Saturday, November 24, 2012

හෙරලිය | An Old Story About The Jackfruit

හිරු අක්කගෙ බ්ලොග් එකේ තිබුනු අපේ කොස් කෑම පෝස්ට් එක කියවනකොට මට පොඩි කතාවක් මතක් උනා.ඒ පෝස්ට් එකෙයි කමෙන්ට්ස් වලයි කොස් ගැන සෑහෙන විස්තරයක් තිබුනනේ. ආයෙ කොස් ගෙඩිය අමුතුවෙන් වණන්න ඕනි නැති නිසා කෙලින්ම කතාව කියන්නම්. ඒ පෝස්ට් එක බලපු නෑති අය මෙතන ඔබල ඒක බලලම එන්න. (ඔන්න ඉස් ඉස්සෙල්ලම සමියගෙ බ්ලොග් එකෙන් පබ්ලිසිටියක් දුන්නෙ හිරු අක්කට ඈ :D)

 

මුලින්ම කියන්න ඕනි මම මේක අහපු කතාවක්. ඒ නිසා මම දන්නෙ නැ මේකෙ ඇත්ත නැත්ත. කොහොම හරි මුල් කාලෙදි   ලංකාවෙ මිනිස්සු කොස් ගැන දැනගෙන ඉඳල නෑ.කොස් ගෙඩි පිරුනු කොස් ගස් තිබුනත් ඉස්සර මිනිස්සු කොස් කන්නෙ නෑ. ඇයි? .. ඒ අය හිතාගෙන ඉඳල තියෙන්නෙ කොස් කියන්නෙ කන්න පුලුවන් ගෙඩි ජාතියක් නෙමේ කියල.බාහිර පෙනුමෙනුත් කොස් ගෙඩිය කැමට සුදුසු ගෙඩියක් වගේ නෙමේනෙ පේන්නෙ.මුලු ගෙඩියෙම කටු කටු වගේ , ලෙල්ලත් හෙන ගනකම්. අනික හැම තැනම ඇලෙන කොහොල්ලැ ඒමත් තියෙන නිසා කොස් කියන්නෙ මිනිස්සු ජාතියට කන්න බැරි කැමක් කියල තමයි ඉස්සර හිතාගෙන ඉඳල තියෙන්නෙ.ප්‍රයෝජනයක් නැති නිසාම කොස් ගහ හඳුන්වන්න නමක්වත් තිබුනෙ නැ. 

 

ඒ කාලෙ අපේ රටට ආව සෑහෙන ලොකු දුර්භික්ශ කාලයක්.මිනිස්සුන්ට එදාවේල පිරිමහගන්න තියා බොන්නවත් හරි හමන් වතුර ටිකක්වත් තිබුනෙ නැති තත්වයක් උදා උනා. කුඹුරු, වතුර නැතිව පුරන් වෙලා ගියා. හේන් ගොවිතැන විනාශ උනා, හිටවපු පැල වතුර නැතිව මැරිල යද්දි මිනිස්සුන්ට උනේ හූල්ල හූල්ල බඩගින්නෙ බලාගෙන ඉන්න විතරයි. කුඹුරු ගොවිතැන විනාස උනු හින්දම බත් කටක්වත් කන්න බැරිකම නිසා මිනිස්සු දුර්වල උනා. ඒත් කොස් ගස්වල ගෙඩි පිරිල තිබුනා. ඕනි නියගයකට ඔරොත්තු දෙන කොස් ගස්වල ගෙඩි මිනිස්සු අච්චර සාගින්දරේ බලාගෙන ඉදිදි කිසිම පල ප්‍රයෝජනයක් නැති විදියට බිමට වැටිල පොලොවට කුණු වෙලා ගියා. 

