Thursday, December 5, 2013

මමී සමඟ මමී බලපු හැටි (Part - 2) - උම්මා නැති ෆිල්ම් එකක් | Preparation for dumb end -_-

පඳුර වටේ තැලුවට මොකද කතාව කියන්න ඉඩක් ලැබුනේ නෑනේ.. ඒනම් කලින් ආවෙ නැති අය පල්ලෙහා තියන ලින්ක් එකෙන් නයිට් රයිඩර් කෝලමත් බලලම එන්න..

"මමී සමඟ මමී බලපු හැටි ( Part - 1 ) - නයිට් රයිඩර්, උම්මා එක සහ ළමා මනස | Knight Rider's hot Kissing :D"

---------------------------------------------------------------------------------------------------
--------------------------------------------------------------------------------------------------

ඉස්සර හැමදාම ඉරිදා කියන්නෙ  යාලුවො ඔක්කොම අපේ ගෙදර සෙල්ලම් කරන දවස..  දහම් පාසල් ගිහින් ගෙදර ආපු හැටියෙ  සන්ඩේ ඉස්පෙශල් කිරිබත  කන්න ඉඩක් නොතියා  ගමේ ඉන්න කොල්ලො රොත්ත බුරුත්තම අපේ ගෙදර එන්න පුරුදු වෙලා හිටියා .

මිදුලෙ ටිකක් වැඩිපුර ඉඩ තියෙන හින්දත් ගේට්ටුව ලඟ  ඉඳලා ගෙදර වෙනකම් පිච් එකක් වගේ පාර තිබුන හින්දත් ක්‍රිකට් ගහන්නම කියාපුම තැනක් තමයි අපේ මිදුල.. ඒකාලෙ පුංචියට තිබුනු ගහකොල දැන් ගොඩක් උසට වැඩිල හින්දා දැන් නම් ක්‍රිකට් ගහන්න ඒ තරම් ඉඩකඩක් නෑ.. කොහොම උනත් ඒ කාලෙ අපි හැමොගෙම නිදහස් නිවහල් ක්‍රීඩා භූමිය තමයි අපේ මිදුල ..

ඉතින් ඒ කාලෙ මහ දවල් ගිනියම් අව්වෙ ක්‍රිකට් ගහන්න පටන් ගත්තාම ආයෙ  සෙල්ලම ඉවර වෙන්නෙ කලුවර වැටිල බෝලෙ පේන්නෙ නැතුව ගියාම තමයි. බොහොම කලාතුරකින් දවසක ඉඳල හිටල කට්ටිය කැරම් අතක්  ගහල තේ බිබී ටි.වි එක බලනව   ඇරෙන්න වෙන කිසි විශේෂත්වයක් අපි කාටවත්ම තිබුනෙ නෑ ඔය ඉරිදා කියන දවසෙ  ක්‍රිකට් ගහන එක ඇරෙන්න



ඔන්න ඉතින් එහෙව් ඉරිදාවක  රැ 7ට විතර බෝලෙ පේන්නෙ නැතුව ගිහින් සෙල්ලම නැවැත්තුට පස්සෙ කීප දෙනෙක් ඉතිරි උනා..  සෙල්ලම් කරපු අයගෙන් ඉතිරිවෙලා හිටිය  කන්චයි, ලපයයි, රොහායි, මමයි එකතුවෙලා කයියක් ගහන්න පටන් ගත්තා.. හැමදාම වගේ උන් කිපදෙනාව එලෝගන්න හරි අමාරුයි සෙල්ලෙමෙන් පස්සෙ :D.. කොච්චර පරාල ඇණ උනත් අදටත් දුකට සැපට එදා වගෙම ඉන්නෙ උං තමයි ඉතින් මං ලඟ..

මහන්සි අරින්නත් එක්ක  කොන්ක්‍රීට් බැම්මෙ ඉඳගෙන ඉන්න අතරෙ කන්චා කතාව පටන් ගත්තා.

"අඩෝ  සමියා එන ඉරිදට ක්‍රිකට් ගහන්ඩ බෑ බන් වෙන මොනා හරි සෙට් කරහන්කෝ"

"ඒ මොකෝ බොල ක්‍රිකට් ගහන්ඩ බැරි. ක්‍රිකට් නැතුව අල්ලන සෙල්ලන් කරන්ඩයෑ අපි?"  මම ඇහුවෙ මූ මේ මොකාටද එන්නෙ කියල තේරුම් ගන්න බැරි හින්දා..

