Saturday, December 22, 2012

෴ නැළවිලි ගීතය෴ | Lullabies

ලෝක විනාසෙත් වෙලා අලුත් ලෝකයක් උදාවෙලා තියන මේ වෙලාවෙ මොනව හරි නොලිය ඉන්න එක හරි නෑ කියල හිතුන හින්දම ඔන්න චූටි පෝස්ට් එකක් ලියන්න ආවා. මෙක මම බ්ලොග් එක පටන් ගන්නත් කලින් දානවමයි කියල හිතේ තියාගෙන හිටිය පෝස්ට් එකක්.පහු ගිය  19වෙනිදට බ්ලොග පටන් අරන් මාසයක්. මෙක අඩුම තරමෙ 2වෙනි පෝස්ට් එකවත් විදියට වැටෙන්න ඔනි එකක්. ඒත් එක එක විකාර ඔලුවට ඇවිත් ඒවම ලිව්ව මිසක් මේක දාන එක ටිකක් පස්සට ගියා. ඒකට ටිකක් දුකයි. මොකද  මගෙ ජීවිතේ වැදගත්ම කෙනා මෙ පෝස්ට් එක ඇතුලෙ ඉන්න හින්ද. ඔන්න ඉතින් පරක්කු වෙලා උනත් 8වෙනි පෝස්ට් එක ව්දියට මෙක ලියන්න පටන් ගත්ත මම..

අපේ ගෙදර ඉන්නෙ මමයි, අම්මයි, තාත්තයි. හ්ම්ම්. පුංචි පවුලක් තමයි.. ඒ කියන්නෙ ගෙදරට හොදට නරකට දෙකටම  ඉන්න එකම ලමය මම.. ඉතින් පොඩි කාලෙ ඉඳන් දරාගන්නත් බැරි තරම් ලොකූ ආදරයක් මැද හැදුන කොල්ලෙක් තමයි මෙ සමියා..දැන් නම් හරිම දුකයි මල්ලියෙක් හරි නංගියෙක් හරි හිටියෙ නැති එකට..සමහර වෙලාවට හරිම පාලුයි. ඒත් ඒ කාලෙ නං එහෙම නෑ. ඇයි අප්පා හැම දේම මටනේ. ආයෙ කාටවත් මගෙ දේවල් බෙදන්න ඕනිත් නෑ..කවුරුවත් මගෙ කිසි දේකට අයිතිවාසිකම් කියන්නෙත් නෑ.. අම්මා ඒ කලෙ මගෙන් අහපුවහම මල්ලියෙක් හරි නංගියෙක් හරි ඕනිද කියල මං ගොන් හරක එපාමයි කියල..කොහොම හරි ඉතින් මගෙ බලවත් විරෝදය හින්දමද දන්නෙ නෑ අම්මල හිතන්ඩ ඇති තව පොඩි එකෙක්ට චාන්ස් එකක් නොදී ඉන්න මෙ ලෝකෙ එලිය දකින්ඩ.

Friday, December 14, 2012

මළ කෙළියයි! අද දවල් ඉරවල් 2ක් පායලා | OMG! The End Of The World Is Today!!!

පහු ගිය දවස් ටිකේ එක එකා එක  එක ඒව කිව්ව ලෝක විනාසෙ ගැන... ලිහිනිත් එක්ක ඔට්ටුවකුත් දාල ඉන්නෙ. ලෝක වින්නසෙ උන්නැත්තන් එයාට මගෙන් ටොකු 5යි. උනොත් මට එයාගෙන් ටොකු 5යි (බලන්න තියෙන සාධාරනත්වය :P ) ඔට්ටුව දැම්මේ එයාගෙ "ලෝක විනාශය සිදුවනවාද ? අප විනාශය ලඟා කර ගන්නවාද ?" පෝස්ට් එකේදි..

ඔය අතරෙ පෙට්ටියෙ අදිපති තුමාත් "අපිව බලන්න පිටසක්වලින්" කියල පෝස්ට් එකක් දාල තිබුනා.. යක්පරපුරේ සින්හලයගෙ "ලෝක විනාශය බෞද්ධ ඇසින්" පෝස්ට් එකත් වැටෙනකොට..අපේ දේශක තුමා “ලෝක විනාසේ අනිවා වෙනවා“ කියල ඔප්පුකරල හමාරත් කලා.දෙයියෝ සාක්කි!! තව පොඩ්ඩෙන් අපේ ලොකු අයියව අමතක වෙනවනේ. එතුමාත් හැදුවනේ "මගේ ලෝක විනාස ලයිස්තුව." කියල ලැයිස්තුවකුත් ලෝක විනාසෙට.. කැමති අය ගිහින් කියවන්න ඕව්ව ටික.

