Tuesday, September 3, 2013

ලාංකීය ජනතාවගේ සියලු ෆේස් බුක් ගිණුම් අත්හිටුවයි! ! All the facebook accounts of Sri Lanka are restricted

ඒ නුදුරු අනාගතයේ දවසකි.. වේලාව උදෑසන 5 පමණ වන්නට ඇත. අසංක තම පරිගණකය ඉදිරියෙන් ඇති පුටව මත ඈඳි ගත්තේ පරිගනකය පණ ගන්වමිනි. ඔහුගේ  අරමුණ වූයේ තම දෛනික දින චර්යාවේ පළමු කර්තව්‍ය ලෙස නොවරදවාම සිදු කරන මුහුනු පොත හෙවත් ෆේස් බුක්  සමාජ ජාල වෙබ් අඩවිය වෙත  පිවිසීමය.

තම බිරිඳ තවම අවදිව නැති බව ඔහු දනී. ඈ අවදි වූයේ නම් ඔහුට මෙම කර්තව්‍ය සඳහා ඉඩක් නොමැත. මන්ද ඈගේද දින චර්යාවේ පලමු අංගය වන්නේ මේ කර්තව්‍යම බැවිනි.. ඈ අවදි වූ සැනින් පරිගණකය තම අණසකට නතු කර ගන්නීය. එවිට අසංක හට මුහුනු පොත සදහා යාමට සිදුවන්නේ තම ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයෙනි. ඔහුට එය ප්‍රමානවත් වූයේ නැත.. 

එහෙයින් කලක සිටම ඔහු බිරිඳට පලමු අවදිව පරිගනකය වෙත  යන්නට පුරුදුව සිටියි. බිරිද අවදි වීමට තව පැයක් පමණ ඇත. උදෑසන් ආහාරය පිටතින් ගන්නා බැවින් ආහාර පිසීම ගැන වද විමට උවමනාවක් නැත. එසේ හෙයින් තවත් පැයක පමණ කාලයක්  නිදහසේ මුහුනුපොතේ ආශ්වාදය විඳ ගැනීම ඔහුගේ අරමුන විය..

 පණ ගැන්වූ පරිගණකය ඔස්සේ අන්තර්ජාලය වෙත පිවිසුනු ඔහු තමාගේ මූනුපුස්තක අඩවිය වෙත යාම සඳහා සුපුරුදු පරිදි තම ඊමේල් ලිපිනයත් මුර පදයත් සටහන්  කරයි..

රතු පාටට හුරු  පසු බිමක වෙනදා නොදකින කලු පැහැති අකුරින් යමක් එහි සටහන් වී තිබණද  ඔහු එය නොතැකුවේ තමන් අතින් මුරපදය ඇතුලත් කිරීමේදී කලාතුරකින් සිදුවන අත්වැඅරදීමක් නිසාවෙන් යැයි ඔහුට හැඟුනු නිසාය.. හැඟීමකින් තොරව ඔහු තමංගේ මුර පදය නැවතත් ඇතුලත් කරන්නේ යළිත් මූනු පුස්තක ගිණුම වෙත යාමේ අටියෙනි




නැවතද එම පණිවුඩය දිස් වූයෙන් මදක් වික්ශිප්තභාවයට පත්වන අසංක එය අකුරු අමුනමින් කියවන්නට  පටන් ගනී...  ඔහුගේ මුලු ගතම සලිතව යාමට මොහොතක් ගතවන්නේ නැත. සිදු වී ඇති දෙය ඔහුට දරාගන්නට නොහැකි සෙයකි.  මූසිකය මත ඇති සීතල වූ වෙවුලන අතැඟිලි ඒ බවට සාක්ශි සපයයි. සිදු වී ඇත්තේ කුමක්ද? ඔහුගේ ෆේස්බුක් ගිනුම අක්‍රීය කර ඇත.


අසංකගේ අනන්‍යතාවය ශ්‍රී ලංකානු  රජය හරහා ඇමරිකානු මුහුනු පුස්තක කාර්යාලය වෙත ඔප්පු කර නොමැති බව එම සටහනේ හේතුව වශයෙන් තවදුරටත් සඳහන් කර තිබේ .


කම්පිතව ඒ දෙස මොහොතක් බලා සිටි ඔහු වහා සිහි එලවාගෙන තමංගේ යහලුවකු වන පුබුදුට දුරකතන ඇමතුමක් දෙයි.ඔහුට අවශ්‍ය මෙසේ සිදුවීමට හේතුව දැනගැනීමය.. සිදුවී ඇති වරද වහා නිවැරදි කරගත යුතුය.. නොඑසේ නම් තමන් මහත් සේ ආදරය කල ඒ මුහුනු පොත් ගිණුම නැවත ඔහුට දැකගැනීමට නොහැකි වනු ඇත.


ජංගම දුරකතනයේ පුබුදුගේ අංකය සටහන් කල අසංක එය කන තබාගෙන සිටින්නේ තම මිතුරා ප්‍රතිචාර දක්වන තුරුය.. පුබුදු ප්‍රතිචාර දැක්වීමට ගන්නා කාලය අසංකගේ ඉවසීම නැති කරවයි.



"හලෝ අසංකයා.. මොකෝ බං මේ උදේ පාන්දර"



අසංක ඔරලෝසුව දෙස බලයි . තාමත් උදෑසන 5.30 පසු වූවා විතරය. පුබුදු මෙතෙක් වේලා නිදාගෙන සිටින්නට ඇති බව අසංක තේරුම් ගනී.. නමුත් තමන් මුහුණ දී ඇති ප්‍රශ්නය ඉතා බරපතලය. ඔහුට අවශ්‍ය කෙසේ හෝ එය විසඳාගැනීමයි



"මචං මාර වැඩේනේ. මගේ ෆේස් බුක් එකවුන්ට් එක අයින් කරල දාල බං. මට ඒක හදාගන්න ඕනි. ඉක්මනට මොනව හරි කියහං"



"මොනවා? ඒක වෙන්නෙ කොහොමද බං? උඹ අවුරුදු ගානක් පාවිච්චි කරපු අකවුන්ට් එක අයින් කරන්න විදියක් නෑ. වෙන මොකක් හරි ඇත්තේ . ටිකක් හිමීට බලහං"



"මගුලක් කතා කරනව උඹ, මගෙ අකවුන්ට් එක වෙරිෆයි කරල නෑලු. ලංකාවෙ රජයෙන් මගෙ අනන්‍යතාවෙ ඔප්පු කරන්න කියල එෆ්.බී එකේන් ඉල්ලුවට රජය  ඒදේ කරන්න අකමැති වෙලා නිසා අකවුන්ට් එක අත් හිටෙව්වයි කියල මොකක්ද මන්ද පිස්සුවක් කියනවා.. " 

