Friday, January 22, 2016

වමනයේ මිහිරියාව :D | Lovely Vomitting





කබරයා , කබා වැනි සුරතල් නාමයන්ගෙන් හදුන්වන “වමනය”හි නම  කී පමණින්ම සමහරුන්ගේ බඩවැල් කලම්භාගෙන , අන්නසෝතය ක්‍රමාකුංචනය කරගෙන , මුඛය දෙබෑ කරගෙන එන්නේ වෙන කවුරුන් හෝ නොව ඒ ආදරණිය වමනේමය.. ලොකු කුඩා කොයි කාටත් වමනේ යනු ඒ තරම් අපුල අප්‍රසන්න , කටෝර  , ජුජුබ්සාජනක දෙයක් වී ඇත.. නමුත් වමනය යනු මහා ඇරුම පුදුම දෙයක් පමනක් නොව ඒ තුළ ඇති සැඟවුනු මිහිරියාවක් ඇති බව කිවහොත් ඔබ විශ්වාස නොකරනු ඇත… ආදරණිය පාඨකය.. එන්න අපි ඒ වමනයේ මිහිරියාව විඳගමු. :D


                                                   ***


උපන්දා සිට අපි මැරෙන තුරාවටම වමනය  අප අසලින් අපේම වී සාංසාරික බැදීමක් මෙන් අප ලඟින්ම රැදී සිටින්නේය.. කුක්කු බොන කිරිසප්පයාගේ පටං ගෙන  පණ අදිමින් යන ගමං යන්නට මග බලා හිඳින වයෝවුර්දයා වෙතද එකසේ සෙනෙහෙ පාමින් නිබදව රැදී සිටින වමනයේ අසුන්දර පැත්ත විතරක් ඔබ දකින්නේ ඇයි දැයි මේ ලියන මාහට නම් නොතේරේ. වමනයක ඇති වටිනාකම ඇතැම් විට ජීවිතයක ඇති වටිනාකමද පරයන බව ඔබට මේ ලිවල්ල අවසානයේ පසක් වනු ඇත

මේ කතාව පටං ගන්නට හොදම ආරම්භය ගත යුතු වන්නේ කොහෙන්, කොතනින්, කාගෙන්දැයි හිතන කළ මගේ මනසේ සියලු ඇඟිලි දිගු වන්නේ  මා වෙතමය :D ඉදින් මාගේ  අත්දැකීම් වලින්ම කතාව පටන් ගැනීම යෙහෙකැයි මට සිතේ.. 

                                                   ***

සාමන්‍යෙන් කිරි වමනේ යන්නේ කිරි සප්පයන්ට උනත් මංතුමා කිරි සප්පයාගෙන් මිදී තරමක් ලොකු සප්පයෙක් වී ආසන්න වශයෙන් පාසලේ තුන වසර දක්වා වැනි කාලයක් වනතුරුම කිරි වමනේ දැම්මානේදැයි  වමනේ සහ මා අතර ඇති ඒ ඓතිහාසික බැදීම ගැන සිතන කළ සිහි වේ… එයට හේතුව නම් මා ප්‍රාථමිකයට  ගියේ පාසල් වෑන් රථයෙන් වීමත්, එකී වෑන් රථයේ  උදේ හිස් බඩ හොදවයින් කුක්කු බෝතලයක ආතල් එක විඳගැනීමත්ය :D

ප්‍රාථමික පාසල් වෑන් රථයක සහ වමනය අතර ඇති බැදීයාව වාහනයක පිටුපස ඇති කවුළු වලින් පිටත බඳ කොටස නිරීක්ශනය කිරීමෙන් ඕනෑම අයෙකුට මනාව පැහැදිලිවේ.. වෑන් රථ කවුලුවේ සිට පහලට රූරා ගලාගිය ආදරණිය දියරයක මතක සටහන් අදටද  ප්‍රාථමික සිසුන් ගෙනියනවෑන් රථයක ලාක්ෂණික ගුනාංගයක් ලෙස සටහන් වී තිබේ..



