Friday, December 14, 2012

මළ කෙළියයි! අද දවල් ඉරවල් 2ක් පායලා | OMG! The End Of The World Is Today!!!

පහු ගිය දවස් ටිකේ එක එකා එක  එක ඒව කිව්ව ලෝක විනාසෙ ගැන... ලිහිනිත් එක්ක ඔට්ටුවකුත් දාල ඉන්නෙ. ලෝක වින්නසෙ උන්නැත්තන් එයාට මගෙන් ටොකු 5යි. උනොත් මට එයාගෙන් ටොකු 5යි (බලන්න තියෙන සාධාරනත්වය :P ) ඔට්ටුව දැම්මේ එයාගෙ "ලෝක විනාශය සිදුවනවාද ? අප විනාශය ලඟා කර ගන්නවාද ?" පෝස්ට් එකේදි..

ඔය අතරෙ පෙට්ටියෙ අදිපති තුමාත් "අපිව බලන්න පිටසක්වලින්" කියල පෝස්ට් එකක් දාල තිබුනා.. යක්පරපුරේ සින්හලයගෙ "ලෝක විනාශය බෞද්ධ ඇසින්" පෝස්ට් එකත් වැටෙනකොට..අපේ දේශක තුමා “ලෝක විනාසේ අනිවා වෙනවා“ කියල ඔප්පුකරල හමාරත් කලා.දෙයියෝ සාක්කි!! තව පොඩ්ඩෙන් අපේ ලොකු අයියව අමතක වෙනවනේ. එතුමාත් හැදුවනේ "මගේ ලෝක විනාස ලයිස්තුව." කියල ලැයිස්තුවකුත් ලෝක විනාසෙට.. කැමති අය ගිහින් කියවන්න ඕව්ව ටික.

මතක් උන ටික විතරයි දැම්මෙ. තව තියේ නම්කිසි අව්ලක් නෑ පහල කමෙන්ට් කරන්න.. ඇවිත් බලලයන්න කවුරු නැතත් මන් එන්නම්. හ්ම්ම් අනිත් අය ගැන ඇති දැන් කතාවට බහිමු


මගෙ අදහස නම් ලෝක විනාශයක් වෙන්නෙ නෑ කියන එකයි.  ඒක ඉතින් මගෙ මතේ..  මට හිතෙන විදිය, මොකද කිව්වොත් ලෝක විනාසෙ වෙනව හෝ වෙන්නෑ කියන්න මන් ලඟ සාක්ශි නෑ...  හැම එක්කෙනාම තමන්ට හිතෙන දේ කියනවා... එක එක්කෙනා විවිද දේ ඔස්සෙ ගිහින් විවිද මතිමතාන්තර පලකරනවා.සමහරු පිලිගන්නව. සමහරු පිලිගන්නෙ නෑ.

මම මේ කියන්න යන්නේ ලෝක විනාසෙ ගැන වත් , ඒක ගැන මගෙ තියෙන ආකල්පය වත් නෙමේ..අද මම දැක්ක දෙයක්... ඉතින් මේ පෝස්ට් එක ලියන්නෙ කියවා රස විඳින්නවත් එහෙමත් නැත්නම් මම මේ දැක්ක දේ හරිම කියන්නවත් නෙමේ. කැමති කෙනෙක් ඉන්නවනම් මේ ගැන තව විස්තර හොයන්න උනන්දු කරවන්න

මම ඉතින් එෆ්. බී එකේ මුදියා නොහොත් සමියා කියන පිස්සු චරිතෙන් පෙනී ඉන්නවනේ... ඔය ප්‍රොෆයිල් එකේ ඉන්නෙ ෆේක් චරිතම තමයි වැඩි හරියක්.. කොහොම හරි අද නිකන් එෆ්. බී එකේ සැරිසරද්දි එක ෆේක් චරිතයක් කරන ගෑනු ලමෙක් ස්ටේටස් එකක් දාල තිබුනා "මේ අනේ අද ඉරවල් 2ක් පායල තියනව කියන්නෙ ඇත්තද?" කියල අහලා.

මාව උඩ ගියා. "යකඩෝ ඉරවල් 2ක්??"
දූවල ගියා මිදුලට. ම්හු.. මොන... මොන මගුලවත් පේන්නෙ නෑ...පියවි ඇහින් ඉර බලන්න බැහැ කියල මතක් උනේ එතකොට..

දැන් ඉර බලන්න විදියක් නැතුව ක්‍රම හොයනවා.. සන්ග්ලාස් 2ක් තිබුනා. ඒකත් කොහෙ දාලද මන්දන්නෙ නෑ.. එක්ස් රේ කොල හෙව්වා. ඒවත් නැහැ.

ඉතින් අන්තිමේ ටිකිරි මොලේට ආව මාරි බිස්කට් අයිඩියා එකක්.
ඇයි දෙයියනේ මන් ලඟ තියේනේ හයිකොලිටි සුපිරිම සුපිරි මෙගාපික්සල් 2කේ කැමරාවක් මගෙ පෝං එකේ.. (හිනාවෙනෙපාඩො දුප්පත් මන් ලඟ කොයින්ද  හොඳ කැමරා :P )

දඩිබිඩි ගාල ගත්ත පොටෝ 4ක්. ඔය යටින් තියෙන්නෙ එහෙම ගත්ත පොටෝ එකක්.

                                   
මුකුත් විශේෂත්වයක් නෑ නේද??
නෑ.. විශේෂත්වයක් තියෙනවා.. විශේෂත්වය පේන්නෙ ඊලඟ පොටෝ එකෙන්. ඒ තමයි නෙගටිව් පොටෝ එක.
 


.

