Friday, November 15, 2013

මමී සමඟ මමී බලපු හැටි ( Part - 1 ) - නයිට් රයිඩර්, උම්මා එක සහ ළමා මනස | Knight Rider's hot Kissing :D

  අපෙ ගෙදර පුංචි පවුලක්. මමයි අම්මයි තාත්තයි විතරයි ඉන්නෙ . ඒ කියන්නෙ මම තනියෙක්! එකා යකා කියල ආයෙ අමුතුවෙන් අහන්න දෙයක් නෑනෙ . ගෙදර වෙන ලමයි කවුරුවත් නැති උනාම ආයෙ ඉතින් තත්වය අතිශය ශෝචනීයයි.. අම්මගෙයි තාත්තගෙයි ආදරේ, සෙනෙහස උතුරන්න ලැබෙනව වගේම තමයි අනිත් පැත්තට ගෙදරට හොරෙන් කිසි කුපාඩි වැඩක් තක්කඩි වැඩක් කරන්න බෑ.



ඒ වගේම තමයි මට මතකයි ඒ කාලෙ පොඩි දේනුත් මාව සැහෙන්න පරිස්සම් කරනවා. ඔය ළමා මනස දුශනේ වෙන කිසිම දේකට යොමු වෙන්න දෙන්නෙ නෑ.පොඩි දෙයක් ඇති අපේ අම්මට. කොටින්ම කිව්වොත් ටී වි එකේ ගිය නයිට් රයිඩර්, සුපර් මෑන් වගේ ෆිල්ම් එකක්වත් බලන්න දෙන්නෙ නෑ.

මොනවා? .. ඒ මොකද ඒ ..
ඉදහල්ලකො කියනකං..


Tuesday, September 3, 2013

ලාංකීය ජනතාවගේ සියලු ෆේස් බුක් ගිණුම් අත්හිටුවයි! ! All the facebook accounts of Sri Lanka are restricted

ඒ නුදුරු අනාගතයේ දවසකි.. වේලාව උදෑසන 5 පමණ වන්නට ඇත. අසංක තම පරිගණකය ඉදිරියෙන් ඇති පුටව මත ඈඳි ගත්තේ පරිගනකය පණ ගන්වමිනි. ඔහුගේ  අරමුණ වූයේ තම දෛනික දින චර්යාවේ පළමු කර්තව්‍ය ලෙස නොවරදවාම සිදු කරන මුහුනු පොත හෙවත් ෆේස් බුක්  සමාජ ජාල වෙබ් අඩවිය වෙත  පිවිසීමය.

තම බිරිඳ තවම අවදිව නැති බව ඔහු දනී. ඈ අවදි වූයේ නම් ඔහුට මෙම කර්තව්‍ය සඳහා ඉඩක් නොමැත. මන්ද ඈගේද දින චර්යාවේ පලමු අංගය වන්නේ මේ කර්තව්‍යම බැවිනි.. ඈ අවදි වූ සැනින් පරිගණකය තම අණසකට නතු කර ගන්නීය. එවිට අසංක හට මුහුනු පොත සදහා යාමට සිදුවන්නේ තම ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයෙනි. ඔහුට එය ප්‍රමානවත් වූයේ නැත.. 

එහෙයින් කලක සිටම ඔහු බිරිඳට පලමු අවදිව පරිගනකය වෙත  යන්නට පුරුදුව සිටියි. බිරිද අවදි වීමට තව පැයක් පමණ ඇත. උදෑසන් ආහාරය පිටතින් ගන්නා බැවින් ආහාර පිසීම ගැන වද විමට උවමනාවක් නැත. එසේ හෙයින් තවත් පැයක පමණ කාලයක්  නිදහසේ මුහුනුපොතේ ආශ්වාදය විඳ ගැනීම ඔහුගේ අරමුන විය..

 පණ ගැන්වූ පරිගණකය ඔස්සේ අන්තර්ජාලය වෙත පිවිසුනු ඔහු තමාගේ මූනුපුස්තක අඩවිය වෙත යාම සඳහා සුපුරුදු පරිදි තම ඊමේල් ලිපිනයත් මුර පදයත් සටහන්  කරයි..