කෙසේ නමුත් මා පාසල් ගිය වෑන් රථයේ නම් එවැනි පැල්ලම් කිසිවක් තිබූ බව නම් ඉන්තේරුවෙම්න්ම කියත හැකිය.. එයට හේතුව නම් මා හා වමනය ඇති අන්තර්සබැඳියාව ඊට එහා ගිය බොහෝ ආදරණියම එකක් වූ නිසාමය..මගේ ප්‍රාථමිකය ගමනාන්තයේ පිහිටන පාසල නිසාවෙන්  මගේ ආසනය වෑන් රථයේ අවසන් ආසන පෙලින් එකක් වූ අතර  දෛවයාගේ සරදමකට මෙන් එම වෑන් රථයෙ පසුපස ආසන අසල විවෘත කල හැකි කවුලු නම් තිබුනේ නැත . ඉදින් මාගේ ඒ වමනය  කිසි දිනක ඒ ආදරණිය වෑන් රථයේ බාහිර බඳ නම් සිපගත්තේම නැත.. ඒ වෙනුවට එය  අභ්‍යන්තරයේ ඇති ආසන, අනිකුත් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යායාවන්ගේ පාසල් ඇදූම් , බෑග් සහ සපත්තු ආදරණිය ලෙස නිරතුරුවම වැළදගත්තේය. :D

ඉදින් වෑන් අයියාට වෑන් රථයේ රියදුරු රස්සාවට අමතරව එය දිනපතා පිරිසිදු කිරීමේ ඒ භාරදූර කාර්ය භාරය ඔහු වෙත පැවරුවේ මාගේ වමනෙ ගොයියාමය .. නමුත්  ඒ වමනය තූල අන්තර්ගත වූයේ කිරි වමනය පමණි.. එය ඉතාම අහි‍ංසක තත්වයේ වමනයක්  වුවද  දහවල් වනවිට කිරි , බැක්ටීරියාවන් සමග ප්‍රතික්‍රියාකර ඉමිහිරි සුගන්දයක් විහිදෙන්නට පටංගන්න නිසාවෙන් ඔහු ඒ භාරදූර කාර්ය භාරය නොපිරිහෙලාම දිනපතාම සිදු කලේය … ප්‍රතිපලය වූයේ කිසි දිනක අවසන් ආසනයේ යන්නට කිසිසේත් අකමැති වූ මාහට ඉදිරි පෙළ ආසනයක  කවුළුවක් අසළ සිසිල් සුළං රැල්ලක ආතල් එක සිත්සේ විදගනිමින් පාසල් යන්නට නොබෝ දිනකින්ම හැකි වීමය.. 

ඉදින් කුඩා කල මාගේ හොඳම මිතුරා වූ වමනය මාගේ ගැලවුම් කරුවා වූයේද එලෙසය.. ඉතින් වමනය යනු අප්‍රසන්න දෙයක් යැයි මට කටක් හැර කිව හැකිද ?

                                                   ***

වමනය සැබැවින්ම ඉතා අරුම පුදුම දෙයකි.. එලවලු සහ බත් ආහාරයට ගත්විට එලියට එන්නේ ප්‍රයිඩ් රයිස් වීගෙනය…පාංපිටි වලින් හැදූ ශෝටීට්ස් එකක් කෑවිට එලියට එන්නේ කොත්තු රොටියක් වීගෙනය… වැඩිපුර වතුර ටිකක් බිව්වොත් එලියට එන්නේ සුප්ය.. ඇතැම් විට කැඳය , එසේත් නොමැති නම් අමුතම ආකාරයේ පුඩිමක් වීගෙනය:D   නමුත් මාගේ බයෝ දැනුම අනුව නම් අපගේ ශරීරය තුල කොත්තුබාස් කෙනෙකුවත් , රයිස් දාන මනුස්සයෙක්වත් කෝකියෙකුවත් , කැඳ හෝ පුඩිං හදන්නෙකුවත් නැත.. එසේ නම් මේ වමනය තුළ සහජ අනුවර්තනීය හැකියාවක් ඇත…


ඈනුම බෝවේ යනුවෙන් කතාවක් අප අසා ඇත.. ඔබ දුම්රියක යන විට යම් අයෙක් ඔබ දෙස අවධානයෙන් සිටිනු දැයි දැන ගැනීමට නම් ඔබ කළයුතුවන්නේ හොදට අතපය කකුල් දිගෑර දඩාර ඈනුමක් යැවීමය… ඔබ දෙස අවධානයෙන් බලාසිටියවුන් සියල්ලම ඊලග මොහොතේ තරගයට ඈනුම් යවනු ඔබට දැකගත හැකිය.. වමනයද මේ ආකාරයමය.. ඒ තුළ ඉක්මන් පැතිරීමක් සේම බෝවීමක්ද ඇත.. 




