Monday, January 4, 2016

සිංහ ලේ බලු කර (නො)ගනිමුද ? !!!




මගේ ජාතිය සිංහලය... අනුගමනය කරන දර්ශනය ලොව්තුරා බුදුන් වහන්සේ විසින් වදාල උතුම් බුද්ධ දර්ශනයයි..සිංහල බෞද්ධ පරිසරයක හැදී වැඩුනු සහ ලංකාවේ බෞද්ධ අධ්‍යාපනයේ මුදුන් මල්කඩ වූ පාසලේ ඉගෙනුම ලැබූ මා තූල  ඒ පිලිබඳ දැඩි විශ්වාසයක් මෙන්ම ලෙංගතුකමක්  ඇත.. මගේ රට, මගේ ජාතිය, මගේ ආගම , මගේ පාසල, මගේ මව්පියන් , මගේ දේ තමයි හොඳම කියාගන්නා මමත්වයද සෑම පුතජ්ජන මිනිසෙකු තුළ ඇතිවාක් සේම මා තුළද ඇත... නමුත් එසේ වූ පමණින් මෙලොව තිබිය යුත්තේ මගේ දේවල් පමනක්ය යන බොළද පටු අදහස් නම් මා තුළ නැත.. බොහෝ අය වරද්දාගෙන ඇත්තේ එතනය...


මනුශ්‍යත්වය තරම් වටින දෙයක් මෙලොව තවත් නැත.. මනුශ්‍යත්වයයට සියලුම ආගම් , ජාතීන් සහ අනිකුත් දේවල් යට බව මම විශ්වාස කරමි.. ඉතින් මනුශ්‍යත්වයේ සීමා මායිම් බිඳ මිනිසුන් තිරිසනුන් සේ හැසිරෙන අයුරු දුටු විට ඒ පිළිබදව කතා කරමි.. එයට විරුද්ධව පහර ගසමි...

මිනිස්සු ආගම් වලට බෙදෙන්නේ ජාතීන්වලට බෙදෙන්නේ උපතින්ය.. මා පෙර කළ වාසනාවකට සිංහල බෞද්ධ මාපියනට දාව උපත ලැබූ හෙයින් මම සිංහල බෞද්ධ වූයෙමි...ඔබද එසේමය.. බුදුන් වහන්සේ වදාල දර්ශනය තුළ මේ අනන්ත සංසාර චක්‍රයේ ඔබ කුමන ආත්මයක කුමන මව්පිය දෙපලකට දාව ඉපදේදැයි කිව හැක්කේ කාටද ? ඔබ වෙනත් ජාතියක මව්පිය දෙපලකට දාව ඉපදුනා නම් අද ඔබ ඉන්නේ කොතනද?

ඔබට මොළයක් දී තියෙන්නේ හිතන්නටය.. අනාගතය තූල යුද්ධයක පෙරනිමිති පෙනෙන්නට තිබේ...මෙකී තත්වය තුළ ඇති භයානකකම සුලුපටු නොවේ.. ත්‍රස්තවාදී අතලොස්සකට එරෙහිව අවි අතට ගත් පිරිසකට එරෙහිව කරන්නා වූ යුද්ධයකට වඩා ජාතීන් අතර යුද්ධයක ඇති භයානකත්වය මේ මූනු පොත තුළ ජාතිය වෙනුවෙන් අනික් ජාතීනට පහර ගසන්නා වූ කිසිම අයෙක් තූල නැති බවට සැක නැත.. කිසිම හෙවිල්ලක් බැලිලක් නොමැතිව "මේ අපේ රට යකෝ.. තොපි ඉන්න ඕනි අපිට ඕනි විදියට යකෝ... මේකෙ ඉන්න ඕනි අපි විතරයි යකෝ ..." වැනි පොර ටෝක් ඔබ අතින් කියවෙන්නේද මේ පිලිබද කිසිදු වග විභාගයකින් නොවේ..

මුස්ලිම් උවත් සිංහල වුවත් අන්තවාදය පිටු දැකිය යුතුමය... මුස්ලිම් අන්තවාදය පිටු දැකීම යනු මුස්ලිම් ජාතියට එරෙහිව නැගී සිටීමවත් සිංහල අන්තවාදය පිටු දැකීම යනු සිංහල ජාතියට එරෛහිව නැගී සිටීමවත් නොවේ.. අද හැමදෙනෙක්ම වරද්දාගෙන ඇත්තේ එතනය...

