ලෝක විනාසෙත් වෙලා අලුත් ලෝකයක් උදාවෙලා තියන මේ වෙලාවෙ මොනව හරි නොලිය ඉන්න එක හරි නෑ කියල හිතුන හින්දම ඔන්න චූටි පෝස්ට් එකක් ලියන්න ආවා. මෙක මම බ්ලොග් එක පටන් ගන්නත් කලින් දානවමයි කියල හිතේ තියාගෙන හිටිය පෝස්ට් එකක්.පහු ගිය 19වෙනිදට බ්ලොග පටන් අරන් මාසයක්. මෙක අඩුම තරමෙ 2වෙනි පෝස්ට් එකවත් විදියට වැටෙන්න ඔනි එකක්. ඒත් එක එක විකාර ඔලුවට ඇවිත් ඒවම ලිව්ව මිසක් මේක දාන එක ටිකක් පස්සට ගියා. ඒකට ටිකක් දුකයි. මොකද මගෙ ජීවිතේ වැදගත්ම කෙනා මෙ පෝස්ට් එක ඇතුලෙ ඉන්න හින්ද. ඔන්න ඉතින් පරක්කු වෙලා උනත් 8වෙනි පෝස්ට් එක ව්දියට මෙක ලියන්න පටන් ගත්ත මම..
අපේ ගෙදර ඉන්නෙ මමයි, අම්මයි, තාත්තයි. හ්ම්ම්. පුංචි පවුලක් තමයි.. ඒ කියන්නෙ ගෙදරට හොදට නරකට දෙකටම ඉන්න එකම ලමය මම.. ඉතින් පොඩි කාලෙ ඉඳන් දරාගන්නත් බැරි තරම් ලොකූ ආදරයක් මැද හැදුන කොල්ලෙක් තමයි මෙ සමියා..දැන් නම් හරිම දුකයි මල්ලියෙක් හරි නංගියෙක් හරි හිටියෙ නැති එකට..සමහර වෙලාවට හරිම පාලුයි. ඒත් ඒ කාලෙ නං එහෙම නෑ. ඇයි අප්පා හැම දේම මටනේ. ආයෙ කාටවත් මගෙ දේවල් බෙදන්න ඕනිත් නෑ..කවුරුවත් මගෙ කිසි දේකට අයිතිවාසිකම් කියන්නෙත් නෑ.. අම්මා ඒ කලෙ මගෙන් අහපුවහම මල්ලියෙක් හරි නංගියෙක් හරි ඕනිද කියල මං ගොන් හරක එපාමයි කියල..කොහොම හරි ඉතින් මගෙ බලවත් විරෝදය හින්දමද දන්නෙ නෑ අම්මල හිතන්ඩ ඇති තව පොඩි එකෙක්ට චාන්ස් එකක් නොදී ඉන්න මෙ ලෝකෙ එලිය දකින්ඩ.
හී හි
හී හි
අම්ම ගැන කියන්න ඉතින් මෙ පෝස්ට් එක මදි. ඒක හින්ද මේ පෝස්ට් එක අම්ම ගැන ලියන එකක නෙමේ ඕං.. අම්ම මට කියපු නැලවිලි කවි පන්තියක් ගැන තමයි කියන්නෙ..
පොඩි කාලෙ ඉඳන්ම ඉතින් මං අවුරුදු 7, 8 වෙනකම්ම අම්මගෙන් කුක්කු බිබී අම්මගෙ තුරුලෙම හැදුනෙ,නිදාගත්තෙ,නැළවුණේ.. ඒ හෙවන, ඒ ආදරය ලබන්න මං හරි වාසනාවන්තයි.. අදටත් සමහර දවස් වලට නිදියන්නෙ අම්මගෙ තුරුල්ලෙම තමයි .. ඒ කවි අහන්න ඕනි මට අදටත්..සමහර වෙලාවට ඔය නින්ද යන්නෙ නැති මහ විකාර දවස් තියෙනවනෙ. ඔන්න ඔය වගේ දවස් වලට අම්මට කිව්වම අම්මෙ මට නින්ද යන්නෑ කියල එතකොට මගෙ ඇදට ඇවිත් ඔය කවි කියනවා මට නින්ද යනකන්. පොඩි කාලෙ පුරුද්දටද මං දන්නෑ මට හරි අපූරුවට නින්ද යනව ඒ කවි වලට...
