ප්‍රශ්නෙ මොකක්ද කියල මෙන්න මෙතැන ඔබල බලලම එන්නකෝ... ඒ පෝස්ට් එක දැක්කෙ නැති කවුරු හරි ඉන්නවනම් ඒ ලින්ක් එක හරහා ඒ පෝස්ට් එකට ගිහින් ප්‍රශ්නෙ කියවලා හරි උත්තරේ හොයාගෙන ආයෙ මේ පැත්තට එන්නකෝ තමන් හරි උත්තරේ හොයාගත්තද කියලා බලන්නත් එක්ක..
.
.
.
රයිටෝ,, ඔන්න එහෙනම් පලවෙනි ප්‍රශ්නෙට උත්තරේ හොයන විදිය තමයි මේ කියල දෙන්න යන්නෙ..
මේ ප්‍රශ්නෙදි සමචතුරස්‍ර කීයක් තියනවද කියල ගොඩාක් අය හොයාගෙන තිබුනා.. නමුත් කීප දෙනෙක්ට සමචතුරස්‍ර ගණන නිවැරදිවම කියන්න බැරිවෙලා තියනවා.. අර සමචතුරස්‍ර ගණන නිවැරදිව හොයාගත්ත අයගෙනුත් බහුතරේකට සෘජුකෝණාස්‍ර ගනන නිවැරදිව කියන්න බැරි වෙලා.. දැං අපි මේ ගැටලුව හිමීට ලිහමු..
සමචතුරස්‍ර ගණන සොයන ආකාරය..
පිලිවලක් තියාගෙන හෙව්වනම් බොහොම පහසුවෙන් හරි උත්තරේ ලැබෙනවා..
*කුඩා සමචතුරස්‍ර එක බැගින් කීයක් තියනවද??
*කුඩා සමචතුරස්‍ර 4ක් එකතු වෙලා හැදුනු සමචතුරස්‍ර කීයක් තියනවද?
*කුඩා සමචතුරස්‍ර 9 බැගින් එකතුවෙලා හැදුනු සමචතුරස්‍ර කීයක් තියනවද?
*කුඩා සමචතුරස්‍ර 16 බැගින් එකතු වෙලා හැදුනු සමචතුරස්‍ර කීයක් තියනවද? කියල හොයාගෙන ඒ ටික එකතු කලා නම් වැඩේ ගොඩ :)
සමචතුරස්‍ර 1 බැගින් 16ක් තියනවා කියලා බැලු බැල්මටම පේනවා.. උත්තරේ හොයන්න උත්සහ කරපු අය ඒ 16 අනිවාර්යෙන් දැක්කා.. ඒකෙ සැකයක් නෑ
ඊලඟට අපි බලමු සමචතුරස්‍ර 4 බැගින් එකතුවෙලා හැදුනු සමචතුරස්‍ර කීයක් තියනවද කියලා

සමචතුරස්‍ර 9ක් තියනවා.. මෙතනදි තමයි කට්ටියකට කීපයක් මග ඇරෙන්නෙ.. දුඹුරු පාටින් දක්වල තියන සමචතුරස්‍ර ගානත් හැමොම තමංගෙ ගණනය කිරීමට යොදාගන්නවා.. නමුත් කීප දෙනෙක්ට කොලපාටින් දක්වල තියන සමචතුරස්‍ර ගණන මග ඇරෙනවා.. ඒ අයගෙන් කීප දෙනෙක් තමයි 26යි කියලා උත්තරේ දීල තිබුනෙ..
ඒක ගනං කරගත්තු අයගෙනුත් අන්තිමට ඔය නිල් පාටින් දක්වල තියන සමචතුරස්‍රය මග ඇරීමෙ සම්භාවිතාව ටිකක් වැඩියි.. මං හිතන්නෙ ඩූඩ් අයියට මග ඇරුන සමචතුරස්‍රය ඒක :) ඒකයි එයා 29යි කියල කිව්වෙ.