මුස්ලිම් අන්තවාදයක් ඇති නම් එයට පිලිතුරු දිය යුත්තේ අන්තවාදයෙන්ය යැයි කියා ගන්න තවත් පිරිසක් සිටී... මම ඔබෙන් එකම එක ප්‍රශ්නයක් අසමි.. මුස්ලිම් ජාතිය ලංකාව තුළ නැති කිරීමට නම් ඇත්තේ කල හැකි දේවල් දෙකකි..

1. මුස්ලිම් ජාතිය සමූල ගාතනය කිරීම
2. මුස්ලිම් ජාතිය ලංකාවෙන් පිටුවහල් කිරීම

ඔබ මින් යෝජනා කරන්නේ කුමක්ද ? ප්‍රායෝගිකත්වය පේන තෙක්මානයක නැති මෙවන් අරමුණු වෙනුවෙන් අද බොහෝ අය සටන් වදිමින් සිටිති... මේක සිංහලයගෙ රට යකෝ .. තොපිට මේකෙ ඉන්න අපි ඉඩ තියන්නෙ නෑ යනුවෙන් තවත් ජාතියක් තුල තව තවත් වෛරය ඇතිකිරීමෙන් සිදුවන්නේ මේ රට නැවතත් කාලකන්නි යුද්ධයකට යන එකය... එහි වගකීම භාරගත යුත්තේ මෙකී තම ජාතිය ආගම වෙනුවෙන් වෙනත් ජාතියකට පහර ගසන්නන්නටය...
කිසිම මිනිසෙකු තවත් මිනිසෙකුට යටත් වී සිටීමට අකමැතිය යන කරුණ පිලිගන්නට තරම් අද බොහෝ මිනිසුන් සූදානම් නැත්තේ ඇයිදැයි මට නොවැටහේ.... එක්කෝ ඒ මිනිසුන් තුළ තියෙන්නා වූ පටු ආකල්පයන්ය.. නැති නම් මෝඩකමය...

බදුයුදීන් නම් මුස්ලිම් අමනයා විල්පත්තුව වනසන විට අපිද ඊට විරුද්දව කතා කලෙමු... ඔහුට පහර ගැසුවෙමි... ඒත් ඒ සමස්ත මුස්ලිම් ප්‍රජාවට විරුද්ධව නොවන බව මතක තබාගත යුතුය.. බදුයුදීන් කරන අමනකම් වලට සමස්ත ජාතියක් පලි නැත... එක අමනයෙකුගේ වැරැද්දක් අල්වාගෙන ජාතියකට එරෙහිව අවි අමෝරාගන්නවා නම් ඔබ තුළ ඇත්තේ මෝඩකමයි.... බදුයුදීන්ට එරෙහිව සිදු කළ උද්ගෝශනයට සහභාගි වූ අය අතර මුස්ලිම් අයත් සිටි බව ඔබ නොදන්නවා වන්නට පුලුවනි... හැම මුස්ලිම් මනුස්සයෙක්ම අමනුස්සයෙක් නොවේ.. සහෝදරත්වයට ඔවුන් අතදිගු කරන කෙනෙකු තූලත් වෛරය වපුරන්නේ සිංහල අපිමය...

   

සිංහල ජාතිය වෙනුවෙන් පෙනීසිටියාට කිසිම ආකරයක වැරැද්දක් මම නොකියමි... නමුත් සිංහල ජාතිය වෙනුවෙන් පෙනී සිටිමින් සිංහලයන් කරන හැම තක තීරුකමක්ම , මෝඩකමක්ම, සෑම අමන වැඩක්ම සාධාරණිකරනය කරන්නට නම් මට පුකේ ඇම්මක් නැත...