"මල කෙලියයි. මචං ඕම හිටහං බලන්න . මං උබට තව චුට්ටෙං ගන්නං මොකක්ද වෙලා තියෙන්නෙ කියල බලලා.  මගෙ අකවුන්ට් එකත් ඒම වෙලා නම් මන් ඉදල වැඩක් නෑ මචං.. "


සිදුවී ඇති දෙය සොයා බැලීමට පුබුදු දුරකතන ඇමතුම විසන්දි කල නිසාවෙන් අසංක නැවතත් පරිගනකය සමඟ තනිවෙයි.. ඔහුගේ සිත යකාගේ කම්මල මෙනි.. තම මනස සැහැල්ලු කරගැනිමට  සිතූ  අසංක පරිගණක තිරය වෙතින් ඉවත්වී රූපවාහිනී යන්ත්‍රය ක්‍රියාත්මක කරයි.



තවමත් ඔහුගේ සිත නොසන්සුන්ය.. ඔහු දුරස්ත පාලකය අතට ගෙන නාලිකා මාරු කරන්නේ අරමුණකින් තොරවය. සිරස නලිකාවේ විශේශ ප්‍රවෘතියක් යාමට මත්තෙන් ඇසෙන හඩ පටය ඇසී අසංක මදක් නතර විය..



"ආයුබෝවන් . මෙන්න දැන් අප වෙත  ලැබුනු විශේෂ පුවතක්.. 

ෆේස් බුක් අන්තර් ජාල වෙබ් අඩවිය ශ්‍රී ලාංකීය ජනතාවගේ සියලුම ෆේස් බුක් ගිණුම් අක්‍රීය කර ඇත..  දිනෙන් දින ඉහල යන ෆේස් බුක් ආශ්‍රිත අපරාද රැල්ල අවම කිරීම සදහා ගන්නා ලද පියවරක් වශයෙන් ෆේස් බුක් වෙබ් අඩවියහි සෑම අයෙක්ගේම අනන්‍යතාවය තහවුරු කිරීමට එම වෙබ් අඩවිය තිරණය කොට තිබූ අතර ඒ සදහා ඔවුන් සියලුම රටවල් වල රජයන්ගෙන් විශේශ ඉල්ලිමක් කොට තිබුනි. නමුත් ඇතැම් රාජ්‍යන් සේම ස්‍රී ලාංකීය රජයද මෙම ඉල්ලිම ප්‍රතික්ශේප කර තිබුන නිසාවෙන් අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා දුන් කාලය අවසන් වීමත් සමඟම  මෙසේ සියලු ගිණුම් අත්හිටවා ඇති බව බොහෝ අය පවසයි.. 



මෙ පිලීබදව ඇත්ත දැනගැනීම සඳහා අන්තර්ජාල හා වෙබ් අඩවි පිලිබඳ අමාත්‍ය වරයා සම්බන්ද කරගැනිමට අප කල උත්සහයද අසාර්තක විය.. මේ පිලිබද වැඩිදුර තොරතුරු ලද වහාම ඔබ හමුවට ගෙන එන්නෙමු.. දෙමල බසින් මෙම සිදුවීම ඔබ වෙත ගෙ……”



රූපවාහිනිය නිවා දැමූ අසංක නැගී සිටියි. ඔහුගේ කේන්තිය නිසාවෙන් ඇති වූ  වේගවත් හුස්ම ගැනීම ඔහුගේ තරහව මොනවට පෙන්නුම් කරයි. මේ පිලීබදව කුමක් හෝ කල යුතුය. නිහඩව සිටීමෙන් සිදුවන්නේ තම මානව අයිතිවාසිකම් පවතින රජය විසින් තව තවත් කප්පාදු කිරීමයි. තම අයිතිවාසිකම් රැකගත යුතුය. මද වේලාවක් සිතූ ඔහු අවසානයේ තීරනයක් ගනී.


"තමන් මාරාන්තික උපවාසයක් ආරම්භ කල යුතුය." ඒ අසංකගේ අවසන් එමෙන්ම වෙනස් නොවන තීරනයයි

තම බිරිද වෙත ගිය අසංක ඇයව අවදි කරවා සිදුව ඇති දෙය පවසයි.. සිදුවීම දැනගත් වහා ඇගේ හැසිරීම පිස්සියක බඳු වෙයි.. අසංක මෙම සිදුවීම ඉවසා දරා ගත්තද ඇයට මෙය නම් කිසිසේත්ම දරාගත නොහැකිය. ඇගේ රූප සෝභාව පෙන්වන චායරූප සඳහා අසීමිත ප්‍රතිචාර තවදුරටත් ඇයට නොලැබෙනු ඇත. ඇයට ආදරයෙන් අමතන පැණි වෑහෙන කතා පවසන පිරිමින් රොත්තක් ඇය නැවත කෙසේනම් සොයාගන්නද?. කිසිදින  තම ස්වාමියා ගෙන් නොලැබෙන සතුටක්  ඇයට මුහුනු පොතෙන් එලෙසින්  ලැබී තිබුනිනමුත් වත්මන් තත්වය නිසාවෙන් එය ඇයට නැතිවී තිබේ. මෙය ඇගේ ජීවිතය නැති වූවාක් බදූ විය.

තම බිරිදව පාලනය කරගැනීමට අසංකට මහත් වෙහෙසක් ගැනිමට සිදුවෙයි .දිගි න් දිගටම පවතින  ඇගේ හැඩුම ඔහුට මහත් හිසරදයකි. තම ඔලුවද අවුල් වී ඇති මේ වෙලාවේ තම බිරිදගේ කන්කරච්චලය ඔහුට ඉහුලුම් නොදේ..

මේ ඕයි. ඕක නවත්ත ගන්නවා.. මං දන්නව කරන්න ඕනි දේ.. මෙහෙම කරන්න පුලුවන්නං ඒනං ඒක උංට ගිය රට. මං මාරාන්තික උපවාසයක් පටන් ගන්නවා..  මං අපේ අයිතිවාසිකම් අරගෙන මිසක් ඒක නවත්තන්නේ නෑ. තමුසෙත් එනවා මගෙත් එක්කහවස් වෙද්දි කවුරු හරි වග කියන එකෙක් එන්නෙ නැතෑ

අසංක තමන් ගත් තීරණය ඇයට පවසයි . ඇගේ සිතද දරදඩුව ගොසිනි. ඇයටද පෙනෙන අන්දමට කරන්නට සිදුව තිබෙන හොදම දෙය එයයි. ඔහුගේ තීරණයට ඇය එකඟ වෙයි.. තමන්ගේ මුහුනුපොත් ගිණුම නොමැතිව ඇයට  ජීවත්වී පලක් නැත. මරනය තෙක් හෝ සටන් කර තමන්ගේ වටිනා ගිණුම රැක්ගත යුතුය.