ඔන්න ඉතින් තත්වය මේ අකාරයෙන් පවතිද්දි අපෙ රටේ  ගමක හිටිය මිනිහෙක්ට හෙන දුර තියෙන තවත්  ගමකට  යන්න ඕනි උනා. කාශ්ටක අව්වෙ පයින්ම සැහෙන දුරක් ආව මේ මනුස්සයට ඉර මුදුන් වෙනකොට ඉවසන් ඉන්න බැරි තරම් බඩගින්නක් දෑනෙන්න පටන් ගත්ත.හැම ගින්නටම වඩා ලොකුයි නොවැ සාගින්න.දැන් කාලෙ වගේ නෙමෙයි තේ කඩයක්වත් තිව්නෙ බොහොම කලාතුරකින් ඒ ගම්වල. ඔව් මේ කතාව වෙලා තියෙන්නෙ මුදල් භාවිතය මිනිස්සු අතරට එන්නත් කලින් ඉතින්.කොහොම හරි බඩගින්නත් කරපින්නගෙනම ලග ගමකට සේන්දු වෙන්න මේ මනුස්සයට පුලුවන් උනා. මනුස්සයගෙ අරමුන උනේ ගමේ තියෙන පැල් කොටේකට ගිහින් බඩගින්න නිවාගෙන තමන්ගෙ ගමන ආයෙ පටන් ගන්න.ඒත් ඒ ගමටත් දුර්බික්ශෙ උදාවෙල තිබුන බොහොම දරුණුවට.

අර කිව්ව වගේම මුදල් භාවිතයකුත් නොතිබුනු හින්දම මිනිස්සු ලග මොනව නැතත් මනුස්සකම තිබුන ඒ කාලෙ. කෙනෙක්ට කරදරයක් උනාම උදව් කරන්න දෙපාරක් හිතුවෙ නෑ කවුරු උනත්. ඒ වගේම මිනිස්සු ලග ආගන්තුක සත්කාර කියන දෙ නම් ඉතින් ඉහටත් උඩින් තිබුන. තමන්ට නැතත් තමන්ට පුලුවන් උපරිම ආකරයෙන් ආගන්තුක සත්කාර කරන්න මිනිස්සු පෙළඹිලා හිටිය. ඉතින් මේ මනුස්සයත් හිතුව එයාගෙ බඩගින්දර නිවන්න කාට හරි පුලුවන් වේවි කියල. එහෙම හිතාගෙන ලගම තිබුනු පැල් කොටේකට ගොඩ උණා.

ඒත් ඒ වෙලාවෙ ඒ පැලේ හිටියෙ නාඹර තරුන කෙල්ලෙක් විතරයි. ඉතින් මේ කෙල්ලට මේ මනුස්සය තමන්ගෙ දුක කියන්න පටන් ගත්ත.

"අනේ දුවේ මම මේ බොහොම දුර ගමනක් යනගමන්. මට ඉවසගන්න බැරි තරම් සාගින්දරක් ඇති උනා බොලොන්. බොලාට පුලුවන්නම් මොනවම හරි කමක් නැ මගෙ බඩගින්න නැති කොරගන්න දෙයක් දුන්නොත් පින් අයිතිවෙයි"

ඒත් මේ දුර්භික්ශ කාලෙ කොයින්ද කෑම. මනුස්සයට දෙන්න තියා ඒ කෙල්ලට කන්නවත් තරම් කිසිම දෙයක් ඒ ගෙදර තිබුනෙ නෑ. එත් මේ කෙල්ලට සෑහෙන දුකයි මේ මනුස්සයට කන්න දෙන්න දෙයක් දීගන්න බැරි වෙන එකට.ඒත් ඉතින් මොනව කරන්නද. කෙල්ල මනුස්සයට මේම කිව්ව

"අනේ මාමෙ, ගෙදර මාමට කන්න දෙන්න කිසිම දෙයක් නෑ මාමෙ. අපිටත් කන්න කිසිම දෙයක් නෑතුව අපි ඉන්නෙ මාමෙ.අපි වගේම තමයි මේ ගමේ ඉන්න හැම මනුස්සයෙක්ම වගෙ බඩගින්දර ඉවසන් ඉන්නෙ හරිම අමාරුවෙන්. දෙන්න මොනවම හරි තිබුනනම් මාමට නොදී ඉන්නෙ නෑ."

