"අපි යනව කජු පුහුලම් ඇහිඳින්න.. ඔයා එන්නෙ නැද්දෝ.."
සුපුරුදු පරිදි සිරි අයියා උදේ පාන්දරම නඩේත් එක්ක ඇවිදින් ..පුරුද්දක් විදියට අවුරුදු කාලෙ උදේම මේ ළමා නඩේ කජුපුහුලම් ඇහිදින්න කජු ලන්දට යන එක පුරුද්දක් කරගෙන තිබුනා.. කලින්දා රෑ වවුල් රංචු හප කරපු කජු පුහුලම් අතරේ හොඳ ගෙඩි හොයාගන්න එච්චර අමාරු උනේ නෑ.. සිලි සිලි මල්ලකට ඒ හප කරපු කජු පුහුලම් එකතු කරන ගමන් බිම වැටිල තිබුනු ඉදිච්ච කජු පුහුලම් ටික කට දෙපැත්තෙ ඉස්ම බේරි බේරි කන්න මේ පොඩි උං රංචුවට පුදුම ආසාවක් තිබුනා..
මේ ලපටින්ගෙ අම්මලත් මේ කජු ලන්දට යන ගමන කොයිම විදියකටවත් විරුද්ධත්වයක් පලකලේ නැත්තෙ සිලි සිලි මලුවලට දාගෙන ගේන කජු ටික මහන්සියකින් තොරවම ගෙදරටම මේ පොඩි උං ගේන නිසා... අවුරුද්දට කාලෙට පිහෙන රසම රස කජු වෑංජනේට ගමේ කොයි කවුරුත් ආස කලා..
ඒත් මේ දවසෙ උදේ නම් මේ ගමනට එකතුවෙන්න සිරිමලිගෙ කැමැත්තක් තිබුනෙ නෑ .. සිරිමලීගෙ හිත ඊට වඩා ලොකු කියාගන්න බැරි ස්තුටකින් පිරිල තිබුනේ...
"අද මට බෑ සිරි අයියා.. ඔයාල යන්න... " මලානික ගමනින් නඩේ වෙත ඇදුනු සිරිමලී කිව්වා..
"ඒ මොකෝ බැරි .. ? අනේ යංකෝ සිරිමලී අක්කේ.. අර මහ කජු ගහේ අර ඊයෙ බලපු රතු කජු පොකුර වැටිලත් ඇති.. අනේ යංකෝ.. "
සිරිමලීගෙ අතේ එල්ලුනු පොඩි කෙලි පැටික්කියෙක් සිරිමලීගෙන් බයාදු විදියට ඉල්ලුවා..
"අනේ බෑ දිලී නංගි.. අද මට සනිප නෑ වගේ.. ඔයාල යන්න.."
සිරිමලීගෙ හිත ඒ වචන වලට නම්මගන්න පුලුවන් උනේ නෑ...
"අනේ සුමනම්මේ.. සිරිමලී අක්කට අද කජුලන්දට යන්න එන්න බෑ කියනවනේ.. එයාට එන්න කියන්නකෝ.."
තවත් පොඩි කොල්ලෙක් සිරිමලීගෙ අම්ම වෙච්චි සුමනම්මට කෑ ගහල පැමිණිල්ල ඉදිරිපත් කලා..
කුස්සියෙ මොකක්දෝ වැඩක නිරතවෙලා හිටපු සුමනම්මත් ඇඳං හිටිය කසිකබල් චීත්ත රෙද්දෙන් අත පිහ පිහ පැල් කොටේ ඉස්සරහට ආවෙ මේ ළමා නඩේන් ඇහුනු ගොසාව මොකද්ද කියල බලන්නත් එක්ක..
"මොකෝ කෙලියෙ මේ..? මොකෝ උඹ බෑ කියන්නෙ කජු ලන්දට යන්න.. ඔන්නොහෙ පලයන් කම්මැලි නොවී... ගිහින් එනගමන් ඔය හොදවයින් කජු ගෙඩි ටිකක් ඇන්න වරෙන් පස්සෙ දවසක උයල දෙන්න බැරියැ උඹට.. ඇරත් උඹ කජු කන්න ආසයිනේ සිරිමලියෝ.."
"අනේ මට බෑ අම්මා.."
