අතීතයේ ටික දවසක් මාත් එක්ක එකට ආපු
ආදරයේ මුලකුරු වල හැඩය මෙයැයි මට කියාපු
ජිවිතයේ බොහෝ දුරක් එකට යන්න මං හිතාපු
සොඳුර කියනු කරුණ කිමද උඹ මං වෙත යළි නොආපු
සමුගනිද්දි පවා මුවින් වචනයකුදු නුඹ දොඩාපු
රුදුරු උනේ නැතිවග යළි යලිත් වරක් හිතට ආපු
මොහොතක සුව කල්ප කාල සියක් දහක් නම් දරාපු
වටිනව මට සත්තයි නුඹ මාත් එක්ක එකට හිටපු
සමුගත් දා පටන් බොහෝ මල් කුමරියො නම් දරාපු
විකසිත උනු හැටි මතකයි නෙතු අද්දර මං බලාපු
නමුත්ඈත ක්ශිතිජ ඉමේ පුංචි තරුව නුඹ පායපු
එමල් වලින් නොලද සතුට නිරතුරුවම මට ගෙනාපු
දෑ වසරක මතක එක්ක පස් වසරක් මඟ බලාපු
අමතක කළ නොහැකි මතක මං ලඟින්ම නුඹ තියාපු
එ මතකය ගුලි කරලා විසි කරන්න මං හදාපු
නොහැකි උනා එදා වගෙම අරුම කිමද උඹ මවාපු
-සමී-
තරු වක් වී ඈත අහසෙ නුඹට වශිය නිති බෙදාපු
ReplyDeleteබොරු වක් වූ සෙනෙහස යළි නොපතණු නුඹ දුක් කරාපු
අරු මයක්ය නෙතු මානේ මලට නුඹේ හිත නොදාපු
වරු වක් තව හිතනු සහෝ කඳුලු කොහෙද නුඹ පුදාපු......
ලස්සන කවි ටිකක්.
ජයවේවා!!!
කවියට තව කවියකින්ම ආලෝකය එක් කරාපු
Deleteවචන වලට තුති පුදනවා සුහද සිතින් නුඹ කියාපු
අරුම කිමද උඹ මවාපු!
ReplyDeleteලස්සන වචන ටිකක් ��
ස්තූතියි <3
Deleteවචනයක් වචනයක් ගානෙම මටත් අදාලයි.. එහෙම අතීතයකට සෑහෙන්න කාලෙකට පස්සේ සන්නිවේදනයක් ගොඩ නගාගත්ත දවසකම මේක දැක්ක එකයි පුදුමේ..
ReplyDeleteඉඳල හිටලවත් අතීතයට ගියාට මක්වෙනවද බං සමහර වෙලාවට පුංචියට හරි හිත චුට්ටක් රිද්දගන්න එකෙත් පොඩි මිහිරක් නැතුව නෙමේනේ :D
Delete