දැං ඊලඟට කුඩා සමචතුරස්‍ර 9 බැගින් එකතුවෙලා සෑදෙන සමචතුරස්‍ර ගණන බලමු.

සමචතුරස්‍ර 4යි .. ඉහත අවස්තාවෙ සමචතුරස්‍ර 9යි කියපු අයට මේක මග ඇරුනෙ නෑ.. හැමෝම ඒක තමංගෙ ගණනනයට එකතු කරගත්තා..
ඊලඟට තව සමචතුරස්‍රයක් ඉතිරියි..

ඒ තමයි මේක :) ඒකත් හැමෝම දකිනවා. කිසිම විදියකින් මග ඇරෙන්නෙ නෑ..
මේ අනුව මුලු සමචතුරස්‍ර ගණන = 1 + 4 + 9 + 16
= 30
කෙටි ක්‍රමය....
ඔන්න දැං හැමෝටම කෙටි ක්‍රමයක් පේන්න පටං අරං ඇති :).. මං ඉහත මුලු සමචතුරස්‍ර ගණන එකතුවක් විදියට පෙන්නුවෙත් ඒක පෙන්නන්න. ඇත්තම කිව්වොත් මේ ගැටලුව නිර්මාණය කරනකොට මං මේ කෙටි ක්‍රමය හොයාගෙන දැක්කෙ නෑ.. ඒත් තනියම සමචතුරස්‍ර 25 බැගින් තියන එකකත් හෙව්වාම තමයි මං මේ කෙටි ක්‍රමය දැක්කෙ..
බලන්න ඉහත ගැටලුවෙ එක් තීරුවකට හෝ පේලියකට සමචතුරස්‍ර 4 බැගින් තියනවා. එහෙනම් මුලු සමචතුරස්‍ර ගණන හොයන්න මුල් "වර්ග සංඛ්‍යා" (සමචතුරස්‍ර සංඛ්‍යා) හතරේ එකතුව ගන්න විතරයි තියෙන්නෙ..
කෙටි ක්‍රමය පැහැදිලි කරගන්න තව චූටි උදාහරණයක් ගනිමු..
මෙතන සමචතුරස්‍ර කීයක් තියනවද??
හෝව්!! හෝව්! දැං ඉතින් පස්ස උඩ දාගෙන ගණං කරන්න දෙයක් නෑ.. අපිට තියනවා කෙටි ක්‍රමයක් :)
මෙතන තියෙන්නෙ එක පේලියකට සමචතුරස්‍ර 6 බැගින් තියන සමචතුරස්‍ර 36ක්.. එක පේලියකට 6 බැගින් තියන හින්දා අපිට කරන්න තියෙන්නෙ මුල් වර්ග සංඛ්‍යා 6යේ එකතුව හොයාගන්න එක විතරයි.. ගනං කිරීමක් කිසිසේත් අවශ්‍ය වන්නේ නෑ..
ඒ අනුව මුලු සමචතුරස්‍ර ගණන = 1 + 4 + 9 + 16 + 25 + 36
= 91
හරි කෝම හරි කමක් නෑ මං අහපු ප්‍රශ්න දෙකෙන් පලවෙනි ප්‍රශ්නෙට උත්තරේ වන සමචතුරස්‍ර ගණන 30යි කියලා නිවැරදි පිලිතුර දීල තියෙන්නෙ මෙන්න මේ අය .. හුරේ....... :D
1. Chandana
2. සසිදු
4. SaKu PaTHi
7. සු දී ක
8. Chams
12. DDT
13. rentere rewert
14. සයුරි
ඒ හැමෝටම ඔන්න මං ගානෙ points 2ක ගානෙ හම්බෙනවා.. ආ මෙන්න ගන්නෝ :D සුභ පැතුම් හැමෝටම!!!
--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
රායිට්.. දැං තමයි අමාරුම වැඩේ,, සෘජුකෝණාස්‍ර ගණන කීයද කියල හොයාගන්නයි ඕනෙ..
