පෙර කොටස් වෙත ..
සතියක් ගෙවිල තවත් සතියකට ඇරඹුම ලබාදෙමින් බටහිර අහසේ පූර්න චන්දරේ බැසයද්දි නැගෙනහිර අහසේ කාන්තිමත් එළි විහිදුවමින් සූර්ය රාජයා පායන්න පටන් ගත්තෙ ස්වකීය රශ්මි කදම්භය කම්පූටර් රාජයා සහ මාගේ පශ්චාත්භාගය මත පතිත කරමින්.. හමාගෙන ආ මද සුලඟ පවා මගේ කර්නසංකය සන්තර්පණය කරමින් මුමුණන්න පටන් ගත්තෙ "මමී.. මමී.. මමී.. වැනි වචන පෙලක්.. මගේ මුලු ගත සිතම ප්රභෝධමත්වෙලා පිපිච්ච සූරියකාන්ත මලක් වගේ... අදයි ඒ දවස .. අපි හැමොම පුල පුලා බලා සිටි මමී බලන දවස..
සුපුරුදු පරිදි දහම් පාසල් දුවල ගෙදර ආවට මොකද දහම්පාසලේ ඉන්න කොටත් සන්ඩේ ඉස්පෙශල් කිරිබත කද්දිත් මතක් උනේම අද අපි චිත්තරපටිය බලන හැටිමයි.
වැඩිවෙලා බලාගෙන ඉන්න උනේ නෑ .. පාන්දරින් කුකුලත් කර පින්න ගෙන කන්චා (සමාවෙන්න.. සී.ඩී එකත් අරගෙන කුකුලා) සම්ප්‍රාප්ත උණා අපේ ගෙදරට.
"ගෙනාවද?"
කන්චා මහාර්ඝ වස්තුව උනු සීඩී රාජයා බෑග් එකෙකින් එලියට අදින්න පටන් ගත්තා. උගේ මුන ෆිල්ම් එකක් අධ්‍යක්ෂනය කරපු අධ්‍යක්ෂකවරයෙක් සිය චිත්‍රපටය ජනතාවට නිකුත් කරන දවසෙ දැනෙනවටත් වඩා සතුටකින් ඔද්දල් වෙලා..
"හී හී.. මේ....... බඩු හැව් " කන්චා කිව්වෙ කුප්ප හිනාවක් දාගෙන...
කන්චා ආවට පස්සෙ අනිත් එවුනුත් එන්න වැඩි වෙලාවක් ගියෙ නැ. වෙනද වගේ නෙමේ කාලෙකට පස්සෙ වෙනසක් නේ. කට්ටියම සූදානමින් හිටියෙ මම සහ කන්චා වගේම චිත්‍රපටිය බලන්න ඉවසිල්ලක් නැතුව. ඒ හින්දා වැඩි වෙලාවක් නොගෙනම ගෙදර කට්ටිය ඔක්කොගෙන්ම පිරිල ඉතිරිලා ගියා
"නිකන් බෑ. කාලෙකට පස්සෙ ෆිල්ම් එකක් බලන හින්ද නිවී හැනහිල්ලෙ බලන්ඩ ඕනි. ෆිල්ම් හෝල් එකක බලනව වගේ වැඩේ තියෙන්න ඕනි" එකෙක්ගෙ අදහස ක්‍රියාත්මක වෙන්න වැඩිවෙලා ගියෙ නෑ
ගැලෙව්වා කම්පූටරේ වයර්, මගෙ කාමරේ තිබුන කම්පූටරේ ඉස්තෝප්පු කාමරේට ප්‍රවාහනය කරන්නට යෙදුනා.. ඉස්තෝප්පු කාමරේ ටිකක් ඉඩ වැඩියි. ඒ වගේම වැඩියෙ බඩු ගොඩක් තිබුනෙ නෑ..එ නිසාම ෆිල්ම් එක බලන්න හොදම තැන ඒක කියල කට්ටිය තීරණය කරලා තිබුණා..
දැන් කස්ටිය හෝ ගාල වැඩ. එකෙක් පීසී එක අමුනනව, තව එකෙක් පුටු අදිනව. තව එකෙක් මොනිටරේ හැමෝටම පේන විදියට පුටු ටික හදනවා.. තව එකෙක් ජනෙල් ; දාල තිබුන කර්ට්න් වලින් ආවරනය කරනවා ..හරියට මගුල් ගෙයක් ගන්න වගේ ලෑස්තිය..