"අපෝ හැමදාම ක්‍රිකට් ගහල ඇතිවෙලා බන්. වෙනසකටත් එක්ක ෆිල්ම් එකක්වත් ගෙනත් බලමු." කන්චා හිතේ තියාගෙන හිටපු දේ එලියට දැම්මා

"අන්න වැඩේ. පට්ට පට්ට. හුග කාලෙකින් ෆිල්ම් එකක් බැලුවෙ නෑ."  ලපයත් උල්පන්දම් දෙන්නෙ කන්චටමයි

"අනේ මේ උඹල දන්නවනේ මචන් අපේ අම්මගෙ හැටි. බැරි වෙලාවත් ෆිල්ම් එක අතර මැද්දෙ කිසිං සීන් එකක් තිබිල අපි ඕක බලනව අම්ම දැක්කොත් ආයෙ උඹලටයි මටයි මෙහෙ සෙල්ලන් කරන්ඩ තියා මට ගෙදර ඉන්ඩත් විසුමක් වෙන්නෙ නෑ .. අනේ මට බෑ බං.. ඕනි නම් අම්ම ගෙදර නැති දවසක සෙට් වෙලා බලමු" මම සුපුරුදු බාල්දිය ඇද්දා.. මොකද මං දැනං හිටියා අපේ අම්මගෙ හැටි.. බැරිවෙලාවත් එහෙම දෙයක් දැක්කොත් දක්වන ප්‍රතිචාරෙ එච්චර සුභවාදී නෑ .. කොටින්ම මට විසුමක් වෙන්නෙ නෑ

"හරි හරි යකෝ. අපි ඉතින් උම්මා සීන් නැති ෆිල්ම් එකක් ගෙනත් බලමු. එතකොට හරිනේ"
රොහාටත් ඕනි කොහොම හරි ෆිල්ම් එකක් බලන්නමයි

ඒ කාලෙ වෙනකොට කම්පූටරේ කියන දේ අපි හැමෝ ලඟම තිබුනෙ නෑ අද වගේ .. මමත් අලුතෙන් පී සී එකක් ගත්තා විතරමයි ඒ කාලෙ.. සි ඩී වලින් වත් ෆිලුම් බලපු උන් නෙමේ අපේ සෙට් එක..ඉතින් එහෙව් අපිට චිත්‍රපටියක් බලනව කියන වෙනස් අද්දැකීමක් වෙලා තිබුණා.

"හා ඒනම් ඕනි මගුලක්. ගෙනෙන් ෆිල්ම් එකක් එන ඉරිදට. කට්ටිය සෙට් වෙලා බලමු."  විනිස්ච කාරයගෙ අවසන් තීරනේ මම තුමා විසින් සබාව හමුවේ තැබුවා. නොකිව්වට මගෙ හිතෙත් ෆිල්ම් එකක් බලන්න නොනිම් ආශාවක් නලියමින් තිබුණා.

"එලනේ. ඔය තියෙන්නෙ. අන්න ඒමනේ ඉන්න ඉන්න ඕනි.. " කන්චගෙ යොජනාව ඉස්තිර උන එකට ඌට සෑහෙන සන්තොසයි..

දැන් අපි මොකක්ද බලන ෆිල්ම් එක? හොඳ අලුත් එකක් බලන්න ඕනි කාලෙකට පස්සෙ බලන එකේ"
ලපයා සභාව හමුවෙ තැබුවෙ වැදගත්ම ප්‍රශ්නෙ.

"මම බැලුව මචන් ෆිල්ම් එකක් 'මමී' කියල ඒකෙ දෙවෙනි එක මමී ටූ (mummy 2 ) ඇවිත් තියෙනව. ඒක බලමු සෙට් වෙලා . මම ගේන්නම්".. අපි අතරින් ෆිල්ම් ඔස්තාද් උනු කන්චා කිව්වා . (කස්ටියට මතකයි නේ ඒ කාලෙ මමී කියල ඉන්ග්ලිශ් ෆිල්ම් එකක් ආවා)

"මේ ඕ‍යි.. ඒකෙ උම්ම දෙනවද කියපන් ඔක්කොටම ඉස්සෙල්ල" මම හිතෙ බුර බුරා දැවෙමින් තිබුනු ප්‍රශ්නෙ සබාව මත පතිත කලා.

"උම්මා නෑ යකෝ ඒකේ.. බය නොවී හිටහන්කො අඬන්නෙ නැතුව.‍ මම සේරම බලාගන්නම්"
කන්චා අවසන් තීරනේ දුන්නා..