සිරිමලී අම්ම දිහෑ බලාගෙන ආයාචනාත්මකව කියනකොට අම්මගෙ පැත්තට හැරුනු සිරිමලීගෙ ඇස් වලින් සිරිමලීගෙ හිතේ තිබුන හැඟීම් කියවගන්න සුමනම්මට බැරි උනේ නෑ.. ඇගේ මුවට සිනහවක් ආවෙ නිතැතින්..
"ම්ම්.. හරි හරි උඹට යන්න බැරි ඇයි කියල මට තේරෙනවා.. "
සිරිමලී දිහා සිනහ මුසු මුහුනින් බලාන හිටපු සුමනම්මා ලමයි දිහාට හැරුනා..
"කමක් නෑ දරුවනේ .. සිරිමලි අක්කා බෑ කියනවනම් ඔන්න ඔහෙ අද හිටපු දෙන්.. ඔයාල ගිහින් එන්න..."
සිරිමලීගෙයි සුමනම්මගෙයි මේ හැඟිම් හුවමාරුව තේරුම් ගන්න බැරිව තක්කු මුක්කු උන ළමයි රොත්ත දුක් මුසු මුහුනින් කජු ලන්ද දිහෑට ඇදුනා...
"අනේ අනේ කෙලියෙ උබත්.. තාත්ත එන්න තව කොච්චර වෙලා තියනවද .. ඇරත් හරියටම අදම එයි කියල කවුද දන්නෙ.."
සුමනම්මා සිරිමලීට කියනවත් එක්ක සිරිමලිගෙ මුහුන තවත් අඳුරු උනා.
"හා හා මූණ කලු නොකර ඉදින්.. තාත්ත අද හැන්දැ කොරේ වෙද්දි කොහොම හරි එයි දූ බලල යන්න.. ගෙදරට වෙලා ඉදිය එකේ මෙන්න මෙහෙ ඇවිත් මගෙ වැඩපලකට උදව් වෙයන්.."
සිරිමලී අම්මගෙ පස්සෙන් වැටුනා..
ඇත්තටම සිරිමලීට තාත්තව මතක තිබුනෙ නෑ.. දොලොස් විය එලඹිලා හිටිය සිරිමලී යමක් කමක් තේරුම් ගන්න පුලුවන් දරුවෙක් විත්තිය සුමනම්ම දැනගෙන උන්නා.. ඒත් පහු ගිය කාලෙ පුරාවට සිරිමලීට එයාගෙ තාත්තා නැති අඩුව හුඟක් තදින් දැනුනු විත්තිය සුමනම්ම දන්නවා.. සුමනම්මා හැමවෙලේම කිව්වෙ කෙලියෙ උඹට කවද හරි දවසක තාත්තව දකින්න පුලුවන් වෙයි කියලා.. සිරිමලීගෙ හිතේ ඒ බලාපොරොත්තුව දවසින් දවස ලියලමින් තිබුනා
තාත්ත ගෙදර නැති කාලෙ සිරිමලීව බලාගන්න සුමනම්ම නොවිදිනා දුක් වින්දා .. උදේ පාන්දරට තුනට හතරට නැගිටගෙන කඩයප්පන් හදාගෙන කඩපිලට ගෙනිහින් විකුනන එකට අමතරව පොල දවසට හිටෝගත්තු මොනව හරි දෙයක් ගෙනිහින් තියාගෙන විකුනන එකෙන් යාන්තම් සිරිමලිටයි සුමනම්මටයි පණ ගැටගහගන්න පුලුවන් උනා.. සිරිමලී වෙනුවෙන් සුමනම්ම කරපු කැපකිරීම් ගරා වැටෙන්න ඔන්න මෙන්න තිබුනු වරිච්චි බිත්තියි , දිරච්ච පොල් අතුයි විතරයි දැගෙන උන්නෙ.. ගමේ කිසි කෙනෙක් සුමනම්මල ඉන්න පැත්තවත් බැලුවෙ නෑ.. දුප්පත් කමට වඩා ඒ අසරණකම සුමනම්මලට තදින්ම දැනුනා.. ඒත් ගමේ පොඩි උන් නම් සිරිමලිව අමතක කලේ නෑ.. තමංගෙ දෙමව්පියො කොච්චර ගෝරනාඩු කලත් ගමේ පොඩි ඈයො සිරිමලිට ගොඩක් ළෙංගතු උනා..
සුමනම්මල ගමේ තනි උන අතීත සිදුවිම හැමවෙලාවෙම සුමනම්මට මතක් උනා.. ඒ මතක් වෙන හැම පාරකම ඇස් දෙකට කඳුළක් නැගෙන එක වලක්වන්න සුමනම්මට පුලුවන් උනේ නෑ..