එ වගේම ඉතින් අම්මත් එක්ක රණ්ඩුත් නැත්තෙම නෑ.. තරහ ගියාම හම්බෝ කන් දෙක තියාහෙන ඉන්ඩ නෑ මගෙ.. ඊයෙත් රණ්ඩු. මම කොම්පීටර් අය්යගෙ ඇඟේම එල්ලිලා ඉන්නව කියල අම්ම මගෙත් එක්ක පොරේ.. ඉතින් කම්පූටරේ ලඟට එනවා..බනිනවා.. යනවා,.. එනවා.. බනිනවා.. යනවා.. අහිංසක විදියට දවසකට පැය 18ක් විතර කොම්පූටරේ ඔබන එක වැරැද්දක්ද මං අහන්නෙ?? ඕනි කෙනෙක්ට තේරෙනව ඒකෙ කිසි වැරැද්දක් නැ කියල. නැද්ද මං අහන්නෙ, ඉතින් ඒ විදියට බනින එක හරිද?ඉතින් මමත් මගෙ අයිති වාසිකම් වෙනුවෙන් සටන් කලා.. මටත් ඉතිං මල පැන්න ඇයි වදේ බැනුම් අහන එකේ සීමාවක් තියෙන්ඩ එපැයි.. ඒක හින්දම ඊයෙ දාන්ඩ හිටපු පෝස්ට් එක අදට කල් ගියා. තරහවෙලා ලියන්න හැඟීම් එන්නෙ නෑනෙ..හී හි (හිරුවාගෙන් උස්සන ලදී)
මොන රණ්ඩුව උනත් පැය 3ක් යන්න කලින් අපි දෙන්න යාලුයි.. එහෙම තරහ වෙලා ඉන්න බෑ..තරහ හිතේ තියන් ඉන්නෙත් නෑ..ඔන්න ඔන්න ඉතිං පිට ගියා... ආයෙත් මාතෘකාවට.. අපේ අම්මට ලස්සනට කවි කියන්න පුලුවන්.. හරිම ලස්සනයි.ඒ වගේම හිටිවන කවිත් තරමක් දුරට හදන්න පුලුවන්.. ඉතින් සමහර පොඩි කාලෙ ඉඳන් මෙ වෙනකන් ඒ කවි අහන්න ලැබැනව මට.. හරිම ලස්සනයි..
ඉතින් මං කිව්වනෙ සමහර දවස්වලට නිදාගන්නෙ අම්මගෙ කවි අහ අහ කියල.. ඉතින් ඒකෙන් මම ආසම කවි පන්තිය තමයි ඔය පහල තියෙන්නෙ.. අම්ම හදපු එකක් නම් නෙමෙ.. අම්මටත් අම්මගෙ තාත්ත කියල දීපු එකක්..ඔය නැලවිලි ගී අම්මටම ආවේනික තාලෙන් කියන කොට ඉතින් සනීපෙට නින්ද යනවා :)
මව් ගුණ ගැනම තමයි ඒකෙත් කියවෙන්නෙ..ඒ උණාට හරිම සරලයි. විරිඳු ගතියකුත් තියෙනවා.
දස මස කුස ඉසිලීමේ
ඇඟ ලේ කිරි කර දීමේ
මහිමය උඩ තිලිණ කරමි
ගෙදර බුදුන් යන නාමේ..
දොයිය කියා නලවාලා
ලෙඩට නියම ඔසු දීලා
නාවා පිරිසිඳු කලාය
සුවඳ සබන් ඇග ගාලා..
අඩන විටදි කිරි පෙව්වා
උසි කපුටෝ උසි කීවා
මව් ගුණ ගායනා පිණිස
පවතිනවා ඇත මෙව්වා..
ඉනවට කිරි පබළු වැලයි
දෑතට පොඩි වලළු පෙළයි
හුරතල් අවදිය තිබුනේ
අම්මා ගෙන් උරුම වෙලයි..
දරු ආදර බැමි ගෙතුම්ය
ගෙන එන්නේ සුබ පැතුම්ය
කවදත් මුලු ලෝකයේම
අම්මා යන නම උතුම්ය..
දරු ආදර පැල තවාන
රස කිරි උල්පත සමාන
අම්මේ ඔබ තමයි මගේ
කප් රුක සිව් මහ නිදාන..
ඉදි කටුවක් විලස නුලෙ
මගෙ දුක සැප බැලුව තාලෙ
කොහොම කියන්නද අම්මේ
ඔප කරමින් විරිඳු මාලෙ..
ජීවය ගොඩ අරන් දැම්මෙ
බැඳිලයි තුණුරුවන් බැම්මෙ
ගුණ කියලා නිම කරන්න
බෑ මගෙ රත්තරන් අම්මෙ..
