Sunday, December 9, 2012

මම G.K පේපරේ ලිව්ව හැටි :P | How I Messed Up My Exam :D

අපි අපොයි. උපේ කලානේ ඒ කාලෙ. මන් ඉතින් මැත තමයි කොලේ. කොහොම හරි මැත්ස්, බයෝ කරපු එවුන්ට හැදෙනව පිස්සුවක් කෙම(chemistry) ඉවර උනු ගමන්ම ඒ ලෙවල් ඉවරයි කියල හිතෙන. ඉතින් අනිත් සබ්ජෙක්ස් වලට(කඩ්ඩටයි, පොදු පරීක්ශනේටයි) දෙන්නෙ කුඩම්මගෙත් පලවෙනි කසාදෙ මිනිහට දෙන සැලකිල්ල.කොටින්ම කියනවනම් කෙම ඉවර වෙලා ගෙදර යන්නෙ පහුවදා විභාගයක් තියෙනව කියන අදහසින් නෙමේ. අපිට රටක් රාජ්ජෙකුයි තව පොඩ්ඩකුයි ලැබුන වගේ සතුටක් තමයි චිත්ත සන්තානයේ ඇතිවෙන්නේ.  

අපිත් ඉතින් කෙම ඉවර උනු දවසෙ ඒ ඇතිවෙන සෝමනස්ස සහගත ආතල් සම්ප්‍රයුක්ත සසංකාරික චෛතසිකයත් ගොඩ නගාගෙන රට වටේ කරක්ගහල රාජගිරියෙ මැක්ඩොනල්ඩ්ස් පැත්තෙ එහෙමත් රවුමක් ගහල(මැක් එක පැත්තෙ යන්නෙ බඩ පැලෙන්න කන්න මිසක් ඒ පැත්තේ ඉන්න අර කර නැති සුදු ගවුම් අඳින බවලත් උදවියට තනි ඇහැ දාන්න නෙමේ හරිය.. )  ගෝල්ෆේස් එකේ පුබ්බෝල් ගහල , ක්‍රිකටුත් ගහල, අල්ලන සෙල්ලනුත් කරල තමයි ගෙදර ගියෙ.


පස්සෙන්ද ජෙනරාල් කඩ්ඩ තිබුන අපිට. ඒකෙ ඉතින් ලියන්න දෙයක් තියෙනවයි(ඇත්තටම මෙලෝ දෙයක් තිබ්බෙ නෑ බං.හික් :D). කොහොම හරි වටපිට බලල ඇල්පබට් එක ගලපල කඩ්ඩ ගොඩ දැම්ම. දැන්නම් පට්ටම සන්තෝසයි. නිවන් දකින්න ඔන්න මෙන්න වගේ. කව්ද පොදු පරීක්ශනේ ගනන් ගන්නේ. ආයෙත් පාටි අරව මෙව්ව දාල ගෙදර ගියා. දවස් 13ක් තියෙනව ඊලඟ විබාගෙ වෙච්චි සාමාන්ය පොදු පරීක්ශනේට.

ඉතින් විබාගෙ අතර මැද්දෙ ඒවගේ නිවඩුවක් ලැබුනාම වාර්ශික අද්යාපන චාරිකාව, වන්දනා ගමන, විනෝද ගමන ඔක්කොම ලැහැස්තිකරගන්නවලුනේ කට්ටිය, ඉතින් මන් තුමත් ඕවට සහබාගිවෙලා ගන්න තියෙන ආතල් ඔක්කොමත් අරගෙන ආතල් වලිනුත් හෙම්බත් වෙලා ගෙදර ඇවිත් කොම්පීටර් එකෙන් ෆිල්ම් එකක් බල බලා ඉන්නකොට මතක් උනේ, නෑ වැරදුනා; අම්ම තමයි මතක් කලේ හෙට විබාගෙ කියල

හුටා!! ...හෙට විභාගේ..!! මොන...?.... පොදු පරීක්ශනේ..! නෑ..?! නෑ නෙමේ ඔව්,,

ඇත්තම එවැනි අවසතාවක ඔබ කරන්නේ කුමක්ද?? පාඩම් කලත් නොකලත් අඩුම තරමේ කොම්පීටරේ වහල රෙද්දක් පොරෝගෙන නිදියන එක. ඒත් මේ සමියා... විභාගෙ වගේද බොල ෆිලුම් එක.. උම්ම සීන් එක(ඉදිරි පොස්ටුවකදී බලාපොරොත්තු වන්න ) ඉවරත් නෑ තාම...
ඉතින් කෝමද මේක වහල නිදාගන්නේ..... බෑ...!! බෑමයී!!! .....

