Wednesday, October 7, 2015

Hiru TV , හිරු FM සහ ෂා FM අන්තර්ජාලය තුළින් ගෙනියන ජඩ මාධ්‍ය කලාව.










වගකිව යුතු මාධ්‍ය ලෙස බෝඩ් එල්ලාගෙන සිටින මෙම මාධ්‍ය රූපවාහිනී තිරයේ සහ ගුවන් විදුලි මාධ්‍යයේදී  ලෝකෙට පෙනෙන්නට මාධ්‍ය සදාචාරයක් හා සංවරශීලීත්වයක් සහිතව ප්‍රවෘත්ති සහ අනිකුත් වැඩසටහන්  ඉදිරිපත් කරනවා සේ පෙනුනත් ඔවුන්ගේ අන්තර්ජාලය තුල මාධ්‍ය භාවිතය තුක් නොදෝමකින්ය...

අන්තර්ජාලය තුළ ඔවුන්ගේ වෙබ් අඩවි සහ එම ගොසිප් අඩවි වලට අදාලව මූනුපොත තුළ සරණ ඔවුන්ගේ සබඳියන් දුටු පමණින්ම ඒ බව මොනවට පැහැදිලි වේ... එක්කො මේ මා‍ධ්‍යය ජාලය තමන්ගේ අන්තර්ජාල භාවිතය සහ අන්තර්ජාල හැසිරීම කිසිදු මාධ්‍ය සදාචාරයක් නොදන්නා එවුං ටිකකට දී උඩ බලාගෙන සිටිනවා විය යුතුය. නැති නම් ලයික් සහ වෙබ් අඩවි වල හිට්ස් වැඩි කරගනිමින් තව දුරටත් වෙළඳ දැන්වීම් ප්‍රචාරය මඟින් මුදල් උපයීමම පමණක් අරමුණු කරගනිමින් මෙසේ හැසිරෙනවා විය යුතුය..


හිරු මාධ්‍ය ජාලය පමණක් නොව දවස තිස්සෙම බණ කියන අනුන්ගේ වැරදි පෙන්වන නෙත් එෆ් එම් රේඩියෝවද මෙම ජඩ මාධ්‍යකලාවට අවතීරණ වී සිටීම  අතිශය පිලිකුල් සහගතය... එතනින් නොවැතී දිනපතා සතිපතා පුවත්වත්වලටත් අනිකුත් රූපවාහිනී සහ ගුවන් විදුලි මාධ්‍ය වලටත් මේ ලෙඩේ බෝ වෙමින් තිබේ.. මේවායේ වෙබ් අඩවි මෙහෙයවන කාලකන්නි කිසිම මාධ්‍ය සදාචාරයකින් තොරව කුණු රසය හොයන මිනිස්සුන්ට කුණුරසය බෙදමින් සිටී...

එවන් වගකිව යුතු මාධ්‍යයැයි කියාගන්නා මේ මාධ්‍ය ඔස්සේ ගෙන ආ ඒ අග්‍රගණ්‍යවූත් විශිෂ්ටවූත් කුතුහලය දනවන්නාවූත් වගකීමකින් යුතු  පුවත් කීපයක් ඔබගේ ලාම්පු සංවේගය උදෙසාම මෙසේ පළ කරමි..


screen shot no1
කාගෙවත් පවුල් ආරවුලක් අන්තර්ජාලයට මුදා හැරි පමණින් කිසිවක් සොයා නොබලා
තමන්ගෙ  වෙබ් සයිට් වලට දාල පස්සෙ නිවුස් වලින් රට වටේටම කියල
කුජීත වුනාට පස්සෙ ශේප් එකේ ඇත්ත හෙලි කරනව නිකන් තමන් නෙමේ
මේ වීඩියෝ එකට මෙච්චර ප්‍රසිද්දිය දුන්නෙ කියල හිතාගෙනම ...