අනේ ඉතින් මොනව කරන්නද දෑං. මනුස්සය වගේම කෙල්ලත් හරිම අසරනයි. ඒත් මේ මනුස්සයට ඉන්න බෑ ඉවසගෙන. බඩගින්නෙ වට පිට බලනකොට මේ මනුස්සය දෑක්ක ගෙදර වත්තෙ තියෙනව කොස් ගහක් ගෙඩි පිරිල. අනේ ඉතින් ඒ ගෙඩි කන්න පුලුවන්ද. ඒත් මේ මනුස්සයගෙ බඩගින්න ඒක පිලිගන්න සෑරසුනේ නෑ. මනුස්සය ගත්ත අන්තිමේදි තීරනයක්. 

"දුවට පුලුවන්ද මම කියන කෑම මට හදල දෙන්න"

"අනේ කන්න හදල දෙන්න තරමෙ දෙයක් තියේ නම් කන්න හදල දෙන එක මහ අමාරුවක් නෙමේ මාමෙ. ඊත් මාමට මම මොනව කියල හදල දෙන්නඩ කිසිම දෙයක් ගෙඩහර නැතිකොට? "

"මෙහෙම සාගින්දරේ විඳෝල මෑරෙනවට වඩා හොදයි දරුවෝ වස හරි කාල බඩ පුරෝගෙන මෑරෙන එක. මට අර මිදුලෙ ඉස්සරහ තියෙන ගෙඩි ලොකු ගහෙන් ගෙඩියක් කන්න හරි ගස්සල දීපන් දුවේ උඹට පින් අයිතිවෙයි "


"මාමට පිස්සුද මාමෙ, ඒ වස ගෙඩි කන්නෙ කොහොමද මිනිස්සු. ඒව කාටවත් කන්න පුලුවන් ජාතියක් නෙමේ"

"අනේ දුවෙ මම කියන එක අහල මට ඔය ගෙඩියක් කඩල, මදුලු දෙක තුනක් වතුර මුට්ටියකට දාල තම්බල දියන්. තවත් ඉවසන් ඉන්න බැරි තරමට මට සාගින්දරයි ලමයෝ"

කොහොමින් හරි අන්තිමෙ කෙල්ල කෑමති උනා ඒ මනුස්සයට කොස් ගෙඩියක් තම්බල දෙන්න.ඒ මනුස්සය පැල් කොටේ කුස්සිය ඉස්සරහ තියෙන බංකු පුටුවෙ ඈදිගෙන ඉන්න අතරෙ කෙල්ල කොස් ගෙඩියක් කඩල, ඒක පලල, කොහොල්ලැ ඇරල, මදුලු ගලවල වතුර මුට්ටියකට මදුලු ටික දාල ලිප තිබ්බ.

පැය භාගයක් විතර ගෙවෙනකොට කොස් තැම්බෙනව හරිම සුවඳෙට. කෙල්ලගෙ කටට කෙල උනන්න පටන් ගත්තෙ කෙල්ලටත් හොරෙන්.ඒ තරමට කොස් තැම්බෙන සුවඳ එනව.කෙල්ලත් හොඳටම බඩගින්නෙනෙ හිටියෙ.මුට්ටියෙ නෑඹිලිය ඇරල බැලුවහමත් කෙල්ල දැක්කෙ දුම් දමන කහපාට  හරිම ප්‍රිය උපදවන පෙනුමක් තියෙන කැමක්.කෙල්ලත් හොඳටම බඩගින්නෙනෙ හිටියෙ. ඒ බඩගින්න දෙගුන තෙගුන උනා. තවත් ඉන්න බැරිම තැන අර එලියෙ බංකු පුටුවෙ ඉඳන් උන්නු මනුස්සයට හොරෙන් පොල්කටු හැන්ද මුට්ටියට දාල කොස් මදුලක් අරගෙන කටේ ඔබාගත්ත.