විභාගෙකට පුලුවන්ද මන් බලන ෆිල්ම් එක නවත්තන්න. නොසැලී , ඇනුම් බැනුම් ගෙරවුම් මධ්ධයේ ෆිල්ම් එක බලලමයි නිදා ගත්තෙ. රෑ 2ත් පහුවෙනකම් මොනිටරේ.. *ඇඬෙනවා නේද පින්වතුනි !!

*මාරයාගෙන් උස්සා රාජ සන්තක කරගන්නා ලදී :P

එතනින් එහාට උනු දේවල් කවියෙන්..

රෑ දෙක වෙනකම් ෆිල්ම්ස් බලලා…
නැගිට්ටෙ උදයේ පහු පහු වීලා…
එක්සැම් එක අද බව මට දැනිලා…
තරු එක දෙක තුන මට දැන් පෙනිලා…

දත් ටික මැදගෙන පට පට ගාලා…
දිව්වෙමි දුම්රිය අල්ලා ගන්ටා…
අනේ අපොයි උනු කරුමෙක මහතා…
ට්‍රේන් එකත් ගියෙ මට අත වනලා…

උඩ විසි වී ගොස් මම බිම වැටිලා…
බැලුවෙමි ඊලඟ දුම්රියෙ යන්ටා…
කරුමේ නෑනේ මා අත හැරලා…
අනේ අපොයි එය පරක්කු වීලා…

කොහො කොහොමින් මම දුම්රියෙ නැගලා…
කොලඹට ආවෙමි හුටු හුටු ගාලා…
කොච්චර නපුරුද කාලය මා හා…
දෙමටගොඩදි පේපර් එක බෙදලා

වැහි දෙවියොත් මේ මගෙ දුක දැකලා…
ඇඬුවා ඇඬුවා කඳුලු සලාලා…
අනේ අපොයි නෑ කුඩයක් මා හා…
ඉස්කෝලෙට යන්නට ක්‍රමයක් නැතුවා…

 

හිරි පොද වැස්සේ තෙමි තෙමි උදයේ…
දිව්වෙමි පේපර් එක ගොඩ ගන්ටා…
ඒත් බඩගිනියි මොනව කොරන්ටා…
ඔක්කොම අතහැර කැන්ටින් දිව්වා…

කැන්ටිමෙ ඉඳලා මම ගියෙ දුවලා…
කස්ටිය ලියනව හෝ හෝ ගාලා…
විභාගෙ ගෑනිත් මා දෙස බලලා…
දුන්නා පේපර් එක මට රවලා…

ඇපෝ එයා පේපර් එක දුන්නා…
මෙලෝ දෙයක් නෑ ඒකෙ කොරන්ටා…
අහක බලන් මන් ඉරි ටික ගහලා…
පෙන්නුවෙ වැඩ කිඩ සුං සුං ගාලා…

වෙලාව හරි දැන් කනිසම වැදුනා…
යන්තම් ඉවරයි කොටු ටික කපලා…
කරපු යුද්දෙ මගෙ මතකෙට නැගිලා…
මටම හිනා දැන් හිකි හිකි ගාලා…
:D :D :D

ඔන්න ඔහොමයි ඒ එපිසෝඩ් එක ඉවර උනේ..පොදු පරීක්ශනේ ඉවර උනු දවසෙ ගෙදර ඇවිත් මොනිටරේ දිහා බලාගෙන අනිමිස ලෝචනේ යෙදෙද්දි නිකම්ම කවි ටික ටයිප් උනා, ඒක තමයි ඔය උඩින් දාල තියෙන්නෙ.කොල්ල මොන පිස්සුව නටල පේපරේ ලිව්වත් රිසල්ට් ශීට් එකේ  85යි  කියල (වැරදිලාද මන්දන්නෑ හලෝ) ලස්සනට දාල එවල තිබුණා :)

62 comments:

  1. මටත් නැට්ටක් එල්ලගන්ඩෝනි :P

    අහවල් එක ලියන අහවල් එකා කියල ලිංක් කරගන්ඩ තේරෙන් නැ. කියල දෙන්නේ නං මැනවි.

