Sunday, December 22, 2013

පළමු මඩ මුරය!!! :D :D | Cyber Mega Beach Party 2013

පොටෝව නිර්මාණය කල සිංහ රජාට මාගේ ප්‍රමණය..

 මේ අවුරුද්දට තුන්වෙනි පාරටත් කට්ටිය සෙට් උනෝය.. කියන්ඩ දේවල් එමටය.. ඒත් මේ දවස් ටිකේ ඔලුව ප්‍රශ්නෙක සෑහෙන්න හිරවෙලාය.. ඒ නිසා ගම්පහ ගෙට්ටුවට තරං වැඩිවේලා අරගෙන ලියන්න  නොහැකිය..  ඊයේ රෑ හිටපු ඈයෝ නං ගෙවල් වලට ගියාදැයි සැක සහිතය.. වැනෙන කුක්කු බිව් ඈයොන්ගේ හොද හොද සෙල්ලම් බලාගන්න කලියෙන් සමියාට ගෙදර එන්නට සිදු උනේය..

කොහොමින් කොහොම හරි මෙවර ගෙට්ටුව අතිසය සාර්තකය... බීච් එකේ  නටල මූදේ නාලා කාල බීලා කට්ටිය මදි නොකියන්න විනෝද උනෝය.. සමියාට පොඩි වගකීමක් තිබූ බැවින් මෙවර වැඩියෙ එක් එක්කෙනා සමඟ කතා බහ කරන්න නම් වෙලාවක් ලැබුනේද නැත .. සමියා ඒ පිලිබදව සමාව අයැද සිටින්නේය.. ඊලඟ පාරක කතා බහ කරන්නට පුලුවන්ය.. ඒ ගැන අහිතක් හිතන්ට එපාය.. අලුත් මූණු ගොඩාක් පැමීන සිටියෝය.. උස් පහත් කම් නම් දකින්න තිබුනේම නැතිය.. සබැවින්ම එය සතුටට කරුණක්ය.. කබ්බෝද ජෙප්පෝද කොටස් වලට නොබෙදී සහයෝගයෙන් විනෝද වූවෝය..



කෙසේ නමුත් වැඩි දුර කතා බහ කරන්න කොහොමත් හොද නැතිය. ඉදිරි සති දෙක තුනක් තුල මුලු බ්ලොග් අවකාසයම පිරී ඉතිරී යන්නේ ගෙට්ටුව ගැන ලියවුනු පෝස්ට් වලින්ය. ඉතින් සහභාගි නොවුන ඈයොන්ට විතරක් නෙමේ සහභාගි උන ඈයොන්ටද දිරාගත නොහැකිව අජීර්ණය වන්නේය.. දැකල දැකලම එපා වෙන තත්වෙට එන්නේය.. ඊට කලියෙන් ලියන මඟුලක් ලියන එක හොදාය.. :D

අපේ අති උත්තම රජාගෙ සංකල්පය දැං බ්ලොග් ලෝකෙ අතිසයින් ජනප්‍රියය.. මඩ පොටෝ බ්ලොග් ලෝකෙට ගෙනාවේ රජා ය.. නමුත් මේ පාර රජාගේ පැපරාසි කැමරාවද රජා සමඟම  මූදෙ ගියේය.. රජා හෙනම අප්සට් එකේ සිටියේ ඒ නිසාය.. ගියපාර මඩ ගැසූ තරියාද දර්සනය වූයේ අන්තිම මොහොතේය.. කැමරා තිබුනද නොතිබුනද මඩ ගහන එකා මඩ ගහන්නේය.. ඉතින් කැමරාවක් නොතිබුන සමියාටද  මඩ පොඩ්ඩක් අතුල්ලන්නට හිතුනේය.. ඒ හොද මඩ එනකංය..  මේවා පොඩි මඩය..  හොද හොද සෙල්ලම් එලිවෙන යාමේටය.. ඒවා පස්සේ දකින්නට ඇහැකිය..