"අනේ අම්මේ එහෙම රසක්! ජීවිතෙට කාල නෑ එහෙම කෑමක්. ඒ තරමටම රසයි."

කෙල්ලගෙ රසනහර පිනාගියා. එළියෙ බඩගින්නෙ මනුස්සයෙක් ඉන්නව කියලත් අමතක උන. එක හුස්මට යහමින් තැම්බිලා තිබුණු කොස් මදුලු ටික ගිලදාලයි කෙල්ල නැවතුනේ. කෙල්ල හිතුවට මනුස්සය තමන් මේ කරපු බඩ්ජාරි අමන වැඩේ දෑක්කෙ නෑ කියල එලියට වෙලා බන්කුපුටුවෙ ඈඳිගෙන හිටපු ඒ මනුස්සය මේක දිහා බලාගෙන හිටිය. අන්තිමේ තරහවයි බඩගින්නයි වැඩිකමටම කෙල්ලට අහෙන්නත් එක්ක හෙන හයියෙන් "හොර ලිය!!! හොර ලිය!!!" කියල එලියෙ ඉඳන්ම කැගැහුවා.


පහු කාලීනව ගමේ කා අතරටත් මේ කතාව ඇදිල ගිය්යා. හැමෝම දැනගන්න පටන් ගත්ත කොස් කියන්නෙ මිනිස්සුන්ට අහිතකර කන්න බැරි ගෙඩි ජාතියක් නෙමේ කියන එක. "හොර ලිය" පසු කාලීනව ක්‍රමයෙන් "හෙරලිය" බවට පත් උනා. එදා ඉඳන් නමක් නොතිබුණු ඒ ගෙඩි ජාතියට "හෙරලිය" කියල නම වැටුන.(කොස් කියන්නෙ ඉතා පසුකාලීනව හෙරලියට කියන නම වෙනුවට ආදේශ උනු නමක්.)

කොහොමින් හරි මුලු මහත් ලංකාවෙම හෙරලිය ප්‍රචලිත උනා. එක එක විදියට උයන්න, සකස් කරන්න පුරුදු උනා. මොනම දුර්භික්ශ කාලයක් ආවත් මිනිස්සුන්ට බඩගින්නෙ මැරෙන්න උනේ නැ තව දුරටත්.අවුරුද්දෙ හැම කාලෙම කන්න පුලුවන්, බඩගින්න නිවාගන්න පුලුවන් උනු ගෙඩි ජාතිය කොස් උනා. "බත් නැතිදා කොස්" කියන තරමට හෙරලිය මිනිස්සුන්ට සමීප උණා.

ඔන්න ඔහොමයිලු කොස්, ලංකාවෙ මිනිස්සු අතරට ආවෙ. මේ කතාවම තවත් විදියකට අහල තියෙනව කොස් මාම(ආතර් වීදියෙස් මහතා) කොස් කියන දේ මිනිස්සු අතරට ගෙනියද්දි සිද්ද උණු කතාවක් විදියටත්. ඇත්ත නැත්ත මං දන්නෙ නෑ ඕං අහල තිබුණු දේ කිව්ව :)

32 comments:

  1. හප්පච්චියේ...එහෙමද මේවට හෙරලිය කියන්නෙ... සැක්..මම කාලා නෑනෙ.. මටත් කන්න ඕන..

    ReplyDelete
    Replies
    1. හෑ කාල නෑ??
      යකඩෝ මම හිතුව තරං හෙරලිය මිනිස්සු අතරට ගිහින් නෑනෙ බොලේ, :ඩි

      හැමදාමත් එක වෙන්න ශම්මි ඔයා :හී
      ස්තූතියි යාලු

      Delete
  2. ඒක මරු කතාව.. බලන්න ඉතිං.. එතනත් කාන්තාවට මඩ ගහලා... අම්මපා මේ මිනිස්සු... හි හි..
    ඔන්න මං මගේ එකෙන් ලින්ක් එකක් දැම්මා මේකට.....