අර ඉස්සෙල්ල පොටෝ එකේ විශේශත්වක් නැති නිසා ගත්තු නෙගටිව් පොටෝ 2ක් තමයි ඔය තියෙන්නෙ..ඇඬෙනවා නේද පින්වතුනි,,!! සිරාවටම මේකටනම් ඇඩෙනවා. ඇයි දෙයියනේ ඔය ඉරට එහා පැත්තෙන් තියන ඩොට් එක මොකක්ද? :O  :O

:හොඳට බැලුවොත් අර කලින් පොටෝ එකෙත් එහෙම එකක් තියෙනවා. නමුත් පේන්නෙ නෑ ඉරේ එලිය නිසා.. ඔන්න හොඳට බලන්නකෝ ආයේ..




ඉතින් බලන් ඉඳල බෑනේ.සමාජය දැනුවත් කරන එක මගේ යුතුකමනේ. එහෙමනේ වගකිව යුතු පුරවැසියො හැසිරෙන්නෙ අද කාලේ.. නේ.......ද?????? :P..  ඉතින් ෆේස් බුක් එකේ දැම්මා මම. එතකොට කට්ටියත් දුවල ගිහින් බලලා පොටෝස්  ටිකක් අරන් මට එව්වා. ඒ එවපු පොටෝස් තමයි ඔය පහල තියෙන්නේ.




                                 


                                            


ඊට පස්සෙ අම්මට පෙන්නපුවහම අම්ම බය වෙලා අවසාන නිවේදන නිකුත් කලා
"තෝ අද එලියට බහින්නෑ. ආයෙ.. ඉර දිහා බලල අහුවුනොත් හමගහනව බලාගෙනයි" කියලා.ඒ විතරක් නම් මදෑ අහල පහල ගෙවල් වලටත් කෝල් කරලා ඒ ඉන්න එව්න්ටත් රාජාඣ්ඣාවක්(සන්නක ටයිප් කරන්ඩ බැරෝ..) දුන්නා එලියට බහින්නැතුව හිටු කියලා

දැන් ඉතින් කාල වරෙන්කෝ ආයෙ මේක ගන හොයනව බොරු.. ඒත් මන් තුමාගෙ නොසැලෙන මීව්ව එකත් , අප්ප්‍රතිහත මෙව්ව එකත් හමුවේ අන්තිමේ මට පුලුවන් උනා එලියට පැනගන්න අම්ම නිදි අතරේ.. ඒ ගහපු පොටෝස් තමයි ඔය තියෙන්නේ...






මම බලාගත්තු අතේ බලාගෙන ලෝකෙ පෙරලන්න කල්පනා කරද්දි හිතට ආපු දේවල් තමයි ඔය යටින් තියෙන්නෙ..සමහර තර්ක නම්  තර්කෙ එනකොටම බිඳිල ගියා..

1. මේක මගෙ පෝන් එකේ කැමරාවෙ අව්ලක් වෙන්න ඇති.. නෑ එහෙනම් කොහොමද එෆ්. බී එකෙ අනිත් අයගෙ කැමරා වලිනුත් මෙහෙම පෙනුනේ..

2. සිරාවටම මේ නම් ඉරවල් 2ක්.. හුටා ලෝකෙ විනාස වෙනව තමයි.. ඔහොම පොඩියට පායල තා ටික දොහකින් ලොකු වෙලා ලොකුම වෙලා පෘතුවිය කරුකුට්ටන් කරල දායි

3. නෑ මේක මේ බුධ හරි අඟහරු හරි වෙන්න ඕනි.(අනිත් ග්‍රහලෝක වෙන්න බැරි ඒවට පෘතුවියයි ඉරයි අතරට එන්න බැරි නිසා..) ඒක තමයි ඔය පේන්නේ. ඒත් දෙයියනේ නිව්ස් වලටවත් සිකුරු සන්ක්‍රාන්තියක් ගැනවත් බුධ සන්ක්‍රාන්තියක් ගැනවත් කිව්වෙ නෑනේ

4. එහෙනම් මේක තමයි අර රෑට රෑට පෙන්නන..පාට පාටින් වෙනස් වෙන මොකක්ද මන්ද එක.පෘතුවිය දෙසට එන උල්කාපාතයක් වෙන්නත් පුලුවන්. ඒත් නිව්ස් වලටවත් කිව්වෙ නෑ නේ.

5.සමහරවිට මේක මේ දඩිබිඩි ගාලා පෘතුවියට එන ධූමකේතුවක් වෙන්න ඇති..මතකනේ අර ටිං ටිං කාටූන් එකේ එහෙම එකක් ආවා.. ඒත් නාසා එකට නොපෙනෙන්න එන්නෙ කොහොමද?
සමහර විට ලෝක විනාසෙ වෙනව කියල දැන දැන වහන්කලාද දන්නෙත් නෑ ලෝකෙන්..

6.ඉරෙන් කෑල්ලක් ගැලවිලා වෙන්නත් පුලුවන්, කව්ද දන්නෙ. ඔය ඉරේ පිපිරීම් වෙනවලුනේ.එහෙම එකක් නම් සමහර විට නාසා එකට මිස් වෙන්න පුලුවන් . මොකෝ ඔන්න හෙට ඉරෙන් කෑල්ලක් ගලවෙනව කියල ඉරේ අන්නවැකි කියන්න ඉරේ පරීක්ශන පවත්වන්න පුලුවන් එකක්යැ..

7.නෑ නෑ හත්දෙයියනේ මේක පිටසක්වල ආක්‍රමනයක්!! නාසා එකේ රේඩාර් වලට අහු නොවුනු පියාඹන පීරිසියක්. ලෑන්ඩ් කරන්න තැනක් හොයාගන්න බැරුව දඟලනව වෙන්න පුලුවන්.. සමහර විට මුන් අපිට යුද්දෙ ප්‍රකාස කරන්න පලවෙනි වෙඩිමුරේපත්තු කරන්න ඕනි තැන හොයනව වෙන්නත් පුලුවන්. ,

ඔය විදියට එකී නොකී විවිද පරීක්ශන, නිරීකශන නිගමන වල යෙදෙමින්,ලෝකෙ පෙරලමින් ඉන්නකොටමට ඉතින් මගෙ බ්ලොග් යාලුවො මතක් උනා.

