Friday, January 10, 2014

හණු කුරුප! හණුකුරුප!!-ගැමි සමාජය නරක් වීම | Don't Mess With Bad Words (13 +)





සියල්ලටම පෙර පැවසිය යුතු දෙයක් ඇත්තේය.. එනම් මා විසින් මෙය ලියනු ලබන්නේ බ්ලොග් අවකාශයේ පට්ටම් තකාගෙන නොවේය.. මට පට්ටමකින් වැඩක් නැත්තේය. එසේම මට මේවා ලියුවා කියා ලැබෙන පඩි යක්ද නැත්තේය.. එනම් මෙම සටහන ලියනුයේ පඩි තකා ද නොවේය.
. යමෙකු පහුගිය දවසක විනය තකා බ්ලොග් පෝස්ට් දැමිය යුතු යැයි කියූහ.. සමියාද එය පිලිගත් නිසාවෙන්  සම්පූර්න පෝස්ටුවම විනය තකාගෙනම ලියන්නේය..

නමුත් මෙය ළමයින් සදහා සුදුසු නොවන්නේය. එසේම කාන්තා පාර්ශවේ බොහොමයකටද මේවා අඳු කොළය.. ඉදින් මෙවැනි පෝස්ටුවක ඇත්තේ මොනවාදැයි දැනගැනීමට ඉහත ආරම්භයම ඇතිය.. එසේ හෙයින් සමාව වදාරා සමියා විසින් ලියන ලද වෙන පොස්ට් එකක් බලා කියාගෙන යන ලෙස ඒ අයගෙන් සමියා බොහොම කාරුණිකව ඉල්ලන්නේය.. අන්තිමට මේවා කියවා මා සමඟ උරන නොවී මට බණ තලන්න විතරක් එන්න එපා ය. කිමද මම බණ අහන්න අකමැති ය ..



 කතාව පටන් ගන්නේ අතීතයෙන්ය.. අතීතය කෙතරම් ඈතට දිව යා යුතුද යනු කල්ල වඩන රජතුමා සිටි කාලයටම ගමන් කල යුතුය..   කැලේ නරි , ගෙයි පඩිය උඩටම එන කාලයක් වූ   එකල අද මෙන් නොවේය. මිනිස්සු දුප්පත්කමෙන් පිඩිතව සිටියෝය. පානුයි ලුකයි තුන්වේලටම කා වත්තේ හුළං බොන තරමට ඔවුන්ගේ පීඩිතකම දරුණු තත්වයක පැවතුණේය. නමුත් දුප්පත්කම හා බඩගින්න හමුවේ කයි පද කියමින් දිවිය ගෙවන්නට ඔවුන්ගේ ජීවිත සරළ හා සුඟම වූයේය. වෙල් පාසි වලින් හෝ දිවි රැක ගැනීම ඔවුන්ගේ එකම අරමුණ විය..

කැළය ඔවුන්ගේ රජදහන විය.. නමුත් කැළය වුවද ඔවුන්ට සැලකුවේ නම් නැත්තේය.. කැලෙන් නරි මිස කැලෙන් පොරි නම් කිසි දිනෙක ඔවුන් හමුවට නාවෝය.. ඒ තරමට ස්වභාවධර්මයා පවා ඔවුන්ට කුරිරුව සැලකුවේය. වනයෙහි  තරුවක් මෙන් කිසි දිනයක නොබැබලි මෙම ගැමියන්ගේ ජීවිත දුකින් පීඩිත වුවද එම දුකට පුං ගහමින්හුළං බොකමින් ගැමියෝ එදා දවස ගෙවාගත්තෝය..රාත්‍රිය ද භයානක විය.. එලි පහලියට යාමට පවා හුළු අත්තක් අවැසි විය. ඔයිය පතන වැල් හා පොල් කොල යොදාගනිමින් සකසන ලද හුළු අත්ත ගැමියන් හැදින් වූයේ හුලි අත්ත නමින්ය..

