Sunday, January 5, 2014

මල් කැකුලියකට පෙම් කළෙමි | Story of a little bee



සිහිනයක පා පියුම් ඔසවා
සොඳුරු ගමනක් යන එනා
පුංචි මල් කැකුලියක් මා වෙත
හොරෙන් ඉගි බිගි කම් කලා

එදෙස නොබලා යනෙන මොහොතේ
මල් කැකුල මුකුලිත වෙලා
කඳුලු සලමින් මදෙස බලමින්
කුමක්දෝ මට පැවසුවා

 "නොයනු මැන මා මෙලෙස තනිකර
ලොවේ අද මං තනිවෙලා
පාලුවත් කඳුලත් දුකත් අද
නොඅඩුවම මට හිමි වෙලා "






ගලා යන ඒ කඳුලු අතරින්
සිහින් වදනක් පිට උනා
ඇසත් හඬවා හිතත් පාරා
මගේ හදවත දුක් උනා

ගලා ගිය උනු කදූලු කැට මම
මගේ දෑතින් පිස දමා
මල් කැකුලෙ පාලුව මකන්නට
මල් කැකුල ලග නැවතුනා

" ආදරෙයි මං සෑම දාටම
මගේ පොඩි බඹරා ඔයා
ඉන්නකෝ මං ; ලඟින් හැමවිට
මල් සුවඳ , රොන් උර උරා "





නොසිතු සිතුමන් නොපැතු පැතුමන්
ආදරේ ලඟ ඉටුවෙලා
කිසිම දිනකදි නොවුනු ලෙස මගෙ
හදවතත් කුල් මත් වෙලා

පුරා සඳවත නීල අහසේ
දසත රැස් එලි විහිදුවා
සිටුනු දුටු මට අමාවක ගැන
අනේ ඇයි අමතක වෙලා ?





දිනෙන් දින සති ගෙවී හනිකට
මල් කැකුල විකසිත වෙලා
යනෙන බඹරුත් ඇගේ පිරිවර
සමග ටික ටික එක් වෙලා


බඹර කුලයක රජස් බඹරෙක්
ඇගේ සිත ලග නැවතිලා
පාන සෙනෙහෙට ඈට මං ගැන
වගක් වත් දැන් නැති වෙලා



එදැක හිත් මල දුකින් තෙරපී
දෑස කඳුලින් තෙත්වෙලා
තිබුන සිහිනය මගේ නෙත් ලග
අද හැබෑවට සිදු වෙලා

✾     ✾     ✾


යනෙන ගමනත් අතැර දා මම
නැවතුනේ කුමරියෙ මගේ
මුලදි බිව් කඳුලකුදු අද නුඹ
සිතට ඇයි අමතක අනේ


සිටිය මුත් නුබ ලඟදි අද දින
බොහෝ බඹරුන් නෙක ලොවේ
පරව ගිය දා කිසිවෙකුත් නැත
එදින නම් නුබ පසු තැවේ


පෙරදි නුබ ලඟ තිබුනු  දුක් ගිනි
සියල්ලම මම පොදි බැදන්
යන්න අවසර යලි නොඑන්නම
මගේ කුමරියෙ රත්තරන්
 



- හැරයන මම - කාලයක් නුඹම වෙනුවෙන් හුන් අහිංසක බඹරා...

88 comments:

  1. ශා ලස්සන කවි පංතියක් !
    මං ඒත් බැලුවා කවුද මේ මල් කැකුලියකට පෙම් කරන්නේ කියලා..හික්ස් :)

    ReplyDelete
    Replies
    1. මල් වලට කවුද පෙම් නොකරන්නෙ මධු අයියෙ ? :D

      Delete
  2. එල සිතිවිල්ල මල්ල...
    ඔක්කොටම ඉස්සොර ඉගෙනුමට මුල් තැන දීපන් කොල්ලෝ...
    ඔව්...ඔව්...උඹ එහෙම තමයි කියල දන්නවා..... :)

    ReplyDelete
    Replies
    1. ඉගෙනුමට මුල් තැන දෙන්න ඕනි කාලෙදි එච්චර නොදුන්න එක නෙ කෙන්ජි අයියා ප්‍රශ්නෙ.. කොහොම උනත් ඉස්සරහ අඩ්‍යාපන කටයුතු වලදි නම් එහෙම වෙන එකක් නෑ..