**********************
විජේ දාසයි පියදාසයි කියන්නෙ එක කුසේ උපන් සහෝදරයො.. පොඩි කාලෙ ඉදන් එකට හැදුනත් දෙන්නගෙ පුරුදු දෙවිදියක් උනා.. වැඩිමලා වෙච්ච පියදාස ටිකක් මුරන්ඩු ගති තියන නාහෙට අහන්නැති මිනිහෙක්.. තරුණ කාලෙම බිමට ඇබ්බැහි උනු පියදාස සිහියෙන් හිටිය දවසක් මතක ඇති කාලෙක නැති තරම්.. සමරෙ මුදලාලිගෙ හොර කසිප්පු තිප්පොලට වෙලා දවස ගත කරපු පියදාසගෙන් ගෙදර උන්දැලට විතරක් නෙමේ අසල් වැසියො උනු විජේදාසගෙ පවුලටත් නිතර කරදර ඇති උනා..
කට ගොන්නක් බීගත්තම කරන කියන දේවල් පියදාසවත් දැනං හිටියෙ නෑ.. පියදාස ලඟ තිබුන තිරිසන් ගති එන්න එන්නම වැඩි වෙනකොට විජේදාසගෙ පවුලට කරදර එන්න එන්නම වැඩි වෙනකොට විජේදාසට පිරිමියෙක් විදියට බලං ඉන්න පුලුවන් කමක් තිබුනෙ නෑ.. පියදාස කට ගොන්නක් බිගෙන ආව වෙලේක විජේ දාසගෙ ගෑනි වෙච්චි සුමනාට අහං ඉන්න බැරි තරමට කුනුහරුපෙන් බනිනකොට විජේදාසගෙ අත ඉස්සර උනේ අන්න ඒ හින්දම වෙන්න ඇති...
"තෝ ආයෙ මගෙ ගෑනිට එක වචනයක් හරි කිව්වොත් මං තොව බාවනවා.. තොගෙයි මගෙයි සහෝදරකම් මෙතනින් ඉවරයි.."
පියදාසගෙ බෙල්ලෙන් අල්ලගෙන මූණට දෙක තුනක් ඇන්න විජේදාසගෙ කේන්තිය හමුවෙ පියදාස එදා මෙල්ල උනත් එක කුස උපන් සහොදරයො දෙන්නෙක්ගෙ නයි වෛරයක ආරම්භය එදා ඒ විදියට සනිටුහන් උනා.. පවුල් දෙක අතරෙ රන්ඩු සරුවල් එන්න එන්නම වැඩි උනා.. බීමතින් ඉන්න වෙලාවට විතරක් නෙමේ යන්තම් හොද සිහියෙන් ඉන්න වෙලාවක උනත් පියදාස බැලුවෙ වෛරය කොහොම හරි පිරිමහන්න..
පිය දාස ලේසියෙන් දෙයක් අමතක කරන මිනිහෙක් නෙමෙයි.. ඒ මුරන්ඩුකම එදා ඉදලම පියදාස ලඟ තිබුන දෙයක්.. පියදාස විජේදාසගෙන් පලිගන්නෙ කොයිවෙලේද කියල ඇඟිලි ගනිමින් උන්නෙ..
"තෝ කැ&@* හු^!%* එහෙනං මට එදා ගැහුවා.. මං තොගෙන් පලිගන්නව හු&@& &!^.. තෝ හිතුවද මට ගහල තෝයි තොගෙ ගෑනියි ළමයයි එක්ක යහතින් ඉන්න.. එව්ව සුම්මා.. තෝ වැඩිකල් ඔහොම ඉන්න නෑ ඒක විතරක් මතක තියාගනින්... "
පියදාසගෙ කටෙන් නිතර ඔයවගේ කතා පිට උනා.. සුමනා ඒ කතාවලින් ගොඩාක් බය උනත් විජේදාස නම් තඹ සතේකට ඒ කතා මායිම් කලේ නෑ.. පියදාස හිතේ කේන්තියට කියන දේවල් කියලයි විජේ දාස හිතුවෙ..
