හනු කුරුප පලවෙනි පරිච්චේදයෙන් පසු අවුරුදු දෙකක කාලයක් ඉක්ම ගිය තැන බොහෝ දෙනෙක් පුල පුලා බලාගෙන සිටි හණුකුරුප දෙවෙනි පරිච්චේදය මෙසේ ඇරඹෙන්නේය. කියවන්නට පටං අරගන්නට පෙර නැවතත් පැවසිය යුතු දෙයක් ඇත. එනම් මෙම ලිපිය තුළ කිසිදු අසභ්‍ය වචනයක් නොමැත.. ඔබ මෙහි අසභ්‍ය වචන දකින්නේ නම් ඒ මගේ නොව ඔබේ අවුලක්ය. :D එසේ හෙයින් ලියා තියන දේ එලෙසින්ම කියවා ලිපිය තේරුම් ගනු විනා වචන එහෙ මෙහෙ කරමින් කියවා ලිපිය අග මුල නොතේරෙන ලිපියක් බවට හරවා ගෙන අවසානයේ මට දෙස් දෙවොල් තියන්නට විතරක් එපාය :D ලිපියේ ගලායෑම සිදුවන්නේ මේ ලියා තියන අයුරින්ම කියවූවොතින් පමනක් බව ඔබට මතක් කර දෙමි. නමුත් පටලගන්නම බලාගෙන සිටින අය වෙනුවෙන් කී දේ නාහන යකා උඩින් ගියත් එකයි බිමින් ගියත් එකයි යනුවෙන් කතාවක් ඇති නිසා වචන කීපයක් පටලා ගැනීම සදහාම හයිලයිට් කර දී ඇත :D ඉතින් හිතවත් පාඨකය පටලාගෙන මනස දූෂනය කරගැනීම ඔබ සතුය :D
Monday, June 20, 2016
Friday, January 22, 2016
වමනයේ මිහිරියාව :D | Lovely Vomitting
කබරයා
, කබා වැනි සුරතල් නාමයන්ගෙන් හදුන්වන “වමනය”හි නම කී පමණින්ම සමහරුන්ගේ බඩවැල් කලම්භාගෙන , අන්නසෝතය
ක්‍රමාකුංචනය කරගෙන , මුඛය දෙබෑ කරගෙන එන්නේ
වෙන කවුරුන් හෝ නොව ඒ ආදරණිය වමනේමය.. ලොකු කුඩා කොයි කාටත් වමනේ යනු ඒ තරම් අපුල අප්‍රසන්න
, කටෝර , ජුජුබ්සාජනක දෙයක් වී ඇත.. නමුත්
වමනය යනු මහා ඇරුම පුදුම දෙයක් පමනක් නොව ඒ තුළ ඇති සැඟවුනු මිහිරියාවක් ඇති බව කිවහොත්
ඔබ විශ්වාස නොකරනු ඇත… ආදරණිය පාඨකය.. එන්න අපි ඒ වමනයේ මිහිරියාව විඳගමු. :D
Monday, January 4, 2016
සිංහ ලේ බලු කර (නො)ගනිමුද ? !!!
මගේ ජාතිය සිංහලය... අනුගමනය කරන දර්ශනය ලොව්තුරා බුදුන් වහන්සේ විසින් වදාල උතුම් බුද්ධ දර්ශනයයි..සිංහල බෞද්ධ පරිසරයක හැදී වැඩුනු සහ ලංකාවේ බෞද්ධ අධ්‍යාපනයේ මුදුන් මල්කඩ වූ පාසලේ ඉගෙනුම ලැබූ මා තූල ඒ පිලිබඳ දැඩි විශ්වාසයක් මෙන්ම ලෙංගතුකමක් ඇත.. මගේ රට, මගේ ජාතිය, මගේ ආගම , මගේ පාසල, මගේ මව්පියන් , මගේ දේ තමයි හොඳම කියාගන්නා මමත්වයද සෑම පුතජ්ජන මිනිසෙකු තුළ ඇතිවාක් සේම මා තුළද ඇත... නමුත් එසේ වූ පමණින් මෙලොව තිබිය යුත්තේ මගේ දේවල් පමනක්ය යන බොළද පටු අදහස් නම් මා තුළ නැත.. බොහෝ අය වරද්දාගෙන ඇත්තේ එතනය...
Subscribe to:
Posts (Atom)