මේකට නං මට කෙටි ක්‍රමයක් පෙනුනෙ නෑ. කාලඟ හරි ඒම කෙටි ක්‍රමයක් තියෙනවනං කියන්න..
ඒත් නිවැරදි ක්‍රමයකට පිලිවලට සංයමයෙන් යුතුව ගනං කලොත් හරියටම කියන්න පුලුවන් සෘජුකෝනාස්ර කීයක් තියනවද කියලා
මේක ගොඩක් අයට වැරදෙන්න හේතුව තමයි ගණං කරන්න කිසි පිලිවලක් හදාගෙන නොතිබුනු එක. ඔහෙ තමන්ට පේන පේන එක එකයි දෙකයි තුනයි කියලා ගණං කරල නම් කවදාවත් කීයක් තියනවද කියලා හරියටම හොයන්න බෑ.. හොයාගත්ත අය ඒක හෙව්වෙ නියම පිලිවලට.. එතකොට අවුල් වෙන්නෙ නෑ ..
සෘජුකෝනාස්ර ගනං කරන එකත් අර සමචතුරස්‍ර මුලු ගණන හෙව්ව වගේම තමයි. ඉස්සෙල්ලම කරන්න ඕනි සෘජුකෝනාස්ර වර්ග කීයක් තියනවද කියලා හොයාගන්න එක.. ඊලඟට පුලුවන් ඒ වර්ගයකට සෘජුකෝණාස්‍ර කීය බැගින් තියනවද කියල හොයාගෙන එකතු කරන්න..
ඒ වගේම මෙතනදි එකින් එක ගණං කිරීම කිසිසේත් අවශ්‍ය වන්නේ නෑ.. රූප සටහන් ආස්‍රයෙන් පැහැදිලි කරනකොට තේරෙයි ඒකට හේතුව :)
ඒ අනුව රූපය දිහා බලපුවහම
*කුඩා සමචතුරස්‍ර 3 බැගින් සෑදුනු සෘජුකෝනාස්ර
*කුඩා සමචතුරස්‍ර 4 බැගින් සෑදුනු සෘජුකෝනාස්ර
*කුඩා සමචතුරස්‍ර 6 බැගින් සෑදුනු සෘජුකෝනාස්ර
*කුඩා සමචතුරස්‍ර 8 බැගින් සෑදුනු සෘජුකෝනාස්ර
*කුඩා සමචතුරස්‍ර 12 බැගින් සෑදුනු සෘජුකෝනාස්ර විදියට වර්ග 6ක් පෙනෙයි
දැං අපි මේ එක් එක් වර්ගයකට සෘජුකෝණාස්‍ර කීය ගානෙ තියනවද කියලා බලමු..
මුලින්ම කුඩා සමචතුරස්‍ර 2ක බැගින් සෑදුනු සෘජුකෝනාස්ර කීයක් තියනවද බලමු..
මෙතනදි අපි ඉස්සෙල්ලම කරන්නෙ තීරුවකට කුඩා සමචතුරස්‍ර 2ක බැගින් සෑදුනු සෘජුකෝනාස්ර කීයක් ගානෙ තියනවද කියලා බලන එක

එක් තීරුවක සෘජුකෝනාස්ර 3ක් තියන බව ඔයාලට පේනවා. එලෙස 3 බැගින් තීරු 4ක් තියනවා.. එතකොට ඔක්කොම 12ක් තියනවා (3*4)
ඒ වගේම පේලියකට 3 බැගින් පේලි 4ටත් 12ක් තියන බව ඔයාලට පෙනේවි
ඒ අනුව කුඩා සමචතුරස්‍ර 2ක බැගින් සෑදුනු සෘජුකෝනාස්ර 24ක් තියනවා කියල දැකගන්න පුලුවන්
මේ විදියට තමයි අනිත් සෘජුකෝනාස්ර ගනන හොයාගන්නෙත්.. එකින් එක ගනං කිරීමක් කිසිසේත් කලයුතු නෑ..