මද වේලාවකින් අසංකත් ඔහුගේ බිරිදත් තම නිවසේ වහලයට නඟිති.. ඔවුන්ගේ සහයට අසංකගේ මිතුරා වන පුබුදුද එක්වි ඇත. උදෑසන අසංකගෙන් ලද පණිවිඩය ඔස්සේ තම ගිණුම නැති වී ඇති බව දැනගත් පුබුදුටද සිදුව ඇතිදේ ඉහුලුම් නැත, ඔහුද මෙම දෙදෙනාට සහයෝගය සදහා පැමිනෙන්නේ ඒ අනුවය..

 ඔවුන්ගේ නිවස ඉදිරිපිටට බොහෝ ජනකායක් රැස්වෙන්නට යන්නේ සුලු වේලාවකි.  රැස්ව සිටින ජනතාවගේද කේන්තිය ඔවුන්ගේ මුහුනුවලින්ම පෙනෙන්නට තිබේ.. තමන්ගේ ප්‍රාණසම මුහුනු පොත් ගිනුම් නොමැතිව හේතු කොටගෙන ඔවුන් තුල සිටින යක්ශයා අවදිව ඇත.

රැස්ව සිටින ජනතාව වෙතින් කෙනෙක් හඩ නගයි

අපි තවත් බලං ඉන්න ඕනි නෑ. රජය මේ ගත්ත ඒකමතික තීරනයට අපි කොහොමටවත් එකඟ නෑ. අපි රජය පෙරලල හරි කමක් නෑ අපේ ගිනූම් කොහොම හරි ආපහු ලබාගන්න ඔනි. නැත්නං ඉස්සරහට අපිට මොනව නැතිවෙයිද කියන්න බෑ.

ඔහුගේ හඩට අන් අයගේද සහයොගය ලැබේ.. රැස්ව සිටි ජනකාය වෙතින් උද්ගෝෂනයක පෙරනිමිති පහළ වේ. සැබවින්ම ඒ මහා උද්ගෝශනයක ආරම්භයයි.. සුලු වේලාවක් තුල  දහස් ගනනින් මිනිසුන් එකතුවේ.. ඔවුන්ගේ කෑගැසීම් හා කෝලහාල හඩින් වාතලය ගිහුම් දේ..  

අසංකගේ නිවස ඉදිරිපිට නොව මුලු රට තුලම එකම පෙරලියක් දහවල වන විට හට ගැන්වී තිබේ.. රජයට විරුද්දව රටම පෙලගැසී ඇත. රජය පෙරලන්නට මාන බලමින් සිටි විපක්ශය මහ ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වී තිබේ..

පොලීසියත් මහ ජනතාවත් අතර හටගත් ගැටුම් නැවත්වීමට හමුදාව යෙදවීමට රජය තීරණය කරයි. හමුදාවේ හතර අතට නැගෙන වෙඩි හඩත් ජනතාවගේ විලාප නාදයත් හැන්දෑ වරුවේ ලේ පැහැති අහස් කුස වෙත මුසුවේ.. මේ වනවිට සියගනනක් මිනිසුන් මියගොස්ය. නමුත් ජනතා හඩ වෙනදා මෙන් පසුබා ගොස් නැත. ඒ වෙනුවට තව තවත් මිනිසුන් දහස් ගණනින් උද්ගෝශනයට එකතුවේ. ඔවුන් සියල්ලෝම තම්න්ගේ මරණය තම මුහුණු පොත් ගිනුම හා අයිතිවාසිකම් වෙනුවෙන් පුජා කිරීමට සූදානම්ය.

අවසානයේ රජයට පසු බෑමට සිදුවේ.. තවදුරටත් මේ තත්වය මෙසේ පැවතුනහොත් රජය පෙරලෙන ලකුනු පහලවන බැව් පෙනෙන්නට තිබීම එයට හේතුවයි.. අවසානයේ ජනතාව වෙත ජයග්‍රහනය හිමිවේ.. අසංකත් ඔහුගේ බිරිඳත්, ඔහුගේ මිතුරා වන පුබුදුත් පමණක් නොව මුලු මහත්  ලාංකීය ජනතාවම ජයග්‍රහනය කර තිබේ..

රජය නැවත එම ගිනුම් , මුහුනු පොත් අඩවිය මඟින් ජනතාව වෙත ලබා දිමට ලබාදුන් පොරොන්දුව සියල්ලන්ගේම සැනසුමට හේතුවේ. රාත්‍රිය වන විට සියල්ල සාමකාමි තත්වයට පත්ව සන්සුන් වේ.. අසංකත් බිරිදත් තම ජයග්‍රහනයේ සතුට සමරති.

දින දෙකකට පසු, උදේම අවදිවන අසංක පරිගනක තිරය ඉදිරිපිට ඇති පුටුව මත ඈදිගනියි. තම අනන්‍යතාවය තහවුරු කරගත් මුහුනුපොත් ගිනුමේ ඔහු  නිදහසේ සැරිසරන්නේ තම දෛනික දින චරියාව අරඹමිනි...

-නිමි .





පසු වදන -

මෙය අනගතය තුල ගොඩ නැඟුනු  කතාවකි. සැබවින්ම ප්‍රබන්දයකි. අවැසි වූයේ උපහාසය මතුකොට දැක්වීමය. මක් නිසාද යත් වර්ත්මානය තුල පවා ෆේස් බුක් අඩවිය ලාංකීය සමාජයේ විශාල පෙරලියක් කරමින් මිනිස් ජීවිතය උඩු යටිකුරු කරන්නාවූ භූමිකාවක් රඟපායි.

දැනටමත් මුලු මහත් ලාංකීය තරුණ සමාජයම  මුහුනු පොත තුල ගිලී තිබේ.  සෑම කර්තව්‍යකම ආරම්භයත් අවසානයත් ෆේස් බුක් තුල සනිටුහන් විමම එක් අතකට කණගාටුවට කරුණක්ව තිබේ...තත්වය  මෙපරිද්දෙන්ම පැවතියහොත් අනාගතයේ දිනක  අසංකත් ඔහුගේ බිරිඳත් ගෙනයන්නේ කිසිසේත් අමුතු ජීවන රටාවක් නොවන බැව් ඔබටත් මටත් පසක් වනු නොඅනුමානයි.. 