screen shot no2
ඔව් ඉතින් ඉස්කෝලෙ යන කෙල්ලන්ගෙ හොර වැඩ ඒ කොල්ලො වීඩියෝ 
කරන්න ඇත්තෙ මේ වගේ අම්බරු මාධ්‍ය වලින් ලෝකෙටම පෙන්නන්න වෙන්ඩැතිනේ ? :3




screen shot no3
නදීශා ඉන්දියාවෙ ගිය එක නං කමක් නෑ කියමුකො..
. ඒත් ඒක කියන්න මේ වගේ පොටෝම දාන්න ඕනිද
අප්පා මේ වගකිව යුතු මාධ්‍යයට 
:D
මොන ඉන්දියාවටද දන්නෑ ගියෙ :3


screes shot no 4
ශර්ට් එකක් නැතුව කැමරාව ඉස්සරහ කියල දාපුවාම ම‍ හිතුවෙ
සින්දුවක් කියන එකත් දැන් නිල් චිත්‍රපටියක් ගහනව වගේ වැඩක්ද කියල 


screen shot no 5
ඔව් ඔව් ඉතින් ඒ නිරුවත මාකට් කලාම හිට්ස් ගොඩාක් එයි නේ? :3

screen shot no 6
වීඩියෝ කියල දාපුවාම නාකි සුද්දගෙ හෙලුව බලන්න කෙල්ලො  පෝලිමේ එයි නේ ? :D 

screenshot no 7
බුඩිස්ට් චැනල් එක are you සිරාවටම ? :3

screen shot no 8
මෙව්වනේ යකෝ වැදගත්ම නිවුස් ... සෑහෙන්ඩ මහන්සි වෙන්ඩැති හොයාගන්ඩ :3



screen shot  no 9
වීඩියෝත් තියෙන හින්දා ෂා එෆ් එම් එකට ෂා කියල හිතෙන්නැති :D

එම කෝලම  එතනින් අවසානයි.. නැවතත් මාතෘකාවට

කෙසේ නමුත්

අහවල් නිලියගේ තුන්වෙනි සැමියාගේ ආච්චී අල්ලපු ගෙදර සීයා එක්ක පැනල යන හැටි දැන ගැනීමට මෙවන් "වගකිවයුතු" මාධ්‍ය අවශ්‍ය නැත

වරදකට සැක පිට අල්ලගත්ත බාලවයස්කාරයෙකුගේ ලැප් එකේ තිබු දේ මුලු ලෝකෙටම උගෙ නම් ගම් සහ රූප සහිතව ලෝකෙටම කියා සමාජය තුළ අසරණ කර දැමීමට මෙවන් "වගකිවයුතු" මාධ්‍ය අවශ්‍ය නැත

සනීගේ ඊලග නිල් චිත්‍රපටිය ගැන විස්තර දැන ගැනීමට මෙවන් "වගකිවයුතු" මාධ්‍ය අවශ්‍ය නැත

එක එකාලාගේ එක එකීලාගේ කෙහෙවලු පටලගැනීම ලංකාවෙ හැම එකාටම දැනගැනීමට සැලැස්වීමට  මෙවන් "වගකිවයුතු" මාධ්‍ය අවශ්‍ය නැත

මොකෙක් හරි එකෙක් කුණුහරුපයක් සහිත වාක්‍යක් කිව්වොත් ඒකා කියපු දේ නොව කුණුහරුපය පමනක් උලුප්පා දැක්වීමට මෙවන් "වගකිවයුතු" මාධ්‍ය අවශ්‍ය නැත

අහවල් නිලිය අහවල් පාටියට ගිය හැටි මෙන්න යැයි කියා ඒකිගේ අස්සෙන් පේන නිරුවත සමාජයට පෙන්නීමට මෙවන් "වගකිවයුතු" මාධ්‍ය අවශ්‍ය නැත


කූඩු මුදලාලිලා ගැන, දේශපාලන හයිය අතට ගෙන කරන අපරාධ ගැන කෙල බිඳක් නොහලා සිටිමින් අල්ලපුගෙදර මිනිහා මේ ගෙදරට ඇවිත් හොර පොල් කඩපු හැටි උගෙ මූනත්තහඩුවත් එක්කම මුලු ලංකාවට පෙන්නමින් මහා අපරාධකාරයෙක් ලෙස හංවඩු ගැසීමට මෙවන් "වගකිවයුතු" මාධ්‍ය අවශ්‍ය නැත