මෙම මඩ හිත සතුටින් ගහන මඩ ය.. සමියාට කා සමඟවත්  කොන්තරයක්  නැත්තේය.. ඉතින් ඉවසා බලා වදාරන්ඩ කියලා අමුතුවෙන් කියන්ඩ ඕනෑ නොවන්නේ බ්ලොග් අවකාසේ ඇත්තන්ට මඩ කියන දේ එච්චර ගානක් නැති නිසාය :D  එහෙනම් මේ කට්ටිව විතරක් සමියා මඩ වලින් නාවන්නේය.. මේවා කුණු මඩ නොවේ අතිසයින්ම සොදුරු මඩය :)

පොටෝ වල දෙබස් පැහැදිලිව නොපෙනේ නම් පොටෝව මත click කරන්න


බෙරේ ගහපං බැඳගත්තනං



සත්තම නං මගෙ අකමැත්තක් නෑ :D





අසා ඉමු අපි සයුර මුමුණන පෙම් කතා


බලන්න සුද්දියො හිතං ඉන්නෙ බ්ලොග් අවකාශෙ මහ වනචර තැනක් කියලා :/




මෙතන ඇත්තටම මොකද උනේ ? ඈ :D වායුගොලය සහ ඕසෝන් ස්තරය සුරැකීම සංවිධානයේ සභාපති තුමනි මේ ඔබේ අවධානය පිණිසයි :D

දිය කිදූරියකටවත් පාඩුවෙ ඉන්නට ඉඩක් කඩක් නෑනේ.. :D


තබ්ලාවේ කොටස් තුන හදුනා ගනිමු



හදිස්සියකදි උදව් කරන්න මේ වගේ යාලුවො ඉන්නෙ බ්ලොග් අවකාශෙ විතරයි


මා බාල කාලේ .. මා බාල කාලේ.. මා බාල කාලේ .. මගෙ බාල කාලේ..

යං යං යං යං යං පැනල යං.. මාවත් අරගෙන පැනල යං

ටේල් කනෙක්ශන්




කූජීතයි නේද ඈ ?


නව ව්‍යාපාරයට සුභ පැතුම්!!


මයි ලිට්ල් PUSSY


හදිසි ඇති උන කැසිල්ල

ආ ඉදා බලාගනින් .. :D


දොසක් ඇතොත් මගේ අතේ..
තරහ නොවී දුටුව සැනේ..
පොඩි එකානේ තා.. ම.... කියා ..
සමාවනු මැනේ ^_^

ආයෙමත් සොදුරු දිනකදී හමුවෙමු :) ජය!!

ප.ලි -

* චායාරූප එකක් දෙකක් ඇරෙන්නට ඉතිරි සියල්ල අනික් ඈයොන්ගෙන් උස්සපු ඒවාය .. ඒවායේ අයිතිය ඔවුන් සතු වන අතර එම චායාරූප ගැනීමේ සියලු ගෞරව ඔවුනට හිමිවිය යුතුය..

*රජාටත් කලියෙන් මඩ පොටෝ බ්ලොග් අවකාශෙට ගෙනවිත් ඇත්තේ පොඩි මෑන්ය.. ඒ පිලිබඳ කමෙන්ට් කීපයකින් සදහනක් කර වරද පෙන්වා දී තිබුනී.. ඒ නිසා ඒ පිලිබඳව සමාව අයැද සිටිමි ...

***


129 comments:

  1. වෙලාවට අපි බේරිලා

    ReplyDelete
    Replies
    1. මගෙන් බේරුනාට තව ඉන්නවා ඈ :D පරිස්සමින්

      Delete
  2. ජය ජය ජය විතරක් නොවේ සතුටත්!!!

