Tuesday, December 31, 2019
෴හැරයන්න රත්තරන් සොයන් ලොකය නුඹේ..෴
මට උන්නු මගෙම උනු පුංචි කුමරියෙ මගේ..
නුඹ ලඟින් ආදරෙන් හිටිය හැටි මට අගේ..
ගියත් නුඹ මා වෙතින් අරං සුලඟින් අනේ..
තරහ නෑ සත්තමයි නුඹ මගේ නුඹ මගේ..
සුළි සුළං අරං ගිය මගෙම උනු ආදරේ..
මද සුලඟෙ පාව විත් මගෙ ලඟට පෙර වගේ..
උතුරන්න ආදරේ තිබුන මුත් මගෙ හිතේ..
බෑ මැණික මට එන්න නුඹ ලඟට පෙර වගේ..
දුක වගෙම තනිකමත් පිරුණ මුත් මගෙ හිතේ..
ඉවසගෙන හැමදාම ඉදිමි මං මේ වගේ..
ඉඩ නොදී මගෙ ලොවට නුඹෙ පුංචි ලෝකයේ..
හැරයන්න රත්තරන් සොයන් ලොකය නුඹේ..
-සමී
(2014.09.15)
----==------=-------=--------=-------=------
2019 අවුරුද්ද ඉස්සරහින් හිස් තැනක් තියන්නම බැරි හින්දා ඉස්සර ලියපු බොළඳ මගුලක් ගෙනත් අතෑරියා. එළඹෙන්නා වූ දශකය වාසනාවන්ත සුබ නව දෂකයක් වේවා..
සුබ නව වසරක්!!!
Subscribe to:
Post Comments (Atom)
This comment has been removed by a blog administrator.
ReplyDeleteසුභ නව වසරක් වේවා!
ReplyDelete2020 සුභ පැතුමට 2026 වසරෙන් නැවත සුභ පැතීම.. සුභ නව වසරක් වේවා!!
Deleteමමත් රිවීව් එකක් ලිව්වා. ගිය අවුරුද්දේ පෝස්ට් නොවැටුණු ගානයි.. මේ අවුරුද්දේ වැඩි වැඩියෙන් ලියන්න ලැබේවා!
ReplyDeleteසුබ අලුත් අවුරුද්දක් වේවා!
This comment has been removed by a blog administrator.
ReplyDeleteමේ මොකක්ද සමියෝ මේ. ආයි ලියපං.
ReplyDeleteසුදීක අයියල ඒ කාලෙ ඉඳන් තාම ඉන්නව නේද මේකෙ ?
DeleteI love the heartfelt emotions expressed in this writing.
ReplyDeleteThank you.. :)
Deletehiiii :D
ReplyDeleteහනේ ඉතිං.. :P
Delete