Monday, November 19, 2012

අපිත් ආවෝ :) | My First Blog Post



බොහෝ දුර ගමනක්..

යන්නට සිතාගෙන..

තනන්නට අවසරයි..

මේලෙසින් හෙමි හෙමින්..

මගෙ පුංචි ලෝකය..!!!

සිත් මලක ඇති උනු..

හැඟුම් පොදි සිර කරන්..

සිටියෙමි බොහෝ කල්..

කාලය පැමිණ ඇත..

තනන්නම් දැ ඉතින්..

මගෙ පුංචි ලෝකය..

නිදහසේ තෙළි තුඩින්..

නුඹ හමුවෙ තබන්නට..

බ්ලොග් අවකාශය කියන වචනෙ පවා මට හරි අලුත්.. ඈත්තම කිව්වොත් ලොකු තෙරුමක් නෑහෑ මට ඒ ගෑන..ඒත් හරි ආසයි, මම කියවන්න ගොඩක් කෑමති කෙනෙක්! අන්තර්ජාලෙ එහෙමෙහෙ සැරි සරද්දි මට අහම්බෙන් හම්බුණු බ්ලොග් අඩවි කීපයක් මම කියෙව්ව හුග කාලෙක ඉදල.
අන්තිම පේලිය. රත්ගමයා, හිස් අහස, මාතලන්, එදිරිගෙ සාටරේ, ආත්තම්මගෙ පෙට්ටගම වගේ එකී නොකී හෑම බ්ලොග් අඩවියක්ම අද මාව මෙතෙන්ට ගේන්න පෙලඹෙව්වා!

ඉතින් මටත් හිතුන එන්න,ඔන්න ඉතින් ආවා. :) පටන් ගැනීමක් විතරයි. එත් මේකෙ අවසානයක් නොදකිනපටන් ගැනීමක්, හෑමෝටම ආරාදන කරනව. එන්න මගෙ පුංචි ලෝකයට..
තාම ලපටියි. මෝරන්න නම් අවවාද උපදෙස් කියන දේවල් ඕනි. වැරදීම්, අත්වැරදීම් වෙයි.ඒත් ඒ දේවල් මට පෙන්නල දෙන්න. ඒව හදාගෙන ඉදිරියට යන්නම් හෙමින් :)  වචනෙකින් , සිතිවිල්ලකින් පවා උදව් කරන හැම කෙනෙක්ටම අනේක වාරයක් පින් :)
ගොඩාක් ස්තුතියි :))
 -sami-
12.11.19


45 comments:

  1. කෝ පස්සෙන් එලවන ගැජට් එක

    මේ වර්ඩ් වෙරිපිකේෂන් අයින් කරහං

    ReplyDelete
    Replies
    1. මං හිතන්නෙ දැං හරි වෙන්ඩෝනි. හරි නේද??

      Delete
  2. මගේ බ්‌ෙලාග් එකේ දාලා තිබ්බ කමෙන්ට් එක පස්සෙන් මම එනකොට, මෙන්න අටම් මට කලින් ඇවිල්ලා හි හි..

    Follow ගැජට් එකත් එල්ලන්නකෝ පැත්තකින්.. අපිත් පස්සෙන් එන්නම් එතකොට...

    Settings - Posts and Comments - Show word Verification = NO කරන්න.. නැත්තම් කමෙන්ට් කරන්න ගියාම ලෙඩ ගොඩක්..

    මුලදි කමෙන්ට් නම් අඩුවෙයි.. ඒවා ගනං ගන්න එපා.. ඔයා දිගටම ලියන්න..

    ReplyDelete
    Replies
    1. හැදුවා :)
      දැං හරි වගේ.
      ගොඩක් ස්තුතියි හිරු අක්කෙ :)

      Delete
  3. බ්ලොග් අවකාශයේ දිගු ගමනකට සුභ පැතුම්..... බ්ලොග් එක සින්ඩි කීපයකට එකතු කරන්න. ඒකෙන් කියවන්න එන කට්ටිය වැඩි කරගන්න පුලුවන් වේවි :)

    ReplyDelete
    Replies
    1. බොහොම ඉස්තුතිය් යාලුවා :)
      ප්‍රචාරණයට පෙර යමක් කරලම ඉන්නම්!
      දැනට හිමිං යන්නම් ටිකක් දියුනු කරගන්නකං..