රතු පාටට හුරු  පසු බිමක වෙනදා නොදකින කලු පැහැති අකුරින් යමක් එහි සටහන් වී තිබණද  ඔහු එය නොතැකුවේ තමන් අතින් මුරපදය ඇතුලත් කිරීමේදී කලාතුරකින් සිදුවන අත්වැඅරදීමක් නිසාවෙන් යැයි ඔහුට හැඟුනු නිසාය.. හැඟීමකින් තොරව ඔහු තමංගේ මුර පදය නැවතත් ඇතුලත් කරන්නේ යළිත් මූනු පුස්තක ගිණුම වෙත යාමේ අටියෙනි


Friday, August 30, 2013

පියෙක් වෙන්නට මත්තෙන්.. | The Dream of a Father




සිනිඳු සමනල් සුදු පියාපත් දෑත් මුව පොඩි සිඹ රකින්නයි
රෝස දෙකොපුල් , පුංචි දෑඟිලි තුරුලු කරමින් සතපවන්නයි
ආදරේ යන අකුරු හතරට පිය සෙනෙහෙ තව එක්කරන්නයි
ජීවිතේ මිය යන තුරාවට නුඹම වෙනුවෙන් දිවි රකින්නයි




පුංචි දිදුලන දෑස් විදහා ලොව දිහා බලමින් සිනාසෙන
පියෙන් පියවර පා තබා ජීවිතේ වෙත පා පියුම් ඔසවන
ස්නේහයේ කිරි මූද කලඹා ආදරේ නුඹ ලොව දිනාදෙන
දවස යම් දින උදා වනු ඇත නුඹ නිසා තුටු කඳුළු නැංවෙන


මෙලෝ වසනා සියලු දෙව් බඹ අසිරි මල් දම් වස්සවන දා
ලෝ සතුන් නෑ දෑ සියල්ලන් නුඹ දෙස බලාගෙන සතුටු වන දා
මගේ පොඩි පුතු පියෙන් පිය නැග ජීවිතේ ඉම ජය ලබන දා
මගේ නෙත් දෙක පිය වුනාදෙන් සත්තමයි ඒ දිනේ මතු දා




-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------




පසු සටහන

සමහර වෙලාවට හිතට දැනෙන්නෙ මහ පුදුමාකාර හැඟීම්.. තාත්තෙක් ගෙ ගැඟීම් කෝමද මේ ඉ‍යෙ පෙරේද ඉස්කෝලෙ ගිහින් ඉවර උනු අවුරුදු 21ක කොල්ලෙක්ට දැනෙන්නෙ..දෙයියො තමයි දන්නෙ.
හිතට ආපු සිතිවිල්ලක්.. ඒත් නිමිත්ත හිත ඇතුලෙ ඇති උනු ආදරයක්..

අපේ නැන්දා ඉස්පිරිතාලෙ ඇඩ්මිට් උනා ඊයෙ පෙරේදා පොඩ්ඩක් අසනීප වෙලා. නැවතුනේ ගම්පහ ඉස්පිරිතාලෙ 16 වාට්ටුවෙ .  ඒ වාට්ටුවට යනකොට පහු කරගෙන යන්නෙ අලුත උපන් පුංචි මල් කැකුලු ඉන්න වාට්ටුව. උං දිහා බලාන හිටපු මට උං ගැන පුදුම ආදරයක් දැනුනෙ. සමහර විට ගෙදර එකම ලමය මං උන හින්ද වෙන්න ඇති. මොකද මං පුන්චි කාලෙ කිසිම නංගියෙක් මල්ලියෙක් මට හිටියෙ නෑ. ඒ නිසාම වෙන්නැති මට  පොඩි උං ගැන  මෙච්චර ආදරේ හිතෙන්නෙ.. පොඩි කාලෙ නං පොඩ්ඩක්වත් ආස නෑ පොඩි උංට.. ඒත් දැං නං ඒම නෑ.

ඉතින් මං හිතෙන් තාත්ත කෙනෙක් උනා .. ඒ සිතිවිලි තමයි අර විදියට කවි වලට පෙරලුනේ.
තව ජීවිතේ සහෙන දුර යන්න තියනවා.. ඒත් මේ සිතිවිල්ල මොකද මට ඇති උනේ කියන එක නම් මට තාම  තේරෙන්නෑ.. මූනු පොතේ දාපු මේ කවි පන්තියට සෑහෙන ඉහල ප්‍රතිචාර ලැබුනු නිසා මං මේක මෙතන දාන්න හිතුනා..