    ReplyDelete
    Replies
    1. මඩ සෝදාගත් කල ගෙවිලිය කසාද බැන්දීමටත් සුදුසුයි කියනවලුනේ. ඉතින් මොකෝ මඩ ගෑවුනාම හී හී :ඩි
      ස්තූතියි හිරු අක්කෙ :)

      Delete
    2. හිරු මම ඔයාත් එක්ක නම් තරහයි.

      Delete
  3. ඔන්න ඔහොමලු මිනිස්සු කොස් කන්න පටන් ගත්තේ නේද.. සිරා කතාවක්.
    ඒ වයසක මනුස්සය විදිහට ආවේ සක්කර දෙයියෝලු, මිනිස්සු විඳින දුක දැනිලා..!!! :)

    ReplyDelete
    Replies
    1. ඇත්තම කීවොත් මම මේක පොඩි කාලෙ අහපු කතාවක්. ඒත් කීප පාරක්ම විවිද අයගෙන් අහල තිබුන.ඉතින් පොඩි පොඩි වෙනස් කම් ඒ කතවල තිබුන. හරියටම විස්තරේ මතක නෑ. ඒක නිසා අතිනුත් ටිකක් දාල තමයි ලිව්වෙ.ඔය සක්‍ර දෙවිය ඒ විදියට ආව කියල අහල තිබුන වගෙත් ලාවට මතකයක් ආව කිව්වට පස්සෙ

      Delete
  4. හුඟක් ඉස්සර මිනිස්සු කොස් කෑවෙ නෑ කියල මමත් අහල තිබුණ, ඒත් මෙහෙම කතාවක් නම් අහල තිබුණෙ නෑ, මේක ඔය කොයි පළාතක තියෙන ජනකතාවක් ද? මොකද ඒ සමහර කතාවල සත්‍යතාවක් නැත්තෙත් නෑ, පරම්පරාවෙන් පරම්පරාවට කටින් කට යන්නෙ බොහෝ විට ඇත්තම සිද්ධි. හැබැයි පහුකාලීනව ඒ කතාව මුල් එකට වඩා වෙනස් වෙන්න නම් පුළුවන්.

    ReplyDelete
    Replies
    1. මම ගොඩක් පොඩි කාලෙ අහපු කතාවක් සහෝ, ඉතින් මම දන්නෙ නැ මේ සම්බන්ද වැඩි දුර විස්තරයක් ඊට වඩා

      Delete
  5. හානේ.... මේ කතාව මම අදනේ දන්නේ....

    ReplyDelete
    Replies
    1. :)))

      ආයෙ එන්න සමනළි මේ පැත්තේ :)

      Delete
  6. හිරු අක්කගේ බ්ලොගෙන් තමයි මේ පැත්තට ආවේ. ඔය කෝස් කියන එක හැදිලා තියෙන්නේ. සුද්දෙක් කියල තියෙනවලු කෝසස් (තම්බපුව) කියල අපේ එකෙක්ට මේක ඇහිලා පතුරවල තියෙනවා ඉංගිරීසියෙන් හෙරලි වලට කියන්නේ කෝසස් කියල පස්සේ තමයිලු ඒ වචනේ කැඩිලා ඇවිල්ල කොස් උනේ

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එක පටන් ගත්ත දවසෙත් ඔබ තුමා සුභ පතල යන්න ආව.

      ඒ කතාව දැනගෙන හිටියෙ නෑ. ස්තූතියි කමෙන්ටුවට කෝරලේ මහත්තයෝ :)

      Delete
    2. ඇත්තටම සමි මට මතක නැහැ ඒ බවක්. දැන් නම් ඔන්න පාර බ්ලොග් රෝලටම දාගත්තා අමතක නොවෙන්න.