ඊයේ පෙරේදා සිදු වූ එක් සිදුවීමක් උදාහරණය කොට ගනිමි.... සිංහලේ කියා ගන්නා එවුන් පිරිසක් මුස්ලිම් මිනිස්සුන් කීප දෙනෙකුගේ ගේට්ටුවල සහ තාප්ප මත සිංහලේ යනුවෙන් සටහන් කොට තබාගෙන ගිහින් තිබේ... මේ කාරනය ඔබ සාධාරණීකරනය කරන්නේ කෙසේදැයි මට නොවැටහේ.. ඔබගේ ගෙදර තාප්පය මත මරක්කලේ යනුවෙන් මුස්ලිම් එවුන් පිරිසක් කොටාගෙන ගිහින් පසුදා ඔබ එය දකින විට ඔබේ හිතේ වෛරයක් ඇතිවන්නා සේම ඔවුන්ගේ හිත්වලත් ඇති නොවන්නේදැයි ඔබට නොසිතෙන්නේ මන්ද? එකී අසාධාරනයට විරුද්ධව කතා කරනකොට ඒ අමන වැඩේ කරන සිංහලයන්ට ඔල්වරසන් දෙන්නටත් මුස්ලිම් ජාතිය වෙනුවෙන් තවත් පහර ගසමින් වෛරය වපුරන්නටත් ඔබ වැනි අමන සිංහලයෙකු සිංහල ජාතිය තුළ ජනිත වීමම සිංහල ජාතිය ලැබූ අභාග්‍යක්ය..


අහක යන නයි රෙද්දෙ අස්සෙ දාගෙන කෑවෝ කෑවෝ කෑවෝ කියනවායැයි කතාවක් අසා තිබේ... මේ කරන්නේද එවැනිම දෙයක්ය... මුස්ලිම් අමනයෙක් එක වැරද්දක් කරයි.. එකී වැරැද්දට සිංහලයෙක් එකී මුස්ලිම් අමනයාට විරුද්ධව නොව මුස්ලිම් ජාතියටම විරුද්දව කෑගසයි... ඔවුන්ට පහර ගසයි... ඉතින් සුලුජාතියක් එහෙව පහර ගැසීම් හමුවේ අසරණව බලා නොසිට එකතු වී තමන්ගෙ ඔලුවට අත හෝදන්න හදන එවුන් වෙනුවෙන් වෛරය ඇති කරගනී... වැරැද්ද කරපු මුස්ලිම් අමනයා වෙනුවට තවත් සිය දහසක් දෙනා සිංහලයන්ට විරුද්ධව සටන් කරයි...

මේ ආකරයෙන් මේ දේ දිගින් දිගටම සිදුවීමෙන් අනාගතය තුළ උපදින සිංහළ දරුවා තුළ මුස්ලිම් එකා ගැන දැඩි වෛරයක් මෙන්ම මුස්ලිම් දරුවා කෙරේ සිංහලදරුවා තුල දැඩි වැරයක් උපදී... මේ අනාගතය හදන්නෙ වර්තමානය තුළ අන්තවාදය වපුරන සිංහල මුස්ලිම් අමන හැතිකරයයි... එකී වගකීම ඔබ එදාට භාරනොගන්නා බව මම දනිමි.. සිංහල මුස්ලිම් යුද්ධයක් අති වූ දිනක දැක්කනේ අපි කිව්වා හම්බයො එක්ක සහජීවනෙන් ඉන්න බෑ කියල කියන්නේද ඔබමය... නමුත් එකී සහජීවනය තුල ඉන්න බැරි වටපිටාවක් නිර්මානය කරන්නේ ඔබමය...

ආණ්ඩු පෙරලන්නට සමත් මූනු පොතක් තිබෙන වර්තමානයේ මේ සම්භන්දව කටයුතු කරන විට මොන තරම් ප්‍රවේශම් විය යුතුද කියන කාරණාව අමුතුවෙන් කිව යුතු නොවේ.. මිනිස්සු තුළ මේ තරම් අනික් ජාතියක් වෙනුවෙන් වෛරයක් ඇතිවීමට බලපාන ප්‍රධානතම කාරනය වී ඇත්තේද මුහුණු පොතමය... ඇතැම්විට පටු දේශපාලන අරමුණු වෙනුවෙන් සහ හුදෙක් ආතල් එකටත් යම් යම් පෝස්ට් නිර්මානය කරන තත්වයකට පත්ව තිබේ ...  මේ බොහොමයක් පෝස්ට් සත්‍ය විකෘති කල ඒව වගේම සමහර සිදුවීම් වලට අනවශ්‍ය පරසිද්ධියක් ලබා නොදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව තිබියදී එම සිදූවීම් පුම්බන්නේ ඉන් වෙන හානිය නොදැනය.. යම් මුස්ලිම් අන්තවාදයක් ක්‍රියාත්මක වන්නේ නම් එයට මුහූන දිය යුතුවන්නේ මොළයෙනි..  නැතුව තව තව මිනිසුන් තුළ වෛරය පතුරමින් නම් නොවේය...