"හා හරි! එහෙනම් ලබන ඉරිදට සෙට් වෙමු.. 1 වෙද්දි මෙහාට. පණිවිඩය නොලැබුණු සාමාජිකයින් දැනුවත් කරපන්. රැ වෙලා බන් අම්ම බලන් ඈති. අපි යමු" ලපයට වෙනද වගේ විසිරයාමේ ගීතය කියන්න හම්බුනේ නෑ

"සල්ලි එකතු කරල ඉඳහන් යන්ඩ කලින්"
කන්චා කොහෙවත් තිබුනු බාල්දියක් හැමෝගෙම ඔලුවලට පෙරලුවා

"මොන සල්ලිද යකෝ" ලපයා කන්චව ගිලින්න ඔන්න මෙන්න තියල ඇහුවා

"අයි මූසල ලිහිනියො, ෆිල්ම් එක ගේන්නෙ උඹලගෙ අම්ම කිව්වයි කියලද? කඩේ නිකන් දෙනවයැ සී.ඩී?."

"නෙද්දකින් කාලකන්නිය.ෆිල්ම් එක ගේන්න බාරගත්ත නම් ගෙනෙන්.උඹලැයි අම්මගෙන් ඉල්ලගනින්. අපි ලග සල්ලි නෑ " රොහා සමස්ත ලමා පරපුර නියෝජනය කරමින් ප්‍රකාශ කලා.

"මේක හරි කෙලියක්නේ යකෝ. තොපිට ෆිල්ම් බලන්න මම සල්ලි දීල ෆිල්ම් ගේන්ඩ. ටිකක් රැ වෙලා වරෙන්කෝ නාගෙන කරගෙන"
කන්චා ප්‍රති උත්තර දුන්නෙ සමස්ත ලමා පරපුර පිරිහී ඇති අන්දම ලෝකයට පෙන්වා දෙමින්.


"ඇයි අපි විතරද ෆිල්ම් බලන්නෙ. තෝ බලන්නෙ නැදද. ෆිල්ම් එක ගෙනත් දීල ගෙදර යනවද තෝ?  මුන් ෆිල් ගේන්න බාරගන්නෙ නිකන් හරියට ෆිල්ම් එකේ ප්‍රොඩිව්සර් මූ වගේ. ඊට පස්සෙ සල්ලි ඉල්ලනව හිකනලා වගේ. බලහන්කො සමියා. මේ කඩේ ලඟට ගිහින් පොඩ්ඩක් නැමියං.. එතකොට ෆිලුම් එකක් ශූට් කරල හරි තොට දෙන්නැතෑ " ලපයා වැඩිහිටියන්ට පමණයි කොටසකුත් දෙබසට එකතු කලා

"මොන රෙද්දක්ද යකො රණ්ඩු වෙන්නෙ. හිටපිය ඔහොම සල්ලි දෙන්නම් මම තොට"

මහ බැන්කුවෙ අදිපති වගේ ප්‍රකාශ කලාට ෆිල්ම් එක ගන්න සල්ලි ටික හොයා ගන්න සැහෙන ගේමක් මට දෙන්ඩ උනා . ඇයි අප්ප ගෙදරින් ඉල්ලන්ඩයැ සල්ලි ෆිල්ම් ගන්ඩ කියල. හිච්චි කොල්ලො උනු අපිට කොයින්ද සල්ලි. කැට හාරල, සාක්කු අවුස්සල, බැග් පෙරලල යන්තම් හොයාගන්න පුලුවන් උනා  පිලුම් එකකට ඇති වෙන්න සල්ලි .


ආ මෙන්න සල්ලි.. දැන් මේකත් අරන් පලයව්.. අඩො කන්චා තො ලබන සතියෙ එනව ඒම නෙමෙයි පිලුම නැතුව හරිය ?

අන්තිමේ සල්ලි ටික හොයල දීල බොහොම අමාරුවෙන්  කට්ටියවම එලෝගත්තා..

හැමෝම ගෙවල් වලට ඊලඟ සතියෙ බලන්න තියන චිත්‍රපටිය ගැන සිහින දකිමින්....



--------මතු සම්න්ධයි!!-----------

-----------------------------------------------------
----------------------------------------------------------------
ප.ලි - ඊලඟ ඉරිදා කන්චා ගෙනාව සීඩී එක අපි සෙට් එක බලපු හැටි ඊලඟ පෝස්ට් එකෙන් බලාපොරොත්තුවන්න.. අතිශය දුක්ඛිත අවසානයක් සමඟින් ඇඟ කිලිපොලා යන දර්ශන ඇතුලත් එම කොටස තව දින තුනක් ඇතුළත ඔබ හමුවට .....