    ReplyDelete
    Replies
    1. මට මේලයක් එවපාන් කොඩ් එක එවන්නං

      Delete
    2. <a href="http://samigepunchilokaya.blogspot.com/">සමීගේ පුංචි ලෝකය </a>

      මෙන්න මේක කොපි කරලා ඩා ගන්න.. අනුග්‍රහය රාමා බවත් මතක් කල යුතුය.

      Delete
    3. ස්තූතියි චන්දන, නලින් දෙන්නටම :)

      Delete


  2. to me
    අඩේ අටමා

    මෙහෙම දාහං කමෙන්ට් ලින්ක්.

    උඹට

    http://atampahura.blogspot.com/2012/10/blogger.html/

    කියන ලින්ක් එක දාන්න ඕනෙ,

    "මෙන්න මෙතන"

    කියන වචන ටික පේන්න.

    ඒක කරන්නෙ මෙහෙමයි.

    මෙතනට දාහං පේන්න ඕනෙ කෑල්ල

    මේ වගේ:

    "මෙන්න මෙතන"

    කොපි කරලා අලෝපං.

    මේ උදාහරනෙ ඔය text doc එකක හරි ස්ටිකි නෝට් එකක හරි අලවගෙන ඉඳලා කෑලි මාරු කරලා පාවිච්චි කරපං අටම්.

    ඔන්න ඕකෙන් තමා මම ඉගන ගත්තේ

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මෙහෙම දාන්ඩ බැද කොහෙද බං, මම ඔව්වා දන්න එකක්ද , ඔන්න මම ඩුඩ් අයියා එවපු ඊයක් ඔයාට එව්වා ඒ විදිහට කොරහං ( හැබැයි මාරයට හොරෙන් )

      Delete
    3. එවපු ඊයෙන් සියල්ල පැහැදිලි උණා අටං. බෝම ස්තුතියි. :)

      Delete
    4. එළ... අටමත් මාරයියා වැටුන වලේම වැටිලා... හි හි.....

      Delete
    5. හිරු අක්කගෙ පරන පෝස්ට් කියවද්දි මාරයට උණු අකරතැබෙ දැක්කා. මට තේරුනේ නෑ එතනදි මොකෑ උනේ කියල. දැන් තේරෙනවා :D

      Delete
    6. අටමත් ඒ වලේම වැටිච්ච එක ගැන බුර බුරා නැගෙන ප්‍රීතිය...:D
      henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

      Delete
  3. < a href="http://samigepunchilokaya.blogspot.com>සමීගේ පුංචි ලෝක‍ය< /a >

    oke < > lagin thiyena his than deka ayin karanna...
    ada thama awe machan.. digatama liyapa...

    ReplyDelete
  4. තෑන්ක්ස් සහන්. පැහැදිලියි හොඳටම. බොහොම ස්තුතියි ආවටත් උදව්වටත්. ආයෙත් එන්ඩෝ :)

    ReplyDelete
  5. සමී උඹ කෝට්ටෙ ප්‍රසිඩන්ට් එහෙම නෙවෙයිනේ ? හි හි හී

    මම මැත්ස් පේපර් එකට ලිව්ව හැටිත් නියමයි. මෙතන ලියන්න බෑ. ඒක මගෙ බ්ලොග් කට්ටෙම දාන්න ඕනෙ..තෑක්ස් සමියට මේක ලියලා ඒක මතක් කලාට..

    අලේ විස්තරෙ කවියෙන්ම ඈ..ඒකත් නියමයි...

    ReplyDelete
    Replies
    1. හැක්! ඉස්කෝලෙ මොකක්ද කියල දැනගන්ඩෝනි නම් කකාගෙ බ්ලොගට ගියානම් හරි :). ඒකේ තියෙනව ඉස්කෝලෙ මොකක්ද කියල.:P

      ලියමුකෝ ඉක්කන්ට. දැනගන්න ආසයි. :)

      Delete
  6. සමියෝ නියමයි බං

    ReplyDelete
  7. උඹ ඒක ලිව්වද? මැලෙව්වද? :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. නිදි මතේ ගිහින් අහක බලන් ඉරි ටික ගහල ආව බන්. ප්ලෑන් ගහල,වෙලාවට ගිහින් පාඩම් කරල සිහියෙන් ලිව්වනම් කොරයි මම :D

      Delete
  8. හි හි... ඔය පේපර් එක මම ලිව්වෙත් ඔහොම තමයි....
    කයි ටික නම් මල් හතයි....