අම්මත් එක පාරක් ඈවිත් බලලා ගියා අපි මොකෝ කරන්නෙ කියලා. අසරණ අපි ඉතින් කාලෙකට පස්සෙ ෆිල්ම් එකක් බලන්නෙ හින්දයි , ඊයෙ පෙරේද දවස් ටිකේම මම හොඳ පුතාගෙ චරිතෙ මනා රංග කෞශල්‍යකින් යුතුව රඟ පෑව හින්දයි අම්ම වැඩි අකමැත්තක් පෙන්නුවෙ නෑ වැඩේට.
"අම්මේ අනේ අපිට ඉන්ටෝල් එකට බොන්න බිස්කටුයි කන්න තේ හදල දෙන්න හොදේ. හොඳ අම්මනේ ඉතින් ඔයා" පෞද්ගලිකව අම්මව හම්බෙලා අතිශය හුරතල් ලීලාවෙන් කරපු ඉල්ලීමත් අම්ම හිනා වෙලා බාරගත්තා..
ඔන්න ඉතින් නවත්තල තිබ්බ එකෙක්ගෙ බයිසිකලේක තිබුනු බෙල් එකත් තුන් පාරක් ගහගෙනම ෆිල්ම් එක බලන්න පටන් ගත්තා.
කස්ටියත් පුටු වලට බර දීල හරියට සැවෝයි එකේ වගේ. අනේ පිලුමත් බෝම අපූරුවට කම්පූටර් රාජයාගේ තිරය මත තිරගත වෙනවා හෝ ගාලා...
ටික වෙලාවකින් ඉතින් කට්ටියට ඉවසිල්ල නෑ. ඊලඟට වෙන්නෙ මේකයි මේකයි මේකයි.. අන්න බලපන් අර .. අර අර මං කිව්වෙ නැද්ද .. හූ උබ කියපු එක නෙමේ උනේ මං කියපු එක.. අරූට පිස්සුද බං අර කලුවරේ උමගට යන්නෙ .... බ්ලා බ්ලා බ්ලා වගේ කාලගුන වාර්තා සමඟ විචාර දෙන්න පටන් ගත්ත හින්දා
මම ඇතුලු කීප දෙනෙක්ට පුෂ්පය විකසිත වෙන්න පටන් ගත්තා.
මට තද උනාමත් හරි වසයි හරිය ?. හෙනම දරුණුයි.. නොනැමෙන සුලුයි.. නොදැමෙන සුලුයි..
ඉතින් වස කොල්ලගෙ චරිතෙ මගේ ඇගේ හැම නහරෙකටම ගනිමින්
"කටවහෙන් බලපියව් යකෝ බලනවනම්. මොන රෙද්දක්ද මේ. ෆිල්ම් බලන්න පුලුවනැයි තොපි එක්ක... බලන මගුලක් කට වහගෙන බලපියකො වද නොදී.. සිද්ද වෙන දේවල් තොපි කියන්න ඕනියැ.. ඒක අන්තිමට බලාගන්න පුලුවන්නෙ යකෝ.බලන්න බැරි උං පලයව් යන්න මෙතනින් නැකිටලා රෙද්ද." කියලා මහා සිංහ නාදයක් පැවැත්තුවා
මම වස උනාම අනිත් හැමෝම මට බයයි.. ඒ මගෙ හැටි.. අනික මගේ ගෙදර ක්‍රියාත්මක වෙන්න ඕනි මගෙ අණ.. ඒක හැමදාමත් ඒ විදියමයි...
"හනෙහ් පලයං යකෝ යන්න.. තෝ දන්න රෙද්ද .. මොකෝ තොට මේක නිස්සද්දවෙලා බැලුවයි කියල තේරෙන එකක්යැ.. මොකෝ මේක සිංහල පිලුමක්යැ.. නිකං කටයි පු*යි වහගෙන බලාං "..
"අනේද කියන්නෙ .. මූට නිකං තෙරෙනවා වගේ .. මූයි මායි බලන පිලුං.. සමියා තෝව අල්ලල එලියට දාන්න කලින් මීය වගේ සද්දෙ වහල හිටාං හරිද ?"
අන්න ඒ විදියට මං කියන දේ හිස නමල පිලිගත්ත යාලුවො ෆිල්ම් එක දිහා ආයෙමත් අවධානය යොමු කලා..
