
වගකිව යුතු මාධ්‍ය ලෙස බෝඩ් එල්ලාගෙන සිටින මෙම මාධ්‍ය රූපවාහිනී තිරයේ සහ ගුවන් විදුලි මාධ්‍යයේදී ලෝකෙට පෙනෙන්නට මාධ්‍ය සදාචාරයක් හා සංවරශීලීත්වයක් සහිතව ප්රවෘත්ති සහ අනිකුත් වැඩසටහන් ඉදිරිපත් කරනවා සේ පෙනුනත් ඔවුන්ගේ අන්තර්ජාලය තුල මාධ්‍ය භාවිතය තුක් නොදෝමකින්ය...
අන්තර්ජාලය තුළ ඔවුන්ගේ වෙබ් අඩවි සහ එම ගොසිප් අඩවි වලට අදාලව මූනුපොත තුළ සරණ ඔවුන්ගේ සබඳියන් දුටු පමණින්ම ඒ බව මොනවට පැහැදිලි වේ... එක්කො මේ මාධ්‍යය ජාලය තමන්ගේ අන්තර්ජාල භාවිතය සහ අන්තර්ජාල හැසිරීම කිසිදු මාධ්‍ය සදාචාරයක් නොදන්නා එවුං ටිකකට දී උඩ බලාගෙන සිටිනවා විය යුතුය. නැති නම් ලයික් සහ වෙබ් අඩවි වල හිට්ස් වැඩි කරගනිමින් තව දුරටත් වෙළඳ දැන්වීම් ප්‍රචාරය මඟින් මුදල් උපයීමම පමණක් අරමුණු කරගනිමින් මෙසේ හැසිරෙනවා විය යුතුය..