ඊයේ 27 ය. ඔක්කොම සෙට් උනේය.. ඔක්කොම කිව්වට ඔක්කොමත් නෙමේය.. පෝරමය පිරෙව්ව උංගෙනුත් කීපදෙනක් නාවේය. ආව අය ජීවිතේ සදාතනික මතක සටහන් හදවතේ කොටාගෙන සතුටින් විසිර ගියෝය..
![]() |
ඔක්කොම සෙට්වූනූ ගෙට්ටුවේ ඔක්කොම සෙට් එක (චායාරූපය - මූනු පොතේ සිරා අයියාගේ පොටෝ ඇල්බමයෙනි..) |
අම්මට සිරි ය... කට්ටිය සූ සූ ගාලාය.. ගොඩක් උං අතිනුත් අල්ලගෙනය. සමියා ෆුල් හොල්මංය.. සමියා සිතුවේ ඒ ඔක්කොම ගේට්ටුවට පැමිනි උං කියාය.. හනි හනික ආටා එකෙන් පැනගත් සමියා සිරාව සොයාගෙන මල්වත්තේ ගේට්වුව දිහාට දිව්වේය..
මඟුලය..සිරා ඒ වන විටත් පැමින නැත්තේය.. තවත් ටික වේලාවකින් මල් වත්තේ ගේට්ටුව ඇරුනේය. සූ සූ කට්ටිය සිරාත් නොමැතිව ටිකට් අරං මල් වත්තට ඇතුල් උනේය. සමියා තවත් හොල්මංය. බැලින් නම් ඒ මල් වත්තේ මල් සුවඳ විඳගන්නට ආ වන බඹරුන්ය.. අහෝ බලු බල්ලෙක් නැත්තේය. බල්ලෙක් නැති උනාට එකම එක කොල්ලෙක් සිටියේය..