විජේදාස පියදාස වගේ නෙමේ.. ඊට හාත්පසින්ම වෙනස් මිනිහෙක්.. කුලීවැඩ කරල හරි හම්බකරපු සල්ලි සුමනගෙ අතේ තියන්නෙ සුමන සතුව තිබුන සකසුරුවම්කම විජේදාස දන්න නිසාවෙන්.. ඉදල හිටල ඇඟේ මහන්සියට දෙකක් දාගත්තත් විජේදාස කවදාවත් පියදාස වගේ බේබද්දෙක් උනේ නෑ.. තමන්ගෙ බිරිඳ උනු සුමනටත්, අලුත උපන් දියනිය සිරිමලිටත් විජේදාසගෙ පපුවෙ ලොකු ළෙංගතුකමක් තිබුනා..
සිරිමලී ඉපදුනු දවසෙ සුමනම්මට වඩා සතුටු උනේ විජේදාස.. විජේදාසගෙ හිතේ එදා මහා හුඟක් බලාපොරොත්තු ඇති උනා.. කුලිවැඩ කරල දුක් මහන්සියෙන් හම්බ කරන සල්ලි ඉතිරි කරන්න කියල සුමනම්මට දුන්නෙත් සිරිමලිට තියන ලෙංගතුකම හින්දමයි.. තාත්තෙක් විදියට තමංගෙ දුව අනාගතේ හොද තැනක ඉන්න ඔනි කියන අහිංසක බලාපොරොත්තුව විජේදාසගෙ හිතේ ඇදුනා..
***
ඒ දවස මහා මුසල දවසක් වෙන්න ඇති.. ගහක කොලක උනත් කිසි හැල හොල්මනක් තිබුනෙ නෑ... විජේදාසට දුර ගමනක් යන්න වෙලා තිබුනා.. කිලොමීටර 25ක් විතර තියන එහා ගමක කුලිවැඩක් කරන්න විජේදාසට පැවරිලා තිබුනා.. සුමනවත් සිරිමලිවත් තනියම දාලා රෑම ගමන පිටත් උනේ පහුවදා රෑ වෙද්දි ආයෙමත් ගෙදරට එනවයි කියන බලාපොරොත්තුව ඇතුව..
ඒත් පැය දෙකක් විතර යනකොට විජේදාසගෙ ඇඟ කිලිපොලායවමින් උලමෙකුගෙ මහ මූසල බියකරු සද්දයක් ඔහුගේ කන වැකුනා.. ඒකෙන් ඇති කරපු තිගැස්ම විජේදාසට තව දුරටත් ගමන හිත දුන්නෙ නෑ.. සුමනගෙත් සිරිමලිගෙත් මුහුනු විජේදාසට මැවිල පේන්න පටන් ගත්තා.. විජේ දාස ආයෙමත් ගෙදර එන්න හැරුනෙ මහ අමුතු හැඟීමක් විජේදාසගෙ හිත ඇතුලෙ මෝදු වෙද්දි..
විජේදාස ගෙයි කඩුල්ල ලඟට ලංවෙද්දිම සුමනම්ම කෑමොර දෙනව වගේ සද්දයක් විජේදාසට ඇහුනා.. කකුල් දෙකට වාරු ගත්තු විජේදාස ඊලඟ මොහොතෙ හිටියෙ දොරලඟ.. දොර පලුවට පයින් ගහපු විජේදාස දැක්ක දෙයින් විජේදාසගෙ කේන්තිය ඉහමොල පුපුරල ගියා..
විජේ දාසගෙ කටින් වචන පිට උනේ නෑ.. ඒ වෙනුවට විජේදාසගෙ අතක් ලඟ තිබුනු පිහිය දිහෑට ඇදිල ගියා.. එක පාරක් උඩට එසවුනු පිහිය ඊලඟ පාර උඩට ආවෙ උනුසුම් ලේ ධාරාවක් තවරගෙන.. ඉන් නොනැවතුනු පිහිය තව දෙතුන් පාරක්ම උඩට පල්ලෙහාට ගියෙ පියදාසගෙන් නිකුත් උනු විලාප හඩ මුලු ගම් තුලානම දෙවනත් කරමින්.. හැට්ටයෙ ඉරුනු තැන් අතින් වහගෙන සුමන නැගිට්ටෙ නොනවතින ඉකි බිඳුමක් එක්ක..
"මොකද්ද මේ කරපු අපරාදෙ දෙයියනේ .. ? දැන් මායි දරුවයි ජිවත් වෙන්නෙ කොහොමද රත්තරනේ.. ?"