ඇත්තටම මට පුදුම හැකියාවක් තියනවා ඕනිම භාශාවක් තේරුම් ගන්න.. ඉංග්‍රීසි පිලුම් එකක් වේවා, හින්දි පිලුම් එකක් වේවා.. දෙමල පිලුමක් වේවා මට පුලුවනි කියන්න ඒ පිලුම ඉංග්‍රිසිද , දෙමලද , ඒමත් නැතිනම් හින්දිද කියලා කියන්න . ඒතරම් භාශා ඥානයක් මට තියනවා.. ඒක අපේ එවුං කවදාවත් තේරුම් ගත්තෙ නෑ... උං හිතුවෙ මටත් උංට වගේම කිසිදෙයක් තේරෙන්නෑ කියලා ..
ඉතින් කොහොම හරි චිත්‍රපටිය බොහොම කුතුහලයෙන් අපේ දෑස් ඉදිරියේ තිරගත වෙමින් පැවතුනා
රණ්ඩුවීම්, බහින් බස් වීම් විහිලු කරගැනීම අතර මගදි මෙන්න එක පාරටම........
උම්මා!!! :*
හුටා.. අන්න නොහොබිනා දෙයක්.. ඇයි දෙයියනේ මේ ඉංග්‍රීසි ෆිලුම් වල මේම උම්ම දෙන්නෙ..
ඒක ඉතින් බොහොම පොඩි තප්පර දෙකක විතර සූටි උම්ම එකක් විතරයි.. ඒත් අපි වගේ හැදිච්ච බෝ පැල වගේ ඉන්න ළමයි.. එහෙව් ළමයි පිරිසක් ඉදිරියේ මේ වගේ දෙයක් ... බෑ කොහොමටවත් අනුමත කරන බෑ.. සම්පූර්න වැරැද්ද කන්චාගේ..
"මොකක්ද ගල් මූසල්යො දැන් තෝ පරසක්වල ගැහුවනේද මේ මගුලෙ කිසිං සීන් නෑ කියලා.. අම්ම එහෙම දක්කනම් මන් වසල හමරයි යකෝ. "
"හරි හරි බං මමත් ඉතින් කිව්වට මේක බලපු එකක් නෙමේ.. මම බැලුවෙ මමී වන් විතරයි.. ඒකෙ මේ වගේ ඒව තිබුනෙ නෑ.."
"අනේ තෝ වගේ මී හරකෙක් මෝඩ මූසලයෙක් .. ආයෙ තෝ ගේන අපි කවුරුත් බලන්නෙ නෑ.."
මම දන්න කියන සුද්ද සින්හලෙන්ම බැනලා ආයෙත් ඉතින් ෆිල්ම් එකේ ඉතුරු ටික බලන්න පටන් ගත්තා. බැනුම් ඈසීමෙන් පීඩිතව අසරණ උනු කන්චා ඇරෙන්න අනිත් එවුන් සේරම කන්චට බැනීමේ අතිසය ප්‍රීතිය නිමිත්තෙන් සැහෙන සතුටු සිතින් ෆිල්ම් නැවතත් ෆිල්ම් එකට තමන්ගෙ අවධානය යොමු කලා..
කාලය ගත උනා. ෆිල්ම් එකද හැලහැප්පීම් මැද ක්‍රියාදාම ඔස්සේ තවදුරටත් ගලා ගියා. අවසාන මොහොත ලං උනා. අන්න එවෙලේ මට කෙල උනා :'( ..
සත්‍ය වශයෙන්ම ඒ මොහොතේ තිරගතවෙමින් පැවතියේ අතිශය අමානුශික ලමා මනසට අහිතකර දෙයකි..
එය පහතින් කෙටියෙන් විස්තර කෙරෙන අතර ළමා මනස දූසනේ විය හැකි බැවින් බඩ් දරු අම්මලා කියවීමෙන් වලකින්න...