සැබැවින්ම කාලය විසින් ලාංකීය සමාජය තුල එම ජීවන රටාව සාමාන්‍යකරණය කර ඇත.
කතාව අසංක යන  චරිතය මතින් ගොඩ නැඟුනද වත්මන වන විට  පවා අසංක් ඔහුගේ බිරිද වැනි චරිත දැක ගත හැකිය. අනාගතය අතලඟය.. ඇතැම්විට එම අනාගතය දැනටමත් උදාවී නොමැති යැයි පැවසිය හැක්කේ කාහටද?

මේ කතාව ලියන පුද්ගලයාද පමණටත් වඩා වැඩියෙන් මුහුණුපොත් එල්බගෙන සිටියි. සැබැවින්ම ඔහුගේ එකම අරමුණද යම් දිනක මෙම කාලය කා දමන වැඩකට නැති දෙයින් ඉවත් වීමය. නමුත් අබිං කෑ පුද්ගලයෙකු මෙන් ඔහුද මේ සදහා මේ තරම්ම නොවෙතත් ඇබ්බැහිව සිටියි. ඉදින් යම් දිනක මෙවැනි තත්වයක් උදා වේයැයි ඔහුට සිතුනු නිසාවෙන් මෙම කතාව මෙලස ප්‍රබන්ධ ගත විය..


තවත් එක් දෙයක් කිව යුතු ය. 
ෆේස් බුක් ගිණුම් සියල්ලකගේම අනන්‍යතාවය තහවුරු කල යුතු බැව් පසු ගිය දා ෆේස් බුක් පරිහරණය කරන්නන් වෙතින් දැනගන්නට ලැබිණි. විශ්වාස කලයුත්තක්ද නොකලයුත්තක්ද යන්න මම නොදනිමි. නමුත් මාක් සකබර්ග් එනම් ෆේස් බුක් නිර්මාණකරුවාගේ ෆේස් බුක් ගිණුම වෙත ගිය විට පහත පරිදි "හරි" ලකුණක් පෙන්වන අතර ඒ මතට මවුසය ගෙනගිය විට verfied profile යනුවෙන් සටහන් වේ..





ප.ප.ලි (2013.11.16) - බය වෙන්නට කාරි නෑ.. දැනගත්ත විදියට මේ ප්‍රසිද්ධ පුද්ගලයන් ඔවුන්ගේ අනන්‍යතාවය පෙන්නුම් කරවිම සඳහා බලපැවැත්වෙන්නක්.. උදාහරණයක් වශයෙන් ශාරුක් කාන් කියන චරිතය ගනිමු.. ඕනිම කෙනෙක්ට පුලුවන් ශාරුක් ඛාන් ගෙ පින්තූර දාල ප්‍රොෆයිල් එකක් හදන්න.. ඒත් ඔරිමජිනල් ශාරුක්ගෙ අකවුන්ට් එක වෙරිෆයි කරල නම් ඕනි කෙනෙක්ට දැනගන්න පුලුවන් වෙනව නියම ශාරුක් ගෙ ප්‍රොෆයිල් එක මේක තමයි කියලා.. එපමණයි..

95 comments:

  1. අපිනම් අබිං කනවා වගේ ඇබ්බැහි වෙලා. ඒ උනාට මං දැන් යනවා ගොඩක් අඩුයි :D

    ReplyDelete
  2. mae yana widihata umbe kathawa aththa wenna wadi kaalayak na. :-(

    ReplyDelete
    Replies
    1. මචං අනාගතය ඇත්තටම උදාවෙලා ඉවරයි :)

      Delete
  3. විශිෂ්ඨ ප්‍රබන්ධයක්. හැබැයි ඔය වැඩේ වුනොත් නං ආණ්ඩුව පෙරලෙනවා ෂුවර්. මුහුණු පොත මගින් ගන්න පුළුවන් යහපත් ප්‍රතිඵල තියෙනවා. ඒ වගේම අයහපත් ප්‍රතිඵලත් තියෙනවා. හරියට දැලි පිහියෙන් කිරි කවා වගේ පරිස්සමින් පාවිච්චි කරන්න ඕන. සුබපැතුම් මල්ලි. ජය...!

    ReplyDelete
    Replies
    1. මං මෙකෙන් කියන්න උත්සහ කරපු දේ ප්‍රදීප් අයිය හරියටම තේරුම් අරන්.. ස්තූතියි :)

      Delete
  4. කවද හරි මලින්ද මාමා නම් බුකිය ලංකාවෙ තහනම් කරනවා. මොකද ඡන්ද දින්නට බුකියෙ ඉන්න උන් මහින්ද මාමාට මනාප නැහැ නොවැ..

    ReplyDelete
    Replies
    1. මමත් මෙ කම්පනා කලෙ ඒකම තමයි සෑමො. බුකියටත් එහා මේ බ්ලොග් ලියන උං.. මාරයා වගේ අතලොස්සක් හැරුනම බහුතරය කරන්නෙම බනින එකනෙ.. අඩුම තරමෙ චන්දෙ දුන්න අපිවත් කිසිම හොදක් දැං කියන්නෑ :D

      Delete
    2. You are wrong Mr Sam, There are people who are not looking through green, blue or red glasses. Politics is politics whatever the colour is. I have met people who said UNP started the highway and the fight with LTTE.

      Delete
  5. මචං උබේ ප්‍රභන්ධයනං සිරා..
    ආයේ ඒක වර්ණනා කරන්න වචන නෑ මට...
    ඔය වේරිෆයි කේස් එක තියෙන්නේ බං ප්‍රසිද්ධ බුවාලට විතරයි..
    මං දන්න තරමිං...

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් තරියා :)
      ම්ම්.. නොදැන හිටිය දෙයක් ඒක :) ඒනං මේ අනිත් අය නිකං බොරුවටනේ බය වෙලා තියෙන්නෙ

      Delete
    2. නො-ඒවා කියල ප්‍රාර්තනා කරමු නේ?

      Delete
  6. ඔව් සමියෝ,ඔය හරි ලකුණේ වෙරිෆයි එක තියෙන්නේ ප්‍රසිද්ද අයට විතරයි දැනට..