දැං ඉතින් ඔයාලට කීයක් තියනවද කියල හොයාගන්න පුලුවන් උනත් මං හැමොටම පැහැදිලි වෙන්න රූප සටහන් ඇසුරෙන් ගනනය කරන හැටි පෙන්නන්නම්..
මේ විදියටම කුඩා සමචතුරස්‍ර 3 බැගින් සෑදුනු සෘජුකෝනාස්ර කීයක් තියනවද??
තීරුවකට 2යි. තීරු 4යි . තීරුවල 8යි. ඒනම් පේලිවලත් 8යි. ඔක්කොම 16ක් තියනවා කියලා පැහැදිලියි..ආයෙ අමුතුවෙන් පැහැදිලි කිරිමක් අවශ්‍ය වෙන්නෙ නෑ කියල හිතනවා ඉහත 'කුඩා සමචතුරස්‍ර 2ක බැගින් සෑදුනු සෘජුකෝනාස්ර ' කියක් තියනවද කියල පැහැදිලි කරපු විදියටම තමයි මෙතනත් ගනනය සිදුකලයුතු වන්නේ..
ඊලගට කුඩා සමචතුරස්‍ර 4 බැගින් සෑදුනු සෘජුකෝනාස්ර ගනනත් මේ විදියටමයි..
ඊලගට කුඩා සමචතුරස්‍ර 6 බැගින් සෑදුනු සෘජුකෝනාස්ර ගනන සොයමු
තිරස් අතට 6යි. ඒවගේම සිරස් අතටත් 6යි. ඔක්කොම 12යි.. ඉහත පෙන්නල තියෙන්නෙ තිරස් අතට තියන ගණන විතරයි. සිරස් අතටත් එලෙසම සෙවිය යුතු බව දක්වා තිබෙනවා රෝස පාට රූපෙන්..
කුඩා සමචතුරස්‍ර 8 බැගින් සෑදුනු සෘජුකෝනාස්ර ගණන ...
තිරස් අතට 3යි.. සිරස් අතට 3යි ඔක්කොම 6යි.
පැහැදිලි නැත්නම් මීට පෙර රූප සටහනේ තිරස් අතට හෙව්ව හැටි දක්වා තිබෙනවා .. බලන්න
අන්තිමට කුඩා සමචතුරස්‍ර 12 බැගින් සෑදුනු සෘජුකෝනාස්ර
දැං ඉතින් ඔක්කොම හොයලා ඉවරයි .. එකතු කරන්න විතරයි තියෙන්නෙ..
කුඩා සමචතුරස්‍ර 2ක බැගින් සෑදුනු සෘජුකෝනාස්ර = 24
කුඩා සමචතුරස්‍ර 3 බැගින් සෑදුනු සෘජුකෝනාස්ර = 16
කුඩා සමචතුරස්‍ර 4 බැගින් සෑදුනු සෘජුකෝනාස්ර = 8
කුඩා සමචතුරස්‍ර 6 බැගින් සෑදුනු සෘජුකෝනාස්ර = 12
කුඩා සමචතුරස්‍ර 8 බැගින් සෑදුනු සෘජුකෝනාස්ර = 6
කුඩා සමචතුරස්‍ර 12 බැගින් සෑදුනු සෘජුකෝනාස්ර = 4
ඔක්කොම = 70යි
සමහර විට පැහැදිලි කිරීම දිහා බලං ඉදලා මේ මොන විකාරයක්ද කියලා හිතෙයි. නමුත් හොදින් කියෙව්වොත් එකින් එක එකයි දෙකයි තුනයි කියලා ගණනය නොකර මුලු සෘජුකෝනාස්ර ගනන 70යි කියන උත්තරේ ලබා ගන්න පුලුවන් හරිම ලේසියෙන්. :)
සෘජුකෝණාස්‍ර ගණන හරියටම කියල තිබුනෙත් ඒ අනුව ප්‍රශ්න දෙකටම නිවැරදිව පිලිතුරු දීල තිබුනෙත් මෙන්න මේ දෙන්නා විතරයි .. හුරේ!!!!