***
ප්‍රදාන නලුව ඇඳේ බුදිය. ඌට සැහෙන්න බරපතල තුවාල සිදු වී තිබුනේය. ඔහු සනසන අටියෙන් ප්‍රදාන නිලියද ඇඳට ගොඩ උනාය. කෙනෙකු තුවාල ලත් විට ඔහුට සැනසිල්ලේ නිදාගැනිමට ඉඩ දිය යුතු බැව් නිලිය නොදත්තාය.. නලුවා අස්වසාලමින් නිලිය සැනසිලි බස් දෙඩුවාය. ටික ටික නළුවා ලඟට ලන් උනාය. පැනපු ගමන් අසුරු සැනින් කට කාගෙන කාගෙන කාගෙන කාගෙන කාගෙන කාගෙන කාගෙන කාගෙන කාගෙන ගියාය..
"උම්ම්ම්ම්ම්ම් උම්ම්ම්ම් උම්ම්ම්ම්ම්ම්මාම්ම්ම්ම්ම්ම්මම්ම්ම්ම්ම් ම් ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මාආආආආආආආ.........." යන අසික්කිත නාදයා කාමරය සිසාරා පැතිරුණේය..
තවදුරටත් උම්මා එක ක්‍රියාත්මකය. .ඇඳේ පෙරලෙමින් උම්මාමය. නැවත නැවතතත් උම්මාමය. තුවාල ලත් නලුවාට දැන් නම් ගානක්වත් නැත්තේය.. ප්‍රේක්ශක ජනතාව කට ඇරගෙනය. එම අසබ්ය දර්ශනය වැසීමට ඉදිරිපත් වන්නෙකුද නැති තරමට උනුන්ගේ හිත් දූශනේ වෙලාය .අහෝ! මෙවැනි කාමදික යාලුවන් පිරිසක් ඇසුරු කිරීමට මා කෙතරම් පවක් කර ඇත්තේදය?..අර කිව්වට ,මගෙත් ඇඟ නිකං කිලිපොලා ගියේය
අවසානයෙදී මට නැග්ගේය (එනම් තරහා ගියේය.. ) ... තරු විසික්ක විය..
සිහි එලවා ගත් මගේ කට
"#ත්තෝ ඕක වහපිය" යනුවෙන් ප්රතිරාව දුන්නේය..
සැවොම මා දෙස බැලුවෝය, නැත මගේ හිසට ඉහලින් දොර දෙස බැලුවෝය. සියල්ල අවසානය. තේ කෝප්පයි බිස්කටුයි රැගෙන දොර අසල අම්මාය.. නමුත් මොනිටරයේ නැවත නැවතත් උම්මාය.
ප.ලි - මෙතනින් එහාට සිද්ද උණු දෙවල් නම් ඉතින් ඇත්තටම දුක්කිතය......
෴ඉවරයි෴
හිනා කාල මැරෙනවා! එතනින් එහාට වෙච්ච ටික දාන්න මම උඹට සතියක් කල් දෙනවා. නැත්තං දන්නවනේ :) මමත් උඹ වගේ ම වස යි!
ReplyDeleteහි හි නියමයි ධාරෝ ...මටත් මතක් වුණා..අපේ දිහා සින් එක
Delete@ධාරා - යකෝ මේ කතාව ඉවරයි කියල තියනව පේන්නැද්ද ඈ :D ආයෙ මක්කැයි ඔතනින් එහා ටික දාල රෙදි ඇඳං පාරෙ බැහැල යන්ට කියලෑ
Delete@අපූර්වි - ඈ . කාගෙ දිහෑ මුන සීන් එකදැ ?
පොඩි බබාලා ෆිලිම් තෝරන්න යන්න ඕන අම්මලත් එක්ක..
ReplyDeleteඅපේ යාළුවෙක්ගේ තාත්තා තමා අපිට ඒ දවස් වල ෆිල්ම් එවන්නේ. මිනිහා ඉතාලි. ඒ දවස් වල සිඩී නැහැනේ පටි තියේනනේ. පොර ඒ හැම ෆිල්මේ එකේම වැල සීන් උම්මා සීන් මකල තමා එවන්නේ. ඉතිං අපි බයක් හැකක් නැතිව බලවා පුස්පය විකසිත උනත්.
අම්මලත් එක්ක ෆිම් තෝරන්න ගියොත් ගන්න වෙන්නෙ මහින්දාගමනය වගේ පිල්ම් විතරයි දෙසො :(
Deleteහුකෑස්........ පව් ඈ
ReplyDeleteඅසරණ උනු මිනිස්සුන්ට හිනාවෙන්නෙපා :/
Deleteඑතනින් පස්සෙ උඹ ඉල්ලපු විදියටම මව්තුමිය විසින් සියල්ලන්ටම තේ කවා බිස්කට් පොවා ඇති බවත්, මොනිටර් රාජයාගේ අවශේෂ අල්ලපු වත්තෙන් පසුදින සොයාගත් බවත් තතුදත් ආරංචි මාර්ග මගින් ආරංචි විය.