      මට මල් පේන්න බෑ දැං :D

      Delete
  3. ////සිටිය මුත් නුබ ලඟදි අද දින
    බොහෝ බඹරුන් නෙක ලොවේ
    පරව ගිය දා කිසිවෙකුත් නැත
    එදින නම් නුබ පසු තැවේ////

    නියමයි මල්ලියා ... මං ආස කරන මාතෘකාවක් එක්ක ලියලා තියෙන්නේ ..හරිම අර්ටවත් ... බුඩ්ඩිමට් ;)

    ReplyDelete
    Replies
    1. උගට් බුඩ්ඩිමට් කවියකුට් ඩාන්න හිටුවා :D
      අපේ කෝලම් කමෙන්ට් ඉට්ටයිල් එක උස්සලා :P

      තෑන්ක්ස් අක්කේ :)

      Delete
  4. හරිම ලස්සන කවි පංතියක් සමී..ඒකට හරියටම ගැලපෙන පින්තූර ටිකකුත් හොයාගෙන (Y)

    ReplyDelete
    Replies
    1. ගූගල් දෙයියනේ ඉතින් හැමදාම පිහිටට ඉන්නෙ :)

      ස්තූතියි :)

      Delete
  5. ඇයි ඹබරෝ පෙමි මල අතහැරලා ඔබ යන්නේ වෙන මල් සොයලා කියල කිව්වට මෙතනනම් මලනෙ වෙන ඹබරු සෙට් කරන් තියෙන්නෙ :)

    ReplyDelete
    Replies
    1. මලට නේ මායම් තියෙන්නෙ .. ඒකනේ බඹරු අහුවෙන්නෙ :P

      Delete
  6. හරිම සරල පද මාලාවකින් ලොකු කතාවක්.

    ලස්සනයි සමී

    ReplyDelete
    Replies
    1. සරල දෙවල් වලටනෙ කවුරුත් කැමති :)

      Delete
  7. අනේ මන්ද සමී මේකෙ බමර නං බොහොම අහිංසකයි නේද.මළට තමයි දාංගලේ.

    ReplyDelete
    Replies
    1. නෝටි මලක් හැලපයියෙ.. නෝටි මල් හින්දනේ අහිංසක බඹරු හැමදාමත් අමාරුවේ වැටෙන්නෙ..

      Delete
  8. සරල වචන,සරල තේරුම්,
    ඒත් දැනෙන්න ඕන දේ දැනෙනවා.
    ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. සරලත්වයට මම හරිම කැමතියි.. :)

      Delete
  9. සාහ්... හරි ලස්සනයි නොවැ.. එහෙම වුණාට මේක ඇත්ත කතාවක් ද කියන එකයි දැනගන්න ඕනෑ කාරණාව!!!!!

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාවක්ද නැද්ද ? හ්ම්ම් අනේ මන්දා වර්ෂා ...

      Delete
  10. මල් ඉක්මනට පර වෙනව බං,

    ReplyDelete
    Replies
    1. ඒත් මල් දන්නෙ නෑනේ ඒක

      Delete
  11. කෙල්ලෝ ඔක්කොම එකයි බන්. නමයි හමයි විතරයි වෙනස්

    ReplyDelete
    Replies
    1. කෝ මේ බ්ලොග් එකට එන කෙල්ලො. වරෙව් මේ කතාවට එරෙහිව නැගී සිටින්න!!!

      Delete
    2. ලස්සන කවි පේලිය මල්ලි. සුරංගනා කතාවක් කියෙවුවා වාගෙ හැඟීමක් හිතට දැනුනා... :)

      Delete
    3. කාටවත් තරහකට කිව්වේ නෑ බස්සී. මේ විදියේ දෙයක් මටත් මේ දවස් ටිකේ වද දුන්න හින්දා වේදනාව දන්නවා.

      Delete
    4. යක්සයා -
      මල් ලස්සනයි හොද හොද පාටයි කීවා :P

      බස්සි - ස්තුතියි ඈ ^_^

      අනේ මේ මං නං කෙල්ලො ගැන එක වචනයක් කිව්වෙ නෑ.. මං කිව්වෙ මල් ගැන :D

      Delete
  12. ඔය මල් වල සිරිත අපිට මල පන්නන එකම තමා බං! ගණන් ගන්න එපා

    ReplyDelete
  13. ලස්සන අදහසක් සමී...... පට්ට ඇ.....

    ReplyDelete
  14. කවි ටිකටද අන්තර්ගතයටද මන්දා මොකට උනත් මම මේකට පට්ට ලයික් සමියෝ :)

    ReplyDelete
    Replies
    1. මදාරා කියන්නෙත් මලක් නේද ? :P

      Delete
  15. බලාගන කැකුලු මල් වලට පෙම් කෙිරලා හිරේ යන්නවෙයි

    ReplyDelete
    Replies
    1. පර උනාට පස්සෙ පෙම් කරලත් වැඩක් නෑ හැබැයි :P

      Delete
  16. මුදියා? මොකද බන් මේ? අනේ මන්දා බන්. ඔය මඟුල් අමතක කරලා ඉස්සරහට තියන වැඩ ටික බලාගනින්

    ReplyDelete
    Replies
    1. දුකින් ඉන්න වෙලාවක ලියපු එකක් උනාට හිතට වද දෙන නිර්මානයක් නම් නෙමේ පුමා :)

      Delete
  17. කවි ටිකනම් සිරා සමියෝ.. ඔය පොඩි කැකුළු එක්ක පරිස්සමින් හැබැයි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිනේශ් අයියෙ.. :)

      ආයෙ ඒ බබරා කැකුලුමල් දිහෑ බලන්නෙවත් නෑලු

      Delete
  18. කවි ටික දිග වැඩි නෑ වගේද සමී අයියේ.............?පට්ට ලස්සනයි තේරුමත් එහෙමයි.