ඒ දෙන්නට points 5ක් ඔන්න ලැබෙනවා මේ තෑගි ප්‍රශ්නෙදි.. සුභ පැතුම් දෙන්නටම !! අනිත් අය දුක් වෙන්න ඕනි නෑ.. ඉස්සරහට අහන ඒවට උත්තර දීලා points එකතු කරගන්න පුලුවන්..
හරි ගියත් වැරදුනත් උත්තර දුන්නු හැමදෙනාටමත්, උත්සහ කල හැමදෙනාටමත් කම්න්ට්ස් කරපු හැම දෙනාටමත් බෙහෙවින්ම ස්තූතියි!!!!
නැවත තෑගි ප්‍රශ්නෙකින් හමුවෙමු...
(ඊලග පෝස්ට් එක තෑගි ප්‍රශ්නයක් නං නෙමෙයි ඕං)
මේක මට ලේසි වෙන්න හේතුවක් තිබුණා. අර කනෙක්ට් ෆොර් කියන ගේම් එක. ඒකෙ විනින් කම්බිනේෂන් හොයන්න මහන්සි වුණ නිසා, ඒ ක්රමයම මේකටත් අනුගමනය කළා.
ReplyDeleteකෝම හරි කමක් නෑ දිනුවනේ ! ජයවේවා!! :D
Deleteනෙහෙම හරියන්නෙ නෑ.. අපිටත් සැනසිලි තෑග්ගක් හරි ඕන
ReplyDeleteදෙන්නම්කෝ :D ඊලඟ ප්‍රශ්නෙට උත්තර දෙන්නකෝ :P
Deleteමට වෑරදුනෙ කොටු තුනෙ එව ගත්තෙ නෑ නෙ .එකයි
ReplyDeleteඅර දෙකේ කොටු පහම ගණං කරගත්තු කෙනෙකුට තුන ගානෙ ගන්න එක මග ඇරුන එක පුදුමයිනේ බං :O
Deleteමට බෑ මේවා.... ඉස්සරත් ගණං කිව්වම මට නින්ද යනවා.. ඒක තාමත් එහෙමමයි දැන් බලද්දි...
ReplyDeleteඅපිටත් ගනං බෑ අනේ.. මේ වගේ නිකං චුට්ටං ප්‍රශ්න වලට නං ආසයි හැබැයි :)
Deleteඑතකොට එකක් කිව්ව අපිට තෑගී නැද්ද ලකුණු 2.5 ක් ඕනේ ,නැත්තං කියනවා මාලක සිල්වාට.
ReplyDeleteහඃ ඕකනෙ ඔයත් එක්ක බැරි :( පොඩ්ඩ බැරි උන ගමන් කියන්නෙ මාලක් සිල්වට :(
Deleteඅඩෙ අප්පා.. මං ටිකක් හොඳයි නෙ.. හෙහ් හෙහ්.. :D
ReplyDeleteටිකක් නෙමේ හොදටම හොදයි :)
Deleteමොනවද බං ඔය පොයින්ට්ස් වලින් කරන්න පුලුවං. :D
ReplyDeleteඑව්වා එච්චර ප්‍රරසිද්ද කරන්නෑ.., එතකොට මේක වාණිජ්කරණය වෙනෝ :P
Deleteමදැයි එකක්වත් හරි ගියා. :p
ReplyDeleteසන්තුස්සකෝච සුභරෝච
Deleteඅඩෝ ......ව් කොටා, උස්සල ගහනව පොළොවෙ. මේව කුමන්ත්‍රණ, හරිය.... එන්ජීඕ බළල් අත්.
