සිනිඳු සමනල් සුදු පියාපත් දෑත් මුව පොඩි සිඹ රකින්නයි
රෝස දෙකොපුල් , පුංචි දෑඟිලි තුරුලු කරමින් සතපවන්නයි
ජීවිතේ මිය යන තුරාවට නුඹම වෙනුවෙන් දිවි රකින්නයි
පුංචි දිදුලන දෑස් විදහා ලොව දිහා බලමින් සිනාසෙන
පියෙන් පියවර පා තබා ජීවිතේ වෙත පා පියුම් ඔසවන
ස්නේහයේ කිරි මූද කලඹා ආදරේ නුඹ ලොව දිනාදෙන
දවස යම් දින උදා වනු ඇත නුඹ නිසා තුටු කඳුළු නැංවෙන
මෙලෝ වසනා සියලු දෙව් බඹ අසිරි මල් දම් වස්සවන දා
ලෝ සතුන් නෑ දෑ සියල්ලන් නුඹ දෙස බලාගෙන සතුටු වන දා
මගේ පොඩි පුතු පියෙන් පිය නැග ජීවිතේ ඉම ජය ලබන දා
-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
පසු සටහන
සමහර වෙලාවට හිතට දැනෙන්නෙ මහ පුදුමාකාර හැඟීම්.. තාත්තෙක් ගෙ ගැඟීම් කෝමද මේ ඉයෙ පෙරේද ඉස්කෝලෙ ගිහින් ඉවර උනු අවුරුදු 21ක කොල්ලෙක්ට දැනෙන්නෙ..දෙයියො තමයි දන්නෙ.
හිතට ආපු සිතිවිල්ලක්.. ඒත් නිමිත්ත හිත ඇතුලෙ ඇති උනු ආදරයක්..
අපේ නැන්දා ඉස්පිරිතාලෙ ඇඩ්මිට් උනා ඊයෙ පෙරේදා පොඩ්ඩක් අසනීප වෙලා. නැවතුනේ ගම්පහ ඉස්පිරිතාලෙ 16 වාට්ටුවෙ . ඒ වාට්ටුවට යනකොට පහු කරගෙන යන්නෙ අලුත උපන් පුංචි මල් කැකුලු ඉන්න වාට්ටුව. උං දිහා බලාන හිටපු මට උං ගැන පුදුම ආදරයක් දැනුනෙ. සමහර විට ගෙදර එකම ලමය මං උන හින්ද වෙන්න ඇති. මොකද මං පුන්චි කාලෙ කිසිම නංගියෙක් මල්ලියෙක් මට හිටියෙ නෑ. ඒ නිසාම වෙන්නැති මට පොඩි උං ගැන මෙච්චර ආදරේ හිතෙන්නෙ.. පොඩි කාලෙ නං පොඩ්ඩක්වත් ආස නෑ පොඩි උංට.. ඒත් දැං නං ඒම නෑ.
ඉතින් මං හිතෙන් තාත්ත කෙනෙක් උනා .. ඒ සිතිවිලි තමයි අර විදියට කවි වලට පෙරලුනේ.
තව ජීවිතේ සහෙන දුර යන්න තියනවා.. ඒත් මේ සිතිවිල්ල මොකද මට ඇති උනේ කියන එක නම් මට තාම තේරෙන්නෑ.. මූනු පොතේ දාපු මේ කවි පන්තියට සෑහෙන ඉහල ප්‍රතිචාර ලැබුනු නිසා මං මේක මෙතන දාන්න හිතුනා..
මේ පසු සටහන සමහර විට කවියෙ රසය නැති කලා වෙන්නත් පුලුවන්. නිකම්ම කවි ටික විතරක් දැම්මනං ඇති කියලත් හිතුනා. ආයෙ කාටත් මේ කවි පන්තිය නිර්මාණය වෙන්න පාදක උනු සිතිවිල්ලට හේතු උනු නිමිත්ත දැනගන්නත් එක්ක මේ සටහනත් එක්කලා
මීට කලින් අම්මෙක්ගෙ ආදරය ගැන කියවෙන මගේ අම්මා මට කියපු අම්මා ගැන තියන විරිදු පන්තියත් බලල එන්න කැමති අය
poddak iwasapan. Tawa kal tiyenawa owata. Kawiyanam patta.