කැළය මිනිසාට කෙසේ සැලකුවද සත්තුන්ට නම් වනය රජදහනක්ම විය . පාලි කොකා, පරණ කොකා, පාටු කොකා යන කොක් විශෙෂ සහ ආවේණික පක්ශියෙකු වූ කොස් කිරලා වැනි පක්ශි විශේෂයන්ට  පමණක් නොව මුතු හූනා , කෙකට පුලියා වැනි සත්ව ප්‍රජාවටද වනය නිදහස් තෝතැන්නක්ම විය. හිට මකුනා එහෙමත් නැති නම්  හිටත් මැකුනා වැනි කුරුමිණි සත්ත්ව ප්‍රජාවද බහුලව දැකගත හැකිවිය....

නැවත වනයෙන් බැහැරව මිනිස් ප්‍රජව දෙස අවධානය යොමු කරන කලිහි ගැමියන්ගේ නිර්ව්‍යාජත්වය කාලයත් සමඟ ක්‍රමයෙන් පිරිහෙන්නට පටන් ගත්තේද මේ කාලයේදිය.. පවුලට හයියක් වෙමින් සිටි පුරුෂ පාර්ශවය පවුල උදෙසාවෙන්ම පවුලෙන් හා ගමෙන් ඈත්ව නගරයට යන තත්වයක් උදා වූයේ කාලයේ වෙනස් විම මොනවට පෙන්වා දෙමින්ය..

ඇල්බොටයා , ගුණ ගුණ රේඛා වැනි නම් වලට උරුම කම් කී ගැමියා ලැජ්ජ බිම අතුල්ලමින් පරදේසක්කාර නම් වලට උරුම කම් කියන්නට පටන් ගත්තේ ඉන්පසුවය.. කෙසේවෙතත් බඩගින්නකටවත් අහල පහල ගෙදරකින් ඉල්ලලා අඹ ගෙඩියක් කන්න, කොක්කු පාං ගෙඩියක් කන්න පමණක් නොව හදිසියකට අතුගාගන්නට පරණ කොස්සක් වත් ඉල්ලාගන්නට ගැමියාගේ පුහුමානය ඔවුනොවුන්ටම ඉඩ ලබා දුන්නේ නැති තත්වයක් උදාවූයේය.... ඒ හෙතුවෙන් අසල්වැසියන් එකිනෙකාව නාදුනනන තත්වයකට පත් වුනේය..

ගැමියනට නුහුරු නුපුරුදු දෙයක් වු පමාව හෙවත් ප්‍රමාදයද ; නගරයට පැමිනීමත් සමඟ ජනයා තුළ මුල් බැසගත්තේය.. කිසි දිනක පමා නොවූ අයියලා අක්කලා ; පරක්කු අයියලා සහ පරක්කු අක්කලාම විය.. පමාව වලකනු වස් හොන්ඩා ජුලෝලා වැනි බයිසි මොටෝ ගැමියන් අතරට එන්නේ මේත් සමඟමය. හුලං පෙත්ත නමින් හදූන්වපු හෙලිකොප්ටර් වැනි යානවාහන වුවද සාමාන්ය ජනතාව අතරට නොපැමිනියද
තල් දෙන මැඩම් , නොට ඇමති වැනි වංසක්කාර කාන්තාවන්ට ,පිරිමින්ට හා අමාත්‍යවරුන්ට ඒවා තවදුරටත් අරුමයක් නම් නොවීය..
මේ වාහන සහ යන්ත්‍ර සූත්‍ර මඟින් කාලය කලමනාකරනය කරගත්තද ජනයාගේ මුදල් පසුම්බිය නම් කළමනාකරනය කිරීම අපහසුවිය. මුදල් නොමැතිකම නිසා අපරාධ රැල්ල ඉහල යන්නේ මේ නිසාය.. රැල්ලේ වාස්,
උශ්න ශිරා සහ අයියා පැලස් වැනි චන්ඩින්ගේ ආගමනය සිදුවන්නේ මිනීමරා හෝ මුදල් උපයාගැනීමේ චේතනාව මෙම අපරාධ රැල්ල සමඟ ඉහල යාම නිසාය..

