Wednesday, October 7, 2015

Hiru TV , හිරු FM සහ ෂා FM අන්තර්ජාලය තුළින් ගෙනියන ජඩ මාධ්‍ය කලාව.










වගකිව යුතු මාධ්‍ය ලෙස බෝඩ් එල්ලාගෙන සිටින මෙම මාධ්‍ය රූපවාහිනී තිරයේ සහ ගුවන් විදුලි මාධ්‍යයේදී  ලෝකෙට පෙනෙන්නට මාධ්‍ය සදාචාරයක් හා සංවරශීලීත්වයක් සහිතව ප්‍රවෘත්ති සහ අනිකුත් වැඩසටහන්  ඉදිරිපත් කරනවා සේ පෙනුනත් ඔවුන්ගේ අන්තර්ජාලය තුල මාධ්‍ය භාවිතය තුක් නොදෝමකින්ය...

අන්තර්ජාලය තුළ ඔවුන්ගේ වෙබ් අඩවි සහ එම ගොසිප් අඩවි වලට අදාලව මූනුපොත තුළ සරණ ඔවුන්ගේ සබඳියන් දුටු පමණින්ම ඒ බව මොනවට පැහැදිලි වේ... එක්කො මේ මා‍ධ්‍යය ජාලය තමන්ගේ අන්තර්ජාල භාවිතය සහ අන්තර්ජාල හැසිරීම කිසිදු මාධ්‍ය සදාචාරයක් නොදන්නා එවුං ටිකකට දී උඩ බලාගෙන සිටිනවා විය යුතුය. නැති නම් ලයික් සහ වෙබ් අඩවි වල හිට්ස් වැඩි කරගනිමින් තව දුරටත් වෙළඳ දැන්වීම් ප්‍රචාරය මඟින් මුදල් උපයීමම පමණක් අරමුණු කරගනිමින් මෙසේ හැසිරෙනවා විය යුතුය..

Monday, April 13, 2015

බෝඩිමෙන් ගෙදරට ලියුමක් | A Letter To Mom





ගෙදර ලඟින් ඈත් වෙලා
ඔයා ලඟින් දුරස් වෙලා
යාලුවො ගොන්නක් එක්කලා
බෝඩිම දැං ගෙදර වෙලා

Friday, April 11, 2014

හොඳම අවුරුදු තෑග්ග | The New Year Gift

නංගි.. නංගි...

"අපි යනව කජු පුහුලම් ඇහිඳින්න.. ඔයා එන්නෙ නැද්දෝ.."

සුපුරුදු පරිදි සිරි අයියා උදේ පාන්දරම නඩේත් එක්ක ඇවිදින් ..පුරුද්දක් විදියට අවුරුදු කාලෙ උදේම මේ ළමා නඩේ කජුපුහුලම් ඇහිදින්න කජු ලන්දට යන එක පුරුද්දක් කරගෙන තිබුනා.. කලින්දා රෑ වවුල් රංචු හප කරපු කජු පුහුලම් අතරේ හොඳ ගෙඩි හොයාගන්න එච්චර අමාරු උනේ නෑ.. සිලි සිලි මල්ලකට ඒ හප කරපු කජු පුහුලම් එකතු කරන ගමන් බිම වැටිල තිබුනු ඉදිච්ච කජු පුහුලම් ටික කට දෙපැත්තෙ ඉස්ම බේරි බේරි කන්න මේ පොඩි උං රංචුවට පුදුම ආසාවක් තිබුනා..

මේ ලපටින්ගෙ අම්මලත් මේ කජු ලන්දට යන ගමන කොයිම විදියකටවත් විරුද්ධත්වයක් පලකලේ  නැත්තෙ සිලි සිලි මලුවලට දාගෙන ගේන කජු ටික මහන්සියකින් තොරවම ගෙදරටම මේ පොඩි උං ගේන නිසා... අවුරුද්දට කාලෙට පිහෙන රසම රස කජු වෑංජනේට ගමේ කොයි කවුරුත් ආස කලා..

Friday, January 10, 2014

හණු කුරුප! හණුකුරුප!!-ගැමි සමාජය නරක් වීම | Don't Mess With Bad Words (13 +)





සියල්ලටම පෙර පැවසිය යුතු දෙයක් ඇත්තේය.. එනම් මා විසින් මෙය ලියනු ලබන්නේ බ්ලොග් අවකාශයේ පට්ටම් තකාගෙන නොවේය.. මට පට්ටමකින් වැඩක් නැත්තේය. එසේම මට මේවා ලියුවා කියා ලැබෙන පඩි යක්ද නැත්තේය.. එනම් මෙම සටහන ලියනුයේ පඩි තකා ද නොවේය.
. යමෙකු පහුගිය දවසක විනය තකා බ්ලොග් පෝස්ට් දැමිය යුතු යැයි කියූහ.. සමියාද එය පිලිගත් නිසාවෙන්  සම්පූර්න පෝස්ටුවම විනය තකාගෙනම ලියන්නේය..