වමනයේ බෝවීම පිලිබද සිතන කළ මගේ මතකය නැවතත් දුවන්නේ පාසල වෑන් රථය වෙතමය.. ඒසේ දුවගොස් නතර වෙන්නේ "සුද්දා" නමින් එකල අප වෑන් රථයේ ගමන් ගත් පොත්ත සුදු කොල්ලෙකු ලඟය.. මිනිහාද මගේ වයසේ මගේ පිට් එකක්ව සිටියේය.. එතකොට අපි තුන වසරේ විතරය… කිසි දිනක මා ලෙසින් වමනය නොදැමූ මේ මිනිහා මටද කිණ්ඩි දාන්නේ මගේ වමනය අල්ලාගෙනය.. දවසක් ඌට හොද පාඩමක් මගේ නොව උගේම ආදරණිය වමනයා විසින් ඌට කියා දෙන ලද්දේය… ටිකක් අසනීප ගතියෙන් සිටි සුද්දා වෙනදා මෙන් කෙලිදෙලෙන් නොව හෙනම අප්සට් එකේ සිටියේය… වෙනදාමෙන් උගේ කටහඩ වෑන් රථය පුරා රැව් දුන්නේද නැත. එසේ සිටීමට හේතුව ටික දුරක ගමනෙන් පසු ඔහු එලියට දැම්මේය.. එලියට දැම්මේ වමනේ ලෙසින්ය..


හැබැයි සුද්දාගේ වමනය නං මගේ වගේ අහි‍ංසක වමනයක් වූයේ නැත.. විවිධාකාර වූ කෑලි බෑලි පංචිකාවත්තේවත් නැති ගැජමැටික්ස් රැසක් සමඟින් ඌ දාපු වමනේ වල අන්තර්ගත දෑ මට අදටත් මාගේ මතකයේ සිහිනයක මෙන් සටහන්ව ඇත.. හමා ආ ඒ මිහිරි සුගණ්ධය දැනුනු කළ මා නිගමනය කලේ ඊට කලින් දවසේ රෑ සුද්දා කුණු වුනු මීයෙක්වත් කන්නට ඇති බවය ..කාට නමුත්  මා හට සුද්දාගේ වමනය  සැබැවින්ම ප්‍රීතිදායක වූයේය.. ආයෙත් සුද්දාට  මගේ වමනය ගැන කිණ්ඩි දාන්නට බැරිය..

කෙසේ නමුත් කුතුහලය උපරිමය තිබූ කොල්ලෙක් ඌ මා හට උගෙ වමනය නිරීක්ශනය නොකර සිටීමට නොහැකි විය.. මී කුණු සුගන්ධය ඉවසා දරාගෙන පසුදා සුද්දාට කිණ්ඩි දැමීමේ අදහසින් වමනයෙහි අන්තර්ගත වූ දෑ මතකයේ තියාගනට වෑයම් කරමින් මම උගෙ වමනය  මගේ උකුසු ඇස් දෙක යොදා නිරීක්ශණය කරන්නට පටං ගතිමි.. වැඩි කල් නිරීක්ශය කරන්නට හම්බුනේ නැත,.. මගේ සුන්දර කිරි වමනය උගේ වමනේ ගොඩටම පැන්නේ මටත් හොරාය.. නිරීක්ශකයින්ව සිට ඇත්තේ මා පමනක් නොවන බව පසක් වන්නට වැඩි වෙලා නොගියේ සුද්දාගේ වමනය් උඩ පාවුනු මගේ වමනය මතට නොබෝ වේලාවකින් විවිධාකාර ලාක්ෂනික පැහැයන්ගෙන් සහ සුගන්ධයන්ගෙන් සපිරි වමනයන් රැසක් පතිත වීමය…. එදා නං වමනයාපි  හැමෝටම වගේ බෝ උනේය.. හැබැයි වෑන් අයියාට එදා නම් අපේ දෙම්වපියන් නිරතුරුවම සිහිවන්නට ඇති බව මට හැඟී යන්නේ දැන්ය.. 