ReplyDeleteහෑ .. විශ්වාස කටයුතු ආරංචි මාර්ගයක් නෙමේ ඈ.. :D
Deleteඊට වඩා ප්‍රතිඵල භයානකයි :(
එද මුගෙ අම්මා අම්මා එතන ඇවිල්ලා අඩිය පොලොවෙ ගහලා
ReplyDeleteමූට ඔරවලා අහපු දේට මුට කට උත්තර නෑලු
තොපි මොනවද යකුනේ එකට රොක්වෙලා කුනුහරප බලන්නේ
දොරලග හිටගෙන ඉන්නා විටදියි මන් තොපෙ වැඩ දැක්කේ
ආ මේතනදි අම්මේ අර ගෑනිගෙ කට මිනිහ සපා කෑවේ
කියපු ගමන් කන හරහට පාරක් අම්මා මුට ගැහුවේ :D
තතු දත් ආරන්චි මාර්ග පවසන අන්දමට සමියාට එම අවස්තාවේදී ශරීරයේ දෙපැත්තෙන්ම එක වර පහවී ඇත :D
හුටා... අම්මා කියලා දෙපාරක් ටයිප් වෙලා.. :D
Deleteපට්ට කමෙන්ට් එක :D
Deleteමං මේ කමෙන්ට් එක හින්ද පොඩි පබ්ලිසිටියකුත් ගත්තා දකින්න ඇතිනේ.. :P
හෙහ් හෙහ්..දැක්ක දැක්ක :D
Deleteඅඩේ පව් බන්, මෙච්චර අහිංසක බලාපොරොත්තු විනාස ගිය ආකාරය
ReplyDeleteඒ උනාට තව උත්සාහ කරන්න ඇති..
Delete@යකා - කියල වැඩක් නෑ බං .. ,ඒකෙ රඟ පෑව එකත් පහනක් උඩ යකෙක් වගේ බං රඟ පෑවෙ :(
Delete@සහන් අයියා - නැතුව නැතුව.. ඕවද අපි බැලුවෙ :D හැබැයි ගොඩක් පහු කාලීනව ;)
හපූයි,මදැයි ඔයින් ගියා අම්ම ඇවිත් වෙච්ච දර්ශනයත් දැම්ම නං තමා ලස්සන
ReplyDeleteහොදට හිටියි
Deleteඅයියෝ සමී :'(
ReplyDeleteඅවංකව ගලන කඳුළු :(
Deleteඉන්ටවල් එකේදී ජයටම කන්න හම්බවෙන්න ඇති. ආයේ මක්කයි
ReplyDeleteජයට නංගි තමයි :D
Deleteඅය්යෝ ඉතින් අම්මා, තේ කෝප්ප ටික ඔක්කොමලාගේ ඔලුවල හලපු හැටි, බිස්කට්, කටවල් ඇතුලේ ඔබපු හැටි එහෙම කියලා නෑනේ...පව් අප්පා අම්මා....:D
ReplyDeleteඒව දාලා පාරෙ බැහැල යන්න ඇහැක්යැ..
Deleteඇඩෙනවා ඕයි.... ගැහුවෙ නැද්ද බොල... එහෙම නැත්තම් මොනිටොර් එක වින්ඩෝ එකෙන් ඩෝන් උනාද???
ReplyDeleteපලවෙනි පාරට ගැහුවෙ එදා බං :(
Deleteපොඩි උන් පොඩි උන් විදියට ඉන්න ඕනි.. ඊයා අපිනන කට කන ඒවා බලන්නේ නෑ සික්
ReplyDeleteසුද්දා ඉතිං බබානේ .. තාම කුක්කු බොන එකානේ .. :P
Deleteඅඩෝ පට්ට බං. දාහං දාහං තව ඉතුරු ටිකත්
ReplyDelete... ලොල්!