සිතයහමග වෙත නම්මා
ගති පවතුම් ඔප දැම්මා
නිදුක් නිරෝගිව සැරදේ
මා වැඩු පෙම්බර අම්මා..
රකිමින් ජිවිතය මගේ
ඇති දැඩි කල මවට මගේ
දවසට දෙවරක් වැන්දත්
මදි බව හැම විටම හැඟේ..
ඇඟ ලේ කිරි කර දීමේ
මහිමය උඩ තිලිණ කරමි
ගෙදර බුදුන් යන නාමේ..
දොයිය කියා නලවාලා
ලෙඩට නියම ඔසු දීලා
නාවා පිරිසිඳු කලාය
සුවඳ සබන් ඇග ගාලා..
අඩන විටදි කිරි පෙව්වා
උසි කපුටෝ උසි කීවා
මව් ගුණ ගායනා පිණිස
පවතිනවා ඇත මෙව්වා..
ඉනවට කිරි පබළු වැලයි
දෑතට පොඩි වලළු පෙළයි
හුරතල් අවදිය තිබුනේ
අම්මා ගෙන් උරුම වෙලයි..
දරු ආදර බැමි ගෙතුම්ය
ගෙන එන්නේ සුබ පැතුම්ය
කවදත් මුලු ලෝකයේම
අම්මා යන නම උතුම්ය..
දරු ආදර පැල තවාන
රස කිරි උල්පත සමාන
අම්මේ ඔබ තමයි මගේ
කප් රුක සිව් මහ නිදාන..
ඉදි කටුවක් විලස නුලෙ
මගෙ දුක සැප බැලුව තාලෙ
කොහොම කියන්නද අම්මේ
ඔප කරමින් විරිඳු මාලෙ..
ජීවය ගොඩ අරන් දැම්මෙ
බැඳිලයි තුණුරුවන් බැම්මෙ
ගුණ කියලා නිම කරන්න
බෑ මගෙ රත්තරන් අම්මෙ..
සිතයහමග වෙත නම්මා
ගති පවතුම් ඔප දැම්මා
නිදුක් නිරෝගිව සැරදේ
මා වැඩු පෙම්බර අම්මා..
රකිමින් ජිවිතය මගේ
ඇති දැඩි කල මවට මගේ
දවසට දෙවරක් වැන්දත්
මදි බව හැම විටම හැඟේ..
ඔන්න දැන් මෙක ලියද්දිත් මට නිදි මත වේගෙන එනවා.. ඇයි අප්ප නැලවිලිගි නේ :D
එහෙනම් මං ගියා , නැත්තං මව් තුමී ඇවිත් මව් ගුණ කිව්ව එකේ රස්නෙ යන්නත් කලින් දෙයි පොලුපාරක් මොනිටරෙත් එක්ක කුඩු වෙන්ඩ :D
කස්ටියට ජය වේවා! මේං මං ගියා!.
අන්න හොඳ දරුවා... :) අම්ම කියනදේ අහල හොඳට හැදෙන්න ඕන ඈ..
ReplyDeleteඋඹ වාසනවන්තයි බං.. අම්ම බනින්නෙ පැය දහ අටක් කොම්පයුටර් රජා ඉස්සරහ ඉන්නව කියල.. මට බනින්නෙ පැයක් ඉන්නව කියල..
හිත හදාගනි.. උඹට වඩා අන්ත උන් මේ ලෝකෙ ඉන්නවා...:)
ඒක ඉතින් මෙහෙමයි මම අද ඉඳියයි කියාන්කො පැය 18ක් බැනුම් අහ අහ,, ඊලඟ් දවසෙ ඉතින් කොම්පූටරේ පත්තු කරන සද්දෙ විතරයි ඇහෙන්න ඕනි, දුම්මල වරම අරන් එතන :D
Deleteහිත හදාගෙන තමයි අප්පා ජීවත් වෙන්නෙ, නැතුව කෝමෙයි
මගේ හිනාව උස්සලනේ.. හා හා ..තමක් නෑ.. වැඩක් ගන්නවනේං මොකෝ.. හි හි...