ReplyDeleteඉවසමි ඉවසමි :) තෑන්ක්ස් මචං
Deleteපියවරු ගැන ලියවෙනවා බොහොම අඩුයිනේ.. ඒ අතින් මේක ඉස්තරන්...
ReplyDeleteහුඟ කාලෙකින් මේ පැත්තේ :)
Deleteආවට බෝම පින්
හොඳ දෙයක් දැක්කොත් අගය කරන්න එපයි..
Deleteපට්ට ලස්සන කවි ටික මලේ... තාත්තෙක් වෙනව කියන්නෙ ලොකු කාර්යභාරයක් හිස උඩට එනව කියන එක මලේ...
ReplyDeleteකවි ලියන තරම් ඒක ලේසි නැති විත්තිය අත්දැකීම් නොතිබුනත් දන්නවා :)
Deleteස්තූතියි!
පිය සෙනෙහසට කව් ගී ලියවුණා මදී....
ReplyDeleteහ්ම්ම්ම්ම්...
Deleteඔව් උඹලටත් හැගීම් දැනීම් තියෙනවා එහෙනං... කවි බැදිල්ල නං රහයි පුතේ...
ReplyDeleteඅපි ඉතින් මිනිස්සුනේ බං :) ස්තූතියි
Deleteමගේ අක්කට පුංචි පැන්චෙක් හම්බ උණා. මම එකා බලලා එන්න යන ගමන් මේක උඩින් පල්ලෙන් කියෙව්වේ. ඌ බලලා මම අනිවා ලියනවා ලොකු කතාවක්.
ReplyDeleteකියන හැටියට දඟකාරයෙක් ලු..
ඉඩ වෙන් කරලා යනෝ සමීයෝ.. මේකට කමෙන්ට් එක මේක නෙමෙයි.
කමෙන්ට් කරන්න පස්සේ එන්නම්...
ආදරය ඉස්තරම්. ඒ අතරේ මේ සෙනෙහස නිර් + මානයක්...
Bora Diyaka Induwara
අක්කටයි මාමටයි දෙන්නටම සුභ පැතුම්!! :)
Deleteබෑන්දට මිනිහෙකුගෙ ජිවිතෙ වෙනස් වෙන්නෙ නෑ.තාත්ත කෙනෙක් උනාම තමයි වෙනස දෑනෙන්නෙ..එක මාරයි
ReplyDeleteහ්ම්ම් ඒක ඇත්ත ..
Delete//"මගේ පොඩි පුතු පියෙන් පිය නැග ජීවිතේ ඉම ජය ලබන දා
ReplyDeleteමගේ නෙත් දෙක පිය වුනාදෙන් සත්තමයි ඒ දිනේ මතු දා"//
ඕක තමයි මචං හැම පියෙකුගේම ප්‍රාර්ථනාව .....හරිම සංවේදී කමක් දැනෙනවා. සුන්දරයි.
හ්ම්ම්ම්. පියෙක් නොවී ඒක මටත් දැනුන එක තමයි පුදුම
Deleteපියවරු ඔය හැඟීම් එලියට දෙනවා අඩුයි බං....
ReplyDeleteඒකත් ඇත්ත.. ඒත් හිත ඇතුලෙ තියෙනවා මහමෙරක සෙනෙහස
Deleteපිය සෙනෙහසට කවි ගි ලියැවුනා මදි :)
ReplyDeleteලස්සන කවි පෙලක් මල්ලි
ස්තූතියි අක්කෙ :)
Deleteමගෙත් යාළුවො කීප දෙනෙක්ම දැන් තාත්තල. (හරි හරි බං, ඉස්සරත් උන් කොළු තාත්තල තමයි, ඒත් ඒ කාලෙ උන්ට ළමයි හිටියෙ නෑ) ඇත්ත බං, චූටි එකෙක් දකිද්දි නිකන් හඳුන්පොත කීන් ගානව, හරියට ආදරේ හිතෙනවා. මම නම් පොඩි කාලෙත් පොඩි ළමයිට කැමතියි. ඒත් වඩාගන්න එහෙම ටිකක් බයයි. අක්කගෙ කොළුවො පොඩි කාලෙ වඩාගෙන හුරතල් කරා, ඒකත් අපූරු අත්දැකීමක්. දැන් උන් ඉස්කෝලෙ යන අලි ළමයි. උන් දැන් එනව අපි නලවන්න, කීයක් හරි කඩාගන්න.