ඉකි බිඳුම ඒ වචනත් එක්ක තව තවත් වැඩි වෙද්දි විජේදාසට පියවි සිහිය එලවගන්න පුලුවන් උනා.. මහා අසරනකමකින් සුමන දිහෑ බලාගෙන හිටපු විජේදාස තාමත් ඇදේ සුවසේ නිදාගෙන හිටපු සිරිමලීව දෑතට ගත්තා.. සිරිමලි දිහෑ අන්තිම පාරට බලාගෙන හිටපු විජේදාස මං ආයෙත් කවද හරි ඔයා ලඟට එනව මයෙ දුවේ කියමින් සිරීමලීගෙ කම්මුල සිප ගෙන මහ රෑම කොහේදෝ ගමනක් පිටත් උනා..
මුලු ගමම ඊලඟ මොහොතේ විජේදාසලගෙ ගේ ඉස්සරහට එකතුවෙලා හිටියා... වාසනාවකට හෝ අවාසනාවකට පියදාස අවසන් හුස්ම හෙලල තිබුනෙ නෑ.. ගමේ ඈයො සිරිසේන මහත්තයගෙ වෑන් එකෙන් පියදාසව ලඟම ඉස්පිරිතාලෙට අරං ගියා..
ඊලඟ මාස තුන ඇතුලෙදි පියදාස සම්පූර්න සුවය ලබාගෙන ගෙදර ආවත් විජේදාස අවුරුදු 10කට හිරේට නියම උනේ මිනීමැරීම් චොදනාවට ලක්වෙලා වරදකරුවෙමින්..
ගමේ හැමෝම ගත්තෙත් බේබදු පියදාසගෙ පැත්ත.. විජේදාස තමන්ගෙ අයියව මරන්න හදපු එක මහා අපරාධයක් විදියටයි ගමේ අය සැලකුවෙ.,. ඒ හේතුවෙන් සුමනම්මත් සිරිමලීත් ගමේ අනික් මිනිස්සු අතර කොන් උනා.. පියදාසත් අවුරුද්දකට විතර පස්සෙ ආයෙමත් පරණ පුරුදු බේබදු ජිවිතේට හුරු උනා..
*******************
සුමනම්මගෙ හිත අතීත සිදුවිම එක්ක පියාඹගෙන යද්දි පුංචි සිරිමලී හිටියෙ එයාගෙ තාත්තව කොහොමද පිලිගන්නෙ කියන එක හිතමින්.. පුංචි හිතට තාත්තව නුපුරුදු හින්දම පුංචි බයක් සිරිමලීගෙ හිතේ තිබුනත් තාත්තව දකින්න සිරිමලී හුඟක් ආස කලා... විජේදාස සිරිමලීට කොච්චර ආදරේ කලාද කියන එක සුමනම්ම සිරිමලීට නිතර නිතර කිව්ව හින්දම වෙන්නැති සිරිමලීත් යන්තන් යමක් කමක් තේරෙන කාලෙ ඉදන්ම ඒ පිය සෙනෙහසට ආදරේ කලා..
අවුරුද්දට කලින් දවසෙ තාත්ත එනවයි කියන පනිවිඩය ලියමනකින් දැනගන්න ලැබුනු දවසෙ ඉදන් සිරිමලීත් සුමනම්මත් ඉදියෙ ඇඟිලි ගනිමින්.. තමන්ගෙ ජිවිතේ දුක්වින්ද කාලෙ ඉවර වෙන විත්තිය සුමනම්මත් දැනගෙන උන්නා..
සිරිමලී මේ දවසෙ උදේ ඉදන්ම බලාගෙන හිටියෙ තාත්ත එනකන්.. වෙනද වගේ කජු පුහුලම් ඇහිදින්න අනික් ඈයො එක්ක නොගියෙත් අන්න ඒ නිසා.. සිරිමලීගෙ හිත හරිම කලබල වෙලා.. ටිකක් ටික ඉර මුදුන් වෙලා අවරට යාන්න පටන් ගත්තම මේ නොයිවසිල්ල තවත් වැඩි වෙලා
"තාත්ත අද එන එකක් නැද්ද අම්මා?"
සිරිමලී අහන්නෙ බලාගෙන ඉන්න බැරිම තැන..
"නාඩා ඉදින් මයෙ දුවේ.. තාත්තා අද දූ බලන්න කොයි වෙලාවෙ හරි එයි... එනකොට දුට සෙල්ලම් කරන්න මොනව හරි ගන්න ඔනි නිසා පරක්කු වෙනව ඇති.. තාත්තා. අවුරුද්දට තෑග්ගක් අරන් ඒවි මයෙ දූට . "
දුව සනසන්න එහෙම කිව්වත් සුමනම්මගෙ හිතෙත් විජේදාසව දැකගන්න නොතිත් ආශාව ලියලමින් තිබුනා..