      Delete
  4. සිංහල බ්ලොග්කරුවන් සඳහාම වෙන්වුණු ෆේස්බුක් ගෲප් කීපයකුත් තියෙනවා. ඒවාටත් එකතු වුණා නම් පහසුයි

    ReplyDelete
    Replies
    1. දුන්නු උපදෙස් අවවාද වලට වගේම යාලුවො ගොඩක් අදුන්වල දුන්නට ගොඩක් ස්තූතියි හසිත :)))

      Delete
  5. බ්ලොග් අවකාශයේ දිගු ගමනකට සුභ පැතුම්

    ReplyDelete
  6. එහෙනං ලියමුකො බලන්න..

    ReplyDelete
  7. ඔන්න හසිතගේ මග පෙන්වීම මත මමත් ආවා. පංකාදු පැල් කොටේනේ බොලව්....... දිගටම ලියන්න අපි බලනවා. කොමෙට් අඩුඋනා හිට්ස් මදියි කියල පසුබට වෙන්න එපා. සුභ අනාගතයක්!!!!
    http://chithula.blogspot.com/

    ReplyDelete
    Replies
    1. වලව්වටත් ගියා.. ඉස්සරහට නිතර ඒ පැත්තෙ ඇවිත් යන්න එන්නම්

      Delete
    2. මට දැනුයි මීටර් උනේ මම ආවේ කොහොමද කියල. කොහෙද සිහියක් පතක් තියෙන එකෙක් නෙවෙයිනේ හරියට.

      Delete
  8. හසිත කිව්වම නෑවිත් කොහොමද ? ඔන්න මාත් ආවා. හොඳ දෙයක් ලියවෙයි කියලයි මගේ බලාපොරොත්තුව. සුබ පැතුම් !!!

    ReplyDelete
  9. තව මාසෙකින් බලමු! හිතට ඇල්ලුවොත් ෆලෝ කරනවා කරනවාමයි. එතෙක් සුබ පැතුම්!:)

    ReplyDelete
    Replies
    1. ආ........මටත් පාර කිව්වෙ හසිත තමා.

      Delete
    2. බුද්දි අය්යව බලන්න ඒ පැත්තෙ ආවහම දොරවල් ජනෙල් වහල දාල යනව කියල දාල තිබුනනනේ,,
      අය්යලගෙන් අපි වගෙ නවකයින්ට ගන්න ගොඩක් දේවල්තියෙන හින්ද කලාතුරකින්වත් දොරවල් ජනෙල් අරින්න කියල ඉල්ලනව! ස්තුතියෙ මේ පැත්තෙ ආවට :)

      Delete
  10. අළුත් ඇරඹුමට සුභ පැතුම් යාළුවා. ඉස්සරහට හොඳින් කරගෙන යන්නකෝ, අපි එන්නම් බලන්න.

    ReplyDelete
  11. ආවෙම් මමත් මේ පැත්තට...
    යළි යළිත් එන්නට සිතාගෙනම...
    ඔබට ජය!!

    ReplyDelete
  12. සුබ පැතුම් දිගු ගමනකට..!

    ReplyDelete
  13. සුභ ගමන්...ඔන්න මමත් ආවා සමීගෙ ගමනට එකතු වෙන්න..

    ReplyDelete
  14. හසිතගේ පාර දිගේ අපිත් ආවා බලලා යන්න... දිගටම ලියාගෙන යං... උදව්වක් ඕනේ වුනොත් හැකි විදියට උදව්වක් දෙන්නම්... ජයෙන් ජය !!!

    ReplyDelete
  15. හසිත කිව්ව පාර දිගේ අපිත් ආවේ. බලමු ටික දවසකින්. පෝස්ට් එන පිලිවල එක්ක හිතට වැදුන නම් අනිවා ෆලෝ කරනවා, නමට විතරක් නෙවෙයි හැමදාම කියවන්න ඇවිත්.