කෙසේ නමුත් සුද්දාගේ අභිමානය මා ඉදිරියේ දියකර හැරියේද ඒ වමනේමය.. ඉතින් වමනය සුන්දර නොවන්නේ යැයි කෙසේ නම් මට කිව හැකිද ?

                                                       ***
















වමනයහි ඇති ප්‍රභේද අතර කිරි වමනයට අමතරව “වැනෙන කුක්කු වමනය” ද ප්‍රධානම තැනක් ගන්නවා පමනක් නොව සමාජය තුළද කතිකාවතක් ඇති කරවන්නට එය සමත්ව  තිබේ.. කුක්කු සහ වැනෙන කුක්කු අතර වෙනසද ඇතමෙකු නොදන්නේය… කෙසේ නමුත් කුක්කු බොන්නේ කිරි පස්සපයෝය.. වැනෙන කුක්කු බොන්නේ ලොකු සප්පයෝය..වැනෙන කුක්කු බිව් ලොකු සප්පයෝ වැනි වැනි දාන්නේ නන්ස්ටොප් වමනේය.. වැනෙන කුක්කු බිව් පසු ඇති වන හිසේ කැක්කුම බඩේ දැගලිල්ල වැනි අක්‍රමිකතා වලට සහනය දෙන්නේ මේ වමනේමය.. ( අසා දැනගත්ත අන්දමට :P )  මේ වමනය ලොව ඇති අසීරුම වමනය වේ.. ආතල් එකේ වැනෙන කුක්කු වලට වගකියන රා කල සොලොසක් බිය හැකි හස්තිරාජයෙකු මෙන් ලොරි ටෝක් දෙන වැඩ්ඩන් මේ වමනය ඉදිරියේ අසරණ වෙන හැටි මං තුමා කොතෙකුත් දැක ඇත..

ඇයි බං ඉවරකරන්න හදන්නෙ තාම පටංගත්ත විතරනෙ අපි”  ,  “මෙහෙම බිව්ව එවුන්ද ඩෝ අපි” ,   “ අඩෝ ආ ඉදා සල්ලි තව බෝතලයක් ගෙනෙං “

යනුවෙන් මොහොතකට කලින් පිටවුනු ලොරි ටෝක්
“අනේ ඇයි මට පෙව්වෙ බං” , “අනේ අපේ අම්ම මට කිව්ව බං බොන්න එපා කියල බං”, “ අනේ මාව දාල යන්න එපා බං මට වමනේ යනව බං” , “ මං නං ආයෙ ජීවිතේට බොන්නෙ නෑ බං” 

යනුවෙන් අසුරුසැනයකින් වෙනස් කිරීමේ හැකියාවක් මේ වමනයට ඇති බව මා සැබවින්ම අනන්තවත් නිරීක්ෂනය කර තිබේ.. ඒ නිරීක්ෂනය අත්දැකීමක් බවට පත්වේදෝයි මේ ලියන්නාටද යම් චකිතයක් නැතිවා නොවන මුත් “තම තම ණැන පමනින් දැන් ගත යුතු බව ලියන්නා අදහයි” :D

කෙසේ නමුත් ලොරි ටෝක් සමඟින් වැනෙන කුක්කු බොන එකී  වැඩ්ඩන් මේ ලියන්නාගේ “මද පමන” ඉදිරියේ ඇද වට්ටන්නට තරම් සමත්කම් කියන මේ වමනය සුන්දර නොවේ යැයි මෙකී ලියන්නා වන මාහට කිව හැක්කේ කෙසේද ? 