හා දැන් ගන්න ලමයි කැමරාවක් . යන්න එලියට. ගන්න පොටෝ.. ගහල බලන්න මොකෝ ..
පැහැදිලි මදිනම් ඔන් කරන්න නෙගටිව් මූඩ්. ආ දැන් ගහන්න ආයෙත් පොටෝ.. ගහල බලන්න මොකෝ..

ඔව් ඔබට දැන් සූරියා සමග සූරියාගේ නන්ගීවද දර්ශනය වනු ඇත..
(නන්ගීට ලයින් දාන්නැතිව මෙහෙ වරෙන් යකෝ,, )ආහ් කියන්න බලන්න මේ මොකද වෙලා තියෙන්නෙ කියලා. ඔබේ නිගමනයෙ සාර්තක අසාර්තක බාවය මගේ අවසන් නිගමනය සමග ගැලපෙනවද බලමු...

මම එෆ් බී එකේ යාලුවෙක් ගෙ උදව්වෙන් අවසන් නිගමනේකට ආව.. ඒ ගැන කියන්නම් හෙට රෑ වෙන්න ඉස්සෙල්ල, වෙලා තියෙන්නෙ  මේකයි කියල මන් හිතන්නෙ මට දැන් කියන්න පුලුවනි.. කමක් නෑ ඔයාලත් කියන්න බලන්න මොකද වෙලා තියෙන්නෙ කියල.. දැන් හවස.. දැන් නම් ඒක පේනවද දන්නෙ නෑ. හෙට දවල්ට බලන්නකෝ එහෙනම්. සමහර විට පිටසක්වල් යානාවක් නොවේ නම් ඔය මොකක්ද මන්ද එක හෙටත් පෙනෙයි (මම ඒක නම් කරනව මගෙ නමින්.:D  ඈයි අප්පා මමනේ හොයාගත්තෙ. ම්ම්ම් ඒකට හොඳ නමක් යෝජනාකරන්නත් ඔබටම බාරකරනව. හැබැයි ඒක ඇතුලෙ මගෙ නමත් තියෙන්නෙ ඕනි ඈ :P :P )


ඉතින් ලෝකෙ විනාස උනේ නැත්තන් හෙට රෑ වෙන්න කලින් මොකක්ද සීන් එක කියල මගේ නිගමනය දෙන්නම්. එතෙක් ලෝක විනාසෙන් තොර සුභ අනාගතයක්!!!

--------------------------------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------------------------------
--------------------------------------------------------------------------------------------------------

ප.ලි-

අනේ සමාවෙන්න ඕනි යාලුවනේ පොඩ්ඩක් පරක්කු උනාට .. ඔව්. ගොඩක් අය හරි.. ලෙන්ස් ෆ්ලෙයා (
Lense Flare) කියන සන්සිද්දිය තමයි මෙතන වෙන්නෙ. මම උනත් බොහොම අහම්බෙන් මේක එක පාර දැක්කෙ.  මට අහම්බයක් උනත් ඒකෙන් මම ඉගෙනගත්ත ගොඩක් දේවල්.. මට අලුත් දෙයක්, අලුත් අත්දැකීමක් උනා මේ සංසිද්දිය... මම හිතුව මේක මම විතරක් නොදන්න දෙයක් වෙන්න ඇති කියල.නමුත් මේක මොකක්ද කියල පැහැදිලි කරල දෙන්න පුලුවන් උනේ බොහොම අතලොස්සකට විතරයි..නොදන්න කට්ටියට කියලෙ දෙන්නම් ඉතින්..

අපි මේ දකින්නෙ වෙන ග්‍රහලෝකයක්වත්, වෙනත් ග්‍රහ වස්තුවක්වත්, තවත් සූර්යෙක්වත්..එහෙමත් නැතිනම් පිටසක්වල යානාවක්වත්  නෙමෙයි,. අපේ සුර්යාගෙම පරතිබිමයක්.. කෑමරා කාචයකින් විතරයි මේදේ දකින්න පුලුවන්.අපි භාවිතා කරන කැමරා කෝණය අනුව මේ දේ සමහර විට නොපෙනෙන්න පුලුවන්. කොටින්ම කිව්වොත් හැම වෙලාවෙම, හැම කැමරා කෝණයකින්ම මේ ලෙන්ස් ෆ්ලෙයා සංසිද්දිය දකින්න පුළුවන්කමක් නෑ..

මෙන්න මෙතන ඔබල බලන්න තවත් ලෙන්ස් ෆ්ලෙයා සංසිද්දිය ඇති වෙන (චායාරූප ගොන්නක් ගූගල් සෙව්මෙන් ගත්තු චායාරූප)

මේ තියෙන්නෙ ආලෝක කිරන ලෙන්ස් ෆ්ලෙයා සංසිද්දියෙදි කැමරා කාචය හරහා ගමන් කරන හැටි

                        

විකීපීඩියා එකෙත් මේ ගැන පැහැදිලි විස්තරයක් කරල තියෙනවා. මෙතන ඔබල ගිහින් බලන්න.