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් හිරු අක්කෙ :)

      Delete
  9. විභාගේ වගේද ෆිල්ම්.. :) එක අතකට ටිකක් රිලැක්ස් වෙලා ඕවට යන එකත් හොඳයි.
    කොල්ලා හොඳ කවි කාරයෙක් නේ.. එල එල...

    ReplyDelete
    Replies
    1. සිරාවටම ! :)
      ස්තූතියි චන්දන :)

      Delete
  10. මට පේපරේට සූදානම් වෙලා ලියලත් 85ක් නෑ බොල... ඇඩෙනවා...

    ReplyDelete
    Replies
    1. "ඇඬෙනවා නේද පින්වතුනි" :D

      Delete
  11. පළවෙනි පාර මම මැත්ස්වලට විතරක් ගිහින් ගෙදර නැවතුනා, ඒ නිසා ඒ පාර කළේ නෑ. දෙවෙනි පාර ඔන්නොහෙ ඔක්කොම කරල දැම්ම. ඔය කියන එකට තිබුණෙ ලකුණු 75 යි. විශේෂ සූදානමක් තිබු‍ණෙ නැති වුනාට කනා ගහැහුවෙ නම් නෑ, පොඩ්ඩක් හරහෙට මෙහෙට කරල දන්න වැඩ දාලා තමා මාක් කළේ. බලපන් ඒත් ඉතිං.... උඹ ගෙදරින් එළියට බැහැපු නැකත හොඳයි වගේ.

    ReplyDelete
    Replies
    1. 75 කියන්නෙත් කොච්චර හොඳ මාක් එකක්ද බන්. 'ඒත් ඉතින්' කියන්න දෙයක් නෑ. උබ එලට ලියල තියෙන්නෙ ඔය :)

      Delete
  12. කොහොම හරි රිසල්ට් එක පංකාදු පහට තියෙනවනේ. ඒ නිසා අවුලක් නැහැ. ඔය කාලේ නොකෙලිය පිස්සු ආයේ කවද කරන්නද ඇහුවලු. (

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නෙ කෝරලේ මහත්තයෝ :)

      Delete
  13. නියමයි අයියේ....පට්ට...දිගටම ලියන්න හැමදාම එනවා බලන්න....

    ReplyDelete
    Replies
    1. හැමදාමනං නාවත් කමක් නෑ මල්ලියේ පෝස්ට් එකක් දාපුවාම බලල යන්න වරෙන් :D :)

      Delete
  14. විභාගේ වගේද ෆිල්ම් ඇ මරු ඇ අදනෙ දන්නෙ උබ බිලොග් ලියනව කියලා අපි හැමදාම එනවා ඇ

    ReplyDelete
    Replies
    1. අඳුනගත්ත කව්ද කියල. අපිත් එන්නම්කො ඒ පැත්තේ :D

      Delete
  15. හි හී මටත් ඔය වගේ අත්දැකීම් ගොඩක් තියෙනව. විභාගෙට කලින් දවසෙ පොත නැති උන ඒව, කලින් දවසෙ ක්‍රිකට් මැච් බලල හරියට පාඩම් කරගන්න බැරි උන ඒව වගේ වැඩ මටත් වෙලා තියෙනව. හැබැයි මේ වගෙ පරක්කු වෙලා නම් නෑ ;)

    //ඒත් බඩගිනියි මොනව කොරන්ටා…
    ඔක්කොම අතහැර කැන්ටින් දිව්වා…//

    පේපර් එකට පරක්කුවෙලා තියෙද්දි මෙන්න මෙයා කැන්ටිමටත් ගිහින්:O ඔච්චර දේවල් වෙලත් ළකුණු 85ක් තියෙනව කියන්නෙ නියමයිනෙ සමී :D

    කවි ටිකත් ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. යනකොට විනාඩි 15ක් පරක්කුයි
      ළමයි කෝමද බඩගින්නෙ ලියන්නෙ. ඒක හින්ද ඉතින් කාලම තම්යි ගියෙ, එතෝට මිනිත්තු 25ක් විතර පරක්කුයි. එතන හිටිය මැඩම් මාව කන්ඩ හැදුව :D
      ස්තූතියි :)

      Delete
  16. අම්මට සිරි සෑහෙන්ට ලකුණු අරන් නෙව.. කවියටත් ඒ ගානම වගේ දුන්න හැකි... යකෝ වෙබ් පාඩං ඉල්ලගත්තට කමක් නෑ. ඊට හොදයි නෙව උඹම හොයල බලල ඉගෙන ගත්තනං.. ගුගල් දෙයිය මොනවද නොදෙන්නේ...(how to add a link in a blogger comment box) කියල සර්ච් පාරක් දැම්මනං සුපිරියට තියෙනවා..