මේ පසු සටහන සමහර විට කවියෙ රසය නැති කලා වෙන්නත් පුලුවන්.  නිකම්ම කවි ටික විතරක් දැම්මනං ඇති කියලත් හිතුනා. ආයෙ කාටත් මේ කවි පන්තිය නිර්මාණය වෙන්න  පාදක උනු සිතිවිල්ලට හේතු උනු නිමිත්ත දැනගන්නත් එක්ක මේ සටහනත් එක්කලා

මීට කලින් අම්මෙක්ගෙ ආදරය ගැන කියවෙන මගේ අම්මා මට කියපු අම්මා ගැන තියන විරිදු පන්තියත් බලල එන්න කැමති අය





Wednesday, August 28, 2013

පලවෙනි තෑගි ප්‍රශ්නෙට පිලිතුර මෙන්න! |

මීට දවස් කීපෙක කලින් පොඩි ප්‍රශ්නයක් ඇහුවනේ මං..  උත්තර දුන්න අය හරි උත්තරේ මොකක්ද කියලා දැනගන්න බලං ඉන්නවා කියලා දැනුනු නිසා තෑගි ප්‍රශ්නෙට පස්සෙ දාන්න හිතාගෙන හිටපු පෝස්ට් එක පැත්තකට දාල හරි උත්තරේ කියල හිටින්න හිතුනා,..

ප්‍රශ්නෙ මොකක්ද කියල මෙන්න මෙතැන ඔබල බලලම එන්නකෝ... ඒ පෝස්ට් එක දැක්කෙ නැති කවුරු හරි ඉන්නවනම් ඒ ලින්ක් එක හරහා ඒ පෝස්ට් එකට ගිහින් ප්‍රශ්නෙ කියවලා හරි උත්තරේ හොයාගෙන ආයෙ මේ පැත්තට එන්නකෝ තමන් හරි උත්තරේ හොයාගත්තද කියලා බලන්නත් එක්ක..
.
.
.

රයිටෝ,, ඔන්න එහෙනම් පලවෙනි ප්‍රශ්නෙට උත්තරේ හොයන විදිය තමයි මේ කියල දෙන්න යන්නෙ..

මේ ප්‍රශ්නෙදි සමචතුරස්‍ර කීයක් තියනවද කියල ගොඩාක් අය හොයාගෙන තිබුනා.. නමුත් කීප දෙනෙක්ට සමචතුරස්‍ර ගණන නිවැරදිවම කියන්න බැරිවෙලා තියනවා.. අර සමචතුරස්‍ර ගණන නිවැරදිව හොයාගත්ත අයගෙනුත් බහුතරේකට සෘජුකෝණාස්‍ර ගනන නිවැරදිව කියන්න බැරි වෙලා.. දැං අපි මේ ගැටලුව හිමීට ලිහමු..

සමචතුරස්‍ර ගණන සොයන ආකාරය..

Tuesday, August 20, 2013

තෑගි ප්‍රස්න පටාං ගත්තා | I.Q Test No 1

මාස 6යි දවස් 23කින් ආව බ්ලොග් එක පැත්තේ.. හප්පා මේකෙ තිබුන මකුලු දැල් කන්දරාව .. මකුලු දැල් කඩල සුද්ද පවිත්‍ර කරගෙන අලුත් කීබෝඩ් එකෙන් (මගෙම මගෙම මගේම කීබෝඩ් එකෙන්) හා හා පුරා කියලා දාන මංගල පෝස්ට් එක තමයි මේ ... :D

පහු ගිය දොහේ .. ඔව් මේ ඊයෙ පෙරේදා තිබ්බනේ අපේ සයිබර් සිහින උළෙල.. ඊයෙ පෙරේදා කිව්වෙ මේ  මීට මාස 3කට විතර කලින්.. ඔන්න ඉතින් ගම්පහ තිබුන ගෙට්ටුවෙන් පන්නරය අරං හිටපු සමියත් ගියා ඉතින් පොඩ්ඩක් ඔලුව දාල බලල එන්න. කට්ටියට මතක ඇතිනේ.. බ්ලොග් එක පැත්ත පලාතෙ නාවට මොකද, මේ සමියා ඒවගේ දේවල් නං මිස් කරගන්නෙ නෑ  විභාගෙ නෙමේ වෙන මොන කෙහෙම්මල තිබුනත්..