ලෙන්ස් ෆ්ලෙයා සංසිද්දිය බොහෝවිට චායාරූපකරණයේදි අවාසි සහගත සංසිද්දියක්. (හැම විටම නෙමේ. විශේශයෙන්ම ස්වභාවික දර්ශන චායාරූපකරණයේදි ස්වභාව සෞන්දර්යේ අලංකාරය වැඩිකරවන්න මේ දේ යොදාගන්න පුලුවන්). ඉතින් එයින් වැලකෙන්න චායාරූප ශිල්පීන් විවිද උපක්‍රම භාවිතා කරනවා.ඒ පිළිබද් උනන්දු කෙනෙක්ට කියවන්න තව ලිපියක් හම්බුනා. කැමති කෙනෙක් ගිහින් කියවන්න මෙතන ඔබන්න

මම මේ පෝස්ට් එක දාපු දවසෙම අපේ සාතන් උන්නැහෙත් මේ ගැන හොඳ පැහැදිලි කිරිමක් එක්ක විස්තරයක් දාල තිබුණා, ඒකනම් අනිවාර්යෙන් ගිහින් බලන්න. හරි අපූරු වීඩියෝ දෙකක් තියෙනවා (වැඩියෙ නැ කිලොබයිට් ගානක පොඩිම පොඩි වීඩියෝ දෙකක්. හරිම අපූරුවට ලෙන්ස් ෆ්ලෙයා එක කැමරාකෝණයත් එක්ක වෙනස් වෙන හැටි , ඇතිවෙන, නැතිවෙන හැටි බලාගන්න පුලුවනි.. මෙතන ඔබල ඒ පෝස්ට් එකට යන්න)

හොඳට බලන්නකෝ මම උඩ දාල තියෙන පොටෝවල ඔය කියන ප්‍රතිබිම්බය එකින් එකට පිහිටන තැන වෙනස්වෙනවා. මම පස්සෙ පොටෝ ටික විශ්ලේශනය කරනකොට දැක්කෙ. සමහර වෙලාවට ඉරට ලඟින්ම.. සමහර වෙලාවට ඉරට ඈතින් පිහිටනවා. සාතන්ගෙ පැහැදිලි කිරීම් එක්ක ඒකට හේතුව ලෑබෙනවා :)

ඉතින් යාලුවනේ චායාරූපකරණය පිළිබද මෙලෝ හසරක් නොදැන හිටිය මං මේකෙන් ගොඩක් දේවල් ඉගෙනගත්තා. ඒ වගේම අපි නොදැකපු කොච්ච්ර සංසිද්දි තව තියෙනවද මේ ලෝකෙ. ඒව ගැන අලුතින් ඉගෙනගද්දි, ඒවා දකිද්දි ගොඩක් ලොකු වින්දනයක්  ලබන්න පුලුවන්..මම හිතනව මේ ගැන නොදන්න ඔයාලත් මොනව හරි පුංචි දෙයක් මේකෙන් ගන්න අති කියල. එහනම් ගවේශනාත්මක සමියා පොස්ට් එක මෙතනින් ඉවර කරනවා, පිස්සු සමියා සමඟින් නැවත හමුවෙමු !!!


79 comments:

  1. බොට ඉස්සරවෙලාම උගන්නවන්න ඕනෙ " ඤ " සහ " ඥ " ලියන හැටි

    ඤ - Shift+KN
    ඥ - Shift+GN

    ReplyDelete
    Replies
    1. shift ඔබාගෙන ගහපුවහම ආයෙ සිම්පල් kn වෙනවනේ.. හී හී :D
      ස්තූතියි ලිහිනියො

      Delete
  2. හයියෝ.. මුට කැමරාවක් අහුවෙලා.....

    ReplyDelete
    Replies
    1. අපිට කොයින්ද පූසො මාලු..
      අපි යනවයැ මූදු.. :( :P
      හී හී

      පෝං එකේ කැමරාව තමයි ඉතින් හැමදේටම

      Delete
  3. අඩේ...ඕකට ඔය හැටි කලබල වෙන්න ඕනයෑ සමියො..අපි හැමදාම කියන්නෙ " ඉරකි තිතකි " කියලා. මෙච්චර කාලෙකට තිබ්බේ ඉර විතරනෙ..ඔන්න දැන් තිතකි ත් ඇවිල්ලා...හි හි හී

    ReplyDelete
    Replies
    1. එතෝට කොමාව :O
      ඒකත් කොහෙන් හරි පෑව්වනම් තමා වටින්නෙ :p

      Delete
    2. 21 ට කලින් කොමාවත් පායයි @ සමී
      +++++ @ ලිහිණි

      Delete
  4. අලේ අමතක උනානේ... මගෙ උස 5'8 හමාරයි..ඔට්ටුව මම පැරදුනොත් ටොකු අනින්න ඉණිමඟ ගේන්නෙ කවුද ? හි හි හී

    ReplyDelete
    Replies
    1. මම පරදින්ව කියන්නෙ ලෝක විනාසෙ වෙනව කියනෙක නේ.. ලෝකෙ විනාස උනාට පස්සෙ ලිහිණිය කෙලින් හිටන් ඉඳියිද කියල කව්ද දන්නෙ :P :D

      Delete
    2. හුටා ඔයැයිට ටොක්ක හම්බෙන්නෙ ලෝක විනාසෙ නොවුනොත්නේ.. ඉණිමගක් ගේන්නම වෙනවා. පොඩ්ඩක් මඤ්ඤං(අන්න දැක්කද ඉගෙන ගඤ්ඤව කියඤ්ඤෙ ඕකට ඤේඤ :D) වෙලා ඉර අව්වෙ ඉඳලා. ක්ලික් වෙන්න සෑහෙන වෙලාවක් යනවා :P

      Delete
    3. ඉනිමග මගේ ගානේ ,මෙයා අපේ නුවරට අනන් මනං කීවා ,හයියෙන් ඇනපන් ටොකු 5 හරිද සමී

      Delete
    4. අනිවා :D
      උඹ ඇඟට තියල ඉනිමග අල්ලන් ඉඳහන් යට ඉඳන්.මන් අනින්නම් ඉනිමගෙ නැගල..
      මට මැවිල පේනව අප්පා :D

      Delete
    5. බොලා දෙන්නට මම ඉතින් කිව්වා කියලා හිතා ගනිල්ලකෝ...හි හි හී

      Delete
  5. බය කරන්න එපා යකෝ. මේ තියෙන එක ඉරෙත් තියෙන රස්නේ වැඩි වෙලා ඉන්න අපට තව ඉරක් ගැන කියලා. ඕක මේ මොකක් හරි උල්කාපාත කෑල්ලක් වෙන්න ඇති බොල.