ReplyDeleteඇත්තම කියන්න එපැයි.. මට නං කොෙහාමවත්ම නැලවිලි කවි අහන්න බෑ... හරි අමුතුයි මට ඒක.. වෙන කවුරුහරි පොඩි එකෙක්ට කියනවා ඇහුනත් මං ටක්ගාලා මාරු වෙනවා.. අපේ අම්මත් මං හිතන්‌ෙන් නැ මට කවි කියවලා නිදිකරවන්න ඇති කියලා.. මොකද පොඩි කාලේ ඉඳලම මාව නං නිදිකරවන්න කිසි අමාරුවක් තිබිලා නෑ.. ( තාමත් එහෙම තමයි.. හි හි)
අයියෝ හැමදාටම ඉස්සුව නෙමේ.. ඒක ඔයාගෙ හිනාව, ඔයාගෙ අනන්‍යතාවනේ! හි හි (හුටා! ආයෙත් කියවුනා :P)
Deleteහ්ම්ම්ම්! හොඳ බබෙක්! දොයියපිය කිව්වහම නින්ද යනවනං සෝයි :D
අලේ //අපේ ගෙදර ඉන්නෙ මමයි, අම්මයි, තාත්තයි. හ්ම්ම්. පුංචි පවුලක් තමයි.. ඒ කියන්නෙ ගෙදරට හොදට නරකට දෙකටම ඉන්න එකම ලමය මම..// මමත් ඔව්නි.. මමත් අදටත් ආසම නෑ නංගිලා මල්ලිලාට,ඒ වුනාට ඖනේ.. :/ ඔය විදියම තමයි ඉතින් අපේ ගෙදරත්.. අදටත් හැබැයි නැළවිලි ගී කිව්වෙ නැති වුනාට විදුලියක් එහෙම කොටපු ගමන් තාත්තා මාව උස්සලා අරන් අම්මයි තාත්තයි මැද්දෙන් තියන් නිදියන්නෙ(නැත්තම් මං බබා අඩනවානේ)
ReplyDeleteඒ උනාට එයාල හිටියාම පාලුවක් නෑ මෙයා,එයාල හිටියාම කවද හරි දව්සක් උනත් අපි ලඟ ඉන්නව අපේ තනියට... උස්සන්ඩ පුලුවන් බරක් තියේද ඔයාට :P
Deleteඅප්පේ.ලකියටනම් දෙයියනේ කියලා අක්කලගෙන්ම දෙන්නෙක් ඉන්නවා .කිසිම පාළුවක් නෑ .(ඒ ගැන කුමට කතාද )
Deleteලකියා හෙන ලකියා! :)
Deleteහැමදාම අම්මටයි තාත්තටයි ගරු කරන අයට වැරදෙන්නෑ
ReplyDeleteඑහෙමයි DG :)
Deletedannawada sami mage duwatath mama oya wagema nelawili gi kiyanawa. Eth eyata therena kale wenakota eyage amma mama neme kiyala eya mawa dala yai neda
ReplyDeleteමම ඔයාගෙ කතාව දන්නව සන්දීපනී අක්කෙ! එහෙම හිතන්නෙපා, ඔයා එයාට හොඳ අම්ම කෙනෙක් වෙන තාක් එයා ඔයාට එයාගෙ අම්මට වගේම සලකනවා! කොහොමවත් ඔයාව දාල යන්නෙ නෑ.. එහෙම හිතන්නවත් එපා:(
Deleteeyata nolebenne ammagen lebena kiri tika witarai. anek headea eyata lebenawa.eth loku bayak denenawa sami eyata therena kale wenakota eyage amma mama neme kiyala denagaththa dawasata eya magen eth wela yai kiyala
Deleteකවදාවත් එක වෙන්නෙ නෑ... අසුභ වාදිවෙන්නෙපා...
Deleteමාත් ඉස්සර පුදුම ආසයි අම්ම ඔඩොක්කුවේ තියා ගෙන ඔලුව අත ගගා කවි, කතා කියනකොට..... වැඩියෙන්ම ආස කතා අහන්න..... හ්ම්ම්.... මතක් වෙනකොට ආයෙත් පොඩි එකෙක් වෙන්න හිතෙනවා අප්පා.....
ReplyDeleteහ්ම්ම්.... පොඩි කාලෙ තරම් සුන්දර කාලයක් තවත් නෑ සමන්ලි :)
Deleteමට නම් ඔය සීන් නෑ. ලැප හින්දා අම්මා නම් බනිනවා. එයා බැනලා යනකම් මම දන්නෙත් නෑ. කම්මලේ වැඩකාරයට වගේ මටත් හුරුයි.
ReplyDelete:D :D හි හි මමත් පුරුදු වෙලා බං.. දැං ගානක් නෑ :D
Deleteammai, thattai thamai jiwithe inna wadagathma pudgalayo denna. eyala satutu wenne ape honda dekala. e wagema apith dena ganna ona eyala wayasata gyama eyalata salakanna, ada godak daruwo thamange ammalata salakanne ne
ReplyDeleteබොහොම හරි සිල්වා මහත්තයෝ :)
Delete
ReplyDeleteසමියා හරිම වාසනාවන්ත දරුවෙක්නෙ.