    ප්‍රබන්ධය නම් විශිෂ්ටයි අයියේ,පසු වදනත් පට්ට. අසංකගේ විතරක් නෙවේ ඔය බුකි වාසි අපි කොයි කාගේත් කතාව තමා..:D

    ReplyDelete
    Replies
    1. ඔව් අර තරියත් කියල තියෙන්නෙ. මං ඇත්තටම දැනං හිටියෙ නෑ. ඇත්තම කිව්වොත් මේක පටංගත්තෙත් එෆ් බී ස්ටේටස් එකකට දන්න තමයි.. ඒත් ටිකක් කොටාගෙන යනකොට ප්‍රස්තුතය වටේ කරුනු එකතු වෙන්න ගත්තා .ඉතින් එහෙම්මම අරං ඇවිත් බ්ලොග් එකේ දාල හැඩ කලා ටිකක් :)

      Delete
  7. අති සාර්ථක ප්‍රබන්දයක් මලයා. එදා ආතර් සී ක්ලාක් මේ වගේ කියන කොට පිස්නෙක් කියුවා. ඒත් අද ඔබට එස් කිසිවෙක් නොකියයි. ලියන්නේ සිංහලෙන් හන්දා මලයෝ අප දන්නා අකුරු ටිකවත් හරියට කොටපන්. එසේ නොකෙටුවා කියා නොතේරෙනවා නොවෙයි. ඒත් මේ සටහනට ලැබෙන වටිනකම වැඩිවෙනවා එතකොට.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලීන් අයියෙ

      //ලියන්නේ සිංහලෙන් හන්දා මලයෝ අප දන්නා අකුරු ටිකවත් හරියට කොටපන්. එසේ නොකෙටුවා කියා නොතේරෙනවා නොවෙයි. ඒත් මේ සටහනට ලැබෙන වටිනකම වැඩිවෙනවා එතකොට.//

      නලීන් අයියා මගෙ අඩුපාඩුවක් පෙන්නල දීල තියෙන හැඩයි.. මට ඒක හරි හැටි තේරුන්නෑ.. මං මූනු පොතෙන් සම්බන්ද කරගන්නම් වැරද්ද නිවැරදි කරගන්නත් එක්ක.. ස්තූත්යි ගොඩක්

      Delete
    2. නලීන් අයියා කියපු දේවල් මට තේරුනා .. නැවත ඒ අඩුපාඩු අවම කරගන්න කටයුතු කරන්නම්.. බොහෝම පින්.. මං ඇත්තට හුඟක් කැමතියි ඒම අඩුපාඩු පෙන්නන එකට

      Delete
  8. මගේ ඇඟත් සිතල වෙලා ගියා. බොරු නම් මේ බලපන්, හිරිගඩුත් පිපිල.

    ReplyDelete
    Replies
    1. පේනවා.. උබට විතරක් නෙමෙ මේකෙ ලින්කුව බුකියෙ දැකපු උං අන්න මාව මරං කන්න හදනව බය කලා කියල :D

      Delete
  9. ඇඬුනා බං.. දැන් ජනතාව අතර අනිසි බියක් ඇති කරනව කියල හමුදාවෙන් ඇවිත් උඹට වෙඩි තියාවි :)

    මං ගිය සතියේ හෙනම හෙනම අමාරුඑර්න් එකවුන්ට් එක deactivate කරා. දැනුත් ආපුගමන් මුලින්ම fb tab එක ඕපන් කරනව පුරුද්දට. ආපහු මතක් උනාම ආයි හිත හදාගෙන වෙන වැඩක් කරනවා. මං යන්නෙ නෑ නෑ නෑ මයි... :/

    ලංකාවෙ කොහොමත් මිනිස්සු කෑ ගහන්නෙ ඔහොම 2.50 වැඩ වලටම තමයි

    ReplyDelete
    Replies
    1. උබට අවංකවම සුභ පතනවා.. එෆ් බී එකෙන් ලැබෙන හොදට වඩා නරක පැත්ත වැඩි හින්දා ලැබෙන හොද අමතක කරලා දාලා යන්න පුලුවන්නම් ඒක වාසනාවක් හැබැයි පුතෝප්‍ රකාශයක් තියනවා මෙහෙම

      "මුහුනුපොත්ට ඇතුලුවීමට දොරක් ඇත.. නමුත් පිටවීමට දොරක් නොමැත"

      //ලංකාවෙ කොහොමත් මිනිස්සු කෑ ගහන්නෙ ඔහොම 2.50 වැඩ වලටම තමයි//

      එක වෙලාවකටනං අම්මප ඇත්ත

      Delete
    2. අදහන්න වටින චරිතයක් බං යසිත්, අනේ මගේ ගුරු දේවයෝ වෙන්නකෝ? :D මටත් කියල දෙන්න ඒ ප්‍රාතිහාර්ය කරන හැටි ^_^

      Delete
  10. අපි තාක්ෂණයේ වහලෙක් වෙන්න නරකයි තාක්ෂණය අපේ වහලෙක් කරගන්නවා ඇරෙන්න.ඒක නේද අය්යා මේ කියන්න හැදුවේ?

    ReplyDelete
    Replies
    1. ඇත්තම කිව්වොත් නංගි මං මෙතනදි පෙන්නන්න උත්සහ කලේ ෆේස් බුක් කියන දේ සමාජය නොදැනුවත්ව එම සමාජයම බිලිගනිමින් යන හැටි . මෙහෙම ගිහින් කොතනද නවතින්නෙ කියන ප්‍රශ්නෙ මට තියෙනවා.

      ඔයා ඔය කිව්ව දෙ සහතික ඇත්ත :) ඒත් ඒදේ නෙමේ වෙන්නෙ . ඒකෙ අනිත් පැත්ත. ගැලවිමක් නැති තරම්. මීට අවුරුදු 20කට එහා ලමයෙක්ට තිබුනු සුන්දර ලමා කාලයවත් අද නෑ ඒ අයට

      Delete
  11. ඇත්ත බං මේ IT කියන දේ දැලිපිහිය වගේ තමයි! නැතිවත් බෑ! ඇතිවත් බෑ!

    ReplyDelete
  12. එහෙම වෙනවනන් එක අතකට හොදයි කියල හිතෙනව... මොකෝ ෆේස්බුක් එකේ ගන්න සිගිති ආතල් දැක්කම..

    උදා -
    පරණ කා‍ටුන් වල ෆොටෝ දාල ඔයට මතකද එහෙනම් ලයික් කමෙන්ට් කරන්න.
    පෑන්වල කොපු කාපු උන් ඉන්නවනම් ෂෙයර් කරන්න ...
    පෑන් ගහපු උන් ඉන්නවනන් ලයික් කරන්න ....

    ඔය ටිකයි.... ඔය වගෙ ගොන් සීන් කෝටියයි බන් .
    ඉතින් උබ කියන දේ උනොත්
    මුන් තිකක් හරවත් බ්ලොග් එකක් දෙකක් කියෝල හැදෙයි ගොන් ආතල් ගන්නැතුව ..