                                        අවසන් කොටස



                          ෴Cyber Mega Beach Party෴

මේ හදන්නෙ ඉතින් ගහ දන්න මනුස්සයට කොල කඩාපාන්න.. මේ පාර බ්ලොග් ගෙට් එකක් තියනවලුනේ.. ඉතින් ඒක ටිකක් වෙනස් ආරක එකක් කියලයි ආරංචිය.. 


බ්ලොග් වලට ආදරේ කරන , බ්ලොග් කියවන ලියන හැමකෙනෙක්ම එදාට එකතුවෙලා කතාබහ කරලා අලුත් යාලුකම් ඇතිකරගන්න,  පරණ යාලුකම් අලුත් කරගන්න , සින්දු කියන්න , නටන්න, වෙරල ක්‍රීඩා කරන්න විනෝදාත්මක අංග සමඟින් එකතුවෙන්න දැනටමත් මග බලාගෙන ඉන්නවනේ..

ඒ විතරක් නෙමේ ඇයි සදෑ සාදය.. ඔබටත් මටත් වෙනස්ම ආකාරයේ අත්දැකීමක් වනවාට කිසිම සැකයක් නෑ

ඉතින් මේ කියන්නෙ හැමදෙයක්ගැනම තවමත්  හාවක් හූවක් නොදන්න අයට

දිනය - මේ දෙසැම්බර් මාසෙ 21 වෙනි සෙනසුරාදා
වෙලාව - උදේ 9.00ට
ස්තානය - ගල්කිස්ස ජෝ ජෝ ප්ලේස් කියන තැන

ආහාර සඳහා සහ ස්තානය එක් අයෙක්ගෙන් රු.350ක මුදලක් අයකරගන්න සිදුවෙලා තියනවා..

ඉතින් එන බව කලින් දැනුම් දෙන්න මෙන්න මේ ලින්ක් එක හරහා ඔයාලට පුලුවන්..

මූනුපොතේ තියන ඉවෙන්ට් එකට යන්න මෙන්න මේ ලින්ක් එක භාවිතා කරන්න

යාවත්කාලීන වෙන අලුත් විස්තර බලන්න බ්ලොග් අවකාශයේ මිතුරෝ බ්ලොග් අඩවියට යන්න මෙන්න මේ සබැඳිය   භාවිතා කරන්න

එහෙනම් එදාට අපි හැමෝම එකතුවෙමු :) ජය!!


එන්න හැකි නොහැකි  කාට උනත්   පහත ස්ක්‍රිප්ට් එක විජට් එකක් විදියට එල්ලගෙන සහයෝගය දක්වන්න පුලුවන්..
<a href='http://cyberfestival.blogspot.com/2013/11/set.html' style='text-decoration:none'><div style="height:290px;width:233px;background:url('http://s22.postimg.org/4lj7oik75/wid.png');font-size:24px;font-family:Tahoma, Geneva, sans-serif;padding:70px 0 0 20px;">
<script language="JavaScript">
TargetDate = "12/21/2013 8:00 AM";
BackColor = "none";
ForeColor = "white";
CountActive = true;
CountStepper = -1;
LeadingZero = true;
DisplayFormat = " %%D%% &nbsp;&nbsp; %%H%% &nbsp;&nbsp; %%M%% &nbsp;&nbsp; %%S%% ";
FinishMessage = "ගෙවී අවසන් ය!";
</script>
<script language="JavaScript" src="http://scripts.hashemian.com/js/countdown.js"></script>
</div></a>

මූනු පොත සදහා නිර්මාණය කර ඇති කවර කීපයක් පහතින් දක්වන්නම්.. කැමති අය දාගන්න :)

















47 comments:

  1. එල එල මම අනිව එනව....

    ReplyDelete
  2. කොයි බොල මේකේ ඉතුරු ටික?

