වනවා සේම අප්‍රිකාවේ මුතු ඇටය කියා හදුන්වන්නේ උගන්ඩාවයි


උගන්ඩාව කියා පැවසූ සැනින්ම ලංකාවේ තවත් සමහරකට මතක් වන්නේ කෲර ඒකාධිපතියෙකුව සිට මිනිසුන් ලක්ෂ ගණනක් අමුඅමුවේ මරා දැමූ ඉඩිඅමීන්නැමති පාලකයායි. මීට දසවරකට පමණ පෙරාතුව එක්තරා මැතිවරණයකදී නැවත නැවතත් නැවත නැවතත් පෙන්නූ චිත්‍රපටවලින් ඉඩි අමීන් ගැන උගන්ඩාවේ වැසියන්ටත් වඩා දැනුමක් ලංකාවේ මිනිසුන් සතුබව නං සැකයකින් තොරවම විශ්වාස කල හැකියි.


දරිද්‍රතාවය, දූෂණය පිරිල තියෙන උගන්ඩාඅවෙ මිනිස්සු භෞතිකවත් ආකල්පමය වශයෙනුත් හරිම දුප්පත් කියල එහේ ගිය ඔනැම කෙනෙක්ට තේරුම්ගන්න පුලුවන්. සදාචාරය, ආගන්තුක සත්කාර, මනුස්සකම හොයාගන්න හරිම අමාරුයි. අපි ජීවත් වෙන්නෙ කොච්චර සුන්දර මිනිස්සු එක්කද සුන්දර රටකද කියල බලන්න ඒ වගේ රටකට ගිහින් බලන්නම වෙනවා..


කෙසේ නමුත් මේ කාර්‍ය බහුලජීවිතයේ වේලාවක් වෙන් කරගත නොහැකි නිසාත්  පහන්වනතුරු වුවද ලියන්නට හැකිතරම් කරුණු කාරනා ගොන්නක් මා සතුව තිබුනත් එකී කරුණු වල ඉතා සංශිප්ත මෙන්ම විනෝදකාමී සටහනක් ඔබට මින් කියවන්නට ලැබන  නිසාත් මේ සටහන මෙලෙස කෙටියෙන් මුහුණු පොතේ පලකළ පරිද්දෙන්ම මෙසේ සටහන් කර අවසන් කරනවා.  සටහන අවසානයේ කැමරා කාචයේ සටහන්වුනු චායාරූප කීපයක්ද ඔබට දැක බලාගන්නට හැකියාව ලැබේවි.


ඒ කාලෙ මේ පැත්තෙ ආව ගිය කෙනෙක් නිකමට හරි ආයෙ මේ පැත්තෙ ආවොත් සටහනක් තියල යන්නත් අමතක කරන්න එපා. අලුත් අයටත් එපා කියන්නෙ නෑ ඉතිං... ඒහෙනං ආයෙ හමුවෙමු!!!


 >>>>>>>>>>>//<<<<<<<<<<<


ප්‍රධාන නගරය වන කම්පාලා - අෆ්‍රිකානා හෝටලයේ ඉහල මහළට දිස්වන අයුරු


කම්පාලා නගරයේ රාත්‍රිය

නගරාසන්න මංමාවත්

කඳුකර ගම්මානයට දිවෙන පාරක්

කඳුකර ගම්මානය දෙසට දිවෙන දුහුවිල්ලෙන් වැකුණු පාරවල්

කුඩා මංසංදියක්

නිකලැල්  කඳුකරය

මඩගොහොරු පාරවල් - ෆෝ වීල් නැත්තං ගමන සුං

කුඩා නගරයක්


සුලභ දසුනක්


කඳුකර ගම්මාන හොඳටම පිටිසරය

ක්ෂිතිජය තෙක් දිවෙන මිටියාවත්


යනෙන අතරමග

කඳුකර මැදින්

පාසලක්



2018ට වෙනුවෙන් එකතුකළ පළවෙනි සහ අවසන් සටහන :) 
2019 එන්නං..
සුභ නව වසරක් !!!