කාලයත් සමඟම ඇදහිලි සහ විශ්වාසද ගැමියාගෙන් දුරස් වන්නේ මේ නාගරීකරණය වීමත් සමඟමය.. මිනිසා සතු ආධ්‍යාත්මයද පිරිහීමට එයම හේතුවක් විය.. එකල දෙවියන්ට පහනක් තැබුවද තවදුරටත් ඒ සඳහා වෙලාවක් මිඩංගු කිරීමට ඔවුනට නුවමනා විය.. එකල දේවසංකල්ප ලෙස සිටි පතනේ දෙයියෝ, පහනේ දෙයියෝ, තබා පහනේ යකා, පමන තුල්ලේ යකා වැනි යක්ෂ විශ්වාස කෙරෙහිවත් තඹ සතේක මායිම් නොකල ඔවුනට දෙයියා පල් ම විය.. අජූත ම විය..

සරල දිවි පෙවෙත ද ඔවුන්ගෙන් ඈත් විය.. එකල තම මිදුලේ මුත්‍රා කිරීමට පොඩි එවුන්ට තම වැඩිහිටියන්ගෙන් අවසර ඉල්ලීමට වුවමනා නැත.. පිලිකන්නේ බිත්තිය එම කර්තව්‍ය සදහා ළමා ළපටින්ට මහඟු තෝතැන්නක් විය.. නමුත් කාලයත් සමඟම "බිත්තියේ හුජ්ජ අල්ලන්න" එපා යැයි පවසමින් තම කිරි කැටියා ගේ නිදහස පවා නැති කර දැමීමට වැඩිහිටියෝ අකාරුණික වූහ.. වැඩිහිටියන්ගේ පදේට උඩ යන , එම පදේට නටන ලමා පරපුරහිද ආරම්භය එතැන් පටන් සිදුවිය..

මේ ආකාරයෙන් ගැමි කම පරයා නාගරීකරණය මිනිසා තමා නතු කරගනිද්දී සමාජයට බොහෝ නරක දෑ එකතුවන්නට විය.. නමුත් අප සැවොම දත යුත්තක් ඇත්තේය. එනම් කාලයහි වෙනස් වීම අප හොදින් හෝ නරකින් භාරගත යුතුම වීමයි.. පෙරකල මෙසේ යැයිද ; නමුත් අද මෙසේයැයිද පවසමින් හූල්ලනවාට වඩා වර්තමානය තුළ අතීතයේ පැවති ගුණධර්ම වගා කරවීමට යම් උත්සහයක් වත් දරනවා එය වටින්නේය.. නමුත් එය කලයුතුවන්නේ සැමට කුණුහරුප කියමින් නම් නොවන්නේය :D :D



ප.ලි -

ඇතැම් විට මේ සටහන තුළ ඔබට මෙලෝ මලදානයක් නොතේරෙන්නට ඇත.මෙය එසේ නොතේරුන එක ගැන ඔබ දුක් විය යුතු නැත . සතුටු වන්න.. ඔබ ඉතාම පාරිශුද්ධ ටියුබ් ලයිට් එකකි.. කිසිදිනක මෙවැනි පෝස්ට් කියවා ඔබේ පිරිසිඳුභාවය විනාශ නොකරගන්න.. ස්තූතියි!! :D


කතාව මෙතනින් අවසාන නැත.. හොදම හරිය ඊලඟටය.. ;)
+++

ප.ප.ලි -
මෙවැනි පද හරඹයකින් කරපු  නිර්මාණශීලී  කෙටි නිර්මණයක් (කුඩා දරුවන්ටද , මල් වැනි කෙල්ලන්ටද උචිත :P) බලන්න පහත සබැදීය වෙත යන්න.
(මුල්ම කාලේ කරපු නිර්මාණයකි)
ALPHABET රචනාව හා බලු රචනාව | Two funny Essays




***

63 comments:

  1. ඒ සමියා පට්ට බං.. මගේ මොලේ කොයිල් අනිත් පැත්ත ගැහුවා..
    සමියා හුළං බොකන ගමන් කයිපද ලියලා නෙහ්..
    සුපිරි ඈ

    ReplyDelete
  2. මේ වගේ ගැමි සමාජෙක ඉපදුන සබ්බේ ලබන් තුමා තමයි කස දැරියෝ නවකතාවයි, සිරි කැන්දූ කවි පොතයි ලිව්වෙ :)

    ReplyDelete
  3. gindara machan... ele.. danne nathi godak igene gatta.. very creative..