    ReplyDelete
    Replies
    1. ඉතුරු ටික එනවා මග එනවා :)

      Delete
  3. නෙදකින් විතරක් ඉතුරු ටිකත් මේකටම අමුනන්ඩ තිබ්බනෙ බොල දැන් ඉතින් තව දවස් 3ක් ඉන්ඩ එපායැ උබලගෙ වීර වික්‍රමය කියවන්න :P

    ReplyDelete
    Replies
    1. ඔක්කොම වචන 3000කට එහා බොල.. ඉතින් කොටස් තුනකට කඩන්නැතුව දැම්මෙ නැත්නං කියවන්නෑ >_<
      අනික ගෙට් එක ගැනත් කියන්න ඕනි හින්දා මේක පොඩ්ඩක් කොට කොලා

      Delete
  4. එකත් මතු සම්බන්ධ කොරලා. අහුවෙයන්කෝ බීච් පාටියේදී ඔබනවා මුහුදේ

    ReplyDelete
    Replies
    1. මට උබෙ මූන තාම මතක නෑ.. ගිය පාර ආවට බැරි උනානේ අඳුන ගන්න..ඔබ්බන්න කලින් කියපන් ඈ උබ කවුද කියලා :D

      Delete
    2. මූ නං ඔබන්නමයි තියෙන්නෙ මුහුඳේ....

      විජෙට්ටුව එල්ලගන්නම්කො....

      Delete
    3. මූව මූදෙ ඔබන සත්කාර්ය සදහා මමද සම්මාදම් වෙමි :D

      Delete
  5. නෙදකින් :( දවස් තුන සති තුනක් වුණොත් හම ගහනවා.

    ReplyDelete
    Replies
    1. නෙදකින් වගේ වචනෙකට වඩා හෙනගහපන් වගේ වචනයක් ලස්සනයි ධාරා :)

      දවස් තුනයි :)

      Delete
  6. කුතුහලේ ඇති කරලා නවත්තන්න කියලා උඹටත් මොකෙක් හරි ත්‍රස්තවාදී බුවෙක් උපදෙසක් දුන්නද? >:(

    ReplyDelete
    Replies
    1. 21 වෙනිදට ආවම ආස්සරේ කරන ත්‍රස්තවාදියො ටික බලාගත්තැහැකි :D

      Delete
  7. ''දැං වෙලාව'' වැරදියි නේද?

    ReplyDelete
    Replies
    1. වැරදි නෑනේ :O හරිනේ :O

      Delete
  8. අනේ බං මටත් මතක් වෙනවා ඉස්කෝලේ යන කාලේ බ්ලු බලපු හැටි.. ඔන්න උඹව අද තමා ෆලෝ කරේ.. හැක් හැක්

    ReplyDelete
    Replies
    1. හුරේ 150යි :D

      අද වෙනකං හිටියනෙ උඹ ඉතින් :'(

      Delete
  9. අප්පා මාව කාලා නෙමෙයි වලදලා........................ අවුලක් නෑ..... :)

    ඉතුරු එකත් පුළුවන් ඉක්මනට දාහන්............ උබලාගෙ ගෙදර පිච් එකේ පොටෝ එකත් දැම්මනම් තවත් හොදා......... :D

    ReplyDelete
    Replies
    1. කට්ටියට දැනගන්නත් එක්ක කියන්නෙ.. ඒ තමයි ඒ ලපයා :D

      Delete
  10. ඉතුරු ටිකත් ඉක්මනට දාපන්

    ReplyDelete
  11. ගෙනාපු චිත්තරපටියේ කිසින් සීන් නැත. මොකද ඒ ඩබල් කිසින් වලටවත් වෙලාව නාස්ති කරන්නේ නැත?

    දාපිය ඉතුරු එකත් ඉක්මනට අපෙන් මැරුම් නොකා..

    ReplyDelete
    Replies
    1. :D ඒමත් චිත්‍රපටි තිබුනද ? චී...........

      Delete
  12. මම පොඩි එකා කාලෙ චිත්තර පටි බැලුවත් දැන් නම් කිසිම එකක් බලන්නෙ නෑ...මට හරි කම්මැලියි බන් ඕවා දිහා බලාන ඉන්න...ගෙදර හිටිය කාලෙ නම් පරණ සිංහල චිත්තර පටියක් රූපවාහිනියෙ ගියොත් බැලුවා....

    මමී රිටර්න්ස් චිත්තර පටිය මම බැලුවෙ පබ්ලික් හෝල් එකෙන්...එදා හෝල් එකටම හිටියෙ 9 දෙනයි...ඒ අතර කපල් එකයි...උන් දෙන්නා බැලකනියට වෙලා ලයිට් නිමන්නත් කලියෙන් වැඩ පටන් ගත්ත නිසා ඉතිරි හත් දෙනා ෆිල්ම් එක වෙනුවට බැල්කනිය දිහා බලාන හිටියා....