එවන් වගකිව යුතු මාධ්‍යකලාවක් නොදන්නා මෙවන් ජඩ මාධ්‍යායතන වලට අපට කියන්නට ඇත්තේ ඔය මාද්‍ය සදාචාරය දීපන් බල්ලෙකුට  කියා පමණි



ප ලි -
 මෙම පෝස්ට් එක තුලින් කිසිම වෙලාවක බම්බුවෙ සභ්‍යත්වයක් හෝ සංස්කෘතිය විනාශ වීමක් ගැනවත් මවිසින් සඳහන් කර නොමැත... තවද අසැබි දෑ නරඹන්නන් හෝ ඒවාට ඇලුම් කරන්නන් තබා කුණු රසයට ආශා කරන කුණු හොයන්නා වූ පුද්ගලයන්වවත්  විවේචනය කර නැත. හුදෙක් මෙම සටහන  මගින් පෙන්නුම් කර ඇත්තේ අන්තර්ජාලය  තුළ මාධ්‍යකලාවට වගකියන මාධ්‍යන්  හැසිරෙන විකාර රූපී ස්වභාවය පමණි...‍

කෙසේ වෙතත් මීට අමතරව මේ මාධ්‍ය ඇතුළු අනිකුත් මාධ්‍ය රූපවාහිනිය තුළ සිදුකරන ප්‍රවෘත්ති සහ අනිකුත් වැඩ සටහන් ගැනද විවේචනයක් මෙම සටහන තුළ සිදු කර නොමැත... ඒවා වෙනම සහ දීර්ග වශයෙන් සාකච්චා කල යුතු මාතෘකා වන අතර හැම කිල්ලෝටයකම අඩුවැඩි වශයෙන් හුණු ටික ටික හෝ තියන බවද මතක් කරමි.. ස්තූතියි...


44 comments:

  1. :O හම්මෝ ඕවා බලන්ටත් වෙලාවක් තියෙන අයත් ඉන්නවද?

    ReplyDelete
  2. පොහ්ඃ සමියො උඹව දැක්ක කල් !

    මොන මාද්‍ය සදාචාරයක්ද බං, උන්ට එහෙම ඒව අදාල නෑ, මාද්‍ය මුදලාලිල ටික දෙනෙක් බිස්නොස් එකක් රන් කරනව, එච්චරයි !

    ඔව්ව ඔහොම තමයි බං. දැන් (උඹ නොකිව්වත්) ටීවීවල පෙන්නන නිව්ස්වල තත්ත්වෙ බලපං, ඉරිදා පත්තරයක් දිගෑරල බලපං. නොතියෙන්න ඕන හැම දෙයක්ම තියෙනව. ඒවත් බලන මිනිස්සු ඉන්න නිසා වෙන්න ඇති උන් ඕවම දිගින් දිගටම දාන්නෙ. ඔය නිව්ස් සයිට් වගේ එව්ව නම් ගොඩක් ඒව කොහොමටත් නිකන් ‍ගොසිප් තමා දාන්නෙ. ළිඳ ළඟ සංගමේ වගේ. දැන් ළිං ඇත්තෙත් නෑ, ළඳට වතුර ගේන්න යන ගෑනු ඇත්තෙත් නෑ. ඉතින් ගෙවල්වල පුටු උඩ ඉඳගෙනම ඒ වැඩේ ජාත්‍යන්තර මට්ටමින් ඉටුකරගන්න පුළුවන්. සමාජ අවශ්‍යතාවය. :) ඒ කාලෙ වගේ නෙවි, ළිං ළඟට ගිහිං කතාවට සෙට් වෙන්න බැරි උනු පිරිමින්ටත් දැන් ඕන නම් අවස්ථාව තියෙනව.

    ReplyDelete
    Replies
    1. DDT අයිය මං හිතන්නෙ මේ පැත්තෙ ආවෙ අවුරිදු එකමාරකින් විතර 😁

      රූපවාහිනී තිරයෙ කරන ගොං වැඩ ගැන සිරාවටම වෙනමම පෝස්ට් එකක් ලියන්න ඕනි. එක වෙලාවකට මීට හපන් ඒව...