ඉතුරු උනේ නෑ බං .. ඔච්චරයි :D
Deleteසත්තුවත්තේ ගිය කතාවත් දාමුද
ReplyDeleteටයිප් කරන්න කම්මැලි මිසක්කා ලියන්ට නං තියෙනව ඇට්ටි හැලෙන්න ගත්තු ආතල්.. බුකියෙ ටිකක් දාලා ඒකත් නැවැත්තුවා :(
Delete
ReplyDeleteසමී පසු පස් පැමිණෙන උම්මා භීතිකාවක් තියෙනවා වගේ නේද ? පොස්ටුව ඉතාම රසවත් ......
කිසිං ෆෝබියා :D
Deleteතැන්කූ සහන් අයියෙ :)
ඉතුරු ටික! මට සිහිය එනවිට මම රෝහලේ ය! ද?
ReplyDeleteසිහිය නැති උනා නං තව හොදයි :(
Deleteබල බල හිටපු සීන් එක විතරක් යැ, කියපු කතාවටත් අම්මට පුතාගෙ චරිතෙ හොදට තේරෙන්න ඇති. ඊට පස්සෙ මාස ගාණක් යන කං සමීට ඉදගැනීමේ අපහසුතාවක් දරුනුවට තිබුනලු නේ...ද?
ReplyDeleteසිඟිති සිඟිති හා හා කට කට ! ශ්ශ්ශ්හ්හ්!!
Deleteහපෝයි... ඔහොමත් හැදෙනවය පොඩි ළමයි? :P
ReplyDeleteපොඩි කමටනේ .. නැත්නං අහුවෙන්ඩ බලනවෑ :D
Deleteහයියෝ සල්ලී.. ඊට පස්සේ ෆිලුම් බලන්න ඇති..
ReplyDeleteඔව් ඔව්.. හැබැයි මොනිටරේ නම් නෙමේ :D
Deleteහික් හික්...අයියෝ පාර්ට් 1 සහ දෙක බලලා නෑ නේ මම.
ReplyDeleteඒකනේ :(
Deleteඊයා මුන් කට කන ඒවමයි බලන්න ඉස්සර අපිත් (9 වසරේදී) කොල්ලෙක්ගේ ගෙදර පාඩම් කරන්න යනවයි කියලා ගිහින් කට කනවට අන්ත එකක් බැලුව එකෙක් ගේ උකුල උඩ තිබුනා ගෙදර ඉදන් එනකොට පාඩම් කරන්න ගෙනාව පොත ෆිල්ම් එකේ හොද සටන් ජවනිකාව හරියේදී මුගේ පොත උඩ යනවා
ReplyDeleteපුෂ්පය විකසිත වෙන්න පටන් ගත්තා. ඔන්න කෙන්ජි මාමා කොපි කොරලා
ඒ එකා බොරලු නෙමේද එතකොට ?
Deleteසටන් ජවනිකා වලදි "හයියෙන් පණ " ගියෙ හෙම නෑනේ ? :D
හහ්හා මමත් මෙ බලාගෙන හිටියෙ මොකද වෙන්නෙ කියල.ඉතින් ඉතින් ඉටපස්සෙ කට්ටිය සතුටින් විසිර ගියාද
ReplyDeleteවිසිර නම් ගියා. හැබැයි සතුටින් නෙමේ :(
Deleteඇත්ත කියහං මලේ...අම්මා එදා නේද ඉස් ඉස්සෙල්ලාම කී බෝඩ් එක බිම ගහලා කැඩුවෙ...
ReplyDeleteනෑ කැඩුවෙ මගෙ පිට කොන්දනේ :D
Deleteහි හි අද කියවුවේ මුදියෝ .. ඇත්ත තිත්ත නිසා ඔක්කොම මේකේ නැහැ නේද
ReplyDeleteඔක්කොම දාලා මොකටද කට්ටියව අඩවන්නේ නේ ?
Deleteහොද වැඩේ සමියට :p
ReplyDeleteනෙද්දකින් ඕමත් ප්‍රාර්තනා කොරනවද බොල :(
Deleteපව් අනේ. අහිංසක සමි. නරක යාලුවො නිසා ගුටි කෑවා. හරිම ආසාවෙන් කියෙව්වා.
ReplyDeleteඒ වුනත් කතාවෙ climax එක ඔයා දාල නෑ. අම්මා අවාට පස්සෙ වුන දේ ලිව්ව නම් තමා කතාව සම්පූර්න. දැන් ඔයා අපිට හිතාගන්න ඇරල තියෙන එක නිසා කතාවෙ රසය එකපාරටම අඩු වෙලා.