ReplyDeleteදැන් උඹ කවද්ද නලවන්න හිතාගෙන ඉන්නේ
Deleteඇත්තම කිව්වොත් මට පොඩි එකෙක්ව හුරතල් කරන්න හම්බුනේ ඊයෙ පෙරේදා :) ඒ වෙනකම් මන් බබෙක්ව වඩා ගන්නවත් දන්නෙ නෑ..
Deleteඅන්න දැං දියන්කො උත්තරේ :D
ආ...නලවන්නද, ආයෙ හෙට අනිද්ද දිහාට නලවන්න පුළුවන් වෙයි බන්ස්ල. මාමෙක් වෙල හුඟකලක් උනාට ලබන මාසෙ දිහාට විතර බාප්පෙක් වෙන්නයි යන්නෙ. :D
Deleteසංවේදී කවි පෙළක්, සමියෝ. ආසාවෙන් කියෙව්වේ. අවුරුදු 21 ක කොල්ලෙක් වුණත් පියෙකුගේ හැඟීම ලස්සණට විස්තර කරලා තියෙනවා කියල යි මම නං හිතන්නේ.
ReplyDeleteසංවේදි වෙනවනේ ඉතින් හදවතින් ලියවුනාම
Deleteකියල වැඩක් නැහැ.මගේ දෝනිව නර්ස් තුමිය ඔතාගෙන ඇවිල්ල පෙන්නපු දේ මතක් වුනා සමියො.
ReplyDeleteමම අදටත් දුවගෙ/පුතාගෙ දේකට ගිහිල්ල කල් මරනවනම්,මෝල් එහෙක පොඩි එව්වො අම්මල/තාත්තල එක්ක ගැවෙසෙන දිහා බලන් ඉන්නව.
බොලා තාම බැදල නැද්ද ?කවි ලියවෙන්නෙ පෙලවහටත් පෙරද?
එහෙනම් නියම තාත්තෙක් තෝ..!
බඳින්න? :D අපෝ තාම මං පොඩි එකා කෙන්ජයියෙ.. :D
Deleteබෝම ස්තූතියි මේ පැත්තෙ ආවට.. ඉස්සෙල්ලම ආවෙ මේ පාර :) පිලිගන්නෝ :)
එක ඵට්ටයි
ReplyDeleteඨැංකිව් :D
Delete
ReplyDeleteදෑස නිළුපුල්, සේද සිනිදුව රෝස පැහැයෙන් බබලවන්නයි.....
සිනිදු දෙකපුල්, මගේ හුස්මෙන් ඔහුව සතපා හැඩ බලන්නයි.....
රුරිය සුදු පැහැ, සුවඳ තැවරුණු සෙනෙහෙ මල් දම් පැළඳවන්නැයි.....
තාම කල් නෑ, බර දරන්නට දිරිය හදවතේ රැඳී ඉන්නයි.....
දෑස දිදුලමින් මුළු රෑ හඬාගෙන...
දෑත අල්ලමින් පියවර තබා යන....
බිරිය සෙනෙහසින් හොරකම් කරාගෙන....
සීත තනි රැයේ උණුහුම හොරායන.....
සිතේ පුතු ගැන තියන සෙනෙහෙ සඟවමින් හද කොනක මතුදා.....
ලොවට පෙනුමට නොවේ සතහට සුවය සදමින් මගේ පුතු දා....
හදමි නිරතුරු පියා මෙන් ලොව අගය නිරතුරු කියා පහදා....
මියදී මැරුණත් ඉපදී මැරුණත් කමක් නෑ පුතු මගේ නිම දා.....
සුරතලෙන් ඔහු හඬයි සමියෝ, කිරි පෙරා ඒ මුවෙන් හලලා....
වෙනත් සැපතක් නොවේ නැත මට මගේ පුතු වේ සිතේ පහලා...
ලොවේ දිනකදී පියෙක් වී මම නුබ වගේ එක සිතින් පතලා.....
ලොවේ දරුවන් ලොවට පහනක් ලෙය ලොවේ මා නුබට කියලා.....
දෑස කඳුලින් තෙමි අඳවන මොහොත දිනකදී උදා වෙනවා....
එදින සැපතට ඉන්නේ මගේ පුතු අනේ තාමත් සිහිය එනවා....
පොලව පස් කර මගේ මතකය සදා නින්දක තනිව යනවා.....