                                                    ***

 

ඔලුව කැක්කුමක් බඩේ අමාරුවක් උනක් ඇති දවසක වමනය දැමූ විට ඇති වන පහසුව කියන්නට වචන උවමනා නැත්තේය.. ඔබේ අත්දැකීම් පමණක් හොඳටෝම ඇතිය.. බැරිම තැනක ගිරියට ඇඟිල්ල ගසා හෝ වමනය දාන්නේ ඒ නිසාය.. උගුරේ යමක් හිර වූ විට බඩට යම් විශක් ඇතුලු වූ විට එය එලිය අරන් දෙන්නේද මේ සුන්දර වමනේමය..

එය එසේ වන විට වමනය යනු අසුන්දර දෙයක් කියා මට පමනක් නොව ඔබට  කිව හැකිවන්නේ කෙසේදැයි මා හට නම් නොතේරෙන්නේය ..

 

                                                      ****

කතාව පොඩ්ඩක් මගේ අත්දැකීම් වලින් එහාට ගෙනගොස් මෙම ලිවිල්ල නතර කර දමන්නට සිතමි..
 කතාව ආරම්භයේදී වමනය ජීවිතය ට වඩා වටින බව මම ඔබට කීවෙමි… මේ සැරසෙන්නේ ඔබ ඉදිරියේ එය එසේ වන්නේ කෙසේදැයි ඔබට  කියන්නටය

සාමන්යෙන් වැනෙන කුක්කු කේස් එක අමතක කළ විට වමනය හා වැඩි ඇඟෑලුම්කමක් දක්වන්නේ පිරිමින්ට වඩා ගැහැනුන්ය.. අපෝ ඊඊඊඊඊඊඊ‍යා කියන්න බලාගෙන ඉන්නේද මේ ගෑනුන්මය :D වමනය කියන වචනය දැන් භාවිතයෙන් ඈත්වෙන්නට පටං අරං තිබේ .. ආරම්භයේදී කිව් ලෙසින්ම කොල්ලන් කබා , කබරයා යන සුරතල් නාමයෙන් හඳුන්වන්නේය.. නමුත් පොශ් කෙල්ලන්ට වමනය වොමිටිංය.. “අනේ මට නිකං වමනෙ යන්නෙ වගේ “ යැයි කිසි කෙල්ලෙක් කියන්නෙ නැත.. “අද මට නිකං වොමිටිං  වගේ මෙයා , වට් ටු ඩූ මොනව කරන්නද කියල මෙයා “ යනුවෙන් කෑම කන තැන උවත් දෙනෝදාහකට ඇහෙන්නට කියන්නට තරම් එය පොශ්ය.. ඒ ඈයොන්ට වමනය අප්‍රියජනක දෙයක්  වූවාට වොමිට් නම් අතිශය  සුන්දරය :D

 

කෙසේ නමුත් ගෑනු ළමෙක් අමුතුවට වමනෙ දාන්නේනං ඒ ඇත්තිගෙ මෑනියන්දෑට නොදැනිම වගේ හීන් දාඩියක් දාන එක සාමන්‍ය දෙයකි.. නමුත් කෙල්ලගේ තරම දන්නා මෑනියන්ලාට හීන් දාඩියට අමතරව මහ දාඩියද දාන්නේය .. “උඹ මුකුත් නරක දෙයක් වත් කෑවද බං කෙල්ලෙ” යනුවෙන් මුවින් පැවසුවද ඈගේ හිතින් වර නගන්නේ “දෙයියන්ට ඔප්පුවෙච්චාවෙ මේ යකෝ කාත් එක්ක හරි හැ&@*)වත්ද දෙයියනේ යනුවෙනුයි.. එකී වමනය නොනවත්වා සති ගනං ඉදිරියට ඇදෙන්නේ නම් ඉතින් සිරාවටම බඩු බනිස් වී තිබෙන්නට පුලුවන… එසේ වූ විට ඉතිං වහ කුප්පියක , ගහක එල්වනු ලෑබූ කබයක, දුම්රිය පීල්ලක හෝ ගඟක මුහුදක පහස  හොයාගෙන යන්නේ දෝනියන්දෑ පමනක් නොව එකේ දෝනියන්දෑව මෙලොවට ජාතක කල මාපිය යුවලත්ය.. එසේ බලනකල පළමු වෙඩි මුරය පත්තු කල මේ වමනය ජීවිතයකටත් වඩා නොවටින්නේද ?
  