    ReplyDelete
  4. උබනම් පතනේ දෙයියෙක්මය, මෙවැනි වටිනා කතා ලියා උබ සමාජයට කරන්නේ දුකට පුං ගැසීමකි..ලැජ්ජ බිම අතුල්ලමින් ලියු මේ කතාවට මාගේ උත්තමාචාරය...
    උබලට මෙන් විනය තකා මේවා ලියන්න අපිට තකන්න විනයක් නැත, ඒනිසා මාත් හැකි ඉක්මනින් විනය තැකීම පුරුදුවීම සදහා කෙලේලක් සෙට් කරගත යුතුය.. :D

    ReplyDelete
  5. මෙවැනි ඉන්ගිරිස් පොතක් ගැන ඕනයා කලින් දව්සක මට කීවා යාන්තම් මතකය. පොතේ නම් "බෙරි ඔන් ද කැඩ්" වාගේ යාන්තමට මතකය.

    නිර්මාණය පට්ට එකෙත් උපරිමය. රහ බේරෙනවාය..

    "වන කානම් කයිය පඩම් පා කං" කියා කියන්න හිතෙනවාය..

    ReplyDelete
    Replies
    1. ඉය කියන්නේ 'පවුලෝ කොයියෝ' ලියපු "බෙඩී ඔන් ද කැඩ් ශීට්" පොත ගැන.. !

      Delete
    2. පවුලෝ කොයියෝ කියන්නෙ ඇත්තටම හොඳ ලේඛකයෙක්. කියවලා බලන්න.
      http://prebandha.blogspot.com/2011/02/blog-post.html

      Delete
    3. The Zahir..........

      Delete
  6. උබ ගමේ හිටපු හුට්ටර ඇත්තෝ ගැන ලියල නෑ බන් :3

    ReplyDelete
  7. මේ ටිකේ සීතල හන්දා "කැලේත් හිරි වැටිලා" ඇති !!
    ඒක නෙමේ ඔය "කොක්කු පනහා පනහා" තමා ඉන්නේ !

    ලියවිල එල !

    ReplyDelete
  8. මැයි පලවෙනදාට ලිවිය යුතු දෙයක් මෙසේ පල කිරීම සැක සහිත දෙයක් වුණත් එම සැකේ පුලුන් දමා මැකුවොත් හිරේ යන්නට සිදුවන බව මුතු හූනාද කී බැවින් හක පුරවාගෙන යෑම සඳහා සමියාට හකෙන් පත පත බැගින් දීමට හැමෝටම වක පනා ගෙන එන ලෙස ඇරයුම් කරමි.

    ReplyDelete
  9. මට නම් උඹ වත් එපා උනා සමී... තෝ මහ එපා කරපු එකෙක් :P

    ReplyDelete
  10. "කැකනදුර හුරි ඇත්තෝ" "වත්තේම පිං" ලබාගන්ට සිතා උදේම "කැඳ ලොරියක්"එව්වත් "ගයිල් මාලාගේ" ගෙදර ළඟ ලොරිය කැඩුණු නිසා ඩයිවර් එහෙ හිටපු "හුණ තාරාවී" මරාගෙන කාලා .

    ReplyDelete
  11. මේ වගේ අයිඩියා කොහෙන් එනවද කියලා හිතා ගන්නවත් බෑ.පට්ට වචන set එක.කතාව මිට වඩා ගලපලා ලස්සනට ලිව්වනම් තවත් අගේට තියෙයි.

    පට්ට.............

    ජය වේවා..........

    ReplyDelete
  12. රුවැත්තීJanuary 10, 2014 at 6:00 PM

    ලස්සන කතාව අයියෙ ඒ උනාට මට මොනවත් තේරුනෙ නෑනෙ :o

    ReplyDelete
  13. කුණුහරුප ඉගෙන ගැනීමට පැමිණි උදවිය හයිලයිට් වෙච්ච ඒවා පමණක් කියවති

    ReplyDelete
  14. හරිම විදග්ධයි නොවැ

    ReplyDelete
  15. ඔබ දන්න වචන කන්දරාව කොල්ලෝ. නියම ලිපියක් ඔබ‍ට ජය.
    හොඳ වෙලාවට රතු පාටින් පෙන්වලා තිබුනේ. නැත්නම් ඔක්කොම වචන දෙක දෙක අරගෙන අනික්පැත්ත ගහන්න වෙනවා. කුණුහරුප අඳුනා ගන්න.