එදා ගමනට පුතුගේ කර ඇත මගේ ලෝකය එලිය වෙනවා....
(මෙහෙම අපේ අම්මලා තාත්තලා හිතන්න ඇති නේ.. අපිත් දවසක හිතයි සමියෝ.. )
මමත් තාත්තා කෙනෙක් වෙයි. මම උඹටත් වඩා බාල පුංචි එකෙක් නෙව. ඔය දේවල් ගැන හිතන්න අපිට තාම තහනම්. ඒ උනාට හිතේ දුවන්නේ හැගීම්. අපිත් ලේ ඇට මස් නහර වලින් හැදුන උන් නෙව.
උබ දක්ශයි! ඒකෙ ආයෙ කතා කරන්න දෙයක් නෑ.. ඒත් මේක උඹ මෙතන දාල කරගත්තෙ නං ලොකු අපරාදයක්.. මේක පෝස්ට් එකක් විදියට දාන්න තිබුන උබට .. තාම පරක්කු නෑ.. දාපන් අනිත් අයටත් දකින්න..
Deleteඕනේ නෑ බං. මම දක්ෂයෙක් නෙමෙයි. මේකේ වටයක් ගැහුවොත් මට වඩා දහස් ගානක් දක්ෂයෝ ඉන්නවා. මට ඒ මිම්මට ලං වෙන්න බෑ. මම උත්සහ කරන්නේ ඒ වගේ වෙන්න ඒත්. කොතන දැම්මත් කවිය කවියමයි. කවුරු දැක්කත් වින්දනය රසවින්දනය මයි. :D අවුලක් නෑ අයියා.
Deleteඈ බං බෙන් මලයා, ඔය වචන කොහෙන්ද බං එන්නෙ උඹට. නරකද උඹටයි සමියටයි එකතුවෙල ප්‍රශ්න උත්තර ජාතියෙ කවි සංග්‍රාමයක් වගේ එකක් දැම්මනම්, එහෙම දේවල් අපිට දකින්නත් නැති තරම්නේ, මරුවට තියෙයි.
Deleteදෙන්නටම සුබ පැතුම් මචංලා.
කියන්න වචන නෑ සමී අයියේ.. ගෙදර එකම එකා උනාම දැනෙන දේ තේරුම් ගන්න පුළුවන් (ඒ හෙන ගෙඩිය)වුන තවත් එකෙක්ට විතරයි. මාත් පොඩි උන්ට පුදුම තරම් ආස ඒ හින්ද වෙන්න පුළුවන්, හැබැයි අව්රුද්ද දෙක පැන්නාම පණ්ඩිත කටක් හිමිකරගත්තොත් නම් ඉතින් සොරි තමා මගෙන්!
ReplyDeleteකවි ටික නම් ඉස්තරම් අයියේ, හරිම ලස්සන හීනයක් බැලුවා.පොඩි එකෙක්ගේ තියෙන,අතේ ඉන්න කොලු පැංචෙක් කෙලි පැංචෙක්ගේ තියෙන සුමුදු බව,හැඟීම් දැනෙන දනවන කවියක්..
අප්පට සිරි උඹත් එකා යකා එතෝට :D
Deleteඒ ගැඟීම මට ඇත්තටම ව්දින්න හරි ආසයි බං :)
හඃ! තනිය භයානකයි බොලන්! අහු වෙනවා නෙවේ තනිපංගලමේ ගිහින් තනියට!
Deleteබට්ට වගේ හිටියට පට්ට බුවෙක්නෙ.
ReplyDeleteබලපන් මට ඔය වගේ ලියාගන්න බැරි උනානෙ...ලඟදි කොල්ලෙක් හම්බුවෙලා.
ඇයි උඹ කියන්නෙ නිධාන කතාව කිව්වම රසේ අඩු වෙනව කියල..එහෙම එකක් නෑ..!
බය උනාද උඹ පියෙක් උනා කියල අපි හිතාවි කියල..:)))
කියන්ඩ බෑනේ :D දන්නැති කවුරු හරි වැරදියට හිතන්න ඉඩ තියෙනවනේ :P
Deleteමේ මොකක්ද එතෝට ?
Deleteඅනේ මං උබට සුභ පතල නෑ බං :( මට මතක තිබුනෙම සුභ පැතුව වගේ.. ෆෝන් එකෙන් කමෙන්ට් කරන්න ගිහින් මොකක් හරි වෙන්නැති
සුභ පතනවා හදවතින්ම ලැබූ පිය පදවියට!