      තවත් මට මේ ඇහිච්ච දෙයක් තමයි මිනිස්සුන්ගේ දුක දැනිල අර මොකක්ද මෙව්වා එක රත්වෙලා ඒ ආවේ සක්‍ර දෙවියෝ කියලා.

      Delete
    3. බොහොම ස්තූතියි කෝරලේ මහත්තයෝ :)

      ඒ කතාව නම් චන්දනත් මතක් කරල දුන්නා :)

      Delete
  7. ඔබේ පුංචි ලොකයට ගොඩ වැදුනා.නොදන්න කථාවක්.ජය ඔබට
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ගයනි අක්කෙ. ආයෙත් එන්න.
      මනසින් දිවියෙ අනුගාමිකයෙක් උනා මං ඕං :)

      Delete
  8. ලස්සන කතාවක්. මමත් මේක හරි මේ වගේම එකක් හරි පොඩි කාලේ අහල තියෙනවා.

    එත් මට මේ කතාවේ පොඩි අව්ලක් පෙනෙනවා. අපි දන්නවා නේ, විශේෂයෙන්ම කොස් ඉදුනම සත්තු ඒ ගෙඩි කන්න ඇදිල එනවා කියල. කලෙක ගෙඩි වර්ගයක් දැක්කත් එක විසද නැද්ද කියල හොයාගන්නේ කුරුල්ලෝ හරි සත්තු හරි එව්වා කනවද කියල බලල නේද? එතකොට මේ කතාවේ නම් සත්තු කොස් කන්න ඇවිත් නැති හැඩයි.

    උන්ටත් මෙව්වා විසද කියලා ෂුවර් නැතුව මිනිස්සු කනකල් බලන් හිටියද දන්නේ නෑ. :-)

    ReplyDelete
    Replies
    1. බොහොම හරි!
      නියම තර්කයක්, මේ කතාව ලියාගෙන යද්දි මගෙ ඔලුවටත් ඔය දේම ඒ විදියටම ආව. මිනිස්සු දෙයක් කන්න හොඳයිද නැද්ද කියල බලන්නෙ ඒක සත්තු කනවද නැද්ද කියල බලල ගොඩක් වෙලාවට.
      වැල, වරක වගේ දෙවල් බිම වැටිල කුනු වෙවී යනකොට ගමෙ බල්ලො, හරක්, කපුටො එහෙම කනව මම දැකල තියෙනව. ඉතින් මිනිස්සු කොස් කන්න පටන් ගත්තෙ මේ කතාවෙ තියෙන විදියන නොවෙන්නත් පුලුවනි. නමුත් මේ කතාව සමාජෙ තියෙන නිසා මට මතක් වෙලා දැම්මෙ.

      "ඇත්ත නැත්ත මං දන්නෙ නෑ ඕං අහල තිබුණු දේ කිව්ව "

      විදියට දාන්නත් ප්‍රදානම හේතුව උනේ ඔය තර්කෙ මගෙ ඔලුවටත් ආව නිසා චාමර. බොහොම ස්තූතියි මේ පැත්තෙ ආවට. ආයෙත් එන්න :)

      Delete
    2. ඇත්ත... ඔයා එහෙම ලියලා තියෙනවා තමයි ඒ වුනත් මට හිතෙනවා ඔයාට ඇති වුන සැකය ගැනත් කතාවේ අන්තිමට දැම්මා නම් තවත් හොඳයි කියලා.

      මට පුදුම කොහොමද මේ වගේ සැක උපදින ජන කතාවක් හැදුනේ කියලා. මොකද ජන කතා බොහොම තාත්විකයි නේ, නේද? කොස් ගැනම කිව්වොත් අර රාජසිංහ රජ්ජුරුවන්ගේ කොස් ගෙඩියක් කාපු මිනිහා ගැන එහෙම තියෙන කතාව... ඇත්ත වුනත් නැතත් වෙන්න පුළුවන් කතාවක්. ඒ වගේම එකෙන් පෙන්නනවා සාමාන්‍ය ගැමියා කොච්චර බුද්ධිමත්ද කියලා.