    කුණුහරුප දන්නේ නැති අය ඉගෙන ගන්න කැමති නම් මේ විකිපීඩියා ලිපිය බලන්න.
    http://si.wikipedia.org/wiki/%E0%B6%85%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%AD_%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD_%E0%B7%80%E0%B6%A0%E0%B6%B1

    ReplyDelete
  16. යාළුවො එක්ක ඉස්සර කියලා හිනාවෙච්ච වචන ,ඒ වගේම අහල නැති ගොඩක් එවුවා .. ඔබේ කුණුහරප පෝස්ට් එකේ සෘන්ගාරය හෝ කුනුරසය ඉස්මතු නොවේ ..ගැහැණු පිරිමි බේදයකින් තොරව කියෝලා හිනාවෙන්න උළුවන් ..
    මං මේක කියවද්දී සැරින් සැරේ හිනා යනකොට සියා අහනවා මොකද කියලා ..මොනවා කියලා පැහැදිළි කරන්නද සමියෝ ... ඔන්න අක්කා කොමෙන්ට් කරා ඉදගෙන
    එලස්

    ReplyDelete
  17. හොඳටම නරක් උනා බං

    ReplyDelete
  18. අෆ්ෆා ලින්ක් එක දැකල ඇවිල්ල බිස්කට් එකක් කන ගමන් කියවල බිස්කට් එකත් පිටඋගුරේ ගියා.. තව ටිකෙන් හෙට කස්ටියට මාරි කන්න තිබ්බ. එල වචන ටික!

    ReplyDelete
    Replies
    1. ඒ මම මේක බුකියේ ශෙයා කළා ඔබතුමාගේ කොපිරයිට් එක්ක හොඳේ.. අවුලක් නෑ නේ?

      Delete
  19. කියව්වා එත් මොනා කියන්නද තේරෙන්නේ නෑ.. ඔය කියන විදියේ කුණු හරුප තියේද මන්දා.. මොකවත් තේරෙන්නේ නැනේ :(

    ReplyDelete
  20. පට්ට යකෝ.හිනා වෙලා ඉල නෑ :3

    ReplyDelete
  21. ෂිහ්....මාත් නරක් උනා හොඳටම..!!!

    ReplyDelete
  22. අන්න නිර්මාණ. පැය ගානක්, සමහර විට දවස් ගානක් කල්පනාකරන්න ඇති මේක ලියන්න මම හිතන්නේ.

    ReplyDelete
  23. සමිය නියමයිනේ මචෝ..උබට නියම සිතුවිල්ලක්නෙ බං මේ පාර පහල වෙලා තියෙන්නෙ.

    ReplyDelete
  24. හුකෑස් මේක එල :D
    උඹ මේක ලියන්න පටන් ගත්තේ කොයි කාලේද බං. මම හිතුවේ වැඩේ අත ඇරලා කියලා. හුනා ගැනයි අලියා ගැනයි දවසක් මමත් මොන මොනවද කිව්වා මතකයි :v

    ReplyDelete
  25. වංගෙඩියක් උඩ තරු දහයක්වත් ඉඳලා වෙන්ටෑ මේක ලියන්ට ඇත්තේ....හිනා වෙලා ඉල නෑ ඕයි....
    කියවලා ඉවර වෙනකොට පතන මැදින් ආ දෙයියා සිහි වුණා..
    හැබැයි අර කැලේ හිටපු බෙංගිලාගේ නසියර් ගැන එහෙම ලියලා නෑ නේ උඹ....

    ReplyDelete
  26. තොට පතන මැදින් ආපු දෙයියෝන්ගේම පිහිටයි!

    ReplyDelete
  27. මේකටද මේ කෙල්ලෝ කෙමෙන්ට් කලේ නෑ කියලා ස්ටස් දාන් හිටියේ.. ආයේ ඉතින් ඕක අහන්නත් දෙයක්ද.. කියෝලා සද්ද නැතුව යන්න ඇති..