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි දිග වැඩිද කොලුවෝ.. මුලදි නම් කවි පහෙන් කතාවම කිව්වා.. පාස්සෙ තව කවි කිපයක් එක්කලා :(

      කමක් නෑ ලස්සන නම් එච්චරයි :)

      Delete
  19. ලස්සණ කවි පෙලක්!!!
    ප්‍රේමය නම් මේ දවස්වල හිසරදයක් වෙලා තියෙන්නේ. :)
    ඔය පුංචි බීස්ලට මම නම් කැමතී...

    ReplyDelete
    Replies
    1. එක වෙලාවකට හිසරදයක් තමයි.. එක වෙලාවකට කිව්වෙ ඉතින් හුඟක් වෙලාවට :D

      Delete
  20. ඔය දීල තියෙන්නේ ඇස්ටි හැලෙන්නම.. නියමයි සමීයෝ...

    ReplyDelete
  21. සරල හිතට වදින කවි ටිකක්. සුභ පැතුම්.

    ReplyDelete
    Replies
    1. සරල උනහමනේ හිතට වදිනව වැඩිත් :)

      Delete
  22. හරිම ලස්සන කවි ටික සමියා. මාර විදියට හිතට දුකක් ආවා කියවනකොට. තනි ඇහැට ඇඩුනා තනි ඇහැට .....

    ReplyDelete
    Replies
    1. අයියෝ ඒම කිව්වම අනික් ඇහැට ඇඟිල්ලෙන් අනින්න හිතෙනවා

      Delete
  23. මම බැලුව මේ සමිය මොකක් හරි පටලවගෙනදෝත් කියල....

    ReplyDelete
  24. ලෝකෙ හැටි අප්පා....

    ReplyDelete
  25. අදයි මේ පැත්තෙ ආවෙ. ආයුබෝවන්ඩ...
    සරල බව තමයි ඕනම දෙයක් කැපී පෙනිමෙ රසය වගේම රහස.. :)

    ReplyDelete
    Replies
    1. පිලිගන්නවා ස්පර්ශන්.. ආයෙ එන්න ඈ :)

      Delete
  26. කැකුළු වලට පෙම් කරන එක නම් ටිකක භයානකයි සමියෝ.....කමක් නෑ උඹ හොඳ බඹරෙක් නේ

    ReplyDelete
    Replies
    1. මම හොද බඹර වෙන්නෙ නිදා ගත්තාම.. ඒත් ටක්කෙටම කියන්න පුලුවන් හෙනම අහිංසක බඹරෙක්.. ඔව්

      Delete
  27. මල් නේද..?
    මටනං පේන්න බෑ...!

    ReplyDelete
    Replies
    1. සත්ත්මයි කියන්න ? ;)

      Delete
  28. ශා............... මුදි අය්යා ලස්සනට කවිත් ලියනො// 4තො ටිකත් ෂෝයි :D ( හැකියාව තියන් මෙච්චර කල මොකද බන් කරේ.. මෙහෙම ලියපං දිගටම

    ReplyDelete
    Replies
    1. උඹ මගෙ කවි කියෝල නැද්ද බොල මීට කලින් :'(

      Delete
    2. වැදගත් කියලා කවියකට කියෙව්වේ මේක තමා :p

      Delete
    3. >_< ටලායි ටලායි හොඩටම ටලායි :'(

      Delete
  29. මේ දවස්වල කවි සිතුවිලි දෝරේ ගලන්න පටන් අරන්නේ සමී. නියමයි, ඈ.

    ReplyDelete
    Replies
    1. සීතලට වෙන්න ඇති ඩූඩ් අයියෙ :D

      Delete
  30. ~ සොරු අරන් ගිය රෝස මල~

    පාලු සීත නින්දට පසු
    නෙත් විදහා අවට බැලීමි
    ජනේලයෙන් එහා ඉමේ
    කැකුළු රෝස මලක් දුටිමි

    නැවුම් පැතුම් හද දරාන
    හිරු හිනැහෙන ලොවක් මැවිමි
    පිබිදෙන තෙක් රෝස කැකුල
    රෝස පඳුර රකගත්තෙමි.