      Delete
  3. සමියට මේ පාරනම් සිරාවටම මල පැනලා. අදකාලෙ තියෙන්නෙ මස් කඩවල ආකෘතියට හදපු මාධ්‍ය කඩ.

    ReplyDelete
    Replies
    1. බැනල ලියපු පලවෙනි පෝස්ට් එක. බලන් ඉන්ඩ බැරි තරම් කුජීත හින්දම ලියල දැම්මෙ :/

      Delete
  4. මීඩියා දාමුකො බල්ලට. බොලාට මේක මතක් වෙච්ච එකම මදෑ.

    ReplyDelete
    Replies
    1. මේකත් ෆේස්බුක් පෝස්ට් එකක්. පස්සෙ හිතුනා පොටෝ ටිකත් එක්කම බ්ලොගේ එල්ලනව කියල 😀

      Delete
  5. එකගයි. මේකේ ඉවරයක් තියෙන්න ඕනේ

    ReplyDelete
  6. මමනං පුද්ගලිකව හිරු නාලිකා ද්විත්වයට කැමතියි.එයාලා නිව්ස්වල අනෙක් නාලිකාවලට සාපෙක්ශව සදාචරයකින් යුතුව නුව්ස් දානවා.අවුල තියෙන්නෙ හිරු ගොසිප් සයිය් එකේ විතරයි.හිරු නිව්ස් වෙබ් සයිට් එකෙත් අවුලක් නෑ.ඒත් ඉතින් "ගොසිප්" කියන නමෙන්ම තෙරෙනවනෙ වල් පල් කියන එක.ඒකට ඒ වගේ ඒවා දාන්නෙ නැතිව අහවල් එකක් දාන්නද?අනිත් කාරනේ ඕවා බලන කුණු රහ හොයන අයගෙ ගොඩට ඔබත්,මමත් ඇතුලත් කියන එක.

    ReplyDelete
    Replies
    1. හිරු නාළිකාවෙ මමත් රසිකයෙක්... නමුත් එම නාළිකා රූපවාහිනී මාද්‍ය තුළ රගදක්වන භූමිකාවට හාත්පසම වෙනස් රංගනයක් අන්තර්ජාලය තුළ රග දැක්වීමට මම නම් එකග නෑ.. ගොසිප් කියන්නෙ අර උඩ දාල තියන විදියෙ පෝස්ට් නම් ඒවගේ ඒව මෙවන් මාද්‍ය විසින් මෙලෙස ප්‍රසිද්දියට පත් කළ යුතුවන්නේ නෑ...

      කුණුරසයට කැමති කොයි කාටත් අන්තර්ජාලය තුල ඒවා දැක බලා ගැනීමට වෙනත් උවමනා තරම් වෙබ් අඩවි තියනවා.. නමුත් ඒවා වගකිවයුතු මාද්‍ය නෙමේ.. අන්න එතනයි වෙනස... සාමන්‍යෙන් වෙනත් ගොසිප් සයිට් එකක කරන දේ කරනවනම් මෙවන් මාද්‍ය තව දුරටත් සදාචාරාත්මක මාද්‍ය නෙමේ. ඒව කුණු මාද්‍ය..

      Delete
    2. //කුණුරසයට කැමති කොයි කාටත් අන්තර්ජාලය තුල ඒවා දැක බලා ගැනීමට වෙනත් උවමනා තරම් වෙබ් අඩවි තියනවා//දැනුයි කියපු දේ හරියට තේරුනේ.නමුත් අවුල තමයි හිරු එකෙන් තමයි අනිත් සයිට් කොපි කරන්නෙ.එහෙම කියන්න හේතුව දන්න නිව්ස් වෙබ් වල වැඩකරන අය කියල තියෙන විදිහට හිරු තමයි ලංකාවේ අංක 1.(ට්‍රැෆික්)

      Delete
    3. පටං ගත්තෙ ගොසිප් ලංකා ගොසිප් නයින් වගේ වෙබ් අඩවි. ඔවුන් බිහි කල කලාව හිරු එකෙන් ඉස්සරහට අරගෙන ගියා.. රූපවාහිනී මාද්‍යක් නිසාත් ඒ වෙබ් අඩවි පවත්වාගෙන යාමට පුද්ගලයන් ඔනෑ තරම් යෙදවිය හැකි නිසාත් ඔවුන් හිට්ස් ලබා ගැනීමෙන් අංක එක වීමේ පුදුමයක් නෑ.. නමුත් අන්තර්ගතය ගැනයි තියන ප්‍රශ්නය...