    ReplyDelete
  3. සැප ලෝකයයි මුදියා. හිනා ගලා යනවා යකෝ

    ReplyDelete
  4. අහිංසක මඩ සුට්ටක්, ඒ්ක ෙනෙව් බන් මට බ්ෙලාග් වලට යන්න බෑෙන්,ෙබාලයි ඒකට විතරයි ඒන්න පුළුවන් වුෙන් අද උේද ඉදන්ම :/

    ReplyDelete
  5. මරු එකතුව සමියා.. නියමයි මමනම් හිනා කාල මැරෙන්න ගියේ. :D සුපිරි. පට්ට පන් එකක් ගත්තා හැමෝම. ඒ ගැන සංවිධායක මණ්ඩලයට මගේ ස්තුතිය

    ReplyDelete
    Replies
    1. හමුවිම සන්තෝසයි ඈ :)

      Delete
  6. Thanks Sami +++++++++++

    ReplyDelete
  7. හෑ .. අයිසෝ මගේ කොන්ඩේට මොකෝ යකෝ කරේ *^&^(0

    ReplyDelete
    Replies
    1. අයිස දනී මම නොදනී :P

      Delete
  8. හම්මේ හිනා වෙලා බඩ රිදෙනවා... ජය වේවා.. ආයේ හමුවෙමු.. ඊලඟ පාරනන් බොන්නේ නෑ.. ඊයේ උණු මුකුත් මතක ලෑ -_-

    ReplyDelete
    Replies
    1. බඩ රිදෙන්නෙ හිනාවෙලා නෙමේ ඊයෙ බීපුව වැඩකරලා .. :3

      Delete
  9. එල දෙබස් ඩිංග හෙහ් හෙහ්

    ReplyDelete
  10. අපිත් අහුවෙලා නෑ වෙලාවට වගේ..

    ReplyDelete
    Replies
    1. අහුවෙයි අහුවෙයි ඕම යනකොට

      Delete
  11. තව ගසන්න තව ගසන්න හැදි ගෑවිලා යන්න

    ReplyDelete
    Replies
    1. ඇඟිල්ලත් ගසන්නද :D ලොල්!!

      Delete
  12. පට්ටම පට්ට කමෙන්ට්...හොඳ වෙලාවට අහල පහල කෞරුත් උන්නෙ නෑ...හිනා වෙලා බඩත් කොර උනා බන්. අර පූසගෙයි කෙහෙල් ගෙඩියෙයි එව්ව තමයි එලම...

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ලම හැදුවෙ ඒ දෙක :D

      Delete
  13. එල එල සමියෝ ....කව්රු කව්රුද ආවේ ........?

    ReplyDelete
    Replies
    1. ගොඩක් අය ආව සහන් අයියෙ.. නම් වශයෙන් කියන්න ගියොත් කියල ඉවර කරන්න බැරි හින්දා කිව්වෙ නැත්තෙ ඒ ගැන

      Delete
  14. Replies
    1. මන් දැක්කා නලින් අයියත් එක්ක එකතුවෙලා නානවා මඩ :D

      Delete
  15. සාත්තර කාරී කිව්වා මහත්තයාගේ හතුරෝ මේකත් ෆොටෝ අරණ මඩ ගහයි කියලා.

    ReplyDelete
    Replies
    1. ඒහ්! එතකොට අපි හතුරො ඈ >_<

      Delete
    2. @සුධික ඈත අතීතයේ දිනක මාමා කීවට සමාවෙන්න ෆොටෝ එකේ ඔයා ලස්සනයි බඩ චුට්ටක් අඩුවුනානම් තවත්

      Delete
    3. හප්පට සිරි :D

      Delete
  16. එල එල හොද මඩ පොඩ්ඩ

    ReplyDelete
    Replies
    1. :D පොඩ්ඩ පොඩ්ඩ එකතුවෙලා තමයි මඩ ගොඩ වෙන්නෙ :D

      Delete
  17. එල එල ඈ මචෝ, මාත් හෙට දෙන්නම්කො පෝස්ට් එකක් :D

    ReplyDelete
  18. තබ්ලාවටයි , සැලුං එකටයි ලෙසටම හිනා ගියා :)

    ReplyDelete
  19. සැක් ... මට එන්න බැරි වුනානේ

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතින් අඩනවා.. ඒකනෙ කියන්නෙ.. ඊලඟ එකටවත් එමු එහෙනං :)