12 comments:

  1. එකක් වෙඩි වගේ ෂුවර්, අපි බොහොම ඉක්මනට මුන්ව පරද්දනවා..😜

    සුබ 2019 !

    ReplyDelete
  2. වැඩි කාලයක් යන්න ඉස්සෙල්ල අපි ලංකාවත් උගන්ඩ කරනව.
    උඹ අර ට්‍රාන්ස්ෆෝමර් ටික තව ටිකක් කඩල ආව නේද?

    සුබ නව වසරක් වේවා !

    ReplyDelete
  3. මේ අයියේ..
    ඔහෙන් නේද අර ලංකාවට කවුදෝ ඇවිත් සිංහල කතා කරලා
    "ශ්‍රී ලංකාවේ Weසියනි, මම උගන්ඩාවේ" කිව්වයි කියන්නේ?
    හැබැයි ඉතිං අපේ රට යන ඇත දැක්කම, ටික කාලෙකින්ම උගන්ඩාවටත් අපි සෙකන්ඩ් වෙයි වගේ කියලයි මට හිතෙන්නේ.
    මුහුණුපොතේ ගිණුමෙන් ඉවත් වීම තරයේ හෙලා දකිමි.
    සුභ නව වසරක් වේවා!

    ReplyDelete
  4. උගන්ඩආවට කමක් නෑ උගන්ඩ යන්නෙපා සමී..

    ReplyDelete
  5. සීයට හැත්තෑවකට?? ඒක දැනං උන්නෙ නෑ හොයල බලන්න ඕන.

    තවුසේ ටවුකන්ඩද ඩෝ උගන්ඩ ගියේ. තොට බ්ලොග් එක මතක් වෙච්චි එකත් මංගල කාරණයක්. හැක්

    ReplyDelete
  6. උගන්ඩ උගන්ඩ ඇතිවෙන්ඩ උගන්ඩ , කෝම අරි අර සියේට හැත්තෑව අස්සට රිංගගන්ඩ උගන්ඩ උගන්ඩ දිගටම උගන්ඩ

    ReplyDelete
    Replies
    1. ඒ අක්කලා අහනවලු ඇයි මල්ලි නිකම්ම යන්නේ උගන්ඩ ඇවිල්ලා කියළා. මල්ලි කිවුවලු ඇයි අක්කේ මගේ වැඩ ඉවර කොළානේ කියළා. අක්ක කියනවලු ආයි උගන්ඩ එනවනම් චැනල් ඔක්කොම අහු වෙන ඇන්ටනාවක් ඇන්න එන්න කියළා.

      Delete
  7. මගෙත් යාලුවො ගොඩ දෙනෙක් ඉන්නව උගන්ඩන් උන්... උන් ටිකක් පොශ් චරිත. ඒ කියන්නේ ඉන්ජල. ඉති උන් ඒ රටේ ඉන්නේ නගරාධිපතිල වගේ. උන්ගේ ගේ වගේ ගෙවල් අහල ගම් හතකවත් නෑලු.හැබැයි උන් හදන ගෙවල් අපේ රටේ සාමාන්‍ය ගෙවල් වගේ...

    හැබැයි එයින් එකෙක් ආවා ලංකාවට මගේ වෙඩිමට. ඌ නම් කිවූවෙ යකූ උබලගේ රට පට්ට දියුණුයි කියල තමා.. හැමැතැනම තට්ටු දෙකේ තුනේ ගෙවල්, වාහන, කාපට් පාරවල්. වගේ...

    මමත් යන්න හිතාගෙන හිටිය... ඒත් තාම යන්න නම් උනේ නෑ....

    ReplyDelete
  8. උගන්ඩාවේ පරිසරය සුන්දරයි වගේ මොනා උනත්.

    ReplyDelete
  9. Replies
    1. මුං නෑ දැන් ගොඩක් උං🙏

      Delete