මතක් උන ටික විතරයි දැම්මෙ. තව තියේ නම්කිසි අව්ලක් නෑ පහල කමෙන්ට් කරන්න.. ඇවිත් බලලයන්න කවුරු නැතත් මන් එන්නම්. හ්ම්ම් අනිත් අය ගැන ඇති දැන් කතාවට බහිමු

Sunday, December 9, 2012

මම G.K පේපරේ ලිව්ව හැටි :P | How I Messed Up My Exam :D

අපි අපොයි. උපේ කලානේ ඒ කාලෙ. මන් ඉතින් මැත තමයි කොලේ. කොහොම හරි මැත්ස්, බයෝ කරපු එවුන්ට හැදෙනව පිස්සුවක් කෙම(chemistry) ඉවර උනු ගමන්ම ඒ ලෙවල් ඉවරයි කියල හිතෙන. ඉතින් අනිත් සබ්ජෙක්ස් වලට(කඩ්ඩටයි, පොදු පරීක්ශනේටයි) දෙන්නෙ කුඩම්මගෙත් පලවෙනි කසාදෙ මිනිහට දෙන සැලකිල්ල.කොටින්ම කියනවනම් කෙම ඉවර වෙලා ගෙදර යන්නෙ පහුවදා විභාගයක් තියෙනව කියන අදහසින් නෙමේ. අපිට රටක් රාජ්ජෙකුයි තව පොඩ්ඩකුයි ලැබුන වගේ සතුටක් තමයි චිත්ත සන්තානයේ ඇතිවෙන්නේ.  

අපිත් ඉතින් කෙම ඉවර උනු දවසෙ ඒ ඇතිවෙන සෝමනස්ස සහගත ආතල් සම්ප්‍රයුක්ත සසංකාරික චෛතසිකයත් ගොඩ නගාගෙන රට වටේ කරක්ගහල රාජගිරියෙ මැක්ඩොනල්ඩ්ස් පැත්තෙ එහෙමත් රවුමක් ගහල(මැක් එක පැත්තෙ යන්නෙ බඩ පැලෙන්න කන්න මිසක් ඒ පැත්තේ ඉන්න අර කර නැති සුදු ගවුම් අඳින බවලත් උදවියට තනි ඇහැ දාන්න නෙමේ හරිය.. )  ගෝල්ෆේස් එකේ පුබ්බෝල් ගහල , ක්‍රිකටුත් ගහල, අල්ලන සෙල්ලනුත් කරල තමයි ගෙදර ගියෙ.

Wednesday, December 5, 2012

අත්තම්මා නිවන් ගිහින් අපට ගොඩක් ඈතයි | She Left Me Alone :'(

අපේ ජීවිතේට සමහර පුද්ගලයන් ඉතා විශේෂයි..මගේ ජීවිතේ එවැනි පුද්ගලයන් අතරින් ඉහලින්ම සිටින කෙනෙක් තමයි මගේ ආත්තම්මා.

(මෙතැන් පටන් මම ඇයව  මගේ ලොකු අම්මා ලෙස හඳුවන්නෙම්.ආච්චි, ආච්චිඅම්මා, අත්තම්මා කියන ආමන්ත්‍රණය මට නුහුරුයි.ඒ වගේම දුරස් බවක් හැඟෙනව. ලොකු අම්මා කියන්නෙ ඒ කාලේ සිට අප ගම් ප්‍රදේශයේ ආච්චිඅම්මා වෙනුවට භාවිතා කරන්න වචනය. ඔබට මදක් නුහුරු වන්නට ඇති බවට සැකයක් නැහැ.
අම්මගෙ අක්ක මහම්මා, තාත්තගෙ අය්යා මහප්පා, ආච්චිටයි සීයටයි ලොකු තාත්තා සහ ලොකු අම්මා, ඒ තමයි අපේ පැත්තෙ විදිය. පොඩි කාලෙ ඉඳන් ලොකු අම්මේ කියල කට පුරා කියල මෙතනදි ආච්චි කියල කියන්න බැරි හින්දයි ඒ පැහැදිලි කිරීම කරන්න උණේ.)