      Delete
  20. පට්ට පට්ට බන්.සික්,එන්න හම්බ උනේ නෑනේ :( ආවනම් මාත් මදක් දෙකක් ගහන්න හිටියේ :/

    ReplyDelete
    Replies
    1. අන්තිම මොහොතෙ මොකක්ද වැඩක් වැටුන කිව්වනේ? ඊලඟ එකේදිවත් හම්බෙමු ඉතිං :)

      Delete
  21. මුදියා උඹ හෙන හොද එකා බන් :D

    ReplyDelete
    Replies
    1. මමද මුදියා උඹද මුදියා ? :D

      Delete
  22. එක අතකින් ගේට්ටු වලට එන්නේ නැති එකම හොඳයි මෙහෙම බලන් යද්දී. අයි යකෝ මේක මඩ වලක් නේ.

    ReplyDelete
    Replies
    1. මඩ කන එකෙත් ආතල් එකත් තියනවා :D අවුරුදු උස්සවේදි අනිවාර්යෙන් බලාපොරොත්තුවෙනෝ :)

      Delete
  23. අඩෝ අපිාටත් කියපල්ලකෝ.....

    ReplyDelete
    Replies
    1. ඉතින් දෙයියනේ කිව්වෙ දැං මාස ගානක ඉදං :O

      Delete
  24. නියමයි සමියො.
    හොඳ වෙලාවට මම ආවෙ නැත්තෙ.

    ReplyDelete
    Replies
    1. සිරාවට මතක් උනා.. ඒත් මං කම්පනා කොලා මොකෑ ආවෙ නැත්තෙ කියලා :(

      Delete
  25. කෝම්පිට්ටු වයි කෙසෙල් ගෙඩියයි එළ....

    ReplyDelete
    Replies
    1. කෝම්පිට්ටුව මගෙ පොඩි පෝං කට්ටෙං ගත්ත එකක් :D
      හීනයාගෙ ආතල් :D

      Delete
  26. ඒක තමා එහෙනං රජාගෙ ෆොටෝ ටික තාම නැත්තෙ... මට තාම සුදීක අයියවයි අර පිස්සු රජාවයි විතරයි මේකෙ අඳුරගන්න පුලූවන්... හි හි

    ReplyDelete
    Replies
    1. රජ පොටෝ එනවා එනවා .. ආයෙ විසුමක් වෙන්ට කියලයැ ආවම

      Delete
  27. පට්ට ෆන් මුදියො

    ReplyDelete
  28. සද්ද වහලා පැත්තකට වෙලා හිටිය මාවත් අහුවෙලා නොවැ

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ටුවෙන් පුද්ගලයා කවුද කියල අදුනගත්තා :)

      Delete
  29. Replies
    1. ගම්පහ ගෙට්ටුවෙන් පස්සෙ වියා අයියව දැක්කෙම නෑ :( හ්ම්ම්ම්

      Delete
  30. මොකක්ද යකෝ මේ කොරේ....සුට්ටක් හිටාන්කෝ.......

    ReplyDelete
    Replies
    1. මං වැරදිද අයියණ්ඩි ඈ ? ඉන්න කිව්වෙ නං හොදකට වෙන්ඩ බෑ :O

      Delete
  31. හුකෑස්! මොකාද යකෝ අර අන්තිමට මොකද්ද පෙන්නලා තියෙන එකා?

    ReplyDelete
  32. හොදයි... හරි හොදයි... හිටපං පුතේ මම එනකන්... ;)

    සුභ වේවා!!! රාජජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හම්බෝ ඕම බයකරන්නෙපා බං :O

      අද වචනත් ටැපලිලා :D සු.වේ!!! රා.ස. ලැ!! :D

      Delete
    2. අන්න හරි රජෝ...ඉන්න තැනකින් ඉක්මනට වරෙන්...