    ReplyDelete
  28. ඉතා වෙහෙසවී ලියූ ලියවිල්ලක් බව පේනවා...:D

    ඔන්න කමෙන්ට් කලාලු.

    ReplyDelete
  29. සමී අම්බෝ මේව කියවල මෝලෙත් අවුල් උනා බොල... එල එල..

    ReplyDelete
  30. නිර්මාණශීලිත්වය අති ඉහලයි. සුබ පැතුම් !

    පාසි ගැන ඔබගේ දැනුම ඉතා මද බවක් පෙන්නුම් කරයි. වෙට්ට පාසි, වේහර පාසි, වෙච පාසි, වෙඩ පාසි, වෙඳුරු පාසි, වෙඩත්තල පාසි, යනුවෙන් තවත් ඉතා දුර්ලභ පාසි වර්ගයන්ද ගැමි සමාජයේ එදා වේල පිරිමසා ගැනීමට යොදාගෙන ඇත.

    ReplyDelete
    Replies
    1. පසි කෑරි ටික දොරේ

      Delete
    2. පැරි කාසි ටික....පේද නකෝ?

      Delete
  31. ela ela mcn. Hina welama badath ridenawa bn. :D


    Virtuous Person

    ReplyDelete
  32. මේවා හැදුවේ කවුද බං
    කුණුහරුප කතා කරන්න ය ඉන්නවනම් මේ comment එකකට like කරන්න

    ReplyDelete
  33. පල්ගස් යට දෙයියන්ගේම පිහිටයි බොලාට....

    සුභවේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  34. හත් වෙනි පාර එනකොට කියන්ට හිටපුව මතක නෑ,

    ReplyDelete
  35. එල බං...උබට සෑහෙන්න කාලයක් යන්න ඇති මේවා ටික එකතු කරගන්න.හොදයි හොදයි.හිනාවෙලා මගේ ලොල්ල වකු වෙලා...!!! මරු නිර්මාණයක්..උඩ ඉන්න ගෑණු දැරිවියො නම් මේවා දන්නෙ නෑ කියලා අමු බොරු ගහලා

    ReplyDelete
  36. අලේ තේලුනේ නෑ කියලා බබා පාර්ට් මොකටෑ සමියෝ මට නම් කෙල්ලෙක් උනාට සෑහෙන ප්‍රමානයක් තේරුනා. හිනා වෙද්දි තව පොඩ්ඩෙන් ගෙදර මිනිස්සු යවනවා මාව අංගොඩ. හැබැයි මේ ලියවිල්ල පට්ටම නිර්මාණශීලියි. හිනා සාගරයක්.

    ReplyDelete
    Replies
    1. අනිවා +++++++++++++++++++++++++++

      Delete
  37. සැරි කමියෝ.......ලැරි කිපිය.

    මේක ශිෂ්ඨ භාශාවට ට්‍රාන්ස්ලේට් කරපන් කෝ *** වෙනුවට ශිෂ්නය කියලා ** වෙනුවට ශුක්‍ර කියලා. උඹ නම් පුදුම ශුක්‍ර යෝනියෙක්. රස වින්දෙමි.

    ReplyDelete
  38. අක්කා කෙනෙක් ඉන්නවා ගෘප් චට් වලදී ඔය වගේ ඒවා කියලා අපිට හිනාවෙන ,,මෙදා දෙන්නම් ජම්බු, thanks සමි...

    ReplyDelete
  39. මීට වඩා නරකද කොල්ලෝ කයි පද ටිකක් ලිව්වනම්.

    ReplyDelete
  40. විවේකයකදී හුස්ම ඉත්තන් කිහිපයක් සමග සෙල්ලං කිරීමටද පුරාණ ගැමියා අමතක කලේ නැත

    ReplyDelete
  41. වැම්පයර් විසින් පහු ගිය දවසක පොත් ලිස්ට් එකක් ගැන කියල තිබුණ. කලා කෘති ගැන තමයි මේ කතාව.

    ඔය කට්ටිය මේ පොත් කියවල තියෙනවද බලන්න? කැලේට ආ නරියා, කැලේ දිගේ නරි එනවෝ, නරියා සහ කැලෑව, යකාගෙ පහන, පහන් යකා, රතු හුණ්ඩුව, බකන සුළං, වතු සුළං.