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
මමත් එහෙම හිතනව ඩූඩ් අය්යෙ ^_^
Deleteහැබැයි පුතෝ..එකා යකාලු..හොඳේ..!
ReplyDeleteලස්සන කවි ටික දැන් ඉන්න අම්මලා කවි දන්නෑ බං...!
අම්මා ඇතුලු නෑදෑයො සෑහෙන ගානක් ඔය එකා යකා කතාව කියල තියේ :D
Deleteහ්ම් ... මටත් මතකයි පොඩි කාලෙ අම්ම හරි තාත්ත හරි උකුලෙ තියාගෙන නිදි කරවනව, අපේ අම්මට වඩා ලස්සවට තාත්ත කවි කියනව. තාත්ත කිව්වෙත් ඔය හැමෝම කියන නැලවිලි ගීතවගයක් නෙවි. ඒත් මට දැන් ඒ කවි මතක නෑ, හැබැයි තාලෙට අහනකොට නිකම්ම නින්ද යනව.
ReplyDeleteහ්ම්ම්!! කකුලෙ තියල නලවනව මටත් මතකයි .. හැබැයි ගොඩාක් යන්තමින්
Deleteමව් තුමියට දීර්ඝායුෂ ලැබෙන්නට පතමි....
ReplyDeleteපැතුමට තුති :)
Deleteසමියා හොඳ කිකරු දරුවෙක්නේ.
ReplyDeleteඑහෙමයි :P
Deleteමමත් පවුලේ එකම ළමයා වෙච්චි.ඒ වුණාට මදි නොකියන්න සහෝදර පිරිසක් ඉන්නවා...))
ReplyDeleteඒක හින්දා එච්චර අවුලක් නැහැ!
..කොහොමටත් ඉතින් ඔන්ලි චයිල්ඩ් වුණාම අම්මයි තාත්තයි එක්ක ලොකු බැදීමක් ඇති වෙන එක සොබාවිකයි.ආදරේ බෙදිලා යන්නෑනෙ.))
කතාව ඇත්ත :) ස්තූතියි මේ පැත්තෙ ආවට :)
Deleteමේ බ්ලොග් එකට අදමද ආවේ මන්ද?
ReplyDeleteඒකනේ අදම තමයි ආවෙ. ඔන්න පිලිගත්ත එහෙනං.. :)
Deleteඑකා යකාලුනේ... හි හී..
ReplyDeleteමේක මව් ගුණ ගීයක්නේ. නැළවිලි ගීයක් නෙවෙයිනේ..
මාතර බෝ සමිඳු පිහිටයි!
ගීයක් නෙමෙයි! විරිදු පන්තියක්..මාව පොඩි කාලෙ නැලෙව්වෙ ඕව කියපු හින්දයි ඒක මට නෙලවිලිගීතයක් වෙන්නෙ :)
Deleteලකියාත් ඉතින් පවුලේ එකම පිරිමි දරුවනේ .ඒ වගේම බඩපිස්සා .ඒ හින්ද අම්මගේ ආදරේ නම් නො අඩුව ලැබුනා .හැබෙයි ඉතින් අම්මගේ තුරුලේ නිදාගත්තේ 5 වසර වෙනකන් විතරයි .නුවර ටවුමේ ස්කෝලෙකට ආවට පස්සේ පොඩි අක්ක එක්ක එයාගේ බෝඩිමේ නතර උනා .එතන හිටියේ ටික කාලයයි .(ඒ වෙනකොට අක්කල දෙන්නම බෝඩිම් දෙකක හිටියේ නුවර ස්කොලේ යන නිසා )පොඩි අක්කා එක්ක ලකියා නිතරම වලි නිසා ලොකු අක්කගේ බෝඩිමට මාරු උනා.එතකොට මම 6 වසරේ .ලොකු අක්ක 12 වසරේ .අම්ම ලග නැති අඩුව ලොකු අක්ක පිරෙවුවා .එයා මට මගේ දෙවෙනි අම්මා උනා .තාමත් මට මතකයි ලොකු අක්කා මාව තුරුල් කරන් නිදාගත්තා හැටි .බයිසිකල් පදින හැටි .පීනන හැටි වගේම 8 වසරේ ඉන්නකොට බයිසිමොටෝවත් පදින්න පුරුදු කලේ ලොකු අක්කා .ඒ ගැන කියන්න ගියොත් මේ කමෙන්ටුව තවත් දික් වෙනවා .කවදාහරි ලකියා බ්ලොග් එකක් කරොත් එදාට ඒවා කියන්නම් .පොඩි කාලේ අම්ම නැලවිලි ගීත කිවුව කියලනම් මතකයි .හැබෙයි ඒ මොනාද කියල නම් මතක නෑ .5 වසර වෙනකන්ම ලකියා නිදාගත්තේ අම්මගෙයි තාත්තගෙයි මැද්දේ .