Wednesday, November 21, 2012

ALPHABeT රචනාව හා බලු රචනාව | Two funny Essays


-විප්ලව යුගයේ දේශපාලන හා ආර්තික පසුබිම-
(alphabet රචනාව)


A
කාලෙ Bති‍ය රජකරපු ‍යුග‍යක්. Cතල කාලෙ නිසා Dස්පැන්සරිවල හිටන් Eහෙන් කනෙන් නැතුව සෙනග . Fගනිස්තානෙට බෝම්බ ගහන්නෙ හරි‍යට Gල් බෝල ගහනව වගේ. Hචරටම Iතිවාසිකම් උල්ලන්ගන කරලත් Jස්ට උත්තම‍යො නෙමේ නිකංවත් Kස් එකක් ඇද්දෙ. Lලන්න බලාගෙන හිටි‍ය වික්ටර් Mමානුවෙල් රජතුමාටත් වැරදි බෙහෙතක් Nනත් කරල Oපරේශන් එකකදි Pන්ගුත්තර‍යෙක් වගේ මරල දැම්ම. මිනිස්සු කොච්චර Qව්වත්  Rතිකෙ බින්දුවටම  වැටිල Sකිමෝවරු පවා හිටි‍යෙ සීතලට T ශර්ට් එකක් වත් ගන්න බැරි තත්වෙක. අද වගේම Uනිවර්සිටි වහල Vකාර‍යක් කරල තිබුනත් සී.W.ඩබ්ලිව් කන්නංගර වගේ අ‍ය එදත් හිටි‍ය. හැබැ‍යි මොනදේ උනත් අද වගේ Xරේ ගන්න Yද්‍ය වරු ලව්ව නං Z ස්කෝර් හදන තරමට අධ්‍යාපනේ පිරිහිලා තිබුනේ නෑ ....


පොඩි එක්ස්පෙරිමැන්ටල් මෙව්ව එකක් ඈ... කාලෙකට කලින් මූණු පොතේ මම දාපු එකක් තමයි ඉතින් ඒ. z ස්කොර් මෙව්ව එකයි, කැම්පස් කේස් එකයි ඉතින් දැන් නම් විසදිලා.
----------------------------------------------------------------------------------------------
------------------------------------------------------------------------------------------------
-----------------------------------------------------------------------------------------------

-මගේ සුරතලා-

රචනාව කියල කියද්දිම තව සූටිම සූටි කතාවක් මතක් උනා, ගොඩක් අය අහල ඇති. ඒත් ඔන්න ඔහෙ කොටල දාන්නම්.

"ළමායි.... හෙට එනකොට හැමෝම තමන්ගේ සුරතලා ගැන වචන 200ක  රචනාවක් ලියාගෙන එන්න ඕනෙ හරිද.. හැමෝම ලියාගෙන එන්න ඕනි මොනවම හරි. කාට හරි ලියාගෙන එන්න බැරිනම් ගුටි කන්ඩ බලාගෙන එනව හොදයි"

ඉස්කෝලෙ ඇරෙන්න ලංවෙලා ටීච ඒම කිව්වා. දැං ඉතින් කාල වරෙන්කො. ටීච කියයි,අපි එපැයි ලියන්න. හුරතලා ගැන මොනව ලියන්නද අප්පා වචන 200ක්. සෝමපාලගෙ පොඩි එකා ගුණපාල එහෙම හිත හිත අහස පොලොව ගෑටගගහ ගෙදර ගියෙ..

අනේ ඉතින් කල්පනාකරගෙන කරගෙන කරගෙන යනකොට ගුණයට ගණ දෙවි නුවණ පහල උණ.. එක හුස්මට රචනාව ලියාගෙන ගිහින් පහුවදා ඉස්කෝලෙ ගියා.

'ආයුබෝවන් ලමයී'

'ආයුබෝවන් ටීච'

'ලමායි මම ඊයෙ කිව්ව අද එනකොට රචනාවක් ලියාගෙන එන්න කියල. කෝ එන්න බලන්න එක එක්කෙනා පොතුත් අරගෙන. ගුණපාල මෙහෙ එනව ඉස්සෙල්ලම.'

ගුණ පාලය ගල් ඇම්ඩ කියල දන්න හින්දම ටීච ගුනපාලට කතා කලේ ඉස්සෙල්ලම.

ගුනපාල අන්ත අහිංසක ලීලාවෙන් පොත ඉදිරිපත් කොරන ලදී.. 