      තව විශේශ දෙයක් තියනවා හිරු සයිට් ඇවිත් තාමත් අවුරුදු දෙකක්වත් නෑ... නමුත් ඊට කලින් ගොසිප් කියන දේ අන්තර්ජාලය තුළ තිබුනා.. ඒවත් මේ ආකාරයෙම උනත් ඔවුන්ගේ ඒ ගොසිප් නිවුස් වලට අනවශ්‍ය විදියෙ ප්‍රසිද්දියක් ලැබුනෙ නැත්තෙ රූපවාහිනිය මගින් ඒ ගොසිප් ; ගොසිප් කියන තැනම තබපු නිසා.. ඒත් මේ ගොසිප්, ලංකාව තුල මහා ප්‍රවෘත්ති බවට පත් වෙනවා මෙවන් මාද්‍ය විසින් මේ දේ කිරීමට උත්සාහ ගන්න නිසා... ඒකෙන් වෙන අනිසි ප්‍රතිපල පහු ගිය කාලෙ අපිම දක්කනේ...


      Delete
    4. ඒක එහෙමද උනේ..දැනං හිටියෙ නෑ ඇත්තට ඒ ගැන.එකගයි ඔයාට...ස්තූතියි.

      Delete
  7. සමී................ කොහොමත් පහුගිය ටිකේ දැක්කානේ මාධ්‍ය නටන නාඩගම් වල තරම... රටේ තියෙන මොනම හරි කුණුගොඩක් විකුණගෙන කන මුන් ගැන මිනිස්සු දැන ගත යුතුයි.. අපි පාර්ලිමේන්තුවට යන කෙනා තෝරන විදිහ ගැන කතා කරා වගේම අපි බැලිය යුතු සහ නොබැලිය යුතු මාධ්‍ය ගැනත් මේ විදිහට ම සමාජය තුළ කතිකාවක් අැති විය යුතුයි.......

    ReplyDelete
    Replies
    1. විශේශම දේ මේ අඩවි වල ෆේස් බුක් තුළ සරන සමහර සබැදිවලට මිනිස්සු හැමෝම එකතුවෙලා පලු යන්න බැන්නත් ඒ අඩුපාඩු හදාගන්න ඕනිකමක් මේ මාද්‍ය වලට නෑ..

      Delete
  8. මිඩියා වල වගකීම කියල සරලව හඳුන්වන්නේ, රටක ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයට උපකාරී කිරීම සහ රටක ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමය ශක්තිමත් කිරීමට අවශ්‍ය සහය ලබාදීම.

    මේ හැම මාධ්‍ය ආයතනයක්ම තමතමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය බුක්ති විඳිනවා මිසක් ( ඇත්තටම මට හිතෙන්නේ නම් එහෙම අයිතියක් නෑ කියල ) මහජනතාවගේ අයිතීන් වලට නම් තැනක් දෙන්නේ නැහැ.

    මිනිස්සුන්ට පෞද්ගලිකත්වයක් තියනවද කියන එකත් දැන් ප්‍රශ්නයක්.තනිකරම ඔය කියන ආයතනත් නිකන් අර බුකියේ ලයික් හිඟා කන බෙස්ට් ලයිකර්සලා වගේ. මොනාමහරි දහජරාවක් හින්ද රේටින්ග්ස් වැඩි වෙනවනම් එයාලට ඕනි එච්චරයි.

