නංගි.. නංගි...
"අපි යනව කජු පුහුලම් ඇහිඳින්න.. ඔයා එන්නෙ නැද්දෝ.."
සුපුරුදු පරිදි සිරි අයියා උදේ පාන්දරම නඩේත් එක්ක ඇවිදින් ..පුරුද්දක් විදියට අවුරුදු කාලෙ උදේම මේ ළමා නඩේ කජුපුහුලම් ඇහිදින්න කජු ලන්දට යන එක පුරුද්දක් කරගෙන තිබුනා.. කලින්දා රෑ වවුල් රංචු හප කරපු කජු පුහුලම් අතරේ හොඳ ගෙඩි හොයාගන්න එච්චර අමාරු උනේ නෑ.. සිලි සිලි මල්ලකට ඒ හප කරපු කජු පුහුලම් එකතු කරන ගමන් බිම වැටිල තිබුනු ඉදිච්ච කජු පුහුලම් ටික කට දෙපැත්තෙ ඉස්ම බේරි බේරි කන්න මේ පොඩි උං රංචුවට පුදුම ආසාවක් තිබුනා..
මේ ලපටින්ගෙ අම්මලත් මේ කජු ලන්දට යන ගමන කොයිම විදියකටවත් විරුද්ධත්වයක් පලකලේ නැත්තෙ සිලි සිලි මලුවලට දාගෙන ගේන කජු ටික මහන්සියකින් තොරවම ගෙදරටම මේ පොඩි උං ගේන නිසා... අවුරුද්දට කාලෙට පිහෙන රසම රස කජු වෑංජනේට ගමේ කොයි කවුරුත් ආස කලා..
Friday, April 11, 2014
Friday, January 10, 2014
හණු කුරුප! හණුකුරුප!!-ගැමි සමාජය නරක් වීම | Don't Mess With Bad Words (13 +)
සියල්ලටම පෙර පැවසිය යුතු දෙයක් ඇත්තේය.. එනම් මා විසින් මෙය ලියනු ලබන්නේ බ්ලොග් අවකාශයේ පට්ටම් තකාගෙන නොවේය.. මට පට්ටමකින් වැඩක් නැත්තේය. එසේම මට මේවා ලියුවා කියා ලැබෙන පඩි යක්ද නැත්තේය.. එනම් මෙම සටහන ලියනුයේ පඩි තකා ද නොවේය. . යමෙකු පහුගිය දවසක විනය තකා බ්ලොග් පෝස්ට් දැමිය යුතු යැයි කියූහ.. සමියාද එය පිලිගත් නිසාවෙන් සම්පූර්න පෝස්ටුවම විනය තකාගෙනම ලියන්නේය..
නමුත් මෙය ළමයින් සදහා සුදුසු නොවන්නේය. එසේම කාන්තා පාර්ශවේ බොහොමයකටද මේවා අඳු කොළය.. ඉදින් මෙවැනි පෝස්ටුවක ඇත්තේ මොනවාදැයි දැනගැනීමට ඉහත ආරම්භයම ඇතිය.. එසේ හෙයින් සමාව වදාරා සමියා විසින් ලියන ලද වෙන පොස්ට් එකක් බලා කියාගෙන යන ලෙස ඒ අයගෙන් සමියා බොහොම කාරුණිකව ඉල්ලන්නේය.. අන්තිමට මේවා කියවා මා සමඟ උරන නොවී මට බණ තලන්න විතරක් එන්න එපා ය. කිමද මම බණ අහන්න අකමැති ය ..
Sunday, January 5, 2014
Friday, December 27, 2013
මගේ තිඹිරිගෙය | First Poem ever..