ඔබෙන් ඉල්ලීමට ඇත්තේ එකම එක දෙයකි... අනාගත යුද්ධයක අදුරු සෙවනැලි පෙනෙන්නට තිබෙන මේ මොහොතේ ඔබගේ වගකීම ඒ යුද්ධය ඇතිවීමට උල්පන්දම් දීමද ? එකී යුද්ධය ඇතිවීම වලක්වා ගැනීමට පුංචි උත්සාහයක් හෝ ගැනීමද ? ජාතියේ ආගමේ නාමයෙන් නොව මනුශ්‍යත්වයේ නාමයෙන් වෛරය වැපිරීමෙන් වලකින්න..අන්තවාදයට පමණක් විරුද්ධවන්න..

ස්තූතියි!!!

24 comments:

  1. ඔබත් සමග එකගයි, ඒත් මේ සිංහ ලේ පසුපස ගඳසාරලා (බොදු බල්ලෝ ) ඉන්නවා නේද?

    ReplyDelete
    Replies
    1. පෙරේරා කියන්නෙ සිංහල නෙමෙයි. නමින්ම පේනවනෙ.

      Delete
    2. බොදු බල සේනාව ලංකාවෙ බෞද්ධ ජනතවගෙ මනස තුළට වෛරය වැපිරීමේ ආරම්භය තමයි අද වෙනකොට මේ විදියට ඇවිලෙමින් යන්නෙ... සිංහල බෞද්ධකම පෙරට යොදාගෙන දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණු පහු ගිය කාලෙ මනාව අපි දැක්ක... බොදුබලේ නිසාවෙන් සිංහල මිනිස්සු අන්ද උනු තරම කොච්චරද කියනනං වැරදි දැක දැක අනේ සාදු කියන තත්වයට විතරක් නෙමේ ඒ වැරදි පෙන්නල දෙන කොයි කාටත් අහගන්න වෙලා තියෙන්නෙ අනේ තෝ හම්බයෙක්ද බොල? පල යන්න වේ^@*& පුතා ගිහින් හම්බයන්ටම (*@ දීපං වගේ ශුද්ධ සිංහලයේ යෙදෙන වචන විතරයි!!!

      Delete
    3. ඇනෝ සිංහල බෞද්ද වෙන්ටැ :3

      Delete
    4. ඇනෝ සිංහලේ නිසා වෙන්ටෑ... ඇනොනිමස් එන්නේ :v

      Delete
  2. සිංහ ලේ මං දැක්කා පහළ වෙලේ.......... ඊයේ හවස නාන වෙලේ.........

    ReplyDelete
    Replies
    1. කවුද බො ලේ ටෝ නාන වෙලේ හිටියේ පහල වෙලේ ? :3

      Delete
  3. සමීගේ පුංචි ලෝකයට ආවා... කවියක් කතාවක් ලියවුණු වෙලාවක එන්නම්කෝ..
    ජයවේ සමී!

    ReplyDelete
    Replies
    1. විවේචනයක් කරන්න තියේ නම් කිසි තරහක් නෑ සහෝ .. මතවාදී අදහස් දරන්නට කොයිකාටත් අයිතිය තියනවා.. මතගැටුම් පුද්ගල ගැටුම් වෙන්නෙ නෑ කවදාවත් අවබෝධය තියේ නම්...
      කවි කතන්දරම ලියවෙන්ඩ ඕනි නෑ නෙව බ්ලොග් වල ...

      Delete
    2. ඒක හරි සමියා ඒත් අපේ ෆේවර් එක කවි කතා... උඹ බැරිවෙලා හරි ලීවොත් ඇවිත් බලන්නම්...
      දෙස්පාලනේ නම් අරහං සහෝ
      ජයවේ සමියා!