නමුත් මෙය ළමයින් සදහා සුදුසු නොවන්නේය. එසේම කාන්තා පාර්ශවේ බොහොමයකටද මේවා අඳු කොළය.. ඉදින් මෙවැනි පෝස්ටුවක ඇත්තේ මොනවාදැයි දැනගැනීමට ඉහත ආරම්භයම ඇතිය.. එසේ හෙයින් සමාව වදාරා සමියා විසින් ලියන ලද වෙන පොස්ට් එකක් බලා කියාගෙන යන ලෙස ඒ අයගෙන් සමියා බොහොම කාරුණිකව ඉල්ලන්නේය.. අන්තිමට මේවා කියවා මා සමඟ උරන නොවී මට බණ තලන්න විතරක් එන්න එපා ය. කිමද මම බණ අහන්න අකමැති ය ..

Sunday, January 5, 2014

මල් කැකුලියකට පෙම් කළෙමි | Story of a little bee



සිහිනයක පා පියුම් ඔසවා
සොඳුරු ගමනක් යන එනා
පුංචි මල් කැකුලියක් මා වෙත
හොරෙන් ඉගි බිගි කම් කලා

එදෙස නොබලා යනෙන මොහොතේ
මල් කැකුල මුකුලිත වෙලා
කඳුලු සලමින් මදෙස බලමින්
කුමක්දෝ මට පැවසුවා

 "නොයනු මැන මා මෙලෙස තනිකර
ලොවේ අද මං තනිවෙලා
පාලුවත් කඳුලත් දුකත් අද
නොඅඩුවම මට හිමි වෙලා "


Friday, December 27, 2013

මගේ තිඹිරිගෙය | First Poem ever..

 කලාව කියන දේ මෙන්න  මේකයි කියල කාටවත් නිර්වචනය කරන්න බැරි උනත් කෙනෙක්ගෙ හිතේ ඇතිවෙන සිතිවිල්ලම එක්තරා ආකාරයක  කලාවක් ලෙස හදුන්වන්න පුලුවන් .. කෙනෙක් තවත් දෙයක් දිහා බලන විදියම එක්තරා ආකාරයක කලාවක්.. ගහක් හුලඟට සෙලවීමෙත් මෙන්න මේ කියන්නාවූ කලාව තියනවා..නිහඩ බව තුළ උනත්  අප නොසිතන තරමේ  කලාකාමී බවක් ගැබ්වෙලා තියෙනවා.. නමුත්  සමහරු දන්නෙ නෑ  මේ කලාව කියන දේ තමන් ලඟ තියනවද නැද්ද කියලවත්..  ඒ අය කවදාකවත්  තමංගෙ හැකියාවට කවදාවත් ඉස්මතුවෙන්න නොදී  සිතිවිලි තුළ ඇති කරගන්නවා අනේ මට මේ දේ නම් කොහොමටවත් බෑ කියන සංකල්පය.. ඒ සංකල්පය ඔවුන්ගේ සිතිවිලි අන්ධකරවනවා..  

ඉතින් කවදම හරි ඔබ උත්සහ කරල තියනවද ඒ හිත ඇතුලෙ හදාගෙන ඉන්න සීමාව  කඩා බිදගෙන එය ඉක්මවා යන්න  ? තමන් තුළ තමාට නොහැකියැයි කියල තිබුන සිතිවිල්ලක පවුරු බිදීන්න ?  මම ඒ දේ යම් තරමකින් හො ජයගත්තා මීට ටික කාලෙකට කලින්.. ඒ තමයි මගේ කවියේ තිඹිරිගෙය...

Sunday, December 22, 2013

පළමු මඩ මුරය!!! :D :D | Cyber Mega Beach Party 2013

පොටෝව නිර්මාණය කල සිංහ රජාට මාගේ ප්‍රමණය..

 මේ අවුරුද්දට තුන්වෙනි පාරටත් කට්ටිය සෙට් උනෝය.. කියන්ඩ දේවල් එමටය.. ඒත් මේ දවස් ටිකේ ඔලුව ප්‍රශ්නෙක සෑහෙන්න හිරවෙලාය.. ඒ නිසා ගම්පහ ගෙට්ටුවට තරං වැඩිවේලා අරගෙන ලියන්න  නොහැකිය..  ඊයේ රෑ හිටපු ඈයෝ නං ගෙවල් වලට ගියාදැයි සැක සහිතය.. වැනෙන කුක්කු බිව් ඈයොන්ගේ හොද හොද සෙල්ලම් බලාගන්න කලියෙන් සමියාට ගෙදර එන්නට සිදු උනේය..

කොහොමින් කොහොම හරි මෙවර ගෙට්ටුව අතිසය සාර්තකය... බීච් එකේ  නටල මූදේ නාලා කාල බීලා කට්ටිය මදි නොකියන්න විනෝද උනෝය.. සමියාට පොඩි වගකීමක් තිබූ බැවින් මෙවර වැඩියෙ එක් එක්කෙනා සමඟ කතා බහ කරන්න නම් වෙලාවක් ලැබුනේද නැත .. සමියා ඒ පිලිබදව සමාව අයැද සිටින්නේය.. ඊලඟ පාරක කතා බහ කරන්නට පුලුවන්ය.. ඒ ගැන අහිතක් හිතන්ට එපාය.. අලුත් මූණු ගොඩාක් පැමීන සිටියෝය.. උස් පහත් කම් නම් දකින්න තිබුනේම නැතිය.. සබැවින්ම එය සතුටට කරුණක්ය.. කබ්බෝද ජෙප්පෝද කොටස් වලට නොබෙදී සහයෝගයෙන් විනෝද වූවෝය..