පොටෝවල ඉන්නෙ ඉස්සර ඔයාද?
ඒ ටික ලිව්වනම් හිනාවකින් කතාව ඉවර වෙන්නෙ නෑ .. ඒකයි ඒ ටික නොලිව්වෙ :)
Deleteඑතනින් එහාට සමී කොලුවාට වෙච්චි සන්හෑසිය මට මැවී පෙනෙනවා වාගේය....හැක්
ReplyDeleteමං ගැන දුක හිතෙන්නැද්ද අනේ ඒම පේනකොට :(
Deleteසමීගේ මමී සමග මමී මාතලන්ගේ සින්ඩියෙන් ඇවිත් කියවනවා.
ReplyDeleteමට දවසක් අහුවුනා අපේ යාළුවෙක්ගේ පුතෙක් කලිසම අස්සට අතත් දාගෙන ෆුල් ආතල් එකේ නිලක් බලනවා කොම්පියුටර් එකේ. මම දැක්කා නොදැක්කා වගේ ගියා කොල්ලට ඕන දෙයක් කරගන්න දීලා. අපිත් ඔය කාලේ පාස් කරානේ කියලා. මම උන්ගේ තාත්තාට නිකම් කිව්වා.උන්ගේ කලදවස හරි දැන්.බලෙන් නවත්තන්න බැහැ.
මේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා :)
Deleteඒක නම් සහතික ඇත්ත.. :D කාටවත් කරදරයක් නෑනේ නේ ? :D
අනේ අසරණ සමී.....ඈ බං මොකක්ද අර #ක් දාලා තියෙන්නේ.....
ReplyDeleteඒ මගෙ කී බෝඩ් එකේ ඒ අකුර නෑ බං :P
Deleteහඃ හඃ හඃ ආතල් බං. අපේ ගෙදර උම්මා එනකොට චැනල් මාරු වෙනවා. කොහෙද ෆිල්ම් වල චැනල් මාරු කරන්න කියලයෑ... :D ආතල් කතාව :D
ReplyDeleteඒ උනාට මොනිටරේ ලඟ ඉන්න මිනිහට තිබුනා එක්කො මොනිටරේ වහන්න :(
Deletebu ha haaa :D හැම හිලකින්ම හිනා ගියා සමියෝ .අම්මප ..
ReplyDeleteඅපොයි.. එක හිලක් පමනක් ත්බාගෙන හිනා වෙයං.. නැත්නං අහල පහල උංට මොනා හිතෙයිද දන්නෙ නෑ :D
Deleteපාප මිත්‍ර ආශ්‍රය....
ReplyDeleteඋඩ ඉදන් දාපුවයින් මෙන්න මේක විතරයි මගේ නිගමනේ...
ReplyDelete1.සමියාට පසු කාලීනව ප්‍රයෝජනයට ගැනීමට නව මොනිටරයක් ගැනීමට සිදුවූ බව
2.කලක් යනකන් යාලුවෝ ගෙදරට ඒම නැවතුනු බව
3.එදා කොන්ද කැඩෙන්න ගුටි කෑම
4.අම්මා තාත්තා ආ වහාම මේ බව රිපෝට් කිරීම හා ඉතිරි බැනුම් හා ගුටි නැවත ලැබීම
5.පසුකාලීනව පන්තියේ ප්‍රධාන මාතෘකාවට තේමාව වීම
6.මොනිටරේ ළගම හිටපු එකාගේ අම්මට හචින් යෑම හා හෙම්බා සෑදීම නිසා බෙහෙත් ගැනීමට යාමට සිදුවීම
7.සිද්ධිය වූ වහාම යාලුවන් සියල්ල ක්ෂණිකව වාස්ප වීම
8.මොනිටරය ළග හිටපු එකා සැමගේම දරුණු කෝපයට අසු වීම (සමහර විට ඌ අනිත් අයගෙන් ගුටි කෑම)
9.එදා සිට ටික දවසක් යනතුරු සමියා කාමරෙන් එළියට නොබැසීම
10.උබ ෆිල්ම් එක ගෙනාපු එකා නොමරා මැරීම
11.පාප මිත්‍ර ආස්සරය ගැන දරුණු ලෙස බණ ඇසීමට සිදුවීම
මේ ටිකම උබට උනා නේද බං????