    තව එකක්! මේ මිඩියා වලටම බැනලත් මදි. අපේ රටේ ඉන්න ඔය සෝෂල් මිඩියා පාවිච්චි කරන අයියල අක්කල, නංගිලා, මල්ලිලා ,ළමයි සුජිලා, චාමරලා ඔක්කොමත් නිසි විදියට මාධ්‍ය භාවිතා කරන හැටි ඉගෙනගන්න එක අත්‍යාවශ්‍යයි. එතකන් අපිට හැමදාම මේ දේවල් අහන්න ලැබේවි.

    බ්ලොග් එක දිහා බලලා තියෙන්නේ හොඳම වෙලාවක ඈ :)

    ReplyDelete
    Replies
    1. අපි හැමෝම මේ දේ දැඩිව ප්‍රතික්ශේප කලොත් ලංකාවෙ මාද්‍ය කලාව යම් තරමකින් හෝ යහමගට ගන්න පුලුවන් කියල විශ්වාසයක් තියනවා. නමුත් ඒකට තනි තනිව නෙමේ සමාජයම එකතුවෙලා කතිකාවතක් ගොඩ නගන්න ඕනි.

      Delete
  9. අෆ්ෆටසිරි මෙන්න ආපහු ලියලා.. මේක හරියට අර හනුකුරුප පාට් 2 එක වගේ..

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. :-D ඒවගෙයි මේවගෙයි කිසි වෙනසක් නෑ දැන්

      Delete
  10. ගොසිප් නම් එහෙමයි කියමු. මේ ජාතික පුවත්පත් කියන ඒවෑ දාන ඒවා බලාපං. ඒවා කියෙව්වාම හිතෙන්නේ මුලු ලංකාවම කුඩ්ඩංගෙන්, කුපාඩිංගෙන්, ස්ත්‍රී දූෂකයන්ගෙන්, බේබද්දන්ගෙන් විතරක් පිරිච්ච උන්මත්තකාගාරයක් කියලා.

    ReplyDelete
    Replies
    1. පත්තර වල නං දැන් ඉසිදෙයක් බලන්න නෑ.. ඉස්සර පත්තරයක් ගත්තාම කොච්චර කියවන්න දේවල් තිබුනද ? දැන් වල් පල් විතරයි

      Delete
  11. එල එල පට්ට පට්ට හිකිස් හුකුස් ජිල් තක බුං හියැහ් පුහ්

    ReplyDelete
  12. මට FB එක එපාම වුනා මේ අඩවි නිසා.ලොග් වෙනකොටම තියෙන්නේ මේ වගේ ඒවමයි.මේවා කිසි වැදගම්මක් නැති ඒවා කියලා දැන දැනත් මහලොකු නිවුස් වගේ දානවා.

    ඔන්න මේවගේ ඉස්සරහට එන නිවුස්

    බත්කාලා අත හෝදන විදිය-වීඩියෝ සහිතයි
    පුංචි එකා චූ දාපු විදිය-වීඩියෝ සහිතයි
    ලස්සන නංගියෙකුට ඈනුමක් ගිය විදිය-වීඩියෝ සහිතයි
    අබරන් මාමා වැසිකිලියට ගිය හැටි-වීඩියෝ සහිතයි
    සේදර මාමා පොල් කඩපු හැටි-වීඩියෝ සහිතයි

    ReplyDelete
    Replies
    1. හැටි කියල නතර වෙන්නෙ නෑ.." හැටි මෙන්න " කියල පෙන්නන්නෙ... :-D

      Delete
  13. මාධ්‍ය සදාචාරය කන්ඩද බං?

    ReplyDelete
    Replies
    1. ඉතිහාසයත් කන්ඩද ඇහුවලු :3

      Delete
  14. හිරු එකේ තියන අනන්‍යතාව තමයි සියල්ලම බොරු වීම .මුන් කුනු රහ අවුස්සන එක යි කරන්නෙ. ඔය නෙත් එෆ් එම් එකේ කරන්නෙ ගම්වල දේවාලයක් අටවගෙන තමන් වගේම අසරනයෙක් රවට්ටගෙන ජීවිකාව සරි කරගන්න එකෙක් මඩවන එක. නෙත් එෆ් එම් එකේ කඩප්පුලියො අහිංසකයන්ට බොරුවට තර්ජනය කර කර කෝල් දෙනව. එකෙක් බයවෙලා ගොත ගහන කොට මේ වේසිගෙ පුතාලට හිනා. එකෙක් නම් හැබැයි අම්මටම හැමැන්නුව.