බඩපිස්සා වගේම එකම පිරිමි කොලුවා නිසා මට ඒ අවස්ථාව ලැබුන.එත් පොඩි අක්කගෙයි මගෙයි නිහඩ තරගයක් තිබුන ඒකට. හික් හික් හික් ඒ උනාට මේ ලකිය එක්ක දිනන්න බෑ එයාට .ඉස්සර මට මතක හැමදාම මට නින්ද යනකන් තාත්තා කතන්දර කියනවා .ඒක අනිවාර්ය දෙයක් .කතන්දරයක් නැත්තන් ලකියා නිදාගැනීම ප්‍රතික්ෂේප කරා .සමහර දවසට කලින් කියපු කතන්දර තාත්ත ආයේ කියනවා (මොකෝ ඉතින් හැමදාම කියන්න තාත්ත කතන්දර මවන්නද ) කලින් කියපු කතන්දර උනත් ලකියාගෙන් කිසිම අවුලක් නෑ .කලින් අහල තිබුන එකක් උනත් ලකියා සද්ද නැතුව අහන ඉන්නවා .ඇයි බොලේ ඕක කලින් කිව කතන්දරයක් තාත්තේ කියල තාත්ත කතන්දර කියන එක නතර කරොත් කෙලියනේ
ReplyDeleteහ්ම්ම් උඹ ඇ බං ලකියො ලියන්නැත්තෙ..මහාපරිමානෙන් බැරි නං සුලුවෙන් හරි ලියන්න පටන් ගනින්කෝ.. අපි එන්නම් කියවන්න.. උබේ ජීවිත කතාවයි ඔය තාත්ත කිව්ව දේවලුයි අත්දැකීමුයි එක්කහු කරන් හදමු පුන්චියට බ්ලොගක්!
Deleteලස්සනට ලියන්න පුලුවන්කම තියාගෙනත් කල් යවන එක අපරාදෙ. වෙලාවක් නැත්නම් මාසෙකට එකක් හරි ලියහන් කාලයක් යනකම්... ලකියටත් තිබික තියෙනවා ආදරේ පිරුනු පොඩි කාලයක්.. හ්ම්ම්ම් :)
දිරි ගැන්නුවට ස්තුති සමී .වේලාව නම් ප්‍රශ්නයක් නෙවේ.ඒ උනාට මම තාම බ්ලොග් අවකාශයට නවකයෙක් .බ්ලොග් ගැන තව ටිකක් ඉගෙනගෙන කට්ටියව දැන අදුනගත්තට පස්සේ වැඩේට බහින්නයි කල්පනාව.ලියන්නන් වාලේ බ්ලොග් ලියලා මටත් බ්ලොග් එකක් තියෙනවා කියලා
Deleteකියනවට වැඩිය කියවන්න කට්ටිය නැතත් ලියන එක හරියට ලියන්නයි මම කැමති .අනික තමා ලියන්න ගොඩක් දේවල් හිතේ තිබුනත් පටන් ගන්නේ කොහෙන්ද කියන එක මට තාම ප්‍රශ්නයක් .
ඕවට උත්තර හොයාගෙන වැඩේ පටන් ගන්නකොට අනිවා උබට කියන්නම්කො ඈ
හොදමයි!
Deleteඉක්මනටම ඒ දවස උදාවෙන්න කියල පතනව ලකියො.
Amma..
ReplyDeleteOya wachane oya amantranaya tharam watina deyak mata thawath na..
Mage mulu lokema mage amma,mai nangi tamai ammageth lokuma wasthuwa..
Mage amma mage hodama yaluwek wage.welawakata sahodariyak wage.
Amma gana kiyanawanam comment 100k dammath madi..
Matath eka payakata computer eka dammath bainawa.
E hama dema ithin adaretane,mama nam puluwn uparimenma iwasanawa..
Wachanekinwath hitha ridawanna hithannewath na..
Postuwa niyamai..
Jayama wewa !!!
බොහොම ස්තූතියි දමිත්!
Deleteඅම්මට තාත්තටස්ලකන දරුවට
කිසි දව්සක නෑ වරදින්නෙ
බුදු දම් සඟ යන තෙරුවන් සරණින්
යන යන තැන ඔහු ජය ගන්නේ..