    ReplyDelete
    Replies
    1. උල්කාපාතයක් උනත් වැටුනොත් ඔලුවේ. හෙට කැමරාවකරන් ගිහින් බලන්නකෝ.. ඊට කලින් ඕක වැටිල ලෝකෙ විනාස උනොත් ඔල්ල මල්ලලෑ :D

      Delete
  6. lens flare එකක් නෙව බං ඕක.. මේ ලින්ක් එකට ගිහින් බලාපල්ලකො...

    http://www.youtube.com/watch?v=FiHVBYrlhbo

    ReplyDelete
    Replies
    1. මම කියනවට නිකමට බලන්නකො ලෙන්ස් ෆ්ලෙයාද වෙන මොකක් හරිද කියල

      Delete
  7. loka winase unoth ottuwen wadak nane bn.:(

    ReplyDelete
    Replies
    1. මම අල්ලල තියෙන්නෙ ලෝක විනාසෙ වෙන්නෑ කියලනේ.. ඉතින් විනාසෙන් පස්සෙ ඔට්ටුව අදාල වෙන්නෙ ලීනිට :P

      Delete
  8. lens flare එකක්ද මන්දා...ඒත් අනේ මන්දා...මං තාම පොඩියි. ඔව්වා තේරෙන්නෑ...

    ReplyDelete
    Replies
    1. හෙට නිකන් බලන්නකො පොටෝ එකක් ගහල. අලුත් ග්‍රහලෝකයක් වෙන්නත් බැරි නැතුවා

      Delete
  9. ඒ මට හිනා යනවා උඹේ එලිදරව්වට
    අපිට කිව්වට මේක වෙන කාටවත් කියන්න එපා ඈ උඹව ඒරියා 51ට ගිහින් දායි :P

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මම් මේ කම්පනා කලේ.. බයේ බෑ :P

      Delete
  10. කොහොම උණත් ආණ්ඩුවට වාසිදායකයි. ලෝක විනාසේ, පායන ඉරවල්, අභ්‍යවකාශ යානා අද අපි කතා කරනුයේ ඒ ගැන. නමුත් යටින් දෝශාභියෝග.... ආදී බොහෝ දේ සිදුවෙනවා. මැච් එකක් අවසානයේදී බඩු මිල ඉහල යනවා සේ සිතන්න දේවල් බෙහෝ තිබෙනවා. මා ඔබේ අවධානය වෙනත් දිශාවකට තල්ලු කළේ....

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕකනේ බැරි ලෝක විනාසෙත් ආන්ඩුවට කඩේ යනවනේ...හී හී :D
      සාදරයෙන් පිලිගන්නව නිර්මලා අක්කව මගේ සුට්ටන් ලෝකෙට :)

      Delete
  11. ඈ බන් ,දැන් ඕක දවල්ද පෑවුවේ ?

    ReplyDelete
    Replies
    1. අඩේ වෙලාව බලන්ඩ බැරුව ගියා බන් දවල්ද කියල.. දවල්ද රෑද කියල මතයක් නෑ.. කොහොම හරි පායන එක නම් පෑව්ව නස්තාර් වෙන්ඩ :D

      Delete
  12. හුටා.. බඩුම තමයි!! ආයේ දෙකක් නෑ ඉර කසාද බැඳලා. උන්ට පාඩුවේ ඉන්න දීලා ගෙට වෙලා හිටපන්..:)
    පොඩ්ඩක් වැරදිලා නේද.. අඟහරු නෙවෙයි සිකුරු.
    //3. නෑ මේක මේ බුධ හරි අඟහරු හරි වෙන්න ඕනි//

    ReplyDelete
    Replies
    1. අහ් ඔව් ඔව් ස්තුතියි වැරැද්ද පෙන්නල දුන්නට:)
      ඉර උනත් හොයාගන්න ඕනි තමන්ට ගැලපෙන සයිස් එකේ එකෙක්. බලපන් හොයාගත්තන් එකේ පොඩි. මේවා බලාපරාද!

      Delete
  13. ඔය තිත මීට අවුරුදු දෙකකට කලින් තිබුනෙ හරියටම ඉර මැද්දෙ.. දැන් එලියට පැනලා.. බොරුනම් මෙතනින් ගිහින් බලපන්... ( මගෙ කමෙන්ට් එකේ ප්‍රොෆයිල් ෆොටෝ එක බලන්න. ඕක දාන්න වෙන ක්‍රමයක් මම දන්නේ නැත )

    ඔය මම මීට අවුරුදු දෙකකට විතර කලින් ගත්තු ඉරේ ෆොටෝ එකක්..

    ( ඔය තිත නැතුව කාලයක් ඩූඩ්ටනින්ද ගියෙත් නෑ.. හැහ් හැහ්... )

    ReplyDelete
    Replies
    1. හැක්! අවුරුදු දෙකකට කලින් ඉරට උපන්ලපයක් තිබිලනේ බොලේ
      පොට්ටුවක් තියල වගේ :D

      Delete
  14. අමම්ට සිලි වෙනවා. හිහි. සිකුරු සංක්‍රාන්තිය වෙලා වැඩි කාලයක් ගියේ නෑ නේ. මං හිතන්නේ මේ වෙන මොකක් හරි ග්‍රහලෝකයක් පථයෙන් එලියට පැනලා වෙන්න ඇති. පාර වැරදිලා.

    ReplyDelete
    Replies
    1. "අමම්" කියන්නෙ කවුද මිස් ? මිස්ට මේ ගැන පැහැදිලි කිරීමක් තියෙයිද ?

      Delete
    2. හයියෝ..මේ සිංහල වලට හරිම දුර්වල මිස් කෙනෙක් සෙන්නා :)

      Delete
    3. සමහර විට ඕක වෙන සෞරග්‍රහ මණ්ඩලේක එකක් වෙන්නත් බැරිනෑ. මණ්ඩලේ කචල් වෙලා දමල ගහල ආවද කවුද දන්නේ. හී හී :D

      Delete
  15. හි හි.. නමට දාහන් Sami 2MP කියලා.නමත් තියෙනවානේ එකේ.