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි මචං, මම නම් ඕක දකින්නෙ සාපේෂව. මොකද එක්කෙනෙක්ට ගොන් පාට් කියල පේන දෙයක් තව කෙනෙක්ට එහෙම නොවෙන්න උලුවන්.. නැත්නම් ඒවට ලයික් කමෙන්ට්ස් දාන අය නැති වෙන්න එපැයි..

      Delete
  13. උඹේ පරිකල්පනය අතිවිශිෂ්ටයි.....ඇත්තටම මේක වුනොත් ආණ්ඩුව පෙරළෙනවා පැයෙන්, හැබැයි සමියෝ විහිලුවට වගේ මෙහෙම කියපු කතා ගොඩක් අද වෙනකොට ඇත්තවෙලා තියෙනවා. මේකත් වුනොත්

    ReplyDelete
    Replies
    1. ඒම උනොත් ඉතිහාසෙ ලියවෙයිනේ මාව ? :D

      Delete
  14. fb නිසා නැත්තටම නැති වෙච්ච එකෙක් ඉන්නවා මම දන්නා . ඒ නිසා මේක උනොත් උන් වගේ අයටනම් හොඳයි .ඒත් fb එක වටිනවා යාළුවො සෙට් කරගන්න එහෙම නේද ? . තව ඉතිං කීයක් ඒවා තියනවද ?

    එල එල කතාවනම් පට්ට .

    ReplyDelete
    Replies
    1. මුලු ලෝකෙම එකම යායක්.. ඔන්න ඕකනේ මචං විශ්ව ගම්මාන සංකල්පෙ.. හොද සහ නරක දෙකම.. හොද පැත්තට ගියොත් ගොඩ. නැත්නම් විනාසයි

      Delete
  15. හැම දේකම හොඳක් වගේම නරකත් තියෙනව. තමංගෙ දැනීමෙන් හරිදේ විතරක් තෝරගන්නවනං මොන දේකවත් වැරැද්දක් වෙන්නෙ නෑ. ෆේස්බුක් පාලනයක් ඇතුව පාවිච්චි කරන එකේ වැරැද්දක් මම දකින්නෙ නෑ. ඔය ඔන්ලයින් හෙල්ප් වගේ පේජ් වලින් සෑහෙන්න සේවයක් වෙනව මං හිතන්නෙ.

    ඕකට කෙලෙව්වොත්නං ආණ්ඩුව පෙරළෙනව ශුවර්.
    ලස්සන නිර්මාණයක් මල්ලි.

    ReplyDelete
    Replies
    1. හරියටම හරි ප්‍රසන්න අයියෙ :)

      මං නං හිතන්නෙ නෑ ආන්ඩුව කොහොමවත් ඒවගේ තීරණයක් ගනී කියලා.

      :) ස්තුතියි

      Delete
  16. එහෙමත් වෙයිද, නැතිනම් ඒ වෙනකොට වෙනත් අලුත් මේනියාවක් එයිද? මමත් ෆේස් බුක් එකේ හිටියට වැඩිය ගැවසෙන්නේ නෑ. ගුදවාතයක් ගියත් ස්ටේටස් අප්ඩේට් කරන්නෙත් නෑ.
    ඉතාම හොඳ නිර්මාණයක් සමී.

    ReplyDelete
    Replies
    1. දැනට්ංඅමත් ෆේස් බුක් වෙනුවට ආදේශක ඇවිත්.. නමුත් ඒ එකක් වත් මුලින් ආපු ෆේස්බුක් තරම් ජනප්‍රිය නෑ.. මොකද ෆේස්බුක් එකේ කරන්න පුලුවන් ගොඩක් දේවල් අනික් දෙවල් වල කරන්න බෑ.. එ ලඟදි V.K කියල අලුතෙන් ආපු එකක් බොහොම ජනපප්‍රිය උනා අර එෆ් බි නැති කරන්න යනවයි කියන ආරංචියත් එක්ක.

      ගූගල් මඟින් ලබාදෙන ජී ප්ලස් සේවාවත් ඒ තරම්ම ජනප්‍රිය නෑ විවිද අඩුපාඩුකම් නිසාවෙන්..

      කෝම උනත් ඒම වෙන එකක් නෑ කියල හිතමු නේ

      Delete
  17. යකෝ ඒක අහල මගේ ඇගේ මයි ස්මයිල් උනා..... කියල වැඩක් නෑ සමියෝ.. නියමෙට ලියල තියෙනවා.... විශිෂ්ටයි.. උත්කෘශ්ටයි....

    ReplyDelete
    Replies
    1. බයවෙන්ඩ එපා බං . ජීවිතය සුන්දරයි එෆ් බී නැතත් :D

      තෑන්ක් යූ :)

      Delete
  18. යකෝ හොඳ වෙලාවට මේක දැකල කාටවත් ප්‍රෙෂර් වැඩිවෙල කූරියා නොගැහැව්වෙ, මෙහෙමත් හෙඩින් දානවද බං. :)

    මට නම් ඕක කොහොමටත් දිරවන්නෙ නෑ, ඒත් ඉතිං හුස්මක් ගන්න ඉඩක් ලැබුන ගමන් ඕකට රිංගන එවුවො මම ඕන තරම් දැකල තියෙනවා.

    කියවන්න ගත්ත ගමන් නිකන් විද්‍යා ප්‍රබන්ධයක ගතියක් දැනුනා. උඹ ක්ලාර්ක් මහත්තයගෙ පොත් කියවල තියෙනවනේ. :)

    //උදෑසන් ආහාරය පිටතින් ගන්නා බැවින් ආහාර පිසීම ගැන වද විමට උවමනාවක් නැත//

    //කිසිදින තම ස්වාමියා ගෙන් නොලැබෙන සතුටක් ඇයට මුහුනු පොතෙන් එලෙසින් ලැබී තිබුනි//

    ඔළුව අතගාලා පොල් ටොකුත් ඇනල තියෙන්නෙ. කොහොම උනත් උඹ නියම පොයින්ට් එකක් අල්ලල ලියල තියෙනව කියල මට හිතෙනව බං.

    ඔය නලීන් අයියා කියපු වගේ පැහැදිලිව පේන සුළු දෝෂ කීපයක් තියෙනව. කැමති නම් මේක ට්‍රයි කරපන්.

    ReplyDelete
    Replies
    1. ෆේස් බුක් ඒකේම ලින්ක් එක දාපු වෙලාවෙ මැසේජ් කීපයක්ම ආව මොකක්ද යකෝ උබ අපිව ඔහොම බය කරනෙ කියල අහලා :D

      අන්තර්ජාලෙ ඉන්න කීපදෙනෙක්ම ෆේස් බුක් ගැන එච්චර තැකීමක් නෑ කියලා මං දන්නවා. සහන් අයියාත් හිරූ අක්කා වගේ සමහර ඈයෝත් අන්තර්ජාලෙ සැරිසැරුවත් ඉතාම අල්ප වශයෙන් තමයි ෆේස් බුක් පරිහරණය කරන්නෙ දන්න තරමින් ..