      Delete
  4. හරි. කියන්න ඕනේ ටික නියමෙට කියල තියනවා. අන්තවාදයට මමත් විරුද්ධයි. ඒ වගේම ආක්‍රමණ වලටත් විරුද්ධයි. ඒ උනාට, අපි මුස්ලිම් අයට වඩා අපේ ජාතිය උඩින් තියාගන්න ඕනේ නම්, මට නම් පේන විදියට කරන්න තියන්නේ මේ වගේ ෆේස්බුක් ඒකෙ කෑ ගහන එක නෙවේ. එකට එකතු වෙලා රටට වැඩක් කරන එක. සවිමත් බාල පරම්පරාවක්, වැඩ කල හැකි තරුණ පරම්පරාවක් හදන එක. අනික් එක, ඔය ෆේස්බුක් එකෙන් එලියට ගියහම සිංහලයෝ එකාට එකා නෑ. ඉඩමකින් මයික්‍රෝ මීටරයකටත් මරාගන්න උන් ඉන්නේ. අල්ලපු ගෙදර එකාට තමන්ට වඩා සත කාලක් වැඩියෙන් සල්ලි තියනවා නම් උට හෙන ගහපන් කියන උන් ඉන්නේ. ඉතිං කොහෙද මුස්ලිම් අය පන්නන්නේ? එයාල එකමුතුයි. එකාට එකා උදව් කරනවා. බලන්න බස් එකකට කෝච්චියකට නැගලා.
    අපේ මිනිස්සු තාම බයියෝ- ටෝයියෝ ගගා බැනගන්නවා. ඒත් ඕකට මුල් වෙච්ච දෙන්නා අද හොඳට කතා කරකර මේ ආතල් බලාගෙන ඉන්නවා.. මම හිතන්නේ තව අවුරුදු 50ක් 60ක් යනකොට සිංහල කියල ජාතියක් මේ රටේ නැත්තටම නැති වේවි..

    ReplyDelete
    Replies
    1. රටක ජාතියක් තනි උනාම ඒ රටේ මහ ජාතිය ඒ සුලුජාතියට එරෙහිව යනකොට හැම ජාතියක්ම එකමුතුවෙනව අසරණකම හින්දා... මුස්ලිම් අය අතර ශියා සුන්නි ගැටුම් අපි දැකල තියනවනේ අඟහරුවො... සිංහල අපි අපි ඇනකොටාගන්නව විතරක් නෙමේ මුස්ලිම් උං උනුත් ඇනකොටාගන්නවා... මිනිස්සු ආකල්පමය වශයෙන් දියුනු වෙන්න ඕනි ඊට වඩා.. ඒකයි මම දකින්නෙ.. එක්කෙනෙක් දෙන්නෙක් සටන් කරනවට වඩා රටක් ත්‍රස්තවාදයට විරුද්ධව සටන් කරනවට වඩා බොහොම භයානක දෙයක් ජාතීන් දෙකක් අතර යුද්ධය.. අවසානයක් පේන තෙක්මානයක නැති වියරු ලේ වැගිරීම් පමණක් ඉතිරිවෙයි අන්තිමේට... කරන්න තියන හොඳම දේ අන්න ඒ යුද්ධයට හැදෙන මං මාවත් අහුරල දාන එක

      Delete
  5. හුඟක් දේවල් පටන් අරන් කෙරීගෙන යද්දී අන්තිමේ වෙන්නේ මේ වගේ නොහොබිනා දේවල් වීම. ඒවයේ අරමුණ දිගින් දිගටම නොහොබිනා දේවල් නම් ඒ ගැන අප්‍රසාදයක් ඇති වෙන එක අරුමයක් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. අවසානය නොහොබිනා අවසානයක් නම් ; අරාම්භය නොහොබිනා එකක් නොවුනත් ඒ දේ පටන් නොගෙන සිටීමයි වැදගත් ..

      Delete
  6. The hard truth has been talk out loud. Hats off mate. Hope you'll be okay to share this on facebook

    ReplyDelete
    Replies
    1. thank you.. if this post improoves someone's spirit in better way why should I keep copyryts.. I dont wanna put even my name / blog link or any otherthing , u can use this letter anywhere u want..

      Delete
  7. සමීයා දැක්ක කල්!