කලාව කියන දේ මෙන්න මේකයි කියල කාටවත් නිර්වචනය කරන්න බැරි උනත් කෙනෙක්ගෙ හිතේ ඇතිවෙන සිතිවිල්ලම එක්තරා ආකාරයක කලාවක් ලෙස හදුන්වන්න පුලුවන් .. කෙනෙක් තවත් දෙයක් දිහා බලන විදියම එක්තරා ආකාරයක කලාවක්.. ගහක් හුලඟට සෙලවීමෙත් මෙන්න මේ කියන්නාවූ කලාව තියනවා..නිහඩ බව තුළ උනත් අප නොසිතන තරමේ කලාකාමී බවක් ගැබ්වෙලා තියෙනවා.. නමුත් සමහරු දන්නෙ නෑ මේ කලාව කියන දේ තමන් ලඟ තියනවද නැද්ද කියලවත්.. ඒ අය කවදාකවත් තමංගෙ හැකියාවට කවදාවත් ඉස්මතුවෙන්න නොදී සිතිවිලි තුළ ඇති කරගන්නවා අනේ මට මේ දේ නම් කොහොමටවත් බෑ කියන සංකල්පය.. ඒ සංකල්පය ඔවුන්ගේ සිතිවිලි අන්ධකරවනවා..
ඉතින් කවදම හරි ඔබ උත්සහ කරල තියනවද ඒ හිත ඇතුලෙ හදාගෙන ඉන්න සීමාව කඩා බිදගෙන එය ඉක්මවා යන්න ? තමන් තුළ තමාට නොහැකියැයි කියල තිබුන සිතිවිල්ලක පවුරු බිදීන්න ? මම ඒ දේ යම් තරමකින් හො ජයගත්තා මීට ටික කාලෙකට කලින්.. ඒ තමයි මගේ කවියේ තිඹිරිගෙය...
ඉතින් කවදම හරි ඔබ උත්සහ කරල තියනවද ඒ හිත ඇතුලෙ හදාගෙන ඉන්න සීමාව කඩා බිදගෙන එය ඉක්මවා යන්න ? තමන් තුළ තමාට නොහැකියැයි කියල තිබුන සිතිවිල්ලක පවුරු බිදීන්න ? මම ඒ දේ යම් තරමකින් හො ජයගත්තා මීට ටික කාලෙකට කලින්.. ඒ තමයි මගේ කවියේ තිඹිරිගෙය...
Sunday, December 22, 2013
පළමු මඩ මුරය!!! :D :D | Cyber Mega Beach Party 2013
![]() |
| පොටෝව නිර්මාණය කල සිංහ රජාට මාගේ ප්‍රමණය.. |
කොහොමින් කොහොම හරි මෙවර ගෙට්ටුව අතිසය සාර්තකය... බීච් එකේ නටල මූදේ නාලා කාල බීලා කට්ටිය මදි නොකියන්න විනෝද උනෝය.. සමියාට පොඩි වගකීමක් තිබූ බැවින් මෙවර වැඩියෙ එක් එක්කෙනා සමඟ කතා බහ කරන්න නම් වෙලාවක් ලැබුනේද නැත .. සමියා ඒ පිලිබදව සමාව අයැද සිටින්නේය.. ඊලඟ පාරක කතා බහ කරන්නට පුලුවන්ය.. ඒ ගැන අහිතක් හිතන්ට එපාය.. අලුත් මූණු ගොඩාක් පැමීන සිටියෝය.. උස් පහත් කම් නම් දකින්න තිබුනේම නැතිය.. සබැවින්ම එය සතුටට කරුණක්ය.. කබ්බෝද ජෙප්පෝද කොටස් වලට නොබෙදී සහයෝගයෙන් විනෝද වූවෝය..
Tuesday, December 10, 2013
මමී සමඟ මමී බලපු හැටි (part - 3) - අවසානය සහ විනාශය | Oh nO!! No More Kisses
පෙර කොටස් වෙත ..
සතියක් ගෙවිල තවත් සතියකට ඇරඹුම ලබාදෙමින් බටහිර අහසේ පූර්න චන්දරේ බැසයද්දි නැගෙනහිර අහසේ කාන්තිමත් එළි විහිදුවමින් සූර්ය රාජයා පායන්න පටන් ගත්තෙ ස්වකීය රශ්මි කදම්භය කම්පූටර් රාජයා සහ මාගේ පශ්චාත්භාගය මත පතිත කරමින්.. හමාගෙන ආ මද සුලඟ පවා මගේ කර්නසංකය සන්තර්පණය කරමින් මුමුණන්න පටන් ගත්තෙ "මමී.. මමී.. මමී.. වැනි වචන පෙලක්.. මගේ මුලු ගත සිතම ප්‍රභෝධමත්වෙලා පිපිච්ච සූරියකාන්ත මලක් වගේ... අදයි ඒ දවස .. අපි හැමොම පුල පුලා බලා සිටි මමී බලන දවස..