කෙසේ නමුත් ඔය කාරණයෙහි අනිත් පැත්ත හෙවත් ඉන්වර්ස් ක්‍රියාදාමය (ප්‍රතිලෝමය) සිදුවන්නේ කෙල්ල කසාදයක් බැඳගත්තාට පසුවය.. අන්න එවිට නම් වමනය සුන්දර වන්නේ ලියන්නාට පමණක් නොවේය.  එකී කෙල්ලගේ සමස්ත ඥාති සනුහරේම පුල පුලා බලා සිටින්නේ ඒ කෙල්ල වමනය දාන තුරුය..  කෙල්ලට බඩේ අමාරුවක් හැදී වමනය ගිය විටද නැන්දම්මා  දුවගෙන විත් වමනෙ ගොඩට පනින්නේය.. “දෙයියන්ගෙ පිහිටෙන් පුතෙක්ද දුවෙක්ද දන්නෙ නෑ නේද දුවේ?”  යනුවෙන් එකී කෙල්ල මවක වන්නටත් කලියෙන් නැන්දම්මා ආච්චී වී හමාරය :3

තත්වය දරුනු වන්නේ අවුරුද්ද දෙක තුන ගතවීගෙන එනවිටත් වමනෙ නොදැම්මොතින්ය… එවිට මෙලොව පවතින වටිනාම දේ වන්නේ වමනේමය.. වමනේට එන්නෙම නැත්නම් අහලපහල හිත්මිත්‍රාදීන්ගේ උදව් ඇතිව වමනය දැමීමට ඇයට සිදුවන්නේ එනිසා වන්නට ඕනෑය..  අඹුසැමි ජීවිතයේ ආරවුල් , නැන්දම්මා ලේලි සමග ඇති වන යුධමය වාතාවරන හා අවසානයේ උසාවියක ගොනුවන දික්කසාද නඩුවකට වගකියන්නට සිදුවන්නේද මේ ආදරණිය වමනයාටමය.. එකී වමනයාගේ වටිනාකම මෙතකැයි කිව නොහැක්කේ කාහටද ?


                                                      ***

ඉතින් හිතවත් පාඨකය… මේසා විශාල කාර්ය භාර්යක් කරන , මේසා වැදගත්කමක් ඇති සුන්දර දෙයකට ඔබ මෙතරම් පිළිකෙව් කරන්නට දෙයක් නැති බව දැන් ඔබටම ශපථ වී හමාරය.. එසේ නම් මේ උදා වී ඇත්තේ ඒ සුන්දරවූත් රමණි‍ය වූත් වමනයාට ආදරය කිරීමට කාලයයි.. ඔබගේ සිතිවිලි වෙනස් කරන්නට කාලයයි..

ඔබ සැමට වමනයේ මිහිරියාව නුදුරේම විඳගැනීමට ලැබේවා !!! :D


    
                   




  

34 comments:

  1. මමත් වාහනවල පිටිපස්සේ ගියොත් ඉතින් බඩුම තමයි. 'හෝටලේ' කියල අපේ ගෙදර උන් මට නම්බුනාමයක් දීල තිබ්බ. ඉස්සරහ උනත් වංගු නම් හෝටලේ අරිනවා.

    ReplyDelete
    Replies
    1. හලෝ හෝටලේ :D

      උඩ රට පැත්තෙ එහෙම යන්ටම බැරිව ඇති මයෙ හිතේ :D

      Delete
    2. අනේ මේ..... ඔයත් ඉතින් හෝටලේ නේ??

      ඒ පැත්තේ යනකොට එක්කෝ ඉස්සරහම සිට් එකකට පනිනවා. නැත්තම් ජනෙල් ඇරගෙන යනවා. එහෙමත් නැත්තම් නිදාගන්නවා. එකක්වත් හරි ගියේ නැත්තම් තරහකාරෙක් ගාව වාඩිවෙනවා. හි හි

      Delete
  2. යකෝ බලාගෙන ගියාම වමනෙ කියන්නෙ සමාජ කතිකාවතක් ඇතිකරන්න තරං දෙයක්නෙ.