මේකත් පොඩි කාලෙ අම්ම මට කියල දීපු කවියක්.. උඹේ කමෙන්ට් එක හින්ද මතක් උනා :)
අදයි බ්ලොග් එක දැක්කේ ..හොදයි දිගටම ලියමු ...ඔන්න ෆලෝ පාරකුත් දැම්මා..
ReplyDeleteබොහොම ස්තූතියි චමී :)
Deleteනැළවිලි ගී කියලා මාව නිදි කරාද කියලා මට මතක නම් නෑ. මොකද මට අවුරුදු එකහමාරක් වෙද්දිම නංගිත් ඉපදිලා. ඉතින් මම ඔය හුරතල් වැඩිකලක් වින්දේ නෑ.ඒ නිසා වෙන්න ඇති පුංචි කාලේ මම මහාම මහා නපුරියක්
ReplyDeleteපුංචි කාලෙ නපුරියක් කියන එක බට්ටි අක්කගෙ බ්ලොගේ පුරාම ලියල තියෙනව :D
Deleteපුදුම විදිහට මට මේක දෑනුන මල්ලියෝ... අපේ වයස යන්න යන්න එයාලගෙ අගේ වෑඩි වෙනව නේද? ඔන්න මම මෙක ලියාගත්ත.. කවදහරි මගේ පෑටියෙක් දොයිකරන්න මේක කියල දොයිකරන්න හිතාගෙන කමක් නෑ නේද?
ReplyDeleteඅනේ කමක් නෑ නදිනි අක්කෙ.. අක්ක අම්ම කෙනෙක් උනු දවසට තමයි ඒ අගේ උපරිමේටම වැඩිවෙන්නෙ :)
Deleteදරු ආදර පැල තවාන
ReplyDeleteරස කිරි උල්පත සමාන
අම්මේ ඔබ තමයි මගේ
කප් රුක සිව් මහ නිදාන..
අගේ ඇති කවි පන්තියක්.....
හරියටම කිව්වොත් අගේ විරිඳු පන්තියක් :)
Deleteකලින් කොටපු කොමෙන්ටුව කොහෙද ගියා..
ReplyDeleteමාත් පොඩි කාලේ අම්මට කියල කතා කියව ගන්නවා නිදා ගන්න ගියාම.එකම කතාව උනත් කමක් නෑ. අම්මත් ඉතින් ඔලුව අතගාන ගමන් කතාව කියන අතරේ මට මගදීම නින්ද යනවා..
කවි ටිකත් නියමයි සමී..!
හ්ම්ම් .. එහෙම එකම කතාව කීපාරක් නම් අපි වෙනුවෙන් කියල දීල ඇතිද නේද චන්දන.. සමහර විට චන්දන දැක්කද දන්නෙ නෑ කෙටි නමුත් ජනප්‍රිය වීඩියොවක් තිබුන අන්ධ තාතෙකුයි එයාගෙ පුතයි අතරෙ වෙන සිදුවීමක්.
Deleteතාත්තයි පුතයි එළියෙ බංකුවක් උඩ ඉන්නවා. පුතා පත්තරයක් බලමින් ඉන්නෙ. කුරුල්ලෙක් ලඟ ගහක අත්තක වහල යම් ශබ්දයක් ඇති කරනව.. තාත්ත පුතාගෙන් අහනව ඒ මොකක්ද කියල.. ආයෙත් ශබ්දයක් ඒ කුරුල්ල ඇති කරනව..එතනදිත් අන්ධ තාත්තා අහනව පුතාගෙන් ඒ මොකක්ද කියල. මේ විදියට කිප පාරක් අහනකොට පුතාට ඒක කරදරයක් වෙනව.පුතා තාත්තට හොදටම බනිනවා.
තාත්ත පුතාට මතක් කරල දෙනවා පුතා පුංචි කාලෙදි උන මෙ වගේම සිද්දියක්..
පුතා අහනව තාත්තගෙන් තාත්තෙ එ මොකක්ද කියල... තාත්ත පලවෙනි සැරේ කියල දෙනව පුතාට.. පුතා ආයෙ ආයෙමත් අහනව... තාත්තා හරිම සැහැල්ලුවෙන් ආයෙ ආයෙමත් පුතාට ඒ මොකක්ද කියල දෙනවා. තාත්ත කියනව පුතාට පුතෙ උඹ එහෙම හන වාරයක් වාරයක් ගානෙ මට උබ ගැන හරහක් ඇති උනේ නෑ, ඒ වෙනුවට කියාගන්න බැරි ආදරයක් ඇති උනේ.. මං උබ අහ්න අහන හැම සැරේකම උඹෙ ඔලුව අත ගගා ඒ මොකක්ද් කියල කියල දුන්නෙ හරිම ආදරේකින් කියල
තාත්ත කතාව ඉවර කරනකොට පුතාට තේරුම් යනව තාත්තගෙ වටිනාකම.. පුතා කියවමින් සිටි පත්තරේ විසි කරල දාල කඳුළු පිරිණු දෑසින් යුතුව තාත්තව වැලද ගන්නවා..