      විද්‍යා ප්‍රබන්දයක් ලියනව කියල හිතලමයි ලිව්වෙ.. නමුත් විද්‍යාප්‍රබන්දයක් නොවන්නෙ විද්‍යත්මක කරුනු නැති නිසා.. ආතර් සී ක්ලාක් මහත්තයගෙ පරිවර්තන නම් කියෙව්වෙ 8දි 9දි. පුදුම රසවත් ඒ කතා.. මං මෙ ලඟදි පොත් වගයක් ගන්න ගියපු වෙලාවෙ ආයෙ කියවන්න කියල ගන්නත් හිතුනා. නමුත් දැං ටිකක් ඒවයේ ගනං උස්සලා. ආයෙ සල්ලි ටිකක් එකතු කරන් ගිහින් ගන්න ඕනි..

      පොල් ටොකු දෙක තුනක්ම තියනවා. අන්තිම හරියෙත් තියෙන්නෙ ටොකුම තමයි :D

      බොහෝම ස්තූතියි අයියෙ. අයියා දුන්නු ලින්කුවෙ වටිනාකම කියල නිම කරන්න බෑ.. ටිකක් නෙමේ ඒකෙ අක්ෂර වින්‍යාසෙ සෑහෙන්න වැඅරදි තියනවා.. ආයෙ ඒ වගේ වැරදි කරන්නෙ නෑ.. අර ලින්කුව බුක් මාක් කරගත්තා. ඒකෙන් සෑහෙන දැනුමක් අක්ෂර වින්‍යාසය ගැන ලැබෙනවා.. බොහෝම ස්තූතියි :)

      Delete
    2. එස්. එම්. බන්දුසීලයන් පරිවර්තනය කරපු ක්ලාක් මහත්තයගෙ පොත් සෙට් එකම (කලෙක්ෂන් එක) විශේෂ වට්ටම් සමඟ එක්දාස් ගානට තිබ්බා පොත් ප්‍රකාශකයින්ගෙ සංගමය සංවිධානය කරන බුක් ෆෙයාර් එකේ. මමත් ගෙනිහිපු මොනරු ටික එතකොටත් පියාඹල නිසා මටත් ගන්න උනේ නෑ, එක දෙක ගත්තොත් අරගානට නෑ, ඒ නිසා ලබන අවුරුද්දෙ ගන්නව කියල හිතාගත්ත ඒ වෙලාවෙ. හෙට අනිද්ද එකෙත් තියේවි. මමත් ඔය පොත් කීපයක් කියවල තියෙන්නෙ පුස්තකාලවලින් අරන්, ගන්න ඕන කියල අදහසක් ඒ දවස්වල ඉඳලම තියෙනව.

      //අන්තිම හරියෙත් තියෙන්නෙ ටොකුම තමයි//

      ඔව්වොව්, මුළු කතාවම ටොක්කක් තමයි. එහෙමය කියල කතාවම උපුටල දක්වන්නයැ, හිතට වැදුනු ඒව තමා පෙන්නුවෙ. :)

      Delete
  19. මම නම් සමු දීල ගොඩක් කල්. කාලීන වැදගත්කමක් ඇති කතාවක්!

    ReplyDelete
    Replies
    1. :) අයින්ම වෙලාද ? ආයෙ නොයන්නම ?

      Delete
  20. පෝස්ට් එක නම් නියමයි මල්ලි.. දිගටම ලියන්න පාඩම් වැඩත් කරන්. මගේ නම් FB රාජකාරි නැහැ . මට එදා ඉඳන්ම ඇලජික් ඔය වගේ දේවල්.. දිගටම ලියන්න සැමි...

    ReplyDelete
    Replies
    1. සහන් අයියා එෆ් බී නෑ කියල දන්නවා.. මට මේ දවස් ටිකේ පාඩම් වැඩ නැහැ.. ඒකයි මේ විදියට නිදහසේ ඉන්නෙ..
      ස්තූතියි සහන් අයියෙ :)

      Delete
  21. ෆේස් බුක් වල සමාජය උඩු යටි කුරු වීමක් නම් සිඳුවෙලා නෑ.. මෝඩයෝ ටිකක් පිලුම් ගහනවා නම් පේනවා...

    ReplyDelete
    Replies
    1. නෑ මාතලන් අපේ වයසෙ ඉන්න බහුතරයකගෙ ජීවිතේ ප්‍රදාන අවශ්‍යතාවයක් වෙලා ඉවරයි ෆේස් බුක්..මාතලන් අයියලා සහ ඒ වයස් කාණ්ඩ වල ඉන්න බහුතරයකගේ ජීවිත වල නම් ෆේස් බුක් කියනදේ ප්‍රධාන සාධකයක් වෙලා නෑ.

      Delete
  22. අඩෝ මේකනං ලොවෙත් බං...

    හහහා... කොහොමද මේක සිරාවටම වෙච්ච දවසකට. අනේ වාසනාවන්. මේක සිරාවටම කරුමයක් බං. නිකන් අබිං කාලා වගේ. බලන ෆිල්ම් නවත්තලා බුකියට එනවා කිව්වම හිතහන්කෝ!

    කරුමේ කරුමේ....

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. එකෙම්ම සජෝ!.. එක අතකට ඕක තහනං කලොත් අපි නිදහස් :D

      Delete
  23. ෆේස්බුක් එක නං වාතයක් කරගෙන ඉන්නෙ අපෙ කට්ටිය... ( මොකද්ද එහෙම නොකරගන්නෙ ඉතිං...)

    හොඳ නිර්මාණයක් සමියෝ... හැම පැත්තක් ගැනම හිතන්න උත්සාහ කරලා තියෙනව...

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත

      ස්තුතියි හිරු අක්කෙ

      Delete
  24. අදහසත් හොදයි...කතාවත් හොදයි.....නියමයි..

    ReplyDelete
    Replies
    1. මේ අපේ මනොරම විරසිංහ අයියද ?

      Delete
  25. ප්‍රභන්ධයක් වුනත් මේ වැඩ පිලිවෙල ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරා නම් වටිනවා.. ලියාපදිංචි කරන්න නියමිත කාල සීමාවක් දීලා ලියාපදිංචි නොකරන සියළුම ගිණුම් වසා දැමුවානම් අනිවා මේක හොද කන්සෙප්ට් එකක්....