මගේ බල්ලා

මගේ බල්ලගේ නම ටොමී. ඌ හරිම හොදයි. නෑට්ට කලුයි, බඩ මහතයි ඊටීසී ඊටීසී...(මෙතෙන්ට එනකොටත් රචානාවෙ වචන 30කට වඩා පිරිල තිබුනෙ නැ..ඉතින් කට්ට කපටි ගුණපාලය රචනාවෙ ඉතුරු ටික මේ විදියට ඉවර කරල තිබුන..)
... මගෙ ටොමීට මම හරි ආදරෙයි. ඊත් දවසක් මහ රැ නෑගිටපු ටොමී උදේ වෙනකන් බුරල බුරල බුරල බුරල බුරල බුරල බුරල..................බුරල බුරල බුරල බුරල.... පහු වෙනිද පාන්දර වෙද්දි මලා. ටොමීට නිවන් සැප ලැබේවා!! (වචන 200 සම්පූර්ණයී ) :D

31 comments:

  1. මම පෝස්ට් දාන වෙලාව වැරදියටනේ වැටෙන්නෙ. කාට හරි කියන්න පුලුවන්ද ඒක හදාගන්න විදිය. ටිකක් තේරෙනව මදි වගෙ අෆ්ෆ තාම :(

    ReplyDelete
    Replies
    1. ඔය සෙටින්ස්වල එහෙම එකක් නැත්ද, මම නම් බ්ලොග් එකක් කරන්නැති නිසා ඔය ගැන හරියටම දන්නෙ නෑ, බලමු අපේ අනිත් අය ඇවිත් උත්තර දෙයිනේ.

      Delete
  2. alphabet රචනාව නම් ගති, මම කලින් එහෙම එකක් කියවල නැත්ද කොහෙද.

    මම හිතුවෙ ගුණපාලය බල්ලගෙන් කිනිතුල්ලට බැහැල කියල, මූ ඊට වඩා ඇඩ්වාන්ස්නේ.

    ReplyDelete
  3. ඈ බං.. ටයිම් කීපර් වර්ඩ් ගනන් කරනවද?? හැක්ත. උඩ එක නං නිර්මාණාත්මකයි..

    ReplyDelete
    Replies
    1. රචනා ලියද්දි එහෙමනේ. වචන 200කට නොඅඩු රචනයක් ලියන්න..250කට වැඩි නොවන සේ රචනයක් ලියන්න වගේ ඒවනේ මාතෘකාවත් එක්ක දෙන්නෙ. කමෙන්ටුවට ස්තූතියි :)

      Delete
  4. අදමයිලු ඔන්න ආවේ.. මමත් අහලා තියනවා..හැබැයි කලින් කතාව නම් අහලා නෑ.. අහ්හ්..අර ප්‍රශ්නෙට..මටත් කලින් ඔය ප්‍රශ්නෙ තිබ්බා..ඒ ඇවිල්ලා අපි සෙටින්ග්ස් හදලා නැති නිසා.. මෙහෙම කරලා බලන්නකෝ..

    Blogger dash board --> Settings --> Language and Formatting -- > Time Zone --> එතන වෙලාව හදන්න (GMT+5.30) Colombo කියලා.

    ආයෙත් එන්නම්කෝ... ජය!!!

    ReplyDelete
    Replies
    1. අහ්හ්..ඊට යටින් තියනවා Timestamp Format කියලා එකක්..එතන හරියටම වෙලාව දාන්න..එතකොට හරියයි.. :)

      Delete
    2. ඉස්තුතියි ශම්මි :)
      හදාගත්තා :))

      Delete
  5. මාත් හිතුවේ බල්ලගෙන් මැක්කට මාරු වෙලා කියලා... හි හි...

    ReplyDelete
    Replies
    1. ඒක පරණයිනේ. මේක තමය් නිව් ස්ටෝරි එක හි හී ^_^

      Delete
  6. ඌත් මරැ ඇම්ඩන් ඩයල් එකක් තමයි

    ReplyDelete
  7. alphabet රචනාව නම් නියමම නියමයි

    ReplyDelete
  8. alphabet රචනාව නම් නියමයි. හරිම නිර්මාණශීලී විදිහට ඒක ලියල තියෙනව. අදයි මේ පැත්තෙ ආවෙ.මේ වගේ තවත් සාර්ථක නිර්මාණ කරන්න සමීට මගෙන් සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි යාලු! ඒ පැත්තෙත් ගියා :)
      සාදරයෙන් පිලි ගන්නව මගේ ලෝකයට :)

      Delete
  9. කතා දෙකම පට්ටයි යාළුවා. දෙවෙනි කතාවේ අනිත් වර්ෂන් එක තමා එදා ඉස්කෝලේ මහප්‍රාණ "භ" උගන්වලා පුතා බාප්පාට ලියුමක් යැව්වලු "භාප්පේ භාප්පේ, භාප්පාගේ භල්ලා භතුත් කාලා ලිප්භොක්කේ භුදි. මීට භාල පුතා" කියලා :D

    ReplyDelete
    Replies
    1. පට්ටම කතාව හසිතයියෙ... :D
      හිනා කාල පන යනවා :D

      Delete
    2. එලධ භ්‍රා..:D :D
      හසිත මල්ලිගේ කතාව තමයි කතාව...