      මේකේ ඉන්න ගම වැසියෝ දෙන්නම පට්ට ඕලමොට්ටලයෝ දෙන්නෙක් නේ... මේක සිංහල ගැමියෝ මෝඩයි කියල පෙන්නන්න වෙන මොකෙක් හරි ගොතල පතුරවපු කතාවක්ද මන්දා... අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් :-)

      Delete
    3. "මේකේ ඉන්න ගම වැසියෝ දෙන්නම පට්ට ඕලමොට්ටලයෝ දෙන්නෙක් නේ... මේක සිංහල ගැමියෝ මෝඩයි කියල පෙන්නන්න වෙන මොකෙක් හරි ගොතල පතුරවපු කතාවක්ද මන්දා... අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් :-)"

      අනේ මම නම් මේක දැම්මෙ එහෙම එකක් හිතාගෙන නෙමේ ඕං :D
      මෙහෙමයි! ගැමියා බුද්ධිමත් කියන එක ඇත්ත. නමුත් හැම කතාවමෙන්ම ඒදේ ඒ විදියටම නිරූපණය වෙන්නෙ නෑ. සිංහලයා මෝඩයා කැවුං කන්න යෝදයා කියන ප්‍රස්තාවට පාදක වෙච්ච කතාව වගේ තව කතා බොහොමයක ආත්ම අපහාසයක් සිද්ද කරල තියෙනව සිංහල ගැමි කතාවල. බොහෝ විට වින්දනාත්මක පැත්තට තමයි මුල් තැන. දෙවෙනි වෙනව බොහෝ වෙලාවට බුද්දියට කතාකිරීම.
      මේ කතාවෙ ඒ විදියට ගැමියට ලොකු අපහාසයක් සිද්ද වෙලා නෑ කියලයි මට නම් හිතෙන්නෙ, ගරු කරනව ඔබේ අදහසට ! :)

      Delete
    4. ඉතින් සමී, "සිංහලයා මෝඩයා-කැවුම් කන්න සූරයා" කිව්වෙත් එහෙම යටි අදහසකින් තමයි.. අද වුනත් බලන්න. අපි අපිවම කොච්චර උපහාසයට ලක් කරගන්නවාද? අපිට මුකුත් හදන්න බෑ, මුකුත් කරන්න බෑ කියලා අපි කියන්නේ බොහොම උජාරුවෙන්. ඕක තමයි යටත් විජිත මානසිකත්වය කියන්නේ. එකෙන් මිදෙන්න බැරි නම් ඉතින් හැම දාම එතනමයි.

      අපේ ජනකතාවල හාස්‍යය තිබුනා තමයි. එකෙන් සතුටක් ලැබුවා තමයි. ඒත් ඊටත් ඉස්සර අපේ ජනකතා සාහිත්‍යය තිබුනේ බන කතා සාහිත්‍යය එක්ක බැඳිලා.
      අපි හාස්‍ය රසයට ඉඩ දුන්නත් "හෑල්ලු රසයට" ඉඩ දුන්නේ නෑ... ඒක අපිට පුරුදු කලේ යටත්විජිතවාදීන්. අන්න ඒකෙන් තමයි අපි අත් මිදෙන්න ඕන.. මම හිතන විදියට අපි හැම දෙයක් ගැනම චුට්ටක් විතර විචාරශීලී වෙන්න ඕන.

      ඒකෙන් මේකෙන් කාරියක් නෑ. තව ජන කතා මතක් වුනොත් ලියන්න. පුංචි කාලෙට පස්සේ ජනකතා පොතක් අතින් ඇල්ලුවෙත් එක සැරයයි නැත්නම් දෙසැරයයි...

      Delete
  9. මම නම් මේ කතාව අසා තිබුනේ නැත...!