ඉර අවරට ගිහින් බිම් කලුවර වැටුනහම නම් සුමනම්ම හිතුවෙ අද විජේදාස එන එකක් නෑ කියල..
"තාත්තා අද එන පාටක් නෑ දුවේ.. හෙට උදෙන්ම එයි.. මේ බත් ඩිංගිත්ත කාල නිදාගනින් දැන් රෑ වෙලා.. උඹ උදේටයි දවල්ටයි හරියට කෑවෙත් නෑනෙව"
"මට එපා මයෙ අම්මා... මං කන්නෙ තාත්තා ආවම "
සිරිමලීව නිදිකරවන්න සුමනම්මට හම්බුනෙ නෑ.. ඒ පුංචි හිත කාලෙකින් නොලැබෙන සතුට විදගන්න ලක ලැහැස්තිවෙනවා..
ඒත් මහ රෑ විජේදාස වෙනුවට කඩිමුඩියෙ මහ රෑම දුවගෙන ආවෙ ගමේ ඉන්න වෙනත් තරුණ කොලු ගැටයෙක්..
"සුමනක්කෙ.. සුමනක්කේ ගෙදර කවුරුවත් නැද්දෝ?.... සුමනක්කේ.."
කවදාවත් නැතිව මේ මහ රෑ බෙරිහන්දෙන්නෙ කවුද බලන්න සුමනයි සිරිමලීයි හනිහනික ඉස්තෝප්පුවට ගියා..
"මොකෝ මල්ලියෙ මේ මහ රෑ ? මොකද මේ කලබලෙන්.. කාටවත් කරදරයක්වත්ද ?"
"අනේ අක්කෙ විජේ දාස අයියා .." තරුණයා හතිලන්න උනා..
සුමනගෙ හිත කීරි ගැහෙන්න ඒ වචන ටික හොදටම ඇති..
"අනේ මල්ලියේ විජේට මොකද උනේ ? අනේ ඉක්මනට කියපං මලේ මගෙ මනුස්සයට මොකද වෙලා තියෙන්නෙ?"
වචන ගැට ගහගත්ත සුමනා තරුණයගෙන් ඇහුවෙ හොදටම කලබල වෙලා.. මුසල භයකින් ඇගේ හිත වෙලී වෙලි යන්නෙ ඇයටත් නොදැනී..
"අක්කේ විජේදාස අයියා අද හිරෙන් නිදහස් වෙලා එනකොට පාරෙදි පියදාසයා පිහියෙන් ඇනලා... පිය දාසය කට ගොන්නක් බීගෙන් ඉඳ...."
එතනින් එහාට කියපු දේවල් අහං ඉන්න සුමනට පුලුවන් උනේ නෑ.. විලාප තියමින් සිරිමලීවත් ඇදගෙන විජේදාස වැටිල හිටිය තැනට දුවන්න පටන් ගත්තා.. සිරිමලීයි සුමනම්මයි විජේදාස වැටිල ඉන්න තැනට එනකොටත් ගමේ ඈයො හැමෝම වගේ එතන රැස් වෙලා හිටියා.. ඒත් සිරිමලීගෙ මුහුන දැකගන්න විජේදාස වාසනවන්ත වෙලාතිබුනෙ නෑ.. ඒ වෙනකොටත් විජේදාසගෙ අවසන් හුස්ම පොද වා තලයට මුහු වෙලා තිබුනා..
පියදාස තමන්ගෙ පලිය එදා ඒ විදියට අරගෙන තිබුනා.. අසරන සිරිමලීත් සුමනත් පෙරලි පෙරලි කඳුලු බොද්දි ගමේ ඈයො එකතුවෙලා විජේදාසගෙ දේහය භුමදාන කලා.. එදායින් පස්සෙ ගමේ හැමෝම සිරිමලිත් සුමනම්මත් එක්ක හිටියත් සිරිමලීට තාත්ත නැති අඩුව දැනෙන එක නවත්තන්න නම් කාටවත් පුලුවන් උනේ නෑ..
එදායින් පස්සෙ කවමදාකවත් සිරිමලීට අවුරුදු ආවෙ නෑ.. තාත්තා නිදහස් වෙලා ආව දවසෙ සිරිමලීට ගෙනාපු මල් ගවුම විතරක් ඇයට ජීවිත කාලෙ පුරාවටම ලැබුනු හොදම අවුරුදු තෑග්ග උනා..