    ReplyDelete
    Replies
    1. හරි බොහෝම ස්තූතියි

      සභාවෙන් අවසරයි! මම ඒක නම් කරනව "සමිටු එම්පී" ග්‍රහලෝඉකය ලෙස.. නැත්තන් "සමිටු එම්පී" සන්සිද්දිය ලෙස :P

      Delete
  16. මල කෙළියයි මහ රජ කිව්වලු!!! බුද්ධ හරි සිකුරු හරි ඔහොම පේනවා නම් පෙන්නේ ඉර බහින්න කිට්ටු වෙලා නේ.. සෙන්නා පෙන්නන ලපය නම් ඒ ග්‍රහයෙක් වෙන්න පුළුවන් මට හිතෙන්නේ. ඒ පින්තූරේ හවසක නේද අරන් තියෙන්නේ?
    මේක ගැන නම් මට no idea.

    ReplyDelete
    Replies
    1. නැහැ මේක ගත්තෙ පට්ටම දවාලේ. පොඩ්ඩක් පෝන් එකෙන් ඉරේ පොටෝ එකෙක් ගත්තනම් ඔබ තුමාටත් පෙනෙයි. සෙන්නාගෙ ලපෙයි මේ ලපෙයි 2කම එකයි ..

      සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!:D
      ('මල කෙළියයි මහ රජ කිව්වලු' කියල කියපු නිසා කිව්වෙ. අඩවි රජ්ජුරුවො මාව උල තියයිද දන්නෙත් නෑ :P)

      Delete
  17. හත් ඉලව්වයි ඔහොම දෙයක් මම දැකල නැහැ නේ ට්‍රයි කොරල බලන්න ඕනේ. මම අදනේ දන්නේ මුදිය නොහොත් සමිය කියන්නේ මේකාට කියල හික් හික් හික්
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. හී හී .... අරන් බලන්න කෝරලේ මහත්තයා. බලල වෙනස වටහාගන්න. :)
      මම දැනන් හිටියෙ නෑනේ කෝරලෙ මහත්තය මගෙ ෆ්‍රෙන්ඩ් ලිස්ටුවෙ ඉන්නව කියල. සන්තෝසයි ඉතින් මට :)

      FACE BOOK ඉන්න අය කමතිනම් මට රික්වෙස්ට් එකක් දාන්න.. අඳුනගන්න කැමතියි අනිත් අයවත්..
      මුදියා නොහොත් සමියා

      Delete
  18. lens flare එකක් වෙන්ට ඇති ..අර සාතන් ගේ පොස්ට් එකේ දාල තිබුනේ
    http://sathangeadaviya.blogspot.com/2012/12/ufo.htmlපොඩ්ඩක් බලන්ටකෝ :)
    අනේ මන්දා ඉතිං
    :D

    ReplyDelete
    Replies
    1. වෙන්ටැති වෙන්ටැති :p
      ස්තූතියි ලින්කුවටත් කමෙන්ටුවටත් :)

      Delete
  19. <iframe src="http://free.timeanddate.com/countdown/i3ezcceq/n1925/cf111/cm0/cu4/ct0/cs0/ca0/co0/cr0/ss0/cac000/cpc900/pc66c/tc66c/fs150/szw256/szh108/iso2012-11-19T18:17:00" frameborder="0" width="256" height="108"></iframe>

    Dashboard... add gadget.. java script එකක් අරන් ටයිටල් එකට කැමති නමක් දීලා සේව් කර ගන්න. width="256" කියල එකක් තියන්නේ මේකේ. එතන වෙනස් කරලා ඕන ගානකට ගැජට් එකේ පළල හදා ගන්න පුළුවන් ඕනේ නම්. මේ ගාන හරි යයි.
    http://www.timeanddate.com/clocks/freecountdown.html මෙතනට ගිහින් තව වෙනස් කම් කර ගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. බෝම ස්තූතියි චන්දන :)

      Delete
  20. තවත් එක්තරා අපූරු සිදුවීමක්.....

    ReplyDelete
    Replies
    1. අපූරුයි නේන්නම් හිමාවි අක්කෙ. ඔයාගෙ පලවෙනි කමෙන්ටුවට බෝම ස්තූතියි :)

      Delete
  21. ඈ බොල ගෙම්බො, ඊයේ ඉදන් ට්‍රයි කොරනවා මේ පෝස්ට එක බලන්න.. දැනුයි පුළුවන් වුනේ..මොකෝ ඒ??.. මුදියන්සෙ..හහ්..මගෙ ඔෆීෂියල් මූණු පොතේ බොලා ඉදලා මෙච්චර කල්.. :P මම දන්නෙත් නෑ.. මමත් හෙට ඉදන් උඩ බලන් ඉන්න ඕනි අප්පා.. මෙහෙම එව්වා බලාගන්න.. :/

    ReplyDelete
    Replies
    1. මල කෙලියයි.. මේ සයිට් එකේ සුකුරුත්තන් ටික වැඩිවෙලා ලෝඩ් වෙන්න පරක්කු වෙනවද දන්නෑ.. සික්. මාර අප්සට් එක එහෙම උනොත්. තව කාට හරිත් එහෙම උණාද? :(

      ඒකනේ කෝරලේ මහත්තයගෙ ප්‍රොපයිලයෙත් මම ඉඳලනේ. සමහර විට ඔයා කියනව වගේ මේක මේ රවණ්ණාගෙ මොකක හරි දෙයක්ද දන්නෙත් නෑ නේද මෙයා??