    පන්සිය පණස් ජාතක පොතට දාපු අළුත් ජාතකේ තමයි චුල්ල වට්ටි ජාතකය. මේ ජාතකේ ප්‍රධාන චරිතෙ චුක පුට්ටි කුමාරිය. මේ කුමාරිට ගේම දෙන්න එන කිං තම්බි කියන අරාබි කාරි ගැන ලස්සන කතාවක් තියෙනවා. අන්තිමට කුමාරි බේර ගන්නේ පට්ටියේ මුක දාන සිටු තුමා.

    කට්ටිය බලල තියෙනවද සෙල්ල වලවේ ගෙ පාකි නකින් බෙල තේරේ කියන චිත්‍රපටිය? ඕක හදල තියෙන්නෙ වනවාකම් කල්ල වඩන් කියන නව කතාවෙන්නෙ.

    ඒ වගෙම ගීත රචනා තියෙන සිරි කැන්දූ පොතත් කට්ටිය බලල ඇති. බණ දේශනා ගොඩක් තියෙන කැටි කල පිරිත් පොතත් කියවන්නම ඕන පොතක්. කුරුළෑ වලට හොඳ අත් බේතක් වෙච්ච කැලැල් බරි හරි කැස්ලිම් මුරි යොදා ගැනීමේ වෙද පොතකුත් තියෙනව. ඔය අතරම වීර චාරිකා ගැන ලියපු වට ඇල්ල සමග, වනයක් සමග තරුවක් පොත් දෙකත් අගෙයි. බෙල්ලේ හැදෙන වණ ගැනත් ලියවිච්ච පොතක් මේ අතර තියෙනවා.

    අපි ඉතින් මේ පොත් ගැන කියන්නේ පඩිය තකා වත්, පට්ටම් තකා වත් නෙවෙයි. අපි විනය තකා ගෙන වැඩ කරන නිසා. අපිට වැස්සෙන් පලක් නැතිවා වගේම, පායන කොට ගුණ නැති වෙන්නෙත් නෑ.

    උපුටා ගත්තෙ මෙතැනින් http://slanghome.wordpress.com/2010/07/29/%E0%B6%B4%E0%B6%AF-%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%85%E0%B7%92/

    ReplyDelete
    Replies
    1. ඔයා තියන්නේ වැඩිදුර කියවීම සඳහාත්... :)

      Delete
  42. උඹ නම් හරිම පාලං කොකෙක් තමයි. මං අන්තිම නරක වුනා. දැන් කෝමෙයි ගෙදර යන්නේ... :P

    හොඳට හිනා වුනා බං මේක කියෝලා.. :D

    ReplyDelete
  43. හිනා වෙලාම චූ බරකුත් හදුනා ඕයි

    ReplyDelete
  44. සැහෙන කාලයක් මහන්සි වෙලා විනය තකා පොස්ට් ලියන එකට අපේ ප්‍රනාමය

    ReplyDelete
  45. සැමියාට වැරදී ඇත. "බිත්තියේ හුජ්ජ අල්ලන්න" එපා යැයි පවසමින් තම කිරි කැටියා ගේ නිදහස නොව තම බිරිඳගේ නිදහස පවා නැති කර දැමීමට වැඩිහිටියෝ අකාරුණික වූහ. :p

    ReplyDelete
  46. උඹගේ බ්ලොගයට අද තමයි මුලින්ම ආවේ. නැවත එන්නම්.ජය වේවා!!

    ReplyDelete
  47. පස්ට ..බන් ලියන්න සැහෙන වෙලාවක් යන්න ඇති නේ ...

    ReplyDelete
  48. පාකි නකේ බෙල්තේරේ පිලම් එකෙත් ඹය වගේ කෑලි තිබුනා!!

    ReplyDelete
  49. පණ නැති කොක්කුත් ඒ කාලෙ හිටිය නොවැ!

    ReplyDelete
  50. එල ඔයි

    ReplyDelete
  51. හම්මේ ජිවිත කාලේ තිස්සෙම අහපු හනු කුරුප ඔක්කොගෙම ඩික් ෂනරියක්ද කොහෙද මේක !

    සරි කැමියාට අපේ උපහාරය !

    ReplyDelete