    ReplyDelete
    Replies
    1. අභීත අයිය ඉස්සෙල්ලම ආවෙ.. බොම ස්තූතියි ආවට මේ පැත්තෙ :)

      Delete
  26. අපූරු අදහසක් සැමියෝ.... පරිකල්පන හැකියාවට උපහාරය.අර කිවුවා වගේ සැබැවින්ම එහෙම වෙච්ච දවසක මහා කලබගෑනියක් නම් වෙයි තමා

    ReplyDelete
    Replies
    1. ඒව්ව කියන්ඩ බෑ ඉතිං

      Delete
  27. දන්නෝ දනිති එහි ඇති හොඳ සහ අරුම
    මටනම් සමියෝ එය මල වාතෙකි කරුම

    ReplyDelete
    Replies
    1. කරුමය උනත් වන්නට ඇත්නම් උරුම
      බැහැ වලකන්න කිසිදින ඒ වැනි අරුම

      Delete
  28. ඔහොම වෙන උනුත් ඇති..ඒත් මම නම් බුකියට ඇබ්බැහි උන එකෙක් නෙමෙයි...සමියා අලුත්ම විදියකට හිතලා ලියලා තියන විදිය අපූරුයි...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් සිරා අයියා හැමතිස්සෙම නම් නෑ තමයි.. පාලනයක් ඇතුව එන්නෙ

      Delete
  29. මට නම් දිග ක්ම්නේ දාන්න බෑ බොලව්, -_-
    මම ආවා කියන්නයි ආවේ ^_^

    ReplyDelete
  30. //ඇයට ආදරයෙන් අමතන පැණි වෑහෙන කතා පවසන පිරිමින් රොත්තක් ඇය නැවත කෙසේනම් සොයාගන්නද?.// :D:D

    නිර්මාණය හරි අපූරුයි. මම මේ කල්පනා කලේ ඕක තහනම් කරවන විදියක් ගැන. වහල උඩට නැගලා උපවාසයක් කලොත් හරියයිද? :)

    ReplyDelete
    Replies
    1. උයා හරි නාකයි.. ඔක්කොම කියවල නෑ :(
      ඔක්කොම කියවන්න වහලෙ උඩට නගින්නැද්ද බලන්න >_<

      Delete
  31. සිරාවටම මම මේ කල්පනා කලේ මලයෝ මූණු පොත වැහුවොත් ඔය වගේ දෙයක් වෙන්නත් බැරි නැහැ.

    ReplyDelete
    Replies
    1. එහෙමයි කෝරලේ අපෙ ඇත්තෝ

      Delete
  32. හොඳ නිර්මාණයක් සමී...

    අපි නම් ඔව්වට නෑ..අපි හොඳ ලමයි.. :D

    ReplyDelete
    Replies
    1. ඔයා නරක ලමයෙක් උන දාට මට රික්වෙස්ට් එකක් එවන්න ඈ :D

      Delete
  33. දවසට ස්ටේටස් අප්ඩේට් එකයි. ෂෙයාර් දහයයි. කමෙන්ට් පහයි වගේ තිබුණා නම් හොඳයි කියලා හිතෙනවා. වල් බූරු නිදහසක් තියෙනකොට ඕනෑම දෙයක් ඔහොමයි.

    අද කාලේ මාධ්‍යවේදියෙක් අතින් ලියවෙන්න ඕනේ ලිපියක් තමයි මලයෝ ලියලා තියෙන්නේ. උඹේ හැකියාව අදයි හරියට එලියට ආවේ. සුබපැතුම් !!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියෙ :D හම්බෝ ඕම කෙනෙක් කිව්වමද කොහෙද :D

      Delete
  34. පේන විදියට අද හෙටම ඔය වගේ දෙයක් වෙයි.....

    ReplyDelete
  35. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඇයි ඒම අයින් කලේ ? මොකද්ද මං කරපු වැරැද්ද ? :'( :P

      Delete
  36. මගේ බ්ලොග් එකට කෙලවපු දාට තමා මම වහලෙට නගින්නේ

    ReplyDelete
    Replies
    1. ඔය මහා කැලෑ මැද්දේ වහලවල් වලට නැග්ගට කාට පේන්නද ,,, අටමි නම් එදාට සතුටු වෙයි ගොඩක්

      Delete
  37. මටත් ඉස්සර ඔය අමාරුව තිබුනා දැන් නම් වැඩිය යැවෙන්නෙම නෑ. ගියත් බ්ලොග් එකේ publish ව්ලට තමයි.

    ReplyDelete
  38. සාර්ථක ප්‍රබන්දයක්. ඇත්තටම ලංකාවේ FB තහනම් කරොත් ඔයිට සමාන දෙයක් වෙයි. ඒ තරමටම ඇබ්බැහි වෙලා.

    කාලය කළමනාකරණය කරගන්න බුකිය පොඩි කරදරයක්, මාත් පෙරේදයින් අවුරුදු තුනක fb ජීවිතය නැවැත්තුව. :p

    ඒත් මිනිස්සු ගැන ඉගෙනගන්න බුකිය හොඳ තෝතැන්නක්... අලුත් බ්ලොක් එකකින් සමාජය ගැන වෙනස් ඇහැකින් ළඟදීම දකිමු සමී... ;)

    ReplyDelete
    Replies
    1. මේ වෙනකොට ආයෙ ආවනං හොද එකා වගෙ රික්වෙස්ට් එකක් එවහං :D

      Delete
  39. මගෙත් යාලුවො ගොඩක් ඉන්නවා, උදෙට නැගිට්ට ගමන් fb log වෙන එක තමා මුල්ම වැඩේ... ඔක්කොමත්'හරි මට දිරවන්නෙම නැත්තෙ කන්න කඩෙං බඩු ගෙනාව එකේ ඉඳං කාලා බොග දාන තැනට යනකං status දාන එක...

    ReplyDelete
  40. @kalanthe wage ane mama marei mema unoth

    ReplyDelete
    Replies
    1. නංගි .. මැරෙන්ඩ නං එපා අපි උපවාසයක් තියමු ඈ ..

      Delete
  41. ***** 13/11/16 - කිප දෙනෙක්ගෙ කමෙන්ටුවලට උත්තර බදින්න පරක්කු උනා.. සමාව ඉල්ලනව හොදේ

    ReplyDelete
  42. නියම කතාවක් හි හි...
    :v :v

    ReplyDelete
  43. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. අඩේ මගේ කීබෝඩ් මාරු වෙලා කුණුහරුප නේ ටයිප් වෙලා තිබ්බේ.. මොකද්ද මේ වෙරිෆයි කරනවා කියන්නේ? ඒක කොහොමද කරන්නේ?

      Delete