      Delete
    2. වෙන කෙනෙක්ට වුනාද නම් දන්නෙ නෑ යාළු.. ලෝඩ් වෙන්න පරක්කු වෙනවා නෙවෙයි, ඩිලිට් කරලා කියලා එන්නෙ.. ම්ම්ම්..රාවණාගේ සම්බන්ධයක් නම් නෑ මම හිතන්නෙ..

      Delete
    3. අහ්හ්... ඔව් සමි.... ශම්මි කියන දේ මටත් වුනා....ගොඩක් පාරක් ට්‍රයි කලා. ඒත් පොස්ට් එක නෑ කියනවා. අද බැලින්නම් මෙන්න බොලේ කට්ටිය කමෙන්ට්සුත් කරලා. මම හිතුවේ මගේ මොකක් අලි අවුලක්ද කියල..... බලින් නම් තව අයට එහෙම වෙලානේ.....

      Delete
    4. අය්යෝ මේක්නෙ මෙයාල උනේ මගෙ අති පණ්ඩිතකමට අර ශෙයා කරන්න තියෙන්නෙ පෝස්ට් එකේ යට එෆ් බි එකටයි ට්විටර් එකටයි. එතනම තියෙනෙවනෙ බ්ලොගෙර් එකටත් ශෙයා කරන්න කියල බට්න් එකක්, නිකමට වගේ ඒක ඔබල බැලුවා. අය්යෝ එකම පෝස්ට් එක දෙපාරක් පෝසට් වෙලා. ඉතින් එකක් අයින් කලා.. තාම ඉතින් මම මේකට අලුත්නේ. හිතුන හිතුන වෙලාවට එක එක ඒව ඔබල බලනව මොකද වෙන්නෙ කියල. හී හී :D

      Delete
  22. අද මං ඉන්න දිහාවට ඉරවල් දෙකක් තියා එක ඉරක්වත් පේන්නෙ නෑ. අහස වළාකුලින් බර වෙලා :((

    ReplyDelete
    Replies
    1. හෙටවත් බලන්නකෝ අනේ.. ආයෙ ඕව දකින්න පිනත් තියෙන්ඩ ඕනි අප්පා :P(විහිලු හොඳේ )

      Delete
  23. අර උඩම තියෙන ටොකු සීන් එකට තව ක්‍රමයක් තියෙනවා.
    Heads: I win, tails; you lose කියලා.

    සමී, මේක දැක්කාම මටත් හිතුනා ඉරවල් මිලියනයක් පායලා කියලා පෝස්ට් එකක් දාන්න. වෙලාවනෙ අවුල.

    ඉතින් මේකට උත්තරේ මොකක්ද බං?

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. මේකත් ඒවගේ ඔට්ටුවක් තමයි ඩූඩ් අය්යෙ,ලෝක විනාසෙ උනේ නැත්තං එයාට ටොකු. ලෝක විනාසෙ උණොත් මට ටොකු අනින්ඩ එයා ඉතුරු වෙලා ඉන්ඩ එපැයි :D .. සාදාරනයි නේ?? හි හි

      උත්තරෙ ලෙන්ස් ෆ්ලෙයා කියන සන්සිද්දිය තමයි ඩුඩ් අයියෙ.. ඔන්න ප.ලි. කියල කැල්ලක් පෝස්ට් එකට එකතු කලා ආයෙ බලන්න. සාතන් ගොයියත් බොහොම අපූරුවට පැහැදිලි කරල දීල තියෙනව මේ සංසිද්දිය:)

      Delete
  24. ඕකම වැදිල තිබුන බන් මම ගහපු පොටෝ වලත්.. ඒකත් මෙගා පික්සල් 2කේ ෆෝන් කැමරාවකින් ගත්තෙ... :)

    ගෙඩි පිටින් ලෙන්ස් ෆ්ලෙයාර් එක බන්...

    ReplyDelete
    Replies
    1. ඔව්! සාතන් මහත්තය හරි :)
      ඔයැයිගෙ පෝස්ට් එකේ ලින්කුව පල්ලෙහා දානෝ...

      Delete
  25. ඔහොම තමයි මචෝ. කාලෙ කලෙට එක එක කතා එනවා. මතකනේ 2000 අවුරුද්ද පටන් ගන්න ඉස්සෙල්ලා Y2k කියල ‍රැල්ලක් ගියා. සුර්යො දෙන්නගෙ කතාවට නම් හරියටම උත්තරයක් දෙන්න දැනුමක් නෑ.සමහර වෙලාවට කිව්වත් වගේ බුධ හරි සිකුරු හරි වෙන්න පුලුවන්

    ReplyDelete
    Replies
    1. නැ මචන් බුදවත් සිකුරුඅත් නෙමේ.. ඒ කෑමරාවක ඈතිවන සංසිද්දියක් :)

      Delete
  26. අම්මට උඩු දැන්නේ දන්නේ...දවල් වත් දැනගත්තානම් පොඩි ලයින් එකක් දාලා බලන්න තිබ්බා අප්පා....ෂිට්.....වටිනා කියන ලිපියක් මේකනම් අයියේ....

    ReplyDelete
    Replies
    1. හී හි! සූරියාගෙ නංගිට ලයින් දාන්න ගිහින් පාරජම්බුල ප්‍රහාරයකට ලක් වෙන්න එපා මලේ :D

      Delete
    2. මට පාරකිම්බල ප්‍රහාරයක් වදින්න ඔන්න මෙන්න තියෙද්දී මම එකට ප්‍රහාරයක් එල්ල කළා

      Delete
  27. ෆොටො ටික නම් බල බල හරි ඉන්න පුළුවන්.ඒත් කියන කථා නොවැ අහන්න ඉන්න බැරි මලෝ.විනාශය ගැන මධ්‍ය කියන දේයක්.එක එක පැත්තට මෝලේ කරකවලා පිස්සු වගේ.අනේ ඉක්මනට 21 එනවා නම්.

    ReplyDelete
    Replies
    1. නෑ අක්කෙ,, කවුරු මොනව කිව්වත් මේ ලෝකෙ විනාස වෙන කාලෙ නෙමේ.. ඒකට තව කල් තියෙනව..