    තමන්ගෙ ජාතිය, ආගම, රට ගැන කෙනෙකුට ආදරයක්, ගෞරවයක් හැඟීමක් තියෙන එකේ වැරැද්දක් නෑ. ඒත් ඉතින් දුරදිග නොබල කරන මේ වැඩවලින් වෙන්නෙ රටත් ඔය කිව්ව අනිත් ඒවත් තමනුත් අමාරුවෙ වැටෙන එක විතරයි.
    පුද්ගලිකව තමන්ගෙ අදහස් මේ තරම් පහසුවෙන් ප්‍රසිද්ධ කරන්න තරම් තාක්‍ෂණය නොදියුණු යුගයකත් අන්තවාදී කොටස්වල ක්‍රියාකාරකම්වල අවසන් ප්‍රතිඵලය විදියට දශක තුනක් තිස්සෙ ඇදි ඇදි ගියපු යුද්ධයකට අපි මුහුණ දුන්නා. එයින් වුනු විනාශය, රටට වුනු පාඩුව මිල කරන්න බෑ. ඉතින් යන්තම් හුස්ම ටිකක් ගන්න අස්වැසිල්ලක් ලැබුණ විතරයි. ආයෙත් වටයකින් පරණ මෝඩකම්ම අලුතෙන් කරන්න පටන් අරන්. ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්න කියන සරල කියමනවත් තේරෙන්නෙ නැත්ද මන්ද මේ මිනිස්සුන්ට. අර්බුධ ඇතිකිරීම තුළින් තමන්ගෙ පැවැත්ම තහවුරුකරගන්න පිරිසකුත් ඉන්න බව අමතක කරන්න නරකයි. ඔවුන්ට පහසු ගොදුරු බිම් හැමතැනම, නිකන් ගිනිපුළුඟුවක් විසිකරාම ඇති. මිනිස්සු කැමැත්තෙන්ම ගම ගිනිතියනව.
    ප්‍රශ්න තියෙනව තමා. ඒත් ඒව විසඳගන්න බුද්ධිමත්ව කටයුතු කරන්න ඕන. ආවේගශීලීව විනාශකාරී ක්‍රියාවෙනුවෙන් වැයකරන කාලය, ශ්‍රමය, ධනය ඒ වගේ ඵලදායී ක්‍රියාමාර්ගයන් වෙනුවෙන් වැයකළා නම් වඩාත් වටිනවා.

    ReplyDelete
    Replies
    1. //දශක තුනක් තිස්සෙ ඇදි ඇදි ගියපු යුද්ධයකට අපි මුහුණ දුන්නා. එයින් වුනු විනාශය, රටට වුනු පාඩුව මිල කරන්න බෑ. //

      යුද්ධයක තියන බරපතලකම තේරුම්ගන්න බෑ අයියේ සමහරුන්ට... බොහොමයක් මූනුපොත තුල මරාගෙන මැරෙමු කියන අය කවදාවත් සිංහල ජාතිය වෙනුවෙන් මැරෙන්න තියා ලේ ටිකක් හොල්ලන්ඩ පුලුවං උං නෙමේ අයියෙ... නැති මොරාල් අප් කරගෙන කෑගහනවා.. ඒත් ඇත්තම යුද්ධයක් ඇති උනොත් අන්න එදාට විනාස වෙන්නම අපේ සිංහල කොල්ලංගේ අහිංසක ජීවිත :(

      කොච්චර කලාතුරකින් බ්ලොග් පෝස්ට් එකක් දැම්මත් ඩීඩීටී අයිය සමියගෙ ලෝකෙට ගොඩ වෙන එක නං අමතක කරන්න බෑ :* ස්තුතියි :)

      Delete
  8. Good post !
    If people read facts about Sri Lanka, just the general things like what we have as a country, resources, man power, brain power, geographical advantages and whatnot, it is not harder to realize that we would have been extremely developed in many ways and noted in the world. But 30+ years of war crushed the country and most of our opportunities were taken from us.
    I believe this is a second chance Sri Lanka got. Maybe the last chance to rise.
    But it is a shame, how people try to repeat the same history again without realizing how much they'll drag our country back.
    My only wish is, our children not reading our time as their history of how Sri Lanka started its non-stopping second 'battle' between two races.

    ReplyDelete
  9. http://blockkalugal.blogspot.com

    ඇවිත් යන්න එන්න.

    ReplyDelete
  10. බොහෝ දේ විවිධ ඇත්තවුන් විවිධාකාරයෙන් දකිනා බව අමුතුවෙන් කිව යුතු නොවේ :)

    නමුත් ඔබ පැවසු කරුණ යම් කරුණක් මත පදනම්ව පමණක් 100% සත්‍ය වේ.

    එනම් මුසල්මානුවන් බොහෝ දෙනා අන්තවාදයෙන් මිදුණු මානුෂවාදී මිනිසුන් කොට්ටාසයකි.

    නමුත් ඔවුන්ගේ දහමෙන්ම ඔවුන් ලොවට වයිරය වපුරවන බව ඕනෑම අයෙකුට වටහාගත හැකි කරුණකි.