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ගෙට්ටුව සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා....ආයෙ දවසක අපි හමුවෙමු...ගම්පහදි හමු වුනා වගේම...

      Delete
    2. ඒනම් ඉතින් සිරාගෙන් කතාව මතකද කියල අහල වැඩක් නෑ :D

      අයියා නැති අඩුව ගොඩක් දැනේවි.. .. අනිවාර්යෙන්ම ඊලඟ ගෙට් එකට සිරා අයිය ඒ අඩුව පුරවයි කියල හිතනවා

      Delete
  13. අනේ අපිනං ඔය නරක වැඩ කලේ නෑ!

    ReplyDelete
    Replies
    1. සේ සේ සේ ... කෝ මේ උපාසක බළලා... :P

      Delete
  14. අනිත් එක දාන්නේ මාස කීයකින්ද....??

    ReplyDelete
    Replies
    1. මාස කීයකින්ද ඕනි ? :D

      Delete
  15. මේක කියෙව්වම අපේ යාලුවෙකුට වෙච්ච සීන් එකක් මතක් උනා ..ඒ යාළුවගේ තාත්ත රෙස්ලින් ෆිල්ම් එකක් කියල එකක් ගෙනත් යාලුවටත් එන්න කියල බලන්න පටන් ගත්තලු .
    තාත්ත වැරදිලා ගෙනෙත් තියෙන්නේ අමු @#$% ෆිල්ම් එකක් .තාත්ත හොල්මන් වෙලා බලාගෙන ඉද්දි යාළුවා හෙමිට නැගිටලා ගියාලු.ආය ඒ ගැන වචනයක්වත් කතාකලේ නැතිලු ...:)))

    ReplyDelete
    Replies
    1. අපොයි ඒ තාත්ත පුදුම විදියට අසරන වෙන්නැති! පව් :(

      Delete
  16. අපරාදේ හමුවීමේ කරුමේ නේ බලන්න තිබ්බේ ..මරු ෆිලුම් එක ...ලව් සීන් පයිට් එහෙම ගොඩාආආආඅයි :v

    ReplyDelete
    Replies
    1. ඒ පිලුම් බලල මණ්ඩලේ කචල් වෙලා වාරනය කලා නේ.. පිලුම් ඩිරෙක්ටර් ගැනයි නලුවො දෙන්නයි ගැන දුක......... හිතුන නේ ඔයාට ? :P

      Delete
  17. මාත් මේ දැන් ඔය කියන ෆිල්ම් එක බලන්ට ආසාවේ ඉන්නේ. ඉක්මනට පෙන්නන්ට. නැත්නම් ඉතින් අපි නැගිටලා යනවා...:D

    ReplyDelete
    Replies
    1. නැගිටින්න එපා ඉන්න ඉන්න පෙන්නනවා :(

      Delete
  18. උඹ සල්ලි දුන්නයි කියල උඹට තනියෙං ෆිල්ම් බලන්න බෑ බොල. ඉක්මනට දාපිය ඉතුරු ටිකත්.

    ReplyDelete
    Replies
    1. ඉක්මනටම අනික් අයට පෙන්නනවා :D

      Delete
  19. මදෑ කියෝගෙන ආවා.. කෝ අවසානේ.. නෙද්ද්කින්ම තමා :/

    ReplyDelete
    Replies
    1. අර ධාරා හමතිස්සෙම කියන්න වගේ හෙනගහපන් කිව්වෙ නැත්නං වැදෙන්නෑ බං :P

      මේ අනික් හැම එකම ෆලෝ කලා මාව ෆලෝ කලේ නෑ නේ උඹ.. අහුවෙයන්කො

      Delete
    2. උබට ගහන්න ඕනේ හෙන නෙවේ බන් කුණු තක්කාලි.. බලපං තව කි දවසක් බලන් ඉන්නද ඉතිරි ටික කියවන්න..

      අඩෝ මේ අහ ගන්න එපා මගෙන් මන් මේක ෆලෝ කරේ ආදී පරංගි කාලේ.. උබ දන්නේ නැතුවට කොරන්න දෙයක් නෑ.. මගේ බ්ලෝග් රෝලේ update උන නිසානේ බෝල දැක්කේ :3

      Delete
    3. හම්බෝ සැර..

      @දුවමින්

      Delete
  20. අඩේ ඉතිරි එක දාපල්ලකො ඉක්මනට

    ReplyDelete