ReplyDeleteචැහ් ! ඍජුකෝණාස්ර 8 ක් මඟෑරිලනේ බං. මම මේ කම්පනා කළේ ඒක කොහෙන්ද අත අස්සෙන් රිංගුවෙ කියල. ඔන්නොහෙ කමක් නෑ.
මමත් එකින් එකට ගැන්නෙ නෑ බං. මම කළේ තිරස් පැත්තට ඍජුකෝණාස්ර ගණන් කරල සිරස් පැත්තටත් ඒ ටිකම නිසා ඒක දෙකෙන් ගුණකරපු එක. ඒකෙදිත් එක පේලියක් බලල ඒකත් හතරෙන්, දෙකෙන් ගුණකරල තමයි තිරස් පැත්තෙ ඍජුකෝණාස්ර ගණන හෙව්වෙත්.
කවුද මෙතන ඉන්න කොටා :O
Deleteකුඩා සමචතුරස්‍ර 6 බැගින් සෑදුනු සෘජුකෝනාස්ර ,ඊලග කුඩා සමචතුරස්‍ර 8 බැගින් සෑදුනු සෘජුකෝනාස්ර
මෙන්න මෙතනින් මඟ ඇරෙන්න ඇති කියලයි මට හිතෙන්නෙ :)
මූට කීබෝඩ් එකක් දෙන එක භයානක දෙයක් කියල දැංවත් තේරුං ගනිල්ලා. සමියගේ අම්මා හරි බලන් ගියාම..
ReplyDeleteඋබට විතරයි බං තේරුනේ :D
Deleteබැරි වැඩ නො කරන් අබරෝ කියන නිසා මම නම් උත්සහ කළේ වත් නෑ.
ReplyDeleteඋත්සහ කරන්න තිබුනනේ දිලියො ඒ උනාට
Deleteහෆොයි! මට 1 ලකුණක් හරි දියන් බං උත්සාහයට.
ReplyDeleteඅනිත් අය බලයි ඒ මොකද එයාට විතරක් කියල :D
Deleteසුපිරි වැඩක් මචන්... කියල වැඩක් නෑ.. තව කරගෙන පළයන්...
ReplyDeleteතෑගි ප්‍රශ්න වලට ගොඩක් උං කැමති නෑ බං :D උබ විතරමද මන්ද ඕම කිව්වෙ :D
Deleteඑකක් හරි හරිගියා මදැයි :D
ReplyDeleteඒකනේ
Deleteමම උත්තර දුන්නෙත් නෑ.. කමක් නෑ.. තෑග්ග බෙදාගෙන කන්ට බැරි යෑ.. ඔය කොටහක් අපේ ගෙවල් පැත්තටත් එවන්ට.. :D මිත්තරයෝ නෙව බොගේ..
ReplyDeleteBora Diyaka Induwara
එයාල දෙයිද :O :P
Deletehurry points 2i hehe.
ReplyDeleteහුරේ :D
Deleteතෑගී එපා! තෑගී කැතායි අනික! තෑගී වැඩකුත් නෑනේ ඉතින් අපිට!
ReplyDeleteඋත්ශාහ කොලාට මට ශීයඹලා ටොපි ඕනේ.
(තෑගී එපා බව මතක් කරමි)
ඉෂ්තුතියි!
තෑගි නෑ ටොපි විතරමයි :3
Deleteමට ඔය චතුරශ්‍ර තිහ නම් හම්බවුනා. නමුත් සෘජු කෝණාශ්ර නම් හරි ගාන හොයාගන්න බැරි වුනා. කැප වුනත් මදි තමා.
ReplyDeleteඒකට මොකද අනේ :) එකක් හරි ආවනේ
DeleteMn mulinma answer eka inbox kalane samiyo :( :( :( mn 2nd daala haiyoo wadak naaaa
ReplyDeleteරුවී මං එෆ්.බී එකේ උත්තර දුන්නු අයව මෙතන මෙන්ශන් කලේ නෑ .. සොරි :(
Delete