මාස 6යි දවස් 23කින් ආව බ්ලොග් එක පැත්තේ.. හප්පා මේකෙ තිබුන මකුලු දැල් කන්දරාව .. මකුලු දැල් කඩල සුද්ද පවිත්‍ර කරගෙන අලුත් කීබෝඩ් එකෙන් (මගෙම මගෙම මගේම කීබෝඩ් එකෙන්) හා හා පුරා කියලා දාන මංගල පෝස්ට් එක තමයි මේ ... :D
පහු ගිය දොහේ .. ඔව් මේ ඊයෙ පෙරේදා තිබ්බනේ අපේ සයිබර් සිහින උළෙල.. ඊයෙ පෙරේදා කිව්වෙ මේ මීට මාස 3කට විතර කලින්.. ඔන්න ඉතින් ගම්පහ තිබුන ගෙට්ටුවෙන් පන්නරය අරං හිටපු සමියත් ගියා ඉතින් පොඩ්ඩක් ඔලුව දාල බලල එන්න. කට්ටියට මතක ඇතිනේ.. බ්ලොග් එක පැත්ත පලාතෙ නාවට මොකද, මේ සමියා ඒවගේ දේවල් නං මිස් කරගන්නෙ නෑ විභාගෙ නෙමේ වෙන මොන කෙහෙම්මල තිබුනත්..
දැං ඉතින් මං මේ සයිබර් සිහින උළෙලෙ උනුදේවල්, රසකතා ,පැණිකතා, වලි කතා:P මෙතන ආපහු දිග අරින්න යන්නෙ නෑ.. මොකෝ ඒකට ගියපු හැමෝම ඉතින් ඒක ගැනම කියල කියල කියල, සහභාගි උන අයට විතරක් නෙමේ සයිබර් උළෙලෙට ආවෙ නැති අයටත් ආයෙ සයිබර් සිහින උලෙලක් පැත්ත පලාතෙ යන්ඩ හිතෙන්නෙ නැති තරමට අප්පිරිය කලානෙ . අනික මට ඒකෙ උනු කිසි දෙයක් දැං මතකත් නෑ .. මට මතකයි මං අපේ මාරයියා එක්ක එකතු වෙලා බනිස් ගෙඩියක් බිම පෙරලි පෙරලි කෑව කියලයි බෙල්ල කඩාගෙන නැටුවයි කියලයි විතරයි.. :D එතනින් එහාට ඔනය කට්ටියට හිටගෙන චූ බර හැදෙනගානට හිනැස්සුවයි කියලත් ලාවට වගේ මතකයි