      ඔන්න තව කතාවක් කිව්ව අහන් ඉන්න බැරි.. අනේ ඉක්මනට 21 එනවනම් ... :D

      Delete
  28. මං නම් ඔහොම එකක් දැක්කේ නෑ බොල.... අනේ මන්දා ඉතිං ඕව නම්..... අහ්හ්.... මේ ලෙන්ස් ඒකට හොද නෑ නේද ඔහොම කෙලින්ම ඉරට අල්ලලා ෆොටෝ ගහන්න. ඉරේ ෆොටෝ ගහන්න පුළුවන් ලෙන්ස් වෙනම තියෙනවා නේද? මං ඉතිං හරියටම දන්නේ නෑ.... දන්න විදියට කිව්වේ. වැරදි නම් සමාව භාජනයකට දාන්න හොදේ.... :)

    ReplyDelete
    Replies
    1. ඔව් ස්මනළි , මම ඒක දෑනගත්තෙ පස්සෙ.. කැමරාව අල්ලන්න හොඳ නෑලු කෙලින්ම ඉර එලියට.. මගෙ නං ඉතින් පෝං කට්ටෙ කෑමරාවට මුකුත් උනේ නෑ.. ඒකට ඉතින් හානියක් උනත් ගානක් නෑති නිසා ඔහෙ ඇල්ලුවා ඉරට . හි හී :D

      Delete
  29. මම හිතන්නේ අද තමයි මම මුලින්ම මෙහාට ආවේ. මාරයාගේ අඩවියේ ඔයා මාරයට කියලා තිබුණා අපි මෙහෙ ආවට උඹ අපේ දිහාවේ එන්නෙවත් නෑනේ කියලා. ඉතින් මට හිතුනා මමවත් ගිහින් බලන්න ඕනේ කියලා.

    බොහොම අගනා තාක්ෂණික කරුණු ඇතුලත් ලිපියක්. ඒ වගේම මිත්‍යා මත ප්‍රචාරයවීම වැලක්වීමට ගත හොඳ පියවරක්. මේ ලඟදි අපේ පැත්තේ රාත්‍රී කාලයේ තිබුන පෙරහැරක ඡායාරූප ගත්තා මම. බුදු අම්මෝ වැටිලා තිබුන දේවතා එලි ගොඩ. මුලදී බොහොම දෙනෙක් විස්වාස කළා පෙරහැරේ කරඬුවක් වදමවපු නිසා දේවතා එලි වැටිලා තියෙන්නේ කියලා. පස්සේ මම විස්තර කරලා පෙන්නුවා අන්තර්ජාලයෙන් උදාහරණ පින්තුර අරගෙන මෙහි තිබෙන විද්‍යාත්මක සංසිද්ධිය. ඇත්තටම මේ 21 වැනි සියවසේදීත් මිත්‍යාවේ ගැලුන අය සිටීම තමයි පුදුමේ. මට මතකයි එක්තරා දෙශාපාලකයෙක් සෝමාවතී දාගැබ අල්ලාගෙන මෙවැනි මෝඩ උත්සාහයක යෙදුනා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සහෝදරය මේ පැත්තෙ ආවට. එහෙමත් කියල ගෙන්නගත්තෙ නැත්තං ඔය ලොකු මිනිස්සු ආත්මෙට එන්නෙ නෑ අපෙ පෙත්තෙ .. හි ..හි :D
      ඔන්න කිව්වට පස්සෙ ඇවිත් පොස්ට් එකක්ට කමෙන්ට් කරල ගිහින් තිව්නා

      විචාරකයියට කියන්න මිනිස්සු තාමත් හරි කැමතියි තමන්ගෙ ඇහැට නොපෙනෙන කරුණු වලට.. මිත‍යා මත වලට ඒකයි මේ තරම් එ දේවල් සමාජයට යන්නෙ. කතාබහට ලක් වෙන්නෙ..ඇහැට දැකල නැතත් මිනිස්සු තමන්ගෙ මතෙන් බැහැරවෙන්න හරි අකමැතියි

      Delete
  30. අෆ්ෆා. මාර වැඩනේ සෙට් වෙන්නේ. අබුද්දස්ස කාලෙට ඔහොම තමා.
    ඇත්තන්ම ලංකාව දියුණු කරන්න ඉස්සර වෙලා ලංකාවේ ඇත්තන්ගේ මොල ටික හෝදලා දන්න ඕනෑ. මොකද විචාරක කියුවා විදිහට 21වන සිය වසේත් ගම්බද ඇත්තෝ තවම ඔය මිත්‍යා ඇදහිලි විස්වාස් කරනවනේ.

    ReplyDelete
    Replies
    1. ඒ දෙවල් වලට ඉතින් ගරහන එකත් එක අතකට වැරදියි. අනේ මන්දා හැමදේම විද්යාත්මකව දකින්න ගියහමත් ටිකක් ගැටලු ඇති වෙනව. කොහොම උණත් දැඩි සේ මිත්යාමතධාරී වීමනම් කරදර ගොඩකට මුල..
      පිලිගන්නව මෙ පැත්තට :)

      Delete
  31. ලෝක විනාසය සමාජගතකරන්න ඔයත් දායක වුනා ද?

    ReplyDelete
    Replies
    1. අනේ නෑ අක්කන්ඩි..හි හි පුංචි විහිලුවක් විතරයි ඉතින් :)
      අක්කා උඩත් කමෙන්ට් කරල තියෙනවා. මතක නැති වෙලාද මන්දා :O

      Delete
  32. ඔය වෙලාවේ බ්‍රහස්පතිගේ කක්ෂයත් වැටිලා තියෙන්නේ සූර්යයා උඩින් ලු දැකලා තියෙන්නේ සමහරවිට බ්‍රහස්පති වෙන්න පුලුවන්

    ReplyDelete