    මේ කියන්නට යන්නේ මෙරටෙහි ඔවුන්ට ඉඩක් නොදිය යුතුය ඔවුන්ව සමුල ගාතනය කොට අපිට පමණක් මේ රට අයිති කරගත යුතුය යන බොලද කරුණ පදනම්ව නොවන බව මුලින්ම මෙය කියවන ඕනෑම කෙනෙකු තරයේ වටහා ගත යුතුය.

    ඇයි මේ එක් එක් සංවිධාන බිහිවන්නේ මොනවද ඔවුන් කියන්නේ යන කරුණ ගැන සාවධානව ඔය පොරටෝක් දෙන්නා වූ මනුසත් ලේ යයි කියාගන්නා එක් එක් ඇත්තවුන් නිකමටවත් සිතුවාද???????

    ඇදුමේ බත්පතේ සිට රටක නීතිය භූමිය දක්වා වූ සියලු ඩේ සුක්ෂම සහ අධම අයුරින් එක්කෙන්කු නොව අන්තවාදී රැහැනක් ඇති ජාතියක් තමන් හරිම අහින්සකවුන් ලෙස මුදල් නමැති රකුස් බලයෙන් ටිකෙන් ටික ගිල ගනිද්දී අපේ වුන්ට නොපෙනේ.

    නමුත් තාප්පයක සිංහලේ ලෙස සදහන් කරන එක සැරටම පෙනේ(සමාවෙන්ට ඕනා උබටම කිව්වා නොවේ උබ ඒ ගොඩට නොවටෙවී කියා හිතනවා තවද තාප්පවල ගොන් ආතල් දීමද මා සාධාරනීකරනය කරනවා නොවේ නමුත් යථාර්තය නම් තාප්පයේ අරුමය පෙනේ ජාතියක කරුමය නොපෙනේ)

    කියන්නට ලියන්නට බොහෝ ඩේ ඇති නමුත් වෙලාව හරස් වේ.

    මෙය මගේ අදහස් විචාරයක මිස ලිපිය ලියපු එකාට හෝ ජාතියකට ගහන්නට ලියුවක් නොවේ.

    ReplyDelete
  11. මේකෙදී මමත් ඉන්නේ සමියා ඉන්න තැන. මෙහෙම තර්ජනයක් තියෙනවා නම්, ඒකට රාජ්‍ය ජනතාව පෙළ ගැහෙනාවට වඩා රාජ්‍ය බුද්ධි අංශ ක්‍රියාත්මක වෙන්න ඕනේ. මොකද ඊළාම් යුද්ධය පරාජය කරන්න ඉදිරියට යන්න වුණෙත් රජයේ හමුදාවට නිසා. මේ රජය එහෙම ක්‍රියාත්මක නොවෙයි කියන බයක් පොදු මහජනතාවට ඇති වෙලා තියෙනවා කියලයි මට හිතෙන්නේ. මෙවැනි සංවිධානයක් බිහි කර ගන්නවා නම්, ඒකට අදාළ නීති-රීති පද්දතියකුත් හඳුන්වා දෙන්න ඕනේ. තමන්ගේ සාමාජිකයින්ගේ හැසිරීමට වග කියන්න ඒ සංවිධානයට පුළුවන් වෙන්න ඕනේ. ඒක තනිකර ස්ටිකර් ව්‍යාපෘතියක් නම් ඒ අය ඉදිරියට ඇවිත් කියන්න ඕනේ, තාප්ප වල ස්ප්‍රේ කරන ඒවායේ වගකීම අපි භාර ගන්නේ නෑ කියලා. මේකත් මට පෙන්නේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය වගේමයි. ඒකෙත් මුලින් විනයක් තිබුණා, පහු වෙනකොට එය විනාස කරන්නම එයට එකතු වූ පිරිස් මේ වගේ ක්‍රියා වල යෙදුණා. ඒ අය සද්භාවයෙන් මේ දේ කලානම්, කියන්න ඕනේ තාප්ප වල ස්ප්‍රේ කරන අයට දඬුවම් කරන්න කියලා. මට පේන්නේ එයාලගේ මුලික අරමුණු එයාලා ප්‍රසිද්ධියේ කිව්වේ නැති නිසා සාමාජිකයින් මංමුලා වෙලා, මෙහෙම කලොත් හරි කියලා හිතනවා ඇති.

    ReplyDelete