~ නිමි ~
මොකද බං මේ, පුදනකොටම කාපි යකා කියලා කාලෙකට පස්සෙ දුක හිතෙන එකකින්ම පටං ගත්තෙ.
ReplyDeleteකතාව ගලායාම නම් නියමෙට ගලපලා තියෙනවා. එත් අවසානය නං හරිම දුකයි.
මමද එතකොට හාහාපුරා කියලා, මුලිම්ම අදහසක් කොටලා තියෙන්නෙ. නරක නෑ වැඩේ. බලහංකෝ පෝස්‍ටුවට මෙලෝ රහක් නැති ප්‍රතිචාර විතරයි එන්නේ ඈ.
Deleteහෙහ් හෙහ් හේ :D
කිසිම අරමුණකින් තොරව ලියපු කතාවක් ගයාන්.. අවසානය මේ විදියට ඉවර කරනව තියා ආරම්භය ගැනවත් හිතන්නෙ නැතුව ලියපු කතාවක්..
Deleteකාලෙකින් ආව හින්ද වෙන්ටැ.. මුං එකෙක්ටවත් මාව මතක නැතිවෙලා :( මොනා කොරන්ටද ඉතිං :(
//කාලෙකින් ආව හින්ද වෙන්ටැ.. මුං එකෙක්ටවත් මාව මතක නැතිවෙලා :(//
Deleteමොකෑ..... මම ඊයෙ හවසත් මේ දැකල ඇවිල්ල බලල ගියා. උඹ මාගලක් ලියල තිබුන නිසා මට නිකන් කියවන්න කම්මැලි කම්මැලි හිතුනා, ඉතින් නොකියව කමෙන්ට් කරෙත් නෑ. අදවත් කියවලම කමෙන්ට් කරන්නම් කියල තමා හිතන් ඉන්නෙ.
ගොඩක් අයගෙ අවුරුදු කතාව :'( ඕක තමයි
ReplyDeleteරෙද්ද... :(
ReplyDeleteහම්මේ ඇති යන්තම් බ්ලොග් එකක් තියනවා කියල මතක් උනා..
ReplyDeleteඅනේ අපොයි කියවුනා කතාව කියෙව්වම. මේ අවුරුද්දේ වැඩියෙන් අහන්න ලැබෙන්නේ මේ වගේ කතායි...
සමියටත් සුභ නව වසරක් වේවා!!
අනේ මන්ද හිතාගන්න අමාරුයි සමියෝ..
ReplyDeleteහිතට වැදුන කතාවක් මචෝ, හරිම සංවේදි වෙන විදිහට ලියලා තියනවා...
ReplyDeleteහොලමල්මන් හූ ඈ :D
ReplyDeleteහප්පේ ..... ! මිනිස්සු වෙයිරය මේ තරම්හිතේ තියාගෙන ඉන්නේ ඇයි?..... කාලෙකින් ලියලා ..මොකෝ වුනේ ?
ReplyDeleteකතාව ලස්සනයි. හිතට වදින්න ලියල තියෙනව.
ReplyDeleteවෛරය ක්‍රෝධයට යට වූ සහෝදර සෙනෙහස… එයින් බැට කන දරු පෙම…
ReplyDeleteකතාව මරු සමී… කාලෙට ගැලපෙන්න ලියලා තියෙනවා.
සමියාගේ දෙවන ගමන.... එල එල
ReplyDeleteඒ කිව්වෙ.... මූ අපිට නොකියම පළවෙනි ගමනත් ගිහින්ද? :)
Deleteසමියා එල. මගෙ අවුරුදු මූඩ් එකට නියමෙට ගැලපෙනවා මේ කතාව. සුබ අලුත් අවුරුද්දක් වේවා ඈ... !!
ReplyDeleteඋඹට විතරක් නෙවෙයි බස්සි අක්කේ, දැං කාලේ ගොඩක් එවුන්ගේ අවුරුදු මූඩ් එක මේක තමයි.
Deleteනැද්ද සමියා.
අම්බෝ.. පට්ට දුක හිතෙන කතාවක් නේ.. මම නම් මුල ටිකට තමා ගොඩක්ම කැමති
ReplyDeleteකතාව නම් මරේ මරු සමි මලේ..!