      Delete
  33. මේ තියෙන්නේ බඩු ආතල් එකට

    ReplyDelete
    Replies
    1. එකෙම්ම :D දායාං , බායාං සහ අනික් එකත් තියෙන්නෙ :D

      Delete
  34. නිමේෂයා දන්නේ ත් නැහැ මම උගේ කොන්ඩේ කැපුවා කියලා ! හුකැස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස් ! යකෝ හිනාවෙලා බඩ යනවා ! දුලාන්ගේ එකට තමයි ගොඩක් ම හිනා ගියේ ලොල් !

    ReplyDelete
  35. මෙව්වට මොකුත් නොකියමි.
    මඩ පොටෝ ගෙනාවේ රජාට කලින් පොඩි මෑන් බං

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි ඒමත් එකක්ද .. ? :O

      Delete
  36. අඩේ සමියෝ තබ්ලාවෙ කොටස් තුන මරු ඈ... හිනා වෙලා පණ යනවා.. ++++++++++++++

    ReplyDelete
    Replies
    1. තබ්ලා පදයක් ගහමුද ඈ :D

      Delete
  37. දුක හිතෙනවා ඇත්තමයි ඔව් මේ සත්තයි :/

    ReplyDelete
    Replies
    1. එයි කියලම හිතුන නිවාඩුත් හින්දා :(

      Delete
  38. හම්මෝ සමියො මරු බං.තබ්බුලාවේ කොටස් තුනට මටත් තුනට නැමිලා හිනා ගියා

    ReplyDelete
  39. පැය කිපයකට මෙහෙම නම් සතියක් හිටියොත් වනගත වෙන්න වෙයි බං

    ReplyDelete
    Replies
    1. ඒනං ඉතින් මඩ ඉස්මුරුත්තාවට ඇවිත් තමයි මැරෙන්නෙ :D

      Delete
  40. හයියෝ හිනා වෙල පණ යනෝ

    ReplyDelete
    Replies
    1. හයියූ.. යන්ඩ දෙන්න එපෝ.. තව එනෝ

      Delete
  41. මඩ ෆොටෝ හිංගල බොගට ගෙනවේ රජා නෙමෙයි බන් පොඩිමෑන්...ටීචර්ලංකාරය ලියපු එකා.

    ReplyDelete
    Replies
    1. පොඩි මෑන්ව ද්න්නව බං.. සික් අරහෙම එක් දහන්නෙ නෑ.. සොරි වෙන්ට ඕනි

      Delete
  42. හඃ හඃ හඃ අඩෝ අර සුද්දිගේ එකද මන්දා ආතල්ම එක :v

    ReplyDelete
    Replies
    1. එක එක්කෙනාට ආතල් වෙලා තියෙන්නෙ එක එක එවා :D

      මේ ඒක නෙමේ සින්දුවා තබ්ලාවෙ කොටස් නම් කරල තියනව හරි නේද ? මට දැන් මතක නෑ බං :D

      Delete
  43. එල සමිය. මං හිතාගෙන හිටියෙ උඹ හයේ හතරෙ ඩයල් එකක් කියල... :D

    ReplyDelete
    Replies
    1. මේක තමයි දවසේ කොමෙන්ටුව :) හයේ හතරේ! මූ අඩි පහ යි, අෆ්ෆා!

      Delete
    2. @අහේතුක - හයේ හතරෙ ටෝක් දෙන හින්ද වෙන්ට ඇති :D

      @ධාරා - පල නන්න >_< අඩි පහට වඩා චුට්ටක් උසයි >_<

      Delete
  44. මේ මඩ අහිංසක වැඩි නැද්ද අප්පා!

    ReplyDelete
    Replies
    1. අපි ඉතින් කෝමත් අහිංසකයිනෙ මලේ ;)

      Delete
  45. මේකෙ මඩ මතුවෙලා තියෙන්නෙ යන්තං පදං....ඒ නිසා තව මඩ එනතුරු ඉන්න වෙනවා....කෝ අටං....එහෙම...

    කෙහෙල් ගෙඩිය පෙන්නන්නෙ නාඩියා නේද ?