    ReplyDelete
    Replies
    1. මේ වෙනකනුත් උදව් කලේ මේ බ්ලොග් අවකාශයේ ඉන්න ජනතාවම තමයි මචන්. ඉතින් මොනා හරි අහගන්න ඕනි උනාම ලේසියි. ඊලඟ දාසෙ ඉඳන් ගූගලේ පිහිට පතන්නම් :)

      Delete
  17. හික්...හික්... ඔය සින් එක නම් හැම පාරම වගේ උසස් පෙළ විද්‍යා අංශයෙන් කරන අයට වෙන වැඩක් නේ....අපිත් එහෙමයි... GK ගණන් ගන්නෙම නෑනේ.... ඒක අපේ වැරැද්ද නෙමෙයි අනේ. ටයිම් ටේබල් එක හදන එක්කෙනාගේ වැරැද්ද....නැද්ද මං අහන්නේ??? කොහොම හරි කොල්ල දක්ෂයනේ.... මට තිබ්බේ 67 ද කොහෙද..... :)

    අහ්හ්... කවි ටිකත් මරු ඈ.....

    ReplyDelete
    Replies
    1. ටැංකුයි සමනළියෝ :)

      Delete
  18. හෑ... මම නම් ඊට කලින් දවසෙ රෑ මගේ සෙල්ලම් කාර් ටික අරන් සෙල්ලම් කරා වගේ මතකයි.. කෝම හරි 50 ගාණක් තියනවා.. මට හිතෙන්නෙ බලපු කෙනාට දුක හිතිලද කොහිද..

    ReplyDelete
    Replies
    1. හි හී අනේ මේ ලියල තියෙන්නෙ චූටි බබෙක්නේ:P

      සමහර විට මන් ගැනත් පව් කියල හිතුනද දන්නෑ :O

      Delete
  19. අපිත් ඔහොම තමයි බන්.කෙම ඉවර උන ගමන් කරන්නේ ඊලග සැරේ නම් exam ගොඩ දානවා කියල හිතාගන්න එක. GK paper එකනම් අපිට නිකන් විහිලුවට දෙන එකක් බන්. exam ආතතිය යන්න නොමිලේ දෙන අතල් එකක් ,මටත් 80ක් තිබුන ඕන්

    ReplyDelete
    Replies
    1. ඒකෙත් ගත යුත්තක් නැත්තෙමත් නේ මචන්. :)
      උඹටත් ඔය ලකුණු තියෙන්නේ ;)

      Delete
  20. කොච්චර පරක්කු වෙලා ගියත් කැන්ටිම වන්දනාවේ යන එක නැවැත්තුවේ නැහැ නේ..

    ReplyDelete
    Replies
    1. ඉස්කෝලෙ ආසම තැන දැකගන්නැතිව බෑ නොවෑ :P

      Delete
  21. එහෙනම් ඉතින් මොකද . ගොඩනෙ!
    ජෙනරාල් කඩ්ඩ. හික්ස්. මාත් ඕක ඉගෙන්නුවනෙ ලංකාවෙ උගන්නපු කාලෙ. ඒ කාලෙ මයිකල් ජැක්සන්ගෙ HEAL THE WORLD සින්දුවයි, QUEENලගෙ RADIO GA GA සින්දුවයි තිබ්බා ඔය පොතේ. දැන් නැද්ද සමී?

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්! ඩූඩ් අය්යත් මොනව අහනවද මන්දා, කඩ්ඩ පීරියඩ් එක තරම් කට් කරපු වෙන පීරියඩ් එකක් නෑ අප්පා.හී හී... ඉතින් අවුරුදු 2කහමාරටම ඔය පොත පෙරලල ඇත්තෙ 10 පාරක් විතර තමා. ඒ උනාට ඔය සින්දු 2ක නම් තියෙනවා. :)

      Delete
  22. Haffoi...eka athakin sami hari lucky!