    ReplyDelete
    Replies
    1. අද ඇහුවනේ :)
      ආයෙත් එන්නෝ. සාදරයෙන් පිලිගන්නව රෙහානිව :)

      Delete
  10. අහා මමත් කතාව අහල තියෙනවා ඒත් ආයෙත් කියවන්න හිතෙන තරම් අපේ ජන කතා ලස්සනයිනේ මොනා කරන්නද? දිගටම ලියමු.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මේ පැත්තේ ආවටයි, කමෙන්ටුවටයි :)

      Delete
  11. ඔන්න අදයි මේකට ගොඩ උනේ.. අරෙහෙ ඇවිත් නෝක්කාඩුව කියලා ගියාට පස්සේ තමා මතක් උනේ ඇවිත් බලන්න...

    මේ කතාව බොහෝම පරණ ජන කතාවක්.. හැබැයි පොඩි වෙනස්කමක් තියෙනවා.. ඒ තමා මෙතනදිත් කතා නායකයා වෙන්නේ අපේ ප්‍රධාන ණළුවෙක් වෙන ශක්‍ර දේවේන්ද්‍ර තෙමේ තමා... බොහෝම ඈත අතීතේ මනුස්ස ලොකේ දුර්භීක්ෂ සමයක මිනිස්සු කන්න නැතිව හාමතේ මැරෙද්දි ඒ අවුල හින්දා උන්නාන්සේගේ සීට් එක හීට් වෙලා ඒ අවුල නැති කරන්න වයසක මනුස්සයෙක් විදියට ඇවිත් ඔන්න ඔය විදියට කොස් හදුන්වා දීලා ියයි කියලා... හෙරළි නම වැටුනෙත් ඒ විදියට කියලා තමයි සදහන් වෙන්නේ...

    මං මේ කල්පනා කලේ මේවා බොහෝම ප්‍රසිද්ධ ජන කතා වෙච්චි... එව්වා නොදන්න ළමයිත් සෑහෙන්න ඉන්නවා වගේනේ... හපොයි... අළුත් කතන්දර කියන එක පැත්තක තියලා පරණ කතන්දර කිය කිය ඉන්න වෙයි වගේ...

    ReplyDelete
    Replies
    1. අසව්! අසව්! මාර තොමෝ අප ඉසව්ව කරා වැඩම කල සේක! :P
      බෝම පිං මාරයො මේ පැත්තට ආවට. එහෙමවත් නොකිය කොහොමද නැත්තං ලොක්කො එන්නෙ නැ පොඩි අපිව බලන්ඩ :D

      කතාව ගැන කියනවනං ඔබතුමා හරි. මමත් චූටිම කාලෙ අහපු හින්ද හිතේ ඇතම කොනක හැන්ගිලා තිබුනෙ. ඉතින් මතක් කර කර ලිව්වෙ. ජනකතා දැන් දැන් ගොඩක් අභාවයට ගිහින් මාරයියෙ.. කිව්ව කතාව නම් ඇත්ත :(

      Delete
    2. @ මාරයාගේ හෝරාව

      ඒක තමා අයියේ මාත් කල්පනා කළේ. මේ කතාවත් දන්නේ නැති අය ඉන්නවා කියන්නේ මහදැනමුත්තාගේ කතා, ගමරාළලාගේ ෆන් කතා දන්නේ නැති අයත් ඉන්න පුලුවන්නේ. ඒක නිසා ඒ කතන්දර ටිකත් මේ blog අවකාශෙට එකතු කරන්න කටයුතු කළොත් හොඳයි වගේ

      Delete
  12. නොක්ස්ගේ එදා හෙළදිව පොතේ කොස් ගැන ලොකු විස්තරයක් තියෙනවා. වැළ, වරකා ගැනත් විස්තර තියෙනවා.

    ReplyDelete
    Replies
    1. යා තරම් ඉතිහාසය දැනුමක් මට නෑ... මම ඒ පොත ගැන දන්නව උනත් කියවල නෑ .. හොයාගෙන අනිවාර්යෙන්ම කියවනම් :) බොහොම ස්තූතියි

      Delete