      Delete
  10. උදාවූ නව වසර සියලු දෙනාගේම යහපත් සිතුම් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා!
    අළුත් වසරක් - අළුත් දිනක් - නිවහල් ජාතියක් - ජාතීන් අතර සමගියක්
    ශ්‍රී ලංකාව - මේ අපේ පුංචි ලෝකයයි. ඉපදුනේ ඇය තුරුලේ මැරෙන්නෙත් ඇය තුරුලේ. ඇය වෙනුවෙන් යමක් කරමු!
    උගත් පාඩම් තුළින් හැදෙමු. අන් අයටත් කියා දෙමු.

    ReplyDelete
    Replies
    1. සුභ නව වසරක් නිර්මලා අක්කෙ. පරක්කු උනාට සමා වෙන්න

      හොද සිතිවිල්ලක්! ජයම වේවා!!!

      Delete
  11. Nනතක් Vරැදිලා THE ?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ සුදීක අයියෙ එහෙම නෙමේ... ඉන්ග්ලිශ් අකුර අපි ඒක ශබ්ද කරන ආකාරයටමයි කියවන්න ඕනි..

      Nනත = (එන්)නත කියන වචනෙ විතරයි හරි මෙතනදි.. ඔයා අහපු ප්‍රශ්නෙ අනික් වචන දෙක යොදල තියෙන්නෙ එහෙම නෙමේ

      Delete
  12. මේ පෝස්ට් එක මං කලින් කියෙව්වා වගේ මතකයක් තියනවා. කමෙන්ට් කලේ නැද්ද.. නැත්නම් කමෙන්ට් කරලා ස්පෑම් උනාද....? හරි මොක වුනත් කමක් නෑ. කතා දෙකම හොඳයි සමී..

    ReplyDelete
    Replies
    1. ස්පෑම් වල නම් තිබුනෙ නෑ චන්දන අයියෙ.. ස්තුතියි කමෙන්ටුවට :)

      Delete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. mmm....katha 2kama lassanaie...2weni 1ke anthima tika mn meeta kalin ahala thiyenawa ..mulu kathawama dana gaththe adai...katha 2kama hondai..thanks Samie....!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලතිකා අක්කේ මේ පැත්තෙ ආවට :)

      Delete
  15. Aකාලෙ නුවර එලියෙ විතරයි
    Bට් රූට් වගා කරන්න පුළුවන්
    Cමිත ඉඩම් ප්‍රමාණයක් තිබුණෙ
    Dසල් මිල අහසට
    Eතලය විද්දා වගේ ඉහළට නගින කොට
    Fගනිස්ථානය මොනවා කරන්නද?
    Gවත් වෙන්න නම් ගොවිතැන අත් ඇරලා
    H ආර් ජෝතිපාල වගේ සින්දු කියන
    Iයා කෙනෙක් වෙන්න කියලා
    Jමිස් අයියට කියන්න ඕනේ , එතකොට මේ ක්ෂේත්‍රයේ
    Lලී ගෙන ඉන්නෙ නැතුව
    M එස් ප්‍රනාන්දු වගේ බයිලා කියලා හරි ඉදිරියට
    Nනට වාසනාවා තියනවා නම් , ඒකත් ලොකු දෙයක්
    Oගන් ගහන්නෙ නම්
    Pටර් මල්ලි කියලා නැන්දා
    Qවා දවසක් ඒ මල්ලි
    Rය ශාක්‍ය මහේෂාක්‍ය ලීලාවෙන්
    Sලෝන් බටයකින් හදාපු
    T56 කුත් අතේ අරගෙන යනකොට
    Uරියා පොහොර යොදලා
    V වගා කරන ගමේ පොලීසියේ
    W පීසී කෙනෙකුගෙ තාත්තා , ඔය ළමයා
    Xරේ එකක් ගත්තට අපිට
    Yර කරන්න එපා කියලා කියනකොට
    Z සාමාර්ථය නිසා ආයෙත් විභාගෙට වාඩි වෙන්න ළමයා තීරණයක් ගත්තලු

    ReplyDelete