    ReplyDelete
  23. Apinam puduma dukak winde! Man 1st shy a/l karaddi mata subject ekak maru karanada wuna, e subject eka karala campus yanda ba kiyala danagaththama. ethakota e subject eka auruddak karalai auruddakin econ kare. madai ita passé econ sir mata premaya prakasha karane! thuh witharak aurudu 50ka nakiyek! mata econ pilikul wuna! econ padam karana eka atha ariya. 1st shy wada nokarapu nisa eke prathipala mata labuna! 1A,1C,1S. Ane kiyala ithin man 2nd shy karanna wadata bassa. exam liyanna lasthi wuna. logic patan gaththa witharai ape appachchi accident wuna! ita passe political patan gaththa witharai amma accident wuna! anthima naraka kalayak! man harima pidawakin exam kare! results 2B,1F. 1st shy pass wuna mawa 2nd shy waladi binduwatama watuna! mata pissu hadune nathuwa witharai! hithata dahiriya aran econ walata Honda guruwarayek allagena uparima mahansiya dala ayeth 3rd shy kara. dan results balaporoththuwen innawa! me sarewath mawa camps yawanna kiyala deviyangen man yadinawa! man katawath heenekinwath waradak karapu kenek newei. eth pera athmeka man loku pawak karala athi. e athin balanakota oyalata wuna dewal monawada yalu...!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්. මට ගොඩක් කනගාටුයි යාලුවා.. ඒ වගේම මම මුළු හදවතින්ම ප්‍රාර්තනා කරනවා සුභ පතනව ඔයාට ඔයාගෙ ප්‍රාර්තනාව ඒ විදියටම ඉශ්ට කරගන්න පුලුවන් වෙන්න කියල :)
      මිනිස්සු වැටෙනව තමයි.ඒ උනාට ආයෙ නැගිටින්න පුලුවන්. ඔයාට මේ පාර අනිවාර්යෙන් කැම්පස් යන්න පුලුවනි :)

      Delete
    2. Thanks sami malli..!

      Delete
  24. //කොල්ල මොන පිස්සුව නටල පේපරේ ලිව්වත් රිසල්ට් ශීට් එකේ 85යි කියල (වැරදිලාද මන්දන්නෑ හලෝ) ලස්සනට දාල එවල තිබුණා :)//මදැයි !!!!!!!!!!!
    නියම කවි ටික ඇ
    :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රෙහානි :)

      Delete
  25. mata mathakai me kaviya oya eda dala thibuna oyage original profile eke

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔව් රුවිනි. ඒ දවස් වල මම මේක නෝට් එකක් විදියට එෆ් බී එකේ දැම්මා :))

      Delete
  26. උඹලා තමා දවසකටවත් මිනිස්සු :D

    ReplyDelete
  27. //මැක් එක පැත්තෙ යන්නෙ බඩ පැලෙන්න කන්න මිසක් ඒ පැත්තේ ඉන්න අර කර නැති සුදු ගවුම් අඳින බවලත් උදවියට තනි ඇහැ දාන්න නෙමේ හරිය..// අඩෝ! ඒ සෙල්ලන් මෙහෙ බෑ හරිය! දෙකක් ඇනල නවත්තන්නේ කාසල් හරිය!

    හික් හික්! මට උණ වියෝයා තමා ජිට් පේපරේ දවසේ යකඩ යකා මිස් උණ එක.. පයින්ම හුනුපිටියට ගියා එඩේරමුල්ලේ ඉඳන් ඇස්පස් එකක්වත් අල්ලගන්න.. හික් හික් පරක්කු වෙලා ගියාට පැය ගානක් ඉතුරුයි ඔන්න! එදා තමා ජිවිතේ පලවෙනි වතාවට තෝරාගන්න ප්‍රශ්න පහක් තිබ්බේ පේපරේ! ඉස්කෝලේ ඒවා නම් ලියන්නේ ප්‍රශ්න 3යි,ගෙදර කොම්පීටර් කබලක නාමයක් නෑනේ ඒ කාලේ. ඉස්තීරෙටම උන්ට වැරදිලා මට ආව B කට්ටක්! අම්මේ තන්තොසේ.. :D

    ReplyDelete