දැං ඉතින් මං මේ සයිබර් සිහින උළෙලෙ උනුදේවල්, රසකතා ,පැණිකතා, වලි කතා:P මෙතන ආපහු දිග අරින්න යන්නෙ නෑ.. මොකෝ  ඒකට ගියපු හැමෝම ඉතින් ඒක ගැනම කියල කියල කියල, සහභාගි උන  අයට විතරක් නෙමේ සයිබර් උළෙලෙට ආවෙ  නැති අයටත් ආයෙ සයිබර් සිහින උලෙලක් පැත්ත පලාතෙ යන්ඩ හිතෙන්නෙ නැති තරමට අප්පිරිය කලානෙ . අනික මට ඒකෙ උනු කිසි දෙයක් දැං මතකත් නෑ .. මට මතකයි මං අපේ මාරයියා එක්ක එකතු වෙලා බනිස් ගෙඩියක් බිම පෙරලි පෙරලි කෑව කියලයි බෙල්ල කඩාගෙන නැටුවයි කියලයි විතරයි.. :D එතනින් එහාට  ඔනය කට්ටියට හිටගෙන චූ බර හැදෙනගානට හිනැස්සුවයි කියලත් ලාවට වගේ මතකයි

Tuesday, January 29, 2013

ගම්පහ ගෙට්ටුව 2013 (ඔක්කොම ගැන පුලුවන් විදියට) | Annual Get Together Of Bloggers



ඊයේ 27 ය. ඔක්කොම සෙට් උනේය.. ඔක්කොම කිව්වට ඔක්කොමත් නෙමේය.. පෝරමය පිරෙව්ව උංගෙනුත් කීපදෙනක් නාවේය. ආව අය ජීවිතේ සදාතනික මතක සටහන් හදවතේ කොටාගෙන  සතුටින් විසිර ගියෝය..

ඔක්කොම සෙට්වූනූ ගෙට්ටුවේ ඔක්කොම සෙට් එක
(චායාරූපය -  මූනු පොතේ සිරා අයියාගේ පොටෝ ඇල්බමයෙනි..)
සමියා උදේ පාන්දර නැගිටගත්තේ උදෑසන 8 වෙද්දී මල්වත්තට යාමටය.. ඒ ඊට පෙරදින සිරා විසින් දුරකතනයෙන් අමතා සමියාට භාරදූර රාජකාරියක් පවරා තිබූ නිසාය...සමියා ගම්පහට පැමිනෙන විටත්  8 පසු වී තිබුනෙන් පරක්කු වී ඇතැයි සිතා ආටා එකක පිහිට පැතුවේය... ආටා එකෙන් මල්වත්තේ ගේට්ටුවට ලඟට සමියා සම්ප්‍රාප්තවූවේය..

අම්මට සිරි ය... කට්ටිය සූ සූ ගාලාය.. ගොඩක් උං අතිනුත් අල්ලගෙනය. සමියා ෆුල්  හොල්මංය.. සමියා සිතුවේ ඒ ඔක්කොම ගේට්ටුවට පැමිනි උං කියාය.. හනි හනික ආටා එකෙන් පැනගත් සමියා සිරාව සොයාගෙන මල්වත්තේ ගේට්වුව දිහාට දිව්වේය..

මඟුලය..සිරා ඒ වන විටත් පැමින  නැත්තේය.. තවත් ටික වේලාවකින් මල් වත්තේ ගේට්ටුව ඇරුනේය.  සූ සූ කට්ටිය සිරාත් නොමැතිව ටිකට් අරං මල් වත්තට ඇතුල් උනේය. සමියා තවත් හොල්මංය. බැලින් නම් ඒ මල් වත්තේ මල් සුවඳ විඳගන්නට ආ වන බඹරුන්ය..  අහෝ බලු බල්ලෙක් නැත්තේය. බල්ලෙක් නැති උනාට එකම එක කොල්ලෙක් සිටියේය..

Wednesday, January 23, 2013

අනේ ඉතිං මට උනු ඒ වියෝයා | Good Bye My Sweetu Keyboard :(

එහෙනම් ගුරුන්නන්න්සේ.....
ආයුබොවං..

රටටම සෙත් සාන්තියක් වෙන්න කියල ප්‍රාර්තනා කරල
එහෙනං

බ්ලොග් අවකාසෙ හිත මිත්‍රාදීන්ට , ආතුරයන්ට සෙත් ප්‍රාර්තනා කරලා
අන්න හරී

සමියගෙ පුංචි ලෝකෙටත් සෙතක් සාන්තියක් වෙන්නයි කියල හිතලා
වෙන්නයි කියල හිතලා.....

අවුරුද්දෙ ඉස්සිස්සෙල්ලාම බ්ලොග් අඩව්ව අල්ලන්නයි යන්නෙ ඕං
හොදයි ඒනං ආවඩා අයුබො වේවා

ඩෙන්න ඩෙනා නා ඩෙන ඩෙන ඩෙන්න ඩෙනෝ
ඔන්න සමිය වැඩ ඇල්ලුව මෙන්න යකෝ