සතියක් ගෙවිල තවත් සතියකට ඇරඹුම ලබාදෙමින් බටහිර අහසේ පූර්න චන්දරේ බැසයද්දි නැගෙනහිර අහසේ කාන්තිමත් එළි විහිදුවමින් සූර්ය රාජයා පායන්න පටන් ගත්තෙ ස්වකීය රශ්මි කදම්භය කම්පූටර් රාජයා සහ මාගේ පශ්චාත්භාගය මත පතිත කරමින්.. හමාගෙන ආ මද සුලඟ පවා මගේ කර්නසංකය සන්තර්පණය කරමින් මුමුණන්න පටන් ගත්තෙ "මමී.. මමී.. මමී.. වැනි වචන පෙලක්.. මගේ මුලු ගත සිතම ප්‍රභෝධමත්වෙලා පිපිච්ච සූරියකාන්ත මලක් වගේ... අදයි ඒ දවස .. අපි හැමොම පුල පුලා බලා සිටි මමී බලන දවස..
Thursday, December 5, 2013
මමී සමඟ මමී බලපු හැටි (Part - 2) - උම්මා නැති ෆිල්ම් එකක් | Preparation for dumb end -_-
පඳුර වටේ තැලුවට මොකද කතාව කියන්න ඉඩක් ලැබුනේ නෑනේ.. ඒනම් කලින් ආවෙ නැති අය පල්ලෙහා තියන ලින්ක් එකෙන් නයිට් රයිඩර් කෝලමත් බලලම එන්න..
"මමී සමඟ මමී බලපු හැටි ( Part - 1 ) - නයිට් රයිඩර්, උම්මා එක සහ ළමා මනස | Knight Rider's hot Kissing :D"
"මමී සමඟ මමී බලපු හැටි ( Part - 1 ) - නයිට් රයිඩර්, උම්මා එක සහ ළමා මනස | Knight Rider's hot Kissing :D"
---------------------------------------------------------------------------------------------------
--------------------------------------------------------------------------------------------------
ඉස්සර හැමදාම ඉරිදා කියන්නෙ යාලුවො ඔක්කොම අපේ ගෙදර සෙල්ලම් කරන දවස..
දහම් පාසල් ගිහින් ගෙදර ආපු හැටියෙ සන්ඩේ ඉස්පෙශල් කිරිබත කන්න ඉඩක්
නොතියා ගමේ ඉන්න කොල්ලො රොත්ත බුරුත්තම අපේ ගෙදර එන්න පුරුදු වෙලා හිටියා .
මිදුලෙ ටිකක් වැඩිපුර ඉඩ තියෙන හින්දත් ගේට්ටුව ලඟ ඉඳලා ගෙදර වෙනකම් පිච්
එකක් වගේ පාර තිබුන හින්දත් ක්‍රිකට් ගහන්නම කියාපුම තැනක් තමයි අපේ
මිදුල.. ඒකාලෙ පුංචියට තිබුනු ගහකොල දැන් ගොඩක් උසට වැඩිල හින්දා දැන් නම්
ක්‍රිකට් ගහන්න ඒ තරම් ඉඩකඩක් නෑ.. කොහොම උනත් ඒ කාලෙ අපි හැමොගෙම නිදහස්
නිවහල් ක්‍රීඩා භූමිය තමයි අපේ මිදුල ..
ඉතින් ඒ කාලෙ මහ
දවල් ගිනියම් අව්වෙ ක්‍රිකට් ගහන්න පටන් ගත්තාම ආයෙ සෙල්ලම ඉවර වෙන්නෙ
කලුවර වැටිල බෝලෙ පේන්නෙ නැතුව ගියාම තමයි. බොහොම කලාතුරකින් දවසක ඉඳල හිටල
කට්ටිය කැරම් අතක් ගහල තේ බිබී ටි.වි එක බලනව ඇරෙන්න වෙන කිසි
විශේෂත්වයක් අපි කාටවත්ම තිබුනෙ නෑ ඔය ඉරිදා කියන දවසෙ ක්‍රිකට් ගහන එක
ඇරෙන්න
Subscribe to:
Posts (Atom)