    //( අසා දැනගත්ත අන්දමට :P )// අපි නොදන්න ෆුට් බෝල්. හැක්...

    ReplyDelete
    Replies
    1. එව්ව ඉතිං අපිම හොයාගෙන කියන්න ඕනි :D

      ඕකනේ ඉතිං බැරි .. :( අහල දැනගත්ත කිව්වට කවුරුවත් විශ්වාස කරන්නෙ නෑ :(

      Delete
  3. වමනේ ගැන මිහිරි මතක අපමණයි. කිව්වොත් මා වැනසෙයි. නොකියාම නොහැකි නිසා එකක් කියමි. මගේ චූටි දුව ළදරු අවධියේ සිටියදී, මා ඇඳෙහි දිගාවී, ඇය ඔසවා මගේ මුහුණට උඩින් අල්ලා, හුරතල් කරමින් හිටියා. අපරාදේ කියන්න බෑ මගේ මූණ වැහෙන්න කිරි වමනේ පාරක් දැම්මා, පොඩි එකී.

    ReplyDelete
    Replies
    1. ආ ඔය වගේ සීන් ගොඩාක් ඇමරිකාස් ෆනීස් හෝම් වීඩියෝස් වල පෙන්නුවා.. :D ළමය ඉහළට උස්සල මූන දිහෑ බලල හුරතල් කරනකොට බබා දෙනව වැඩේ හිටු කියල :D

      Delete
  4. දොරකඩ වමනෙ යන එක ගැන කිව්වෙ නෑනෙ බං.

    ReplyDelete
    Replies
    1. අනේ හැලපයියේ ඒම කතාවක් අහල නෑනේ.. කියල දෙන්ටකෝ

      Delete
    2. ඒක නිකං දොරකඩ අස්න වගේ එකක් වෙන්නැති?

      Delete
  5. Liyanda deyak nathnam noliya hitapan, jarakatha liyanne.

    ReplyDelete
  6. ආපෝ වමනේ.. මමත් ඔය දුර ගමනක් බස් වල එහෙම යන්නෙම නැත්තේ ඕක නිසා තමා. රත්නපුරේ ඉන්නවා අපේ නැන්දා කෙනෙක්. එහෙ ඉතිං කෝච්චි නෑ නේ. මම කරන්නේ, උදේ කෝච්චියෙන් නුවර යනවා. එතකොට කෑම එක ලාවට සෙට්ල් වෙලා. ගිහිං, නුවර පැය භාගයක් වගේ ඇවිදලා, නගිනවා අවිස්සාවේල්ල බස් එකකට. එතනින් බැහැල තව විනාඩි 10ක් වගේ ඉඳලා තමා රත්නපුරේ බස් එකකට නගින්නේ.
    මම නම් ස්කුල් වැන් ඒකෙ වමනේ දැම්මේ එහෙමත් වෙලාවක. ඒක නම් කොහොම හරි තද කරගෙන හිටියා. එකක් මම නගිනකොට වැන් ඒකෙ ඉතුරු වෙලා තියන්නේ දොර අයිනේම සීට් එකක්. ඉතිං ජනේලෙත් මගේ ගාවමයි. ඒ නිසා හුලං එහෙම හොඳට වදිනවා.
    කෝච්චියේ යනකොට නම් මම කවදාවත් වමනේ දාලා නෑ. එකයි මම පුළුවන් හැම වෙලාවේම කෝච්චිය පාවිච්චි කරන්නේ.
    අපේ දුමී අයියා ලියල තිබ්බා වමනේ ගැන හොඳ කතා ටිකක්. ගිහිං බලන්නකෝ.

    ReplyDelete
    Replies
    1. ඇයි යකෝ නුවරින් ඇඹිලිපිටිය, බලංගොඩ, කතරගම, බස් තියෙන්නේ ඕනේ තරම්. ආයේ මොකටද අවිස්සාවේල්ලෙන් බහින්නේ.