    ReplyDelete
  16. රීඩර් එකට හසිත දාල තිබුන ලින්ක් එක ඔස්සේ ආවේ . එහෙනම් ලියමු නේද රසවත් ලිපි ටිකක් . ජය !

    ReplyDelete
  17. හිහි නංගිගේ කොමෙන්ට් එකෙන් අවේ. එහෙනං පටන් ගමු.. (අර ත්‍රිබාසා අයියා වගේ හැමදාම නං ලියන්න එපා හොදේ)

    ReplyDelete
  18. ඔන්න මාත් ආවා මේ පැත්තට....
    දිගු ගමනකට සුභ පැතූම්...!

    ReplyDelete
  19. මගෙනුත් සුබ පැතුම් වසන්තයක්ම උදා වෙවා!!!!

    ReplyDelete
  20. උඹට ලොකු ගමනක් යන්න මගෙන් සුබ පැතුම්.

    ReplyDelete
  21. මගේ ලෝකය දැක ගන්නට
    සපැමිනි ඔබ සියලු දෙනට
    තුති මල් මිටි මගේ ලොවින්
    පිලිගනු නිබදව සතුටින් ♥ ♥ ♥

    ස්තුත්යි නලිනි, ලකී සිරි, සුදීක, ශම්මි, කෝරලේ මහත්තයා, DDT, Chandana, හිමා,Chathuranga, Alexander, බුද්ධි, Gimhani, දේශකයා, සමනළී, සචිත්, Madusha ඔබ සැමට සුභ පැතුම් වලට හා දිරිමත් කිරීමට :)

    ReplyDelete
  22. මමත් ඔන්න හසිත මලය කියපු පාර දිගේ ආවා. සතියක්ම ගත්තට සමාව භාජනය (මොන භාජනයක් උනත් කමක් නෑ) කරන්න කියලා ඉල්ලනවා. වැඩ ටිකක් සෙට් වීම නිසා එහෙම වුන බව කරුණාවෙන් සලකන්න.. අපේ බ්ලොග් එක පැත්තෙත් ඇවිත් බලන්න...
    http://asidisimaanaya.blogspot.com/

    ජය වේවා!

    ReplyDelete
    Replies
    1. පරක්කු වෙලා හරි ආව එකම කොච්චර දෙයක්ද චාමර. ආයෙත් එන්න. සාදරයෙන් පිළිගන්නව මගේ පුංචි ලෝකයට! ඒ පැත්තෙ එන්නම් :)

      Delete
    2. කඩ්ඩෙන් කියනවලු නේ "Better late than late" ද මොකක්ද කියල එකක්... :-)

      Delete
  23. ubage uthsahaya suba pathanawa.jaya wewa samiya.

    ReplyDelete
    Replies
    1. අය්යෝ ඉතින් නම කියල ගිහින් නෑනේ. ස්තූතියි මොනව උනත් :)

      Delete
  24. ආපු එකේ දිගටම යමු

    ReplyDelete
    Replies
    1. බෝම ස්තූතියි. දිගටම එන්න :)

      Delete
  25. math godak blog kiyawanawa. attatama ewagen ape jiwiteta mona hari deyak egena ganna puluwan

    ReplyDelete
  26. math godak blog kiyawanawa. attatama ewagen ape jiwiteta mona hari deyak egena ganna puluwan

    ReplyDelete
    Replies
    1. ගොඩක් සන්තෝසයි! ඒ වගේම බොහොම ස්තූතියි කමෙන්ටුවට :)

      Delete
  27. ආයුබෝවේවා :)

    ඔන්න මමත් මේ පැත්තට ආවා... පාර හොයා ගත්තේ චාමරගෙ බ්ලොග් එකෙන්

    ඔබට ජය!!!

    ReplyDelete
    Replies
    1. ආයුබෝවන් ගවේශක තුමා

      ආවට බොම ස්තුතියි ..ආයෙත් එන්න.. ජය වේවා!!

      Delete
  28. හොද අදහස් තියෙන්නේ ඇත්තටම ලස්සනයි

    ReplyDelete