ReplyDeleteඉතින් අර බුකියෙ ඩක ඩක ගගා ඉන්න වෙලේ මාසෙකට සැරයක් වත් මේකෙ ඔන්න ඔහොම කතාවක් හෙම ලියහන්කො බං, පාළුවට යන්න නොදී.
මුලදී නම් කතාව ගලා ගෙන යනවා හොදට. අපි තවමත් සම්ප්‍රදායික රටාවට අනුව හිතන නිසා වෙන්නැති සුබ අවසානයක් පතන්නේ.කොහොම උනත් ලස්සනයි අදහස.තවත් දිගු උනා නම් හොදයි කියල හිතෙනවා
ReplyDeleteඅම්මේ බං මොකෝ මේ?
ReplyDeleteඋත්සාහය අගය කරනවා මලයො...නිතර ලියන්න උත්සාහ කරපං...
ReplyDeleteසුභ අලුත් අවුරුද්දක් වේවා කියා පතන්නම්...සියලු සුභ පැතුමන් ඉටුවේවා !
අපේ පැත්තෙත් ගමක් තියනවා බං අවුරුදු චාරිත්‍ර වලට පිහි ඇනුමක් අනිවාර්යයි. ඔය වගේ ළමයි කී දෙනකුට තාත්තලා අහිමි වෙලා ඇද්ද ?
ReplyDeleteහයියෝ දුක හිතෙනවනෙ :(
ReplyDeleteගොඩක් සංවේදී කතාවක්, ලස්සනට ලියල තියෙනවා සමියෝ..
ReplyDeleteකියවලා ඉවර උනාට පස්සෙ මට හිතුන දෙයක් කියන්නම්, කතාව ලියන්නෙ කියවන කෙනා අඬවන්න නම් තව ටිකක් දරුණු වෙන්න.. කරන්න පුළුවන් නරකම දේ කරන්න.. උදාහරණයක් හැටියට
සිරිමලී තාත්තා එනකන් බලාගෙන ඉඳලා ආවෙ නැති නිසා අම්මට කියනවා පාරෙ ටිකක් ඉස්සරහට ගිහින් බලලා එමු කියලා, ඒ යන අතරෙදි එයාලා දකිනවා ටිකක් දුරින් දෙන්නෙක් පොරබදන එක.. එතනට යද්දි පිහිපාර කාපු කෙනා මැරෙන්න යන මොහොත, සිරිමලේගෙ අම්මා කෑ ගහගෙන එයාව බදාගන්නවා.. සිරිමලී ඒ වෙලාවෙ තේරුම් ගන්නෙ ඒ තාත්තා බව.. අන්තිමට සිරිමලී අතේ ඉතුරු වෙන්නෙ නිකන්ම නිකන් ගවුමක් නෙවෙයි, තාත්තගෙ ලේ වලින් රතු පාට පැල්ලම් වැටුන ගවුමක්..
තියන තියන හැම පියවර සුභ වේවා
ReplyDeleteකරන කියන දේ රිසි ඵල ගෙන දේවා
හිතන පතන සැප සම්පත් ඉතිරේවා
නිතින සහන ලැබදෙන වසරක් වේවා
සුභ අලුත් අවුරුද්දක් වේවා!!
සංවේදී පෝස්ටුවක්....
ReplyDeleteවෙෙරය තමයි ලොකුම විශබීජය..
ජය වේවා!!!
හ්ම්ම් හිතටම දැනුනා
ReplyDeleteකාලෙකින් ඇවිල්ල තියෙන්නෙ :)
ReplyDeleteඋඹ ඇයි බං විජේදාසයව මැරුවේ ? :(
සමියෝ සමා වෙයන්. මේක ඊයේ ඕපන් කරලා අද කියවන්නේ. පොඩි ඉන්ටර්නෙට් අවුලක් ගියා අද උදේ.
ReplyDeleteමට නං ඇහැට කඳුළු ආවා. පොඩි කෙල්ල ගැන දුක හිතුණා.
දුක හිතෙන කතාවක්... ජය වේවා!!
ReplyDeleteගොඩක් සන්වේදි කතාවක් අයියේ ලස්සනයි
ReplyDeleteබ්ලොග් ව්ලට මම අලුත් මාත් ලියන්න පුන්චි උත්සහයක් ගත්ත..ඇවිත් කියවල හොද නරක පෙන්වල යන්න පුලුවන්නම් ගොඩාක් පින් http://mylifeasamuslimgirl.blogspot.com/
හොඳටෝම හිත රිදුන සහෝ..
ReplyDelete