    මාධ්‍ය පඩත්තලයො උන්ගෙ හීනමානයක් වහගන්න නිකම් පොරවල් වෙනව.

    ReplyDelete
    Replies
    1. බැලුම්ගල ඉස්සර නං ඇත්තම ප්‍රශන වලට විසඳුම් හෙව්ව.. මිනිස්සුන්ට හෙලි කලා.. පහු පහු වෙන්ඩ නං උං කරන දේ උංටවත් තේරෙන්නෙ නැති ගානට වැටුනා

      Delete
  15. කූඩු මුදලාලිලා ගැන, දේශපාලන හයිය අතට ගෙන කරන අපරාධ ගැන කෙල බිඳක් නොහලා සිටිමින් අල්ලපුගෙදර මිනිහා මේ ගෙදරට ඇවිත් හොර පොල් කඩපු හැටි උගෙ මූනත්තහඩුවත් එක්කම මුලු ලංකාවට පෙන්නමින් මහා අපරාධකාරයෙක් ලෙස හංවඩු ගැසීමට මෙවන් "වගකිවයුතු" මාධ්‍ය අවශ්‍ය නැත//
    ++++++++++++++++++++++++++++++++

    හැබැයි අපරාධවාර්තාකරනයෙදි හිරු ෂා කට්ටියට අදිමිනිස්ත්‍රාසි බලයක් තියනව නේද වාර්තාකරනයෙ. අපේ කුඩු ගහල තමයි අපරාධ කළේ .අපිටයි වාර්තාකරනයෙ වැඩි අයිතිය කීවොත් අනික් චැනල් වලට කට උත්තර නෑ.

    ReplyDelete
  16. අඩු ගානේ ගොසිප් වෙබ් අඩවි නම් තව කමක් නෑ. ඒවාගේ නමෙන්ම කියවෙන්නේ ඒක. ගොසිප් මාධ්‍ය වලට තියන හිට්ස් ගාන වැඩි හින්දා මුන් කරන්නෙත් වගකිවයුතු ලේබල් එක ගහගෙන ඒවා දාන එක

    ReplyDelete
    Replies
    1. අන්න එතනයි තියන ප්‍රශ්නෙ

      Delete
  17. මේ වරත්තු මීඩියා කාරයෝ ගැන නම් කියල වැඩක් නැහැ බන්....

    ReplyDelete
  18. හැම එකාම එකයි බං.
    https://theruamknatha.wordpress.com/2015/10/13/%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A-%E0%B6%AF%E0%B7%80%E0%B7%83-%E0%B6%B1%E0%B7%9C%E0%B6%AF%E0%B7%90%E0%B6%B1-%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92-%E0%B6%91%E0%B6%9A%E0%B7%93/

    ReplyDelete
    Replies
    1. මේ සබැදීයේ සදහන් දේට තවත් හොදම උදාහර්ණය තමයි සිරස සුපර්ස්ටාර් සහ ශිහාන් මිහිරංග :)

      Delete
    2. මේ සබැදීයේ සදහන් දේට තවත් හොදම උදාහර්ණය තමයි සිරස සුපර්ස්ටාර් සහ ශිහාන් මිහිරංග :)

      Delete
  19. මං හිතාන හිටියේ අඹ ලියන එක නවත්තල කියල

    ReplyDelete
    Replies
    1. දැං ලියන්නෙම නැති තරං අයියෙ... මේකත් මේ මුහුණුපොතේ ලියන්න අරං මේකට ගත්ත එකක්.. වෙලාවක් කෝ දැං මේ වැඩත් එක්ක

      Delete
  20. වෙන මොකක්ද ඉතින් මාධ්‍යවල තියෙන කාලකණ්ණිකම මිසක්..

    ReplyDelete
    Replies
    1. හැම මාධ්‍යක්ම එහෙමමයි කියන්නත් බෑ.. ඒත් වර්තමාන බහුතර මාධ්‍ය එහෙමයි

      Delete