    ReplyDelete
    Replies
    1. හොද හොද සෙල්ලං එලිවෙන ජාමෙට :D

      අටං අයිය පොටෝ වල හිටියෙ සෑහෙන අඩුවෙන් :/
      ඒ නාඩිය තමයි :D

      Delete
  46. තබ්ලාවේ කොටස් තුන මරේමරු ..හොඳ වෙලාවට උඹව සංවිධායක කරේ නැත්තන් කැමරාවක් අරන් වැඩේ වනසලාම දායි ...කෝ වෙනි අයියගේ ෆොටෝ ..?

    ReplyDelete
    Replies
    1. හිහ් හිහ්! දෙයියො බේරුවා :D

      වෙනි අයියා ගහපු පොටෝ වලින් චුට්ටක් දාල ඉතුරුව හංගගෙන :/

      Delete
  47. රජාගේ කැමරාව ගිලුනනම් මඩ ටික හේදිලා ඇති දැන් ...
    මේ ගමන මඩ අඩුයිද මන්දා ... ගම්පහ ගේට් එකේ නම් මඩ වලක්.. තිබුනා නෙග් ..

    ReplyDelete
    Replies
    1. කැමරාව නැතත් රජාගෙන් මඩ පාර හම්බෙනවා.. ඒත් පරක්කු මොකද මන්දා..

      හෙහ් හෙහ් .. මතකයි මතකයි :D

      Delete
  48. ෆොටෝ ටික මරු :) හැබැයි, උඹ කාට මඩ ගැහුවත් මට නං මඩ ගහන්න බැරියෝ. හූ ඈ :P

    ReplyDelete
    Replies
    1. දවසක හම්බෙන්නැතෑ.. එතකං ඉවසහංකෝ :P

      Delete
  49. පරක්කු වෙලා පැමිනීම, කැමරා ගැන අවදානයෙන් සිටීම, ගිනිවැල්පිටිය ගැන බලාපොරොත්තු වීම ශරීර සෞඛ්‍යයට හිතකර වේ.

    ReplyDelete
    Replies
    1. මෙන්න උපදෙස්.. :D

      ඒත් ඉතින් එතකොට කිසි ලකයක් නෑ අප්පා :/

      Delete
  50. අර දෙවෙනි ෆොටෝ එකෙන් කියැවෙන ආදර කතාව නම් නියමයි...:D:D

    ReplyDelete
    Replies
    1. සත්‍ය ප්‍රේම බෘං + ගරාජ :D

      Delete
  51. අඩේ පට්ට ගති... ඇඩෙනව තනි ඇහැට....

    ReplyDelete
    Replies
    1. අඩන්නෙපා අනේ හිනාවෙන්න තියන දෙවල් වලට :P

      Delete
  52. මදි මදි හොඳටම මදි තව මඩ ඕනි ඈ

    ReplyDelete
  53. ඔන්න හිතෙ හැටියට මඩ ටිකක් බැලුව

    ReplyDelete
  54. අෙඩ් ෙම් වතාෙව ඉලඅැට කූඩුවක් අානයනය කරන්න ෙවනවා...
    හිනාෙවලාම ඩැෙම්ජ් ෙවලා
    (සැලකියයුතුයි... අකුරු අතර ෙබා්ල කපා හරින්න)

    ReplyDelete
    Replies
    1. තාවකාලික චයිනීස් ඉල ඇට කූඩුවක් ගෙනල්ල දෙන්නද ? ඔරිජිනල් ඒව දැම්මට වැඩක් නෑ මඩ ඉවර වෙනකං :D

      Delete
  55. මල්ලි දැක්ක ලස්සනම ෆොටෝ සෙට් එක. අර කෙහෙල් ගෙඩිය දාල තියෙන එක දැක්කම හිනා ගියා අප්පා .

    ReplyDelete
    Replies
    1. කෙහෙල් ගෙඩි දැක්කම ඔයාට හිනා යනවද ? :D

      Delete
  56. පින්තුර දකිනකොට ඉරිසියාවේ බැ :/

    ReplyDelete
    Replies
    1. දුකයි :( ලංකාවෙ හිටියනම් නෑවිදින් ඉන්නැති විත්තිය දන්නවා :(

      Delete