එහෙම තමයි ඉතින් චන්දන... එයාල අපි වෙනුවෙන් කරල තියෙන දේවල් කොච්චරක්ද කියල වචන වලින් විස්තර කරන්න බැරි තරම්..
අම්මගෙ ආදරයට සමාන කරන්න පුලුවන් ආදරයක් මේ ලෝකෙ තවත් නෑ. මට මගේ ජීවිතේ ඉන්න හොඳම යාලුවා මගේ අම්මා. මට නම් නැළවිලි ගී කියන්න ඕනත් නෑ..අම්ම ළඟ ඉඳන් ඔලුව අතගානවනම් නින්ද යනව මහ දවාලෙ උනත්:)
ReplyDeleteඇත්ත යාලුවා, ඔයා හරි :)
Deleteමොකද බං ටික දවසකින් දැක්කේ වත් නැත්තේ..?
ReplyDeleteඒකට හේතුවත් අම්මම තමයි චන්දනයියෙ.. මෙ දවස්වල සම්භාධක පනවල තියෙන්නෙ.... කම්පීටරේ ළඟට යන්ඩ තහනම් කරල තියෙන්නෙ. පෝන් එකෙන් තමයි යන්තම් හරි බ්ලොහ්ස් කියවන්නෙ..ඒත් ඉතින් ඒ ලදරමෙන් කමෙන්ට්ස් දාන්න ගියාම එපා වෙනවා, ඒකයි වැඩියෙ පේන්න හිටියෙ නැත්තෙ
Deleteඅන්න හොඳ දරුවා... :) අම්ම කියනදේ අහල හොඳට හැදෙන්න ඕන ඈ..
ReplyDeleteහොදමයි :D
Deleteමම මෙහාට ආවෙ අදමද? ඔව් මං හිතන්නෙ :)
ReplyDeleteහැමෝගෙම අම්මලා එහෙමනෙ. කොම්පීතරෙන් තොර ලොවක් නෑ කියලා අපේ අම්මාගෙත් බර බරේ!!!
හිතුවක්කාරි කියන්නෙ නිකංයැ :D
Deleteහිතුවක්කාර නොවී ආයෙ මේ පැත්තෙ එන්න ඕනි හොඳේ :D
අනේ ඔයාටත් සුභම සුභ නව වසරක් වර්ෂා අක්කෙ.. නත්තලට, අවුරුද්දට කට්ටියට සුභ පතල යන්නවත් හම්බුනේ නෑනෙ මට :(
ReplyDeleteකරන හැමදේම සාර්තක වෙන්න කියල ඔන්න මම සුබ පතනව ඔයාට
අම්මල වෙලාවකට ඇනයක් වෙනවා තමයි එත් ඒ එයාල අපිගැන හිතනවා වැඩි නිසයි එහෙම වෙන්නේ නමුත් ඒ හෙවිල්ල නැතිවත් ජීවත් වෙන්න අමාරුයි කොල්ලෝ. කාලෙකින් බ්ලොග් ලෝකේ කරක් ගහන්නේ නිදහසේ. තව පොස්ට් තියෙනවා කියල බලල නිදහසේ කියවන්නම්. :)
ReplyDeleteහ්ම්ම්ම්ම්.. කෝරලෙ මහත්තය ඉතින් නිතර මෙ පැත්තෙ යනව එනවනේ :)
Deleteඅම්මගේ ආදරය හැමදිනකම ලැබේවා !
ReplyDeleteඑසේම පතමි ඔබටත් :)
Deleteඋඹ මහ නරක පුතෙක්. අම්මා කියන දේ අහපං. ඔය පැය 18 න් පැය භාගයක් අඩු කරපං. ඒක සෑහෙන්න ප්‍රමාණයක් නෙව. ඔන්න දාගත්ත මගේ රෝලට..
ReplyDeleteඅන්න බලපං.. අනිත් හැමොම මට හොද දරුවයි කියනකොට උබ විතරක් මං නරක ලමෙක්ලු.. දැං නං ගොඩාක් අඩු කලා.... හේතුව දැක්කනේ :D
Deleteස්තූතියි ස්තූතියි :)