      Delete
    2. එහෙම නැග්ගොත් මුට ඇහැලියගොඩ හරියට විතරයි එන්න වෙන්නෙ. හැක්..

      Delete
    3. :D :D කෝච්චියේ යනකොට කාටද බං වමනෙ යන්නෙ :D

      බස් එකේ වමනෙ නොගියත් කෝච්චියක හිටගෙන යන එක සැපයි බස් එකේ ඉඳගෙන යන එකට වඩා

      Delete
    4. විචාරක- ආපෝ ඕවයේ යන්න නම් උදේට කන්නේ නැතුව එන්න ඕනේ. බඩගින්නේ යන්න බෑ..

      Delete
  7. ඒකිට වමනේ යයිද කියල බොක්ක කුල් වෙලා බලන් හිටියා බන් මන් :/

    ReplyDelete
    Replies
    1. ඒ ගැන බය වෙන්ඩ කාරි නෑ සුද්දා... උඹ කවදාවත් ඒ ගැන බය තියාගන්න එපා :D

      Delete
  8. කතාවේ අග හරිය කියවද්දි සූටි කාලෙ ඉගෙනගත්ත රබර් නයා ඉන්න සින්දුවත් මතක් වුනා.මන් හෙන ගේමක් දීලා ඒ කාලෙ රබර් නයා කියන්නෙ මොකේටද කියලා දැනගත්තෙ

    ReplyDelete
    Replies
    1. ආ අර කිරි වමනෙ කරපු රබර් නයා ද ? :D

      Delete
  9. යකඩෝ ඒකත් ලේසි පහසු දෙයක් නෙමෙයි බලාගෙන යද්දී නේ.

    ReplyDelete
    Replies
    1. ලේසියෙන් සහ පහසුවෙන් කවුද බං අයියෙ වමනෙ කරන්නෙ :D වමනෙ කියන්නෙ ලේසි පහසු දෙයක් නෙමේ :D

      Delete
  10. මේක කියවලා වමනේ යන්ට ආවා...:D:D

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩිගෙ වමනෙ දාන්ට කලින් බලන්ට මදරින් ලෝ ලඟද කියල :D

      Delete
    2. ඒකනම් නිකම් වෙන්න බෑ. P

      Delete
  11. පිස්සු බම්ප් වෙන වැනෙන කුක්කු වමනේ කතාවක් තියනවා. කියම්දෝ නොකියම්දෝ කියලා කම්පනා කළේ....

    ReplyDelete
  12. වමනය ගැන ලියවුනු සාරගර්භ ම ලිපිය මේක වෙන්න ඕනේ.

    ReplyDelete
  13. වමනේ යන ලිපියක් නොවැ............

    ReplyDelete
  14. //මද පමණට//

    අහු වෙයන්කෝ මෙදා පාර

    //අද මට නිකං වොමිටිං වගේ මෙයා , වට් ටු ඩූ මොනව කරන්නද //
    මේක කිව්වම අපේ ඒ ලෙවල් කාලේ උගන්වපු නන්දා ටීචර්ව මතක් වෙනවා. එයා කියන්නේ කවදාවත් කෙල්ලෝ කෝච්චියේ යන්නේ නෑ, එයාලා යන්නේ ට්‍රේන් එකේ කියලා. අපිටත් ඒ වගේ ඉංග්‍රීසි පුරුදු වෙන්න කියලා එයා කිව්වේ.

    ReplyDelete
  15. වමනේ ගියාට පස්සේ ඇගේ පතේ අමාරු හොදයි නේ..

    ReplyDelete
  16. නොදකිං බං සමී අය්යේ.. මොකටද මේවගේ දහජරා ලිපි ලියන්නෙ.තව පොඩ්ඩෙන් මටත් වමනේ යනවා මේක කියවලා..))

    ReplyDelete
  17. මට මිස් වෙච්ච බ්ලොගයක්. වමනය ගැන කොච්චර හොඳට ලියල තියනවද කියනවා නම් භාගයක් දුර සුද්දගේ හරියෙන් කියවීම නතර කලා. වමනේ යන්න එනවා. :)

    ReplyDelete