    දිනයන් සති ගෙවී ගොසින්
    රතු පාටින් එමල දිලුනි
    නිහඬ රයක අඳුරට පසු
    මල නොදිටිමි
    නැතුව දිටිමි

    උමතු හීන පුරවාගෙන
    නැටි අග මල දිලෙයි සිතිමි
    හීන බිඳී ඉහිරුන දා
    නටුව තුරුළු කරගත්තෙමි


    හම ද මස ද පසාරු කර
    රෝස කටුව හදට දැනුනි
    ලෙය සමගින් විස එක්වී
    රිදුම නහර පුරා දිවිනි

    වේදනාව උහුලනු බැරි
    නෙත් පුපුරා කඳුළු හැලිනි
    ඒ කඳුලට ලෙය එක් වී
    රෝස පඳුර මුලට වැටිණි...

    ReplyDelete
    Replies
    1. තාවකාලික ලස්සන රෝසමලකට වඩා කොච්චර රිදෙව්වත් අත් නොහරින ගොරහැඩි නටුව හොදයි ප්‍රමුදි

      ලස්සන නිර්මාණයක් :)

      Delete
  31. හයියෝ සමී, එක දිගටම සයිමන් නවගත්තෙගම යි කේ. කේ. සමන් කුමාර යි මතක් වුණා, කවි පංතියෙ පහළට පහළට යද්දි. කියවල ඇති නේද කේ. කේ. සමන් කුමාරගෙ 'පුංචි ඊවා සහ බිල්ලා'?

    ReplyDelete
    Replies
    1. අනේ ඩ්‍රැකී උන්නැහේ මම කවි පොත් පරිශීලනය කරල නෑ :(
      ඇත්තටම කවි වලට ඇති ලැදියාව හුඟක් පසුකාලීනව ඇති උන දෙයක් .. ඒක නිසා කවි වලට ආසා උනේ ලඟදි.. දැන් නම් කවි රසවිදිනවා.. කවි පොත් ටිකක් ගන්න ඕනි :)

      Delete
  32. නවකතාවක් තරම් දිග කතාවක් කවියකින් ලියලනෙ

    ReplyDelete
    Replies
    1. කුරුළු අයියත් මෙන්න මේ පැත්තෙ ඇවිත්.,.. බොම ස්තූතියි මේ පැත්තෙ ආවට.. සාදරයෙන් පිළිගන්නෝ :)

      Delete
  33. අර අසික්කිත ලෙඩේ බොටත් හැදුනද මලයො....දැන් ඉතිං ඉදලා හමාරයි...දැන් කයියෙන් වගේ වැඩ...හොදා හොදා....බොහොම අගය කරනවා ...

    ReplyDelete
    Replies
    1. බඹර විසේද ? :D
      අපොයි ඒක සනීප කරගත්තා අයියෙ.. බොරු මොකටෑ කාලයක් හැදිලා සෑහෙන්න අමාරු උනා :D

      Delete
  34. සරල ලස්සන කවියක් සමී

    ReplyDelete
  35. නියමයි මල්ලි. හරිම ලස්සනයි. ගොඩක් රස වින්දා. භාශාව හරි ලස්සනට ගලපලා තියෙනවා. සරලයි. සුගමයි.

    (y)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ස්තුතියි ගොඩක් ස්තුතියි :)

      Delete
  36. මම මේ පැත්තට අවාමද ?කියවන්න රසවිදින්න දෙවල් ගොඩක් තියෙනවා ...නියමයි මල් 7යි ..

    ReplyDelete
    Replies
    1. මටත් මතක නම් නෑ වගේ.. මම හිතන්නෙ ආවම තමයි මේ.. ආයෙ එන්න හොදේ.. පිළිගන්නවා සාදරයෙන් :)

      Delete
  37. පුරාණ කවි පන්තියක් තියෙනවා ටිකක් ඔය වගේ..මතක නෑ අප්පා මොකක්ද කියලා...
    නියමයි සමී.....

    ReplyDelete
    Replies
    1. අර ඩ්‍රැකී උන්නැහේ කිව්ව පොත් දෙකෙත් ඒ වගේ කියල කිව්වෙ.. ඒක වෙන්නැති.. අනේ මන්දා

      Delete
  38. ඔහොම එකක් දෙකක් තිබ්බහම හොඳයි බන් .එතකොට තමා නිකන් ජිවත් උනා කියල තේරෙන්නේ !!

    ReplyDelete
    Replies
    1. හැම අත්දැකීමක්ම ලැබෙන එකත් එක අතකට හොදයි තමා :)

      Delete
  39. හිතට කා වදින්නම ලියලා තියෙනවා සමියා කියන්න වචන නැහැ..කවි ගැන මගේ ලොකු දැනීමක් නැහැ එත් මේක නියමයි..

    ReplyDelete