ආ ඒක නෙමේ තාත්තෙක් උනා විතරයි ලියන එක නතර කරලා.. හනේ හනේ
නුඹ ලබන ජීවන සහකාරිය හරිම වාසනාවන්තයි මල්ලී... මතු යම් දිනෙක නුඹට පිය පදවිය පුදන චූටි උන් ඊටත් වඩා වාසනාවන්තයි..!!!!
ReplyDeleteඅනේ මේක හරියට හිතට වැදුනා මගේ :)
Deleteහුහ කාලෙකින් ඇවිත් :)
සිහින සැබෑවේවා යම් දිනයක.
ReplyDeleteමම නම් භුක්ති විඳිමෛන් ඉන්නේ. මේ දැනුත්.
කොහොමත් මව් සෙනෙහස තමයි ජනප්‍රිය. පිය සෙනෙහසට එච්චර ප්‍රොපගැන්ඩා එකකුත් නෑනේ. ඉතිං එච්චර ලකේකුත් නෑ.
ඩූඩ් අයියගෙ සෙනෙහස මං දන්නවා අර දුම් පානෙ නතර කරපු හැටි ගැන දාපු පෝස්ට් එකම ඇති ඒක මොනවට පැහැදිලිවෙන්න :)
Deleteබොහොම ලස්සනයි සමි..මම ගොඩාක් ඈතට ගියා.හරිම වටිනවා.
ReplyDeleteස්තූතියි මෙ පැත්තෙ ආවට.. සාදරයෙන් පිලිගන්නවා :)
Deleteමරුකවි සැට් එක..
ReplyDeleteබය වෙලා යකෝ ආවෙ අවු. 21න් තාත්තෙක් වුනාද කියල..
ජයම වේවා..
මේ හැගීමම අපෙ අයියලගෙ ගෙදරට පොඩි එකා අවහම දැනුන. මම එදා ඉදන් බාප්පා...
ඉක්මනට තාත්තකෙනෙකුත් වෙයි වගේ යන විදියට :P
Deleteකවි ටික හරිම රහයි සමී...තලු මර මර රසවින්දා
ReplyDeleteපියෙක් වෙලාම බලන්නකො එතකොට ඔය කවි ඔයිට වඩා රහට ලියවේවි.
හුරේ හැලපයියත් ආවා :)
Deleteඑල එල ලස්සනයි මචෝ කවි ටික....
ReplyDeleteතෑන්ක්ස් මචං
Deleteammoo oya thaththa kenek wechcha dawasata hondama hoda thaththa kenek wena ekanam sure... :)
ReplyDelete:) හිතට දැනෙන කමෙන්ට් එකක් . ස්තූතියි :)
Deleteපිය සෙනෙහසට කවි ගී ලිය වුණා මදි.
ReplyDeleteඒ අඩුව පුරවමු :)
Deleteයන්තම් වචන ගොත ගසමින් කියාගෙන
ReplyDeleteහැඩ වැඩ දමා පා පොඩි හසුරුවා ගෙන
තාත්තේ කියා සැමදා උදැසන
මා පුබුදුවයි මගේ පොඩි පුතු මරා මිණ
ලස්සනයි සමි අයියේ ....
මා පුබුදුවයි මගේ පොඩි පුතු මරා මිණ
Deleteමං කැමතියි මේ මට නොතේරුනු පදේ අන්තිම ටිකේ තේරුම දැනගන්න
මරා මිණ කියන්නේ මරකත කියන මැණිකට සමි අයියේ ... මගේ පොඩි පුතාව උපමා කරන්නේ මරකත මැනිකකට එකයි එහෙම ලිවුවේ
Deleteලස්සන කවි පද ටිකක්.
ReplyDeleteපියෙක් උනාම ඔහොම කවි ලිය ලිය ඉන්න වෙලාවක් නැතිවෙයි. :D
එව්වා ඉතිං එතකොට.. අපෝ තව සෑහෙන්ඩ කල් තියෙනවා :D
Deleteලස්සනයි මචං
ReplyDeleteහරිම වටිනා කවි පෙළක් සමි.. තාත්තෙක් වෙලා ම බලන්ටකො තියෙන මෙවුව එක.. සුබ පැතුම්.. ඔබේ අගනා නිර්මාණයට..
ReplyDelete